Wednesday, June 24, 2015

ජොලි ජීවිතං 2

2 වන කොටස (වැඩිහිටියන්ට වඩා සුදුසු කතාන්දරයකි.) 2529 words
 
සාගර සහ මලිත් මිතුරන් වීය. නමුත් ඔවුන් දෙදෙනා ගතිපැවතුම් වලින් වෙනස්ය. බොහෝ කාලයක් පාසලේත් ඉන් පසුවත් එකටම කාලය ගත කල නිසා ඔවුන් දෙදෙනාම හොදින් එකිනෙකා ගැන දැනගත්තෝය.. සාගර මලිත්ට වඩා උගතෙකි..මලිත් උගතෙක් නොවී යැයි කිය නොහැකි මුත් මලිත් යම් යම් දේ ලබාගන්නට එතරම් වැර වෑයම් නොකරයි..
දෙදෙනාම එකට ඉගෙනගත් නිසා හමුවන උපාදි සහතිකයක් පමණක් මලිත්ට ඇත. සාගර එතනින් එහා ගොස් පුළුල් පරාසයක සහතික රැසක බුද්ධිමත් අයෙකි. ඔහු සමාජයේ පිළිගැනීමක් ඇත්තෙක් වෙන්නට වැර වෑයම් කරයි. 

