Wednesday, October 31, 2018

අවාරේ සිරිපාදේ

I am Saman I am From Sri Lanka. කියන්නේ අපි හැමෝටම හුරුපුරුදු වාක්‍යයක්. ඒක කිව්වාම සුද්දෙක් සමන්ගෙන් මේම අහනවා. Oh No I heard about Saman at Adams Peak. සුද්දා ඉදලා තියෙන්නේ මේ ඇවිල්ලා සිරිපා අඩවියේ නමන් කියලා. ඒත් අවසානේ සමන් I am not That Saman. I am a boy who .. කියලා සමන් ජාම බේරාගත්තා. ඇත්තටම සමන් කියන්නේ දෙවියෙක්. එයා දක්සයෙක්. එයා බලාගන්නේ සිරිපාදේ. සිරිපාදෙ තියෙනනේ සමනල අඩවියේ.

අපි ගිය පාර
අපි ගියේ මරේ වත්ත හරහා තියන සිරිපා පාරේ අපි ගමන පිටත් වුනේ 2018 ඔක්තොම්බර් මස 27 වැනිදා පාන්දර. හරියටම කිව්වොත් දේදුනු විප්ලවයෙන් මහින්ද රාජපක්ශ මහතා මෛත්‍රී පාල මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දිලා ඊට පසු වෙනිදා. අපේ තුවාන් යාලුවා කලින් කතාකරගනිපු විදියට රෑ 1ට පිටත්වෙන නුවරඑළිය බස් එකක ගිනිගත්හේටනට ටිකට් අරන් තිබුනා.
අපි යන්න තියෙන්නේ මරේ වත්තට. මරේ වත්ත කියන්නේ නල්ලතන්නිය ආසන්නයේම තියෙන වත්තක්. මේ මරේ වත්තට යන්න බස් තියෙනවා මස්කෙළියේ ඉදලා. ඉතිං අපිට කොළඹ සිට මස්කෙලි යන්න ක්‍රම දෙකක් තියේ. එකක් හැටන් වලට ගිහින්. අනෙක ගිණිගත්හේනේන් කෙලින්ම නෝටන් පාලම හරහා මස්කෙළිය. එයින් හැටන් ගිහින් මස්කෙළිය යන පාර බ්ලොක් වෙලා. කොළඹ සිට හැටන් හරහා මස් කෙළිය දක්වා යන රෑ 11 ලංගම බස් රිය හැටන් දක්වා පමණක් යන බවක් තමයි අපිට ආරංචි වුනේ. පාරට පස් කන්දක් කඩන් වැටිලා බ්ලොක් වෙලා කියලා තමයි ආරිංචිය ගියේ.

අපි පාන්දරම රෑ 1ට ගොඩවෙලා මෙන්න බොලේ රෑ 4ටත් කලින් අපි ගිණිගත්හේනේ. ඇත්තටම අපිට උදේ 3.30ට කොටුවෙන් තියෙනඑ කේ ගියත් ඇති. ඒත් ටුකාන්ට  එහෙම බැහැ..ලොකුවට ඕනි නේ..ඒ නිසා පාන්දරම ගිහින් අපිට 7.30 වෙනකල් ගිනිගත්හේනේ ඉන්න වුනා. ගිණිගත්හේන් සිට මස්කෙලියට පලවෙනි බස් එක යන්න තියෙන්නේ 6.30 ට ඒත් ආන්ඩු පෙරලියත් එක්ක ඩිපෝවේ ඒ බස් එක ධාවනය වුනේ නැහැ. ඒ නිසා අපි වෑන් එකක් හෙව්වා කෙලින්ම මරේ යන්න. ඒත් හොයාගන්න බැරිවුනා. ඒ නිසා 7.30 අවිස්සාවේල්ලේ ඉදලා ආපු බස් එකේම මස්කෙළි ගියා. අනේ මේ ආණ්ඩු මාරුවක් නිසා පාන්දරම තියෙන බස් එක නැහැ. ඒ නිසා අපේ බස් එකට සෙනග සූ ගාලා. මිනිස්සු ගොඩායි.

මස්කෙළි සිට මරේ දක්වා
මස්කෙළියෙන් අපි ඕනි කලමනා ආදිය ගත්තා. අපි සැලසුම් කරල  තිබුන විදියට මේ ගමන ඇවිල්ලා එක නයිටක් අම්බලමක ගත වෙන්නේ. ඒ නිසා අපි උදේම මස්කෙලියෙන් හොදට කාලා බීලා ආහක්වෙලා ඕනි කරන අඩුම කුඩුම කෑම ජාති ටිකත් මිලදි ගත්තා. මස්කෙලියෙන් අපිට මාට්ටු උනු ඩෑලෙකක් රාජමලේ හෙවත් මස්කෙළිය සිට මරේ වත්තේ සිරිපා කෙළවරටම යන බස් එකක් සෙට් කරලා දුන්නා අපි 8 දෙනයි. බස් එක 4500ක් ඉල්ලුවා. බොහෝවිට අපිට උදව් කරන්න ආපු ඩෑලෙක පන්සියක් දාහක් ගලවගන්න ඇති. කොහොම වුනත් යාන්තම් ටොක් කරලා ගාන 4000ට බස්සා ගත්තා.
ඔක්කොම ගමන කිලෝමීටර 20-25ක් තියෙන්නේ . බස් එක අර ටාටා බස් වල තියෙන බටු සයිස් බස් එක. මේ කදුකර පාරේ ගමන බොහොම දුෂ්කරයි. මරේ වත්ත ඇතුලේ පාරවල් සමහර තැන් හදලා. ඒත්ගොඩක් තැන්ව දුර්වලයි. ෆිෂින් හට් දක්වාවත් පාර හොද නැහැ. අපි ෆිෂින් හට් යන්නත් ඉදියා. ඒත් කාලවේලාව සම්බන්ධ ගැටලු තියෙන නිසාත් ෆිෂින් හට් සිට  සිරිපාදේ නගින්න තියෙන තැනට කිලෝමීටර 2-3ක් දුර නිසාත් අපි ෆිෂින් හට් ස්කිප් කලා.

රාජමලේ සිට උඩමලුවට
රාජමලේ පාර බොහොම කිට්ටු පාරක් විදියට තමයි ජනප්‍රිය. ඒත් අපිට හිතුන විදියට රාජමලේ සදගලතැන්න සිරිපාදේ කියෙන්නේ හැටන් මාර්ගය තරම් හොද එකක් නෙමෙයි. හැටන් වලට වඩා මේ පාරේ බාධාවන් වැඩියි. කූඩලු විමානේ. අනික වැසි කාලය නිසා තැන් තැන්වල වතුර වලවල් තිබුනා. පඩිපෙල් නැති නිසා ගස් මුල් වල එල්ලීගෙන නගින්න වෙන තැනුත් තිබුනා. සදගලතැන්න මාර්ගය විදියට බොහොම ජනප්‍රියවුනත් මරේ වත්ත ඇතුලේ එන්න තියෙන දුෂ්කර මාර්ගයේ ගමන සහ තව එකතුවෙන දිග අපහසු ට්‍රේල් එක එක්ක බැලුවාම ඇත්තටම හැටන් පාර කියන්නේ ලොකු අවුලක් නැතුව ගිහින් එන්න පුලුවන් මාර්ගයක්. හ ැටන් වලන් යද්දි රෙන්න බරක් හැදුනත් කිසිගේමක් නැතුව දාන්න පුලුව්න වැසිකිලි තියෙනවා. ඒ වගේම හැටන් වල බොන වතුරත් තියෙනවා. කැලේ ඇතුලේ කූඩැල්ලෝ කාගෙන අමුතු පුකේ අමාරුවකට සිරිපාදේ යන අපි වගේ සෙට් එකකට ඇරෙන්න සිරිපා කරුනාවේ යන අයට නම් සදගලතැන්න රාජමලේ සිට සිරිපාදේ කරුණාව එච්චර කික් එක්ක තියෙන වැඩක් නෙමෙයි.

වැස්ස සහ බාධාව
සිරිපාදේ යන්න කාලයක් තියෙනවා. අපේ තුවානයලා කලින් වතාවක ත් මේ විදියට අවාරේ ගිහින් පොරි හැලේන්න වැහල තිබුනා. ඉතිං තුවානයාගේ පරම පිවිතුරු ප්‍රාර්ථනාව මෙවරත් වැස්සක් පහත්වීම.උගේ බෝකකු කට කියෙව්වා වගේම අපි හැටන් පාරේ පඩිපෙල් වලට සෙන්දු වෙද්දිම වගේ හොදට වරුසාවක් වැස්සා. අපි හැමෝම රේන් කෝට් දාගන ගියේ. එක යාලුවෙක් කුඩයක් අරන් ගියා. රේන් කෝට් පට්ට වැඩක් වගේ පෙනුනට කුඩේ අරන් ගිය බුවත් කිසි ගින්නක් නැතුව කන්ද නැග්ගා.

