Sunday, March 29, 2015

50 shades of grey මට පෙනුන හැටි

මුලින්ම 50 shades of grey බලන්න උන්නෙ හෝල් එකේ. නමුත් ඒ ෆිල්ම් එකේ තියෙන කෑලි කපලාය කියලා ආරංචි වුන නිසා මම ඒ ෆිල්්ම එක බාගෙනම බැලුවා. මේ ෆිල්ම් එක තියෙන්නෙ ධනවත් කඩවසම් තරුණයෙකුගේ පීඩාකාරී ලිංගික ආසාව සම්බන්ධයෙන්. 

ගොඩාරියක් සල්ලි තිෙයන පෝසත් කොල්ලක් ලොකු බිස්නොස් කීපයක්ම කරගෙන යනවා. ඒ කොල්ලට දුප්පත් කෙල්ලෙක් හමුවෙනවා.මේ කොල්ලාට ඕනි අර කෙල්ලට වේදනා කාරී විදියට වද දීල ලිංගික සතුට ලබන්න. ඒ ආකාරයෙන් ගෑනිට පීඩා කරල ලබන ලිංගික සතුට තමයි ඒ ධනවත් කොල්ලට හෙවත් ග්‍රේට අවශ්‍ය වෙන්නෙ. 

සල්ලිකාරයින්ගේ විනෝදය

සල්ලි ගොඩාරියක් ලැබුනාම සමාජයේ ඉහල තැනකට ගියාම බොහෝ බොහෝ සැප සම්පත් ආදිය ලැබෙනවා කියලා සල්ලි නැති බලය නැති සමාජ පිලිගැනීම නැති අය හිතාගෙන ඉන්නවා. නමුත් සැබෑව ටිකක් වෙනස්. බොහෝවිට මුදල්, බලය පිටිපස්සෙන් හඹායාම නිසා සමහර විට සමාජයේ ඉහලට යන පුද්ගලයින්ගේ පවුල් ජීවිත සහ පුද්ගලික ජීවිත අවුල් සහගත වෙනවා. පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ කියලා ගීතයකුත් තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. 

මම වැඩකරන කන්තෝරුව උදාහරණයට ගත්තත් ගොඩාරියක් මොලේවෙහෙසන වැඩ තියෙන මැනේජර මහත්වරු රාත්තිරි වෙනකල් වැඩ. නැත්තන් මීටින්. සමහර විටඒ මීටින් ඉවර වුනාම එයාලට යාලුවො කතා කරනවා බොන්න. එහෙම නැත්නම් විවිධ ආකාරයේ පාටි සෙට් වෙනවා. ඉතිංඒ මැනේජර මහතාගේ තත්වය අනුව මාසෙකට වතාවක් දෙකක් රට යන්නත් සිද්ද වෙනවා.ඒ පුද්ගලයාට මාලිගාවක් වගේ ගෙයක් හදාගන්න සල්ලිය බාගෙ තිබුනට ඒ වස්තුව දේපල පාවිච්චි කරන්න වෙලාවක්...පවුල සමග සතුටින් ඉන්න වෙලාවක් අඩුයි. 

ඒ වුනාට අපේ කන්තෝරුවෙම කම්කරු වගේ පහලම අය හවස පහ වෙනකල් ඇගිලි ගැන ගැන බලන් ඉදලා කන්තෝරු වැඩ එතනම තියලා ඉක්මනින් ගෙදර ගිහින් බිරින්දෑ එක්ක දරුමල්ලො එක්ක කාලය ගත කරනවා. වස්තුව දේපල සල්ලිය බාගෙ අතින් ගත්තොත් විසාල පරතරයක් මේ දෙගොල්ල අතර තියෙනවා. නමුත් අර වස්තු දේපල බලය ගොඩක් තියෙන මැනේජර මහත්තයාගේ ඔලුවට නිස්කලංකයක් නැහැ. හරියට පවුල එක්ක සතුටින් ඉන්න විවේක කාලයක් නැහැ. 

