Thursday, June 18, 2015

විස්වාසබංගය

මේ දවස්වල දේසපාලනය ගත්තොතින් වැඩිපුරම ඉලක්කම් ගැනකතාවෙන අවස්ථාවක්. 19 ඉවරයි..දැන් 20.
සෘතු භේදය තියෙන රටෝල ස්මාට් ෆෝන් වල බොහෝවිට මේන් ස්ක්‍රින් එකේම තියෙන ඇප් එකක් තමයි වෙදර් ඇප් එක. ඒ කිව්වෙ කාලගුන වාර්ථාව පෙන්නුම් කරන ආකර්ශනීය ඇප් එකක්. 

මම හිතන්නෙ ලංකාවෙ මේ දවස්වල දේසපාලන තත්වය ගත්තොතින් ආන්න ඒ වගේ ඇප් එකක් හැදුවනම් මිනිස්සුන්ට වැදගත් වෙයි. මහින්ද මහත්තයාගේ රැස්වීමක් කොහේ හරි තිබුනද? ඒකට එතුමා සහභාගි වුෙන් කෝමද? 20ට කීයක් කැමතිද? විස්වාසබංගෙ කවද්ද? ආන්ඩුවෙ අලුත් ඇමති කවුද වගේ පොඩි පොඩි නිවුස් ආකර්ශණීය විදියට ඉදිරිප්ත කරන්න පුලුවනි වෙදර් අැප් එකක වගේ.. 

රනිල් මැතිතුමා අගමැති වෙනකොට බොහෝ දෙනා හිතුවා එතුමා සාපේක්ෂව විනයක් සහිත පදනමක් සහිත යම් රාමුවක් හදාවිය කියල. එතුමා යමක් කරන්න හැදුවා. නමුත් ඒ කරන්න හදපු බොහෝ දේවල් ඇතුලෙ තිබුනෙ ඊලග ඡන්දය වෙනුවෙන් ටොපි ලබාදීම විතරයි. එ් වගේම එතුමා විධායක බලය මහින්ද සහ හොර මුල වගේ කැත විදියට පාවිච්චි නොකලාට ඇතැම් අවස්ථාවල දි එතුමා දීපු සුලු බලය අයුතු විදියට පාවිච්චි කලා. 

අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති සම්බන්ද බැදුම්කර ගැටලුවේදී ඊලග මාස කිහිපයේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තියනවා  කියන දේශපාලනික අවාසිය වත් නොතකා එක්සත් ජාතික පක්ෂ්‍ය හැසිරුනේ ඉතාම ලාබාල විදියට. දූෂණය මිනිස්සුන්ට තිත්තම වෙලා ඒෙ වනුවට වෙන තෝරාගැනීම්ක සිදු කරපු වෙලාවක සුළුතර ආන්ඩුවක් විදියට එක්සත් ජාතික පක්ෂ්‍ය සහ රනිල් වික්‍රමසිංහ මහබැංකු අධිපති සම්බන්ධ සිද්දියේදී මහජනයාගේ විශ්වාසය කඩකලා. 

එතනින් ගියාම හැමෝම මහින්ද ලොක්කට බනිනවා පේනවා එතුමා ජනාධිපති ඉදලා ආයිත් අගමැති වෙනවා කියලා. ඒවගේම ඩුප්ලිකේට් සත දහයෙ වැඩක් මෛත්‍රි උන්නැහේත කරගත්තා. ඒ තමයි ජනාධිපති වුනායින් පස්සෙ නිදහස් පක්ෂයක් බදාගන්න යෑම..

පක්ෂ වල ව්‍යවස්ථා පක්ෂ වල තියෙන රෙගුලාසි වලට වඩා මෛත්‍රිට රට ගැන හිතන්න තිබුනා. එතුමා පත් කලේ රටේ ජනතාව. අනික් අතින් ගත්තොතින් පුද්ගලයෙක් විදියට ලංකාවෙ ඉහලම තැනට පත්වුනාට පස්සෙ ආයිත් වැටෙමින් යන පක්ෂයකට කර ගහනවා කියන්නෙ අවුල් වැඩක්. චන්ද්‍රිකා, රනිල් හෝ මහින්ද එහෙම කලා වෙන්න පුලුවන්. නමුත් මෛත්‍රිට එහෙම නොකර ඉන්න තිබුනා. 

මොකද ලංකාවෙ විපක්ෂය මූලික වෙච්චි විකාර සහගත ඡන්ද පදනමකින් බලයට ආපු කෙනෙක්ට යළිත් තමුන්ගේ විරුද්ධ වාදියාගෙ පක්ෂයක වාඩිවෙලා ඉන්න එක මහ අවුලක් වෙන වැඩක්. 

