Monday, April 27, 2015

කොඩියෙ පොන්නයන්ට තීරුවක් දාමු

අපේ රටේ කොඩි ගැටළුවක් මේ දවස්වල ජයට යනවා.. අපිට කොඩියක් ඕනි වුන වෙලාවක අපේ සැට් එක පට්ට වැඩක් කලා..සිංහලය සහ අභිමානය නියෝජනය වෙන්න සිංහයයි ඉතුරු ටිකයි අනිත් ජාතින් ටික නියෝජනය වෙන්න තව තීරු දෙකකුයි දැ්මමා. 
දැන් ඉතිං හරි..ඔක්කොම සතුටුයි..

එතකොට සිංහයාගේ අභිමානය හෝ මොකක් හරි එක මුස්ලිං අයට නැද්ද? දෙමල අයට සිංහයා අයිති නැද්ද? ඒක සිංහල අයට විතරයිද?

නිකමට හිතන්න තොටළග හන්දියේ පිහිටුවනවා තොටලග රිවර් ජම්පර්ස් කියලා ක්‍රීඩා සමාජයක්.. ඉතිං ඕකට දැන් ඉතිං ජාතින් තුනම නියෝජනය වෙන පිරිස් ඉන්නවා..තොටළඟ කියන්නෙ දෙමල සිංහල මුස්ලිම් ජාති නියෝජනය වෙන්න කොඩියක් හදන කොට ඒක මැදට පැනපු කාන්තා සංවිධානයක් ඒම බෑ ක්‍රීඩා සමාජයේ ගෑනුත් ඉන්නවා නේ... ගෑනු පිරිමි නියෝජනය වෙන්න ඕනි විදියට නිල් පාටයි රෝස පාටයි කොඩියට දාමු කිව්වා.. දැන් හරි..නිල් රෝස දාලා ලොවෙත් නැති කොඩියක් දැන් තොටළග රිවර් ජම්පර්ස් අය හැදුවා.. 

පට්ට සීන් එක නේ..ඊලග දවසෙ බැලින්නං තොටලග ඉන්න පොන්න සෙට් එක මානව හිමිකම් එක ගිහින්...තොටලග ජම්පර්ස් ක්‍රිඩා සමාජයට ඒ නපුංසක ජනතාවත් එන්න ආසයි..අපිත් තොටළග තමයි..ඒත් කොඩියෙ අපි වගේ නපුංසකයින්ට පාටක් නැහැ කියාල දැන් අර නපුංසක අය කියන්න ගත්තා. මොනා කරන්ද ඉතිං ඒ පාර කස්ටිය කතා වෙලා තොටලග රිවර් ජම්පර්ස් කොඩියට නිල් රෝස සහ දම් පාට එකතු කරලා පාට තුනේ කොඩියක් හැදුවා..හැබැයි අර නපුංසක සෙට් එක කුඩා නිසා ඒ තීරුව චූටියට තිව්වා.. 

ඇමරිකන් ජාතික කොඩිය හදද්දි ජනපදවල විශාලත්වය, බලපුලුවන්කාරකම, ජනගහනය සලකන්නෙ නැතුව හැම ප්‍රාන්තෙටම එකම තීරුවක්නියෝජනය වෙන්න බොහොමසරල එකක් හැදුවා.. 

ඒ වගේම බොහෝ රටවල ජාතික කොඩි කියන්නෙ සිම්බොල් එකක් විතරයි..එතනින් එහා ඒ කොඩිවල කෑල්ලෙන් කෑල්ලට විසේස අර්ථ නැහැ.. යම්කිසි සමස්ථ අර්ථයක් කොඩිය තුලින් නිරුපනය වෙනවා හැර ඒකෙන් කෑලි කඩලා අර්ථ හොයන්න අමාරුයි.. 

ජාතින් අනුව බෙදලා වැඩිපුර ඉන්න ජනතාවන්ට අනුව කොඩිය බෙදන්න ගියානම් තාමත් ඉන්දියන් කොඩිය හදනවා.. ඉන්දියාව බොහොම සරල විදියට තමුන්ගේ ජාතික කොඩිය හැදුවා..