එහෙම වුනාම පවුල් ජීවිතය කියන එක දුරස් වෙනවා ඇති. ඒ නිසාම ඉන් පස්සෙ විවිධ ආකාරයෙන් සරීරය මුදලින් පිනවන්න ඒ මුදල් සහ බලය ඇති අය උත්සාහ ගන්නවා. 

පීඩාකාරී ලිංගික හැසිරීම්

සමහර අය ගේ කැමැත්තක් තියෙනවා එකිනෙකාට හිංසා කරමින් ලිංගික ව හැසිරෙන්න. සමහර විට එතරම් වේදනාවක් විදගෙන ඒ වැඩේ කරගෙන විනෝදයක් ලබනවාදත් කියලා හිතෙනවා. බටහිර රටවල යොවුන් වියේදී ම ලිංගික ජීවිතය හුරුවීම සාමාන්‍යයිලු. ඉතිං ඒ නිසා ඒ අය අවුරුදු විසි තිස් ගනන් වෙනකොට අර සාමාන්‍ය ලිංගික ජීවිතේ බෝරිං වෙලා විවිධ ආකාරයේ වෙනස් දේවල් වලට යොමුවෙනවාලු. ඒ විදියෙ ලිංගික ජීවිතේ අමුතු ආකාරයේ වේදනාකාරී විධික්‍රමයන් අනුගමනය කරන සෑහෙන පිරිසක් බටහිර රටවල දැන් දැන් අැතිවෙමින් පවතිනවාලු..



මම මේවා ලු ප්‍රත්‍යයෙන් කිව්වෙ මටත් ඒවා රට ගිහිපු යාලුවොන්ගෙන් ඇහිච්ච දේවල් නිසා. සමහර විට ලු දැම්මට එහෙම නොවෙන්නත් පුලුවනි.

ගෑනු සල්ලි වලට ගැනීම 

සල්ලි තියෙනං ගෑනු ගස් වල යන වදුරන්ටත් ආදරය කරාවිය කියලා මිනිස්සු අපහාසෙට කතා කරනවා. අපිට සල්ලි තියේනං ගෑනු කෙනෙක්ගේ භෞතික ශරීරයෙ ්තියෙන සතුට අපිට ගන්න පුලුවනි. බාගෙදා අසභ්‍ය චිත්‍රපට වල තියෙන මට්ටමේම කායික ලිංගික සතුටක් අපිට ලබාගන්න හැකියාව ලැබෙනවා. නමුත් අර කාන්තාවගෙන් ලැබෙන මානසික සතුටක් අපිට ලැෙබනවාද?ඒ කිව්වෙ ගෑනියෙක් සහ මිනිහෙක් අතර නිර්මාණය වෙන සොදුරු ආදරනීය බැදීමක් එතන ඇතිවෙනවද? නැහැ නෙව. සල්ලිවලට ගාන්ටාර ගහන්න දෙනවා වගේ ටිකක් ඔහෙ කරගන්න දුන්නට සැබෑවටම අර ස්ත්‍රිය සහ පුරුෂයා අතර අන්තර් සම්බන්ධයක් ඇතිවන්නෙ නැහැ. 

ස්ත්‍රින්ගේ ආදරය ලැබීම කියන්නෙ සල්ලි මතම රදාපවතින දෙයක් නෙමෙයි. ඒක සංකීර්ණයි. අපිට ඕනි අවශ්‍යතාවන් ටික ලයිස්තු ගත කරලා ඒ අනුව වාහනයක් හෝ පරිගනකයක් මිලදී ගන්නවාට වඩා වෙනස් ගෑනිෙයක් එක්ක සම්බන්ධ්යක් පටන් ගන්න එක. 

ගිවුසුම් ගහලා ආදරය කරන එක හිංදි චිත්‍රපට වලත් කොරියන් ටෙලිනාට්ටි වලත් දකින්න තිබුන පොදු මාතාකාවක්. නමුත් මේ ෆිල්ම්එකේදි ආදරය කිරීම කියන දේ ගිවිසුම් ගහන්නෙ ලිංගික ජීවිතයේ තියෙන ඉසව් එක්කමයි. ඒ ආකාරයෙන් ලිංගික සතුට අවශ්‍යයෙන්ම සපුරා ගත්තානං එතන ආදරයක් සම්බන්ධයක් ස්ථාවර බැදීමක් ඇතිවෙනවද? 

