Wednesday, January 9, 2013

සුද්දන්ගේ ජංගි හෝදපු අපිට මුස්ලිම් ඇඳුම් ගඳ ඇයි?

තව අවුරුදු විස්සකින් අපේ රට මුස්ලිම් වෙයිද

රටක බලය යනු එහි ජනගහනය නොවන බව තේරුම්ගන්නට මහා ලොකු දර්ශන කටපාඩම් කරන්නට අවශ්‍ය නැත..දකුනු අප්‍රිකාවේ සුදු ජනතාව සිටියේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයකි..නමුත් එරටේ පාලන බලය හිමිව තිබුනේ සුදු ජාතිකයින්ටය. එසේම අපේ රට වසර ගනනාවක් සුද්දන්ට යටත් වෙලා තිබුනි.. අපේ මිනිසුන් ගානට හරියන්න තබා කොළඹ නගරය පිරෙන්නවත් සුද්දෝ පිරිසක් ලංකාවේ සිටියේ නැත. නමුත් අපි සුද්දන්ට යටත් වී ගෞරවනීය ජාතියක් ලෙස අවුරුදු ගානක් සිටියෝය. 

මනුස්සයෝ වැඩි ගානක් සිටින විට චන්ද කෑලිටික අනුව පුටු ටික පොඩියක් එහෙ මෙහෙ වුනාට රටක හෝ රාජ්‍යයක බල කේන්ද්‍රය ඒ අනුව වෙනස් වන්නේ නැත. ලංකාවේද ලෝකයේද බලය හිමිවන්නේ ව්‍යාපාරික ප්‍රජාවටය. ඔවුන්ගේ නිශ්පාදන විකුනා ගත හැකි දේශපාලන බලමුලු වලට සහයෝග දෙමින් පුද්ගලික වාසි පිණිස ඔවුන් දේශපාලන බලය මෙහෙයවනු ලබයි.. ලංකාවේද ව්‍යාපාරිකයින් විසින් නමගිය පක්ෂ දෙකටම එකසේ ආධාර කරන බව ප්‍රසිද්ධ රහසකි..ව්‍යාපාරිකයේ දිනන කවර පාර්ශවයකින් වුව සිය වාසිය ලබාගෙන සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යති.. 

ලෝකයේ තෙල් ඇත්තේ අරාබියේය. එසේම තෙල් ව්‍යාපාරද අරාබියේම ඇත. නමුත් අරාබි තම්බින් අපේ තම්බින් එතරම්ම උඩදාන්නේ නැත. මක්කම ගිය විටද අපේ රට වැනි රටවල මුස්ලිම් ජනතාව අරාබි මුස්ලිම් අය තරම්ම සම තත්වයේ සැලකෙන්නේ නැත. අනික් පැත්තෙන් ගතහොත් ලංකාව වැනි තුන්වෙනි පෙලේ රටක සිටින සියයට දහයක මුස්ලිම් මනුෂ්‍යයින් ගැන අරාබි ලෝකයේ බොහෝ දෙනා දන්නේද නැත. හීනමානයෙන් පෙළෙන බොදු බල සේනා වැනි නින්දෙන් ඇහැරුන ජාතිවාදින්ට කතාන්දර ඇතිකල හැකිමුත් ඒ කතා ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ මොල ගෙඩි තුල පමණි. 

අපේ රටේ මනුෂ්‍යයින්ට දැන් දැන් පිටතින් එල්ලවන බදු වැඩිය. පෙනෙතෙක් මානයේ පඩි වැඩිවීමක් නැත. එවන් පසුබිමක බොදු බල සේනා වැනි සංවිධාන ලොකු වීම තුල මිනිසුන්ට ප්‍රශ්ණ ලේසියෙන්ම අමතක කරවනු ලබයි.. වැඩිවන ජීවන වියදම,.. වැඩිනොවන වැටුප් හමුවේ ඒවා තවදුරටත් ප්‍රශ්ණ නොවී කොහේද යන ලේබල් කෑල්ලක් හලාල් යනුවෙන් හඳුනාගෙන ඒවා මහා විසාල ජාතික ප්‍රශ්ණ කරගෙන මෝඩ ජාතිවාදීන් උඩදාන විට අනෙක් පිරිසද එයට හුරේ දමමින් සහයෝගය දක්වයි. මෙය රාජ්‍යයක් පාලනය කිරීමට ලෙහෙසි ක්‍රමවේදයකි. අප්‍රිකාවේ බොහෝ රටවල මේ ආකාරයේ ජාතිවාදී කලකෝලහාල පවතින අතර ඒ මගින් මිනිස්සුන්ට නිතර ආතල් එක ලැබනෙ නිසා සිය දරුවා බඩගින්නේ ඉන්නා බවද සමහර දෙමාපියන්ට අමතක වෙති.. 

ලංකාවේ පවතින්නේ අරුම පුදුම දේශපාලනික සංවිධාන වෙයි..කන්න බොන්න නැතුව වුනත් සමාජවාදය ඇත්නම් නින්ද යන ජාතියේ පොරවල්ද, මොක වුනත් අපි සිංහල  බොදු නේ කියන ජාතියේ පොරවල්ද, අපිට කෙලවන්න පිට උන් බලාඉන්නවා කියන පොරවල්ද වශයෙන් පොර බලමුලු ගනනාවකි. ඒ සමහරුන්ට අවශ්‍ය වන්නේ එක එක දේවල් කිරීමය. සමහරුන්ට අවශ්‍ය සමාජවාදය උඩදැමීමයි..තව අයට ඕනා සිංහල බොදු පිරිස උඩදැමීමයි..තවත් අයට බටහිර අධිරාජවාදයක්ද මොකද්දෝ කෙංගෙඩියක් නැති කිරීමට ඕනාය.. එවන් ටෝක්ස් ටික දුරක් කියවාගෙන යන විට ඒ අයට මිනිසුන්ට සේවය කරන්න උවමනාවක් නැති බව ඔබට පේනවා ඇත..ඔවුනට කෙසේ හෝ ටාගට් එක ගැහුවාම ඇතිය. ටාගට් එකෙන් පසු කුමක් වන්නේද කියා ඔවුන්ට අවැසි නැත.. මොවුන් සියල්ලම චන්ද කාලෙට චන්ද ඉල්ලන දේශපාලනයට වඩා අඩියක් වත් ඉදිරියට යන්නේ නැත. චන්ද කාලෙට මිනිසුන් රවටා චන්ද හිගාකන ඔවුන්ගේ එකම අරමුණ චන්දය දිනීම වන අතර ඉතිරිය පසුවට වෙයි..සිංහල බොදු හෝ වෙනත් සංවිධානද එසේය..පලමුව ඇලවී ඇති ජාතිය ගලවා ගත යුතුය. ඉන්පසු ඒ ජාතියේ උන් බඩගින්නේ මලත් කාටවත් ගානක් නැත. 

තව අවුරුදු තිහකින් තොපේ පුතාගේ කොණ තම්බි කපනවා යැයි සිංහල බොදු නාමික සංවිධාන විසින් මනුෂ්‍යෙයා් බයකරගෙන යති... පහ වසර ගනිතය සමත් මනුස්සයෝද දැන් මෙච්චරයි තව අවුරුදු පහකින් මෙච්චරයි..හැබෑ නේන්නං අපි දෙක වෙනවා යැයි අර ලනු ගෙඩි පිටින් ගිලදමති. සියලු ප්‍රශ්ණ අමතක කර ලොකු ප්‍රශ්ණයට කැ* තම්බියා ආදේශ කරගනී.. දැන් මනසේ වැඩකරන්නේ දවාට රෑට කන්නේ කොහොමද? දරුවාට උගන්වන්නේ කෝමද? කියන කාරණා නොවේ..අනාගත මුනුබුරාලාගේ කොන් කපන්නට ඉන්නා තම්බින් විනාස කිරීමයි.. ඉතිං ඒ කාලෙන් කාලෙට සටන් ද ඇති වේ..නීති විද්‍යාල හලාල්.. ආදී ප්‍රශ්ණ ඇතිවෙමින් හෝ ඒවා උඩදමමින් යයි.. ඒ අතර දරුවන් හදන්නට වදන්නට තියා හරියට රස්සාවක්වත් නැති සිංහල නිකමුන් ආ ළමයි හදපල්ලා නැත්තං ඉවරයි කියමින් තමුංට කොරගන්නට බැරි දේවල් අනුන් ලවා කොරවන්නට යති.. ළමයි හදන්න මූලික වෙන වැඩේ මනුස්සයෝ බොහෝ ආසා ඇති වැඩකි..එයට අකමැති එකෙක් සිටිනවා නං ඒ එහෙමත් එකකි..