මලියා.. උඹ කොළඹ ආවට අපේ පැත්තෙ එන්නෙ වත් නෑනෙ.. උඹ බියර් එකක් ගහන්න එක්කරං එන්නත් ඕනි අපි..උඹට නිකමට හිතෙන් නෑනෙ පරණ යාලුවො හෙම බලන්න ඕන් කියලා..කොටින්ම එක කම්පැනියෙ වුනත් උඹේ තියෙන්නෙ මාර කැටයම් නේ.. සාගර කියන්නට විය..
සාගර..උඹ ලොක්කෙක් නේ .. ඉතිං ඒ ඇරත් බං..දැන් උඹල පවුල් වෙච්චි මිනිස්සු මං වගේ තනි පිංගුත්තරයින්ට වඩා උඹලට වැඩ ඇතිනේ.... මං උඹගැන හිතුව..ඒත් ආයිත් හිතුනා උඹ බිසි ඇති කියලා.. අනික උඹව බීල කනමදය වගේ ගෙදර උස්සන් ගියාම උඹගේ වයිෆ් හිතන්නෙ මම පොඩි එකාට බෙහෙත් පොවන්න වගේ උඹව පෙරලගෙන අරක්කු බොන්න දීළ කියලා...
මලිත් කියන්නට විය..
ඇයි වයිෆ් උඹට මොනාහරි කිව්වද? සාගර අසන්නට විය.
නෑ නෑ බං..එහෙම කියන් නෑ..ඒත් උඹව බීළ එක්කං ගියාම එයාගේ කතාබහ වැඩිය හොද නෑ..සමාරවිට ගෑනිට දුක ඇති..
මලිත් ඒ ගොනුව වසාලන්නට උත්සාහ කලේය.
ඔවුන් දෙදෙනා අතර ඉගෙනගන්නා කාලය..කන්තෝරුවේ පහල නිලයකට වී මලිත් නිකම් සිටීම...සාගර ඉහලට ගියත් ඔහුට අති පස්න..ආදිය ගැන කතා ඇතිවිය ..නමුත් අපිට අවශ්‍ය වන්නේ කතාවේ මැද හරියේ ඇති වූ කොටස් කිහිපයක් පමණි.
මලියා..දැන් උඹව බදුල්ලෙ යැව්වෙ උඹයි සන්ධ්‍යයි අතර පලහිලව්ව නිසා නේ..බං..
ඕක හංගන්න දෙයක් නෑනෙ.. බොසාට ආරංචි වෙලා බොසා ගනන් ගන් නැතුව ඉදලා..ඒත් බොසාට කේලං කියන උන් එක එක විකාර ඇඩ් කරලා කියල තියෙන්නෙ..ඇරත් බොලා දෙන්න නිකං ලගදි බැන්ද කපල් එක වගේ තැන් තැන්වල කාර් එකේ ජෝඩු දාන් යනකොට...
මොන මිනිහටද බං ඉවසන්න පුලුවන්..
උඹ බොහොම වැරදි මලිය.. උඹට තිබුනෙ බොසා ගැනවත ්හිතල..ඕක ගැන හිත අහක් කරගන්න..බොසා මචං කොච්චර වුනත් රත්තරං මිනිහ නේ.. අපිට ලොකු සැලකිල්ලක් නැති වුනත් අපිට එහෙමට වෙන තැන්වල වගේ කැපිල්ලක් නෑනෙ ..හිත හොද මිනිහ නේ..අපිට ඌ නිසා එලවන්ස් එකකුත් ලැබුන නේ.. අනික උඹ කලි ං අර ඇක්සිඩන්ට ්වෙල හිටපු කාලෙ උඹෙ ලීව් ටික පවා බොසා සේප් කරල දෙන්න හැදුව නේ..
එහෙව් බොසාගේ ගෑනි අරං උඹ රට වටේ යනවා. අනේ මන්දා මලිය මට නම් උඹව පේන්නෙ වැරදි කාරයෙක් විදියට..
සාගර කියවාගෙන යන්නට විය..
ඔවු සාගර හරි සාගර..ඒක ඇත්ත තමයි..මටත් ඕව නිච්චියක් නෑනෙ.. මලිත් ඔලුව වනමින් පිලිතුරු දුන්නේය.
මලිය උඹ ආපු කාලෙ ඉදන් කොයි තරං වැඩ කලාද ඔෆිස් එකේ..කලා වැඩ..තරග තියෙන ඒවා.. ට්‍රිප් ඕගනසියිස්..හැම එකාම උඹ ගැන ලොකු ගරුත්වයකින් හිටියෙ..ඒත් උඹ අවසානෙට කරපු වැඩෙන් මිනිස්සු අතර උඹ පිරිහුනා.. තැන ඉබේම නැතිවුනා වගේ වුනා.. ඉස්සර අර කෙල්ලො සෙට් එක..අර අලුතින් ආපු ට්‍රේනිස්ල පවා උඹව මහා ලොකු එකෙක් ගානට හිතාන හිටියෙ.. දැන් ඒම වැඩ ඕගනයිස් කරන්න බර අදින්න මොකෙක්වත් ඇත්තෙ නෑ..ඉදලා හිටලා ටිපක් යන්න සටේ වුනත් වැඩක් ඔගනයිස් කරගන්න මොකෙක් වත් නෑ..ලගදි පොලිස් කේස් එකක් ඇවිත්.. ඒක මැනේජ් කරගන්න එකෙක් නෑනෙ බං ඔෆිස් එකේ.. අපරාදෙ උම අපේ බ්‍රාන්ච් එකෙන් ගියෙ.. 
උඹට තිබන එච්චර පිලිගැනීම උඹ අර මල හෝන්තුව නිසා නැතිකරගත්ත.. එහෙම මචං තමුන් රැස්කරගත්ත පර්සනල්ටි එක නිකං හෝදගෙන යන්න දෙන එක මෝඩ වැඩක් මචං..සිරාවටම..අපි හම්බකරන්නෙ සල්ලි ම නෙමෙයි කියල නේ උඹත් කියන්නෙ.. ඒත් උඹ හම්බකරගනිපු මිනිස්සු ඔක්කොගෙන්ම උඹට එක එක නරක නාම අහන්න වුනා ඔය සන්ධ්‍යත් එක්ක පලහිලව්ව පටන් ගත්තයින් පස්සෙ..
සාගර බිව්ව එකෙකු ලෙසින් කියවයි..ලෙසින් නොව ඔහු බෙිමින් සිටියි..ඔහුට මලිත් ගැන අනුකම්පාවක් ඇති බවක් පෙනේ..
ඔවු සාගර හරි සාගර..ඒක ඇත්ත තමයි..මටත් ඕව නිච්චියක් නෑනෙ.. මලිත් ඔලුව වනමින් පිලිතුරු දුන්නේය.
නිච්චියක් නෑ උඹ බබා.. දැන් බලහං මට පහුගිය දවසෙ උඹලයි අම්ම හම්බෙලා මං උඹ ගැන ඇහුව..බදුල්ලෙ ගියා.. එහෙ ගිය එක හොදයි..නැත්තං අර සකරවට්ටමක් එක්ක තැන තැන ගිහින් පවුලෙ නමත් කැතකරනවා කියල ඒ මනුස්සය කිව්ව. මට හදිසි වැඩකට යන ගමන් හිටියෙ.. මං පස්සෙ උඹලයි ගෙදර ගියා..අම්මයි තාත්තයි උඹේ ඔය වැඩෙ නිසා හරිම අප්සට් එකෙන් ඉන්නෙ.බදුල්ලෙ ගියාමවත් අරක පස්සෙන් යන එක ඇරෙයි කියලා තමයි ඒ කට්ටිය හිතං ඉන්නෙ.. නංගිත් කිව්ව..එයාගේ යාලුවොත් අයිය ගැන කියල විහිලු කරනවලු..
උඹ ට මේව ඇත්තටම තේරෙන් නැද්ද මලිත්..ජීවත් වෙනව කියන්නෙ තනියෙන් බුම්මගෙන පැත්තකට වෙලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..උඹ බැදපන්..මං කියන්නෙ ඔය සන්ධ්‍යා මල මගුලට ඕනි කුදයක් ගහගන්න කියල උඹ බැදපන්.. සාගර කියන්නට විය..
සාගර උඹ හරි.. ගෙදර කට්ටියත් අප්සට් එකෙන් තමයි ඉන්නෙ..මලිත් යම් දෙයක් සිතට ගත්තාක් වැනිව උත්තර දෙන්නට විය.. 

