Saturday, October 31, 2015

Global Lifestyle Lanka සැප

මම වැඩකරන කන්තෝරුවෙ කැන්ටිමක් තිබෙනවා. මීට වසර කිහිපයටක පෙර එවකට තිබුන කැන්ටිමේ වැඩකලා  ඕලෙවල් අවසාන කරපු වයසේ ගෑනු ලමයි දෙන්නෙක්. එයින් එක්කෙනක් බොහොම හැඩයි. අනික් කෙනත් සාමාන්‍ය පෙනුමක් තිබෙනවා. 

මේ දෙන්නා නිතර කැන්ටිමට බඩ ගාන මගේ යාලුවො බවට පත් වුනා. මම සාමාන්‍යයෙන් ඔය වගේ ගෑනු ලමෝ එක්ක සම්බන්ධ වෙන්න යම් කිසි හැකියාවක් තිබෙන අයෙක්. ඉතිං මේ දෙන්නගෙන් වැඩිය හැඩනැති ගෑනු ලමයට මම මගේ විසිටිං කාඩ් එක දුන්නා. එයාගේ නම නදී. (අන්වර්ථ එකකි)

නදී නම්බර් එක ගත්ත දවස්වලම මට කතා කලත් පස්සෙ එයාට කතා කරන්න වෙලාවක් නැති නිසා කතා කලේ නෑ. නදී මට දැන් අවුරුදු කිහිපයකට කලිං තිබුන මතකයක් ලෙස මතක නැතිවෙන්නත් ගිහින් තිබුනා. නමුත් මේ ලගදි නදී මට කෝල් කලා. 

එයා කෝල් කරලා ආගිය විස්තර අහලා මට තැනකට එන්න පුලුවන්ද කියලා ඇහුවා. මගේ හිතේ විවිධ වර්ණ වල වල දේවල් ඇති වුනා. ඉන් පස්සෙ එයා මට අයිඩන්ටි කාඩ් එකයි රුපියල් දාහකුයිත් අරං එන්න කියලා කිව්වා. අයිඩන්ටි එක, රුපියල් දාහ සහ ගැනු ලමයෙක් මට කතා කරනවා. ඔය දෙක තුන එකට තිව්වම සාමාන්‍යයෙන් මම වගේ තනිකඩ කොල්ලෙකුගේ හිත ඇදෙනවා බොහොම ඈතට. මට මුලින් හිතුනෙ මේකි මාව ඇදන් රූම් එකකට සැප දෙන්න එක්කරං යනවාදෝ කියලා. 

ඊලග දවසෙ එයා මාව ෆේස්බුක් එකේ ඇඩ් කරගත්තා. ඒ වගේම එයා ගේ විස්තර ටිකකුත් කතා කලා. එයා යනවා කිව්වා නාට්‍ය හා රංග කලාව ඉගෙනගන්න තැනකට. ඒ වගේ නාට්ටියක් බලන්න එන්න කියනවාද දන්නෙත් නෑ කියලත් මට හිතුනා. 

නමුත් මහ පොලවට බැහැල බැලුවම එහෙම දෙයක් වෙන්න බෑ..කියල ඕනි සුප්පු බබෙක්ට තේරෙනවා. බඩු එක්ක නැලවෙන්න මිසක් උන්ව රූම් ගෙනියන කලාව මම වැඩිය දන්නෙ නෑ.. වැඩිය දන්නෙ නෑ නෙමෙයි මට එහෙම අත්දැකීමක් ඇත්තෙම නෑ.. 

මේ ලමයා වැඩිය වයසක ලමයෙක් නෙමෙයි. මසාජ් එකකට තුන් හතර වතාවක් ගිහින් තියෙන මනුස්සයෙක් විදියට මම දන්නවා මසාජ් වල සමහර වෙලාවට බොහොම ඈත පලාත්වල පොඩි වයස්වල ගෑනු ලමයිතු්ත ඇවිත් ඉන්නවා. එහෙම එකක්වත්ද කියලත් මට හිතුනා. 

කොහොම හරි ඔය වල් හීනය පිටම මම එයාව හමුවෙන්න අද උදේ කඩුවෙලට ආවා. කඩුවෙලට ඇවිත් මාතර බත් කඩෙන් කාල එහෙම වටපිට බලනකොට එයාත් ඇවිත් හිටියා තව යාලුවෙක් එක්ක. කලිං වගේම එයා කෙට්ටුයි. ඒ ගෑනු ලමයා දැක්කම ඇත්තටම මට දුක හිතුනා..ඉස්සර වගේම හීන්දෑරියි. දැනට රනාල පැත්තෙ බිස්කට් සමාගමක වැඩකරනවා කියලයි මට කියල තිබුනෙ. 

මං මගේ හිතේ ඇදිල තිබුන වල් අදහස් ටික පැත්තකින් තිව්වා. දැන් හිතුනෙ මෙයා මේ මෙයාලගේ නාට්ටියක් පෙන්වන්න තමයි එක්කරං යන්නෙ කියලා. 

කඩුවෙලින් කිරිබත්ගොඩ බස්සෙකකට නැගලා මාකොල හන්දියේ සනාරා උත්සව ශාලාව කියන ශාලාවට තමයි මතක විදියට අපි ඇතුලත් කලේ. ගියාම අලුතින් ආපු අයව පෝලිං කලා. පෝලිං කරලා එයාල අලුත් අයගෙන් සල්ලි ගත්තා රුපියල්  දාහක්. මාත් දාහ දීළ ඇතුලට ගියා. 

