Wednesday, September 28, 2016

පාස්පෝට් අයි ඩී ගන්න පරංගියා කෝට්ටේ

අලුත් පාස්පෝට් කන්තෝරුව සහ අයිඩෙන්ටි හදන තැන ගෙනහුං තියෙනවා අලුත් තැනකට ඒ ක තියෙන්නේ බත්තරමුල්ල සෙත්සිරිපාය කිට්ටුව..තාම ලොකේසම හරියට දන් නෑ..අපි දැන් නරඹමු සෙත්සිරිපාය තියෙන තැන ..



දැන් ඔයාලට පේනෝ ඇති බත්තරමුල්ලේ සැට්සිරිපාය.. මේක ගාවට පාස්පෝට් කන්තෝරුව ගෙනිච්චාම මොකද්ද තියෙන අවුල.. මේ කෝට්ටේ දිහාව කියන්නේ පෲතුගීසි කාලේ ඉදලා ට්‍රැෆික් තිබුන පලාතක්.. ඒ නිසානේ කොටුවෙ බැස්ස පෲතුගිසි කාරයා කෙලින්ම කෝට්ටේ ගෙනියන්න බොරැල්ල රාජගිරිය රූට් එක තෝරගන්නෙ නැතුව වෙන දිහා වලින් එක්කරං ගියේ.. ඉතිං පට්ට ‍ ‍ඓතිහාසික ට්‍රැෆික් තියෙන මේ කෝට්ටේ බත්තරමුල්ල දිහාට පාස්පෝට් කන්තෝරුවයි අයිඩන්ටි කන්තෝරුවයි ගිහින් දානවා..මොකෝ දැන් වෙන්නේ..දැන් ඉතිං දුර පැතිවල ඉදන් කොටුවට ඇවිත්, අයිඩන්ටිය ගන්න පාස්පොට් ගන්න බලාන එන ජනතාව පැය එකහමාරක් විතර ලොකු ටරැෆික් එකක ඉදලා බොරැල්ල රාජගිරිය කෝට්ටේ පහුකරලා බත්තරමුල්ලට ලගාවෙන්න සිද්ද වෙනවා.. 

මේ බත්තරමුල්ල හරියටම තියෙන්‍ේන එකම එක ඇක්සස් පාරයි.. කොට්ටාව පැතත්ට පාරක් තිබුනත් ඒකත්‍බොහෝවිට පිරිලා තමයි යන්නේ.. ඉතිං මේ ඇක්සස් රෝඩ් එකක් විතරක් තියෙන..ඒකත් පට්ටම බ්ලොක් වෙන ලොකේසමක් තියෙන හුන්ඩුවක් වගේ තැනකට පාස්පොට් කන්තෝරුව ‍අරං ගියාම මිනිස්සු අපාසුතාවයට පත් වෙනෝ නේ.. කලිං පාස්පොට් එක තිබුනේ බොරැල්ලේ..බොරැල්ල කියන්නේ පස් මං හන්දියක්.. ඒ වගේම මරදාන සහ කොටුවට හූවයි බල්ටියයි.. ඒ නිස ඇත්තටම බොරැල්ල ලොකේසම හොදටම හොද ප්ලේස් එකක්.. 

යෝජනාව. 

මම හිතන්නේ මාලු මාකට් එක එලෝලු මාකට් එකට වඩා කොළඹ ඇතුලට එන මිනිස්සුන්ට ගොඩක් වැදගත් කන්තෝරු රාසියක් තියෙනවා.. ඒවා තමයි ඔය මෝටර් රථ ප්‍රවාහනේ... පාස්පෝට් එක.. පොලිස් හෙඩ් ඩොපිස්..අයිඩන්ටි කන්තෝරු වගේ ඒවා..ඒ වගේ කාර්යාල ටික ඔය පිටකොටුවේ කස්ටම් බිල්ඩිම එහාපැත්තේ හිස් ඉඩමේ හරි නැත්තං මැනිං මාකට් බිමේ හරි ඉදිවෙනවා නම් වටිනවා.. හතර අතින් ඉන්න සෙනගට බොහොම ලේසියේන ගමන් පහසුව සලසගන්න බස් සහ දුම්රිය සේවාවන් බොහොමයක මූලස්ථානය පිටකොටුව..පිටකොටුව සිට පයින් යන දුරෙන් ඔය ආන්ඩුවෙ කන්තෝරු ටික තිබුන නම් ගොඩේ ගොඩ නේ.. 

