කූඹි නොයන රසගුල 2 කොටස
චමරි,
මේනකා වාගෙම ඉරෝමිත් උඩ
ලේයර් එකෙන් නවීන පරණ කේක්
ගෙඩියක්. ටික
දවසක් අයිසිං ටික ලෙවකන කොට
පරණ බටර් කේක් එකට පොඩ්ඩක්
සීනි වැටිච්චි පරණ කේක් එක
සෙට් වෙනවා..
ගෙවල් කාර් ඕනි වෙනවා එතකොට.
මුලින් අම්මලාට තාත්තලාට
තමයි ඒවා ඕනි..ඒත්
කතා කරගෙන යනකොට තේරෙනවා
අ්මමලා කරපිටින් යන්නෙ දූලගෙ
සිහින කියලා.
මීට අවුරුදු
තුනකට කලින් මං මේ වගේ තැනකට
එයි කියලා හීනෙන් වත් හිතුවෙ
නෑ. එතකොට
මං මයින්නු අතර නිකම්ම මයිනෙක්.
මයින්නු කියන්නෙ මයිනර්
ස්ටාෆ් උන්.
එකපාර දේශපාලනය මාරු වුනා.
පක්ෂයවත් රජයවත් මාරු වුනේ
නෑ. ඇමතිතුමා
මාරු වුනා. ලොකු
සීරියස් කේස් එකක් මනුස්ස
ලෝකෙ වෙනකොට ඉස්සර කාලෙ සක්කරයගේ
පස්ස රත් වෙනවා.
ඉන් පස්සෙ ඉතිං සක්කරයාට
හිටගෙන ඉන්න වෙනවා.
මේ ඇමතිතුමා
කලින් අැමති තුමාගේ කොක්කක්.
ඒකිව්වෙ ඒ දෙන්නා තරහයි.
ඉතිං අර මට ඉහලින් හිටපු
පුටු කිහිපයක් එකපාර නැතිබංගස්ථාන
වෙලා ගියා.
කොහෙන් හරි ඒ වෙනකොට එක්සෑම්
කරලා පාස්වෙලා ගොඩක් අය හිටියත්
උන් ඔක්කොම පන්දම් කාරයො.
කවුරු පත්කරනවාද කියලා
හිතාගන්න බැරුව ඇමටිතුමාගේ
ලේඛම් තුමාත් ජෑ්ම වෙලා ඉන්න
ඇත්තෙ. මාත්
ඉන්ටව් ගියා.
මට ටිකක්
වැඩිපුර ලකුණු තිබුනා.වගේම
මං කරපු වැඩගැනත් හොද අයිඩියා
එකක් තිබුනා.
මං ගිහිං වාඩිවුනේම පුටුවෙ
ඇලේට. මොකද
මේක වැඩක් වෙන එකක් නෑ කියලා
මට හිතිලා තිබුනා.
ටයි එකක් අරන් යන්න ඉන්ටවු
එකට කියලා අම්ම කිව්ව නිසාම
ටයි එක ගත්තට ඒක සාක්කුවෙ
තිබුනෙ. ඔයාට
මේක ලැබුනොත්....කියලා
මොකද්ද ප්‍රශ්ණයක් ඇහුවා
ලේඛම් තුමා..
එතකොට
මං කිව්වා නෑ සර් මං හිතන් නෑ
මට මේක ලැබෙයි කියලා..
ඒ කියන්නෙ තමං මේ
රස්සාවකට කැමති නෑ..සර්
ඇහුව්වා..
කවුද සර් මැනේජර්
කෙනෙක් වෙන්න අකමැති.
මං ආසයි. ඒත්
මට ලැබෙන එකක් නෑ.
මං ඇමතිතුමා දන්නෙත්
නෑ..ඔබතුමා
දන්නෙත් නෑ.
වෙන කාටවත් කඩේ යන්න මං
දන්නෙත් නෑ..