ළමයි ඇතිකරන්ට මූලික වෙන වැඩේ විනාඩි දහයකින් විතර ඉවර වුනාට එසේ බඩට යන එකා මාස දහයක් විතර බඩ ඇතුලේ සිට එලියට ගත් පසුද තව අවුරුදු දහයක් විතර යනතෙක් අවම වශයෙන් නඩත්තු කල යුතුය. හරියට උගන්වන්නට විදියක් නැතුව හරියට කන්න අඳින්න දෙන්න විදියක් නැතුව හදන නිකමුන් දහ පාලොස් දෙනාට වඩා හොඳට හැදෙන උගත් පුතා වැදගත් බව පුරාණ කවියකම සඳහන් වෙයි.. නමුත් වැදගත් පුතුන් වැඩදායක පුතුන් නොව කොහොමහරි පෝට් එක ඇක්ටිව් නිසා පුතුන් හදන්නැයි කියන්නේ ඒ සංවිධාන විසින් කන්න අඳින්න දෙනවා වැනි පදනමක සිටලාය. 

ලෝකයේම සම්පත් හිග වෙමින් යන කලෙක සෑම ලෝක ජාතියක්ම අද වෙන විට ජනගහනය සම්බන්ධ ගැටලු වලට මුහුන දෙමින් සිටී.. තම ජාතියේ උන් වැඩිපුර කලර්ස් දැක්වීම පිණිස බොහෝ දියුනු ජාතින් කරන්නේ අධ්‍යාපනික අතින් ගුණාත්මක අතින් සිය ජාතින් දියුනු කරගැන්මට කටයුතු කිරීමයි.. එසේ නොමැතිව ගනනින් වැඩිකරගත් පමණින් අවුලක් මිස සහනයක් නොවන බව ඔවුන් කල්පනා කොරලාම සිතති. නමුත් අපේ රටේ මිනිසුන්ට හිස ඇත්ේත උදේට පීරාගෙන වැඩට යාමට පමණි..එය වෙහෙසෙන්නේ ඉඳලාම ඔය ඔලුගෙඩිය මොකක හරි වැදුනොත් පමණි.. කවුරු හෝ කියන දේකට පිටුපසින් හුමිට තබනවා විනා අවබෝධයෙන් සිතන්ට වැර වෑයම් කරන්ට අපේ ඇත්තෝ කම්මැලිය. 

ජාතියක් ඉදිරියට යෑමට නං අනික් ජාතින් නැති කිරීම යනු තරඟයක් දිනීමට අනික් තරඟකරුවන්ට පහරදෙනවා වැනි දෙකේ පන්තියේ වැඩකි.. කමක් නෑ කොහොම හරි ජාතිය ගොඩදාගත්තොත් කාටද? අපිද බලාසිටිමු.. ඉදිරියටම යමු.. 

50 comments:

  1. අමිලයෝ . . මමත් මේ විදිහේම පෝස්ට් එකක් ලිව්වා .. ඒක දිග වැඩි උන නිසා පස්සේ කෑලි කෑලි කඩලා දානවා කියලා වෙන එකක් ලියලා පබ්ලිෂ් කලා.

    උඹේ මේ ලිපියට ලින්ක් එකක් දාලා ඒ ලිපියත් ලඟදීම දවසක දාන්නම් ..


    මේ ලිපිය ගැන කියනවනම් . .

    සුපිරියි . . .

    හැබැයි ඉතිං මොලේ උඩ වාඩිවී සිටින ජාතියකට මේ මොනවා කිව්වත් වැඩක් වෙයිද කියලා සැකයි බන්

    ReplyDelete
    Replies
    1. හැබැයි දුකා මේකනං මොලේ උඩ වාඩිවෙලා ඉන්න උන්ටත් දැනෙන තරමට ලියල තියෙනවා. නියමයි අමිල.

      Delete
  2. ඊලාම් යුද්ධය මාකට් කර අහවරය. දැන් ඉස්ලාම් යුද්ධයක් පෙන්නමින් පාලක පක්ෂයේ ගැටළු වැහීමේ තැතක්ය. කොතැන වුවත් හොදටම මාකට් වන්නේ ජාත්‍යාලය, ආගමික සංවාද සහ දේශප්‍රේමීත්වය බව හැමෝම දන්නේය. ඉතිං රජු දුබල තැන, එවන් ගැටළු මවමින් දුබල තැන් වසා ගැනීම වැරදිය.

    එහෙත් එකී ක්‍රියා පිළිවෙත නිසාම දැන් ඉස්ලාම් යුද්ධයකට හේතු කාරණා සැකසෙමින් පවතින්නේමය.

    ReplyDelete

  3. මමත් කාලෙකට කලින් ඔය වගේ පොස්ටුවක් ලිව ,නමුත් ටෙක් බ්ලොග් එකක් නිසා මට එම ලිපිය ද්‍රෆ්ට් කරන්න උනා,

    සෑම් කිව වගේ වෙන මොකවත් නෙමෙයි , අපි දැන් සැලකිලිමත් විය යුත්තේ , අපේ සම හරකගෙ ක්‍රියා කල්ප නිසා ඊළගට ඉස්ලාම් යුද්දක් ඇති වෙන්න පුළුවන් නිසා ,
    එදාට ඔය කෑ ගහන ය කියයි අපි කිව්වනේ කියල , එත් එදාටවත් තේරුමක් එන්නේ නැති වෙයි තමාගේ ක්‍රියා කල්ප නිසා තමයි මෙහෙම උනේ කියල

    ReplyDelete
  4. අපේ රටේ ඉන්න සමහර උන්ට අනිත් උන්ට හේන් ගැහිලා ගියත් කමක් නැහැ තමා බේරිලා. අවස්ථා වාදී කුහකයන්ට මේවා තේරෙන් නැහැ.

    ReplyDelete
  5. ඊනියා සාම වාදය...හොක් හොක්

    මේකත් රැල්ලට ලිව්ව තව ලිපියක් සහ තවත් වචන ටිකක් විතරයි.කවුරුවත් මෙතන ලොකු පින්තුරේ බලන්නේ නෑ.කොටි එක්ක යුද්ධේ තියන කොට ඒකට ත්‍රස්තවාදී ලේබල් එකක් ගහනවා වෙනුවට ජාතිවාදී ලේබල් එකක් ගැහුවා.දැන් මෙතන ව්‍යාප්ත වාදයට ජාතිවාදී ලේබල් එකක් ගහනවා.

    මට මේකයි අන්වර් මනතුංගගේ ලිපියකුයි අතර වැඩි වෙනසක් පේන්න නෑ.සමහර විට මේ වෙලාවේ රටේ තියෙන්නේ U.N.P ආණ්ඩුවක් නම් මේ ලිපිය ලිය වෙන්නේ නැතුව තියේවි.

    උඹලට අනුව රට ගැන ටිකක් හරි කතා කරොත් ඒ කෙනා ජාතිවාදියෙක් නේද?

    ප.ලි - සුද්දන්ගේ ජංගි හේදුවේ නැති පිරිසකුත් ලංකාවේ ඉන්නවා.උන්ට සුද්දත් ගඳයි හම්බයත් ගඳයි.

    ReplyDelete
    Replies
    1. වල්ෙගන් අල්ලා ගැන්ම ඉතාම සාර්ථකයි...ලකුනු දහයෙන් නවයක් ලැබෙනවා වල්ගෙන් අල්වා ගත්තාට...තව ඩොලර් කාක්කා...හම්බයිනගේ වලං හෝදන්නා..නැත්තං පල්ලියෙං සල්ලි අරං ලිව්ව ාකියලත් කව්වනං ඉතිරි ලකුනත් ලැබෙනවා...

      රට ගැන කතාකරන එක බිස්නස් එකක්..රට ගැන කතා කරලා තමුං හැදිච්චි මිනිසසු බර ගානක් ඉන්නවා...ඒත් රට ගැන කතාකරලා අප රටට යමක් දිනලා දීප ුමිනිස්සු කී දෙනාද ඉන්නෙ?

      ගෑනු ජංගි මහලා ගන්න තුට්ටු දෙකයි...වැඩකාරකං කරලා වලං හෝදලා ගන්න තුට්ටු දෙකයි නාස්ති කරන දේශපාලකයො මේ රට සුරපුරයක් ඒක විනාස කරන්නෙ තම්බි කියලා මිනිසුන්ගේ ඔලු වලට ගිල්වනවා...ඒක ලාස්සනට ගිලලා මිනිස්සු තමුං දුප්පත් වෙන්න හේතු හොයන්නෙ තමුං තුල නෙමෙයි...
      අහක ඉන්න තම්බියා තුල...

      ඇයි ඔයාලයි ආන්ඩුවට ඔය තරං රට ගැන පුකේ අමාරුවක් තියෙනවා නං අඩුගාන ලංකාව වටෙ තියන පුරාවස්තු ගැන ඉන්ටනෙට් එකේ සයිට් එකක් කරන්න බැරි...ඇයි ඔය කියන නීති විබාගෙ කැන්සල් කරන්න බැරි...කූරගල දෙවනගල හෝ මුස්ලිම් අය විනාසකරලා කියන පුරාවිද්‍යා ස්ථාන ගැන ප්‍රබල විදියට නීතිමය පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්න බැරි...