රනිල් උන්නැහේ විපක්ෂයේ ඉද්දි දක්වපු මහත්මා ගතිය දැන් දැන් ඇතැම් තැන්වල දි එතුමාගේ නැහැ. ඒ වගේම මැරෙන්න යන ආච්චි කෙනෙක් කරේ තියාගත්ත වගේ මෛත්‍රි උන්නැහේ දැන් කොරන්නෙ එතුමා ගැන රට වැසියන් තියපු විශ්වාසයට වඩා කොහේද යන නිදහස් පක්ෂයක් ගොඩදාන්න හදන එක.. 

මේ දෙන්නම අපේ විශ්වාසය කඩ කලා. හැබැයි මෙතනින් කියවෙන්නෙ නැහැ..මේ දෙන්න හොද  නැති නිසා මහින්ද සීයා හරි සෝක් කියලා.. මහින්ද දැන් අතීතයට යවන්න කාලෙ හරි.. ඒ වගේම ඉතුරු දෙන්නටත් දැන් කාලෙ හරි කියලා ඒ අය කරන වැඩ දිහා බැලුවාම පේනවා. අපි අලුත් විදියක අලුත් පිරිසක් ගැන හිතපු..පරණ වලව් හැරදා පියාඹන්නට හැකිදැය ිකියලා නිකමටවත් හිතමු..   

20 වන සංසෝදනය සම්මත වුනොත් ඒකෙ එක්තරා හොදක් තියෙනවා. එතකොට යම් තෝරාගත් මැතිවරණ කොට්ඨාශයකදි පක්ෂ වෙනුවෙන් කඩේ ගිය පක්ෂ මත්තෙ නැහීගෙන හිටපු අපේක්ෂකයෙක්ට වඩා වෙනමම ජනප්‍රිය හාල් කෑල්ලක් අහසින් පාත්වෙලා ආවොත් උන්නැහේට අවස්ථාවක් ලැබෙන්න ලොකු අවකාසයක් තියෙනවා කොට්ඨාශ ක්‍රමේට මන්ත්‍රිවරු පත් කරද්දි. 

ඒ කිව්ෙව එක කොට්ටාසෙට එක මන්තිරියා ගානෙ පත් කරද්දි ජනප්‍රිය පක්ෂ වල ඉන්න ඩෑල් වලට වඩා කොහෙන් හරි උඩින් පාත් වෙච්චි එකෙක් ඒ ආසනය තුල ජනප්‍රිය නම් මිනිහ කෙලින්ම කවුන්සිලේටම සිලෙක්ට් වෙනවා. ඒක අලුත් එවුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවාල මේ හොර, පදනමක් නැති විශේෂ ප්‍රතිපත්තියක් නැති වැල යන අතට මැස්ස ගහන පක්ෂවල පැවැත්ම අභියෝග කරන ලොකු දෙයක් වේවිය කියලා මට හිතෙනවා. 

7 comments:

  1. අසරන විජේදාස ගේ රුපියල් ලක්ස විසිපහ මන්කොල්ල කෑ අනුර ඩිසානායක ප්‍රමුක ජෙප්පන් ගෙදර යවමු.

    මහින්ද මහත්තයා රටේ නායකයා කරවමු.

    ජෙප්පන් සහ උන්ට කඩේ යන එවුන් බන්ග වේවා..

    ReplyDelete
    Replies
    1. ජනතා විමුක්ති පෙරමුන කියන්නෙ තත්කාලීන දේශපාලනයේ ප්‍රායොගික අත්දැකීම් නැති න්‍යායිකව ඉතාම පසුගාමී තලයක සිටින පිරිසක්.. ඔවුන්ට පවිතින ක්‍රමය වෙනස් කල යුතුය ිකියල අදහසක් තිබුනා ට ඒක කල යුත්තේ කෙසේද? කල හැක්කේ කෙසේද කියලා ලොකු අදහසක් නෑ... ඒත් අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් විකල්පයක්.. නෑ..

      එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රීලනිප හැමෝටම ඕනි ආන්ඩුවක් පිහිටුවන්න..බොහෝවිට ඊලගට පත්වෙන එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රීලනිප මන්ත්‍රි වරුන් සියල්ල ආන්ඩුවක කොටස් කරුවන් වේවි..එවන් අවස්ථාවක යම්තාක් මට්ටමින් හරි විපක්ෂ කාර්යභාරය පැවරෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණට... ඔවුන්ට ආන්ඩු පක්ෂයක් ගෙනියන්න තරම් හැකියාවක් නැතිවුනත් කාලයක් තිස්සේ තීක්ෂණ විවේචන කරමින් සිටින නිසා සාර්ථක විපක්ෂයක් ගෙනියන්න නම් හොදට පුලුවන් වෙයි..

