Sunday, October 20, 2019

නෙරපූ රජ සහ කතා


නෙරපූ රජ කියලා ගනනාථ ඔබේසේකර මහත්තයාගේ එල කිරි පොතක් තියෙනවා. ගනනාථ මහත්තයාගේ පොත ඇවිල්ලා මෙතෙක් අපි හිතාගෙන හිටිය ඉතිහාසේ කකුලේ දෙකෙන් අල්ලලා රිදෙන්න පොලවේ ගහලා තියෙනවා. රාජසිංහ රජතුමා හෙවත් අවසාන රජාව එලවීමෙ ක්‍රියාවලිය ගැන අමුතුම වීව් එකකින් පොත ලියලා තියෙනවා. වෙලාවකට ගනනාථ මහත්තයා පොත අස්සේන එයාගේ මතය සනාථ කරන්න ටිකක් බයස් වෙලා තියෙනවා. ඒත් ඉතින් ඒමය කියලා පොතේ ලොකු අඩුවක් නැහැ.

සුද්දාට යටත් කරගන්න ඕනි වුනේ ඇයි?

මේක නම් ටිකක් බොන්න ඕනි පස්නයක්.අ ැත්තටම ඉන්දියාවේ සමහර ප්‍රාන්ථවල මහාරාජාවරු යටතේ ගොඩක් කල් පාලනය වුනා. රාජස්ථාන ්වල රජවරුන්ගෙන් ඒ අදාල පලාත් ගත්ත් නිදහස ලැබෙන කාලයේ තරම් මෑත කාලේ.. ඇත්තටම ලංකාවේ හිටපු ලන්දේසි කාරයෝ රජු එක්ක යාළුවෙලා ෆිට් එකේ වැඩ කරගත්තා. ලන්දේසි කාරයො අතර ගැටුම් නැතිම වුනේ නැහැ. ඒත් සාර්තක ලෙස පාලනය ගෙනියන්න ලන්දේසි කාරයෝ සමත් වුනා. ඇත්තටම උඩරට රාජ්‍යය සුද්දාට යෑම කියන කාරණාවෙදි උඩරට හිටපු නිළමේ වරු සහ රදල පරම්පරාව සෑහෙන හේතුවක් වෙලාතියෙනවා. එක පැත්තකින් උඩරට හිටිය රදලයින්ට රජ වෙන්න සහ රජතුමා යටතේ තියෙන බලතල නැතිකරගන්න ඕනි කම තිබුනා. අනෙක් අතින් ඔවුන් ගිහින් සුද්දාට කේලම් කියලා සුද්දාටත් ඕනි නැති වුනු කදුකර පලාත යටත් කරගන්න ඕනි වුනා..

කදුකරය ලාබද ?

කදුකරය දැන ්ලාබයි. මොකද දැන් තේ වවලා කෝපි වවලා. එහෙ ම තියනෙවා. ඒත් සුද්දා අල්ලන කාලේ වෙනකොට කදුකරය කියන්නේ එච්චරම ලොකු ගින්නක් නෙමෙයි. කදුකරය නැතත් සාමාන්‍ය වෙලදාමක් කරගෙන උඩරට බඩු ටික කුනු කොල්ලයට අරගෙන සුද්දට රන් කරන්න තිබුනා. ඒත් සුද්දන්ටත් නිළමවරුනගේ කීමකත් එක්ක උූඩරට අල්ලන එකගැන ලොකු අයිඩියාර් එකක් එන්නට ඇති.හැරත් මුළු මහත් දේශයේම ආන්ඩුකාරයා වෙන්න සුද්දන්ට ආසාවක් තියෙන්නට ඇති.