      තැන් තැන්වල වෛරය වපුරන බොදු බලසේනාව නිකං වත් ලංකාවෙ පුරාවිද්‍යා ස්ථාන ගැන ඩේටබේස් එකක්වත් හදලා තියෙනවද? නෑනෙ... කැඩුවොත් කැඩුවා කියලා කෑ ගහනවා..ඒත් ඒවා කඩනකල් කොහෙ තියනවද කියලා කවුරුත් දන්නෙ නැහැ..

      ආන්ඩුවට ප්‍රශ්ණ සාධාරනව විසඳන්න ඕනි නැහැ...නීතියෙන් සුලුවට විසඳන්න තියෙන සමහර ප්‍රශ්ණ මෝඩ ජනතාවට උඩදාන්න දීල ආන්ඩුව බලා ඉන්නවා...
      ලංකාවෙ තියෙන එක්සෑම් එකක් දූෂිත නං ඒකට වගකියන්න ඕනි එක්සත් ජාතිංෙග් මහලේඛම්ද? නැත්තං අරාබියෙ ඉන්න රජතුමාද?


      Delete
    2. මම වල්ගේ අල්ලාගෙන කා ගැහුවේ නෑ.මන්දා කොහොම තේරුම් කරන්නද කියලා...මම බොදුබල සේනා වලටවත් ආණ්ඩුවටවත් කඩේ යන්නේ නෑ...හැබැයි සිංහල කමට සහ බෞද්ධ දර්ශනයට මුල්තැන.

      //ආන්ඩුවට ප්‍රශ්ණ සාධාරනව විසඳන්න ඕනි නැහැ...නීතියෙන් සුලුවට විසඳන්න තියෙන සමහර ප්‍රශ්ණ මෝඩ ජනතාවට උඩදාන්න දීල ආන්ඩුව බලා ඉන්නවා...//

      ඒ කතාව නම් පිලි ගන්නවා..ප්‍රශ්නේ තියෙන්නේ මොන ආණ්ඩුව ආවත් ඔය ප්‍රශ්නේ ඔතනම නවතින ඒක විතරයි.සිංහල මිනිස්සු ගොඩ කාලයක් මුස්ලිම් මිනිස්සුත් එක්ක සහජීවනයෙන් ජීවත් උනා.මම ජීවත් වෙන පැත්තේ තාමත් තත්වය එහෙමයි.ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාට ලංකාවේ සිංහල කොට්ටාසේ මිනිස්සු ගැනවත් උන් හිතන විදිය ගැනවත් කිසිම තේරුමක් නැති එක.සිංහල උන්ට ඔලුව පත්තු වෙන්නේ අන්තිම මොහොතේ.නැත්තන් කිසිම දෙයක් ගැන කිසිම ගානක් නෑ.

      උදාහරණයක් ගම්මු ඔය බුකියේ රට රැකගන්න කෑගහන ජාතිවාදීන් කියනවා nolimit එක හම්බයන්ගේ ඒකට යන්න එපා කියල .හැබැයි nolimit එකේ වගේ ඇඳුම් එකතුවක් වෙන සිංහල කඩේක නෑ.සිංහල මුස්ලිම් දෙමල වේවා මිනිස්සු කැමතියි ලස්සනට අදින්න.අනික සිංහල කඩේකට ගියාම ඒ කඩේ ඉන්න උන් අපි දිහා බලන්නේ අපි නිකන් පිනට බඩු ගන්න ආව වගේ බැල්මක්.මුස්ලිම් කඩේක අපිට ලැබෙන පාරිභෝගික සේවාවෙන් අරික්කාලක් වත් ලැබෙන්නේ නෑ.සිංහලයෝ මුස්ලිම් අයට ඉරිසියා නොකර චින්තනීයව ඉස්සරහට යන්න ඕනෑ කියලනේ ඔබ තුමා කියන්නේ.ඒත් ඇත්තටම ඔබ තුමා කරන්නේ හැබෑවටම චින්තනීය වෙනසකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සුන්ගේ වෑයම අවතක්සේරු කරන එක (මම අදහස් කරන්නේ බොදු බල සේනා වගේ සංවිදාන ගැන නෙවෙයි).බොදු බල සේනා එකෙන් කරන්නේ මිනිස්සුන්ට පොඩි ත්වරණයක් දෙන එක විතරයි.දැනුම කොටස තමයි මුසල්මානුවන් පරදා ජාතියක් වශයෙන් චින්තනීයව ඉහල යන එක.හැබැයි මෙදා පාර උගන්වන ක්‍රමේ විතරක් වෙනස්.මතක තියාගන්න ලංකාවේ මුල්ම ජාතිවාදී අරගලය ඇති කලේ මුස්ලිම් අය කියලත් (ඔව් ඒකට පින් සිද්ද වෙන්න අපි හෙන්රි ප්‍රේදිස් සමරන්නේ).සමහර ප්‍රශ්න තියනවා රජයට කෙලින්ම අත පොවන්න බැරි.

      හැබැයි මේ ලිපියේ සමහර දේවල් වලින් ඔබතුමා පහර ගහන්නේ ඇත්තටම ජාතිය ගැන හිතන ජාති මාමක සුළුතරයට.

      Delete
    3. amila chathuranga
      මචං මට නම් උඹ කොච්චර පොරටෝක් දුන්නත් මහා බක පණ්ඩිත මැවුම් කාරයෙක් කියල හිතෙන්නේ,
      ඒක උඹගේ කටකෙල පෙරාගෙන ඉන්න අප්‍රසන්න ෆොටෝ ඒකෙන ඩබල් වෙනවා.
      එකවත් මාරු කරපන්.

      Delete
    4. මානවකගේ ප්‍රතිචාරයට 100% එකගයි...සුද්දගේ ජංගි හෝදපු උන් තමයි මෙතනත් හම්බයින්ගේ ජංගි හෝදන්න දගලන්නේ...අමිලගේ ලිපියේ සමස්ථ හරය විදිහට මම දකින්නේ බඩගින්න නිවෙනවනම් ජාතිය බල්ලට ගියත් කමක් නෑ වැනි අදහසක් පමණි.ලිපිය තුලින් තවදුරටත් අවධාරණය කරමින් පවසන්නේදැන් ආන්ඩුව ජනයාගේ බඩගින්න ජාතිවාදය යොදාගෙන අමතක කර ඇති බවකි.

      අමිල ඔහුගේ ලිපිය තුල කිහිපවරක් බඩගින්න ගැන සදහන් කරයි..
      //...ජාතිවාදී කලකෝලහාල පවතින අතර ඒ මගින් මිනිස්සුන්ට නිතර ආතල් එක ලැබනෙ නිසා සිය දරුවා බඩගින්නේ ඉන්නා බවද සමහර දෙමාපියන්ට අමතක වෙති..//
      //....කන්න බොන්න නැතුව වුනත් සමාජවාදය ඇත්නම් නින්ද යන ජාතියේ පොරවල්ද, මොක වුනත් අපි සිංහල බොදු නේ කියන ජාතියේ පොරවල්ද...//
      //...ජාතියේ උන් බඩගින්නේ මලත් කාටවත් ගානක් නැත.//
      //..දැන් මනසේ වැඩකරන්නේ දවාට රෑට කන්නේ කොහොමද?//
      //...හරියට කන්න අඳින්න දෙන්න විදියක්...//
      //...ඒ සංවිධාන විසින් කන්න අඳින්න දෙනවා වැනි..//