හරි මට කිහයං මලිය..දැන් ඔය ගෑනි උඹට අත අරින්න බැරි මොකද? ඒකි හොදට සැප දෙනවද? උඩ පැනල දෙනවැති ඉතිං..ඒ වේසිට දැන් 48ක්වත් ඇති නෙ.. පුතාල දෙකම රට.. නේ.. නාකි වෙමින් මැද හරියට යද්දි කොහොමත් ආයිත් එන්ජින් ගැස්සි ගැස්සි වැඩ කරනවා නේ..
සාගර අදිමින් කියන්නට විය..
නෑ බං සාගර එහෙම එකක් නෑ අපි අතර..අනික සන්ධ්‍යාට 48ක් නෑ 43යි..
මලිත් අකමැත්තෙන් අහක බලාගෙන පිළිතුරු දෙන්නට විය..
එතකොට උඹ කියන්නෙ ග්‍රීන්ලන්ඩ් පාක් රෙසිඩන්ස් එකේ කාමරේකට උඹලා දෙන්න හැම සෙනසුරාද හවසම ගිහින් ඇතුලට ගිහින් ජිල් ගැහුව එක විතරයිද?..මං විතරක් දන්න එකක් නෙමෙයි නේ.. මේක හැමෝම දන්නව නේ..
සාගර කියවන්නට විය..සාගර ට මලි්ත බොරු කියනවා යැයි හැගෙන්නට වූ නිසා ඔහුට මද තරහක් ආරුඩ වී ඇත. 
ග්‍රින්ලන්ඩ් පාක් හරි ලස්සන තැන.. එතනට කොළපාට වැව ලස්සනට පේනවා.. ඈතින් තියෙන කදුත් පේනව සමහර උදේ වෙලාවල් වලට.. ඒකෙ කෑම මාර ස්මූත් වැඩිපුර තෙල් නෑ..කියන මෙනු එක ගානට ගෙනත් දෙනවා.. උඹත් වයිෆ් එක්ක පලයං..ඒක හරි කූල් එන්වරමන්ට් එකක් සාගර..යා..
මලිත් කියන්නට විය..
එතනදි  සාගරය මෙහෙමයි..දැන් උඹ හිතන විදිහට හැමෝම හිතනවා ඇති. ඒත් සන්ද්‍යා එහෙම ගෑනියෙක් නෙමෙයි..එයා කැමතියි මාත් එක්ක ඉන්න..මාත් එක්ක රවුං ගහන්න..ඒත් එයා මට කකුල් දෙක පලල් කරන ජාතියෙ ගෑනියෙක් නෙමෙයි.. සාගර මම මේක කියන්නෙ උඹ මේක විස්වාස කරයි කියල හිතල.. උඹත් විශ්වාස නොකලොත්..මට ඒකෙ අවුලකුත් නෑ..
මලිත් කියන්නට විය.. 
හරි බං..හරි ඔය කුනු කේස් එක අල්ලල දාමු.. අපි තව බඩු ඕඩර් කරමු..
සාගර කියන්නට විය..
වෙනත් කතා කිහිපයක් අවසන යළිත් සන්ධ්‍යාට පනින්ට විය...
ඒ වුනාට මලියා..ඔ්‍ය කේස් එකෙන් සන්ධ්‍යට නැතිවුනාට වැඩිය ගොඩක් දේවල් උඹට නැතිවුනා ඒ ගෑනි නිසා..කොටින්ම උඹේ ගර්ල් පෙන්..චාන්දි පවා උඹට පිටුපෑවෙ ඕක නිසා.. අනික උඹ සමාජයෙ කොන් වුනා..ඒකිට නම් ඕව ගානක් නැතුව ඇති..
සාගර කියන්නට විය.. 
චාන්දිලයි ගෙදරින් කැමති වුනේ නැහැලු නේ..සාගර ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කර අවස්ථාව මලිත්ට ලබා දුන්නේයැ..
ඉතිං ගෙදරින් කැමති වෙයියැ උඹ ගෑනු එක්ක යනකොට..
සාගර මලිත්ට අවකාස නොදීම උත්තරයද දුන්නේය..
සාගර උඹ දන්න දේවල් තියනවා වගේම නොදන්න දේවලුත් තියෙන්න පුලුවන්.. ඔතන එකම කාලෙ වගේ පෙනුනට කාල දෙකක්.. චාන්දි ගේ ගෙදර අය කැමති වුනේ නැහැලු මට තියෙන ස්ටේටස් චාන්දිට මැච් වෙන්නෙ නෑ කියලා..සිංහලෙන් කිව්වොත් මට ගෙයක් නෑ.. මම උපයපු මේන්න මේක කියලා පෙන්වන්න දෙයක් නෑ...