ලංකා කොඩිය

අපේ වාරියොපොල සුමංගල හාමුදරුවෝ කොඩිය පැගුවය ඉංගිරිසි එක උස්සන් කලියෙන් කියලා අපි කියවලා තියෙනවා. ගනනාථ මහත්තයාගේ නෙරපු රජ කියන විදියට එහෙම කොඩියක් තිබිලා නැහැ සිංහල අයට. සංකේත ලෙස කොඩි එසවීම කියනනේ සුද්දා එක්ක ආපු දෙයක්. ඊට කලින් නුවර පලාතේ උස්සලා තියෙන්නේ සේසත්. ඒ වගේම මේ සිංහ කොඩිය කියලා කියන්නේ ඩච් එහෙම නැතිනම් ලන්දේසි කාරයින්ගේ කොඩියක්ලු. ඒ වගේම උඩරට ගිවිසුම් අස්සන් කලේ එක දිනකදී. ඉන් පසු ස්වාමින් වහන්සේලා හෙවත් හාමුදුරු ගොල්ලා හමුවන්නේ තවත් දවසකදි ඒ එක්ක බලද්දි මේ කොඩිය පාගපු කතාව ඇත්තට වඩා බොරු වෙන්න පුලුවන්කියලාතමයි පොතේ තියෙන්නේ. කොඩියක් එසවීමෙ ලොකු උවමනාවක් තිබුනේ නැත්ත ඉංගිරිසි චාරිත්‍රයට අනුව එවකට යටත්විජිත කොඩියක් ඉංගිරිසි කාරයෝ ඔසවලා තියෙනවා.

මද්දුම බණ්ඩාර නාටකය

ඇහැලේපොලගේ පවුල සහ දරුවන් ඝාතනය ගැන තියෙන කතාවත් බොරුවක් කියලා තමයි නෙරපූ රජ කියන්නේ. ඒම තමුනගේ දරුවන්ට සහ පවුලට හානියක් වුනාය කියලා ඇහැලේපොල පස්සේ කාලෙක ලියුමක වත් සදහන් කරලා නැහැ. ඇහැලේපොල ඉංගිරිසි ආන්ඩුකාරට යවපු ලියුම් වල එහෙම සදහනක් නැහැ. එසේම ඒ කාල් ලියවුනු ලේඛන වලත් ඒ වගක් ලියවිලා නැහැ. දරුවන් වංගෙඩිය දාල කොටන එක පෘතුගීසි දඩුවමක්. ඒක ඒ කාලේ ක්‍රස්තියානි පොත් වල තිබුන දඩුවමක්. ඉතින් ගනනාථ මහත්තයා කියන්නේ ඇහැලේපොල පවුලේ නාටකිය අවස්තා ඔක්කොම ඔත්තතුකරවන්ගේ ප්‍රලාපයක් කියලා තමයි.

හැරත් අපි දැන් හිතන් ඉන්න විදිහට මහනුවර දළදා මැලිගාව ඉදිරිපිට කිසිම කාලයක දඩුවම් දෙන්න පාවිච්චි කරලා නැහැ. ඇහැලේපොල කුමාරිහාමි ගිල්ලුවා නම් ඒ සදාහ ඒ වෙනවිට පාවිච්චියට ගත් නුවර වැව පාවිච්චි කරන එකක් නැහැ . ඒ සදහා මහවැලි ගග හෝ වෙනත් වැවක් යොදාගන්නට ඇති. එසේම ශ්‍රී විකුම රාජසිංහ විසින් හදාපු ලස්සන නිර්මාණ්‍යක් වුන පත්තිරිප්පුවේ ඉදන් පූජිනීය ස්ථානයේ ගෞරවයට හානි වෙන පරිදි එතන ඉදන් දඩුවම් දෙන්න රාජසිංහ කීයටවත් පෙළමෙන එකක් නැහැ.

රජා බෙබෙක්ද?