ගියාම එතන මෝටිවේශන් ලෙක්චර් වගයක් තිබුනා. ඉන් පස්සෙ එක එක වාරෙට එක එක්කෙනා බැගින් ඇවිත් එයාලට මේ ආයතනය මේ වැඩසටහන වැදගත් වුන හැටි වැදෑරුවා. ඇත්තටම මේ ගැන ඇත්ත විස්තර දැනගන්න ඕනි නම් ග්ලෝබල් ලයිෆ් කියන වචන දෙක ගූගල් සර්ච් කරලා බලන්න සිංහලෙන්. මේ ප්‍රෝඩාව වංචාව ගැන විස්තර බොහොමයක් තියෙනවා සිංහලෙන් සර්ච් කලාම. 

සමහර අය කාර් අරගෙන තියනවා කිව්වා ලක්ෂ පනහෙ හැටේ. තවත් එය ලොකු ඉඩ කඩං අරං තියෙනවා කිව්වා ලක්ෂ ගන්න වල. බොහෝ ලෙක්චර කරපු අය පිටරටත් යනවා කිව්ව නිතරම. 

මැද හරියෙදි එයාල අපිට කරන්න තියෙන දේ කිව්වා. සූර්ය පැනලයක්, බැටරියක්, සහ බල්බ හතරක කට්ටලයක් අපි මිලදී ගන්න ඕනි රුපියල් 85000/= ක මිලකට.. ඉන් පසු ඒක විකුනන්න ඕනි තවත් තුන් දෙනෙකුට..තව තුන්දෙනකුට අපි විකුන්නාම අපිට ලකුනු තුනක් ලැබෙනවා. එසේ ලකුනු තුනක් ගත්තාම අපිට රුපියල් 13000ක කොමිශන් මුදලක් ලැබෙනවා. 

ඉන් පසුව අපෙන් බඩු ගන්නා අය වෙනත් අයට විකිනුවාමත් අපිට ලකුනු එකතු වෙලා අපේ ලකුනු වැඩිවෙලා අපිට බෝනස් ලැබෙනවා. රුපියල් 85000ට විකුනන කට්ටලයේ පිටකොටුවේ වටිනාකම ඇත්තටම රුපියල් 15000ක් වත් වෙන්නෙ නැහැ. එතකොට හිතාගන්න පුලුවනි ඔබට කොයි තරං ලාබයක් මේවා කරන අය ගන්නවාද කියලා. මේ කට්ටලේ ගන්න අයට නුවර එළියේ තියෙන හොටෙල් ක්වන්ටාරා කියන හෝටලයේ දින දෙකක නිවාඩු පැකේජයකුත් දෙනවා කියලා එයාල කිව්වා. 

මේක අමු වංචාවක්. මේ හැම ලෙක්චර් එකක් කරද්දිම කලුපාට ටීෂර්ට් එකක් සහ කලිසමක් අැදගත්ත කිහිප දෙනක් අපි වටකරගෙන හිටියා. ඒ වගේම ඒ අපි හිටිය ආධුනික පිරිස අතරෙම තවත් අය හිටියා වෙන්න පුලුවන් ඉත්තො විදියට දාලා. 

රුපියල් දාහට හරියන්න කෑම බීමවත් දුන්නෙ නැහැ..බීම දෙකක් දුන්නා..එද්දි අයිස් කෝපි එකක් දුන්නා. 
මේ දේශනා කල සම්පූර්ණ පිරිස 10ක් විතර. ඒ හැම කෙනෙක්ම මේ ආයතනයෙන් ජීළුිතය සාර්ථක කරගත්ත හැටි සුරංගනා කතා විදියට කිව්වා. 

ඒකෙ හිටපු ගෑනු නං හරි මහතයි. සමහර විට කොම්පැනිය ග්ලෝබල් නිසා ගෑනුත් ග්ලෝබල් මට්ටමට තියෙන්න ඕනි ඇති. අවසානෙ රුපියල් දෙතුන් සීයක කෑම බීම වලට රුපියල් 1000ක් මට ගෙවන්න උනා ... 

කොහොම උනත් මට තේරුන විදියට එතන හිටපු අලුත් කට්ටියගෙන් අඩුතරමෙ දහ පාලොස් දෙනෙක් වත් අර රුපියල් 85000ක් දීල මේ බිස්නස් එකට බහින්න ඇති. අනේ පවු ඒ මිනිස්සුන්ගේ සල්ලි.  සමහර දේශකයො කිව්වා එයාල මේ ව්‍යාපාරයට ආවෙ ඉඩම උගස් තියලා කියලා. සමහර කිව්වා එයාලට සල්ලි හොයාගන්න ණය වෙන්නත් උනා කියලා. කොහොම උනත් දුප්පත් පෝසත් අපි හැමෝම සල්ලි වලට කෑදරයි. ආසයි.. ඒ ආසාව නරුම විදියට පාවිච්චි කරනවා මේ වගේ තැන්වලදි. 

මට කතා කරපු ගෑනු ලමය රනාල පැත්තෙ බිස්කට් කොම්පැනියක වැඩ කරන්නෙ. ඒ චූටි කෙල්ලත් මේකට අහුවෙලා. ඒකිට මාසෙකටම රුපිය්ල දහ දාහක්වත් ඒ රස්සාවෙන් ඉතුරුවක් නැතුව ඇති. ඉතිං ඒ කෙල්ල රුපියල් අසූදාහක් හොයන්න අවුරුද්දක් වත් මහන්සි වෙන්න ඕනි. 