ඉතිං ෆිසිකල් ඉස්ටේසස් නැතුව චානන්දිගෙ ගෙදරින් කැමති නෑ..
මලිත් කියන්නට විය..
ඉතිං බං මලියා උඹයි චාන්දියි ගොඩක් කල් ඉදල නේ දන්නෙ..බොලා දෙන්නට එකට සෙට් වෙන්න තිබුන නේ... සාගර කියන්නට විය..
ඔන්න ඕකනේ සාගරය මම උඹට ඉස්සරත් කිව්වෙ උඹ අර ටීවි එකේ ටෙලිනාට්ටි...බොලද නවකතා බලන්න එපා කියලා..
යකෝ චාන්දිගේ ගෙදරින් අකමැතියි කිව්වම චාන්දි ඒ ගෙදර බෝඩිං කාරියෙක් නෙමෙයි..චාන්දිගෙ ගෙදර කියන එකට චාන්දිත් අයිතියි.. චාන්දිගේ ගෙදරින් අකමැති කියන තීරණය වර්ධනය වෙලා වැඩෙන්න සමහර විට චාන්දිත් දැනුවත්වම පෝර දාන්න ඇති.. මලිත් කියන්නට විය..
අනේ මන්ද මලිය මට උඹේ සමහර මහප්‍රාන ග්‍රැමර් තේරෙන් නෑ..
උඹ කියන්නෙ එතකොට චාන්දිටත් උඹව එපා වෙලාද ? නැත්තං ගෙදර උන් චාන්දිට උඹව එපා කරලද? මොකද්ද වුනේ..
සාගර කියන්නට විය..
යකෝ..හැමදේම ගෑනුන්ට වගේ කියල දෙන්න නම් තොපි ඉගෙනගෙන ඔය ඇදුම් ඇදලලොකු පුටුවලට යන එක තේරුමක් නැ...මම කියන දේ මුල ඉදල හිතපං..චාන්දි ගේ ගෙදරින් අකමැතියි..චාන්දි ඉන්නෙත් ඒ ගේ ඇතුලෙ..එතකොට චාන්දිගේ ත් මනාපයෙන් සහ සහයෝගයෙන් තමයි මට තියෙන අකමැත්ත කියන දේ ඇති වෙන්නෙ..නමුත් චාන්දි මට පෙන්වන්නෙත් හනී අපී ගෙදරින් එෆයා එකට අකමැතියි  ඒ නිසා මාත් අකමැතියි කියලා..
මලිත් කියන්නට විය..
හරි හරි..කෝමහරි චාන්දි උඹව මැරි කරන්න අදි මදි කලා උඹේ ඉස්ටේටස් මදි නිසා..ඔහොම කිව්වනම ්හරි නේ බං..උඹත් හෙන පොඩි දේ මහ ලොකු කරනවා වෙලාවකදි..
සාගර කියන්නට විය..
ඉන් පස්සෙ මචං ගෙදරිනුත් මගුල් බැලුවා..උඹත් මොකද්ද කෑල්ලක් සෙට් කරන්නහැදුවෙ..ඒවත් ඉතිං එක එක කතන්දර නේ. සමහර ගෑනු කියනව උන්ගේ ගෙදර ඇවිත් ඉන්නලු.. සමහර ගෑනු කියනවා එයාට යාලුවො ගොඩක් ඉන්නවා නිදහස ඕනිලු ගොඩාරියක්..ට්‍රිප් එහෙම යන්න වෙනවලු දුර.. පස්සෙ හොයා බලනකොට ඒකිව ඩේලි අදිනවා ඒ ඔෆිස් එකේම ලොක්කෙක් කාර් එකේම... ඉතිං ඒකට නිදහස දෙන්න මම කැමති වෙන එකට වෙන්න ඇති ඒකි යාලුවො ගොඩක් එක්ක ට්‍රිප් යන නිදහසක් ඉල්ලුවෙ..
මට ඕව එච්චර අවුලක් නෑ.. ඒත් සාගර උඹ වගේ උන් ඔ්‍ය උඹ කියන අම්මගේ රෙද්දෙ ලෝකයා එතකොට ආයිත් නටන්න පටන් ගන්නව නේ..
මලිත්ට තරහ ගොස් ඇති සෙයක් ඔහුගේ වදන් වලින ්පෙනේ..
ඒ වුනාට මලිත් උඹට කෙල්ලෙක් හොයාගන්න අමාරු වෙන් නෑ බං..උඹ ඒ නිසානම් අර සන්ධ්‍යට අහු වුනේ..අපරාදෙ පවු බං..උඹ පවු..සිරාවට මට උඹගැන දුකයි.. සාගර කියන්නට විය..
