Sunday, June 12, 2016

මොටෝ මොඩ්ස් (Motomods)

යාලුවනේ අපි අද දැකබලාගන්න යන්නේ ෆෝන් එකෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය වැඩි කරගන්න මෝටරෝලා Motorola කොම්පැනිය හදුන්වා දෙන නවතම එලිදැක්වීම ගැන. මේකෙ නම මොටොමොඩ්ස් ඉතිං මේක වෙන්නෙ කොයි ආකාරයට ද කියලා අපි බලමු පිංතුර වලින්ම .. 
මේ යටම තියෙන්නේ ෆෝන් එක.. ඒකෙ පහල තියෙනවා ඩොට් වගයක් ඕගොල්ලන්ට පේනවා ඇති.. මේ ෆෝන් එකේ පසුපස කවරය ගලෝලා වෙනත් කෑල්ලක් හයි කරන්න පුලුවනි අර ඩොට් වලට සෙට් වෙන්න. දැඩි චුම්බක ඒ කිව්වෙ කාන්දම් බලේකින් ඒ සවිකරන අමතර කෑල්ල මේ හොද ඉස්මාට් ෆෝන් එකට අර තුඩු හරහා සම්බන්ද වෙනවා.. 
මේ පෙන්නුම් කරන්නෙ ඒ විදියට සම්බන්ධ වෙන තඹ සම්බන්ධක කොටස්.. මේවා හරහා ෆෝන් එකේ දත්ත පිටත උපකරණයකට විදුලි වේගයෙන් දෙන්නට හැකියාව තියෙනවා..සරලව කිව්වොත් මේක ෆෝන් එක සහ තවත් කෑල්ලක් සම්බන්ධ කරගත හැකි ක්‍රමයක්. මේ විදියට ආපු අලුම්ම පෝන් එක තමයි මෝටරෝලා ඉසෙට් කියන එක. 
Moto Z Droid කියන ෆෝන් එක තමයි මේ..මේ ෆෝන් එක බොහොම කෙට්ටු ෆෝන් එකක්. මේකෙ පිටිපස්සට තමයි ඉහත මම කියපු අර මොටෝ මොඩ්ස් කියන දිගහැරුම හදුන්වා දීල තියෙන්නෙ. මේක සාමාන්‍යෙයන් මේ දවස්වල එන උඩම ලැවල් එකේ ෆෝ්න් එකක ( flagship phone) තියෙන පහසුකම් වලින් සමන්විත වෙලා තියෙන ෆෝන් එකක්. 

කලිං අපි මොටෝ මොඩ්ස් වලින් වෙනත් කෑලි බෑලි ෆෝන් එකට සම්බන්ධ කරගන්න ඇහැකිය කියලා කිව්වට ඒ මොනවද කියලා කිව්වෙ නෑ.. සමාගම දැනට ඒ විදියට අමතරව සම්බන්ධ කරලා වැඩගන්න පුලුවන් කෑලි තුනක් හදුන්වා දීල තියෙනවා. එකක් තමයි මේ ජේ බී එල්(JBL) සවුන්ඩ් කෑල්ල. මේක අර ඉහත ඉසෙඩ් පෝන් එකට පිටුපස්සෙන් කාන්දම් බලෙන් ඇලෙව්වාම පස්සේ ජාති සවුන්ඩ් නිකුත් කරන පට්ට භාන්ඩයක් බවට පත්වෙනවා.. ස්පීකර හොයාගෙන ඒවට පවර් හොයාගෙන ඉන් පස්සේ කොනෙක්ට් කරගන වාත වෙන්න ඕනි කමක් නෑ.. සෝක් එකට සවුන්ඩ් කෑල්ල පිටුපස්සේන අලෝලා අපිට වැඩි සද්ද කොලිටි සද්ද අහන්න වාසනාව මේ නිසා ලේසියෙන්ම උදා වෙනවා.. 

ඉහල පිංතූරුවෙන් පේන්නේ ඒ විදියට සම්බන්ධ කරපු ජේ බී එල් සවුන්ඩ් කෑල්ල තමයි. ඒක කදිමෙට තියෙනවා..හොදට සද්දත් ඇති කියල හිතෙනවා.. 