වැඩසටහන නමය හමාර විතර වෙච්චි පටන් අරං හවස 5 විතර වෙනකල් තියෙනවා. ඉතිං මේ වැඩසටහනට මම ගියේ කාම ආසාව නිසා. අයිඩන්ටි එකයි රුපියල් දාහකුයි අරං චූටි ගෑනු ලමයෙක් මට එන්න කිව්වම නොගිහිං ඉන්න බැරි කමක් හිතට ආවා. මෙතන වංචාවක් ඇති කියල හිතුනත් ඒකට වඩා කාමය උඩට ආවා. 

මේක ගැන තව විස්තර බලන්න ග්ලෝබල් ලයිෆ් ගැන දැනගන්න. ඒ වගේම ඔබට මේ වගේ අනපේක්ශිත රුපියල් දාහක ආරාධනාවක් ආවොත් දවස විනාසකරගන්නෙ නැතුව ඉන්නත් සැලකිලිමත් වෙනව නම් හොදයි. 

28 comments:

  1. හහ් හා... කෑවා නේද ලණුව?
    මේ ළගදී අපේ ගෙදෙට්ට එකෙක් බලෙන් අවා ඕක කියලා දෙන්න. අපි හතර දෙනෙකුට. ඌත් එක්ක අපිව හොදටම දැනුවත් කරන්න කියලා ඕකේ ලක්ෂ ගණන් හම්බ කරන තව හතර දෙනෙකුත් ආවා. බයික් දෙකක. උන්ගේ වාත අහගෙන ඉන්න බැරිම තැන උන්ගෙ ලොකුම මෝරගෙන් මං ඇහුවා උගේ සර්කල් එකේ කීයක් ඉන්නවද කියලා. තුන්සිය ගානක් කිව්වා. මං කිව්වා තුන්සිය ගානක් ඉදලත් ඔයා එන්නේ සයිකල් කටුවක නං මෙතනින් එහා කතා කරන්න දෙයක් නෑ නේද කියලා. එතනින් දැනුවත් කිරීම ඉවරයි :)

    ReplyDelete
    Replies
    1. උන්ගේ ඉන්න මෝරවගේ විසාල එකාටවත් කාර් එකක් නෑ..හැබැයි මේක හැඩල් කරන එකාට නම් පට්ට ලාබයක් එනවා.. පොඩ්ඩක් හිතපං ඔය බඩුව චීනෙන් ගෙන්වල පෙටා වල විකුනන්නෙ 10000ට..එතකොට ඕක අවසානෙට විකුනන එකාට ලැබෙන්නෙ එක ලකුනයි නේ..ඒ කියන්නෙ 13500න් තුනෙන් එකයි... එතන 4000යි..අපි නිකමට හිතමු ඕක යන්නෙ 10ක් ඉන්න ජාලයක් හරහා කියලා..එතකොට එකාට ලැබෙන්නෙ ඒත් එක ලකුනයි නේ..බෝනස් මුදල දෙන්නෙ ඒත් ලකුනු 3කට නේ.. ඒ ලැබෙන ගාන රුපියල් පන්සීයක් නම් තව පන්දාහයි ආයතනයට වියදම් වෙන්නෙ..එක බඩුවක් විකිනෙද්දි මුන්ට බෝනස් විදියට ගෙවන්නෙ වෙන්නෙ තව රුපියල් දහදාහක් විතරයි. බඩුව 10000යි..බෝනස් විදියට ගෙවන්න වෙන්නෙ තව 10000යි විසි දාහෙන් වැඩේ ශේප්..අර පහල යාලුවෙක් කියල තියෙන විදියට බඩුව රුපියල් 40000ට ලැබුනත් මව් සමාගමට රුපියල් 20000ක් ගෙඩිය පිටින ්ලාබ....

      Delete
    2. හොඳ අදහස් දැක්වීමක්ග කෙටි කතාවක් වගේ. ඒත් ඇත්තටම මේ වගේ මගඩි තියෙනවා.බෙස්ට් ලයිෆ් කියන්නෙ තවත් එකක්. මේවට නම් අහු වෙන්න එපා.

      Delete
    3. මමත් කලිං වතාවක බෙස්ට් ලයිෆ් එකට ගියා.. එ ලියපු ලිපියකුත් ඇති මගේ බ්ලොග් එකේම..දැන් හොයාගන්න බැහැ.. මම කියන්නෙ මේ ක්‍රමවේදයේ මූලික සංකල්ප ගැන දැනුමක් ලබාදෙන්න ඕනි.. එහෙම නැතුව පිරිමිඩයක් ඇදල මේක කිව්වට බොහෝ දෙනාට ඒ වගේ වංචාවක් තේරුම්
      යන්නෙ තවත් පිරමිඩයක් ආකාරයට ඇන්දොත් විතරයි..

      Delete
  2. ඕක දැං සැහෙන කාලයක ඉදන් තියන සෙල්ලමක්

    ReplyDelete
    Replies
    1. ඒක තමය අටං...මේක හෙන සිදුරු ගානක් අස්සෙන් රිංගල කෙරෙන වැඩක්..ඒත් එහෙම වුනත් අල්ලන්න විදියක් තියෙන්න ඕනි..මහ ලොකු ඇමති මැති වරු හොරාකන ඒව අපිට කෙලින්ම දැනෙන් නෑ..ඒත් අපේ පොකට් එකෙ තියෙන රුපියල් හතලිස් දාහක් අසූදාහක් ගලවද්දි හැම මිනිහටම ඒක අමාරුවක්..