      ඇත්තටම අප කලයුත්තේ කන්න දෙනවනම් තමන්ගේ අම්මා වුවද විකුනා බඩගෝස්තරය සරි කර ගැනීමද? ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ගෙන යන බව සැබැය. බදු බර වැඩි වී සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් වී ඇත.එය කාටවත් අමතක වී නැත.කවුරුන් හෝ ආණ්ඩුවට කඩේ යන්නේ ආණ්ඩුව නිසා පෞද්ගලික වාසි ලබා ගත් පුද්ගලයින් සහ ඔලමොට්ටල කැපුවත් නිල් ටයිප් එකේ මානසික පිස්සන් සහ යුද්ධය දිනා දුන එකට තවමත් කලගුණ සලකන නොදරුවෝ පමණි. ආණ්ඩුව හා ජාති ආලය දෙකකි..ඔබ ලියන්නට දෙයක් නැති තැන ගොන් ටෝක්ස් ගෙනහැර පාමින් ඒ දෙක එකතු කොට ජාතිවාදයක් නිර්මාණය කරගනි.බොදු බල සේනාව යනු ජාති වාදි සංවිදානයක් ලෙස අර්ථ දැක්වීම සම්පුර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි. ඔවුන් ජාතිය වෙනුවෙන් ජාතිය ආරක්ෂා කරගැනීමට හැකි සෑම අයුරකින්ම වෙහෙසෙන සිංහල බෞද්ධ සංවිධානයකි.ජාතිය ගැන කතා කිරීම ජාතිවාදය ලෙස වටහාගන්නා ඔබ වැන්නවුන් පෙර පාසල් අධ්‍යාපනය හෝ හරි විදිහට ලබා නොමැති බව කියවන්නාට පසක් කරයි.
      වර්තමානයේ ප්‍රශ්නයක් තිබේ.එය වසන් කර බඩගින්නට ප්‍රමුකත්වය දි ඒවා අමතක කර ආතල් එකේ ජීවත් වන්නට ඔබට සහ ඔබ වැන්නවුන් සුළු පිරිසකට හැකි වුවද අපිට නොහැකිය.මුස්ලිම් ජනයා සමග යුද්ධයකට යාමට සිංහල බෞද්ධයාට අවශ්‍ය නැත.අප කල යුත්තේ අවධානම හැදනගෙන දැනුවත් වී අපගේ ජාතිය ඉදිරියට ගෙන ඒමට හැකි සෑම අයුරින්ම කටයුතු කිරිමයි. එයින් පවුලකට දරාගන්නට නොහැකි අයුරින් ලමයි හැදිමක් අපේක්ෂා නොකරයි.පවුලක ඇති ආර්ථ්ක තත්වය අනුව එම පවුල දරුවන් ගනන තිරණය කල යුතුයි.විවාහය සමග ලමයි දෙන්නෙක් සැලසුම් කරන පවුලකට තවත් දරුවෙක් දක්වා යැමට හොද සැලැස්මක් තියෙනවනම් පුලුවන්. ඒ වගේම ආර්ථ්ක වශයෙන් ඉතාම ශක්තිමත් පවුලකට දරුවන් හත් අට දෙනෙක් දක්වා වුවද යාමේ හැකියාව තියෙනවා..නමුත් අද සමාජයේ ඇති හැකි හැමෝටම ලමයි දෙන්නයි..අපිට අවශ්‍ය ආර්ථ්ක තත්වයට ගැලපෙන පවුලක් නිර්මාණය කරගැනීමට ජනතාව දැනුවත් කිරිමයි.ඇත්තටම විය යුත්තේ තනි තනිව තමන්ගේ ජාතිය රුකගැනීමට හැකි සැම දෙයක්ම කිරිමයි.බොරුවට කවුරුවත් ලමයි හදන්න කිව්වා කියලා ඒකට ගොන් තර්ක ගෙනත් බ්ලොග් පෝස්ට් දාන එක නෙමෙයි වෙන්න ඕන කොහොමද ලමයි 4 දෙනෙක් පවුලකට බරක් නැතුව හදාගන්නේ කියන එක ගැන මිනිස්සු දැනුවත් කරන එකයි..අපේ සීයලා ආච්චිලා ලමයි 10 ක් වත් ජාතියට දායාද කලා..ඒ ලමයි රටට ජාතියට බරක් වුනේ නැ..එයාලා ලමයි හොදට හදාගන්න මහන්සිවෙලා වැඩ කලා..හැම ලමයටම ඉගැන්නුවා..ඇයි එදා ඒ මිනිස්සුන්ට පුලුවන් උනදේ අපිට හෙට බැරි? මිනිස්සුන්ගේ කම්මැලිකම නිසා තමයි මිනිස්සු දුප්පත් වෙන්නේ.කාටවත් කරදරයක් නැතුව රුපියල් ලක්ෂයක් හොයන කම්කරුවො මට හම්බවෙලා තියෙනවා..ඒ මිනිස්සු දාඩිය මහන්සියේ ඒ සල්ලි හොයන්නේ..නිකන් පුකට එලියට වැටෙනකල් නිදියන උන්ට ලමයි 5ක් හදන්න කියන්න අපි ගොන්නු නෙමෙයි..පොඩි එකාගේ පවා ඔලුවට දෙන්න ඕන හොදට ඉගෙනගෙන හොද සල්ලිකාරයෙක් වෙලා ජාතිය වෙනුවෙන් යමක් කරපන් කියන එකයි..නැතුව ලමයි හැදුවට වැඩක් නැ සල්ලි නැතුව කියලා සිගිති තර්ක දෙන එක නෙමෙයි...

      Delete
    5. //.හැබැයි සිංහල කමට සහ බෞද්ධ දර්ශනයට මුල්තැන. //

      අනෝ බං මාබවකයො. තොගෙ බෞද්ධ කම තොගො කමෙන්ට් වලින්ම පේනවා. තොපෝ අවජාතක කමට බෞද්ධ ධර්මය ඈඳ ගන්නෙ නැතිව ඕන එකක් එකක් නිදි වැදපන්.

      Delete
    6. @ravin

      කොහෙද මයේ අම්මේ මගේ එව්වා පෙන්නේ.කොහේද කියන්න මයේ රත්තරන් මම ඉස්ලාම් ආගමට හරි වෙන දේකට හරි අපහාස කරලා තියෙන්නේ.ඔයාට ඔච්චර රිදෙන්න.අනිත් ඒක ඔයාද මමද අවජාතක.මට ජාතියක් ජාතකයක් තියන නිසානේ ජාතිය ගැන කෑගහන්නේ...හ්ම්ම්ම්..එතකොට ඔයා.......අඩුම තරමේ.... ...මට නිදිවදින්න නම් අදහසක් තියනවා..හැබැයි ඒ සමහර අවජාතකයින්ව වද_ ..එක්කෝ ඕනෑ නෑ...

      Delete
    7. //බොදු බල සේනා එකෙන් කරන්නේ මිනිස්සුන්ට පොඩි ත්වරණයක් දෙන එක විතරයි.
      ඔය ත්වරණේ තමයි ළගදිම ඊළග යුද්දෙ ඇති කරන්නෙ

      Delete
    8. මතක තියා ගන්න ඇනෝ අපි සිංහලයෝ බන්..අපිට අවශ්‍ය දේ උනාම ඊට එහාට අපි ප්‍රශ්නයක් ගැන හොයන්නේ නෑ.අපිට ප්‍රශ්නේ තියෙන්නේ ගමේ ඉන්න මුස්ලිම් මිනිහ එක්ක නෙවෙයි.මේකයි ඇත්තම සීන් එක

      "සියලු මුසල්මානුවන් ව්‍යාප්තවාදීන් නොවේ නමුත් සියලු ව්‍යාප්තවාදීන් මුසල්මානුවන් වේ"

      Delete
    9. @ගවේෂක

      ඔබේ ප්‍රතිචාරය සමග යම් තරමකට එකගවිය හැකි වුනත් ළමයින් හැදීම සම්බන්ධයෙන් වන ඔබගේ අදහස් නම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.

      මේ සරළ උදාහරණයෙන් මා කියන දේ තෙරුම් ගන්න පුළුවන්,
      අපේ සීයට ඉඩම් අක්කර 5ක් තිබුනා. ඔහුට ළමයි 10 දෙනෙක් හිටියා. ඔහු ඒ ඉඩම් වල ආදායමෙන් ළමයි 10දෙනා හදාවඩා ගත්තා. ළමයි ලොකු වෙනකොට ඒ ඉඩම් අක්කර 5 ළමයින් අතර බෙදා දුන්නා.(ගැහැණු ළමයින්ට ඉඩම් කොටස් ලැබුණෙ නෑ) එතන පිරිමි ළමයි 5ක් හිටියානම් එක් අයෙකුට අක්කර 1 බැගින් ලැබෙනවා, ඒ ළමයිනුත් විවාහවෙලා දරුවන් 5 බැගින්වත් හැදුවොත් ඒ අක්කරේ ඔවුන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් ද? කොහෙත්ම නෑ, එතකොට ඔවුන් වෙනුවෙන් තවතවත් වනාන්තර හෙළිකරන්න වෙනවා. මේකේ නතරවීමක් නෑ.තවත් කොච්චරදෙවල් ඕන ද ජීවත් වෙන්න....

      ඒ හින්දා දරුවන් හදන්න ඕන පවුලට ඔරොත්තු දෙන ප්‍රමාණයට නෙවෙයි,රටට ඔරොත්තු දෙන ප්‍රමාණයටයි.
      ‍කුමන ආගමකටවත් කුමන ජාතියකටවත් විශේෂ වරප්‍රසාදයක් නැතිව සෑ විවාහකු යුවලකටම හදන්න පුළුවන් උපරිම දරුවන් ගණන 2 කට සීමා විය යුතුයි.

      Delete
    10. මානවක මහත්තයෝ.. මේ ආත්මෙ ඔහේ සිංහල උනාට ලබන ආත්මෙ මුස්ලිම් වෙන්ඩ බැයිද ? ඔහෙ බවුද්දයෙක්නම් ඒ ටික තේරෙන්න ඕනෙනෙ.. බෞද්ද දර්ශනයට මුල් තැන.. හික්ස්.. යකෝ බෞද්ද දර්ශනයෙ කොතනද කියල තියෙන්නෙ ජාති බේදෙ අවුස්සන්න කියාල ?