ඊලගට මේගොල්ලා හදුන්වාල දුන්නා මේ විදියට පිටුපස්සෙන් අලවත හැකි ප්‍රොෙජක්ටර කෑල්ලක්. මේ ප්‍රොෙජක්ටර කෑල්ල පොඩි වුනාට ලියුමන්ස් 50ක ආලෝකය නිකුත් කරන අගල් 70ක් දක්වා විශෘලනය කරපු රූප පතිත කරගන්න පුලුවන් එකක්. 
ඒ කෑල්ල නිකං පෝන් එක පිටුපස්සට කෑල්ලක් අලෝල පෝන් පුකෙන් ලයිට් එකක් හයිකරලා වගේ ලුක් එකක් තියෙනවා.. කෙනෙක්ට හිතෙන්න පුලුවනි අඩ් ඩඩ් ඩේ...මේක අර ඉස්සර 3310 ත් තිබුන පෝන් එකේ එල් ඊ ඩී ටෝච් ලයිට් එක වගේ නේ කියලා..හැබැයි මේක ලයිට් එකක් වුනත් මේක පොඩි සයිස් ප්‍රොෙජක්ටරයක්..තවදුරටත් තනිකඩ උන්දැලාට යටලීයෙන් නාරිලතා මල් බලන්න ඕනි නෑ.. ෆෝන් එකට නාරිලතා දාගෙන ඒවා ඇඹරෙන හැටි මේ විදියට ප්‍රොෙජක්ටර එකකින් විසාල කරලාම දැකබලාගන්න පුලුවන් වෙනවා.. 
මේ තියෙන්නේ ඒ විදියට මොටෝ එකේ දාපු ඇඩ් එකක්.. මේ කියන තරම්ම ලකයක් නැතුවැති..ඒත් වැඩක් ගත හැකි මට්ටමට ඇති.. 

මීට අමතරව තා කෑල්ලක් ගහත හැකි අමතර බැටරියක් විදියට.. අමතර බැටරි බැංකු නම් ඉතිං අලුත් දෙයක් නෙමෙයි..එකම වෙනස ඒක පිටිපස්සේ තියාගෙන හරි නැත්තං බෑක් එකක දාගෙන හරි යන බැංකුව පෝන් එකේ පිටිපස්සේ අලවං යන්න පුලුවන් වෙන එක.. 
මේ තියෙන්නේ ඒ බැටරි කෑල්ල.. 

සංකල්පය ගැන.. 

මේක ජනප්‍රිය වෙයිද නැද්ද කියලා නම් හරියටම කියන්න අමාරුයි.. මේ ප්‍රොෙජාක්ටර සහ සවුන්ඩ් යන තැන් දෙකේදිම ඒ දෙකට ඒ කෑල්ලට වෙනම පවර් දෙන්න හැකියාවත්..ඒ වගේම ඒ කෑලිවලට අවශ්‍ය පොඩි බැටරි බලයක් ඒ කෑල්ලේමත් තියෙනවාලු... 

ප්‍රොෙජක්ට් අරා හෝ එරා Project Ara නමින් ව්‍යාපෘතියක් යටතේ තමයි මේක හදුන්වා දීල තියෙන්නෙ මොටෝ කම්පැනිය. මේකෙදි එයාල මේ නව සංකල්පය දියුනු කරන්න ඒ කියන්නෙ තා කෑලි සෙට් කරන්න කෑලි හොයාගන්න සහ ව්‍යාපෘතිය දියුනු කරන්න කැමති අයට අවස්ථාවක් දෙන්නත් ඉදිරිපත් වෙලා තිබුනා.. 

දැන් මොටෝ කම්පැනිය අයිති ලෙනෝවෝ Lenovo එකට.. මොටෝ කියන්නෙ පරණ නමක් වුනාට මොබයිල් ෆෝන් වලට අලුත්ම දේවල් හදුන්වාදීම අතින් මොටෝ හැමදාම ඉදිරියෙන් ඉන්නවා.. 

මෙතනදි සාමාන්‍යෙයන් මූලිකවම ෆෝන් එක පොඩි වුනාට ඉන් පස්සේ තා කෑලි හැමිනුවාට පස්සේ ෆෝන් එක නිකං ලොකු ස්වභාවයක් ගන්නවා.. සාමාන්‍යෙයන් අපේ රටේ වගේ නම් මේ වගේ මිල අධික ෆෝන් එකක් පාවිච්චි කරන අය ඒව රකින්නේ කවර දාගෙන වෙනම බෑක් වලත් දාගෙන.ඒ වගේ අය ෆෝන් එකේ තිබෙන බලය මේ විදියට පිට කෑලි එක්ක අමුනලා සෙයා කරගන්න කැමති වේද දන්නේ නෑ.. බොහෝ දෙනා ෆෝන් එක ඇහැක් විදියට රකිනවා ඒකෙ මිල වැඩිවෙනකොට.. ඒ අයගේ මේ ගැන තියෙන නැඹුරුව නම් කොහොම වෙයිද කියන්න බෑ.. 