ලේඛම් තුමාට
ලැජ්ජ හිතෙන්න ඇති.
මිනිහ මට ලියුම එව්වා.
ඒ වගේම අනික් කඩේ ගිහිපු
පකිස් බූරුවන් ගෙන් ටිකක් නල
කාරයින්ට වෙන ඔෆිස් ලැබුනා.
ලේඛම්තුමා හොඳ මිනිහා.
මං කලින් මිනිහට කඩේ ගියෙ
නැතිවුනාට දැන් නං කඩේ යනවා.
මොකද මේ රස්සාව අයිති මිනිහට
කියලා මට හිතෙන නිසා..
පව් ඉරෝමි.
ඒ ගොං ගහ හිතං හිටියෙ මං
හැමදාම මයිනෙක් වෙලා මෙතන
ලොක්කො විසික් කරන ඕ ටී
කෑලි...බටා
කෑලි තව තව පොඩි ගැහිලි සම්තින්
වලට කට ඇරගෙන බලං ඉඳීවි කියලා.
එයා දෙතුං වතාවක් නෙමෙ හත්
අටවතාවක්ම කියපු විදියට මං
හැදෙන පාටක් නෑ..අඩුම
තරමෙ හැදෙන්න ඕනි කියන අදහසවත්
නෑ.
ඇඹිලිපිටියෙ වතුපාලු කෙසෙල් ගසක් වැනි කකුලක්.. |
මගේ මල්ලි
මට ගේ ලියන එකක් නෑ.
පොර රට හිටියට මෙහෙ ඇවිල්ල
ඉන්න හිතන් ඇති.
මට අලුත් ගෙයක් හදන්න ඉඩමකුත්
නෑ. ගන්න කියල
උනන්දුවකුත් නෑ.
යන්තං ඉරෝමි මාව දාල ගියාට
පස්සෙ තමයි මං කාර් බෑය ගත්තෙත්.
හොඳ රෙස්ටොරන්ට් වලින්
කන්නයි...ලස්සන
හෝල් වලින් ෆිල්ම් බලන්නයි.
සුපර්බ් තැන්වලින් රෙදි
ගන්නයි...ඒ
වා අස්සෙ තවත් සල්ලි ඉතිරිකරන්නයි
පුලුවං කාටද?
හරි අපි ඔඩෙල් එකට නොයා ගේ
හදන්න ඒ සල්ලි ඉතිරිකරමු...
කියල කිව්වොත්
ඒ කෙල්ල වැඩිදවස් ඉන්නෙ නෑ.
ඊළග සතියෙ එයාගේ පරණ පෙම්වතා
කෝකිල වෙනවා.
එහෙම නැති කෙල්ලො ඇති.
ඒත් අපි එක්ක යාලු වුනාම
උනුත් අපේ ලෙවල් එකෙන් හිතනවා.
මගේ යාලුවොන්ට ඉන්න පෙම්වතියො
වෙන්න හදනවා.
ටෙලි නාට්ටි වල ඉන්න වේස
බඩු ටික වගේ වෙන්න යනවා.
ඉස්සර ටීවි නෑ.
නවකතා තිබුනත් දන්නෙ පංසලේ
හාමුදුරුවො විතරයි..රේඩියෝ
ත් නෑ. ඒ කාලෙ
අකුලක් පල්ලෙ තියාං අපේ මුත්තල
තල් අත්තට බොරලු ගහන්න වගේ
අනින්ට ඇති..
ඒත් දැන්
අපි අනින්ට යන කොට අනින්ට පෙර
මොහොතක් කියලා පටන්ගන්න ෂෝ
එක බල බලා ඉන්න වෙනවා අනින්න
යන කාලෙටත් වැඩිය වෙලාවක්.
සමහර විට දවසට පැය දෙක තුන
මල් කඩල මාසෙං දවස් දෙක තුනක
කාලෙ කැපකරලා තමයි අපිට
කෙල්ලෙගෙන් විනාඩි දහයක සැප
ඉල්ලගන්න ලැෙබන්නෙ.