කොළඹ සාපේක්ෂව පොඩියි.1-15 කියන මුලු කොළඹම සැලකුවත් ලෝකේ විශාල නගර වල තියෙන එක කොටසක් කොළඹට වැඩිය ලොකු වන අවස්ථා එමටයි...ඒක ලොකු කරන්න ඕනි..ලොකු කරන්න නම් ලොකුවෙන ඒරියා එකට හොද ප්‍රවාහන පහසුකම් තියෙන්නට ඕනි..මෙට්‍රො රේල්, රේල්වේ, මොනෝ රේල් වගේ කිසිම දෙයක් තාම අඩිතාලං මට්ටමේ වත් නෑ,. ඉිතිං කොළඹ පලල් කරනවා කියන්නෙ ටිකක් ආමාරු වැඩක්..සෙන්ටර් එක කොටුව ගත්තොතින් මොරටුව, වත්තල, කිරිබත්ගොඩ, බත්තරමුල්ල, නුගේගොඩ, පිලියන්දල වගේ මූලික උපනගරයකට යන්න අඩුම තරමේ පැයක් ගතවෙනෝ දවල්‍ වෙලාවට.. මේක හරිම කාල නාස්තියක්..ඒත් විසදුමක් පේන තෙක් මානෙක නෑ.. 

ඒ අස්සේ තව බොරැල්ලේ තියෙන කන්තෝරු උස්සන් ගිහින් බත්තරමුල්ල වගේ පාරවල් අඩු නිතර හිරවෙන,  පාර්ලිමේන්තු තියෙන දවසට හොදට පැක්වෙන පලාතකට උස්සන් ගිහින් දානෝ.. බත්තරමුල්ල දිහාට කොළඹ පතුරුවන එක ජේ ආර් මුත්තයි කාලේ සිට එන ප්ලෑනක්.

.නමුත් මුත්තත් හරි උගේ බෑන මුනුබුරාලත් හරි බත්තරමුල්ල සහ අනෙක් පැති යාකරන හොඳ ප්‍රවාහන පද්ධතියක් ප්‍රොපෝස් කලේ නැ..ඉතිං අර හම්බන්තොට කැලෑවට ගුවන් පාලම් ගහපු එකාටත් කොළඹ නගරය හා තදාසන්න පැතිවලට හරිහමන් ට්‍රාන්ස්පෝට් ප්ලෑන් එකක් තිබුන් නෑ..  ඒ නිසා කොටුවේ සිට ඉසුරුපාය, සෙත්සිරිපාය, අයි ඩි, පාස්පෝට් ගන්න ඕ පැත්ත බලා යනෝ කියන්නේ දවසක් කුඩු වෙන වැඩක්.. 

දුප්පත් මිනිස්සු පාන්දරම නැගිටල බස් එකක නැගල කොළඹ ඇවිත් පහත් වෙන්නේ උදේ අටට නමේට විතර.. ඒ ඇවිත් ආයෙම තව බස් එකක නැගල බත්තරමුල්ල බලා යද්දි අමතර පෑ එකහමාරක් මගටම වියදම් වෙලා..ඉතිං මේකද ඔය අලුත් කන්තෝරුවක් හදලා ආන්ඩුව මහජනයාට දෙන සහනේ.. 

6 comments:

  1. උඹලා වගේ දැන උගත් මිනිස්සු රටේ නායකයෝ නොවී මේ වගේ බ්ලොග් වල පච වෙවී ඉන්න එක තමයි රටේ තියන ලොකුම අවාසනාව අමිල මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. මම අද උදේ 7.30 ඉදන් නමය වෙනකල් කොටුවේ ඉදලා බත්තරමුල්ලට යන අතරමග බස් එකේ.. ඒකෙදි තදබදේ දාඩිය වැඩිනිසා මුස්ලිම් ගෑනුලමයෙක් කලන්තේ දාල වැටුන බස් එක මැද..