රටක් නියෝජනය කරන සිම්බල් එකක් කියන්නෙ රටේම ජනතාව රටේ නම ඉදිරියෙන් පෙල ගැසෙන එක. එතනදි අර ජාතිය මේ ජාතිය කියලා ඒ සිම්බොල් එක බෙදලා කෑලි වෙන් කරන එක අමු ගොබ්බයි. 

සාමාන්‍යයෙන් ක්‍රිකට් කන්ඩායම ගැන කියද්දි අපි මුරලි දෙමල වාස් ක්‍රිස්තියානි, ජයසූරිය පාතරට වගේ දේවල් සලකන්නෙ නැහැ.. ඒ වගේ පටු දේවල් පැත්තකට දාලා රට කියන පොදු ඒකක විශාල කරගෙන අපි එතනදි සෙල්ලම් කරනවා.. 

ඒ වගේ රට නියෝජනය කරන්න මොනාහරි දෙයක් නිර්මාණය කරද්දි අර ජාති මේ ජාති කුල මල වෙනස්කම් සලකන්නෙ නැතුව හුදෙක් මුලු රටම නියෝජනය වෙන විදියෙ එකක් ඉදිරිපත් කරනවා නම් හොදයි.. නැත්තං අර සිංහ කොඩි කේස් එක වගේ ඉදිරිපත් කරලා අවුරුදු හැට ගානක් ගියත් තමුන්ගේ කෑලි ලොකුකරගෙන ජහමනයා මරාගන්ට හදාවි.. 

සිංහයා ලංකාවෙ ජීවත් වෙච්චි සතෙක් කියාල කිසිම සාධකයක් මම දන්න තරමින් නැහැ.. මහනුවර යුගයේදී සිංහයා කොඩි වලට එන්නෙ දකුණු ඉන්දීය නායක්කාර බලපෑම මත කියලා ප්‍රබල සාධකය සහිත මතයක් තියෙනවා.. සිංහයා සාමාන්‍යයෙන් ගොදුරු අල්ලන අවස්ථාවේදි හැර බොහෝවිට අලස සත්වයෙක්..අපේ ජාතිය සතු ප්‍රවේනික අලස ගතියට හරියන්න සිංහයා තේරුවද නැත්තං අලස සිංහයා ම ඇවිත් අපේ කොඩියට ඇවිත් පැන්නද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියොයි කොඩිය ඇන්ද සිත්තරයි විතරයි.. 
 

20 comments:

  1. ඔයාගේ ඇට දෙකද අර සිංහයාට හයිකරලා තියෙන්නේ

    ReplyDelete
  2. එකඟයි... එකෙම්ම.

    ඉහළ ඇනෝ කියනකම්ම ඒක දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මං නං පළවෙනියට ම දැක්කේ ඒක

      Delete
  3. මහනුවර යුගයෙ විතරක් නොවෙයි බොහෝ ප්‍රාදේශීය කොඩිවලත් සිංහය තියනවා. දඹදෙනි යුගයෙන් පසු සියළුම වැදගත් ලාංජනවල සිංහයා තියනවා

    ReplyDelete
  4. //ඒ වගේම බොහෝ රටවල ජාතික කොඩි කියන්නෙ සිම්බොල් එකක් විතරයි..එතනින් එහා ඒ කොඩිවල කෑල්ලෙන් කෑල්ලට විසේස අර්ථ නැහැ.. යම්කිසි සමස්ථ අර්ථයක් කොඩිය තුලින් නිරුපනය වෙනවා හැර ඒකෙන් කෑලි කඩලා අර්ථ හොයන්න අමාරුයි.. //

