Thursday, April 28, 2016

දේශපාලකයින් නැති ලෝකයක්

ඉස්සර ලංකාවෙ තිබුනෙ රාජ පාලනයක්. මෙතනදි රජතුමා කවුද කියලා තෝරන්න අපිට බෑ. නමුත් රජතුමාට හිතුමතේ ඔක්කෝම කරන්න පුලුවන් කම තිබුනාද? මම හිතන්නෙ එහෙම තත්වයක් සම්පූර්ණයෙන්ම තිබුනෙ නෑ.. 
ආගමික නායකයින්..ප්‍රාෙද්ශිය නායකයින් වගේ වැදගත් තනතුරු සහ ඇමති මන්ඩලයේ තීරණ වලට රජතුමාට අවනත වන්න සිද්ද වුනා.. 

දැන් අපි නායකයින් තෝරලා වැඩිම මනාපයෙන් වෙන් කරලා පත්කරගන්නවා.. එහෙම අය ඉන් පස්සෙ කරන දේවල් දිහා බල බල වැඩියෙන්ම කරන්නෙ බනින එක නෙව.. මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් සීයේට අසූවක් විතර හරිම කැමතියි දේශපාලනයට බනින්න. 

කෝච්චියෙ එන ගමන් මිනිස්සු තමුන්ගේ දරුවා හොරපාරෙන් ඉස්කෝලයට දාගන්න හැටි කතාවෙනවා.. හොරට සීට් බුක් කරගන ට්‍රිප් යන්න කතා කරනවා.. තමුන්ගේ වැඩක් කන්තෝරුවකින් දන්න අදුනන කෙනෙක් ලව්ව ලේසියෙන් කරගන්න හැටි කතා කරනවා.. ඒ වගේ පවතින ක්‍රමය වයලේට් කරන හෙවත් ඒ අතරින් රිංගා යන්න හොයන ගමන්ම දේශපාලකයින්ටත් පස් පඩංගුවේ බනිනවා.. 

දේශපාලකයො මේ රටට වැඩියි.. චාර්මි සෑම් නැමැති අය ෆේස්බුක් එකේ පොඩි සමීක්ෂනයක් කරල තිබුනා ප්‍රාෙද්ශීය සභා නගර සභා මැතිවරණ පවත්වා ඒවා පිහිටුවලා නැති නිසා දැන් වෙලා තියෙන අවුල් මොකක්ද කියලා..කිහිප පොලක්ම අදහස් දක්වා තිබුනා. බොහෝ දෙනාට අනුව ලොකු අවුලක් වෙලා නෑ..කලිං විදියටම ඒ තැන් වල වැඩ සිද්ද වෙනවා. 

කුනු අදින එක, පිරිසිදු කරන එක, නගරයේ ගමේ කුඩා පාරවල් හදන එක, සනීපාරක්ෂක කටයුතු ගැන බලන එක වගේ කුඩා විශය පථයක් තමයි පලාත පාලන ආයතන වලට පැවරෙන්නේ.. ඉතිං ඔය කටයුතු වලට අපි හත් අටදෙනෙක් තෝරා පත් කරලා..ඒ කස්ටියට තව පඩිත් දීල නඩත්තු කරන එක වැඩක් තියේද? මම නම් හිතන්නෙ ඕවා දැන් කරගෙන යන විදියටම නිළධාරින්ට ම පවත්වාගෙන යන්න දෙනවා නම් හොදයි.. 

නිළධාරින් කියන ජාතිය පාලනය කරන එක ලොකු අමාරුවක් නෑ.. ආයතන සංග්‍රහය සහ නීති රෙගුලාසි බර ගානක් තියෙනවා සහ ඕනි නම් තව ඇතිකරගන්න පුලුවන් නිළධාරින් පාලනය කරන්න.. නමුත් බටු ඇට වගේ ඉන්න පොඩි දේශපාලුවෝ පාලනය කරන එක ඒ තරං ලේසි නෑ.. මොකද උන්ට රට වටේ කනෙක්ෂන්. එක එක තැන්වල ඇමිනිලා මහ ජාලයක් වගේ උන් ඉන්නෙ. 