රාජ මාලිගය පිටිපසින් වයින් බෝතල හමුවුනාය. රට මැත්පැන් බෝතලත් හමුවුනාය කියලා ඩොයිලිගේ සටහන් වලතියෙනවා. ඒ වුනාට රජතුමා ලංකාවේ ඉදන් ඉන්දියාටව පිටුවහල් කරන කාලේ වත් ඉන් පස්සේ කාලේ වත් බීමතින් ගත කලා කියලා සටහනක් නැහැ. ඒ වගේම රජතුමා ගේ බෝතල සහ රජතුමාබීමතින් හිටියා කියන කතාන්දර හැර සමකාලීන වෙනත් ලේඛණ වලවත් රජතුමා ගේ බීමත ගැන සටහනක් නැහැ.

රජතුමා වඩුගයා දෙමලා

රජතුමා ඇත්තටම නායක්කර වංශිකයෙක්. ඔවුන් දෙමළ නෙමෙයි. ඔවුන් තෙලිගු හෝ අද මට්ටමින් සැලකූ විට අන්ද්‍රා පලාතේ උදවිය වෙන්න පුලුවන්. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ ලංකාවේ ඉපදුන ලංකාවෙ ්හැදී වැඩුන අයෙක්. ඔහු ඔහුගේ නිජභූමිය ලෙස ඉන්දියාවට ගියත් බොහෝවිට රාජසිංහ පරම්පරා කිපයක් තිස්සේ ලංකාවේ ඉදපු අය විදිහට සලකන්නට පුලුවන්. මේ රජතුමා දෙමළ කරලා ඔහුට අපහාස කරපු සටහ්න තියෙනවා. ඒත් මේ රාජසිංහ රජතුමා නුවර දැන් පෙනුමට ගොඩක් දේවල් කරලා තියෙනවා. මාලිගාව ලස්සන කරලා මාර්ග හදලා නුවර වැව හදලා බෝගම්බර හදලා දේවාල හදලා පිලිවෙලක් කරේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කියන එක හැමේම වගේ අද අවිවාදයෙන් පිලිගත් දෙයක්. රජුට ඉහල පැලැන්තියෙ නිළමෙවරුන් පිටුපෑවත් පහල මට්ටමේ ජනතාව අතර ප්‍රසාදයක් තිබුනා.

ඩොයිලි මාර බුද්ධිමතා

ඇත්ත ඩොයිලි කියන්නේ ගේම් කාරයෙක් තමයි. ඒත් ඩොයිලි ලියපු කියපු ලේඛන දිහා බැලුවාම මිනිහාට හරියට සිංහල තියා ඉංගිරිසි වත් බැහැලු. අනික ඩොියිලි ට නුවර පාලනය 1815 දි ලැබෙනවා. ඉන් අවුරුදු 3ට පස්සේ ඉංගිරිසින්ට විරුද්ධව උඩරට පලාතෙන්ම කැරැල්ලක් ඇති වෙනවා. ඩොයිලි පාලනයේ දක්ශයෙක් වුනාන්ම ඔහු සිරා ඩෑල් එකක් වුනානම් ලොවෙත් එහෙම කැරැලි එන්න විදිහක් නැහැ. ඩොයිල් ඔත්තු කරුෙවක් විදිහට සංඝ්‍යා වහන්සේ මාර්ගයෙන් වෙලෙන්දන් මාර්ගයෙන් උඩරට තොරතුරු ලබා ගත්තා. ඉන් පසුව ඒ තොරතුරු ආශ්‍රයෙන් එකිනෙකා කොටවල උඩරට ඉංගිරිසින්ට පවරා ගත්තා. ඒ වැඩකොටස ඔහු හරියට කලා. ඒත් ඔහු කියන තරම් භාෂාව දන්න බෞද්ධ ආගමට ගරු කල පුද්ගලයෙක් කියන්න නම් එහෙමට සාධක හමු වෙලා නැහැ.