    අපි වෙනස් කියන්නෙ ඕකනෙ බං. කොහොම උනත් අපේ කොඩිය නිර්මානය කරද්දි තමයි වරද්දගෙන තියෙන්නෙ. සිංහය සිංහල නියෝජනය වෙද්දි අනෙක් ජාතීන්ට කොටස් වෙන් වෙද්දි ඉබේම ඇතිවන තත්වයක් ඕක. සිංහල දෙමල මුස්ලිම් භේදයකින් තොරව මෙන්න ලංකාව කියල හැදුවෙ නැති එකේ වරද තමයි ඉතිං. මම නං කියන්නෙ කටුස්ස වගේ නිර් ජාතික නිර් ආගමික සතෙක් දාගත්ත නං හරි.(සතෙක් ඕනම නං)

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ අම්මගේ හත්ත දාමු. සියලුම ජාතින් නියෝජනය වෙන්න

      Delete
    2. අම්මගේ ***ත සියලුම ජාතීන්ට සහ සත්වයන්ට පොදු නිසා එය හොඳයි. උබලගේ අම්මගේ ඔය කියන අවයවය අනිත් අම්මලට වඩා වෙනස් එකක්ද?

      Rider

      Delete
  5. සිංහය නැතුව ගෙම්ඹෙක් දාල අළුත් එකක් හදමුද? හැම එකටම බක බක ගාන්නයි එහාට මෙහාට පනින්නයි ඇර වෙන විශේෂ වැඩක් නෑනේඅ ලාංකිකයින්ට.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔයාට ගැලපෙනවා. තව බල්ලෙක් හෝ ඔයාලගේ තාත්තගේ පින්තුරේ දාමු

      Delete
    2. හා... තැන්කූ යෝජනාවට

      Delete
  6. ලංකාවෙ සිංහයා ජීවත්වෙලා තියෙන්නෙ ප්‍රාග් අයිතිහාසික යුගයේ. අයිතිහාසික කාලවල සිංහයා ජීවත්වෙලා නෑ.
    සිංහල සිංහයා හා LTTE කොටියා ( ව්‍යාඝ්‍රයා - Tiger ) දෙන්නම අයිතිහාසික කාලවල ලංකාවෙ නොසිටිය සත්තු.

    ReplyDelete
  7. ජාතික කොඩියේ ජාතින් නිරුපනය කියන්නේ එකෙත් තියෙන්නේ බෙදී සිටන බව. ජාතික කොඩිය හදපු දවසේ ඉඳලා වැඩ වරද්දාගෙන

    ReplyDelete
  8. සිංහයෝ අපේ රටේ හිතිඅ නැති එක ඇත්ත. ඒ උනත් දකුණු ඉන්දියානු බලපෑම මත සිංහ ලාංචනය අපේ කොඩියට ආවා කියන එක පිළිගන්න බැහැ.ඊට බොහෝ කලකට කලින් ඉඳල සිංහයා අපේ කොඩියේ හිටියා. ගැමුණු රජු යුද්ධයට අරගෙන ගියේ මේ කොඩියයි. සිංහලයන් සහ ශාක්‍යයන් අතර නාඩා සබඳකම බොහෝ දෙනා දන්නවා ඇතිනෙ. භද්‍ර කච්චායනා කුමරිය ශාක්‍ය කුමරියක් බව කාටත් අමතක වෙලා. මම අසා තිබෙන අන්දමට ශාක්‍යයන් ගල්ගුහා වල හිටපු අවධියේ ඔවුන්ගේ ලාංචනය ලෙස ගල්ගුහා වල ඇඳ තිබුණේ සිංහ ලාංචනය .ඒ උරුමය දිගින් දිගටම පැමිණ ශාක්‍යන්ගේ නැදැ කමක් අදහන මුල් සිංහලයෝ සිංහ ලාංචනය අරගෙන තියෙනවා.
    වැදගත් කරුණ වන්නේ සිංහල ජාතිය සිව් හෙලයන් සහ විජයගේ පිරිසෙන් ඉතුරුවූ අයවලුගෙන් තැනුණු මිශ්‍ර ජාතියක් වීමයි. මේක එක ජාතියකට පමණක් අයිති කොඩියක් නෙමෙයි. අපේ අටේ පළමු නිදහස් දීනයේදීද එසවූයේ රන්වන් පාට පසුබිම මත සිටි කඩුවක් අතින් ගත් සතර කොනේ බෝ පත් 4 කින් යුත් කොඩියයි. මේ කොඩියට පසු කාලයේදී තීරු දෙකක් එකතු කිරීමේ පාපය කලේ jr සුළු ජාතීන්ගේ උඩ ගෙඩිදීම මත මොලය කොලොප්පන් කරගත් ලොක්කා සහ බන්ඩාරනායකයි . මේ බෙදීම නිසා සිංහයා සුළු ජාතීන්ට එරෙහිව අවි අමෝරා ඉන්නා බවත්,කොදියේදී තමන්ට තිබෙන නියෝජනය මදි බව කියා නොයෙක් ප්‍රශ්න ඇති උනා. මේ සියල්ලටම හේතුව දේශපාලකයන් තම චණ්ඩ ගොඩ වැඩි කිරීම ගැනම සිතන පටු ආකල්පයෙන් යුක්තව කටයුතු කිරීමයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ///සිංහලයන් සහ ශාක්‍යයන් අතර නාඩා සබඳකම බොහෝ දෙනා දන්නවා ඇතිනෙ?/// දන්නවා දන්නවා, ඇයි නොදන්නේ? මහින්ද රාජපක්ෂ උතුමයි බුදු හාමුදුරුවොයි නෑයෝ නේ.