කූඩැල්ලෝ සප්ත කන්‍යා තරම්ම නැතිවුනත් වැස්ස නිසාම ටිකක් හිටියා. කකුල්වල සබන් අතුල්ලගෙන පැගිරි තෙල් ගාගෙන ගියත් කූඩැල්ලෝ අපිව දාලා ගොඩක් ඈතට ගියේ නැහැ.
ඉහලට මහගිරි දඹේ
වහල තිබුනේ මාස කිහිපයක් වුනාට මහගිරි දඹේට යන හැටන් පාරෙත් එක් පැත්තක් බැද්ද විසින් ගිලගෙන තිබුනා. ඒ වගේම තැන් තැන්වල ඉදිකරපු සෑම අට්ටාලයක්ම ගලවලාත් තිබුනා. ඒ කාලේට වෙනදා නැති පාලුවක් සහ ලස්සනක් හැටන් පාරේ වුනත් දකින්නට තියෙනවා.

උඩ මලුවේ
උඩ මලුවේ ඉබ්බෝ දාලා. ඒක බාර හාමුදුරුවෝ ගමනක් ගිහින් කියලයි අපිට දැනගන්නට ලැබුනේ. ඒ සිරිපා මලුවේ ඒ වෙලේ උන්නේ නල්ලතන්නියේ මනුස්සයෙක්. ඇත්තටම පොර ඇයි එතන උන්නේ කියලා දන්නේ නැහැ. පොලිසිය උන්නෙත් නැහැ. ඉබි යතුරු නැති නිසා අපිට වැස්සේම අමාරුවෙන් මග ගෙවාගෙන ආවත් සිරිපා වැදගන්න බැරිවුනා.
මේ දොර වහන එක ගැන සමහර අය නම් ඒව මේවා කියනවා. ඒත් මගේ මතය නම් සිරිපාදේ කියන්නේ උඩ තියෙන සිද්ධස්ථානයම නෙමෙයි. එය ලස්සන ට්‍රේල් එකක්. ඉතින් ඒ උඩම තැන අගුලුලා තිබුනත් ඒ නිසා ගමෙනේ තියෙන ආතල් එක බින්දුවක් වත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ලොකුවට වොරි වෙන එක තේරුමක් නැහැ. අනික මේ අවාරේ කියලා අපි හොදටම දන්නවා. ඒක දැනගෙනත් ගිහින් ආයේ ඕක උඩ කෑල්ල වහලා කියලා තැන් තැන්වල බැන අඩගහන්න යන එකත් උචිත නැහැ.
කොහොම වුනත් මම මේ සිරිපාදේ යන 6 හෝ 7 වෙනි වතාව. මේ පාර තමයි මට අර ඝාන්ටාව ගහන්න, පහනට තෙල් දාන්න, සිරිපාදේ උඩ මලුවේ වැසිකිලියේ චූ දාන්න, සිරිපාදේ මිනිස්සු යන පෝලිමේ ගිහින් ගලේ ඔලුව ගහන්න, වගේ දේවල් ටික මිස් වුනේ. ඒත් දුකක් නම් නැහැ. ඒක වෙනම ආතල් එකක් .
ආඩියාමලතැන්නේ රැය
සිරිපාදේ උඩ සීතලයි කියන්නේ වාක්‍යයක් නෙමෙයිනේ.ඒ ක හෛමයි. මීදුම සහ වැස්සත් නිසා දැනෙන සිතල වැඩියි. කොහොම හරි ආඩියාමලතැන්න අම්බලමේ තමයි අපි ඉන්න තීරණය කලේ. ඒ කියන්නේ අපි සදගලතැන්න හරහා නැගලා අවසානයේ අඩියාමලතැන්න තියෙන රත්නපුර පාරේ තමයි බහින්නේ. අපි ගමන ආරම්භ කලේ උදේ 11ට විතර. ඒත් වැස්ස සහ අපේ ගමන් වේගය නිසා අපිට ආඩියමලතැන්නට එද්දි හවස 5.30 විතර වෙලා තිබුනා.  මේ අම්බලන් මිනිස්සු ඉන්න සිරිපා සමයේදී නම් පිරිලා ඉතිරිලා යනවා. ඒත් මේ කාලේ කවුරුවත් නැහැ. අපේ වගා සහ තුවානයා ගිහින් පැදුරු කඩමාලු සහ ඉටිකොල ආදිය ටිකක් වෙනත් අම්බලමකින් හොයාගෙන ආවා. අපි ඒවා දාලා අපේ ගැජට් රාලහාමි වෙච්චි පෝතකයාගේ ඉටිකොලයක් දාගෙන නිදාගත්තා.

පෝතකයා කියන්නේ අල්මරි බාගයක් කරේ දාගෙන යන ගමනකදී ඕනි කරන හැමදෙයක්ම මල්ලේ දාගෙන යන ඩෑල් එකක්. මිනිහා ගාව ප්‍රථමාදාර කට්ටලේ ඉදලා ආය කට්ට දක්වා හැමදේම වගේ තියෙතනවා. මම දැක්කා මිනිහගේ ප්‍රථමාධාර මඩිස්සලේ. මයෙ අම්බේ..ඒකේ තරං බෙහෙත් අපේ ගමෙ ඩිස්පැන්සරියෙවත් තියෙද මන්දා.
රෑ නින්ද
නින්ද නැති රැයේ.. සද කදුලු මීදුමේ. ගෑනු මතක් කරන්න හොද නැද්ද දන් නෑ. ඒත් ඉතිං අපේ ගෑනියෙක් එක්ක ඕ සිරිපාදේ නැගලා ඒකිව තුරුල් කරන් නිදාගන්නවට වඩා වෙන්නේ ඒ ගෑනිගේ කුනු කුනුවයි දෝස්මුරෙය් කකුල් අමාරුවය් හන්දිපත් රුදාවයි අහගෙන කනට නිවනක් නැතුව අවදියෙන් ඉන්න. ඒ නිසා ගෑනු ගැන හිතලා වැඩක් නැහැ. අපි 8 දෙනා සීතල නැති වෙන්න එකිනෙකා මිරිකිලා නිදාගත්තා.

රෑ හොල්මන්
දැන් ඔන්න රෑ වුනා රෑ 8 සිට රෑ 1 විතර වෙනකල් විටින් විටි දාර වැසි වහිනවා. ඒ වැහි සුලුපටු ඒවා නෙමෙයි. මේ වහින ආකාරෙට අනුව අපිට පහල බහින්න බැරිතරම් වතුර පාරක් තියේවිද කියලත් මට හිතුනා. කොහොමින් හරි මේ මහා ධාරානිපාත වරුසාවේ රොම්බ සීතලෙත් සෙට් එකක් හෝ කිහිපයක් සිරිපාදේ ට යනවා ඇහුනා. අපේ තුවාන් චූ දාන්න ගිහින් ඇතින් ටෝච් එකක් පෙනිලා. මූ පයියත් ඉක්මනින් අකුලන් ඇවිත් තිබුනා ටෝච් පාරට බයවෙල.
එක අතකින් ඉන්න තැනක අනික් එවුන් ගැන එබිකන් කරන්නෙ නැතුව හැංගිලා ඉන්න එකයි යුතු. දන් නෑනේ ඉතිං. මොන ජාවාරමකට මහ රෑ මුන් යනවාද කියලා. ඇත්තටම සිරිපාදේ යනවා වුනත් යකෝ මහා රෑ 8-12 ටයිම් එකට සිරිපා දේ යන එක වැස්සේ..ඒකනම් ආයේ පුදුමාකාර පුකේ අමාරු සෙට් එකක් නැතිනම් මොනාහරි ජාවාරම් සෙට් කක්.
බැස්ම
බහිද්දි අපි පටන් ගත්තේ පාන්දර 4ට පාන්දර 4ට පටන් ගත්තේ තුනහමාර විතර නැගිටලා. ඒ වෙලාවට පටන් අරන් අපි හෙමිහිට හෙමිහිට තිබ්බ ලයිට් සෝස් වලින් පිහිට අරන් බැස්සා. අපේ යාලුවෙක්ට පොඩි කරදරයක් වුනා මිනිහට බඩේ අමාරුවක්. වෙන එකෙක් නෙමෙයි අපේ මඩයගේ මල්ලි. ඉතිං අපේ වගාටත් අනුන්ගේ ලෙඩ ඉක්මන්ට බෝවෙන නිසා ඌටත් බොග දාන්න ඕනි වුනා. පාන්දර පහට විතර ලැට් එකක් ගාව මුන් දෙන්නා එනකල් අපි නැවතිලා උන්නා සීතලේ.
යාන්තම් ඉරගල එලිය වැටුනේ අපි පලාබද්දල සහ කුරුවිට පාර බෙදෙන ගල්වංගෙඩිය කියන තැනට ආවම. ගල්වංගෙඩිය ප්ලේස් එකේදි තමයි අපිට පාර හොදටම ක්ලියර් වෙන්න එලිය වැටුනේ. ලැබෙයිද දන් නෑ.ඒත් මහා වරුසාවේ.. මහ රෑක සිරිපාදේ අවාරේ නගින්නත් පොඩි ආසාවක් මට ආවා ඒ රෑ බැසීම එක්කලා.පින්තූර ගන්න බැරිවුනත් හද එලිය එක්ක අමුතු ලල් එකක් තිබුනා රෑ බැහීමේදී.