ජීවිතේ කියන්නෙ බිස්නස්
එකක් නෙමෙයි.
ඒත් ඒක බිස්නස් එකක් නං
කොච්චර ලේසිද?
ඉරෝමි
වගේ සරල සුන්දර කාන්තාවකට
වඩා නිර්මලා වගේ බඩුවක් ලස්සන
සුන්දර පිරුණු සරීරයක් මගේ
ආදරයට සුදුසු වෙන්න ඇත්තෙ ඒ
නිසා. මේ කතාව
කියවන සමහර එකෙක් දැන් කට
කොනෙකින් හිනා වෙනවා ඇති.
ගොං හරකෙක් බඩුවකට සල්ලි
දීල. අපරාදෙ
නිකං ටෝක් කලානං ගොඩ නේ කියලා.
ඒත් කොළඹ
තුන්වෙනි පංතියේ කෝච්චියෙ
යන...උදේ 8.30
-1700 වෙලාවට කන්තෝරුවල වැඩ
කරන. නිතර
කාර්යාල සමාජය පමණක් ඇසගැටෙන
අපිට උරුම වෙන්නෙ මේ ස්ටයිල්
එක තමයි. මේසන්
බාස් කෙනෙක්,
රියදුරෙක්,
කොන්දොස්තර මහත්තයෙක් නං
අපිට වැඩිය සෙක්ස් ආතල් එක
ඉන්කමින් ෆී පදනම යටතෙ ගන්නවා
ඇති. නමුත්
අපි වගේ කාර්යාල කාරිය රැකියාව
කොටගත් අයට එහෙම ෆ්රී කාඩ්
ලැබෙනවා අඩුයි.
අඩුයි මිස නෑ කිවේ නෑ හරිය..!
ඉරෝමිගේ
පෝන් එක බිසි වෙන්න ගත්තා.
අයියෝ මට මීට් වෙන්න තියා
හැරෙන්නවත් වෙලාවක් නෑ කියලා
කියන්න ගත්තා.
ඒ්ත අනික් පැත්තෙන් හිටපු
එකත් එක්ක පෙරලෙන්නත් වෙලාව
තියෙන්න ඇති.
මං එක්ක හැරෙන්න වෙලාවක්
නැති වුනාට..පස්ට
....සි.
මේක මට අලුත් දෙයක් නෙමෙයි.
මුලින් හමුවුනාම අපි නම්බර්
ගත්තම අපිට හිතෙනවා මේ තමයි
අපේ ඉරණංකාරි කියලා.
ඒත් කාෙලකින් ඒක වෙනස් වෙලා
යනවා..
එක දෙක තුන
බිදිලා ගියෙත් ඒ විදියටමයි.
හතර විදියට ඉරෝමි ගියාම
මට ඒ විනෝදාංශය තිත්ත වුනා.
ඇයි කියන්න බැරි උන්ට එහා
පැත්තෙ තමුසෙට වැඩිය ලස්සන
බුවෙක් ඉන්නවා මාත් එක්ක
සෙට්වෙලා කියලා.
ඇයි කියන්න බැරි??
ඕයි මට තමුසෙ වගේ උලමෙක්
ඕනි නෑ කියලා කෙලින් කියන්න
බැරි ඇයි කෙල්ලන්ට,,?
එහෙම නෑ.
හැමදාම නැති දේවල් හොයලා
ඒ තැන්වලින් ගහනවා.
හරියට ෆයිට් කරනකොට කකුල්
දෙක අතරට ගහලා වල්ල කඩන්න
හදනවා වගේ.
යාලුවෙලා මාස කීපයක් ගියාම
කාර් නෑ කියනවා,
ගෙවල් නෑ කියනවා,
ජොබ් එක ගැන ගෙදරින ්කැමති
නෑ කියනවා. ඉතිං
මීට මාස ගානකට කලිනුත් එහෙමනේ.