      Delete
    11. @ඇනෝ
      මම ලබන ආත්මේ මුස්ලිම් උනොත් මම මුස්ලිම් ආගම ජාතිය පැත්තට කතා කරන්නම්.දැනට මම සිංහල නේ ඒ නිසා මම සිංහලයෝ වෙනුවෙන් කෑ ගහනවා.ලබන ආත්මේ වෙන දේ ගැන නෙවෙයි මේ ආත්මේ කලයුතු දේ ගැනයි හිතන්න ඕනෑ.ඒක මගේ යුතුකම සහ වගකීම.

      "යකෝ බෞද්ද දර්ශනයෙ කොතනද කියල තියෙන්නෙ ජාති බේදෙ අවුස්සන්න කියාල ?"

      බෞද්ධ දර්ශනේ කොහෙවත් කියල තියනවද අසාධාරනේට විරුද්ධව මුකුත් කරන්න එපා,නැගී සිටින්න එපා කියලා.බෞද්ධ දර්ශනයේ තියෙන්නේ ආගමික සහජීවනය කියන එක මිසක් අන්තවාදීන්ට ඔලුව නමන්න කියන එක නෙවෙයි.බුදු රජාණන් වහන්සේ උනත් තීර්තකයින් ගේ යම් ක්‍රියා කලාප වලට එරෙහිව තමන්ගේ මතය ප්‍රකාශ කරා කියල අපි අහල තියන කතා වලත් තියනවනේ.ආගමික සහජීවනේ නැත්තන් පන්සල වල මුසල්මානුවන්ගේ උපවාස කාලය ඉවර කරන්න දෙනවද?

      ඔය ඇනෝ මහත්තයා අහල ඇති දසමහ යෝදයෝ ගැන..ථෙරපුත්තාභය යෝධයා මතක නේ.මට කියන්න ඔය කොහෙවත් තියනවද උන්නාන්සේ නිවන් දැක්කේ නෑ කියල...

      මහත්තයෝ මෙතන ප්‍රශ්නේ මගේ බෞද්ධ කම ගැන නම් අපි ඒ ගැන කතා කරමු.හැබැයි අවිහිංසාවාදී දර්ශනයක් අනුගමනය කරා කියලා අසදාරනේට කට වහන ඉන්න තරම් බෙකහීනයෙක් නෙවෙයි.

      ජාතිය රන් විමනක් වේ
      ආගම මිණි පහනක් වේ
      එය රැක ගන්නට මෙලොවේ
      සමත් වෙතොත් පුත නුඹ වේ

      Delete
    12. @ Sumith Niriella
      ඔබගේ ප්‍රතිචාරයට මමත් එකගයි..ඇත්තටම විය යුත්තේ නම් රටට ඔරොත්තු දෙන ලෙස දරුවන් හැදිම තමයි.දිනෙන් දින හීන වන සම්පත් හමුවේ රටකට දරාගන්න බැරි විදිහට ජනතාව වැඩි උනොත් ඒකත් අනාගතේ ලොකු ප්‍රශ්නයක්..වර්තමානයේ විය යුත්තේ රජය විසින් ඕනම පවුලකට සිටිය හැකි ලමයි ගනන උපරිමය 3ක් විදිහට නීති රීති ගෙනඒමයි..කෙනෙක් කියන්න පුලුවන් මේක මොන විහිලුවක්ද ආණ්ඩුවට පුලුවන්ද පවුල් සැලසුම් කරන්න කියලා..මම කියන් නැ කවුරුහරි පවුලක් 4 වැනි දරුවා බිහි කලොත් ඒ ලමයාව ආණ්ඩුව විසින් මැරිය යුතුයි කියලා..නමුත් රජයට පුලුවන් ජනතාවට කියන්න දරුවන් සීමා කලයුතුයි.නිතියට පිටින හදන දරුවන්ට රජය මගින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පහසුකම්,රජයේ රැකියා, කිසිදු රජයේ වරප්‍රසාදයක් 4 වැනි දරුවාට නොලැබෙන ලෙස නිති සම්පාදනය කරන්න පුලුවන්..එහෙම බලපැමක් ලැබෙන කොට පවුලක් ඉබේම පෙලබෙනවා දරුවන් සීමා කිරිමට.ඇත්තටම වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රශ්නයට සහ අනාගතයේ ඇති අවධානමට තියෙන හොදම විසදුම තමයි රජය විසින් නිති ගෙනඒම මගින් මෙ ප්‍රශ්න සාමකාමිව විසදිම.නමුත් ගැටලුව වී ඇත්තේ රජව විසින් මේ දක්වා ගැටලුවලට සැලකිය යුතු මට්ටමේ විසදුම් ඉදිරිපත් නොකිරීමය.මේ ප්‍රශ්නය හමුවේ ඉතාම උදාසීන ලෙස හැසිරෙන රජයක් සිටින රටක අපට එවැනි නීති අද ගෙනඑයි හෙට ගෙනඑයි කියා බලා සිටීමට දැන් කාලයක් නැ..එවැනි දෙයක් සිදුවන තුරු අපි අපිට හැකි අයුරින් සිංහල බෞද්ධ ජාතිය ආරක්ෂා කර ගතයුතුයි..ඒ සදහායි පවුලකට හැකි අයුරින් දරුවන් හැදිය යුතු යැයි කියන ස්ථාවරයට අප යායුත්තේ...

      Delete
    13. ඔබේ කතාව තුල ඇති යථාර්ථය පෙන්වමි... බුදුන් අදහපු සිංහලයෝ / දෙමල කී දෙනෙක්නම් මේ වනවිට මුස්ලිම් ආගමට හැරුනාද ? ඇයි එහෙම උනේ බෞද්ධ ධර්මය වැරදි ධර්මයක්ද? නැත..... අපි මෑතක් වනතෙක්ම සියළු ජාතීන්, ආගම් සමග සහයෝගයෙන් කටයුතු කලේ නැද්ද? මෙතෙක් කලකට බෞද්ධයින් අන්තවාදීන් උනාද? කිසිදාක නැත.... සහෝදරයා... මේ ලියන මාද කිතුණුවෙකි. එහෙත් සිංහලකම රදාපවතින සාධකය වන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වන නිසාමය. ඔබ සදහන් කරන ආකාරයට 10% ගැටළුවක් නැත්නම්, එය කිනම් ප්‍රතිශතයද ගැටළුවක් වන්නේදැයි ඔබ සිතන්නේද? ඔබ අරාබියේ ලංකාවේ මුස්ලිමුන්ට ඇති තැන ගැන සදහන්කලා සත්‍යකි. ඔබ නොදන්නා කාරණාව දැන් දැන්.... එම තත්වය වෙනස් වන්නට පටන් ගෙන ඇතිබවට ඉදුරාම ඔබට ප්‍රතක්ෂ කරන වටිනා කරුණු මා සේවය කරන (අරාබි රටකි ) රටේ වෙසෙන මුස්ලිමුන්ගෙන් මා හොදහැටි අසා ඇති බව සත්‍යකි. ඔබ මතුකරන ඇතැම් කරුණුවල ඇත සිංහලුන්ගේ අනාගත චින්තනය විය යුත්තේ කෙසේද යන කරුණු ඉතාමත්ම අර්ථාන්විතය.

      Delete
    14. කලින් comment කලේ අමිල චතුරංගට මිසක් මානවකයට නොවේ..!

      @මානවකය,
      ඔබේ කතාවට සියදහස් වාරයක් එකග වෙමි. මම මුසල්මානුවන්ගේ දේශයේ පයගසා ඇත්තෙක් නිසා මෙහි සිදුවන සියලු අන්තවාදී ක්‍රියාදෙස අවධානයෙන් පසුවෙමි. ලංකාවේ අනාගතය ඇත්තේ තීරණාත්මක සන්ධිස්තානයකය. කෙමෙන් කෙමෙන් අනතුරට ලංවනු විනා ගැලවෙන මගක්නම් පේනතෙක් මානයක නැත. මේ අකුරු පේලි ලියවෙන්නෙත් මට පෙනෙන සත්‍ය දරාගත නොහැකි නිසාවෙන්මය.

      Delete
    15. ++++++++++++++++++++++++++

      Delete
  6. // නමුත් අපේ රටේ මිනිසුන්ට හිස ඇත්ේත උදේට පීරාගෙන වැඩට යාමට පමණි..එය වෙහෙසෙන්නේ ඉඳලාම ඔය ඔලුගෙඩිය මොකක හරි වැදුනොත් පමණි.. කවුරු හෝ කියන දේකට පිටුපසින් හුමිට තබනවා විනා අවබෝධයෙන් සිතන්ට වැර වෑයම් කරන්ට අපේ ඇත්තෝ කම්මැලිය. //

    මේක තමයි වැදගත්ම පොයින්ට් එක....