සීතගගුල
පොඩි දොලපාරක් තිබිලා වගා සහ පිරිසක් නාමුද කියාල ඊලගට ආපු දිලීප සහ තුවාන්ගෙන් ඇහුවා. ඒතනදි බෑ යි කියලා ඉන් පස්සෙ ආපු සිතගගුලෙදි නාමු කියාල දිලීප කිව්වා. ඒගමන මාත් කැමති වුනා. (මම නේපාලේ ගියා, ඉන්දියාවේ කාශ්මීරේ ගියා) මම නේපාලේ දි වෝටර් රාෆ්ටින් කරන්න බැහැපු ග්ලැසියර් දියවෙල එන වතුර තරමටම ඇත්තටම සීතල වතුර තමයි ඒ පාන්දර 6.30ට විතර සීත ගගුල ගාවදි තිබුනේ. ඉතිං බහිද්දි ගින්නට පනිනවා වගේ ඇගම මොකද් වෙලා යනවා. ඒත් ටික වෙලාවක් දගලද්දි වැඩේ හරියනවා. කොහොම හරි බැහැලා පිහදාලා ටික්ක වෙලා ඉන්නකොට ඉබේම ගැහෙන තරමටත් හීතල.
මේ පලාබද්දල මාර්ගයේ පඩි තියෙනවා ඔක්කෝම 9500ක් විතර මේ කේ දුර කිලෝමීටර 7.2ක් විතර.හැටන් මාර්ගය වගේ දෙගුණයක් දිගයි. ඒත් සොබාසිරිය අතින් බොහො ම ලස්සන මාර්ගය්ක තමයි පලාබද්දල මාර්ගය.

සුද්දන්ට විකුනන් බැරිද ඇත්තටම
මේ පඩි 9500ක විතර මා්ගය සම්පූර්ණයෙන්ම වගේ හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවෙන් හදාල තියෙනවා. බොහොම වටිනා වැඩක්. මම නේපාලයේ ඉද්දි කන්දක් නිකන් ඇගේ මහන්සියෙන් යන්න අපි රුපියල් දාහක් නේපාලේ ඒ අදාල වන සංරක්ශන එකට ගෙවන්න ඕනා. තවත් දාහක් කදු නැගීමේ ඒ රටේ සංගමයට ගෙවන්න ඕනි.කොහොම හරි රජයට යම් ආදායමක් කදු නගින විදේශිකයින් නිසා නේපාලයේදී එනවා. මෙතනදී මේ සමනල රක්ශිතය තුල පාරවල් හදලා, වතුර දීලා, නවාතැන් හදලා, විදුලිය දීලා, විදුලි බල්බ් දාලා කරන මහා සේවයයට යන විශාල මුදලින් කොටසක් හෝ හම්බකරගන්න තිබුනා ඇත්තටම සමනල අඩවියට පර්මිශන් ක්‍රමයක් ගෙනාව නම්. ටිකට් කිව්ව ගමන් අපි හැමෝම එපා එපා කියනවා.එ ්ත් හද්දෙයියනේ මේවා හදන්න වියදම් වෙන මහා මුදල එක්ක බැලුවාම යන අපි එක්කෙනෙක්ගෙන් රුපියල් 50ක් වත් අයකරනවා නම්. මේවා නඩත්තුවට ඒකලොකු බලයක් නෙ.

අවාරෙට වුනත් අතරමැද එක තැනක් සැපයුම් සහ නවාතැන් ගන්න හැකි විදියට හදලා සුද්දන්ට වුනත් හොද ට්‍රේල් එකක් විදියට විකුනගන්න පහසුකම් සහ හැකියාව ඕනිතරම් මේ සිරිපාද පාරට තියෙනවා. කැලේ තමයි ඇත්ත. ඒත් රජමලේ පාරෙන් යද්දි කිසිම අණක් ගුනක් නැතිව  නුවමනා විදියටත් කැලේ කපලා පාර හදලා තිබුනා. කොහොමත් මේ පඩිපෙල් අවාරෙ කාලෙදිත් තියෙනවා. ඉතිං මගේ පුද්ගලික අදහස විකුනන් කෑමම නෙමෙයි.ඒත් සංචාරක ආකර්ශනය අතින් සුපිරි මේ වගේ ට්‍රේල් පඩි 9500ක් කියන්නේ අපිට දැනට තියෙන හොද සංචාරක ඔපචුනිටි එකක්. ඒක මැනේජ් කරගන්න දන්නේ නැති එක ඇත්තටම අවාසනාවක්.
පහල ගමන
ගමන අපි අවසාන වෙද්දි 10-11 විතර වෙලා. සෙට් එකම විටින් විට පලාබද්දල අවසානේ තයෙන තඩි දොලපාරෛන් නෑවා. එවෙලෙත් ටිකක් වැස්ස. ඒ නිසා ටිකක් බයෙන් නෑවා. අපි නාද්දි සෙට් වුන අයියෙක් කිව්වේ මල්ලි වහිනකොට ඈත පේන ගල් වලට උඩින් දිය ඇලි වගේ වතුර එනවා නම් තමයි බයවෙන්න ඕනි කියලා. ඒම ගල් උඩින් වතුර එන පලවෙනි වෙලාවේ ඉදලා පැය බාගෙකින් වගේ එනවාලු මහා වතුර කදක් රෙදි ගැලවිලා යන්න. ඒ ගමේ අය දන්නවා වතුර එන වෙලාව විදිය හෙම. ඉතිං ඒ මනුස්සයො එක්ක කතාබහ කරලා අනතුරක් නැති බව දැනගෙන තමයි අපි නෑවේ.
ඒ නාලා අහක්වෙලා අපි ඇවිත් බස් එකට නැග්ගා. පලාබද්දල සිරිපාගම බස් එක අවාරේය කියලා නැහැ තියෙනවා. පැය බාගෙන් බාගට වගේ බස් යනවා.
අවාරේ ගමන සහ පරිසරය
පරිසරය ගැන පොඩි චර්ම රෝගයක් තියෙන අයෙක් විදියට මම සිරිපා ගමන අවාරේ යන එකට ඒ තරම් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් පඩිපේල් වල ගමන් කරන මේ ගමනේදි ඇත්තටම සතුන්ට සහ ගස් වලට වෙන හිංසාව බෙහෝම අඩුයි. ඒ වගේම සිද්ධස්ථාන පුදබිම වහලා නිසා එයට වෙන්න තියෙන හානියත් අඩුයි. ඒත් ඉතිං අපි කන්ඩායම කලා වගේ අපි ගෙනියන ටොපි කොලේ පවා බිම නොදා ගෙවල්වලම රැගෙන එන්න යන එය ක්‍රියා කරනවා නම් හොදයි. ඒ වගේම වතුර හැමතැනම සුවර් නැහැ. වතුර තිබුනත් බොන්න හොදද කියලා පස්නයක් තියෙනවා. යනවනම් වතුර රැගෙන යෑමත්හොදයි.
බැතිබර වීම සහ වෙරිබර වීම
කැලෑවේ යෑම කදු නැගීම වෙග් දේවලදි වෙරි පිට යෑම මට අනුමත කරන්නේ නැහැ. ඉතිං අපේ තුවාන් සහ ඒ මල්ලිලා සෙට් එකෙන් මට ලැබෙන එක් ලොකු වාසියක් තමයි වෙන සෙට් එක්ක එක්ක ගියාම බොන්න වියදම් වෙන ගානින් පුලුවන් මුන්ගේ ට්‍රිප් එකම කවර් කරගන්න. ඒ වගේම බොහොම අවබෝධයෙන් ඉන්න එකිනෙකාගේ මතයට ගරු කරන ජෝක්ස් දන්න සෙට් එකක් වීමත් ගමනට ප්ලස් එකක්. අමුඩෙට පුක වගේ හැමදාම එකට ගිය සෙට් එක ගැන බොරු ගුණකතන නම් ඕනා නැහැ.
ඔයාලත් යනවා නම් මේක සිද්ධස්ථානයක්. අපි අතර මොන මත තිබුනත් මිනිස්සු සිය දාස් ගානක් වදින පුදන තැනක්. ඉතිං එහම වන්දනාවක් යද්දි අරක්කු සිගරට් නොබි යන්න පුලුවන් නම් ලොකු දෙයක්. අනික වෙහෙසකර ගමනකදි ඔය අරක්කු සිගරට් වලින් ලැබෙන ක්ශණික කික් එකට වඩා එයින් වෙන අහිතකර ප්‍රථිපල වැඩියි. ඇරත් බිබී යන සියදාසක් ගමන් අපිට තියෙනවා. අඩු තරමේ සිරිපාදෙවත් නොබී යන්න හැකි නම් ඒකත් හොදයි නේ.

වැස්ස එක්ක ගමන අනතුරුදායකයි. ලිස්සනවා රිඹ යන්න. ඒ වගේම වතුර ගලාගෙන යනවා කකුල් අස්සෙන්. මේ වගේ දුෂ්කර ගමනකදි අනතුරක් කියන්නේ තමුන්ට වගේම කන්ඩායමටම  පාපයක්. ඉතිං අනතුරු වලට අත වනන මත් දේවල් වලින් ඈත්වෙලා යන එක හොදයි කියන්න ඒකත්එ ක හේතුවක් වුනා.
සිරිපා ඕෆ් සීසන්
කෑම ඔක්කෝම අරන් යන්න ඕනි. මග කිසිම තැනක් නැහැ කෑම ගන්න. වතුර තිබුනත් බොග වලවල් හෝදන් එන වතුරද කියලා සුවර් නැති නිසා ලීටර් එකහමාරක වත් වතුර බෝතලයක් අරං යන්න ඕනි සුවර් වතුර සෝස් හම්බෙනකල් හරි බොන්න. වැස්සට වගේම කූඩැල්ලන්ටත් ලෑස්ති වෙලා යන එක නුවණට හුරුයි. ඉතිං සිරිපා අවාරේ යෑම ගැන කතාව මෙතනින් ඉවරයි. පෝඩ්ඩක් විතර දිග වැඩියි.එ්ත් ගිහිපු ගමන් සහ ඉන්දියාවේ සීරියස් එක ලියන්න ිතයෙන නිසා මේක දිගටම ලිව්වා.