      Rider

      Delete
    2. @Rider,
      අන් අයගේ අදහස් ගැන මතයක් පල කිරීමට පෙර රටේ අනන්‍යතාවය ගැන අදාළ විස්තර සොයා කියවිය යුතුය.විජයාගමනයේ මල් අවධියේ සිට අපේ රට හා ශාක්‍යයන් අතර නැදැ සබඳතා තිබී ඇත.අශෝක අධිරාජයාගේ එක් බිරියක් ශාක්‍ය කුමරියකි. වෙදිසා දේවිය නම්වූ ඇය මහා මිහිඳු හිමියන්ගේ සහ සංඝමිත්‍රා මෙහෙනින් වහන්සේගේ මෑණියන්ය.අශෝක රජු තම දරුවන්ට සහ මුණුබුරාට රැකවරණය සැලසුවේ අපේ රටේය. මුල් අවධියේ පටන්ම සිංහලයෝ ශාක්‍යයන් සමග නැදැ සම්බන්දතා පවත්ව්මට කැමතිවු බව ඓතිසාසික තොරතුරු සහ ජනප්‍රවාද විස්තර කරයි . ඔබ මේ රටේ සිදුවන හැම සිද්ධියක්ම දේශපාලන කෝණයෙන් බැලීමේ පුරුද්දෙන් මිදුනොත් හොඳයි.නැත්නම් ඒක ඔබේ පිරිහීමට හේතුවක් වේවි.

      සමරසේකර

      Delete
    3. @සමරසේකර

      ///අශෝක අධිරාජයාගේ එක් බිරියක් ශාක්‍ය කුමරියකි. වෙදිසා දේවිය නම්වූ ඇය මහා මිහිඳු හිමියන්ගේ සහ සංඝමිත්‍රා මෙහෙනින් වහන්සේගේ මෑණියන්ය.අශෝක රජු තම දරුවන්ට සහ මුණුබුරාට රැකවරණය සැලසුවේ අපේ රටේය.///

      දැන් එතකොට මිහිඳු හිමිට දාව උපන් අය ලංකාවේ ඉන්නවද? සංඝමිත්තා මෙහෙනින් වහන්සේගේ දරුවෝ ලංකාවේ ඉන්නවද?

      ///සිංහලයන් සහ ශාක්‍යයන් අතර නාඩා සබඳකම බොහෝ දෙනා දන්නවා ඇතිනෙ?/// කියල කියපු නිසයි අහන්නේ.