      Delete
  3. මගේ ඥාති පුතෙක් මේක කරනවා.මිනිහා පවුලේ කිහිප දෙනක්ම අමාරුවේ දාලා .දැනට අවුරුද්දකට විතර කලින් මාව මුන ගැහෙන්න ආවම තමයි මම දන්නේ මිනිහා එහෙම එකක් කරනවා කියලා.කොල්ලට තවම අවුරුදු විස්සයි.අව දවසේ පැයක විතර ලොකු ටොක් එකක් දුන්නා මටයි මගේ එක්ක හිටපු තව මගේ මිතුරෝ කිහිප දෙනෙකුටයි.අවුරුදු පහක් ඇතුලත කිසිම මහන්සියක් නැතිව අනිවාර්යෙන්ම ලක්ෂ පනහක් හොයන විදිය කිව්වේ.මගේ යාලුවොත් කට ඇරගෙන බලාගෙන හිටියා.මම ඒ වෙලාවෙම මහ බැංකුවට කෝල් කරලා ඇහුවා මේ මොකක්ද මේක නීති විරෝධියි නේද කියලා.බැංකුවෙන් කිව්වා ඒකට අහුවෙන්න එපා අන්තිමට සල්ලිත් නැති වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. එයාල කියන්නෙ නම් මේක මහබැංකුවට අදාල එකක් නෙමෙය කියලා. මේක අයිති සමාගම් පනතටලු..මූල්‍ය ආයතනයක් නෙමෙලු..

      පාරිබෝගිකයින් සහ දායක වන්නන් වැඩිවන විට අතට ලැබෙන මුදල හෝ කොමිස් වැඩිවෙන සෑම කේස් එකක්ම පිරමිඩ්ම තමයි..හිතාමතාම වංචාවක් වෙන මෙහෙම තැන් තවමත් සුවසේ පවතින්න ඉඩක් මහබැංකුව පොලිසිය වගේ තැන්වලිනුත් හදලා තියෙන එක තමයි කේස් එක..

      Delete
    2. That's true, I called both central bank & "Samagam Madura" they said "BestLife" seems illegal but they can't do anything. So basically Sri Lankan law is useless

      Delete
  4. මාත් මෙයින් සෙමිනා එකකට ගියා. වෙලාවට ෆ්‍රී ටිකට් එකක් හම්බුනා බඩ කට පිරෙන්න කෑමත් එක්කම. තිබ්බෙ කඩවත ක්ලැරියොන් හොටෙල් එකේ. වැඩේ පටන් ගනිද්දිම කියනවා ෆෝන් ඕෆ් කරගන්න කියලා. මම ඕක කවදාවත් අහන්නෙ නැති නිසා ඕෆ් කලේ නෑ. මුලදි මුලදි හිතුනා සල්ලි අතේ තිබ්බනං අනිවාර්යෙන් රෙජිස්ටර් වෙනවා කියලා. ඒ තරමට දුක මාකට් කරා. දුක විතරක් නෙමෙයි අම්මට තාත්තට සලකන එක පවා.

    එක තැනකදි දේශනයක් දෙන්න ආවා කොල්ලෙක්. පේරාදෙණිය කැම්පස් එකේ ඩිග්‍රිය දාලා ආවා කියලා කතාව පටන් ගත්තෙ. මම නිකමට බුකි සර්ච් එකක් දැම්මා එවෙලෙම. හැබැයි එයාගේ ප්‍රොෆයිල් එකේ දාලා තිබ්බෙ මොරටුව විශ්ව විද්‍යාලය කියලා. එතනින් තමා සැකේ මතුවුනේ.

    ඒගොල්ලා කියනවා මේක පිරමීඩ් එකක් නෙවෙයි මම ඔප්පු කරන්නම් කියලා. හැමෝම කට ඇරගෙන බලන් ඉන්නවා ඒත් ඒක කියන්න ගිහින් නවත්තන්නෙ වෙන කෙහෙල්මලක් කියලා. මොකක් හරි නිසා කෑම බීම කාලා ඇවිල්ලා ඒ අදහස අතෑරලා දැම්මා. අන්තිමේ මගෙ යාළුවා කතා කර කර කිව්වා එච්චර සල්ලි එපා උඹට බොරු කියන්න පුළුවන්නේ හතලිස්පන්දහක් දියං මම උඹව රෙජිස්ටර් කරලා දෙන්නං කියලා.

    ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ලොකුවට මේකෙ ඔපීසිය තියෙනවා. මොන එකක්ද මන්දා මහ බැංකුව මේවා නීති විරෝධී කිව්වට නීතිමය ක්‍රියාමාර්ග ගන්නැත්තෙ.

    මේ එකක් විතරයි. මේවාගෙ තව ප්‍රභේද තියෙනවා. මම දන්න තරමින් බෙස්ට් ලයිෆ් ආයතනයත් ප්‍රධාන එකක්.

    අහුවෙන්න නම් එපල්ලා මැරෙනවා ඊට සැපයි.

    ReplyDelete
    Replies
    1. මම හිටියෙ ඉස්සරහම පේලියෙ. එන උන් අදින පලදින දිහා ඉතාම සැලකිල්ලෙන් බැලුවොත් වැඩේ ලස්සනට මීඨර් වෙනවා.. උන් ගොඩක් දෙනෙක්ගේ සපත්තු ඉතාම බාල ජාතියේ ඒවා.. ඒ වගේමයි උන් ඇදන් ඉන්න සර්ට් ගොඩක් වෙලාවට දහ පාලොස් වතාවක් හොදට පට්ට ගහපු ඒවා..කලිසම් වුනත් බැලූ බැල්මට පේනවා එච්චර මිලක් වෙන්නෙ නැති බඩු කියලා.. අනික තමයි හිටපු කෙල්ලො සෙට ්එක වුනත් ඒ ගන්නවාය කියන ගානෙ හැටියට මේක් අප් එකක් වත් දාල නැහැ.. මට නම් ඇත්තටම ඒ හිටපු මහ දායක කලු ඇදන් හිටපු කෙල්ලො පෙනුනෙ ම දාර බඩු ටිකක් වාගේ.. උන් මේ ජාතියෙ බිස්න්ස එක්ක නෙමෙයි වෙනත් ජාතියක බිස්නස් එක්ක කරන අය විදියටයි මට පෙනුනෙ..