      ඕක බත්තරමුල්ලට ගෙනියද්දි මටත් හිතුනේ නෑ..ඔය තරං ලොකු අවුලක් වෙයිකියලා..ඒත් දුප්පත් මිනිස්සු උදේටවත් හරියට කැමක් නැතුව තෙරපිලා දාඩිය දාගෙන පැය එකහමාරක් සැමන් පැක් වෙලා ඔතනට යන්න ඕනි පිටකොටුවේ ඉදලා..

      දැන් නම් හිතෙන්නේ ‍පිටකොටුව කොටුව දිහාම ඕක තිබුන නම් හොදා කියලා..

      සමහර විට උසස් පෙල සාමාන්‍ය පෙල සහතිකයක් ගන්න ඉසුරුපායට ගිහින් තියනෝ නම් ඕ ගොල්ල දන්නෝ ඇති ඒකට කොටුවේ ඉදලා යන්න යන වෙලාව.. මේ නාස්තිවෙන්‍නේ අපේ රටේ මිනිස්සුන්ගේ වෙලාව නෙව..

      මට මේ හැමදේම වැරදි හොයන අර අනුරකුමාර පොලිටික්ස් කෙනෙක් වෙන්න ඕනි නෑ.. එහෙම හොයල පොර වෙන් ඕනිත් නෑ..ඒත් මේ රස්තියාදු වෙන වෙලාව සෑහෙන අඩුවෙනවා ඔය අධ්‍යාපන පොදු සහතික, පාස්පෝට්, අයි ඩී, ලයිසන් ඔක්කෝම එක පොට් එකකට ආවොත්.. ටිකක් අමාරුයි.. හැබැයි බැරිකමක් නෑ..

      Delete
    2. ඉතින් ඔහෙට තිබුනනේ මුකයට මුකය තබා හෝ පුකට පුක තබා කුත්තිම සුවාසේ දෙන්න.

      මේ මහත්තයෝ ඔය හැම ඔපීසියම පිටකොටුවේ තිබ්බත් බනිනවා කොල්ලුපිටියේ තිබ්බත් බනිනවා බොරැල්ලේ තිබ්බත් බනිනවා බත්තරමුල්ලේ තදබදය තියෙන්නේ අලුත් ගුවන් පාලම ගහන නිසා. අපේ මිනිස්සුන්ට ඕනේ රස කෑම කෙටි පාර අඩු වැඩ වැඩි වැටුප්.

      Delete
    3. රටපුරා මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන, එකතැනකට ගෙනත්, මහලේකම් කාර්යාලයක් සැකසීම, ඉතා දැඩි ප්‍රමුඛත්වයක් දියයුතු, කාලීන අවශ්‍යතාවක්.

      Delete
  2. එතෙනට යන්නම ඕනැද? ප්‍රාදේශීය කාර්යාලයකින් ගන්න බැරිද?

    මා ඉන්නා රටේ නම් මෙරට පාස්පෝට් එක තැපැල් කන්තෝරුවෙන් තමයි ඇනවුම් කරන්නේ! ලංකාවේ පාස්පෝට් එක කොන්සල් කාර්යාලයෙන් ගන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. කතන්දර මහතා කියන ආකාරයට ඔය ඇප්ලිකේසම සහ ඕනි දොකියුමන්තු ගැන කන්තෝරු ජනයා හොදට දැනුවත් කරලා..තැපැල් කන්තෝරු වලින් වැඩේ කරන්න පුලුවනි..නමුත් මෙහේ තවම යන්නේ පැරණි විදියට..එතනට යන්නම ඕනි.. මම හිතන්නේ ඉසුරුපායෙන් ඒ ලෙවල් ඕලෙවල් සහතික ගන්නත් එතනට යන්න ඕනි..ඩ්‍රයිවින් ලයිසන් එහෙම නම් ගත හැකි..නමුත් වාහන වල පොත් අනං මනං සීන්ස් වලටකොළඹ එන්නෝනි..

      Delete