ගමනේ වීඩියෝ එකකුත් මම අමාරුවෙන් හැදුවා. ලොකු දෙයක් නෙමෙයි. ඒත් විඩියෝ කියන්නේ මට ටිකක් අලුත් දෙයක්. ඉතිං ඒකත් බලලාම වැදපුදාගෙනයන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.


Friday, October 26, 2018

ඉරක්කන්ඩි බලා ගිය ගින්දර ගමන


ඉරක්කන්ඩි ගමන 

ඉරක්කන්ඩි කිව්වට මම දැනගෙන උන්නේ නැහැ ඒක කොයි ලෝකේ තියෙනවාද කියලා. ඒත් ඕනයියගෙන් අහගත් විදියට ඒක තියෙන්නේ උතුරේ කියලා විතරක් ටිකක් නාමිකව දැනගෙන උන්නා. ඔයාල දන්නවද ලංකාවේ දිගම පාලම? ආං හරි.කින්නියා පාලම තමයි ලංකාවේ දිගම පාලම. එතකොට ලංකාවේ දෙවනියට දිගම පාලම? ඒක තමයි මීටර 302 ක් දිග ඉරක්කන්ඩි පාලම. ආන්න ඒ පාලම යටින් යන ඔය මූදට වැටෙන්නේ ඉරක්කන්ඩි වෙරළ තීරයෙන්. සිංහලෙන් කිව්වොත් නිලාවැලි වල සිට උඩහ පැත්තට වෙන්න තියෙන ලස්සන ප්ලේස් එකක්. නිලාවැලි වල පරෙයි දූපත බලන්න ඉරක්කන්ඩි වල ඉදන් උනත් එන්න පුලුවන් කම තියෙනවා.
ටුවර මාදිලිය
මේක ඇවිල්ලා ටේලර් මේඩ් මාදිලියේ සංචාරයක්. ඒ කිව්වේ අදාල පාර්ශවය සියල්ල සැලසුම් කරලා තියෙනවා. (ඔව් ඔව්.නිකං නෙමෙයි සල්ලි ගෙවන්න වෙනවා) ඉතිං මෙහෙම සකසලා තියෙද්දි අපිට තියෙන්නේ අපිව පිකප් කරගන්න පොයින්ට් එකට අදාල වෙලාවට ගිහින් ඉන්න විතරයි. ඉන් පස්සේ අපිව බස් රියෙකින් රැගන ගිහින් අදාල විනෝද වැඩවල නිරතවෙන්න සුන්දර තැනකට ඇරලවනවා. එයින් මනත තියෙන ඇක්ටිවිටිස් වලට වගේම වෙනත් ස්ථාන නරඹන්න යන්නත් සංවිධායකයින් ලොකු සහයෝගයක් දෙනවා. අද කාලේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක යාලුවෝ සෙට් කරගෙන ඉන් පස්සේ ගමනක් සැලසුම් කරගෙන ට්‍රිප් එකක් යන්න හැමෝටම වගේ අමාරුයි. අලුත් යාලුවෝ හමුවෙන නවාතැන්, ගමනාගමන කටයුතු සහ ඇක්ටිවිටිස් පස්නයක් කරගන්න දෙයක් නැති මේ වගේ සංචාරයක් හැමදාම සැලසුම් කරද්දි ම කැන්සල් වෙලා යන නොයන ට්‍රිප් වලට වඩා වටිනවා. අපි සල්ලි ගෙව්වා. ඉන් පස්සේ අපිව එක්කරගෙන ගිහින් අපිට ආතල් ගන්න උපරිම පහසුම් ටික දුන්නා.

අපිව එක්කරන් ගියේ සෙට් මැනේජ්මන්ට ්එකේ ටුවර් කන්ඩායම. සෙට් මැනේජ්මන්ට් කියනනේ අභීතගේ වැඩක්. අබීත කිව්ව ගමන් සමහරු බියෙන් ඇලලී යනවා. සමහර අය පොලු කියලා බනින්න ළෑස්ති වෙනවා. ඒත් අබීත සහ ටුවර් කියන්නෙ නම් අබීත සහ ............ වගේ අවුල් සහගත දෙයක් නෙමෙයි. ඒ නිසා මමත් ඒ ටිම් එකට සෙට් වුනා.
මම පුද්ගලිකව බැක්පැකින් වලට ආසයි. ඒත් මේ වගේ සංචාර වලදි අලුත් යාලුවෝ අලුත් මාදිලියේ දේවල් අපිට හමුවෙනවා. උදාහරණ විදියට මේ පිරිස එක්ක එකතුවෙලා අලුත්ම පිරිසක් අදුරගෙන විවිධ ස්පෝට්ස් ඇක්ටිවිටි, නාන කියන වැඩ, කොරල් බැලීම් වන්දනා කටයුතු කරන එකෙත් ලොකු ලල් එකක් තියෙනවා. අපිට ප්ලේස් විතරක්නෙමෙයි නඩෙත් අලුත්.
ආරම්භය
අපි සෙට් වුනේ කොටුව ස්ටේශමේ ලේක්හවුස් පැත්තේ සම්පත් බැංකුව ගාවින්. එතනට කට්ටිය ඇවිල්ලා හිටියා. ලක්ශණ ගෑනු ලමයෙකුත් හිටියා. එයා තමයි රන්මදු. ඉතිං රන්මදුගේ සීට් එකේ ඉඩ තිබුනා තව කෙනෙක්ට. ඒ සීට් එකේ විතරක් ඉඩ තිබිලා අනික් තැන් ඕකකෝම පිරිලා තිබ්බනම් මරු නේද? ඒත් එහෙම වුනේ නැහැ නේ. අනෙක් සිට් වල ත් කට්ටිය කවුරුවත්  නැහැ. අපි 12-13ක් විතර ජර්නි මාදිලියේ බස් එකක බොහොම සැහැල්ලුවේන ගියේ. ඒ වගේම අපිට බයක් තිබුනා ඊලගට නගින අපේ නලින් මිත්‍රයා රන්මදුගේ සීට් එකේ වාඩිවේවිද දන් නෑ කියලා. අපි ඒකට දීර්ඝකාලීන වැඩපිලිවෙලකුත් සකස් කරගෙනම තමයි ගියේ. වැරදිලාවත් නලියා වාඩි වුනානම් එතැන ලොකු ගින්නක් නැහැ. ඒත් ඉතිං අපි වාඩි නොවී නලියා ගියාම අපිට එන ලිංගික  ඉරිසියාව? ඒක මනින්න බැහැ නේ.