      Delete
  5. මෙන්න තවත් හොරෙක් : ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්ත වසන්ත අබේසිරි යළිත් හොරකමේ

    ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තයෙකු වන වසන්ත අබේසිරි නැමැති පුද්ගලයා විසින් ටොරන්ටෝ විහාරයට , බ්‍රැම්ටන් බෞද්ධ පන්සලට හා මිසිසාගා පන්සලට ආධාර පිණිස කියමින් වංචනිකව ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබෙන බවට වාර්තා වේ.

    මීට ඉහතදීද මෙම පුද්ගලයා විසින් ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී තිබුණු බවට හිටපු කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතා විසින් පරීක්‍ෂණයක්ද පවත්වා තිබුණි. වසන්ත අබේසිරි නැමැත්තා මොන්ට්‍රියල් බැංකුවේ Bank of Montreal (BMO)සේවය කළ අයෙක් වන අතර ඔහු බැංකු සේවයෙන් නෙරපා හැර ඇත්තේ වංචනික චෙක්පත් ගණුදෙනුවක් හේතුවෙන් බව හෙලිවී ඇත​.

    මොහු කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන්ගේ අත්සන ඇතුළු අනෙකුත් විහාරාධිපති
    හිමිවරුන් ගේ අත්සන් හොරට යොදා ලංකාවේ ධනවත් බෞද්ධයන් ගෙන් ආධාර මුදල් එකතු කොට තිබේ.

    අප විසින් මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන් ගෙන් මෙන්ම බ්‍රැම්ටන් බෞද්ධ පන්සලේ හා මිසිසාගා පන්සලේ විහාරාධිපති හිමිවරුන් ගෙන් විමසීමක් කළ අතර මෙම පන්සල් වලට ආධාර සඳහා වසන්ත අබේසිරි නම් පුද්ගලයාට කිසිදු බලයක් ලබා නොදී තිබෙන බව එකී හිමිවරුන් පෙන්වා දුන්හ​.

    තවද මෙම වංචනික වසන්ත අබේසිරි නැමැත්තා අබෞද්ධයෙකු බවද කැනඩාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙති.

    ReplyDelete
    Replies
    1. ආගමට සල්ලි දෙන එක ගැන මම කතා කරන්න කැමති නෑ,. ඔය සල්ලි වලින් විහාර , ආරාම, චෛත්‍ය, පල්ලි, බිල්ඩින්..ආදිය හදාවි.. හදලා කෝටි ගනන් ලොකු පින්කම් කලා කියල මහ සද්දෙන් විවෘත කරාවි.. එතකොට කට්ටිය හිතාගෙන ඉන්නවා දිවිය ලෝකෙ ට පොඩ්ඩක් මෙහා හෝල්ට ්එකට දැන් සැපත් වෙලා ඉන්නෙ කියලා..

      මම පුද්ගලිකව කිසිම ආගමක කිසිම කර්තව්‍යයකට සත පහක් දෙන්නෙ නෑ..ඒකත් එක්තරා බිස්න්ස එකක්.. එලොව සැප පෙන්වලා මෙලොවදි අපේ දත ගලවනවා.. මොන ආගමත් එකයි..

      සියලු ආගම් ලෝකෙන්ම නැතිවෙලා ගියා කියල මිනිස්සු ආයේත ගල් යුගේට යන්නෙ නෑ.. මිනිස්සු ශිෂ්ඨාචාරගත වෙලා දියුනු සමාජයකට එද්දි ආගම හැමතිස්සෙම බාධාවක් අවුලක් වුනා මිසක ආගම මගින් ඇතිකරපු ලොකු දෙයක් නෑ..

      Delete
  6. ඕකට නැති උනත් ගෝල්ඩ් ක්වෙස්ට්, ටියෑන්ස්, ඇඩ් ක්ලික් වලට අල්ලගන්න මටත් ඔය වගේ ටෝක් දුන්න කට්ටිය හිටිය. මමනං කෙලින්ම උංට කියන්නෙ උඹලට ඔය ගාන හම්බකරන්න පුලුවන්නං කරල පෙන්නපං කියල.
    මට කතාකරපු එකෙක්වත් එහෙම හම්බකරපු බවක් පෙනුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඔය ඇඩ් ක්ලික් කරන වැඩේ මුල ඉදන්ම විස්වාස කලේ නැහැ.. අපි ක්ලික් කරන ඇඩ් එකෙන් ඒ මිනිස්සුන්ගේ බඩුව මුට්ටුව විකිනෙන්නෙ නැත්තං ඒක සාර්ථක වැඩක් නෙමෙයි නෙව.. නිකං ක්ලික් එකට ගෙවන්නෙ ටික කාලයයි..ඉතිං ඒව ඒ විදියට සිද්ද වුනා නෙව..