රජු කියන්නේ කෲරතර මිනිහෙක්

රාජද්‍රෝහීත්වය කියන්නේ දැන් ලෝකය තුලත් දැඩි දඩුවම් ලැබෙන වැඩක්. රජය පෙරලන්න කතාකරන්න ආයුධ අතට ගන්න කතාකරන්න පාර්ලිමේන්තුවේදි වත් අවස්තාවක්නැහැ. රජතුමා දඩුවම් දීපු අවස්තා බැලුවොත් ඒ හැම දඩුවමක්ම ඊට පෙර සිටපු රජවරු දීපු දඩුවම් වෙනවා. රජතුමා ඇත්තටම නිසි කාලේදී පලමු වැරදි වලටම පිළිමතලව්ේවට, ඇහැලේපොලට නිසි දඩුවම් නිසි පරිදි පදිරි වෙන් නැතුව දුන්න නම් ඇත්තටම රජතුමාට රජකම යහතින ගෙනිය්නන අවස්තාව තිබුනා. රජතුමා මුල් අවස්තාවල නිළමේවරුන්ට දඩුවම් දෙන්න ටිකක් අදිමදි කරපු එක පස්සෙ කාලෙක රජතුමාටම පාරා වලලක් වුනා.

උල තැබීම හිස ගසා දැමීම ගිල්වා මැරීම අද වෙනකොට නම් මහ කෘෘතර දඩුවම් විදිහට පේනවා. ඒත් මේ සිදුවූම සිදුවුන 1700-1800 කාලේදී යුරෝපා කරයේ පවා මේ ආකාරයේ කෲතර දඩුවම් දීලා තියෙනවා. මෙතැනදි රජතුමාට ටිකක් සදාචාර සම්පන්න වෙන් තිබුන තමයි.එත් රාජ විරෝධිත්වය, කේලම් කීම, ඔථ්තු බැලීම වගේදේවලට සරලව උත්තර දීලා රජකම වගේ ඒකාධිපති තාන්න මාන්න රැකගන්න බැහැ. රජකම කියන්නේ සියළු ජනතාව හේතු රහිතව රජතුමාට ගරුකරන්න ඕනි තත්වයක්. එහෙම තැනක් රැකගන්න කෲර දඩුවම් ඒදා සිට තියෙන්නට ඇති. ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් මේ ගැන ඇහුවාමත් ඔහු ඒ දඩුවම් පැරණි සිංහල දඩුවම් බවත් පැහැදිලිවම කියා තිබෙනවා.

රජතුමා ගියනිසයි අපිට පාරවල් කෝච්චි ලැබුනේ..

මේ ගැන නම් පොතේ විස්තර නැහැ. මේ මගේ පුද්ගලික අදහස් කියන්නේ. රජතුාම ගිය නිසා ආර්ථිකය දියුණු වුනා. ඒ එක්ක ගොම කොලපාටට තිබුන උඩරට පලාතේ කදු සුද්ද වෙලා තේ වැවුනා කෝපි වැවුනා. ඒකියන්නේ අපේ පරිසරයෙ සෑහෙන වෙනස් වුනා. සිංහල මිනිහාට කැරලි වලට සම්බන්ධ වුනු නිසා දඩුවම් නියම වුනා. 1818 සහ 48 දි සුද්දා බුරුතු පිටින්සිංහල මිනිහා ඝාතනය කලා.

වතු වගාව නිසා අපිට ාපරවල් ලැබුනා. ඒත් ඇත්තටම රජතුමා ම හිටියනම් අපිට රේල් පාරවල් හෙම ලැබෙන එකක් නැද්ද?

රජතුමා හිටියනම් කොහොම වෙයිද කියන එක ගැටළුවක්. රජතුමාටත් තමුනගේ රට පාතරට විදියට මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන් ආකාරයට හදන්නම වෙනවා. එහෙම නැත්නම් කාලයත් එක්ක රජතුමාට පැවැත්මක් නැති වෙනවා.එ ්ආකාරයට කාලයත් එක්ක රජතුමා නවීකරණය වෙලා රජතුමාට තමුනගේ රාජධානිය තුල පාරවල් සහ ආර්ථිකය දියුනු කරන්න වැඩපිලිවෙල එන්නට පුලුවන්.