      ///මුල් අවධියේ පටන්ම සිංහලයෝ ශාක්‍යයන් සමග නැදැ සම්බන්දතා පවත්ව්මට කැමතිවු බව ඓතිසාසික තොරතුරු සහ ජනප්‍රවාද විස්තර කරයි///

      කැමැත්තෙන් හිටිය කියන්නේ නෑයෝ නෙමේ නේද :-) ? අනික කැමැත්තෙන් හිටිය කියල කියන්නේ මොන පදනමකින්ද? කවුරු හරි කිවුවද?

      Rider

      Delete
    4. @Rider,
      Rider, මා ප්‍රතිපත්තියක් ලෙස Anonymous ලාට උත්තර නොදෙතත් ඔබේ නම පහලින් ලියා ඇති නිසයි උත්තරය ලියන්නේ. සංඝමිත්තා හෙරණිය ගිහි කලදී ලද දරුවාද සමගින් තමයි ලංකාවට ආවේ.සුමන සාමනේර නමින් ඉතිහාසයේ සඳහන්වී ඇත්තේ ඒ හාමුදුරුවෝය. තෙරණින් වහන්සේලා සහ හාමුදුරුවරු විවාහ නොවන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.
      බුදුන් වහන්සේ ශාක්‍ය වංශයෙන් බිහිවූ විශිෂ්ඨතම පුද්ගලයා උවත් සියලු ශාක්‍යයෝ එවැනි විශිෂ්ඨයෝ නොවෙති.එහෙත් ඔවුන් (ගන රාජ්‍ය වැස්සෝය)සමුහාන්ඩු වාදින්ය. තම ගණයට අයත් නොවන කිසිවෙකුට නොසලකිමට ත‍රම් උද්දච්චවුහ.රණකාමිවුහ අහන්කාරවුහ. මුලින්ම තම විරුද්ධවාදීන්ට අනුකම්පා විරහිතව පහරදී විනාශ කළහ. මේ නිසා ඉන්දියාවේ අනෙකුත් රජවරු එකතුවී ශාක්‍යයන් සමුලඝාතනය කළහ. ඉතිරිවූ ශාක්‍යයෝ කඳුකරයට ගොස් අප්‍රසිද්ධියේ ජීවත්වීමට පටන් ගත්හ.
      ගනයක්වූ ශාක්‍ය දේශයේ සියල්ලෝම රජවරුය. රටේ පාලනයට සියලුම දෙනාම
      ඍජුවවම සම්බන්ධයවී සිටියහ.සියල්ලෝම වැසියෝය. රජු පවා ගොවිතැන් කළේය. මා මේ සියල්ල ඔබට කෙටියෙන් දැක්වුයේ පණ්ඩුකාභය රජු බිහිකළ සිංහලේද තිබුණේ ගන රජයක් නිසාය.එකල ඔවුන්ට ආදර්ශයක් ගැනීමට ඉන්දියාවේ තිබුන ගන රාජ්‍ය අතරින් ඔවුන් වඩාත් කැමතිවුයේ ශාක්‍ය ගන රාජ්යටය. එබැවින් ඔවුන් මුල සිටම ශාක්‍ය වංශිකයන් සමග නැ සබඳතා ඇති කර ගැනීමට උනන්දු වෙති.ඔබට තවත් විස්තර උවමනා නම් කරුණාකර පොත්පත් කියවීමට හුරුවන්න.

      සමරසේකර

      Delete
  9. රටේ ජනතාවගේ ඒකමුතුවේ සංකේතයම අද බෙදීමට හේතු වෙලා....... කොඩිය ඉවත් කරලාම දැම්මානම් හරි................

    ReplyDelete
  10. එතකොට අර බියර් කොම්පැණිය - අපි සිංහ වශයෙ ඔබ ? - කියල කිව්වේ හිවල්ලු ටිකකට සිංහ හම පොරවලා බිස්නස් එක වැඩි කරන්නයි නේද? හම් හම් ..... අයිති නැති සිංහයව කාට හරි දෙමු අප්පා

    ReplyDelete
  11. ජාතිය ගැන කැක්කුමක් නැත්නම් වැලලියන් පරයො

    ReplyDelete