      Delete
  7. මෙය වංචාවක් නොවේ. කොමිස් සහ කරකෝල දාන සේල්ස් ටෙක්නික්ස් වලින් කරන ව්‍යාපාරයකි. මහබැංකුවට / පොලිසියට / ආණ්ඩුවකට ලෝකේ තියෙන හැම දේටම නීති හැදීමට , ක්‍රියාත්මක කිරීමට නොහැක. මෙයට විරුද්ධව ක්‍රියා කරන්නත් බැරි එය නීති විරෝධී නැති නිසාය. එය නීති විරෝදී නං සියළු කොමිස් මත කෙරෙන කටයුතුත් නීති විරෝදී වේ. මොලයක් කියා එකක් දෙයියන් දී තිබෙන්නේ මේ වගේ අවස්ථා වල ප්‍රයෝජනයට ගැනීමටය. මොලය පුක අස්සේ ගසාගෙන ක්‍රියා කරනවා නං පාඩුව තමන්ම විඳ ගත යුතුය.

    අඩු අධ්‍යාපනය , දුප්පත් කම , ඇඟ කටු වීම , මෝඩ කන් කිරීමට බලපත්‍රයක් නොවේ. වැඩුණු ගැහැනුන් , මිනිසුන් කිසිදෙයක් නොතේරෙන , ඕන එහෙකට ඇන්දෙන , අහිංසක තොත්ත බබ්බුන් ලෙස ගැනීම විහිළුවකි . එසේනම් බුද්ධිමත්ව භාවිතාකිරීමට වැඩුණු පුරවැසියන්ට දෙන සර්වජන චන්ද බලයද විසිලුවකි. නොවියයුත්තකි.

    ReplyDelete
    Replies
    1. පිරමිඩ ක්‍රියාව වරදක් කියල සහ ඒකෙ තියෙන අනතුරුදායක බව අෙවබෝධ වෙන්න යම්කිසි ගණිත දැනුමක් අවශ්‍යයි. ලංකාවෙ ගම්බද පලාතක ගණිතය සමත් වෙන්නෙ කලාතුරකින් ලමෙයෙක්. ඒ නැත්ත කාලයක් තිස්සෙ අධ්‍යාපනික වටපිටාවක නොඉන්න කෙනෙක්ට බොහොම ලේසියෙන් තර්කානුකූල යම් යම් සිද්ධාන්ත මතක නැතිවෙන්න පුලුවන්.

      උගත් බුද්ධිමත් මිනිස්සුන්ට ඕනි පද්ධතයකදි වැඩි වරප්‍රසාද ලැබෙනවා. ඉන් පසුව ඒ අ ය ගේ එක වගකීමක් තමයි අර අඩු වෙන් උගත් අඩු බුද්ධිමත් මිනිස්සුන්ට විය හැකි අන්තරා වලින් හැකිපමණ ගලවාගැනීම. අධ්‍යාපනය වැඩි අයට වරප්‍රසාද වැඩියෙන් ලැබෙන්නෙ ඔවුන්ට සහතික වශයෙන් ලැබෙන සුදුසුකම් ටිකටම නෙමෙයි.. පොදු මහත් සමාජයේ දුප්පත්, අහිංසක නූගත් මනුෂ්‍යයින්ටත් වඩාත් සාධාරන ලෙස සැලකීමට..

      සර්වජන ඡන්ද බලය ලබාදීමේදී පවා බෙහෝ ජනතාව විශ්වාස කරන්නේ බුද්ධිමතුන් උගතුන් සහ සමාජයේ නමක් ඇති පුද්ලයින් බහුතරයකගේ විශ්වාසනයන්ය. කවර නම් වූ සමාජයකදී පවා බුද්ධිමතුන් උගතුන් විසින් ඔවුන්ට හැකි පමණ ඉතිරි සමාජයට වඩාත් හිතකර යෙදවුම් ක්‍රියාවේ යෙදවීම සාමාන්‍යයෙන් සිදු වේ.

      පිරමිඩ ක්‍රමයේ නැගීමත් එක්ක පිරමිඩ් ක්‍රමයට එරෙහිව ලෝකයේ නීති සම්පාදනය වීම ඇරඹුනා. ඒත් එක්කම එයාල ඊලගට පටන් ගත්ත වැඩේ තමයි මල්ටි ලෙවල් මාකටින් නැත්තං නෙට්වර්ක් මාකටින්.. මේ නෙට්වර්ක් මාකටින් වලින් සාර්ථක වෙන පිරිස..ලාභයක් ලබන පිරිස..( භාන්ඩය වෙනුවේන වියද්ම කල මුදලට වඩා වැඩියෙන් හොයන අය) ඉතාම සුළුතරයයි.

      නෙට්වර්ක් මාකටින් සහ මල්ටි ලෙවල් මාකටින් කියන සංකල්පය හොද ආදායම් මාර්ගයක් විදියට ලෝකෙ දැනුම් තේරුම් ඇත අය දකින්නෙ නැහැ.. නමුත් මේ වංචාකාරින් තමුන්ගේ වැඩපිලිවෙලට අලුතින් මිනිස්සු හොයන්නෙ මෙඩිකල් ෆැකල්ටි වලින් නෙමෙයි.ඉංජිනේරු ෆැකල්ටි වලින් නෙමෙයි.. සාමාන්‍ය ජනතාව අතරින්..

      එතකොට ඈත ගම් වල මිනිස්සුන්ට ඕක තේරුම් යාමේ හැකියාව විවිධ සාධක නිසා නැතිවෙන්න පුලුවනි. උදාහරන විදියට නිත දෙවේලේ ලස්සනට අදින පලදින මිනිස්සු දකින නාගරිකයින්ගේ හිතේ ඇදුම ට තියෙන ගරුත්වයට කතාවට තියෙන ගරුත්වටය වඩා ගැමියාගේ තියෙන ගරුත්වය නැමියාව වැඩියි.