තායි රටට කවදාවත් සුද්දෝ ආවේ නැහැ. ඇවිත ්යටත් කරගන්තේ නැැහැ. ඒත් තායි රටත් එක්දාස් අටසිය ගනන් වලදි රේල් පාරවල් හැදුවා..මාර්ග හැදුවා තායි රට දියුනු කරන්න රජතුමාල කටයුතු කලා. ඉන්දියාවෙත් සුද්දෝ සම්පූර්ණයෙන්ම යටත් කරගත් නැති මහාරාජ සහ රජවරු හිටි පලාත්වලත් සංවර්ධන කටයුතු සිදු වුනා. ඉතින් සුද්දා බිස්නස් කරන්න අපේ රටේ පාරවල් හැදුවා. ඒ වගේම ඒ පාරව්ල වලින් එයාල එයාලට ඕනි ගේම් එක ගැහුවා. ඒත් අපේ රජගොල්ල හිටියත ඇතැම් විට මේ ආකාරයට ආර්ථිකමය දියුණු කිරීම් කරන්නට උවමනාකම් ැතිවෙන්න පුුලුවන්කමක් තිබුනා.

පොත

නෙරපූ රජ කියන්නේ ඇත්තටම අපි හැමදාම දකින ඉතිහාස පොත් වලට වඩා හොද පොතක්. ඉතිහාසය කියන්නේ තිබෙන සාධක මත දියුනු විදිහට ලෝක ඉතිහාසය අවට ඉතිහාසය එක්ක පෙලගස්සවාගන්න ඕනි දෙයක්. ඒත් ලංකාවේ ඉතිහාසය කියන්නේ අපේ වර්ථමාන යම් යම් මතිමතාන්තර වලට හරියන්න අතීතය දිහා බලන්න පුරුදු කරන දෙයක් වෙලා ඉවරයි. විකල්ප ඉතිහාස මතවාද ගැනත් ඇතැම් අය බලන්නේ වපර ඇහින්. ඉතින් සම්පූර්ණයෙන්ම ගනනාථ ඔබේසේකර කියනේන් ඇත්තම ඇත්තද කියන්න හදිසි වෙන්න ඕනා නැහැ. ඒත් ඒ නෙරපූ රජ එකේ කාරණා ටික කියවලා බලන්නම වටින කාරනා ටිකක්.

7 comments:

  1. මම අමිල කියන පොත නං කියවලා නැහැ. ඒ උනාට අමිල මෙතන කියලා තියෙන බොහෝ දේට එකගයි.

    අනික තමයි ලංකාවේ ඉස්කෝල වල පවා උගන්වනවා මද්දුම බණ්ඩාර ජාතික වීරවරයෙක් කියලා. මට නං පේන්නේ (එයාගේ හිස ගසා දැමීමේ කතාව ඇත්ත නං) ඒ අය ඇවිල්ල රටේ රජුට විරුද්ධව වැඩ කරපු කැරළිකාරයෝ මිසක් වීරයෙක් විදියට නෙමේ.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම සුද්දාගේ කාලේ යම් වැරැද්දක් නිසා වෙන්න ඇති ඇති..ඒත් තාමත් ඒක ඒ විදිහටම අරගෙන යනවා..

      Delete
  2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉතිහාසයේ සඳහන් වන ලෙස සැබැවින් ම හිත්පිත් නැති දුෂ්ඨයෙක් ද , එසේත් නැති නම් එම කරුණු ඉතිහාසය විසින් හිතාමතා ම ලේඛනගත කර උපක්‍රමිකව ජනගත කළ මතවාදයක් දැයි යන්න අද වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකාවකි.

