Friday, October 3, 2014

ඇනල උන්නද? උනල ඇන්නද? 01 කොටස

කොහොමද බං අත?

දැන් හොඳයිද? උඹේ යාලුව හරියට අතගෑවද? නැත්තං කිහයං මං අතගාන්නං. තදට අතුල්ලන්න ඕන. මසල් කේස් වලට එහෙමයි.

නන්දෙ අයියා කියාගෙන යයි. නන්දෙ අයියා බිව්ව විට තරමක් දොඩමළු වෙයි. මේ බෝඩිං තට්ටුවේ කාමර අටකි. තැන් තැන්වල ඇටවූ කාඩ්බෝඩ් වලින් සහ බිත්ති වලින් ඒ කාමර වෙන්ව පවතී. කාමර අටෙන් 4කම පිරිස උයාගෙන කයි. ඒ අය අතර හොඳ අවබෝධයක් පවතී.

නන්දෙ අයියා බලන්නට ගෑනියෙක් ඉඳ හිට එයි. ඒ නෙලුම් යැ.

ඒ බෝඩිමේ සිටි මාද මිතුරාද ඇතුළු මුළු ගනන 13කි. කුඩා කාමර වලින් වෙන් වුවත් එකිනෙකා හා හොද අවබෝධයක් එය තුල විය. අපි කන්ඩායම් හතරක් උයාගෙන කෑවෙමු. නෙළුම් අක්කාද පැමිණි දිනක ඇයද උයයි. ඇය වැඩිපුර උයන නිසා ඇය ආ දිනට අපිට ද එලෝලුවක් රසට කන්නට ලැබෙයි. නෙළුම් අක්කා සහ නන්දෙ අයියා අතර ඇත්තේ කුමන සම්බන්ධයක් දැය් ඇත්තේ ප්‍රශ්ණාර්ථයකි.

නන්දෙ අයියා ප්‍රියමනාප අයෙකි. එමෙන්ම අයකුගේ හිත ඇදගන්නා ගතිගුණ වලින් හෙබිය. උස මහත රූපකායක් තිබුනත් නන්දෙ අයියා බොහෝ ඉක්මනින් ෆිට් වෙන ජාතියේ එකෙකි. අනෙක් උන් කියන විදියට මෙම බෝඩිං සංකීර්ණයේ පැරණිම සාමාජිකයෙකි නන්දෙ අයියා. නන්දෙ අයියාට පමණක් ඇති අක්කා කෙනෙකු බෝඩිං කාමරයට එක්කරං ඒමේ වරප්‍රසාදය ඔහු පැරණි නිසාම ඇති වූවක් විය හැක.

මුල්කාලෙ මේ ගුබ්බෑයමට කවුරුත් ආවෙ නැහැ. මම ඇවිල්ල කාලයක් ගියාම අවුලක් නැති නිසා නෙළුම් එක්කරං ආව. නෙළුම් හැමදාම එන්නෙ නැහැ නේ. එයින් පස්සෙ ඇන්ටි මටත් කියල තමයි අනික් හැම පාටිෂන් එකක්ම ගැහුවෙ. දිනක් නන්දෙ අයියා බෝඩිමෙ ඉතිහාසය අවුස්සන එකෙකුට එසේ කිවුවා මට මතක ඇත.

නෙළුම් හා නන්දෙ අයියා අතර ඇත්තේ ලිංගිකමය සම්බන්ධතාවකැයි අපි සිතමු. නිවාඩු දිනවල ඔවුන් ඇතැම් විට ඇවිදින්නට යති. ඔවුන් එසේ පාරේ ජෝඩුවක් පරිදි ඇතැම් විට ඇවිදිනවා කිහිප දෙනෙක්ම දැකලාද තිබේ. නමුත් ඒ ජෝඩුවක් නම් ඇයි හැමදාම ඒ දෙන්න හැමදාම එකට ඉන් නැත්තෙ? ඒවට හේතු දන්නෙ උඩ ඉන්න දෙයියොම තමයි.