    ReplyDelete
  7. 100% එකග ලිපියක් අමිල .මේ මිනිස්සුන්ට ඕනේ
    මොකක් හරි අල්ලන් උද දාන්න ..දාල දාල හති වැටුනම
    පෙළක් ආයේ එන්නේ නැහැ , පෙළක් වෙන දෙයක් අල්ල ගන්නවා.

    ReplyDelete
  8. මේකත් අපි ඉස්සර ඉඳලම කියන දෙයක් නේද... මොන දේ උනත් ඔය යන්නේ ආණ්ඩුව ජනතාවට ගිල්ලවන්න ලෑස්ති වෙන ගුලියක්ය... එතකොට මිනිස්සුන්ට බඩගින්න අමතක වෙනවාය කියන එකත් ඒ කාලේ ඉඳලම තිබ්බා නේද....

    ReplyDelete
    Replies
    1. හිරු ඔබ මෙතන අමිලගේ ලිපියට සහය දිමක් විදිහට ඔබගේ මතය පල කර ඇති බව පෙනෙයි..පැහැදිලි ලෙසම ඉහත නිවට ලිපිය වර්තමාන සිංහල බොදු ජන බලවේගයට එරෙහිව ලියන ලද්දක් ඔබට වැටහෙන්නට ඇති.ආගම දහම බේරාගැනීම උදෙසා කටයුතු කරන උතුම් මිනිසුන්ට පහර ගසා ලියා ඇති ලිපියකි..ඔබ එය සාධාරණිකරණය කරමින් ඔහු පවසන පරිසි වර්තමාන ගැටලුව ආන්ඩුව විසින් ඔවුන්ගේ නොහැකියාවන් වසා ගැනිමට නිර්මාය කර ඇති ප්‍ර යෝගයක් යන උක්ත මතය තහවුරු කරයි..එහෙත් ඔබ මෙමෙ කමෙන්ටුව දැමිමට දින කිහිපයකට ඉහතදි සිරාගේ කාමරය බ්ලොග් පිටුවේ මෙලෙස අදහස් දක්වයි,

      හිරුDecember 12, 2012 at 8:56 AM
      //උතුම් වූ බුද්ධ රත්නයේ ආනුභාවයෙන් සිංහල බෞද්ධයා ලද මහා ශික්ෂණය නිසාවෙන් අන්‍ය ආගමිකයන් හා සුළු ජාතීන් කරදරයකින් තොරව නිදහසේ හෙළ බිමේ ජීවත්වූහ.//

      මේක නිවට කමක් කියලා හිතාගෙන ඉන්න අන්‍ය ආගමිකයන් සහ නිවට විදියට හැසිරෙන සිංහල බෞද්ධයන් නිසා තමයි මේ ප්‍රශ්නය උග්‍ර වෙන්නේ... මේ රටේ දැනට පවතින බුද්ධාගම ගැන මගේ ඒ තරම් පැහැදීමක් නැතත් බුද්ධ දර්ශනය පිළිබඳ මගේ ලොකු පැහැදීමක් තියෙනවා... උපතින් බෞද්ධයෙක් වීම නිසා නොව අවබෝධයෙන් එහි හැසිරෙන්න උත්සාහ කරන නිසා... නමුත් මේ දැන් සිද්ධ වේගෙන යන විදියට මේ රටේ සිංහල බෞද්ධකම ගැන කතාකිරීම ජාතීවාදී, ආගම්වාදී ලේබලය ඇලවීමට සමත්.... සිරා කියනවා වගේ එහෙමනම් ඒක ලොකු දෙයක්...
      (උපුටා ගැනිම අවසානයි)
      උපුටා ගැනිම http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html?showComment=1358230024688#c4690354105070970070

      වැඩිදුර විශ්ලේෂන අනවශ්‍යයි..ඊනියා ලිපිය හා ඔබගේ ප්‍රතිචාරය සහ ඔබගේ මෙම ප්‍රතිචාරය අතර ඇත්තේ කෙතරම් පරස්පර විරෝධි අදහසක්ද?? යමෙකුගේ ලිපියක් සමාජයට අහතකර අන්දමින් බලපායි කියා හෘද සාක්ෂිය විශ්වාස කරයි නම් කලයුත්තේ එයට විරුද්දව කතා කිරිමය. අමිල ඔබගේ යහලුවෙකු විය හැක.සිරාද ඔබගේ යහලුවෙකු විය හැක.දෙදෙනාම සැනසීමට දෙදෙනාගේ පෝස්ට් වලට උචිත ලෙස කමෙන්ටු දැමීම ලැජ්ජා සහගත ක්‍රියාවකි..

      Delete
    2. Dear Hiru,
      Many times I visited your blogspot and read almost 95% of your posts. I never thought Your thinking is in this way. Anyway I hope You may change your mind regarding these issues. I like your posts rather than these type of comments.. Thanks..

      Delete
  9. මං හිතන්නේ අර පලවෙනි ජේදේ කියලා තියන කතාව එච්චර හරි නෑ. මොකද දකුණු අප්‍රිකාවේ, ලංකාවේ සුද්දෝ බලය අල්ල ගත්තේ ප්‍රජාතන්තවාදයෙන්ද නැත්තන් මර්දන ක්‍රියාවලින්ද කියලා ඉතින් තතු දත්තෝ දනිති... ඉතින් ඔයා කියන විදිහට කවදා හරි සිංහල ජාතිය මෙරටේ සුළුතරයක් වෙලා මුස්ලිම් ජාතිය බහුතරය උනොත්, අපිටත් කරන්න තියෙන්නේ අර සුද්දා කළා වගේ මර්දනකාරි ප්‍රතිපත්තිය අනුගමනය කරලා බලය අල්ලාගෙන සිටිමද

    ReplyDelete
    Replies
    1. ඔබ මතුකරන තර්කය හරි. දකුණු අප්‍රිකාවේ තර්කය මෙතනට ආදේශ කරන්න බෑ.

      Delete
  10. ජාතිවාදය කියන්නේ සතෙක්. ඒක රාජ්‍ය අනුග්‍රහයෙන් වෙන රටක් ලංකාව සෑහෙන කාලෙක ඉඳන්. මුස්ලිම් ද දෙමළද සිංහලද කියන එක නෙමෙයි. මේ කියන උග්‍ර ජාතිකවාදයෝ නැති කරන්න මේ වෙද්දි ලෝකේ බොහෝ රටවල නීතින් සම්මත කරගෙන මානුශික අයිතිවාසිකම් වෙනුවෙන්. (අද වෙනකොට බොහෝ රටවල තත්වය කියන්න බැරි තරම් සතුටුයි.) ඒත් අපි ජාතිවාදය ඉස්සරහට අරන් යනවා. අපේ ළමයින්ගේ පරම්පරා ගාණකටත් මතබේද ඇති වෙන්න හේතුත් හදලාම.
    ඊට පස්සේ අපි ජාතිවාදයට හේතු හදා ගන්නවා විතරක් නෙමෙයි උඩ පැන පැන රෙදි ඇඳගෙන ඒව ලෝකෙට පේන්නම කෑගහල කියවනවා.

    ReplyDelete
  11. අවුරුදු 30කින් නැතත් මේ යන විදිහට ලංකාවේ ජනා අනුපාතය වෙනස් වීමේ තර්ජනයක් තියනවා . ඕකට උත්තරය පැට්ව ගැහිල්ල නම් නෙවෙයි . පැටව් ගැහිල්ල පාලනය කිරීම . සුද්දගෙයි තම්බියගෙයි වෙනස මොකක්ද කියල අද දවසේ නිවුස් බැලුවාම උඹට තේරුම් යන්න ඕනි .

    ReplyDelete
    Replies
    1. @බුවා, පැටව් ගැහිල්ල පාලනය කලත් වෙනත් ක්‍රම මඟින් ජන අනුපාතය වෙනස් කල හැකියි, මම දන්නා පරිදි දැනටමත් එය සිදු වෙනවා. අපි ඉස්සරහ දොර දෙස බලා ඉන්න කොට පස්ස දොරින් ඇවිත් කෙලලා යන්න පුළුවන් බව ගොඩක් දෙනෙකුට අමතක වෙලා !!!

      @අමිල
      මම දන්න විදියට ජංගි අඳින්නේ සුද්දියෝ නේ.
      ඔබේ පරම්පරාව කල හැම දෙයක්ම අනෙක් හැමටම අදාල කර නොගන්න.


      @

      Delete
  12. කෝ බොල ඇනෝලා ???

    ReplyDelete
  13. අමිල..සහජීවනේ හොදා, නමුත් ඔයා කියන සීමාවට යන්න ගියොත් සහජීවනෙන් කෙළ පොඩ්ඩක් දෙන්න වෙයි ලෙස්සල යන්න. ඉස්ලාම් භක්තිකයින් තමන්ගේ ආගම අදහගෙන නිදහසේ ඉන්න ඕන තමා.

