Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි !!!




අන්න මනුස්ස ගෑනියෙක්...
ලොට තන් දෙක රෙදි අස්සෙන් වසාගෙන
දුවනවා හනිකට
මංගිහින් ගැලෙව්වා තදින්
ඇගේ ඇඳුම මහ පාර මැදදි...
මේ මොන විකාරයක්ද..කෝමද පොඩිඋං කිරි බොන්නෙ..


මගේ මනුස්ස සෙටිංග්ස්
හෝමෝ සේපියන්ස් සේපියන්ස් ලා
ආපු කාලෙටම ෆැක්ටරි රිසෙට් වෙලා
ඇඳුම්...අලුත් බඩු හැමදේම මට අලුත්..

අහෝ මා සේපියන්ස් සේපියන්ස් විත් පිස්සෙක් වූ සැටි.
ඇයි මේ මිනිස්සු රෙදි අඳින්නේ..
ඇයි මුං තමුංට කන්න බොන්න ඕනි දේවල් විතරක් නොකර
තව දාහාක් දේවල් වටකරගන්න හදන්නේ...

කෝ මගේ ගල්ගුහාව...
කෝ මගේ කෝමල ගෑනි...වහන් නැතුව ඇරං ඉන්න
කෝ මගේ ගල් ආයුධ කෑලි...ටික...
මෙන්න බොලේ මංකාපු අමුමස් වතුර දාල තම්බලත් එක්ක..
මුං මට දෙනවා කන්න...

මට පිස්සු වගේ ඕයි . .

වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!

10 comments:

  1. දැන් නම් ඔලුව කුරුවල් ඕයි...........

    ReplyDelete
  2. වැඩේ නැගලම යනවා

    ReplyDelete
  3. පිස්සු වගේ තමා.... අඹ ගහ යටත් පිස්සු, මෙතනත් පිස්සු....
    ම්...හැබැයි කාරණා දෙකක්.

    ReplyDelete
  4. හපොයි.. තවත් පිස්සෙක්...

    ReplyDelete
  5. උඹට නම් පිස්සු ඕයි....

    ReplyDelete
  6. පිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?

    (තනි පදයේ පිස්සු කවියකි)

    ReplyDelete
  7. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

    ReplyDelete
  8. එකෙංම පිස්සු තමා...

    ReplyDelete