ඇය මේ නන්දෙ අය්යාගේ කාමරයට රිංගන දිනවල බෝඩිමේ සද්දෙට රේඩියෝ කැසට් චිත්‍රපටි දාගෙන බලන උන් සද්දෙ අඩුකරයි. එහි එක් අරමුණක් නම් අමුත්තියට සැලකීමය. අනෙක් අරමුණ විය හැක්කේ උන් දෙන්නා කතාබහ කරන දෑ ඇසීමයි. ලෑල්ලකින් චීෆ් බෝඩ් එකකින් වට වී ඇති මේ කුඩා කාමරවලට අනෙක් කාමරයේ වලි ඇසෙයි.

මේ දෙදෙනා එකතුවෙන බොහෝ දිනවල ඔවුන් දෙදෙනා අතර මත ගැටුම් ඇතිවේ. නෙළුම් ඔයා කිව්වට මට බැහැ ඔය ලපටි මන්තිරිය ගාව දෙකට නැවෙන්න. මම රස්සාවක් කරනවා ඒක මට ඇති. ඔයාට වගේ හද අල්ලන්න ඕන නැහැ මට..නන්දෙ කියයි.

ඔව් ඉතිං කූඩැල්ල කොහොමද මෙට්ටෙ තියෙන්නෙ? ඔය කියන ලොකුකම් ලපටි මන්ත්‍රිෙග නැහැ. ඒ ඉන්න උන් තමයි මන්ත්‍රිට වැඩිය ලොකු. ඔ්‍ය තරං මහන්සි වෙන්නෙ නැතුව ගානක් හොයාගත හැකි රස්සාව. මම කිව්වොත් මන්ත්‍රිතුමා අහක දාන එකක් නැහැ. නෙළුම් අක්කා කියයි.

දැන් ඕ කතාව නවත්තමු නෙළුම්. ඔයා හැමදාම මට ඉන්න විදියට ඉන්න දෙන් නැහැ නේ..මං ආස මේ රස්සාවට. මගේ ගෑණිට ලමයිට කන්න දෙන්න මේක ඇති. මට ලොකු වෙන් ඕන නහැ.. අනේ මන්ද නෙළුම්..අපි රන්ඩු නොවී ඉමුකො.. නන්දෙ අයියා ඇය අස්වසයි..

ඔවුවිතින්. ඔයාට ගෙදර ගිහින් මාසෙට දවසක් හිටියම මෛහ මාසයක් හිටපු ඒව මතක නැතිවෙනව නේ. මං දන්නව ඒක.. ඇය නිශ්ෂබ්ධ වෙයි.

ඉන් පසු ඔවුන් සිප වැලඳගන්නා කිස් කරන ශබ්ධයක් එතැයි අපි බලා සිටිමු. විශේෂයේන මා හොඳින් කන් දී සිටිමි. නමුත් එවැන්නක් වැරදිලාවත් ඇසෙන්නේ නැත.

ඇතැම් වැසි දිනෙක හීතල දිනෙක මේ බෝඩිමේ සිටින අය කාමර මාරු කරති. එවිට එක ජාතියේ සද්ද ඒ ඒ කාමර වලින් එයි. මා දිනක් රෑ එලි බහින්නට යන විට නන්දෙ අයියාගේ කාමරයෙන් එලියට ආවේ අලුතින් ටෙක් කෝස් එකකට පැමිණි කොල්ලෙකි. ඌ අමුතු එකෙක් වගේය. නමුත් උගේ ඇති අමුත්තකුත් නැත. හැන්ඩියා සේ ඇද පැළද පාරේ යන ඌ දුටුවිට මූ ගල්කාරයෙකැයි කිසිවෙකු සිතන්නේ නැත. ඇතැම්විට ඔහු එහෙමට ගල් කාරයෙක් නොවෙන්ටද ඇත. නමුත් මූ ගැන නම් හරි සැකය. ඌට කිසිවෙක් ඇගපත අතපත ගෑම ලොකු දෙයක් නොවේ. නානකාමරයට යන පෝලිමේ සිටින විට පවා ඇතැම් විට උගේ තැන් තැන්වලින් මිරිකීමට බෝඩිමේ අය පුරුදුව සිටිති. එය ඌ ප්‍රතික්ෂේප කර කුනුහබ්බ කියන්නට ආවත් එය උගේ විනෝදය විය හැක.