රන්මදු කියන්නේ හැඩකාර ඒත් කටකාර නැති බොහොම නිහඩ චරිතයක් වගේ මට පෙනුනේ. හැඩකාර කිව්වම ඉතිං ඒක සාපේක්ශයි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් යකෝ මේ මොන හැඩකාරද? වැඩන් නැහැ කියලා.එ ්ක ඇත්ත ඉතිං මට ලස්සන එක මම ලසස්නයි කියන්න ඕනි නේ. ඒ නිසා ඔන්න රන්මදු ලස්සනයි කිව්වා ආයේ කෙපර බාන්නේ නැතුවම.
මග තේ වතුර බිව්ව කඩේ
තේ වතුර බොන්න තැනක් හොයාගෙන යද්දි අපිට මීට් වුනා පොඩි කඩයක්. එකේ අලකොල එක්ක රොටි තියෙනවා කියල තිබුනේ. මම හිතුවේ අලකොල දාලා එලවලු රොටී වගේ යමක් වෙන්න ඇති කියලා. ඒත් ඒ තිබුනේ අලකොල මොනවද කරලා තම්බලා සම්බෝල හදලා. ඒ සම්බෝල එක්ක රොටි. ලොකු කික් එකක් නැහැ. ඒත් ඒ වෙලාවෙි හැටියට උණු රොටි දෙක තුනක් කෑවා. මේ හරිය මම හිතන්නේ දඹුල්ලට කිට්ටුව.
තේ ෙෙබොන ෙෙෙෙෙඩේ තිබ්බබ පරණ බඩු 
දැන් වෙලාව රෑ 12 පහුවෙලා. 12 පහුවෙලා රෑ 2-3-4 වෙද්දි අපි ඉන්නේ අලි ඉන්න කැලෑවේ. අලි දෙන්නෙක්ම අපිට හම්බුනා.එකාලියෙක් නම් සම්පූර්ණයෙන් ෆුල් ෆ්‍රේම් එකම පේන විදියට පාරේ හිටියා. අනිකා සයිඩ් එනේ දැක්කා. අලිදෙන්නෙක් ගමන ලගා වෙන්නත් කලින් දැක්ක එක වාසනාවක්.
අපි පටන් ගත්තේ රෑ 8ට යන්න. ලංකාවනේ. ඒ නිසා පටන් ගද්දි ඇත්තටම 9 විතර වෙලා. කොළඹ කොටුවෙන් 9ට පටාන් අරන් ඉන් පස්සේ කෙලින්ම අපි දඹුල්ල දිහා හරහා ත්‍රින්කොමලී ගියා. ත්‍රින්කොමලී නිලාවැලි ඉරක්කන්ඩි. මම හිතනනේ එහෙමයි අපේ ගමන. මේක තනිකර රෑ ගිය ගමනක්. එතකොට උදේ වෙද්දි අපි අදාල ඩෙස්නේශන් එකේ. ලේලන්ඩ් බස් එකක වගේ නම් මහ රෑ ගිහින් උදේ වෙද්දි පාන් කියාගන්න බැහැ ගැස්සිලා. ඒත් මේ සැපපහසු ඒ සී බස් එකේ හීතල ඇරුනම වෙන කිසිම වදයක් බාදාවක් නැහැ. හරක් ටික දැම්මා වගේ සෙට් එක නිදාගෙන ගියා.
අපේ රියදුරු මහත්තයාට 2-3 වෙද්දි නිදිමත ලෝඩ් වුනා. මම එයාගේ පිටිපස්සේන් ඉද්දි තේරුනා පොරට එකපාර නිදිමත එනවා. එකපාර ස්ලෝ වෙන ලයින් එකක් තිබුනා. කොහොම නමුත් අපේ නලින් අයියා පස්සෙන් ඉද්දි පොඩ්ඩක් වගේ පාරෙන් එලියට යන්නත් හැදුවා. ඒ ගමන ලගම තැනින් තේ බොන්න සෙට් වුනා.එ ් වදිදියට කිහිප වතාවත් තේ බිබී හෙමින් හෙමින් අපි උදේ ඔන්න ඉර පායද්දිම ඉරක්කන්ඩි වෙත ලගා වුනා. ඉරක්කන්ඩි වල අබීතගේ ගෙස්ට් හවුස්  පොට් එකක් තියේ. ඒක මැක්සා ලොකේසන් එක. මේ පැත්තේන් ගියොත් මූද, අනෙක් පැත්තෙන් ගියොත් කලපුව. අපි වෙලාවකට මූදේ නානවා. අනික් වෙලාවට කලපවේ ගිහින් බෝට්ටු පදිනවා. ඒක මරු එක්ස්පීරියන්ස් එකක්.
ධීවර රස්සාව
අපි ගිය දවසේ පාන්දරම දැල් වල ඉදපු මාලු ගලවන ධීවරයෝ වගෙයක් සෙට් වුනා. එයාල දැල්වල අමාරුවෙන් පැටලිලා ඉන්න මාලු අමාරුවේන ගැලෙව්වා. අපේ ෆිල්මින් කෘෘ එක ඒක පොටෝ ගත්තා. ඒ වගේම පාන්දර ඉර නගින දර්ශනයත් ලස්සනයි. ඉර නැග්ගේ කොහෙන්ද කියලාලොකුවට අදහසක් නැතත් ඒ වෙද්දි අහසේ තිබුන කැටයම් ටික ගති. කලපුව ගාවට ගියාම වටේ බූමිය අංශක 270ක් විතර පදාසයක් පේනවා. ඉරක්කන්ඩි පාලම, නිලාවැලි වෙරළ, පරෙයි දූපත වගේම ඉරක්කන්ඩි මෝය කටත්මේ කලපුව ගාවට සිරාවට පේනවා. අපි ඒ දර්සනයෙන් මල්මත් වෙලා ටික වෙලාවක් එතැන හිටියා.
කයාක් පැදීම
කයාක් පැදීම කියන්නේ කයාක් පැදීමට. කලපු වතුරේ කයාක් පැදීම වෝටර් රාෆ්ටින් වල කයාක් පැදීමට වඩා වෙනස්. කලපුවේ එහා කොණ මෙහා කොණ හබල් ගාගෙන ගිහින් ෆන් එකක් ගන්න අපි සෙට් එකම එකතු  වුනා. කලපුව කියලා නැහැ යට ලස්සන ලස්සන මාලු ඉන්නවා. මූනට ගෑස් මාස්ක් එකක් වගේ එකක් දාගෙන කිමිදිලා අපිට මාලුත් බලන්න අවස්ථාව ලැබුනා. කලපු වතුරේහොදට නාගන්නත් අපිට චෑන්ස් එක ලැබුනා. කයාක් එක පදින්න ගියාට හබල් ගහන්න වැඩිය දන්නේ නැති අපිට ඉතිං ඒක පුරුදුවෙන්න කාලයක් ගියා. ඒ පුරුදුවෙලා ගියත් ගිහින් වෙලාවක වැලි ගොඩක් උඩ වදිනවා. ඕ ආකාරයට අපි කයාක් ආතල් එක ගත්තා.
මූදේ නෑම
මේ ඉරක්කන්ඩි මෝය කට හරියේ මූද හරිම නිසංසලයි. ඒ වගේම වැල්ල ඇවිල්ල පිටි වගේ පිටි වැල්ලක් තියෙන්නේ. පිටි ගතිය තිබුනාට මඩ නැහැ. ගොඩාක් දුර ගියත් වෙරළ සිට ගැඹුරුත් නැහැ. අනුරාජපුරේ වැවකින් නානවා වගේ සැහැල්ලුවෙන් අපි මූදේ නෑවා. අපරාදේ කියන්න බැහැ සෝක් කරිජ්ජ ටික. නාන අතර අප ටීම් එකේ ඩබලක් හරි ලස්සන මූර්ති වැඩක් කලා බීච් එකේ. ඒකනම් ගතියට ම තිබුනා. කිදුරියක් ලෙසටම හදලා තිබුනා. ඒ හදපු කිදුරියට පන ආවනම් සහේට ගන්න හිතෙන තරම් ලස්සනට ඒකිව හදලා තිබුනා.
හවස බෝට්ටු ගමන
මේ නිලාවැලි පැත්තේ මූද නිල්ම නිල් පාටයි. ඒ වගේම ගල් පර කොරල් පර ආදියත් තියෙනවා. අපිට බෝට්ටු ගමනේදී බෝට්ටුව මූදට ගන්න ටිකක් වැරවෑයම් කරන්නට වුනා. කලපුවේ ඉදන් මූදට වැඩි වතුර පාරක් තිබුන් නැති නිසා යට වදින්න ගත්තා.එ ්ත් අමාරුවෙන් හරි ගත්තා. බෝට්ටුවේ යද්දි බෝට්ටුවේ අයියා නම් ඔහේ කිසි ගානක් නැතුව නවනවා ස්පීඩ් කරනවා..පද්දනවා.ඒත් ඒ වැඩ දාද්දි අපේ බොකු බඩවල් කිලිපොලා යනවා. ලයිෆ් ජැකට් තිබ්බ නිසාලොකු බයක් නැහැ. ඒත් හද්දියියනේ මූදට වැටිලා මොකෙක් වත් ගිල්ලොත් කියලා බයක් තිබුනා බෝට්ටු පදිද්දි.
මේ මෝය කට ගාව පෙද පාසි වගේම පොලිතින් වගේ දේවලුත් ගොඩ ගැහිලා තිබුනා. කොළඹ මට්ටක්කුලියේ කාක දූපතේ වගේ ලොකු වට තිබුන් නැතිවුනා ලාවට වගේ එක එක දේවල් ගොඩ ගැහිල තිබුනා. සමහර තැනක තුනී පොලිතින් වලින් වෙරළ තීරය වැහිලා. අපි වෙනත් දෙයක් කියාල හිතලා අල්ලලා බලද්දි පොලිතීන්. කන බොන දේවල් කාල ඉවර වෙලා කන ඒවා වැසිකිලි වලට ගිහින් ඉවර වුනත් ඒවායේ කවර බොහෝ කාලයක් පොලවේ හෝ වතුරේ හෝ මූදු වෙරළ වල තියෙනවා. ඇත්තටම ඇසුරුම් වශයෙන් පොලිතින් ප්ලාස්ටික් ගැනීම ගැන නැවත හිතාබලන්න කාලේ ඇවිත්ය කියලා මට හිතෙන්නේ.
රෑ බාබකිව් ගමන
බාබකිව් එක දාන්න උන්නේ නම් වෙරළේ. එත් එකපාර වැස්ස ලයින් වෙන ආකාරයක් පෙන්නුම් කලා. ඒ නිසා අපි කෑම කන තැනම සයිඩි එකේ බාබකිව් එක දාන්න ඕනි කියලා කතා වුනා. බාබකිව් එක දාන්න බඩු ටික වෙරළට ගෙනිච්චත් ඒ ටික ආයේ පටවන් ඇවිත් අපි නැවතුන නවාතැනේම කෑම කන්න හදලා තිබුන පොට් එකට ඒක ඉන්ස්ටෝල් කලා.
මුහුදු කෑම වර්ග වෙන කකුලුවෝ, මාලු, ඉස්සෝ, දැල්ලෝ වගේම චිකනුත් බෘබකිව් එකේ පිච්චුනා. සුපුරුදු පානය වෙන ගල් බෝතලත් ඒ එක්ක හිස් වුනා. අපේ නලින් අයියගේ සහායක ඩැනී වෙච්චි හේමන්ත වික්‍රමසිංහ යාලුවා හරිම දක්සයා බෙර ගහන්න. බෙර කිව්වේ ගැට බෙර යක් බෙර නෙමෙ. අර එකැස් බෙර කියලා හදුන්වන ඩොල්කි සහ බොංගෝ ගහන්න මිනිහා දක්සයා. ඒ වගේම මම යම්තාක් දුරට සිංදු කියන්න දක්සයා. සිග්නල් තිබුන නිසා ලිරික්ස් අපිට හොයාගන්න අමාරු උනේ නැහැ ෆෝන් වලින්. ඇත්තටම මට හරියට කන්න උනෙත් නැහැ ඒ තරං සිංදු කිව්වා.
රෑ කෑමත් තිබුනා. ඒත් හරියටම නිච්චියක් නැහැ කෑවද නැද්ද කියාල. රෑ 12ට එකට විතර අපිට ගානට පදම. ගෑල්ලමයි දෙන්නා නම් ගියා නිදාගන්න. අනික් ජෝඩුවේ උන්න ගෑල්ලමයා නම් ආවා අපි එක්ක. කොහොමින් කොහොම හරි මේ අව් අස්සේ අපිට හිතුනා රෑ කයාක් පදින්න.
රෑ කයාක්
කයාක් එක හරෝල කරලා අරගෙන පසනුයි මායි නම් හොදට පැදලා වැඩි දුර යන්න නැතුව ආයෙම ආවා. ඒත් අපේ නලින් අයියා සහ යාලුවා සහ මම කයාක් එකේ අනික් පැත්තට හැරිලා වාඩිවෙලා හබල් ගහන්න ගිහින් බඩු පෙරළුනා. ලොකු ආබාදයක් නැහැ. කට්ටිය ජැකට් දාල හිටියේ ඇරත් ඒ කලපුවේ නොගුබුරු හරිය. කොහොමින් හරි ඔන්න නලින් අයියා කියනවා වමට වමට කියලා. ඔන්න ඒ පාර මමත් වමට ගහනවා..බෝට්ටුව කැරකෙනවා ඒ විරුද්ද පැත්තට..ආයේ දකුනට කිව්වම මෙලව සිහියක් නැතුව දකුනට ගහනවා ඒ පාර කැරකෙනවා අනික් පැත්තට . අබීත සහ අනෙක් යාලුවා නම් ගිහින් ඉරක්කන්ඩි පාලමත් පහුකරලා ඇවිත් තිබුනා. අපිට එච්චර යන්න බයහිතුනා. අනික අපේ හබල් ගැහීම් අවුල්. ඉතිං ටිකක් වෙලා ඉදලා ආයේම ආවා. ආයේ ඇවිත් ලෑන්ඩ් කරන්න උනේ නෑ ආයේ පෙරලුනා. මම ඇදන් හිටියේ සරම. සරමත් තෙමුනා ඒ වෙලාවේ නම්.
අපි කොහොම හරි ඊලග දවසේ පාන්දරම නැගිටින්න ඕනි නිසා පිස්සු එතනින් නවත්වලා නිදාගන්න ගියා. අපිත් එක්ක මගේ වයසේම වගේ තවත් සහොදරියක් ගියා. ඇය නම් පොඩ්ඩක් ගිලෙන්නත් වගේ ගියා නාන්න යද්දි. කලපුවේ ගලක් තියෙනවා ගල එහා පැත්තේ පොඩ්ඩ්ක ගැඹුරයි. ඒ හරියට යන්න එපාය කියලා තිබුනේ. කොහොම හරි ඉතිං ගියා ආසාව නිසා එතැන පෙඩ්ඩක් ගිලෙන්න ගියා. ඒ වගේම අපි කලපුවෙන් එතෙර වෙන්න කයාක් එක නැතුව පයින් එන්න ආවා. ඒකත් ලල් ගමන. සමහර තැනක ඉන ගාවට වතුර. ඒකෙදිත් අපේ ඒ සහෝදරී පොඩ්ඩක් ගිලෙන්න ගිහින් පසනා ගොඩ දාගත්තා.
ඇත්තටම ඒක මතක හිටින දවසක්. මට ගෝ ප්‍රෝ එකක් නැති එක ගැන සිරා සාංකාවක් ඇතිවුනා. මූද යට දැක්ක සමහර දේවල් රූගත කරන්න හැකියාවක් තිබුනේ නැහැ. ගෝ ප්‍රෝ එකක් ගැන හින දැක දැක උන්නත් ඒකක් ගන්න තාම බැරිවුනා. ගමන ඇවිත් බලද්දි මම බල බල ඉදිය ගෝ ප්‍රෝ හීරෝ 2018 කියන බජට් ගෝ ප්‍රෝ එක බඩු ඉවර වෙලා. බජට් කිව්වට ඒකත් රුපියල් 31,000ක් විතර වෙනවා.
මම ඉතිං අමාරුවෙන් පෝන් එකෙන් ගතපු පොටෝ සහ මගේ පරණ යි කැමරාවෙන් ගතපු වීඩියෝ ඇති මේ පොස්්ට් එකේ තැනින් තැන. ඒවත් බලලා සැනසීම උදාකරගන්න ඔයාලට හැකිවේවි. ඊලග දවසේ අපි ගියේ ඒ වටේ තියන තැන් ආදිය බලන්න. අපි ඒ විස්තර 2 වන පෝස්ටුවෙන් බලමු නේද?