    බෞද්ධ ආගමික අන්තවාදය කුජීතයි තමා. ඒත් ඊට වඩා කුජීත නැද්ද තමන් හැදුන සමාජයට පහර ගහන එක සහජීවනේ කියල හිතන එක.

    තරහ වෙන්නෙපා. දැක්ක ගමන් හිතුන දේ ලිව්වේ.

    ReplyDelete
  14. අපේ රටෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ කෙටියෙන් මටනම් පේන්නෙ මෙහෙමයි.
    සිංහලයට මතක නෑ තමන් කතාකරන්නෙ සිංහල භාශාවෙන් කියල..ඉංග්‍රීසි නොදන්න එකාගෙත් ඔලුව ඇතුලෙ තියෙන්නෙ ඉංග්‍රීසි.
    ඒ හිංද උපන්න රට උපන්න ජාතිය උපන්න ආගම ගැන තැකීමක් නෑ රුදාවක් නෑ...

    ඒත් එකටම ඉන්න අන්‍ය ජාතීන් තමන්ගෙ ජාතිය ආගම ගැන හිතල සැලසුම් සහගතව ජීවත්වෙනව...
    ඔය විදිහට දිගටම ගියාම සිංහල වඳවෙලා යන එක ඔය එක තර්කයකින්වත් නවත්වන්න වෙන්නෙ නෑ

    ReplyDelete
  15. තොපි මොන පණ්ඩිත කතා කිවත් එක දෙයක් මම දන්නවා. මේක අපේ ගෙවල් ළඟ හිටිය 2 වසරටවත් ඉස්කෝලේ ගිය නැති ළමයි 8ක් හදල 6 දෙනෙක් කැම්පස් යවපු අක්කර කාලක ඉඩමක් වත් නොතිබුන ගුණරත්න මාමා නිතර කියන කතාවක්. "තම්ම්බින්ට ගහන්නයි ඇල්වතුර නාන්නයි බලාගෙන ඉන්න එපා" කියන එක. මගේ අතින් මම ඕකට එකතු කරන්නම් "තම්බිගේ තොප්පිය හැරෙන පැත්තට " කියන කතාව.
    ඔච්චර අහිංසක ඔච්චර නිර්දෝෂී මුස්ලිම් ආගම හා ජාතිය එක්ක මුළු ලෝකෙම ඉන්න හැම රටකම අනිකුත් ජාතිකයින් ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ ලෝකෙටම පිස්සු හින්දා මිස වෙන අහවල් දෙකටද? කොටින්ම කීවොත් මටත් පිස්සු ඔං ඇ ...

    ReplyDelete
    Replies
    1. itnishantha

      උඹ හරියටම හරි, අනේ මන්දා මුන්ගේ ඇස් කවදා ඇරෙයිද කියලා .

      Delete
    2. මටත් පිස්සු වගේ ඕන්....

      Delete
    3. ලෝකයේ අනිත් රටවල ප්ර්ශ්න තියෙනවා කියලා අපිත් හදා ගන්න ඕනිද? ප්රනශ්න හදා ගන්නේ නැතුව වැඩ කර ගන්න පුළුවන් නම් කොච්චර හොදද?

      Delete
  16. මේ ලිපියෙ අන්තර්ගතේට මාත් 98.93% ක් එකගයි.

    ReplyDelete
  17. නුගේගොඩ තියෙන ලොකුම රෙදි කඩේ නෝ ලිමිට් එක ඊට පස්සේ හමීඩියාස් එක..සිංහල රෙදි කඩේ සවුසිරි එක.සවුසිරියේ තියෙන රෙදි අපේ සීයගෙ කාලෙටත් කලින් ජෙනරේෂන් එකට මහපු ස්ටයිල්.බඩු බිල් කරන්නෙ කාබන් කොලයක් යටින් දාපු බිල් පොතේ ගණන් ලියල.එතකොට හමීඩියාස් එකේ අලුත්ම ස්ටයිල්.තරුණ සේවකයෝ..මාකටින් උපරිමයි...දැන් එතකොට නුගේගොඩ ඉන්න සිංහල තරුණ බොදුනුවෙක් කරන්න ඕන සිංහල කමට සවුසිරියේ තියෙන පිජාම සරමක් ඇඳන් ඔෆිස් යන එකද? වෙන්න ඕන හමීඩියා හම්බයට බැන බැන නොයිඳ ලෝකෙත් එක්ක වෙනස් වෙලා බිස්නස් කරන එක නේද ?ටවුමේ තියෙන ඉඩම කීයක් හරි වැඩිපුර දීල ඉල්ලන තම්බියට විකුණලා ඒ සල්ලි ටිකෙන් නිකන් ඉඳන් කාල බීල සල්ලි ටික ඉවර උනාම ගෙරි හම්බයෝ අපේ ඉඩ කඩම් ආක්‍රමණය කළෝ කියල කෑ ගැහුවම හරියනවද?අනික ඔච්චර සිංහල බොදු හිතැති මේ ආණ්ඩුව හම්බයෝන්ගේ හොර ව්‍යාපාර ..පුරා වස්තු බිම් සංහාර ...හලාල් වගේ දේවල් වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි...සිංහල මිනිස්සුන්ගේ ලේ රත් කරන්න හරි ලේසියි..දෙමළට විරුද්දව රත් කරපු සිංහල ලේ 1983 දී උතුරලා ගිහින් මෑතාක් වෙනකන් ආතල් දුන්න.දැන් පොඩි ඉන්ටවල් එකකට පස්සේ ආයි ලේ රත් කර ගන්න වෙලාව.

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමට හොඳම ඇදුම් කලෙක්ෂන් එකක් තියෙන්නේ කිරිබත්ගොඩ කඩවල. ඊළඟට දෙහිවල. අන්තිමට තේරිලා ඉහතුරු වුන ඒවා තමයි නුගේගොඩට එන්න. ලංකාවේ ඇදුම් තියෙන්නේ නුගේගොගොඩ විතරද??? කොළඹ ඉපදුනේ,හැදුනේ වැඩුනේ නැති උනාට මමත් දන්නා ඇදුම් ගන්නවනනන් යන්න ඕනි කිරිබත්ගොඩ කියලා. පොඩ්ඩක් නුගේගොඩින් එලියට ගිහින් බලනවකො ලිඳේ ඉන්න ගෙම්බා වගේ කෑ ගහන්නේ නැතුව.

      Delete
  18. සුද්දියන්ගේ ජංගි හොදපු පරම්පරාවක ඉපදිච්ච, ඉස්සරහට හම්බ ගෑණූන්ගේ ජංගි හෝදන්න දත කට මැදගෙන ඉන්න එකෙක්ගෙන් අපිට මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න පුළුවන්ද?

    ReplyDelete
  19. අකමැත්තෙන් වුනත් කොල්ලෝ වචන දෙකෙන් කියන්නම්: උඹ වැරදියි.

    අපට මුස්ලිමුන් සමග කිසිම ගේමක් නැහැ. ඒත් මේ ලෝකේ ඉස්ලාම් ව්‍යප්තවාදයක් නැතෙයි කියනවා නම් ඉතින් උඹ ඉඳල තියෙන්නේ පෘථිවියේ නෙමේ වෙන කොහේ හරි. කොටින්ම ඉස්ලාමය කියන්නේ ආගමක් නෙමේ, දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම එතෙක් මෙතෙක් ලෝකේ බිහි වෙච්චි සාර්ථකම දේශපාලන මොඩලය. සෙල්ලම් නැහැ.

    උඹ කියනවා headcount එකෙන් වැඩක් නැතෙයි කියල. නැහැ මචං එතනින් තමා සියල්ල පටන් ගන්නේ. මුලින්ම කරන්නේ සංඛ්‍යාත්මකව පිරිස වැඩි කර ගැනීම. උඹ කිව්වා වගේ උන්ට යන එන මං නැහැ. ඒ පරම්පරාව මොකාගෙ පුකක් හරි හෝදලා සල්ලි හම්බ කරන පරම්පරාව. ඊළඟට එනවා එතනින් බිහි වෙච්චි සල්ලිකාර කඩකාර පරම්පරාව. නො ලිමිට් වගේ. ඊළඟට එනවා අධ්‍යාපනික පරම්පරාව. ඒ කියන්නේ රටේ මර්මස්ථාන අල්ලන පරම්පරාව. අන්තිමට එනවා දේශපාලක පරම්පරාව. උඹ කියන්නේ ඊජිප්තුවේ ඕක වුණේ නැතෙයි කියලද?