අලුතින් වුන එකම වැඩේ මට
වඩා ගැම්මක් තියෙන එකෙක්
සෙට්වීම විතරයි..
බ්‍රොයිලර්
කුකුලා ඉන්නෙ දවස් හතලිස්
පහයි. ඒ ඒ
දවසෙදි උන්ට දෙන කෑම අපි තීරණය
කරන්න ඕනි..ඉන්ෙජක්ෂන්
එක ගහන්න ඕනි..
තටු කපන්න නිය කපන්න ඕනි.
එහෙම කලාම දවස් හතලිස්
පහෙන් නියම බ්‍රොයිලර් කුකුලෙක්
එනවා. කිලෝ
එකහමාරක විතර.
මගේ ගොඩක් යාලුවො මේ
බ්‍රොයිලර්ස්ල වගේ.
නිසි කල ඉගෙන ගන්නවා.
නිසි පරිදි ඒ කාලෙට එක්සෑම්
කරනවා. ෆේස්බුක්
කෙල්ලො එක්ක චැට් කරලා හොදට
සල්ලි තියෙන කෙල්ලො තෝරනවා.
උන් එකෙක් බාගන්න හදනවා.
ඉතිං බාගන්නවා.
හැමදේම ප්ලෑනින්
ඇන් ඇනලයිසින් විත් සූටබල්
මෙතඩ්ස් ඇන් ප්‍රොසීඩියර්ස්.
අර කුකුලාට
ඉන්ජෙක්ෂන් ගහනවා වගේ නිසි
දවසට නිය කපනවා වගේ,
තටු කපනවා වගේම තමයි.
ප්ලෑනින් නැතුව උන්ගෙ
ජීවිතවල කරන්නෙ හචිමක් යැවීම,
පිට කැසීම වගේ දෙයක් විතරයි.
කොටින්ම මේ මහේෂාක්‍ය
සමාජෙට හයියෙන් අරින පඩය
දිරවන්නෙත් නෑ.
ඉස්සර අපෙ මුත්ත පඩ අරිනව
මහ සද්දෙන්.
ඒත් අද මට ඔපිස් එකේ පඩයක්
අරින්න නිදහස නැති හැටියක්
බලමු. මොකටද
මේ එක්සැකටිව් පුටුව..
වෙලාවකට හිතෙනවා..
සමහරවිට
කලින් තිබුනු ප්‍රේමයේ ආලයේ
අමිහිරි අත්දැකීම් නිසා මගේ
ප්‍රොෆෙෂනල් ගණිකා ලව නොහොත්
වෘත්තීය වේස ආදරය නැගලා ගියා.
නිර්මලා ළමයිට හරි ආසයි..
ඒ හැර ගෙවල් කාර් ගැන,.
ජීවිතේ ඉදිරිය ගැන...
කොටින්ම හෙට ගැනවත් අයිඩියා
එකක් නෑ. ඒක
මාර ෆ්රීඩම් එකක්.
යකෝ මේ වගේ නිදහසක් තියෙන
ගෑනියෙක් බොලාට ලැබෙයිද?
මං නිතර හිතුවෙ එහෙම..ඒක
ඉතිං මට වාසි පැත්ත.
ඒත් කවදා හරි ගෙදර එනකොට
තේවතුර එක හදලා දෙන..
කන්තෝරුවෙ කේලං අහං මගේ
දිහා බලං ඉන්න,
කුස්සියට වෙලා වැරදි වැරදි
දෙන්නා එක්ක උයන සිහින අපිට
අයිති නෑ. ඒ
දේව්ල නැතිවෙන්න මතක නැතිවෙලා
යන්න මං මට ඕනි අයිසින් ටික
ඒ කේක් ගෙඩියට දාගත්තා.
ඒත් නිර්මලා මොනවා ආතල්
එක විදියට මේ ලව් එකෙන් දාගත්තද
කියන්න මං දන්නෙ නෑ..