Saturday, October 20, 2018

මුවැත්තිය සේ ආදරෙන්


මුවැත්තිය සේ ආදරෙන්
රුවැත්තිය ඔබ සෙනෙහසින්
අරන් ගිය මගේ හදේ උණුහුම
ගෙනත් දීපන් කෝ යලිත්..

හද ගැබේ සගවා
දිදුලනා ආසා
පෙති සෙමෙන් සනහා
සිඹියි මල බඹරා

සිනා සුන මුව මඩල යට හිද
දිලිසෙනා ඔය දෑස් බල බල
සදක් වන් ඔය මූන දැක දැක
ලගින් ඉන්නට බලා ඉමි මම 



Friday, October 12, 2018

කාශ්මීර් හිමාචල් ගමන 6 කාර්ගිල් සිට ලේ ලදාක්

කාර්ගිල් හි රැය
කාර්ගිල් කියන්නේ මුස්ලිම් ටවුමක්. මේ අපි යන මාර්ගයේ මම හිතන විදියට අවසානයට හමුවනමුස්ලිම් පලාත තමයි කාර්ගිල්. ඉන් පස්සේ තියෙන්නේ බෞද්ධ කලාපයක්. කාර්ගිල් හි අපිට හමුවුනු ඉතාම බාල මට්ටමේ නවාතැනේ අපිට රැය පහන් කරන්නට සිදු වුනා.ඒක කටුක අත්දැකිමක් වුනා. කොහොම හරි පාන්දරම බස් එක ගමන් ආරම්භ කලා.

හමුදා නිළදාරියා සහ ප්ලේන්ටි කඩය
මේ ගමනේ මේ කොටස තුල එක් තැනකදී අපේ බස් රිය තේ බොන්න නැවැත්තු තැනක හමුදා නිළදාරියෙක් හිටියා. බැලූ බැල්මට අපේ පෙනුම වගේ නිසා ටිකක් කතා බහ කලා. බැලින්නම් ඔහු අපට බොහොම ආසන්න තමිල්නාඩු වල මනුස්සයෙක්. පොර හිතන්නත් ඇති අපි දෙමල අය කියලා. ඒත් අපි සිරි ලංකන් කිව්වාම ත් පොර අපිත් එක්ක හිනාවෙලා කතා කලා. ඒ තැන තිබුනා තේ කඩයක්. ඒ තේ කඩේ තේ වතුර ටික පංකාදුයි.තේ වතුර කිව්වට ඇත්තටම ලැබුනේ කිරි තේ. කිරි තේ හදනවා කියන්නේ ඒ කඩේ උන්දැට වෙනමම ව්‍යාපෘතියක්. එයා කිරි බාජනේ ලිප උඩ තියලා ඉන් පස්සේ තමයි තේ කොල දාන්නේ. තේ කොල විතරක්නෙමෙයි කරදමුංගු කරාබුනැටි වගේ දෙවලුත් දාලා  බොහොම රසවත් තේ එකක් අපිට ඒ කඩෙන් ලැබුනා. මතක විදියට ඒ තේ එක බිව්වේ මමයි චතුරංගයි විතරයි. ඒත් රස නිසා අනික් අයටත් ඒකේ හිත නම් ගියා ටිකක්. 