ආදරය ලිංගික ජීවිතය රේඛා වලින් ගිවිසුම් වලින් වෙන් කරලා නොගෑවෙන්න තියාගන්න පුලුවන් වේවිද? සැබැවින්ම එකිනෙකාට  කැපකිරීමෙන් තොර සතුට දුක කදුල බෙදාගන්නට අකමැති දරදඩු ආදරයක කෙළවර මොන වගේ වෙයිද?

මේ ෆිල්ම් එක තුල ලිංගික ජවනිකා රැසක් තිබෙනවා. දැනට තිබෙන කොපි බොහොමයක දැඩි ලෙස හිංසා ගෙනදෙන දර්ශන කපලා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නෙ. ඒවා යාන්තමින් හරි නැතුව ෆිල්ම් එක බලල වැඩක් නැහැ. ඒ වගේම මේ ෆිල්ම් එක පොතකින් හදපු ෆිල්ම් එකක්ලු. පොත කියෝපු අය කියන්නෙ නම් පොත තමයි හොද කියලා. 

http://www.imdb.com/title/tt2322441/

7 comments:

  1. පොතේ ත් ඇති හොඳක් නෑ. පොත් තුනේම ලිංගික දර්ශන බලෙන් ඔබ්බවල කියල හිතෙනවා. ටිකක් කියවන යද්දී කම්මැලියි. අන්තිම වෙද්දී නම් මම පිටු පැන පැන කියෙව්වේ අගට යන්න. ඒ නිසා ෆිල්ම් එක බලන්න හිතුනේ නෑ. ෆිල්ම් එකේ ට්‍රේලර් නම් දැක්ක. ඒත් අරන් තියෙන නළුවත් චරිතෙට ගැළපෙන්නේ නෑ වගේ කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි පොත සිරා මුල් හරිය විතරයි. ඇග්රිමන්ට් එක ගැහුවට පස්සේ බලන්න හිතෙන්නේ නෑ. මොකද ඔයාට වඩා එකේ ඔය ගනු කෙනාට කියන්න ඕන දේ අපි කියවල නිසා

      Delete
  2. පොත කියවූ දෙදෙනෙක්ම මට උපදෙස් දුන්නේ කියවන්න එපාය කියලයි.

    එක හේතුවක් අන්තිම කෂඩ මට්ටමේ භාෂාවකින් ලු ලියලා තියෙන්නේ. ඒ කියන්නේ නිකං බ්ලොග් ලියන භාෂාව වගේ. කොටින්ම මුද්‍රිත ඵොතකට තරම් නොවන භාෂාවක්.

    ReplyDelete
  3. උඹ වගේ අසහනකාරයෙක් ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ.....

    ReplyDelete
  4. චිත්‍රපටිය බලලම මේක කියවන්න ඕන...

    ReplyDelete
  5. සජ්ජ කියල තියෙනව වගේ පොත කියවලවත් ෆිල්ම් එක බලලවත් නැති නිසා මොකුත් කියන එක හරි නෑ කියල හිතෙනවා.. ඒත් 50 shades of grey කියන නමටනම් මං පට්ට ලයික්. :)

    ReplyDelete
  6. මේ කතාවෙන් කියවෙන්නේ වෙනස් දෙයක්. grey ළමා කාලයේ ලිංගික හිංසනයට ලක් වුනු කෙනෙක්. මනෝ විද්‍යාවට අනුව ඒහෙම අය පස්සේ ඒ විදියටම වධ දියා ලිංගිකව හැසිරෙන්න හුරු වෙනවා. ඒ වගේ කෙනෙක් සාමාන්‍ය කෙනෙක් විදියට අාදරය කරන්න ඉගෙන ගන්න උත්සාහ කරන අාකාරය මේ කතාවෙන් ලස්සනට පෙන්නනවා... දන්නේ නැති දෙවල් ගැන නොලියා හිටියා නම් හොදයි නේද.....

    ReplyDelete