මුං සෙට් එක හොදට බීලා ගේ(Gay) ආතල් එකක් ගන්නවා ඇතිය. මා සහ මගේ මිතුරා සිටින කාමරයට උන් ඉව නොඅල්ලන්නේ අපිට ඒ පිරිමි පිරිමි ආතල් නොදිරවන උන් යැයි ඔවුන් සිතා සිටින බැවිනි. උගත්කමට විශේෂයෙන් සලකන ස්වභාවයක් ඇති මේ විවිධ රැකියා කරන බෝඩින් පිරිස විවිධ ඇප්ලිකේෂන් පිරවීම්, විවිධ පරිඝනක වැඩ ආදියට අපේ පිහිට පතයි. බෝඩිමේ ඇන්ටිද අපිට වඩා වැඩි සැලකිල්ලක් දක්වයි.

කෙසේ වුවද නෙළුම් අක්කා පැමිනෙන දිනවල ඒ කාමරයට කන් දීගෙන සිටි මට කිසිමටසැකකටයුතු යැයි සැලකිය හැකි සැලකිය යුතු සද්දයක් අසන්නට බැරි විය. ඊට වඩා බොහෝ සද්ද මුං බීගත් දිනවල වැසි දිනවල කාමරවලින් ඇසෙයි. ඒවා කිසිවෙකුට නෑසුනා වන්ව,කිසිවක් සිදු නොවුනා වන්ව උදෑසන නැගිට බාත්රූම් පෝලිමේ දත් මදිමින් සිටින අයුරු දුටුවිට ඒ අමුතු සද්ද ඇසුනු අපි දෙදෙනා පමණක් වෙනත් ලොවකින් පැමිණියාදැයි අපිට සිතේ.

නිවාඩු දවස්වල බෝඩිමේ ඉතිරි වන්නේ කිහිප දෙනෙක් පමණි. ඒ කිහිප දෙනාගේම ඉතිරි වී ඇති එලවලු ආදිය එකතුකොට අපි එදාට උයාගෙන කන්නෙමු. ඇතැම් විට ළග පොලට ගොස් කොස් පොලොස්, දෙල් ටිකක් රැගෙන එයි. විටෙක කකුල් බාගයක් රැගෙන ඇවිත් උයන්නට වෙයි. ඒ උයමනට නන්දෙ අයියා දක්ෂයෙකි. කාලයක් තිස්සේ තනිවම උයාපිහාගෙන ඔහුට හොද පළපුරුද්දක් ඇත.

මාගේ බෝඩින් දිවියේ රසට කෑම කන්නට ලැබුන කාලයක් නම් ඒ බෝඩිමේ සිටි කාලයයි. ප්‍රෙද්ශය නරක මුඩුක්කු පෙලකැයි යන හංවඩුව හැරෙන්නට මට ඒ බෝඩිම දමා එන්නට ලොකු හේතුවක් මට නොවීය. සාමාන්‍ය පුද්ගලයින්ගේ ව්‍යවහාරය අනුව ඒ බෝඩිම පිහිටි පෙදෙසෙ අපාය හා සම පැත්තකි. නමුත් මනුෂ්‍යත්වය අතින් ඇතැම් ලක්ෂණ වලින් ඒ බෝඩිම පිහිටි දුප්පතුන් පිරි පෝසතුන් අඩු කලාපය ඉදිරියෙන් විය.