කාර්ගිල් පසුකර
කාර්ගිල් පසුකර ඉහලට යන විට කාර්ගිල් ටවුමම හරි ලස්සනට අපිට ආයෙම පේනවා. නිම්නයක දුඹුරු පාට කදු වලින් වටවෙලා කොලපාටට තියෙන කාර්ගිල් ටවුම හරි ලස්සනයි. මේ හරියෙදි අපිට ටිකක් අමාරුයි. මොකද මේ හරියට එද්දි අර කිව්ව ඇල්ටිටියුඩ් සික්නස් එක එහෙම නැත්තං උස යද්දි යද්දි ඇගට එන අමාරුව අපිට ටිකෙන් ටික ලොඩ් වෙන්න අරන් තිබුනා.
කාර්ගිල් යුද්ධය
මේ කාර්ගිල් පලාතත් ජනවාරි දෙසැම්බර් ශීත කාලයෙට හිම තියෙනවා හැම තැනම වගේ. ඒ වගේම තිබෙන ශිතල කාන්තාර තත්වය ඇගට වෙහෙසකර එකක්. මේ බෝඩරේ ඇතිවෙන යුද්ධ කියන්නේ දැඩි ශීතල සහ කදුවැටි එක්ක කරන අමුතුම භයානක සටනක්. මේ තත්වයන්ට හුරු වෙන්න හැමෝටම බැහැ. ඉන්දියාවේ හමුදාවලට ගනිද්දි මේ වගේ ඉහල බෝඩර් වල හමුදාවට ඉහල කලාපවල ජිවත්වෙන අයම බදවාගන්න උත්සාහ කරනවාලු. මොකද එයාලට ටිකක් හරි මේ කදුකර ශීතලේ ඔරොත්තු දේනන හැකියාවක් තියෙනවා. පාකිස්ථානය එක්ක යුද්ධ කරන්න වුනෙත් දෙපාර්ශවයටම අවාසි මේ කදුකර ශීතල පලාතේ තමයි.

තේවතුර නවාතැන
තේ බොන්න නැවැත්වු එක තැනක දර්ශනය බොහොම හැඩකාර එකක් වුනා. ගස් යට ඇපල් වැටිලා නරක් වෙලා තිබුනා. සමහර විට ඇපල් ඇහිදින්නවත් කෙනෙක් නැතිවද දන්නේ නැහැ. මේ පලාතේ උසකට නැගුනාම ඉර බැසීම සහ ඉර නැගීම ලස්සනට පේනවා. පාර දෙපැත්තේ දැක්ක මිනිස්සු නම් ගනනින් බොහොම අඩුයි. ඒ වගේම බොහොමයක් දෙනා දුප්පත් සරල ජීවිතයක්ගෙනියනවාය කියලත් පෙනුනා.
ළමයුරු පන්සල
ළමයුරු පන්සල ගාව බස් එක නැවැත්තුවා. ඒ ළමයුරු පන්සල විදෙස් ජාතිකයින් අතරත් ජනප්‍රිය එකක්. ළමයුරු කලාපයේ කදු නගින්නන් ඇවිදින්නන්ද සැරිසරනවා. ඇතැම් කන්ඩායම් මේ වියලි කාන්තාර කදු උඩ දවස් ගනන් කූඩාරාම් අරගෙන ඇවිදිනවා. ළමහයුරු පන්සල ගාව විනාඩි පාලහක් විතර බස් එක නැවැත්වුවා වුනත් අපිට ළමයුරු පන්සල ඇතුලට යන්නට ලැබුනේ නැහැ. වියලි පස් කන්දක දාරයේ පිහිටලා තියෙන ළමයුරු පන්සල ටිබෙට් බුදුදහම ආභාෂය කරගත් 16 වන සියවසේදී පමණ ඉදිවුනු පන්සලක්.
ලමයුරු පසුකර ලේ වෙත
ළමයුරු සහ ලේ අතර මේ පාරේ තිබෙන උසම ස්ථානයත් පහු වුනා. එය මීටර 4000කට වඩා උස තැනක්. බස් එකේ ගිය නිසා අපිට ඉතින් කැමති තැන බහින්න බැහැ. මේ ආසන්නව හෝ කලින් පොලිසියෙන් සහ හමුදාවෙන් සම්පූර්ණ පිරිසම හොදින් පරික්ශා කරනවා. අපි කන්ඩායමට මොනවදෝ කොල වගේකුත් පුරවන්න ලැබුනා අපි විදේශිකයින් නිසා. ඒ තැන්වල ඉන්න හමුදා පොලිසි කන්ඩායම් අපිව හොදින්ම පරීක්ශා කලත් බොහොම ආචාරශීලිව කතා බහ කලා.
ලදාක් වල තිබෙන අවසාන නගරය වෙන ලේ වල ඇත්තටම මිනිස්සනුන්ට වඩා හමුදාව ඉන්නවා. ඒ හමුදාවල් වලට තිබෙන ප්‍රධානතම සැපයුම් මාර්ගයක් තමයි මේ ලේ ශ්‍රී නගර් හයි වේ එක. මනාලි වලිනුත් ලදාක් වලට පිවිසෙන්නට හැකි වුනත් ශ්‍රී නගර් ලදාක් පාරට වඩා මනාලි සිට පිවිසීම අපහසුයි. මාර්ගයත් මනාලි පැතතේ කටුකයි.
ඇතැම් තැනකදි හමුදා ට්‍රක් රථ දහයක් පාලවක් පෝලිමට අපි විසින් පසුකර යන්නට වුනා. ඒ වගේම ලේ වලට කිට්ටුව විශාල බෑවුම් තැනිතලා වල වර්ග කිලෝමීටර ගනන් ශිතල කාන්තාර භූමියෙ අවි ගබඩා, තෙල් ගබඩා, හමුදාව හමුදා කදවුරු ආදිය පේනනට තිබුනා. චීනයට සහ පාකිස්ථානයට මායිම් වෙන කලාපය නිසා ඉන්දියාව හරි බයේ ඇත්තේ යුද්ධ ගැන. බයක් නැතත් බෝඩර් එක නිසා එයාලා ගොඩක් අවිආයුධ වගේම හමුදාමය සැපයුම් ලේ වල ඒකරාශි කරගෙන ඉන්නවා ඇති.

ලේ වල
ලේ නගරයට ලගා වුනාම අපේ තිසර යාලුවා නවාතැනක් සොයාගත්තා. අපිට කාර්ගිල් වල හමුවුන මිතුරගේ සහෝදරයා ඉන්නේ ලේ ලදාක් ටවුමේ. ඔහුට හොද නවාතැන් පොලක් තිබුනා. විශාල එකක් හදමින් තිබුනත් කුඩා එකේ අපිට නවාතැන් ගන්නට ඉඩකඩ තිබුනා. ලොකු මුදලක් වැය වුනෙත් නැහැ කාමරයක් රුපියල් දාහට විතර අපිට සෙට් වුනා.
අපි ආපු ගමන් ටිකක් අතපය කාරිය හෝදාගෙන ඉන් පස්සේ කන්නට ගියා. කන්න ගිය කඩේ ඉන්දියන් එකක්. මේ කඩවල විශේෂත්වය තමයි කන්න යන දේවල් මෙහෙ වගේ උයලා පිහලා නැහැ. අපි ගිහින් ඕනි කරන දේවල් ඇනවුම් කලාම ඉන් පස්සේ කඩිමුඩියේ උයලා දෙනවා. කෑම කියලා ටුවරිස්ට් ප්‍රයිස් නෙමෙයි.අ පිට වේලකටම එක් අයෙක්ට ඉන්දියන් රුපියල් තුන්හාරසියක් යන්න ඇති සුපිරියටම කෑවා වුනත්. ඒත් පිලිගැන්වීම් සුපිරියටම වෙනවා.
අපි මතක විදියට බිෆ් එක්ක රයිස් ඕඩර් කරා. තුප්කා කියන නූඩ්ල්ස් ඕඩර් කරා, මොමෝ ඕඩර් කලා. ඔක්කෝම ආවා. බිරියානිත් ගත්තද මන්දා. කොහොම වුනත් අපි ඒ කෑම කඩෙන් කෑවා බුරිය උල්වෙන්නම.

බෝඩර් පර්මිට් පස්න
අපි ගියෙ මහ කරුම කාලෙක. අපි ගිහින් ඇවිත් අවුරුද්දකට විතර පස්සේ පිටිදුවේ සිරිදම්ම නැත්තං සමන්තබද්‍රයා මේ ඒ ලදාක් කලාපයේම සංචාරය කරලා තිබුනා. සමන්තබද්‍රයා ගිය කාලේ මේ පලාතේ බෝඩර් ඒරියා එකේ තියෙන තැන් කිහිපයක්ම ලංකාවේ ජාතිකයින්ට යන්න පුලුවන් විදියට රිලිස් කරලා තිබුනා. ඒ නිසා උන්නාන්සේ බොහොම පින් බරව නුබ්‍රා වැලි වගේ තැන්වලට ගිහින් තිබුනා.
අපි යන කාලේ ලංකාවේ අපිට පර්මිශන් තිබුනේ හයිවේ දෙකට සහ ලදාක් ලේ ටවුන්එ කට විතරයි. මේ පර්මිශන් පස්න දැන් සෑහෙන දුරට අඩුයි. ලදාක් වල ලංකාවේ අයටත් පර්මිශන් අරගෙන ගොඩක් තැන්වලට යන්නට හැකියි. ඒ කාලේ විදේශිකයින් ලදාක් වල දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ඔෆිස් එකෙන් පර්මිශන් ගන්න ඕනි බෝඩර් ඒරියා එකේ ලස්සන විල් පංසල් එහෙම බලන්න යන්න. ඒත් ලංකාවේ අයට ඒ කියන්නේ සවුත් ඒශියන්ස්ලට එහෙම වත් පර්මිශන් තිබුනේ නැහැ. ඒ 2015 අගෝස්තුවෙදි.
අපි කාපු කෑම කඩේ අයියලා කෝල් කරලා වැඩේ ගෙඩදාලා දෙන්න ට්‍රයි එකක් දුන්නා. ම්ම්හු. ඒ ගමන ඉතිං අපි වැඩේ අත ඇරලා දැම්මා. තවත් දවසක් දෙකක් අපිට ලේ වල ඉන්න උවමනාව තිබ්බා. ඒ වගේම අපිට විවේකයක් ඕනි වෙලත් තිබුනා. ඒත් ඉතිං අපිට ටවුම් විතරයි බලන්න ඉතුරු. වෙන කිසිම සංචාරක ස්ථානයකට යන්න අපිට පර්මිශන් නැහැ. ඒ ගමන අපිට වැඩේ අකුලගෙන පැත්තකට වෙන්නට වුනා.