      අපේ මහබැංකුව පිරමිඩ වගේම මේ නෙට්වර්ක් මාකටින් ගැනත් දැනුවත් කිරීම ්සිද්ද කරල තියෙනවා.. නමුත් ඒ කරපු දැනුව්ත කිරීම් ආදිය මේ සිදුවීම ටලක්වෙන ස්ථරය කරා ගමන් කරනවාද කියන එක ගැටළුවක්.

      ඔබ දකින්නට ඇති පසුගිය කාලයේ ඔස්ට්‍රේුලියාවට බෝට්ටුවෙන් යන්න එපා කියන දැන්වීම.. ඒ දැන්වීම කොයි තරම් සැරට සමාජයට කාන්දු කරන්න ඔස්ට්‍රේලියා රජය උත්සාහ ගත්තද? කොටින්ම තැඹිලි ගෙඩියක් බොන්න පොඩි පෙට්ටි කඩයකට ගොඩ වනත් ඒකෙත් අර දැන්වීම තිබුනා මට මතකයි..

      ඇමරිකාවෙ සමහර විට මේකට ලක්වෙන්නෙ වැඩිපුර අපේ රටේ මේකට අහුවෙන ස්ථරය නෙවෙන්න පුලුවන්.. අපේ රටේ යමක් කමක් නැති ස්ථරය මේකට අහු වුනාට ඒ රටවල විශ්‍රාමිකයින් වගේ වැඩි මනක් වැඩක් නැති එය මේ පිරමිඩ නෙට්වර්ක් මාකටින් වලට ැවඩියේන යොමු වෙනවාය කියලා මම අන්තර්ජාලයේදී දැක්කා..

      බොරු කියාල මිනිස්සු රැවටීම..කිසිදා නොලැබෙන දේවල් මවා පෑම..ව්‍යාජ ලෙස ප්‍රතිලාභ ඉදිරිපත් කිරීම.. කිසිදු ලිඛිත සහතිකයක් නොමැත ිවීම ආදී විෂමාචාර ගොඩක් මම ගිය අවස්ථාවේදි මට දකින්නට ලැබුනා.. ලංකාවෙ සල්ලි තිබුනට විනෝද වෙන්න ආසාව තිබුනට සූදු කෙලින්න බූරුව ගහන්න තහනම්. එහෙනම් ඇයි මේ පිරිසකට තවත් පිරිසක් රවටලා නොලැබෙන දෙයක් ලැබෙනවා කියලා පෙන්වලා මුදල් හම්බ කරගන්න අසීමිත අවස්ථාවක් අරං දෙන්න නිදහසක් තියෙන්නෙ.. ?

      Delete
    2. පිල්ලිමහත්තයාට් වගේ අපිටත් මොළේ පොඩ්ඩ්ක් පිහිටුනානං කියලා වැඩක් නෑ මහත්තයෝ. මහත්තයා වගේ බුද්ධිම්ත් ජනතාව විතරක් අපේ රටේ උන්නනං මේ වගේ නීත්‍යානුකූලව සේල්ස් ටෙක්නික් වලින් අපේ මොළේ මඤ්ඤං කොරන මෙව්වා අපේ රටෙන් තුරන් වෙලා බොහෝ කල් නෙවැ. පිල්ලි මත්තයාගේ කොමෙන්ටුව කියෙව්වට පස්සේ මටත් පිල්ලි මහත්තයාගෙන් බල්බයක් අරං පුකේ සවිකරගන්නට හිතෙනවා අම්මපා!

      Delete
    3. //බොරු කියාල මිනිස්සු රැවටීම..කිසිදා නොලැබෙන දේවල් මවා පෑම..ව්‍යාජ ලෙස ප්‍රතිලාභ ඉදිරිපත් කිරීම.. කිසිදු ලිඛිත සහතිකයක් නොමැත ිවීම ආදී විෂමාචාර ගොඩක් මම ගිය අවස්ථාවේදි මට දකින්නට ලැබුනා..//

      ඔය කියා ඇත්තේ නෙට්වර්ක් මාර්කටිං සම්බන්ධ දෙයක් නොව වංචා සහ රැවටීම් සම්බන්ධ දෙයකි. වංචා සහ රැවටීම් වෙනත් ව්‍යාපාර වලටත් පොදුය . මේ සියල්ලටම දඬුවම් දීමේ නීති ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇත. අගතියට පත්වූ පාර්ශව වලට සාධක සහිතව නිතිය හමුවට යාමට දැනට ඇති නීති ප්‍රමාණවත් වේ. නමුත් නිත්‍යානුකුලව කොමිස් මත පදනම්ව කරගෙන යන නෙට්වර්ක් මාර්කටිං නැවැත්වීම නම් අසීරුය

      //පිල්ලි මත්තයාගේ කොමෙන්ටුව කියෙව්වට පස්සේ මටත් පිල්ලි මහත්තයාගෙන් බල්බයක් අරං පුකේ සවිකරගන්නට හිතෙනවා අම්මපා!//

      දැක්කනේ මාකටිං වල බලේ !!! ඇනෝලට පුකේ හයිකරගන්න බල්බ් විකුනන්න පුළුවන් එකෙට්ට වෙන මොනවාද කරන්න බැරි. අන්න එහෙම හැකියාවල් අගය කරපල්ල යකුනේ !!!!

      Delete
  8. Mahasohon pilliya.
    Putha oya nama gama kiyala hariyata enna owage atta natta pennala denna.
    Antimata sallith na yaluwoth na.maha ewun rata rata wala

    ReplyDelete
    Replies
    1. "Anonymous" November 1, 2015 at 11:22 PM said : //Putha oya nama gama kiyala hariyata enna//


      irony or sarcasm ?

      Delete
  9. //මෙය වංචාවක් නොවේ..// :p

    Ponzi scheme

    ReplyDelete
    Replies
    1. දැන් රට පාලනය වෙන්නෙත් ponsi scheme එකකට අනුව නිසා පොඩි මිනිස්සුත් එසේ කිරීමේ වරද කිම .. කිම ... කිම ? !!
      :v

      Delete
  10. තේරැම්ගනින් මචංලා මේක පිරමීඩාකාර ව්‍යාපාරයක් හෝ ජාවාරමක් නෙමෙයි මිනිස්සු බලෙන් ගන්නේ නෑ පැහැදිලි කරලා සැලැස්ම කියලා දිලා තමයි ජාලයට එක් කර ගන්නේ හැමදේම නෙගටිව් හිතන්න එපා බලපන් අපි නොකරාට පිටරට වල මේක කරන හැටි උඩින් බලලා සියල්ල තීරණය කරන්න එපා මේක නීතිවිරෝධී ව්‍යාපාරයක් නොවේ

    ReplyDelete
    Replies
    1. මම දකින විදියට ඔය බඩුව ගන්න බොහෝ දෙනෙකුට ගෙවන ගානට ප්‍රතිලාභය ලැබෙන්නෙ නෑ..ඒක මම ඔය ව්‍යාපාරය හා සම්බන්ධ වුනු කීප දෙනකු අද්‍්‍යනය කරලා දැනගත්ත දෙයක්..
      ඊට අමතරව විකිපීඩියා එකේ පවා නෙට්වර්ක් මාකටින් වල තියෙන අනතුර ගැන යම්තාක් දුරකට තොරතුරු තියෙනවා..සාර්ථක ව්‍යාපාරික උපායමාර්ගයක් නෙමෙයි ඕක..කියන තරං ලොකුගානක් අවසාන අයට ලැබෙන්නේ නෑ..

      ඕනිම දෙයක් සුබවාදීව දැකීම කියන්නෙත් අවුලක්.. බොහෝ දෙනාට ඒකට වියදම් වුන ගානවත් හොයාගන්න බැරිවුනානං අති බහුතරයට වඩා මම සුපර් කියලා හිතන්න තරම් මම මෝඩ නෑ.. ඒ නිසා මට අනුව ඕක උගුලක්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. මගෙත් යාළුවෙක් හිටියා.වැඩි කතා බහක් කරේ නෑ. Online Job එකක් කරමු කිව්වා. මාසෙට ලක්ෂයක් විතර හොයාගන්නත් පුළුවන් කිව්වා. ඌ කිව්වා. Company එකට Join වෙන්න කැමැත්තක් තියනවනම්. කියන්න කියල.. A/L කරල කැම්පස් යනකන් නිකං ඉන්න එකේ. මාත් හා කිව්වා .. Zoom meeting එකක් arrange කරල දෙන්නං කිව්වා.
    කතා කරගත්ත විදිහට Zoom meeting එකක් තියල. පටන් ගත්තා .. මුලින් ආවෙ MBBS degree එකක් ගත්තා කියපු ඩයල් එකක්. Doctor කෙනෙක් වෙලා සල්ලි හොයනවට වාඩා මේ ක්‍රමේ හොඳයි කියාගෙන හෙන බයිලාවක් ගැහුවා. ඊට පස්සෙ තමයි නායකයා කියාගත්ත එකා කතාවට Enter උනේ. ඌ අම්මට සිරි හෙන දේශනය.. උඹලගෙ ජීවිතේ තෘප්තිමත්ද . තෘප්තිමත් වෙන්න මේ කාරනා තිායන්නෝන. යන්න එන්න වාහන තියනවද.. දෙමව්පියන්ට සලකන ආකාරයි.අම්මෝ උඹල මේ ⁣ජීවිතය විඳිනව නෙවේ විඳවනව අරකදමේකද.. කොහොම හරි පැය 2කට වැඩිද මංදා දේශනය.. අන්තිම මොහොතෙ තමයි ඒක කරන විදිහ කිව්වෙ. ඒ වෙද්දි. ඒ package එක රු 130000 යි. ..
    එදාම අදහස අත්හැරගත්තා ..
    හැබැයි ඒ වෙලාවෙ සල්ලි තිබ්බනම්මාත් අහු වෙනව..

    පස්සෙ මම තව යාළුවෙක්ට කතා කරල විස්තරේ කිව්වා.. ඌ මට හිනා උනේ නැති එක විතරයි ඌ මට විස්තරේ කිව්වා අහුවෙන්න නම් එපා මේක මේ වගේ කියල.

    ඒකත් හරි කියමුකො.
    එදායි පස්සෙ මාව අර දේශනයට සම්බන්ධ කරපු යාළුවගෙන් තිබ්බ වදේ.. කෝල් ගන්නවයි අරකයි මේකයි..

    මගෙ කෙල්ලවත් එච්චර උදෙන් නොවරදවා Good Morning කියල messages දාන්නෑ.. motivation Videos දානවයි.. මට අප්පිරිය උනා. Good morning කියල එවන message එක පවා.මානසික වදයක් වගේ.. ඒ ගමන මම ඌව Block කරා.
    පස්සෙ අවුලක් නෑ.. 😂😂😂

    ReplyDelete
    Replies
    1. ඖ මාර වදයක් දෙන්නෙ සමහර ඩෑල්

      Delete