Is this a true story.....????? I really felt this story....
ReplyDeleteමේක ට සුපිරියි කියන්නද, නියමයි කියන්නද, එළ කියලා කියන්නද , පට්ට කියන්නද,
ReplyDeleteකියන්න වචන නෑ බන් සුපිරි, මරු, පට්ට, එක්සලන්ට්.
මට එකක් කියපන් මේකේ තව 3 කොටසක් තියනවාද
මටත් ඒ ප්‍රශ්ණෙම තියෙනවා... මේකේ 3 කොටසකුත් තිබේද?
ReplyDelete\\..වෘත්තීය වේස ආදරය..\\
ReplyDeleteපින තමයි!;)
තව කොටසකුත් තීනවා නේද???????????
ReplyDelete///ඒත් කවදා හරි ගෙදර එනකොට තේවතුර එක හදලා දෙන.. කන්තෝරුවෙ කේලං අහං මගේ දිහා බලං ඉන්න, කුස්සියට වෙලා වැරදි වැරදි දෙන්නා එක්ක උයන සිහින අපිට අයිති නෑ. ඒ දේව්ල නැතිවෙන්න මතක නැතිවෙලා යන්න මං මට ඕනි අයිසින් ටික ඒ කේක් ගෙඩියට දාගත්තා. ඒත් නිර්මලා මොනවා ආතල් එක විදියට මේ ලව් එකෙන් දාගත්තද කියන්න මං දන්නෙ නෑ..///
ReplyDeleteඒක පාර්ෂවික ආදරයක්....? නෑ ආතල් එකක්...
නියම නිර්මාණයක්....
ඇයි මට !
ReplyDeleteමේකට ලියන්න උත්තර නැතිඋනා... !!
ReplyDeleteඑල!
මටත් ඔහොම උන් තමයි බන් සෙට් වෙලා තියෙන්නේ. මගෙ යාලුවත් එක්ක මල් කඩනකොට මං ගත්තොත් ගෙදරින් කතා කලා කියනවා. අපි දෙන්නටම හිනා. මේකි හිතන්නෙ දෙන්නවම ඇන්දුවා කියලා. එල කතාව. 100% ඇග්‍රී.
ReplyDeleteනියමයි. 100% ඇත්ත.
ReplyDeleteඔහොම සෙට් වුණා කාලෙදිම කාර් නෑ කියල දාලා යන එවුන් හොඳයි. අපේ අතේ තියෙන ගැන හිතා ගන්න බැරුව බැඳලා පස්සේ වාහන ඉල්ලන අයට වඩා.
ReplyDeleteමේක අමුතුම තාලයක්....කියවන්න ආස හිතෙන ශෛලියක්....මේ අමුවෙන්ම එලියට දාන වචන පුදුම තාලෙට ගැලපිලානෙ...
ReplyDeleteඒ ඉතින් මට හිතුන හැටි මං වැරදිද මන්දා....
අනේ....මට නම් තේ රෙන්නේ නෑ.....
ReplyDeleteමට පේන විදියට මේක "අශික්ඛිත" පැතිකඩක් වගේ.......
සහතික ඇත්ත !!! :)D
ReplyDeleteඔබට ජයෙන් ජය !!! :)D
සුපිරි.... බිස්නස් ලව් එක නැගල යනවා...
ReplyDeleteඇයි කියන්න බැරි උන්ට එහා පැත්තෙ තමුසෙට වැඩිය ලස්සන බුවෙක් ඉන්නවා මාත් එක්ක සෙට්වෙලා කියලා. ඇයි කියන්න බැරි?? ඕයි මට තමුසෙ වගේ උලමෙක් ඕනි නෑ කියලා කෙලින් කියන්න බැරි ඇයි කෙල්ලන්ට,,?/////
ReplyDeleteපොෂ් කෙල්ලෙකුට ලව් කරනවට බඩා බඩුවකට ලව් කරන එක වින්දනීයයි
ReplyDelete