කොළඹ පිටකොටුවෙ දැනට ෆ්ලෝටින් මාකට් හදාල තියෙන හරියෙ බේරේ වැව හරිම ගදයි.. මේ බේරේ වැව කියන්නෙ මම දන්න කාලෙ ඉදලා කොළපාට වතුර තියෙන මහ අපිරිසිදු තැනක්.. ඒකෙ නීලහරිත ඇල්ගී ඇර සතෙක් කුරුල්ලෙක් වත් ඉන්නවා මම නම් දැකල නෑ.. බොහොම නරක විදියට අපිරිසිදු වෙච්චි ජලාශයක් තමයි බේරෙ වැව.. 

බේරේ වැව කියන්නෙ විසාල එකක් නෙමෙයි.. පොඩි ඇලවල් කිහිපයකින් සමන්විත එකක්.. මේ බේරෙ වැව හරියට පිරිසිදුකරගන්න කොළඹ නගර සභාවට කවදාවත් හැකියාවක් නෑ.. ඕකෙ වතුර පිරිසිදු කරල ලස්සනට තියාගන්න මිනිස්සුන්ට අඩුතරමෙ දැඩි දුගදවත් නැති කරන්න දිගුකාලින ක්‍රියාමාර්ගයක් මේ කොළඹ නගර සභාවට නැහැ.. 

නගරයක පාලනය සහ නගර අලංකරණය ප්‍රධාන වශයෙන් බාර වෙන්නෙ නගර සභාවට..රටේ ආරක්ෂක ලේකම්ලා ලංකාවෙදි නගර අලංකාර වැඩ කලාට ඇත්තටම සාමාන්‍ය විදියට නම් අයිති නගර සභාවට.. කොළඹ නගර සභාවෙ දැන් දන්න කියන කාලෙක ඉදලා ඉන්න දේසපාලුවන්ට මේ නගරයේ තියෙන ජලාශ්‍ය පිරිසිදු කරලා හොදට තියාගන්න එක ගැන කිසිම අදහසක් නෑ.. 

කොළඹ නගර සභාව වරක් ත්‍රී රෝද රථ රියදුරු මහත්මයෙකුගේ බලයට නතු වෙනවා..එම අවස්ථාවේදී වැඩි මනක් දැනුමක් නොතිබූ එතුමා නෙමෙයි සැබැවින්ම නගරයේ පාලන කටයුතු මෙහෙයවූයේ නගර සභාවේ හිටිය නිළධාරි මහත්වරු.. 

අපි ප්‍රධාන නගර ගම් වලින් නියෝජිතයින් තෝරලා යවනවා ඔ්‍ය සබා වලට.. නමුත් අර නිළධාරි විතරක් ඉන්න කාලෙට වඩා වැඩි දෙයක් මේ අපේ නියෝජිතයින් ගියාය කියලා සිද්ද වෙන පාටක් නෑ.. ඇතැම් තැන්වල කුනු කදු  ඇදීම, පැල හිටවීම වැනි පොඩි පහේ සෝබන තිබුනත් දේශපාලකයින් නැතුව නිළධාරින් ිහටියත් ඒ අය අක්ක කතා බහ කරලා ඒ වගේ වැඩ අපිට පිලියෙල කරගන්න හැකියාවක් තියෙනවා. 

රටේ ඉහල සිට පහලට දේශපාලකයින්ට මහා විසාල දැක්මක් නෑ.. හැමෝටම තියෙන්නෙ සිල්ලර බලාපොරොත්තු ටිකක් විතරයි.. ඇත්තටම මම හිතන විදියට දැන් වගේ අපි විසින් ඔසවලා පත් කරලා මහත් කරලා යවලා අපිව පාලනේට තෝර ගන්නවාට වැඩිය හොදට ඉස්සර කාලේ පාලනේ සිද්ද වෙන්න ඇති.. කොටින්ම අපේ රජෙක් හිටිය කාලෙටත් වඩා පරදේස සුද්දෝ ඇවිත් නිල බලෙන් මෙහෙ පාලනය කරපු කාලෙ මීට වඩා ලස්සන වෙන්න ඇති.. සිංහල භාෂාව, ආගම, සාහිත්‍යය, කලාව සුද්දගේ කාලේ කියලා නෑ යම්කිසි මට්ටමකට දියුනු වුනා. 