ශාන්ති ස්තූපය
මේ ස්තූපය තියෙන තැන බොහොම ලස්සනයි. ස්තූපය ජපන්නු හදපු එකක් වෙන්නට ඕනා. අපේ චෛත්‍යය වගේම රවුන්. මේ චෛත්‍යය පිහිටලා තියෙන්නෙ මීටර තුන්හාරසියක් උස කදු ගැටයක. අපිට ඔක්සිජන් අඩු කේස් එක සැරටම දැනුනේ මේ ශාන්ති ස්තූපය බලන්න කන්ද නගිද්දි. මේක මහ සිරා ලොකු කන්දක්නෙමෙයි. ඒත් අපිට අඩි දෙක තියද්දි ඉක්මනින් මහන්සි එනවා. අපිට වගේම වෙනත් විදේශිකයින්ට සහ ආගන්තුකයින්ටත් ඒ අවුල එහෙම්ම තිබුනා. ඒ නිසා අපි ගිමන් හරිමින් විවේක අරගෙන හෙමින් හෙමින් ශාන්ති ස්තූපයට කිට්ටු උනා.

මේ සාම චෛත්‍යයේ විහාරගෙයි වත් හාමුදුරු නමක් හිටියේ නැහැ. අපි වැදපුදාගන්න ගියත් අපිට වෙනත් බෞද්ධ හිමිනමක් හමු වුනේ නැහැ. ඒ අය වදින පුදන හැටි අපි වදින පුදන හැටියට වඩා වෙනස්. බුදුපිලිම නම් කෙලින්ම ලංකාවේ අපි වදින පුදන හැඩේම බුදුපුලිම වුනා. අපිට ඔන්න මෙන්න රෑවෙන්න තියලා ශාන්ති ස්තූපයේ උඩට නැගගන්න හැකි වුනා. ලදාක් නගරයෙන් කොටසක් වගේම බොහොම ඈතට තියෙන වියලි කදු යායක් මේ ශාන්ති ස්ථූපය තියෙන මලුව කෙළවරට පේනවා. මේ ස්තූප තියෙන්නේ මලු කිහිපයක් තිබෙන ආකාරයට.
ඒ හැන්දෑවේ ටිකක් සෙනග හිටියා ස්තූපය ගාව. ඒ එන අයත් අපේ උපාසක අය විදියටම වාඩිවෙලා වන්දනාමාන කටයුතු කලා. මේ පලාත ටිබෙට් බෞද්ධ උනත් ඔවුන්ගේ චෛත්‍ය වන්දනාව නම් අපේ වාගෙම වෙන්නට ඇතිය කියලා මට හිතුනා. අපිට මෙතැන උදේ පාන්දර එන්න පුලුවන් වුනානම් ඉර පායන හැටි බොහොම ලස්සනට බලාගන්නට තියෙන්න ඇති. මොන උදේ පාන්දර ඒමක්ද? අපි නැගලා බැහැගත්තේත් බෙහොම අමාරුවෙන්.

රෑ කෑවා නිදාගත්තා
අපි ඒ වෙද්දි තීරණය කලා අපිට තවත් මේකස්සේ බලන්න දෙයක් නැති නිසා සහ පර්මිසන් නැති නිසා ලදාක් වලින් එලියට යන්න ඕනි කියලා. අපි ඊලග දවසේ උදේම පිටත්වෙන එක හොදයි කියලා හිතුවත් ඒ වෙද්දි අපිට මහන්සියි. දවස් දෙක තුනක්ම ගමනේ නේ. ඒ නිසා දවල් වෙලා යමුය කියලා කිව්වා. ඒත් මම ඒකට කැමති වුනේ නැහැ. මොකද ලේ නගරයේ සිට මනාලි වලට කිලෝමීටර 450ක් විතර යන්න ඕනා ආවා වගේම ශීතල කාන්තා පලාතක් හරහා. ඒ කලාපයේදී මග හමුවෙන නවාතැන් අඩුයි. ඉතිං පාන්දරින්ම අද කියන දවසේ ගමන පටන් ගත්තොත් තමයි අපිට රැයක් නැවතිලා අනිද්දා කියන දවසේ හැන්දෑ වෙද්දි මනාලි වලට කිට්ටු කරගන්න ලැබෙනනේ. ඒත් ඉතිං තව දවසක් ඉන්න එකේ තේරුමකුත් නැහ නෙ. ඒ පාර අපි ටිකක් දවල් වෙන්න පිටත් වෙමුය කියන යෝජනාව ස්ථිර වුනා.
මම ගිහින් තියෙන ගමන් වලින් ලේ නගරයේ අත්දැකිම විශේෂ එකක්. ඒ වගේ ශීතල කාන්තාර නගරයක ජීවිතය ගැන අපිට වැඩිය දැනුමක් ගන්න අත්දැකිමක් ගන්න වෙලාව මදි වුනා. ආයේම ඉතිං ඒවැයේ යන්න ලැබේද දන්නෙත් නැහැ. ඒත් දැන් පර්මිශන් තියන නිසා ගිහින් අත්දැකිම් අරගන්න හොද තැනක් තමයි ලේ නගරය. මෙහෙ ඉදන් යනවා නම් යන තැන් ටික බලාගෙන ඒවා ගැන තොරතුරු ටිකක් දැනගෙන යන එක වටිනවා. මේ ලේ ලදාක් වල තමයි ත්‍රි ඉඩියට් ෆිල්ම් එක ශූට් කරලා තියෙන්නේ. ඒ ශූට් කරපු ලොකේශන් බලන්නත් කට්ටිය යනවා.

ලදාක් යනෝ නම්
මේ ලදාක් වල පංසල් ටිබෙට් බුදුදහම ඇදහුවා වුනත් ඒවායේ සම්ප්‍රදායන් ඇදහිලි විවිධාකාරයි. ලදාක් කියනනේ බෞද්ධ ජනතාව ඉන්න පලාත්නිසා ටිටෙබ් බෞද්ධ ජනයා සහ ඔවුනගේ සංස්කාතික දේවල් දැකබලාගන්නත් ජනතාව ලේ ලදාක් වෙත යනවා. ඈත නුබ්‍රා වැලි, ලොව උසම මාර්ගය ආදී ස්මාරක ගනනාවකුත් මේ ලදාක් පලාතේ දි දකින්නට ලැබෙනවා. දිල්ලියෙ ඉදන් ලේ වලට කෙලින්ම ගුවන් යානා තියෙනවා. ගුවනින් ලදාක් වෙත ගියොත් දවසක් විතර මොකුත් නැතිව ටිකක් ඇවිද ඇවිද ඉන්නට ඕනි මොකද අර උස එක්ක එන කෙස් එකට ඇග හුරුවෙන්න. කොළඹ ඉදන් සම්පූර්ණ පැකේජ් බුක් කරගෙන එන්නේ නැතිව බලන්න ඕනි තැන් ටික අරන් ඇවිත් ලේ වලින්ම පැකේජ් වෙන් කරගන්න එක ඕනිම කන්ඩායමකට වුනත් ලාබදායි වැඩක්. ඔන්ලයින් බුක් කියන්නේ අපිට කිසිම දෙයක් දැකගන්න නැතිව බුක් කරන්න ලැබෙන අවකාශයක්. යන වාහනය, ඒ ගයිඩ්ලාගේ තත්වය ආදි දේ තරමක් හෝ දැකබලාගෙන බුක් කරගන්න පුලුවන් ඇවිත් ඉන් පස්සේ සංචාරක ස්ථාන බුක් කරගන්න ගියොත්.

ඒ වගේම දවසක් විතර කොහොමත් නිකං ඉන්න ිතයෙන නිසා ඒ දවසේ යන්න තියෙන ගමන් ආදිය හොදට ප්ලෑන් කරගන්නත් අවකාශ ඉබේම ලැබෙනවා. ඉන්දියාව ටිකක් සංචාරයේදි කරදර වැඩි තැනක්. ඒත් ලදාක් පලාත ඒම කරදර වැඩිය නැති පලාතක්. ඊශ්‍රායල ජාතිකයින්, ප්‍රංශ කාරයින්, රුසියන් කාරයින් ලදාක් වල ඇවිත් ලොකු බයික් වලින් මාස ගනන් ඇවිදින බව අපිට ලදාක් වලදි හමුවුනු අය කිව්වා. ඒ වගේම තඩි රෝයල් එන්ෆි්ලඩ් බයික් වල නැගලා ඩොක ඩොක සද්දෙන් එහෙ මෙහෙ යන සුද්දෝ සුද්දෝ නිතරම අපිට ලේ වලදි මුණ ගැහුනා.