අද දින නන්දෙ අයියා මදක් දොඩලමලු වෙන සෙයක් පේන්නේ. මටද පාඩමක සිට එපා වී එලියට ඇවිත් පත්තරය අතට ගත්තේය. නන්දෙ අයියලා ඇතැම් විට දොඩමලු වූ විට කියන කතා මෙ ්පත්තර වල තියෙන වැල් බයිලා වලට වඩා රසවත්ය. හොර මිනිහා සමග පැනගිය දෙදරු මවගේ විස්තරය තොරණක විස්තරය මෙන් පැණී දමා රසකර පත්තර කාරයා ලියා ඇත්තේ කුනු රසයට වැටුනු පාඨකයා වෙනුවෙන්ම විය යුතුය. නන්දෙ කතා කරන්නට ගති. මා පත්තර පසෙකට ලා එ් කතාවට එකතු වුනෙමි.
 

අහ් අතේ අමාරුව වුනත් ලේසියෙන් මග ඇරල බැහැ. අත හොල්ලන්නෙ නැතුව තියං ඉන්න එක තමයි මං හිතන්න වැඩියත්ම ඕනි කරන්නෙ. මල්ලි උඹ දන්නවද ඔය නෙළුම් අක්ක මට සෙට් වුනේ ඔය බේත් ගෑමක් නිසා තමයි. නන්දෙ අයියා කතාව පටන් ගත්තේ එසේය.

මං බැඳල ඒ දවස්වලත්. ලොකුම එකාට අවුරුදුදෙකක් විතර එතකොට.

කොළඹ ඇවිත් තනියම කාමරේක හිටයෙ මේ පාරෙම පොඩ්ඩක් අර 86 වත්තට කිට්ටුව පාරක. තනි කාමරේ. බලු බල්ලට නිදාගන්න බැහැ දාඩිය. කඩ කාමරේකට හදපු එකක්. මං බිම නිදාගත්තෙ. ඇදක් දාගත්තම තව රස්නෙ වැඩියි.

නෙළුම් රැස්පට් බඩුව. ඉස්සර හන්දියෙ වඩේ කරත්තෙ හිටියෙ උන්ගේ නෑදා වෙන බාප්පෙක්. බාප්ප කිව්වට ඉතිං ඌ මොකෙද්ද දන් නැහැ. හැබැයි ඒකිට ආරක්ෂාවක් තිබුන එතන.

ඉස්සර මං ඔය හන්දියෙන් බස්සෙකන් බැහැල එනකොට තියෙන වඩේ කරත්තෙන් වඩේ හරි මොනවහරි අරං බෝඩිමට එනකල් හප හප එනව. ඔයින් මෙයින් නෙළුම් ෆිට් වුනා.

ඇනපං කෝම හරි. ඕක බඩුව.නෙළුම ්ගැන යාලුවො කිව්වෙ එහෙමයි... ඒත් බං මං බැඳල නේ.

මට බැහැ කියල හිතුන.

අඩෝ බොරුසිල් ඕන නැහැ. තෝ එකපාරක් කතා කොරපං. ඒවි බං....සික් උඹනං..උඹට මාලුව තැම්බිලා ලුනු වැටිල පිඟානටම ඇවිත් උඹ කන්නෙ නැති හැටි. යාලුවො මට කෝචොක් කොරා ඒ විදියට. 

දෙවනි කොටස බලාන්ඩ මෙතනට යන්න. 

4 comments:

  1. මොකාටද මේ එන්නේ???

    ReplyDelete
  2. Nodakin thoge Kunu hitha.,! Kakkussiwaththe amila chathuranga.......!

    ReplyDelete
  3. //නමුත් මනුෂ්‍යත්වය අතින් ඇතැම් ලක්ෂණ //

    මේක නම් ඇත්තම කතාව. මමත් බොරැල්ලේ ඉන්න කාලේ මේක අත්වින්දා.

    ReplyDelete
  4. ෆොටෝ එකේ ඉන්න ඇන්ටිගේ අරව පේනවෝ :D :D :D

    ReplyDelete