රටවල් දෙකක් විදියට ගත්තාම ඉන්දියාව සහ චීනය විශාල ජනගහනයක් සහ භූමියක් තියෙන රටවල් දෙකක්.. මේ දෙකේ භෞතික සහ වර්ථමාන සමාජිය ආර්ථික හා බහුතර මිනිසුන්ගේ සමාජ තත්වය බැලුවාම චීන නාගරික ජනගහනය ඉන්දීය නාගරික ජනගහනයට වඩා සනීපෙන් සැපෙන් ඉන්නවා.. එයාලට ප්‍රජාචන්ච්‍රවාදය.. මැතිවරණ නිදහස වගේ වචන වැඩිය ඇහෙන්නෙ නෑ.. නමුත් සමාජ ආර්ථික මට්ටම අතින් චි්න නාගරිකයා ඉන්දියාවේ නාගරිකයාට වඩා සැපෙන් සිටින වගක් තමයි පේන්නෙ.. 

ඉන්දියාවෙ නායකයො තෝරන්නේ මිනිස්සු ඡන්ද දාල..අපෙ වගේම මිනිස්සු තමුන්ගේ නායකයා තෝරනවා.. නමුත් චීනයේදී නායකයා තෝරන්නේ එහෙම හිතුමනාපෙට නෙමෙයි.. හරියට නිළධාරින් පාලනය කරනවා වගේ වැසුනු ක්‍රමයක් තමයි චීනයේ තියෙන්නෙ.. රටක් විදියට චීනයේ භෞතික දියුනුව එක්ක ඉන්දියාවට හැරෙන්නට වත් බෑ... 

නිදහස, ප්‍රජාචන්ච්‍ර වාදය වගේ දේවල් නැති වුනත් චීනෙ මිනිස්සු හොදට කාල ඇදල ඉන්නවා කියල පේනවා අඩුවසේන් නාගරික සෙට් එක හරි.. චීනෙත් ගම් නම් අජූතයි කියල තමයි කියන්නෙ.. නමුත් ඉතිං ඉන්දියාවෙ ගම් කියන්නෙත් ඒ වගේම ජාතියක් නෙව.. 

අපි තෝරලා අපිම පත් කරලා අපිටම බනින්න සිද්ද වෙනවාට වඩා මේක පරම්පරාවෙන් පරම්පරාවට ගියානං හොදයි කියල මට අනේකවාරයක් හිතිල තියෙනවා. හරියට අවුුරුදු උත්සවේක වට්ටක්කා ගෙඩියක් පාස් කරගන්නවා වගේ 1948 ඉදලා අපි රට කියන වට්ටක්ක ගෙඩිය කට්ටිය බරගානක් අතට දුන්නා..දැන් නං ඒක නරක්වෙන්නත් ගිහින්.. ඒත් තාමත් අපි තව කෙනෙක් හොයනවා වට්ටක්ක ගෙඩිය බාරදෙන්න.. මං හිතන්නෙ අපි ලබාගත්ත නිදහස ප්‍රජාචන්ච්‍රවාදය සර්වජන ඡන්ද බලය කියන්නෙ ඕකට වෙන්න ඇති. 