    මිනිස්සුන්ට ළමයි හදන්න තියෙන නිදහස නැති කරන්න බැරි කම වාසියට ගනිමින් කරන වයිරස ගණයේ ව්‍යාප්තියක් මේක. කෙටියෙන්ම කියනවා නම්. ඇවිත් බලපන්, කරුණු සහිතව මේ කියන්නේ: http://thahanamwachana.blogspot.com/

    ReplyDelete
  20. කාලීන මාතෘකාවක්. මූලික හරයත් එක්ක එකගයි. අපේ රටේ සිංහල ජන මනස තුළ මේ බොදු සංවිධාන කියන පිරිස් ඇති කරන මුස්ලිම් විරෝධය ඉතාම බරපතල ප්ර්තිඵල ඇති කරන්නක් වෙලා තියෙනවා. මෙතන සංවාදයට මම මෙන්න මේ දේවල් එකතු කරන්න අවශ්යපයි.
    1. ලංකාව සිංහල රටක් නොවේ. එය බහු වාර්ගික හා බහු ආගමික රටක්. මේක සිංහල - මුස්ලිම් රටක් නොවේ. සිංහල, දෙමළ හා මුස්ලිම් යන හැමෝගේම රට. ඒකයි ඇත්ත. මෙහි කමෙන්ට් කරන්නන් පහසුවෙන් දමිළ සාධකය අයින් කරලා තියෙනවා. තවමත් ලංකාවේ 2 වන ප්රතධානම ජන වර්ගය දමිළයන්.
    2. අපේ රටේ කාලයකට කලිනුත් මෙලෙසම දමිළ විරෝධයක් තිබ්බා. කළු ජූලිය, වසර 30 ක යුද්ධය තමයි ඒ දමිළ විරෝධයේ ප්රේතිඵල වුනේ. නැවතත් එවැනි තත්වයක් අවශ්යකද?
    3. බොදු බල, බොදුනුවන් වෙනුවෙන් කතා කරනවා විතරක් නෙමෙයි. ඉතාම පහත් ආකාරයෙන් මුස්ලිම්වරුන්ට හා ඔවුන් ගේ ආගමට පහර ගහනවා. සමහර වෙලාවට තියෙන දේවල් බලන්න පවා ජුගුප්සාජනක යි. මෙතෙන්දි මුස්ලිම් අයගේ හිත රිදෙන්නේ නැද්ද? අපි කැමති වුනත් නැතත් ඔවුන් මේ රටේ ඉන්නවා. අපි ඉස්සරහටත් ඔවුන් සමග සිටිය යුතුයි. මෙහෙම හැසිරුණාම අපිට ඉස්සරහට එහෙම හොදින් ඉන්න පුළුවන්ද? දන්න කියන නරක වචන ඔක්කොම ඉස්සරහට දාලා අඩුම ගා‍ණේ ප්රසශ්නයක් වත් විසදන්න පුළුවන් ද?
    4. ලංකාව සම්පත් සීමිත රටක්. මේ රටේ ජනගහණ පාලනයක් තිබිය යුතුයි (හැමෝගෙම). නැත්තම් අන්තිමට ලොකු ජනගහණයක් සම්පත් බෙදාගන්න ගිහින් ලොකු ව්යිසනයක් ඇති වෙනවා.
    5. ලංකාව තියෙන්නේ ඉන්දියානු උපමහද්වීපය තුළයි. ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට ඉතා වැදගත්. ඒකත් මතක තියා ගන්න.
    6. වසර 100 ක් කියන්නේ ගොඩක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ජනගහණය ගැන කෑ ගහලා බොරුවට රටේ මිනිස්සු බය කරන්න එපා. සාමාන්යස සිංහල මනුස්සයෙක්ගෙයි, සාමාන්යණ මුස්ලිම් මනුස්සයෙක් ගෙයි හොද හිත පළුදු කරන්න එපා.
    7. ලංකාවේ සි-මු ගැටුමකින් වැඩිම වාසි ගන්න පිරිස තමා ඊළාමි වාදීන්. බොදු බල වැනි සංවිධාන උදව් කරන්නේ ඔවුන්ටයි.
    8. මුළු ආසියාවම සෑහෙන වේගයකින් දියුණු වෙනවා. මැලේසියාව, ඉනිදුනීසියාව, කොරියාව පවා හිටියේ අපට පිටුපසින්. දැන් ඔවුන් කොහේද ? අප කොහේද? අපේ මිනිස්සු හිනා වෙච්ච තමිල්නාඩුව අපිට ඉදිරියෙන්. ඉන්දියාවේ දුප්පත්ම ප්රාුන්තය වෙන බිහාරයට දැන් ඉන්දියාවේ වැඩිම ආර්ථික සංවර්ධන වේගය තියෙනවා. කාම්බෝජය, වියට්නාමය පවා අපව පසු කරගෙන යයි. එහෙව් ලෝකයෙක අපි සදාකාලික හිගන රට වෙන්න ඕනිද?
    9. මුස්ලිම් කියන්නේ යක්කු නෙමෙයි. උනුත් අපි වගේම මිනිස්සු. දුක, ආදරය, වේදනාව අපි වගේම දන්න මිනිස්සු. මම ඕනෑ තරම් දැකලා තියෙනවා ප්ර ජාතන්ත්රිවාදී හා ප්රිචණඩත්වය පිටුදකින මුස්ලිම් අය. ඒ වගේම ඒකෙ අනිත් පැත්ත වන සිංහල අයත්. ඒනිසා බොරුවට මුස්ලිම් මිනිස්සුන්ව යක්කු කියලා පෙන්නන්න හදන්න එපා.
    අවසාන වශයෙන් කියන්න ඕනි, අපි ඉස්සරහට මුස්ලිම් මිනිහා එක්කත් ඉන්න ඕනි. ඒ නිසා ප්ර්ශ්න ඇති කර ගන්න හදන්න එපා. අපි දැන් කරන්න ඕනි මුස්ලිම් මිනිහා එක්ක ප්රඉශ්න හදාගන්න එක නෙමෙයි. දෙමළ මිනිසාට සාමයේ දෑත් දිගු කරන එක.

    ReplyDelete
  21. හැබැයි උඹට තේරෙන්නේ කවද හරි උඹ තම්බින්ගේ ජංගි හෝදද්දී. එතකොට හිතෙයි සුද්දොන්ගේ ජංගි මීට වඩා කොච්චර හොඳද කියල

    ReplyDelete
    Replies
    1. muta therenne naha ban, mun hithanne anduwen thama okkoma tika patan gaththe kiyala. mu real buruwek yako jathiyata adaren inna un tika mewwa patan gaththe Ponwar Amanathungage video eken passe. Mu e kale ithin e video eka dakalath nathuawa athi ayi mun ewwa balanne nahane walak adala hena pora talk denawa misak. e video eka tags dala thibbe bauddha deshana hoyana unta ahuwenda, ekiyanne agama wikurthi karanda.

      Anika mu liyala thiyena gon part eken therenawa. Mu me loke ekek neme kiyala. Suddo kalu unwa palanaya kale , ekale kalu unwa aduwen salakapu hinda hama sudu ekama. muta therum karanda one suddo karapuwa sinhala unta karanda baha kiyala. ewwa karanndanam ekale idanma jara wada karala thiyenda one.

      me mona wal ponnayek da ban meka liyala thiyenne. me wage meloke nathi gon part thama denne mun hambayanta kiyala aran awith. munta thiyena lokuma awula thama munge adurana hambayo tika tharaha wena eka. me wage talk dena hama ekama wage ekka bebaddek naththam kello ekka fun ekata yalu wena apacharakayek.

      Delete
  22. ඇත්තෙන්ම බොදු බල සේනා වගේ ඒවා සාමාන්‍ය අයට කරන්න බෑ.ඒක ඕනම කෙනෙකුට තේරෙනවා.පොලීසිය දක්වන හැසිරීමේ ඉදලා ඒ අයගෙ ප්‍රකාශ හා ක්‍රියාකාරීතවය දෙස බලන කොට ඒක පේනවා..ඇත්තටම මේකෙ ඇත්ත අරමුණත් රටේ ප්‍රශ්න අමතක කිරීම තමයි
    නමුත් ජාතිකත්වය විවේචනය කරන සාමවාදී බලවේග කොටින් කරන සියලු අපරාධ අනුමත කරමින් ඊලම වෙනුවෙන් පෙනී හිටපු හැටි අපට මතකයි.අදටත් ජිනීවා ප්‍රශ්න ගේන්නෙ ඊලමට එරෙහිව මේ රජය කළ සටන නිසා ඇති වෛරයෙන්
    රට ජාතිය ගැන කතා කරල හැදිච්ච අය ඉන්නව.ඒ අය හැමවෙලාවේ විජාතික බලවේග කිය කිය වචන උඩප්පරන් ගහනකොට අපි හරක් කියල හිතල ගොන් පාට් දානව වගේ හැගෙන කොට තරහත් එනව
    හැබැයි රටේ හුග දෙනෙක් රජයට සහාය දෙන්නෙ මේ යථාර්ථය දැනගෙන.ඒකයි ඇත්ත

    ReplyDelete
  23. බෝම්බත් කෑවාට පස්සේ මේක ලියපු කෙනාගේ අදහස් වෙනස් වෙලාද දන්නේ නෑ ්්න් නේද

    ReplyDelete