    සම්මානනීය ලේඛිකාවක මෙන් ම ඉතිහාසය සහ විත්ති , වදුළු මූලාශ්‍ර ආශ්‍රිත දැනුම් සම්භාරයකින් හෙබි පද්මිණි සෙනෙවිරත්න නම් ලේඛිකාව තම මුල් ම නවකතා ද්විත්වය වන "නගච්ඡති" සහ "වරණ" පාදක කොටගන්නේ ශ්‍රී වික්‍රමසිංහ රජු සම්බන්ධ ඉතිහාස පුවත ය. සාම්ප්‍රදායික ඉතිහාස කතාවට සහ මද්දුම බණ්ඩාර සම්බන්ධව එල්ල වන සාහසික චෝදනාවට තාර්කිකව අභියෝග කරන ඇය තම නවකතා තුළින් ඒ සඳහා වෙනස් අර්ථකථනයක් සහ පැහැදිලිකිරීමක් ඉදිරිපත් කරන්නීය. සාහිත්‍ය රත්න ගෞරවාභිමානයෙන් පිදුම් ලත් මහාචාර්ය ගණනාත් ඔබේසේකර ද සාම්ප්‍රදායික ඉතිහාසයට අභියෝග කරමින් ලියූ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha ග්‍රන්ථයට 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ ඉංග්‍රීසි බසින් ලියැවුණු හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතියට හිමි සම්මානය පිරිනැමුණු අතර එය එච්.ජී දයාසිසිර විසින් "නෙරපූ රජ" නමින් සිංහලයට ද නැගුවේ ය.

    මේ සියල්ල අතරවාරයේ රාජසිංහ රජු පිළිබඳ නව ඉතිහාසයක් (සුපුරුදු අධිරාජ්‍ය විරෝධී අයිඩියෝලොජියෙන් ඉතිරී ගිය) ගෙනහැර දක්වන්නේ අප මෙන් ම ජාතික ජනබලවේගයට සහාය දක්වන "සහෝදරයෙකි". අනුර කුමාර දිසානායක යනු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා නොවන බව අනුර කුමාර දිසානායක ට මෙන් ම නිතරම අමතක වන ලක්ෂණ පෙන්නුම් කරන නමුත් මොහු දැනට ජාතික ජන බලවේගය ගෙන යන ක්‍රියාන්විතයට ඉතා ඉහළින් සුදුසුකම් දක්වන්නෙක් බව පෙන්නුම් කෙරේ.

    සබඳ !
    ඔබ ද ජාතික ජන බලවේගය නියෝජනය කර සූරිච් , වියානා බැරිනම් මොම්බාසා හෝ යාමට සුදුසු බවට අපේ ප්‍රශංසා පිළිගන්න.

    ගණනාත් සහ පද්මිණී ! කරුණාකර රිටයර් වෙන්න

    ReplyDelete
    Replies
    1. බාල වූ දේශපාලන ක්‍රයාදාම සදහා ඉතිහාසය යොදාගැනීම කියන්නේ අපේ රටේ අලුත් දෙයක් නෙමෙයි..
      සමහර විට අනුර කුමාර දන්න තරම ඒක වෙන්න ඇති..ඒකෙත් වැරැද්දක් කියන්න බැහැ..මොකද හැමදේම ඉගෙනගන්න මනුස්සයෙක්ට බැහැ නේ..

      Delete
  3. සෞම්යාට දිව දාලා ඒකිගේ ජූස් බොන්න තිබ්බා නං...

    ReplyDelete
  4. ගණනාත් ඔබයසේකර ඇත්තෙන්ම උගත් විශ්ලේශ්නාත්මක ඉතිහාසඥයෙක්.
    ලංකාවෙ හුඟක් අය කරනවා වගේ තම මතයක් ඔප්පුකරන්න දත්තවලින් කොටසක් පමණක් අරගන්න කෙනෙක් නෙමෙයි.

    ReplyDelete
  5. ඉතිහාසය කියන්නේ ගොතපු කතා තමයි!

    ReplyDelete