15 comments:

  1. මිනිසා දේශපාලන සත්වයෙකි කියල ජෝන් සීනද කොහෙද කියල තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. දේශපාලනය මෙහෙදි පොඩ්ඩක් විතර වැඩියෙන් එන්ජෝයි වෙනවා කියල හිතෙන්නෙ නැද්ද? අපේ රටේ නාට්ටි චිත්‍රපටි තරමටම දේශපාලනය ජනප්‍රියයි. වෙන තාක්ෂණික, කලා, විද්‍යා, ගවේෂන ආදිය ට වඩා විසාල තැනක් මාධ්‍යයන් තුල දේශපාලනයට හිමි වෙලා තියෙනවා.. මිනිස්සු දේශපාලනය දකින්නේ දෙවියන් වහන්සේ වගේ... කවුරුහරි හෝ කන්ඩායමක් පත්කරලා එයාලගෙන් බලාපොරොත්තු නොවෙන දෙයක් නෑ..

      Delete
  2. //රටේ ඉහල සිට පහලට දේශපාලකයින්ට මහා විසාල දැක්මක් නෑ.. හැමෝටම තියෙන්නෙ සිල්ලර බලාපොරොත්තු ටිකක් විතරයි.. //

    සම්පූර්ණ ඇත්ත. ඒ වගේම, මේ රටේ දැක්මක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද? වැඩි දෙනෙකුට ඇත්තේ තමන්ගේ වැඩේ කරගන්නා දැක්මක් විතරයි. දේශපාලකයන් කියන්නෙත් අපේ සමාජයේම හරස්කඩක් නිසා වෙනයම් දෙයක් බලාපොරොත්තු වන්න පුලුවන්ද?

    ReplyDelete
  3. ලංකාව චීනය වගේ නම් පාරිසරිකව දුෂණය වෙන්නෙපා.

    ලංකාව සුන්දරයි බුද්ධිමත් දේශපාලකයෝ හිටිය නම්, ඒත් උබ කියන්නෙ නූගත් උන්ට තියෙන ඔය රස්සාවත් නැති කරන්න කියලද?

    ReplyDelete
    Replies
    1. පාරිසරික දූෂනය වගේම චීන සංවර්ධනයෙ අයහපත් පැති තියෙනවා.. ඒත් චීනේ මිනිස්සුන්ට අපිට වගේ දේශපාලනය එන්ජෝයි කරන්න ලැබෙන්නෙ නෑ..අපි හිතනවා අපිට තියෙන දේශපාලනය පෑ විසිහතරමෙ කතා කරලා..අපිට කස්ටිය තෝරන්න ලැබුනාම ඒකෙන් බොහෝ බොහෝ දේවල් ලැබෙනවා කියලා..

      Delete
  4. ලොකු අවුලක මේ වෙද්දි අපේ දේසපාළුවො තමන්ගෙ ගොඩ වැඩි කරගන්න දගලන වෙලාවක ජනතාවක් විදිහට නැගී ඉන්ඩවත් මේ රටේ බෑ.ඒ තරමට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිරිහිලා.ඒකට හොදම එක අර මැයි රැලි..අපේ එවුන් කිරුලපනයි.ගාල්ලෙයි...තව කොහෙ කොහෙ හරි යයි.අර පාට මේ පාට වල එල්ලිලා බත් පැකැට් එක ගොඩ දාගන්ඩ බලනව මිසක් අපේ උන් අපේ වුන්ගෙ අයිතීන් රැක ගන්න බලන්නෙ නෑ..



    මම අලුත්....


    සීමා මායිමි ඉක්මවා.
    http://simamaimikmawa.blogspot.com/?m=0

    ReplyDelete
  5. මහ එවුවන්ට ඔත්තු කිියන එකයි පොදු ජනතාවගෙ වැඳුම් පිදුම් ගන්න එකයි රජයේ සේවකයන්ට බැන බැන ජනතාගේ මුදල් කොල්ලකන එකයි නැවතීලා තියන එක මහා ඛේදවාචකයක්. ඒ හින්ද පළාත් පාලන ඡන්දය ඉතා ඉක්මණින්ම තියෙන්නම ඕන

    ReplyDelete
    Replies
    1. ජනතාවට ඔය පාලකයින්ගෙන් කියලා ලැබෙන එක්තරා වරප්‍රසාදයක් තමිය ඔය බත් පැකට් අරක්කු සහ නොමිලේ ට්‍රිප්.. ඒවා නැතිකරන එක තේරුමක් නෑ.. ඔය සල්ලි නිකංම නාස්ති වෙනෝට වඩා අරක්කුඩ ඩිංගක් දුප්පත් බඩකට යවන්න හරි වියදම් වෙන එක ලොකු දෙයක්...