      Delete
  2. දැනට MS ට ඕනෙ ජනාධිපතිකම් කරන එකට ඉස්සෙල්ල ශ්‍රීලනිපයෙ බලය කොහොම හරි තමා අතට ගන්න, ඒ MRආයිත් බලවත් වෙන එක නවත්වන්න විය හැකියි.
    ශ්‍රීලනිපයේ එවුන්ට ඕන ගිලිහුන බලය මොකා ඉස්සරහට දාල හරි ආයිත් ගන්න පුලුවන් තරම් ඉක්මනට, ආයිත් ඉස්සර විදිහට කන්න

    ReplyDelete
    Replies
    1. හැමෝම කියන්නෙ ඊලගට මහින්ද එන එක නවත්වන්න මෛත්‍රි නිදහස් පක්ෂය ගත්තා කියලා.. ඒක සත්‍ය වෙන්න පුලුවනි.. නමුත් ඊලගට පැවැත්වෙන්න නියමිත මහමැතිවරණය ජනාධිපතිවරණයට ආසන්න කරලා පාර්ලිමේන්තුවක් අලුතින් පත්කරගෙන අලුත් පාර්ලිමේන්තුව සමග සියලුම අලුත් වැඩ කරන්න පටන් ගත්තානම් මීට වඩා ලේසියි කියලා මට හිතෙන්නෙ..පරණ පාර්ලිමේන්තුව කියන්නෙ පරණ එකක්...ඒකෙ සංයුතිය විවිධයි..ඒක කොොහාමත් මෛත්‍රි තුමාටවත් රනිල් තුමාටවත් පක්ෂපාත සහ ඔවුන්ගේ අණසකට යටත් එකක් නෙමෙයි..

      Delete
  3. "රනිල් උන්නැහේ විපක්ෂයේ ඉද්දි දක්වපු මහත්මා ගතිය"

    මේක ලිඅයපු අපතයා දන්නෙ නැතුවට රනිල් ආණ්ඩු පක්ෂෙ ඉන්න්කොටත් මහත්මාගති පෙන්නල තියනවා ...................

    අවුරුදු 14ක දැරියක් දුෂණය කරපු තමන්ගේ ආරක්ෂකය ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව අරන්දීල සාමවිනිසුරු පදවියක් දීම, බටලන්දේ තරුණ රැදවුම් නිවාසයක පවත්වාගෙන ගිහින් , පශ්චාත් භාගයෙන් කඩුකම්බි දාල කැරකැවීම , හාමුදුරුවරු ධර්මචක්‍රයේ ගැහිම, මූණ ඉස්තිරික්ක කිරීම වගේ දහසකුත් තරුණ ක්‍රියාකාරකම් වලට අත දීම, දිගුදුර බලකාය නම් ගම ඇතුවම කොටින්ට අල්ලාදී රට ජාතිය බේරා ගැනීම, අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැත් අධ්‍යාපනය රැකගැනීම .......

    ReplyDelete
    Replies
    1. ඔය කියන බටලන්ද වෙච්චිෙ දේවල් දැක්කා කියන ගොඩක් අය ඉන්නවා වුනා කියලා කියන අයත් ඉන්නවා..එච්චර ඇසින් දුටු සාක්කි තියේ නම් ඇයි රනිල් වික්‍රමසිංහ උසාවි ගේන්න ැබරි... රනිල් කාලයක් තිස්සෙ විපක්ෂයේ හිටිය මනුස්සයෙක්..ආන්ඩු බලයක් ලැබුනෙ ඉතාම සුලු කාලයයි.. ඔය වගේ චෝදනා තිබේ නම් ඒවා ට තටු ඇවිත් පියාඹන්න ඕනි තරම් කල් තිබුනා.. මම හිතන්නෙ ඕවා එක්තරා මඩ කල්ලියක මඩ ගොඩක් විතරයි..

      Delete
  4. නෝනාගෙ යෝනියේ බොතල් ඔබා ෆොටෝ ගන්නා, දුව ලා ගෙදර ගිඳිද්දීත්, ගෑනු රේප් කරන වීඩියෝ බලල ආතල් ගන්න, ඇල්වතුරත් නිවලා බොන, රාජයෝගයකුත් තියන, රතන හිමිගෙ ආශිර්වාදය හිමිවුන කෙනා රටේ නායකයා කරමු.

    බස් වල, කෝච්චිවල ජැක් ගහන අයට සහනාධරෙකුත් හඳුන් වලා දේවි.

    ReplyDelete