හරකා කියල සරල සතෙක් අපේ රටේ ඉන්නවා..ඒත් කාන්තාරෙ ඉන්නෙ ඔටුවා.. ඔටුවා ලොකු මොල්ලියක් තියන ටිකක් හරකට වඩා ලොකු සතෙක්..ඒ සතා කාන්තාරයට හදාපු හරකාගේ කාන්තාර එඩිසන් එකක් වාගේ තමයි පෙනුම.. ෆොන් එකේ තියෙන සරල පෙනුම මේ මොඩ්ස් වලින් තවත් වැඩිකරලා ඒක පිටිපස්සේ මොල්ලි පෙනුමක් ෆෝන් එකට ලැබෙනවා මේ මොඩ්ස් හයි කලාම.. 

මේක පාරිබෝගිකයා කෝම දරාගනීද කියලා කියන්න අමාරුයි.. 

සාමාන්‍යෙයන් මම දකින විදියට අද කාලේ ඉහල මට්ටමේ ෆෝන් එකක සාමාන්‍ය පාවිච්චියේදී ඒකෙ සමස්ථ බලයෙන් සීයේට 20ක් වත් පාවිච්චි වෙන්නේ නෑ.. බොහෝවිට මේ වගේ ඉහල ෆෝන් එකක් මල්ටි ටාස්කින් වලට සපෝට් වුනාට අපි ප්‍රාෙයා්ගික පාවිච්චියේදි මූලික කාරණා කිහිපයකට පමණයි මේක පාවිච්චි කරන්නේ.. මහා බලගතු විසාලකෝච්චි එංජිමක් වගේ බල කට්ටලයක් තියාගෙන ඒකෙන් පොඩි කාර් එකක් වගේ සුට්ටි කරත්තයක් අදිනවා වගේ වැඩක් තමයි අද කාලේ බොහෝවිට ඉහල මට්ටමේ ෆෝන් වලදි ප්‍රාෙයා්ගිකව වෙන්නේ.. 

මෙතන ලොකු නාස්තියක් වෙනවා. ඒ බලය යොදාගන තව තව වැඩජාති ගන්න ඇහැකි වෙන්න මේ විදියෙ තව උපාංග ඉස්සරහට ඒවි.. 

මීට කලකට ඉස්සර ස්මාට් ජීවිතය ගැන අදිනකොට ඇන්දේ අපි මූලිකවම ගෙදර පරිගනකය මූලික කරගෙන අනික් තියෙන කෑලි බෑලි සෙන්සර් ටූල්ස් ඒකට සම්බන්ධ වෙන විදියට..නමුත් දැන් ඒ තැන පරිගනකය අයින් වෙලා මොබයිල් ෆෝන් එක ඇවිත්.. විවිධ ආකාරයේ උපකරණ රාශියක් සම්බන්ධ කරගෙන ඒ සියල්ල සමග ගනුදෙනු කරලා අපේ වැඩ එකලස් කරන්න හැකියාව අද එන ස්මාට්ෆෝන් වලට නොඅඩුවම තියෙනවා. 

අපි බොහෝ දෙනාට නම් මේවා ටිකක් මිල අධික වෙයි. ඒත් අපි දැනං ඉන්නෝනි මේවා ගැන. මොකෝ සල්ලි තියෙන උන් ලොකු ෆෝන් අරං ඒවායින් කොරන්න ඇහැක් වැඩ වලින් සීයේට 10කවත් වැඩක් නොගෙන පොයිය පෙන්වද්දි අපිට කාලකින්නි ලෙස සතුටුවෙන්න පුලුවන්..“අඩෝ අපි දන්නෝ ඔයිට වඩා ලොකු ඒවා ගැන“ කියලා 

වචනේ Motomods ඒක ගහලාYoutube වල පොඩ්ඩක් රවුමක් දැම්මනං මං මේ වචන වලින් ලිව්වාට වැඩිය හොදට වීඩියෝ වලින් මොටෝ මොඩ්ස් ගැන දැනගන්න හැකියාව ලැබේවි.. 

2 comments:

  1. නරකම නෑ. අවුරුදු කිහිපයක් යද්දි අපේ අතට ගන්න පුළුවන් ගා‍නකට එන්නැතෑ...

    ReplyDelete
  2. හමුදාවේ මාමලාට හමුදාවේ නැන්දලාට අහං ඉන්න හොද ප්‍රවෘත්තියක්..
    තරුණ වයසේ ආදරේට හරස් කපන සෝබනේට වැඩිහිටි අය දාලා පොඩි ලෙඩක්.

    ReplyDelete