මම සන්ධ්‍යට අහුවුනා..හොද  පොයින්ට ්එකක්...ඒත් එහෙම වුනාද ..සන්ධ්‍යා වුනත් එකපාර කැමති වුනේ නෑ..මගෙත් ටිකක් ඉටිකිරිස් වැඩ තිබුනා සන්ධ්‍යා එක්ක සෙට් වෙන්න...සමහර දේවල් අහම්බෙන් වගේ..ඒත් එහෙමම අහම්බෙකුත් නෑ ඉතිං.. බොසා නැති බව දැනගෙන ඌ හම්බෙන්න වගේ බෙසාගෙ ගෙදර ගියේ එකපාරක් නෙමෙයි බං...අනික ඔය ගෙට්ටුගෙදර එකකට සන්ද්‍යා මුලින්ම ආපු දවසෙ මම නිකං නොදැන බබා වගේ සන්ධ්‍යට කිට්ටු කරලා ශ්‍රාවක කම ඉල්ලුවෙ නෑනෙ.. ඒවා ආත්මීයයි  අවිංඥාණිකයි කියල ශේප් වෙන්න පුලුවන්..ඒක මට හොදයි.උඹ ඔය විග්‍රහ කරන කීර්තිනාමය කියන එකටත් හොදයි සන්ධ්‍යා මාව අමාරුවෙ දැම්මා කියල හිතන එක..ඒත් මම දන්නවා ඇත්තටම ඒම එකක් නෑ..අත්පුඩි ගැහවෙ අත් දෙකින්ම තමයි.. .ඒත් එතනදි සන්ධයා ඇවිත් මාව ඩැහැගත්තාය කියලා යන්නෙ තනි ප්‍රෝඩාව..
මලිත් කියන්න ට විය..
හරි කවුද බං බැදපු නැති එකෙක්, බැදපු ඇන්ටියෙකුගෙන් සිග්නල් ලැබෙද්දි ඇඹරෙන්නෙ..උඹත් හිතන්නෙ ඔය ගෑනු මායං කියන්නෙ හරි සරල දෙයක් කියල..උඹ ගෙවපු වැදගත් ජීවිතේ නැතිවුන හැටි ගැන උඹට කිසිම අයිඩියාවක් නෑ මලියා.. සාගර කියන්නට විය..
අනේ බං බයිල නොකිය හිටිං..සාගරය.. ඇත්තම කිව්වොත් ඉස්සර මොකද්ද බං මං ගෙව්ව කියන මහලොකු වැදගත් ජීවිතෙ.. හැන්දෑවට බීල හෝ නොබී ගෙදර යනවා ගිහින් රෑට ෆිල්්ම බලල පොතක් බලලා රෑට වැලක් බලල අතේ ගහල නිදාගෙන අවදිවෙලා ආයිත් ඊලග දවසෙ වැඩ ටයනවා.. වීකන්ඩ් එකේ එක්කො ෆිල්ම් හෝල් එකක නැත්තං බොනවා..නැත්තං මොනවා හරිඅර උඹ කියපු ට්‍රිප් ඕගනයිසින්..හරි ඒ වගේ වැඩක්..
මලිත් කියන්නට විය.. 
ඉතිං මලිය උඹ කියන්නෙ දැන් උඹ අර වේසි නිසා හොද ආතල් එකක් ගන්නව කියලද? දැන් උඹමයි කිව්වෙ ඒකි ගහන්න දෙන්නෙත් නෑ කියලා..එතකොට මොකද්ද කියහං කො උඹ ඔ්‍ය ගන්න මහ ලොකු විනෝදෙ? සිරාවටම ..
සාගරද උත්තර බදින්නට විය.. 
මචං සාගර
මේ ලෝකෙ බෙදාගන්න පුලුවන් ආතල් තියෙනවා බැරි ඒව තියෙනවා..දැන් මම වෙනුවට උඹව අරන් යන්න කියල සන්ද්‍යට කිව්වට උඹව අරන් යන්නෙ නැහැ..අනික සන්ධ්‍යා උඹ වගේ ෆික්ස් ඩයල් එකකට කීයටවත් කැමති නෑ ...මලිත් කියන්නට විය..
අන්න ට්‍රැක් එක් පැන්න..මං ඒක නෙමෙයි කිව්වෙ මලිය..
නෑ නෑ උඹ ඒක කෙලින් කිව්වෙ..නෑ..දැන් උඹ ඒක යටිහිතේවත් නෑ..කොහෙවත්ම නෑ කියාවි..ඒත් ඇත්ත කතාව සන්ධ්‍යා ලස්සනයි.. උඹත් ඔය සන්ධ්‍යාෙග් වැනෙන පුක දිහා කෙල හල හල ඉන්න ඇති..දැන් උඹට ඒක ගහන්න තියා අල්ලන්නවත් නොදී ඉන්න සීන් කෝන් එකකදි මම ඒක එක්ක හොටල් ගානෙ යද්දි උඹට අප්සට්....ඕකට දැන් උඹ වෙන බහුරු කෝලං කතාන්දර දාල ඒක විසාල කරගෙන....
මලිත් කියන්නට විය..

සාගර ගේ කට කොනකට සිනාවක් එකතු විය.. මලිත් අහක බලාගෙන ඈත බලන්නට විය.. සාගර යලිත් සෙමෙන් කතාව පටන් ගත්තේයැ.. 
යකෝ උඹ කවදාවත් කෙල්ලෙක්ට ආදර කරල නෑ..උඹට හරියට කෙල්ලෙක් සෙට් වෙලත් නෑ.. අර චාන්දි කියන කෑල්ලවුනත් උඹට බොක්කෙන් ලවු නෑනෙ..උඹ හැම එකම හිතන්නෙ මලිය උඹේ සෙටප් එකකින්.. එතනයි වරද..දැන් උඹ පත්වෙලා තියෙන තැන උඹට කියල දෙන්න මම ආවම..උඹ හිතනවා මට මේ සන්ද්‍යට තට්ටු කරන්න බැරිවුන දුක අතාරිනව කියලා.. ැඇත්තටම මලියා උඹට ජීවිතේ ගොඩක් දේවල් මිස් වෙලා..
සාගර දුකින් කියන්නට විය..
ඇත්ත බං ඇත්ත.. උඹ කියන විදියට අපේ ගෙදර උන්ට.. ඔෆිස් එකේ උන්ට..අපේ ලොක්කට..බොට...මගේ සමාජයේ ඉන්න උන්ට.. කොටින්ම මගේ වටේ ඉන්න හැම එකාටම මාව එපා වෙල ඉවරයි.. ඒත් මට උඹ කියන දේවල් වලින් කිසිම ලැජ්ජාවක් ැතිවෙන්නෙ නැහැ..ඒක මගේ අවුලක්.. වෙන්න ඇති.. සන්ධ්‍යා කැමති නම්.. ලොක්කගේ ගෑනි එක්ක මම යන එක ගැන ලොක්ක මං එක්කෙ කෙලින්ම තාම වචනයක් වත් කතා කරල නැත්තං.. සන්ධ්‍ය කිසිම වෙලාවක ඒ ගැන පසුතැවෙන්නෙත් නැත්තං..මටත් අවුලක් නැත්තං..
මලිත් කියවාගෙන යයි..
අනේ මන්ද බං.. තොපි අනුන්ගේ ලබ්බවල් එක්ක මොන ගනුදෙනුවක් කරනවද කියලා..අඩුතරමෙ උඹ ඔය මුලින් කියපු ජාතියෙ සමාජ විරෝධයක් ගැන අපේ ලොක්කවත් මට කියල නෑ..ඌ කිව්වෙ.. බදුල්ලට ලියුම දෙද්දි..
මලිත්.. මේ ලියුම දෙන්නෙ මම නෙමෙයි.. ඒත් මිනිස්සු බැලන්ස් කරගන්න මට මේක කරන්න වෙනව කියලා..
ලොක්කයි ගෑනිගෙ පුක ගැන ලොක්කට නැති අමුතු කරුණාවක් ඔපිස් එකෙ උන්ට තියෙනවා.. අනේ මන්ද බං..
මලිත් කියන්න ට විය.. 
හරි හරි මලිත් උඹ මාත් එක්ක තරහ වෙන්න ඕනි නැහැ..මම කලේ...වටේ උන් සහ උඹේ වටේ තියෙන නේචර් එක උඹට පෝඩ්ඩක් කියල දෙන එක.. යාලුවෙක් කියන්නෙ මචං එකට බීල එකට නාල කාල මාරුවෙල යන ජාතිය නෙමෙයි නේ.. උඹ පොඩ්ඩක් හිතපං..සන්ධ්‍යට අනින්න බැරිවුන නිසා කතාන්දර හදලා බොස්ට කේලං කියන උනුත් ඇති..ඒත් මං එච්චර පහලට වැටුන් නෑ මලිය..අනික එකට කාලයක් ඉදලා එක බත් එක බෙදං කාපු මං උඹ ගැන ලොක්කට කේලං කියයි කියල උඹ හිතපු එක ගැන මට අප්සට්..
සාගර කියන්නට විය..
සාගර..මම කිව්වෙ මචං මනෝ විශ්ලේශන කෑල්ලක් ගැන.. ඒ කිව්වෙ ඇත්තටම සදාචාරය කියන සන්ධර්භය නිර්මාණ්‍ය වෙන්නෙ ඉරිසියාව පදනමින්.. මම හිතන්නෙ එහෙමයි.. උඹ මම ගැන දන්නව නේ බං..මට ඔ්‍ය කැටයම් බෑ.. කියන්න ඕනි දේ කෙලින්ම කිව්ව..
මලිත් යලිත් වතුර උගුරක් බොන්නට විය..
ඉස්සර බං මං වීකන්ඩ් එකේ ඔහේ ඇවිදිනවා.. සෙල්ලං කරන්න යනවා.. පොත් සල්පිල් බලන්න යනවා..පස්සෙ සන්ධ්‍ය සෙට් වුනාම සෙට් වෙලා ෂොපින් යනවා.හොද සුපිරි තැන්වලින් කනවා.. වෙලාවකට අපි එක රැයෙන් මීගමු ගිහින් කාල නාල ඉදල එනවා..
ජීවිතේ ට මාර රිලැක්ස් එකක් දැනෙනව බං.. 
දැන් අර වේස චාන්දි කියල වේසියෙක් එක්ක මම යාලුවෙල හිටිය නේ..ඒකි ඒකිගෙ සතියෙම තියෙන කුනු ගොඩවල් අත අරින්නෙ මම ඉරිදට හම්බ වුනාම.. බස් එකේදි කොල්ලො පුක මිරිකන්න හදන හැටියි.. අනම් මනම් පවුල් පස්නයි..තියෙන ලෙඩ වාට්ටුවයි..හැම දේම කුනු ගොඩවල් ගෙනත් මට අතාරිනවා..මම විස්වකර්මයා වුනත් ඒකිට තියෙන පස්න මට විසදන්න බෑ බං.. ඇත්තට ම මට චාන්දි කියන්නෙ ඇවිදින මලමිනියක් වගේ පෙනුනෙ වෙලාවකට..හැමතිස්සෙම මොකකට හරි නාහෙන් අඩාගත්ත ගමන් මයි..එක්කො පොමෝසන් නැ කියයි..කාර් එකක් දැක්කොත් ඒවගෛ් එකක් නැ කියයි..
ඒකට බලහං සන්ධ්‍යා..කිසි අවුලක් නෑ..ඒකිට ඇති පස්නෙකුත් නෑ.. අපි පහුගිය කාලෙ ක්ලාස් එකකටත් ගියා ...ෆෙන්ච් ඉගෙන ගන්න.. තව ඉතිං එයාට තියෙන වැඩ රාජකාරි හරි අමුතු බං..අපි නොදන්න ලෝකයක් වගේ.. ඔන්න එයාලයි වත්තක් තියෙනවා පුත්තලමෙ.. දවසක් ඕකට ගියා.. හප්පා..පට්ට සැලකිලි ඕයි..
ඔය ලොක්කා හිටියට ඌ ට මේ ගෑනි තඹ වටින් නෑ බං.. ඒක ගෑනිත් කියනවා නේ.. පුතාල දෙන්න නැත්තං දෙන්න දැනටමත් දෙපැත්තක.. දෙපැත්තක කියන්නත් බෑ..දෙපැත්තක ඉන්න කලිං උන් දෙන්න එකපැත්තක ඉදලා තියෙන්නත් එපැයි..
මලිත ්කියන්නට විය..
මං මොකුත්ම කියන් නෑ මලිය.. උඹ එදා ඉදන් වෙනස් නේ..උඹට හරි කියල හිතෙනවා නම් උඹ ඕක දිගට ඇදන් පලයං..ඒකෙ අවුලක් නෑ..ඒත් මට හිතෙන්නෙ ඒ ගෑනි උඹව තියන් ඉන්නෙ අර පොශ් ගෙවල් වල බල්ලො තියං ඉන්නවා වගේ විනෝදෙට.. උඹට කිම්බක් වෙනුවෙන් බල්ලෙක් වෙන එක සැපයි..ඒක උඹ මාර විදියට විදිනවා.. උඹට බල්ලෙක් වෙලා පස්සෙන් යන එක ඒ කිඹි සුවද විදිමින් ගතකරන කාලය මාර විනෝදයි..ඒක උඹට අනුව මාරයි.. සනීපයි..
මලියා මට උඹට පවුල් ජීවිත...සැබෑ ජීවිත ආදරේ ගැන ලෙසන් තියන්න බෑ..මොකද උඹ මාව තේරුම් ගන්න අර සන්ධ්‍යෙග නාටු පුකට අනින්න හදන එකෙක් කියල නේ.. මම කියන්නෙ හැම කෙල්ලම අර චාන්දි වගේ නැ..ලෝකෙ හිතන තරම් කලු නෑ බං..ඔය සන්ධ්‍යා කියන ගෑනියෙක් එක්ක හැංගෙන්න තරම් උඹ කලුත් නෑ.. උඹ ඔය ලෝකෙන් එලියට එන්න හදපු දවසක උඹට මම කියන දේ තේරෙයි..
එහෙනං අපි කැපුනාවෙ.. 
සාගර කියන්නට විය..

පෝඩ්ඩක් හිටපං සාගර පෝඩ්ඩක්..මංම ඉවර කරන්නං..ඉවර කරන එකාට චෑන්ස් එක එන්න එපැයි..අනික උඹ නේ කතාව පටන් ගත්තෙ..මලිත් සාගරට මදක්නවතින්නට කතා කරයි..

ආහ් හරි හරි කියහං.. 
සාගරයා උඹ අහල තියෙනවද මරන්න ගෙනියන දර්ශන ගැන..ඉස්සර රජ කාලේ සීන් කෝන්.. එක්ක තියෙන්නෙ?
 මලිත් පස්නය අසා තවත් වතුර ටිකක් බිව්වේය..

ඔව් අර බං දස්කොන්ද මොකාද එකා ත් ගෙනිච්චෙ ඒමලු නේ.. ඌව අත් පස්සට කරල බැදලා මල් මාල දාල.. බෙර ගහල හෙම..

සාගර කියන්නට විය..

ආන්න රයිට්..ආන්න රයිට්..එතන පොඩ්ඩක් හිතේ මවාගනින්..එතනදි අනිවා වටේ උන් ඉන්න නෑෆයා හෙම අඩනවා..දකින උනුත් අඩනවා ඇති..කොච්චර වුනත් මනුස්සයෙක් නේද කියලා.. එතකොට එන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් පට්ට දුක එකක්.. හරියට මල ගෙවල් වල සිංගාරම් වගේ.. තව ඉතිං කොස්ටියුම්..ඔක්කොම හෙන දුක් බර තත්වෙක තියෙන්නෙ.. 

ඒත් ඔය වගේ ඔකේෂන් එකකදි මරනයට නියම වෙලා රතු මල් දාල රතු අන්දලා අත් පිටිපස්සට තියං යන  ඩයල් එක..,  අර කැන්වසින් යන දේසපාලුවෙක් වගේ හැමෝටම හිනාවෙවි.. බලන උන්ටත් ආතල් හිතෙන්න ඇස් ගගහ..එක එක ඇක්සන් මූනෙන් දදා යන එකෙක් ඉන්නත් ඇති නේ..මලිත් කියන්නට විය..ඔහුගේ කතාව බාගෙදා තරමක් දිග වන්නටද ඇත.. නමුත් සාගර හරස් විය..

හපෝ ඇති බං ඇති.. අපි යන්නෝනි..උඹේ දර්ශනේ තියාගන පොලිශ් වෙනකල් අර වට්ටක්ක පලු අතගගා ඉන්නෙ නැතුව ඇන්නෙ නැත්තං මල්වට්ටියෙ තියල පුදනකල් බලන් ඉන්නැතුව එකක් දෙකක් අැනගන්න හරි බලහං..  සාගර මලිත් නවත්වමින් කියන්නට විය..

වේටර් මල්ලි.. මචං අපිට වීල් එකක් කත ාකරල දියං.. මේ සීය උඹ තියාගනිං.. 
වේටර් පසෙකට ගොස් ඔහුගේ ෆෝන් එක අදින්නට විය..

6 comments:

  1. තලනම් තෙලටය.
    මලිත් වේලෙන්නේ කුමටද?
    මට නම් ජොලි ජීවිතයක් නොපෙනේ!

    ReplyDelete
    Replies
    1. තමුසෙට තියෙන්නේ ගොබ්බ ජීවිතයක්නේ එකයි නොතේරෙන්නේ.

      Delete
  2. දෙන්නම හරි, දෙන්නගෙ ලෝක වලදි...

    ReplyDelete
  3. අනේ මංද මේ කොටහ නං කිසි ගතියක් නෑ
    මගෙ විදියට කියනව නං මෙලෝ රහක් නැ

    ReplyDelete
  4. අසීමිත ලිංගිකත්වයෙන් තොරව ක්‍රෂ් එකක් පමනක් ඇති සම්බන්ධතා ද ඇත. එවැනි කිහිපයක් ගැන මීට පෙර මාත් ලිව්වා. උඹ ඔය ලිව්ව වගේ සමාජය ඒවා දිහා බලන්නෙ විකාර කෝනයකින්. බහුතරයකට ඒවා තේරෙන්නෑ. අර මනෝ විද්‍යාවද මොකක්ද කියන එක ඒවට හරියට බලපානවා.. සමහර උන් හිතන්නේ ගෑනු ඉන්නේ බුදියගන්න විතරයි කියලයි. ඒත් බුදියගන්නේ නැතිවත් වෙන් කරන්න බැරි සම්බන්ධතා රහිත සම්බන්ධතා ඕන තරං තියෙනවා. පිළිගන්න අකමැති එකයි අවුල. ඒත් වක්‍රය වටේ යද්දි මොන සම්බන්ධයෙත් ටර්නිං පොයින්ට් ඇති වෙනවා. ඒවා ස්වාභාවිකයි. ඒකට කාලයක් නැහැ. අකුරු වැරදි, ඩයලොග් වල දිග හැරුනම කතාවේ රේඛියභාවය ඉතා හොදින් තියෙනවා.. මං කැමති ආකාරයේ කතාවක්.. හැක්.. ජය

    පිච්ච මල් සුවද

    ආදරයද රාගයද?

    ReplyDelete
  5. පොඩි ගතියක් තියනව.
    (උඹ හොඳටම නරක් වෙලා බං. ත්‍රිමාන කියවනව වැඩියි වගේ..... හැක්!)

    ReplyDelete