      Delete
  6. උඹේ කතාවට එකඟයි. මාත් හිතන්නෙ නිලධාරීන්ගෙන් පාලනය කිරීම හොඳයි දේශපාලකයන් පත්කරනවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. මේකනේ මචං ....ප්‍රාදේශීය සභා ලෙවල් එකෙන් මැම්බර්ලා නැතුව නිලධාරීන් පත්කරගෙන යනවා කියපන්. එතකොට යුසී ලෙවල් එකෙන් උඩ තියෙන පලාත් සබා පොලිටික්කෝ යුසී මැම්බර්ගේ වැඩේට බහිනවා. බලපන් ඊටත් උඩින් තියෙන පාර්ලිමෙන්තුවේ කබ්බෝ කොච්චර නගරසභා, ප්‍රාදේශීය සභාවලට හොම්බ දානවාද කියලා. මේක දේශපාලන සංස්කෘතියෙ සහ අපේ එවුන් හිතන විදිහේ අවුලක් නෙමේද?

      Delete
    2. ඔව්.. එහෙම අවුලක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කානු මංතීරු විවෘත කරනවා ඇමතිවරු කුනු අදින්න යනවා.. කොහෙන් හරි හොම්බ දාන එක නවත්වන්න බෑ..ඒත් මෙම්බර්ස්ලා ගාන හරි අඩුවුනොත්... ඒකත් ලොකු දෙයක් නෙව..

      Delete
    3. ඔව් අමිල....ඒක තමයි අඩු කරගන්න ඕනම දේ. වෙන මොනවා අඩු වුනත් කමක් නැහැ. :D

      Delete
  7. නිලධාරිවාදය හමුවේ අසරණ ඇතැමුන් කරකියා ගතනොහී ඉන්නව බොහෝ.පාරම්පරික රජකෙනෙකු රට පාලනය කිරීම යහපත් යැයි සිතන්නා සේම නිලධාරීන් නොව දේශපාලනඥයින් රට පාලනය කිරීම වඩා මැනවයි සිතේවී ඔවුන් රට පාලනය කරතොත් එක් දිනක්..මා දන්නා තරමට නිලධාරින් රට පාලනය කිරීම උදෙසා අර්ථයෙන් ධර්මයෙන් රජුට අනුශාසනා කලද ඔවුන් රට පාලනය නොකරති.
    කොටින්ම මගේ මතයය නිලදරුවන් රට පාලනය කරනවාට වඩා දෙස්පලුවන් රට කරවන එක වඩා හොදය යන්නය

    ReplyDelete
    Replies
    1. නිළධාරින් පාලනය කරගෙන වැඩකරගන්න එක දේශපාලකයින්ගේ සහ නායකයින්ගේ හැකියාව.. එහෙම සිස්ටම් කුඩුපට්ටම් කරල වැඩ කරපු බුවාල ඉන්නවා.. මට මතක විදියට කොයි තරම් කැත වැඩ තිබුනත් ආර් ප්‍රේමදාස නිළධාරින්ට වැඩ උගන්වපු පොරක්.. මැරෙනකොට මිනිස්සු රතිඥ්ඤා පත්තු කරන මට්ටමට පිකප් වුනේ අපේ ජාන වලම තියෙන කම්මැලි කම නැති කරලා වැඩක් කරන්න පුලුවන් මට්ටමට අපිව දක්කපු නිසා ඇතිවෙච්චි තරහක් නිසා කියලත් මට හිතෙනවා..

      Delete
  8. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete