Tuesday, November 17, 2020

බල මාලුවා දැනගෙන කමු Skipjack Tuna

හිටපු ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහත්තයා අමු මාලු කාලා පෙන්නුවා. සංදර්ශනයක් විදිහට හොදයි. ඒත් මාලු අමුවෙන් කෑවහම ඒ හරහා සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් ශරීරගතවෙන්න පුලුවන් කියලා කට්ටිය කියනවා. එ ්වගේමයි මේක බුකිය කැලබූ සිද්දියක් වුනා. පිිරිසක් කිව්වේ මේක හෙනම අවුල් නාට්ටියක් කියලා. ඒ වගේම මේ නිසා හිටපු ධීවර ඇමතිතුමා තවත් පච වුනා කියලා පලමු පේලියේ ඉන්න බයියෝ විශ්වාස කරනවා. ඒත් ඇත්තටම මේ වගේ මනුස්සයෙක් නිවුස ්වලට යෑමත් නිවුස් වලට ගිහින් හිට් වීමත් ඒ මනුස්සයට ලැබෙන ලොකු චාන්ස් එකක්. මට මතක ඇති කාලෙක මිට කලින් මේ දිලිප් වෙද ආරච්චි කොළඹ ලොකු හෝටලේක පිගන් පොලොවේ ගැහුවා. ඒකෙන් ඒතුමාගේ නම පත්තරේ ගියා. 

ඉතින් මම දැන් කතා කරන්න යන්න ්බලමාලුවා ගැන. බලමාලුවා කියන්නෙත් ටූනා විශේෂයක්. අපේ මූදේ ටුනා කුලයට අයිති මාලු ගොඩක් ඉන්නවා. ඒ අතර පොඩිම ටුනා ජාතිය තමයි හුරුල්ලා. කෙලවල්ලා, බලයා. ඇටවල්ලා වගේ මාලුත් අයිති වෙන්නේ ටූනා පවුලටම තමයි. ඒ ටූනා පවුලේ මාලුන්ගෙන් බලයා අපි අතර ජනප්‍රියයි. බලමාලුවා අදුරගන්න ලේසියි. බලයාගේ යටිබඩේ කලුපාට ඉරි තියෙනවා. ඒ නිසා උන්ව අදුරාගන්න ලේසියි. 

බලමාලු වලින් හදන කෑම 

ලංකාවෙදි නම් බලමාලු වලින් ඇඹුල්තියල් හදනවා ඒ වගේම හොදි හදනවා. කේරලේදිත් ලංකාවට හා සමාන දුරු මිරිස් තුනපහ වලින් සපිරි හොද වයින් හොද්දක් හදනවා බලමාලු සහ ටුනා වලින්. බෙංගාලෙදි මූලිකව කලින් ටූනාව බැදගන්නවා. බැදගත් ටුනා කෑලි ඉන් පස්සේ ආයේ තුනපහ ආදිය සැරට දාලා ලොකු හොද්දක් හදලා ඒකත් එක්ක බත් අඹරනවා බෙංගාලි මිනිස්සු. කේරලේ සහ බෙංගාලි දෙකේදිම බත් කන්න මාලු හොද්ද ගහන කොට එයාල මාලු හොද්ද එක්ක විතරයි බත් කනවා දැක්කේ. ඒක නිසාම මාලු හොද්ද විවිධ රසකාරක ගහලා හදනවා. ඒත් මේ අපි සහ ඉන්දියානු ක්‍රමයට මාලුවා උයද්දි මාලුවාගේ නියම රස නැති වෙනවා. නැතිනම් අතුරුදහන් වෙනවා. 


බලමාලු ෆැක්ට්ස් 

  • වැඩුන මාලුවකුගේ බර - කිලෝග්‍රෑම් 5-10 අතර

  • බලමාලුවාගේ ආයුකාලය - අවුරුදු දහයයි

  • ඉංගිරිසි නම - Skipjack Tuna

  • පවුල - Scombridae

  • දිවිගෙවන කලාපය - අත්ලාන්තික්, පැසිපික් සහ ඉන්දියානු සාගර තුනේම නිවර්ථන කලාපය 

  • භාවිතය - ටින්මාලු සහ ගෘහස්ථ පරිබෝජනය 

  • විද්‍යාත්මක නම - Katsuwonus pelamis

ඉන්දුනීසියාවේදි බලයගෙන් හදන චකලං ෆුෆු කියාල කරවල විශේෂයක් ජනප්‍රිය වලො තියෙනවා . ඒකෙදි අලුත් බලමාලුවා කපලා කුරු වල ගහලා පොල්ලෙලි දාල දුම්ගස්සනවා. ඉන් පස්සේ දුම්ගහපු බාගෙට තැම්බුන බලමාලු වලින් එයාල ව්‍යාංජන හදාගෙන කනවා. අපි මේ කන විදිහට ටිකක් එලියේ තියලා කන්න ගියොත්සුද්දට නම් බලමාලු කෑම අප්සට් යනවා. මොකද බලමාලු වල නිපදවෙන හිස්ටමින් සුද්දට අවුල්. ඒ නිසා සුද්දෝ බලමාලු එලියේ තියන්නේ නැතුව කුල් පෙට්ටියේ දාලම තමයිඅරගෙන ෆෙෂ්වට කන්නේ. 


සුද්දෝ ඒ කිව්වේ යුරෝපීය ජාතිකයින් නම් මේ ටූනාවෝ කෙලින්ම රත් වූ තැටියකතියලා රත්කරලා කනවා. ජප්පෝ නම් කිසි කතාවක් නැතුව ටූනා කපලා සුෂි විදිහට කනවා. අපේ දිලිප් වෙදාරච්චි ක්‍රමයට ගෝත්‍රික ජනතාව නම් බලමාලු කනවා ඇති. කොහොම වුනත් කෙලින්ම ෆ්‍රෙෂ් මාලුවා වුනත් සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් බඩට යන්න පුලුවන් කෙලින්ම අමු මාලු කෑවොත්. 


අල්ලනවා අල්ලනවා ඒත් ඉන්නවා 

වැඩිපුරම ධීවර දැල්වලට අහුවෙන මිල අඩු ටුනා වර්ගයක් තමයි මේ ස්කිප්ජැක් හෙවත් බලමාලු කිය්නනේ. ස්කිප්ජැක් හෙවත් බලමාලු යෙලෝෆින් බ්ලූෆින් ටූනාවෝ එක්ක බලද්දි මිලෙනුත් අඩුයි. මුන්ව අල්ලන්න විවිධ ක්‍රම තියෙනවා. දැල් ගහලා වට කරලා ඉන් පස්සේ අල්ලනවා. ඒ වගේම බිලි කොකු ගහලා ඒ වගෙනුත් බලයෝ අල්ලනවා. ඉස්සර නම් අපේ ලංකාවේ හතර අතේ ධීවරයෝ විශාල බල ඔරු යාත්‍රා කලා. දැනටත් වැලිගම දිහා එහෙම ඒ විදිහේ විශාල ඔරු තියෙනවා. ඒත් වැඩිපුරම ජනප්‍රිය බහුදින ධීවර යාත්‍රා තමයි. ඒ බහුදින ධීවර යාත්‍රාවක් වරක් මූදු යන්න ලක්ශ දහයක් විතර වියදම් වෙනවා. ඒත් ඉතින් ලාබ තියෙන රස්සාවක් නිසා ඒ ගාන ගෙවලා වියදම් දරලා මූදු යවන්න වෙලෙන්දෝ ඉන්නවා. 


අපිට අලුත් මාලු එනවාද?

දැන්නම් ඉතින් අපිට එන අලුත් මාලුවෙක් නැහැ. කෙලවල්ලා ගත්තොත් කෙලවල්ලා පිටරට යවන හොද එකා කිලෝව රුපියල් 1500කට එහා වෙනවා. ලංකාවේ ඕනිම හොදම මාලු ලෑල්ලක ඉන්න කෙලවල්ලෙක් වුනත් වැඩිම රුපියල් පන්සියක් විතර තමයි වෙන්නේ. කෙලවල්ලාගේ පිටත තත්වය වගේම කෙලවල්ලාගේ අන්තර්ගත ප්‍රෝටින ආදියත් රට යවද්දි හොදට බලනවා. මේ ටූනා මාලු රට යවද්දි කිලෝ 15ක කුරියෙක් වුන්ත විනාඩි 5කට අඩු කාලෙකදි කපනවා. මාලු ගැන දැනුමැති හිතමිතුරු බ්ලොග්වේදී දුලිප් සිකුරාජපති කියන විදිහට මේ බලමාලු ශීතාගාරයෙන් එලියේ තියාගනෙ කපන කාලය අඩු වෙනතරමට මාලුවාගේ කොලිටි එක ආරක්ෂා වෙනවා. 


මාලු ඔච්චර ඉන්නවද? 

ඔවු. බලමාලුවා බොහම ඉක්මන්ට බෝවෙන සතෙක්. ඒ වගේ බලමාලු මහා අයින් විදිහට තමයි මූදේ රංචු පිටින් සැරිසරන්නේ. හොද වයින් මාලු රංචුවක් අහුවුනොත් බහුදින ධිවර යාත්‍රාවක ඒ ලොකු මාලු රංචුවක් දාන්නත් බැරි වෙලාවල් තියෙනවා.


අපේ පොයි කතා 

ලංකාවේ දකුනේ උන්ගේ හයිය හක්තිය ඇවිල්ලා තියෙන්නේ බලයා කාලාය කියලා කතාවක් තියනෙවා. ඒක තනිකර පොයි කතාවක් නේ. බලය ඉනනේ ලංකාවේ විතරක් නෙමෙයි. අනික බලයා ගොරක ගම්බිරිස් ගහලා තුනපහ රසට ගහන්නෙත් දකුණ පලාතේ විතරක්ම නෙමෙයි. කේරලේ සහ බෙංගාලිත් ගොරක ගම්බ්රිස් දානවා ඇතිවෙන්න. ඉතින් මේ දකුනේ උන්ට බලයා ශක්තියක් වුනා කියන කතාව කවුරුහරි අයියෙක් ලොකුකමට කියාපු තවත් එක පදනමක් නැති පොයියක් විතරයි. 


බලමාලු ඉස්සර නම් ජාඩි දාලත් වික්කා. ජාඩි කියන්නේ ශිත කිරීම ජනප්‍රිය වෙන්න කලින් මාලු කල් තියාගන්න මාලු තැනකින් තැනකට අරං යන්න ජනප්‍රිය වෙච්චි ක්‍රමයක්. ලංකාවේ අපි කරවල දානවා. ඒ වගේම බලයා උම්බලකඩත් මරු. ඉතින් බලයා වැඩි කාලෙට වැල්ලේ මිල අඩුයි. එතකොට කෝට්ටගොඩ දිහා පේන්නම තියෙනවා වගේ මාලු උම්බලකඩ දානවා නැතිනම් කෙලින්ම කරවල වේලනවා. 


මේ බල මාලුවා ලංකාව පැත්තෙන් හිතුවොත් ලංකාවේ අපිට හොද පෝශණය සපයන මාධ්‍යයක්. මොකද ලංකාවේ මිනිස්සු ආහාර විදිහට මස් කනවා හරිම අඩුයි. මාලු තමයි කන්නේ. ඒ අතරත් මේ රතුපැහිදි බල මාලු වගේ මස් පෝශ ගුනයෙන් වඩාත් සාරවත් වෙනවා. අනෙක් පැත්තෙන් ලංකාව වටේම මූද සහ ධීවර වරායන් ගොඩක් තියෙන අපේ රටේ බලමාලු රට යැවීමත් හොද බිස්නස් එකක්. ටූනා අතර සුලබ බලයාටත් විදෙස් වෙලදපොල තුල හොද ඉල්ලුමක් තියෙනවා. 


Saturday, November 14, 2020

කොරෝන බයිලා Corona Baila


හුබෙයි පලාතේ ෆිෂ් මාකට් අස්සේ
කබල්ලෑවෝ බටු වවුල්ලු විකුන්න රිස්සේ
වවුලෙක් අස්සේ කොරෝන හැංගිල බැස්සේ
කෝවිඩ් 19 එහෙමයි ආවේ.

කොරෝනා.. එයා දාල යන්නේ නෑ..
කොරෝනා එයාට එපා වෙන්නෙ නෑ

හැදුනම හුස්ම ගන්න බෑ….උණ අඩු වෙන්නේ නෑ
ඇගපත අමාරු මහන්සියේ කිසි අඩුවක් නෑ
හැමෝම අමාරු වෙන් නෑ. මොකද අපි නම් දන්නෙ නෑ..
තාම බෙහෙතක් නම් හොයාගත්තෙ නෑ..

අත් හෝදන්නයි කට වහගෙන යන්නයි
මීටරේ තියන් ඈතින් හැමදේ කොරගන්නයි
ගෙදරම ඉන්නයි ඉදගෙන වැඩ කරගන්නයි
හිරකාරයො උනෙ කොරෝන හින්දයි

කොරෝනා.. එයා දාල යන්නේ නෑ..
කොරෝනා එයාට එපා වෙන්නෙ නෑ

Wednesday, November 11, 2020

උදව්කාර වැඩකාරයා A helper ++

 


එතකොට රංකිරා උඹ කියන්නේ උඹ උකන එක අංජාන නෝන මහත්තයට උදව්වක් උනා කියලද?

නැත්තං. මහත්තයෝ ඔය කැත වචන පාවිච්චි කරන්න එපා. අපි ඒකට ජිල් සෙල්ලම කියමු. ජිල් සෙල්ලම කියල පාවිච්චි කලාහම ලස්සන නැහැ. ඒත් අංජානා නෝනත් කැමති උනේ නැහැ අර උකන වචනෙට. ඒ නෝනත් කිව්වේ ජිල් සෙල්ලම හොදයි කියලා. මහත්තයෝ අංජාන නෝන මහත්තයා කියන්නේ අපේ ලොකු නෝන මහත්තය වගේ වයසට ගිහින් හොට බිම ඇනුන කෙනෙක් නෙමෙි නේ. අංජාන නෝන මහත්තය තරුණ. ඉතින් තරුණ ගෑනුට ඕක ඕනි නෙ. මම නෙහිටිය නම් ඉතින් නෝන වෙන කෙනෙක් හොයාගෙන ගෙදර නමයි ඒ නෝනගේ නමයි මහත්තයගෙ නමයි ඕකකම කැත වෙන්න ඉඩ තිබුනා.

අම්බෝ රංකිරා ඒ කියන්නේ උඹ නැත්තං අංජානා පිට යනවා කියලද?

අනේ නෑ.. මහත්තැලා පොත් උගත්තු වේචචි. අපි එහෙම නොවිච්චි. මේවා ඉතින් පොත් වල නැතුව ඇති. අංජානා නෝන මහත්තයාගේ මහත්තයා ඉන්නවා නේ. ඒ කීවේ සජීව මහත්තයා. සජීව මහත්තයා රට ගිය. රට ගිහින් සතියක් දෙක්ක යන්න උනේ නැහැ. අපේ අම්මා තරුණ කාලේ අපිට තලනවා ගහනවා බනිනවා වගේ අංජානා නෝන කුලප්පු වෙන්න ගත්තා. වැඩ ඇරිල ආවත් වැඩකරන උන්ට බනිනවා. පොඩි උන් දෙන්නව අල්ලගෙන කන්න යනවා. උන්ගේ පොඩි දේටත් බනිනවා. වෙනකක් තියා අර මල් පහන් තියලා පුකත් උස්සං කාමරේට වෙල  වදින ලොකු නෝනටත් බනිනවා. එයාත් ඉන්නේ මහ කරදරේක වගේ. ඉතින් ඔහෝම දවසක තමයි මම ගිහින් බලෙන්ම වගේ අංජාන නෝනට ජිල් සෙල්ලම දැම්මේ.

මගේ මුන්ට කෙලත් ගැහුවා. තව තෝ ගේ අහවල් එක කපනවා වල් බල්ලා කියලත් කිව්වා. ඒත් මම ඇරියේ නැහැ. අමාරුවෙන් නම්මගෙන කරගෙන ගියා. ඒක මහ කැතයි ඒත් මට කරන්න දෙයක් තිබුන් නැහැ.

ඉතින් උඹ කෝමද ඒක දැනගත්තේ ඒ අංජාන නෝනට තිබුනේ ජිල් සෙල්ලම නැති මේව එකය කියලා. .

මහත්තයා අපි පිටිසර මිනිස්සු. අපේ අප්පුච්චා අපි පුංචි සංදියේ කොළඹ යනවා වැඩ හොයාගෙන. ඒ කාලෙට අපේ ගෙට රිංගන්න එක එකාල උන්න නෙව. උන් ඇවිත් අපේ අම්මයේ බඩ උඩ නැංග දාකට සතියක් විතර අපේ අම්මා බොහොම නිවිල. මොකෙක්වත් නැති දවසට අඩුගාන් අල්ලුප ගෙදර එකීට කුනුහබ්බ කියනවා. නැතිනම් අපිට තලනවා. ඒ දවස්වලට අපි මොක කලත් වැරදියි. මට මතකයි ඔහොම එනවා කියලා කියපු එකෙක් නාපු දවසක්. මායි නගයි හදා තිබුනා ලස්සන සෙල්ලං ගෙයක්. යස්සයා ආවේස වෙච්ච අපේ අම්මා ඒක කඩලා දැම්මා.තොපි හින්දා මේ මිදුලක් තියාගන්න නැහැය කියලා. ඉතින් අපි අවසානේ කැමති වුනා ගෙදට්ට බාප්පල එකේක ජාති මාමල ඇවිත් යනවාට. නංගි නම් එච්චර කැමති වුනේ නැහැ. මොකද දන් නැහැ. ඒත් මට නම් හරි පාසු. ඒ දවස්වලට අම්මා අපිට කරුණාවයි. එන එකා කන්න බොන්න අඩුම කුඩුම ටිකක් හරි ගේනව. වලව්වේ මහ එකා ආු කාලේ හොදටම සරුයි. ඌ ආවට පස්සෙ වලව්වෙන් පොඩි මල්ලක් එනවා. අපිටත් විස්කෝතු තියෙනවා ඒකේ.

් උනාට රංකිර උඹ අර සජීව මහත්තයාගේ අම්මටත් හදි කරාල අහු වුනාලු නේ. නාකි වැඩි නැද්ද බන් උබේ සත්කාර වලට.

හුම්ම්. අංජානා නෝන එක්ක බලද්දි අම්ම නම් ඉතින් වයස තමයි. ඒත් මහත්තයෝ අර දේවාල කාරයා ඔය ගෑනිගෙන් ගරාපු ගැරිල්ලක්. මාත් ඉතින් දහ පාලොස්දාහක් ගත්තා. ඔය එක එක වැඩ වලට. ඒ මනුස්සයාට දේපල තියෙ. ඒවා යෙන් කීයක් හරි ආව ගමන් දේවාල කාරයයි හාමුදුරුවොයි හොදට ගරනවා. ඒකත් මහත්තයෝ ඔය දේවාල කාරයින්ට තියෙන්නේ අමුතු දෙවියෙක් නෙමෙයි. උන් තමයි ලොකු නෝනට නෝනා කියලා ඇත්තටම ගරු සරු කරන්නෙ. හාන්දුරුවොත් නෝනාට සල්ලිය බාගේ තියෙන නිසා බොහේම ලෙංගතුව කතා කරනවා.

අංජානා නෝනල තියා පොඩි උන් වත් ලොකු නෝනට හොදට කතා කරන් නැහැ. පොඩි උන්ටයි ඒ අයටයි ලොකු නෝන විහිලුවක්. ඒ මනුස්සයා අර කුටියට වෙලා ලොකු බණ පොත් බල බල මොකද්දවෙලා වගේ ඉන්නවා. ලොකු නෝන හරි ආසයි සිල් ගන්න වැඩ වලට. පංසලේ දේවාලේ වැඩ වලට. වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ මනුස්සයට කතා බහ කරලා මොකක් හරි තමුන් ජීව්ත වෙනෝයිය කියලා දැනෙන්නේ එතකොට. පවු. මහත්තයා මැරිල නෙ. උන්දැ උන්න නම් හොදයි. ඒත් සෙල්ලම දාල නැතුව ඇති කාලෙකින්. එකපාරක් මම ඔය වැඩකාර ගෑනි සොපිනට සෙල්ලම දාන්න යද්දි ඒකි කිව්වේ නම් මුලු ගෑනු ජීවිතයක් කියන්නේ ජිල් සෙල්ලම නෙමෙ රංකිරා කියල. වෙන්න ඇති මහත්තයෝ. ඒත් ලොකු නෝනට සෙල්ලම දැම්මට පස්සේ ඒ ගැනි හැඩ වුනා. මලානික ගතිය නැතිවුනා. කඩේ ගිහින් රෙදි පෙරදි අරගෙන ඇවිත් ටික්ක ඇන්දා පැලැන්දා. මටත් හොදට අදින්න කිව්වා. දරුවන්ටත් හොදට කතාබහ කලා. මට මතකයි මුනුබුරාලාටත් කන්නබොන්න චොකලට් එහෙමත්ලැබුනා. බලන්න මහත්තයෝ ඉතින්.. ඉතින් ඒ මනුස්සයත් අවුරුදු ගානකට පස්ස් එන්ජිම ස්ටාට් කරගන්න කැමති කියලා මම හිතලා ඒ වැඩෙත් කරලා දුන්නා. අපි වගේම මනුස්සයෝ නේ මහත්තයෝ.

ඒ කියන්නේ සොපිනට උධව් කරන්න උඹට බැරි වුනා ලොකු නෝනලඇල්ලුවා වැඩකාර එකව අල්ලගන්න බැිවුනා මොකද්ද බං රංකිරා..?

ගෙදරක හොරෙක් හතුරෙක් ආවත් බල්ලෙක් බලලෙක් ආවත් ගෙදර උන්ට කලින් මහත්තයා වැඩකාර ගෑනි දැනගන්නවා. සොපින දැනගෙන උන්නා මගේ සෙල්ලම්. සොපිනට මිනිහෙක් උන්න නෙ. අනික ඌ හැමදාම රෑට ඇගිල්ල ගහන්න කියලා පෝන් එකෙන් බලනවා. සොපින මෙහෙ උන්නට ඒකිට හරිහමන් ජිවිතයක් තිබුන නෙ. ඇරත් ඒකි නිකං අහවල් දේවාභරනේ වගේ ආරක්ෂා කරගන්න කැමති. ඉස්සර ත් මම ලයින් එක දැම්මා. එතකොට ඇත්තටම වැඩකාරයා සපෝටර් වගේ මම පැත්තක උන්න නිසා කැමති වුනේ නැහැ.

ඉස්සර අපේ ගමේ වලව්වේ හාමුදුරුවන්ට ගෑනු බෑ කියන්නේ කලාතුරකින්. මොකෝ ඩිංගක් පදුරක් පල්ලේ ඇලවුනත් වාසි තියෙනවා. ඒ කාලෙ ගමේ උන්ගෙන් යමක් කමක් තියෙන උන්ට වඩා නැති උන් වැඩියි නෙ මහත්තයෝ. ඉතින් මොනාහරි ලැබෙනවා නම් ඔය ටිකක් පදුරක් අස්සේ ගැස්සුනා කියලා ලොකු ගින්දරක් නැහැ. සොපින ගැන කියනවා නම් සොපිනට මා එක්ක උඩපැන්නා කියලා ඒක අහුවුනොත් රස්සාව නොලැබ යනවා. නාමේ කැත වෙනවා වගේ වර්චස් ඇරෛන්න වෙන ඇති හොදක් නැහැ. බාගෙද බොරු ඕන් නැහ නෙ මහත්තයා. සොපින ගේ කොල්ලා හෝ මිනිහා හෝ මට වඩා ලස්සන ඇති. ඇත්තකියන්නෙපැ.

ඉතින් උඹ කලේ උධව්වක් කියලා අංජානා උඹට සැලකුවද?

මහත්තයෝ මේ යන්තරේකට තෙල් ටිකක් දැම්මම ඒක දුවනවා. කරන්ට් එකෙන් වැඩ කොරන එකක් නම් කරන්ටෙක දුන්නම දුවනවා. ගෑනු එහෙම බැහැ. මම අජානා නෝනට කෙලලා පාඩුවේ උන්නේ නැහැ නේ. නෝනා නැති වෙලාට හැමදේම කරල දුන්නා. කොටින්ම අර ගෙදර ඉන්න සොපින  ගෑනි උයන ඒවා කන්න බැහැ  බල්ලට. ඒ පාර ඒ ගෑනිට සතියක් දෙකක් යන්න කියලා මම අංජාන නෝනට හොදට කන්න උයල දුන්නා. ඔය අතර ඉතින් බබාල නැති වෙලාවට අංජානා නෝනා නැගිටින්නේ පරක්කු වෙලා නිවාඩු දාට. එහෙම දවසට මම කෑම කවලත් තියෙනවා.

අංජානා නෝනටත් එක එක අමාරුය කියනවා. එක්කෝ කකුල අමාරු. ඔය මොක ආවත් ඉතින් මම තෙල් ඩිංගක් ගාල මහ රෑ ජාමේ අතගාල දැම්මම ඔක්කොම හරි. ඒ වතාවත් ටිකඕක්කටම තමයි මහත්තයෝ ඒ ගෑනි කැමති වුනේ. එහෙම නැතුව මේ මගේ තිබුන මේ සෙල්ලමට තිබුන දක්සතාවය විතරක් පාවිච්චි වුනේ නැහැ. ඒවත් ලැබීම් නොලැබීම් තමයි. අපරාදේ කියන්න බෑ. අංජානානෝනගේ හොද ගති තියේ. මට ඩ්‍රයිවින් පුුදු කරලා ලැයිසන් එක අරන් දුන්නා. කෝච්චර එකක්ද ඒක. ඒක නිසා අංජානා නේනට කාර් එකේ චූන් එකේ යන්න පුලුවන් වුනා. මම ඔහේ ඩ්‍රයිවින් කරගෙන යනවා. කන්තෝරු යන්න තියෙන දවසට මට ලස්සනට අදින්න සූට්ටුත් මහා දුන්නා. ඒවා පිං වැඩ ඇත්තමයි. 

 මට නිකම්ම වැඩකාරය නොවී මොනාහරි වැඩක් කරගන්න පුලුවන් වුනා. සමහර විට සජීව මහත්තයා දැනගෙත්තොත් මට ගහල පන්නයි මේව. ඒත් ඉතින් අංජානා නෝනගේ හොද මම අමතක කරන් නැහැ. සජීව මහත්තයටත් දැන් මොනාහරි හදිසියක් වුනාම මට වාහනේ අරන් යන්න හැකි එක වාසියක්. ලගදි එයයි බීලා මට ත්‍රිවිල් එකක එන්න කිව්වා. මං ඉතින් ගිහින් වාහනේ අරං ආවා. 

අපි දුප්පත් නිසා මහත්තයෝ ඔය හොද මතක තියෙනවා. අපිට ඉතින් ඕවා අමතක කරලා උඩ අතු අල්ලන්න නැහැ නෙ. මට සහතික කියලා මහ විසාල දෙයක් තිබුන් නැහැ. ස්කෝල සහතිකේ විතරයි. ඒ පාර නෝනා ඔක්කම මට හදා දුන්නා. ඒයාගේ යාලුවෝ නෑයෝත් මැදිහත් වෙල.

ඉතින් බන් සජීව ආවම උඹට අයින් වෙන්න වුනාද?

හුම්ම්. එතකොට තමයි මම ලොකු නෝනගේ ජීවිතයටත් එලියක් වෙන්න හිතුවේ. කොහොම හරි ලෝකු නෝනගෙන් මාසකට පාලොස්දහක් විස්දහක් ගලවගන මම කඩවත දිහා මං දන්න අදුරන ගෑනිියෙක් මාට්ටු වෙන්න ගියා. ඒ ගෑනිත් ඉන්නේ තනියම දරු දෙන්නෙක්එක්ක. ඒවත් කෙරෙන්න එපැයි. ලොකු නෝන එක්ක අමාරුවෙන් ඉදලා ගන් සල්ලියෙන් මම ඉතින් එහේ ගිහින් දවසක් හමාරක් ඉදලා ආවා. සජීව මහත්තය ආවම මම හිතාමතාම අයින් වුනා ඉතින්. ඒක අමාරු. අංජාන නෝන නම් ඔය පෙලක් දා දවල්ට හෙමගෙදර ඇවත් මට කතා කලා . මම ආදරෙන් කියලා දුන්නා මිනිහෙක්ට එන ඉරිසියාව ගැන. සජීව මහත්තයට ඉරිසියාව එන්න පුලුවන් නේ. ඒ ගමන නෝන මාව තේරුම ්ගත්තා.

ළමයි දේනනට නම් මගේ ඈත්වීමටිකක් තෙරිල තිබුනේ. සජීව මහත්තයත් මා එක්ක කිව්වා. “ ඒ රංකිරා මොකෝ බන් මේ පොඩි උන් එක්ක දැන් සෙල්ලම් කරන් නැත්තේ? උඹ දැන් ඉස්සර වගේ එන්නැලු උන් එක්කසෙල්ලමට. මං ඒක් කිව්වා උඹඨ වැඩ කියලා”

ඒම කිව්ව මහත්තයා. මම ඉතින් වැඩ කියලා මහත්තයට කිව්වා. මට ඇති වැඩකුත් නැහැ නැති වැඩකුත් නැහ නෙ. ඔහොම තමයි මහත්තයෝ ජීවිතේ.අපි විතරක් මේ ලොකේ ජීවත් වෙල වැඩක් නැහැ නේ. අනික් මිනිස්සුට ගෑනුට උදව් කරන්න ඕනි. එතකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ.

ඉතින් උඹ බදින් නැද්ද රංකිර? දැන් උඹට හතලිහට කිට්ටු ඇති?

මක්කටෙ මහත්තයෝ. මට පෘතුගිසි තොප්පිය දාන්න මුුලනිම් හුරු කලේ ගමේ ඉදපු අම්මන්ඩියෙක්. මම දැන් ඒක නැතුව නම් මොන කෙලියවත් කරන්න යන් නැහැ. ඔන්න අර ලොකු නෝන වගේ එකක් නම් කමක් නැහැ. අවදානම් ගන්න බැහැ නෙ. මට සල්ලි ලැබෙනවා නම් පන්දහක් මාසෙට මම හාරදාස් පන්සියක් වියදම් කරනවා. එක්කෝ අරක්කු ඩිංගක් බොනවා. නැත්තං ගෑනියෙක්ට උදව්වක් කරන්න වියදම් කරනවා. ඕක තමයි මහත්තයෝ ජීවිතේ. මම පොඩි උන්ට කැමති. මම දනනවා අපේ අංජාන නෝනගේ පොඩි උනුත් මට ආදරේ. මලාම වැලලුවත් එකයි නැතත් එකයි. එතකොට මැරිල නෙ.

මැරෙන එකක් නෙමෙ රංකිරා. ඉතින් උඹ ඔහොම නාසිත් වෙවී ඉදිහම හරිද බන්?

ම්ම්.. එකේක සෙල්ලම් තියේ මහත්තයෝ. එකේක විනෝද. ඉස්සර අපි පරණ රිම ්එකක් අරං ඒක පැදලා යද්දි සතුටු වුනා. ඒ පාරෙම වලව් මහත්තයා තිරික්කලේන ගොනා දක්කලා සෙල්ලම් කරනවා. ඕම තමයි. මහත්තරුට සල්ලි තියේ. ගෑනු අරං ගිහින් පාක් කරලා තියාගෙන ජිල් ගහන්නහැකි. අපි? අපි ඉතින් ඕවා කරන්න ගියොත් අපෙන් හැදෙන දරුවොන්ටත් වදේ. අපිටත් වදේ/ අපි බදින ගෑනුටත් වදේ. ඔහෙ තිබුනදෙන් මහත්තයො ්ජීවිතේ . මම මෙහෝම ඉන්නවා.

මහත්තය හොද කෙනා තමයි.ඒත් අද බිල් එක මමත් ගෙවනවා. මොකද නැත්තං මහත්තයා හිතයි මම නිකං බොරුකාර පිං අඩි කාරයෙක්ය කිලා. මහත්තයා තරහ නැතුව මට පික් මී එකක් දාලදෙනවයි. මට දැන් බස් එකේ යන්න ඕන නැහැ. අංජාන නෝන ඊයේ පන්දහක් දුන්නා. රංකිරා හදිසි ඩ්‍රයිවිනුත් කරන එකේ මේක තියාගනින් කියල. ඒක වියදන් වෙන්නත් එපැ. ආ.. ඒක නෙවෙ. මහත්තයට ඔය ටිකක් පුක බේරවල තියෙන හතලිහ වගේ එකකට ආසනම ්කියන්න. මම ඔක්කොම කතා කරල සෙට්ටල්ල දෙන්නම්. ඒත් මහත්තල ආස නැතිවෙයි. මොකෝ ගෙවල් වල ඉන්න එවත් එහම නෙ. මහත්තැල වයසේ අය හොයන්නේ විසේ තින ගැටිස්සියෝ.. හොහ් හොහ් හොහ්.. 

Sunday, November 8, 2020

ඇයි SpaceX ඔය නාස තියෙන්නේ මදිද


නාසා ආයතනය තමයි අපි දන්න විදිහට කාලයක පටන් අමරිකානු අභ්‍යාවකාශ ගමන් වල මුල් තැන ඉන්නේ. ඒත් නාසා ආයතනයේ වැඩ වලට යන වියදම බොහෝම වැඩියි. දැනට අහසේ තියෙන ලෝකේ මිල අධිකම නිර්මාණයක් වන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යනු එනු කරන එක ශටල් වලින් කරන එක අමරිකාවට ලොකු වියදම් අධික වැඩක් වුනා. සැලසුම් කරද්දි ඩොලර් මිලියන දහය පාලවකින් එක ගමනක් ගිහන් එන්න පුලුවන් කියලා කිව්වත් ප්‍රායෝගිකව එක ශටල් ගමනකට ඩොලර් මිලියන දෙතුන් සීයක් වියදම් වෙන්න ගත්තා. ඒ එක්ක ස්පේස් ස්ටේශන් එක තවදුරටත් පවත්වාගෙන යනවාද කියන ගැටළුවත් පැනනැංගා. 2012 වර්ශයේදී එතෙක් අමරිකාවෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගිය නාසා එකේ ශටල් වෙනුවට  ස්පේස් එක්ස් රොකට්ටුවක් මුලින්ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනා.

ස්පේස් එක්ස් එකේ අඩු මිල

ස්පේස් එක්ස් කියනනේ පුද්ගලික ආයතනයක්. ලංකාවේ වගේම අමරිකාවෙදිත් රාජ්‍ය අංශයේ තියෙන නාසා වගේ ආයතන වලට වඩා පුද්ගලික අංශය කාර්යක්ෂමයි ඒ වගේම මිල අඩු කරගන්න පුලුවන් ලාබදායී විසදුම ්වලට යන්න පුද්ගලික අංශයට වඩාත් පහසුයි. උදාහරණ විදිහට අපි ගනිමු අපේ රජයෙන් බිල්ඩිමක් හදන එක. ඕක ඉතින් ඇස්තමේන්තු කරලා මොන විදිහට අඹරලා කලත් පුද්ගලික අංශයේ ගොඩනැගිල්ලක් හදනවාට වඩා වැඩි වියදමක්බොහෝවිට රාජ්‍ය අංශයට වියදම් වෙනවා. ඒ වගේම වේගය ගත්තත් ආණ්ඩුවේ තැනක බිල්ඩිමක් ඉක්මනට හැදෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ස්පේස් ගමන් වලට හැරුනත් එහෙම.

ස්පෙස් එක්ස් එක අහසට යන රොකට්ටු ඩිසයින් කිරීමෙන් නව අත්හදා බැලීම් වලින් මිල අඩු කරගන්න එක ගැන සැලසුම ්කරනවා. මුල් කාලේ රොකට් කියන්නේ ගියොත් ගියා මොඩල් දෙයක් වුනා. ඒ කියන්නේ රොකට් එකට යොදාගන්නා එන්ජින් බූස්ටර ආදී හැම දෙයක්ම ආයේ නැවත පාවිච්චියට ගන්න බැරි වුනා. සමහර කොටස් අභ්‍යාවාකශයටම ඇදී යන්න දුන්නා. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම මහ අරුම පුදුම විදිහට මුලු රොකට් එකේ වටිනාම කොටස් ආයෙත් බාගන්න පුලුවන් විදිහට සැලසුම ්කලා. 


ඔයාලට මතක නම් ටින් ටින් කතාවේ ටිං ටිං එකේ යන රොකට් එක කිසි ගේමක් නැතුව රොකට් එක පෘථිවියට බානවා. ඒ වගේ මූදේ තියෙන විශාල පාරුවකට රොකට් එක ගාන්ට බාගන්න ස්පේස් එක්ස් කන්ඩායමේ රොකට් වැඩසටහටනට පුලුවන් වුනා.
2016 දි ඒ ඩ්‍රෝන් ශිප් කියන ක්‍රමයට රොකට් එක පාරුවකට හරියට බාන්න ස්පේස් එක්ස් කන්ඩායම සමත් වුනා.


ආයතනික පැත්තෙන් මිල අඩු කිරීම

ස්පේස් එක්ස් කිව්වට මේ ස්පේස් එක්ස් ලා ගේ පෙනුම මහා විශාල විදිහට මොඩර්න් නැහැ. ඔවුන්ග් ඇතැම් වැඩබිම් හරියට අපේ රටේ ගාමන්ට් ෆැක්ටරි වගේ. ඒ වගේම සාමාන්‍ය නාසා සේවකයෝ කියන්නෙ ලංකාවේ ආණ්ඩුවේ කන්තේරු වගේ 9-4.45 වැඩ කරන පැය අටේ සේවකයෝ. එතකොට ඔවුන් වැඩ කරන්නේ මොන උවමනාව තිබුනත් පැය අටක් විතරයි. ඒතකොට නාසා එකේ කට්ටිය සාමාන්‍යෆයන් වැඩ කරනවා කියන්නේ සතියකට පැය 40යි. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම සතියකට පැය 60කටත් වඩා වැඩ කරනවා. හදිසි මෙහෙයුම් කටයුතු තියෙනවා නම් සේවකයින් උනන්දු වෙලා ඊටත් වඩා කාලයක් වැඩ කරලා ඒ මෙහෙයුම් සාර්ථක කරගන්න දායක වෙනවා. ඉතින් ඒ වගේ තාක්ෂණික වගේම වෙනත් අංශ වලිනුත් ස්පේස් එක්ස් වැඩසටහන් වල මිල අඩු කරගන්න ක්‍රියා කරලා තියෙනවා.

මෙලොවට වැදගත් වැඩ

නසා ආයතනය කරපු මෙහෙයුම් ගැන මත පලකරන ඇතැම් පාර්ශව නාසා ආයතනයේ වැඩ වලට වියදම් කරන ගානට ප්‍රථිපල නැති බවක් අමරිකාවෙදි පවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඈත අභ්‍යාවකාශය ගවේශන කටයුතු වලට වියදම් කරන මුදල් වලින් සත පහක ප්‍රයෝජනයක් තියෙනවාද කියන සරල ගැටළව ඒ නාසා වැඩසටහන් සම්බන්ධයෙන් එදා සිටම තිබුනා.

සැටලයිට් ව්‍යාපෘතිය

ඒත් දැන් දැන් ස්පේස් එක්ස් කාන්ඩේගේ වැඩ එහෙම ග්‍රහලෝක ගවේශනය විතරක්ම නෙමෙයි වෙනත් වැඩසටහ්න වලටත් බද්ද වෙලා තියෙනවා. ස්පේස් එක්ස් රෛාකට් භාවිතයෙන් ජී පී එස් සැටලයිට් යවනවා. ඒ වගේම ස්පේස් එක්ස් ලගේ සැටලයිට් හරහා ඉන්ටටෙනට් ලබා දීමේ වැඩසහනත් ඒ විදිහේ වැදගත් ව්‍යාපෘතියක්. ඒ හරහා අමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනි කෙලවරක සිටින අයට අන්තර්ජාල පහසුකම් ලබාගන්න පුලුවන් වැඩසටහනක් ස්පේස් එක්ස් කන්ඩායම තමුන්ගේ උප ව්‍යාපෘතියක් විදිහට ක්‍රියා කරනවා. ඒ හරහා ස්පේස් එක්ස් හරහා සැටලයිට් 4425ක් පමණ ගුවන්ගත කිරීමට නියමිත අතර පෘථිවියේ සිට කිලෝමීටර 1100ක් පමණ උස කක්ෂයක ඒවා දැලක් මෙන් රැදවීමට යෝජිතයි. 2017 දි හදපු මේ සැලසුම අනුව 2019 මැයි මාසෙදි සැටලයිට් 60ක් පමණ කක්ශගත කරන්නට ස්පේස් එක්ස් සමත් වුනා.

 ඒ වගේම මේ රොකට් ගමන් වලදි රොකට් ඉතාම ඉක්මනින් නැවත නැවත පාවිච්චියට ගන්න පුලුවන් හැකියාව නිසා අනාගතයේදී පෘථිවියේ තැනින් තැනකට බඩු සහ මිනිසුන් ගෙනියන්න වේගවත් මාධ්‍ය්‍යක් විදිහට රොකට් පාවිච්චි කරන හැකියාව ගැනත් ස්පේස් එක්ස් අවධානය යොමු කරලා තියෙනවා. මේ හරහා දැනට සිංගප්පූරුවේ සිට අමරිකාවේ නිව්යෝක් දක්වා ගුවනින් යන්නට යන පැය 15කට වැඩි  කාලය රොකට් ගමනාගමනය ආවොත් පැයකටත් වඩා අඩුකරගන්න පුලුවන් බවට මත පල කරලා තියෙනවා.

අගහරු සහ චන්ද්‍ර ගවේශන

අභ්‍යාවකාශ තාක්ෂණය ගැන කතා කරද්දි බොහෝ දේවල් තිබෙන්නේ අනාගතය අරමුනු කරගෙන. ස්පේස් එක්ස් අයටත් ඒ වගේ ගෝල් තියෙනවා. ස්පේස් එක්ස් කාන්ඩයේ ලෝකක වෙන ඉලොන් මස්ක් ගේ අදහස තියෙන්නේ අගහරු වලට ගිහ්න එහේ ජනවාසයක් කාරිය හදාගෙන ඉන්න. ඒ වගේම ස්පෙස් එක්ස් කන්ඩායම 1969 ගියාට පස්සේ අවුරුදු හතලිහකට විතර පස්සේ ආයෙම හදට මිනිහෙක් යවන්නත් සැලසුම ්කරනවා. අභ්‍යාවකාශයට සහ හදට සාමාන්‍ය මිනිසුන්ටත් යන්නට පුලුවන් වෙන ටුවර් පැකේජ ක්‍රමයකුත් ස්පේස් එක්ස් හදුන්වාදෙන්න අදහස් කරනවා.

හුදෙක් වියදමක්ම නොවන ස්පේස් එක්ස්

දැනට ස්පේස් එකස් ව්‍යාපෘතියක් වන සැටලයිට් ඉන්ටනෙට් පහසුකම අමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය ජනප්‍රිය වුනොත් වඩාත් විශ්වාසනීය ලෙස ලෝකයේ ඕනෑම තැනක සිට අන්තරජාලයට සම්බන්ධ වෙන්න පෘථිවි වාසින්ට හැකි වෙනවා. එය දැනටම ස්පේස් එක්ස් ඇචීව් කරපු ටාගට් එකක්. ඒ වගේම රොකට් නැවත භාවිත කරන්න ආපු වැඩපිලිවෙලත් දැනට ස්පෙස් එක්ස් කන්ඩායම සාර්තක කරගෙන තියනෙවා. අනෙක් පැත්තෙන් රොකට් වලට යන වියදම අඩු කරගන්නත් ස්පේස් එක්ස් කන්ඩායම විශාල පරාසයක අත්හදා බැලීම් කරගෙන යනවා.

ඒ එක්ක වඩාත් වාණිජමය ස්වරූපයකට අභ්‍යාවාකාශ වැඩසටහන් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා ඉදිරියේදී තරගකාරී වෙලදපොල අවකාශ නිර්මාණය වුනොත් එදා රුසියාව හා තරගය නාසා එක හදට මිනිසුන් යැව්වා වගේ ස්පේස් එක්ස් කන්ඩායමටත් විවිධ අභ්‍යාවකාශ ව්‍යාපෘති සාර්තක කරගන්න පුලුවන් වේවි.

Wednesday, November 4, 2020

තල්මස්සු ගොඩට එන්නේ මොනා ගන්නද?

 එක තල්මහෙක් ගොඩ ගහන්න හේතු


යම් රෝගයක් වැලදුනාම හෝ තුවාලයක් සිද්ද වුනාම

·        අයහපත් කාලගුණය නිසා

·        වයසට ගිහින් සෙන්සර් අවුට් ගියාම

·        දිශාව සහ වේගය හසුරුවාගන්න බැරි වුනාම

·        බීච් එක දිහාට එන විදිහට තල්මසුන් දඩයම් කිරීම.

මේ තල්මසුන්ගෙ ජාති දෙකක් තියෙනවා තල්මසුන් දත් තියෙන තල්මසුන් සහ දත් නැති තල්මසුන්. මෙයින් තද් තියෙන සත්මසුන් ලොකු කාන්ඩ පිටින් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ගෙන් එක කාන්ඩෙකට යම් අවුලක් වුනාම එයාල යම් කරුණක් නිසා ගොඩබිමට එනවා නම් ඒ එකකම ඉතුරු කාන්ඩෙත් එනවා කියලා එක මතයක් තියෙනවා.

කිලර් වේල් කියන තල්මසුන් ආජන්ටිනා වෙරළ තීරයට බොහොම ලගට ඇවිත් තිබුනා එක වෙලාවක දඩයම් කරන්න. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා තල්මසුන් දඩයම් කරනවා නෙමෙයි. තල්මසුන්ට ඕනි වුනා මූද අයිනේ අව්ව තැප තැප වැඩිය ඈතට නොයා ඉන්න සීල් මසුන් දඩයම් කරන්න. ඒකට වහ වැටිලා තල්මසුන් බීච් එක ලගට ආවම එයාලට හිර වුනා.

අති ධ්වනි තරංග

මූද යට කෙරෙන මනුස්ස රාජකාරි ගොඩක් තියෙනවා. මූදේ යාත්‍රා වල දිශාවන් හෛායාගන්න වගේම ඔත්තු සේවාවන් දුර තියෙන සබ්මැරීන සොයාගන්නත් සෝනාර් සංඥා පාවිච්චි කරනවා. මේ සෝනා සංඥා වලින් තල්මසුන්ට සහ සාගර ජීවින්ට දැඩි හානි වෙන්න පුලුවන්. තල්මසුන්ගේ පේශි අක්‍රිය වීම. සහ ඉන්ද්‍රියන්ට පවා මේ සෝනා සංඥාවන් නිසා ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකට ඒ සංඥා වලින් ගැලවෙන්න තල්මසුන් රංචුව පිටින්ම පිලිසරණයක්සොයාගෙන ඒ සංඥාවේ මූලයෙන් ඉවතට යාත්‍රා කරනවා. ලංකාවට ආපු සීයකට අධික තල්මසුන් ගොන්නෙන් 5ක් මැරුනා. මේ මැරුන තල්මසුන් නිසි ලෙස ගවේශනය කලොත් ඇත්තටම ඔවුන්ට යම් අහිතිකර සංඥා හෝ වෙනයම් උවදුරක් නිසා ආවාද කියලා යම් අදහසක් ගන්නට පුලුවන් වෙනවා.

යධ අභ්‍යාසකක් නිසා ගොඩබැස්සාද?

මේ දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිතව නාවුක යුධ අභ්‍යාසයක් ක්‍රියාත්මක වන බවත් ඒ නිසා මේ තල්මසුන්ගේ සන්නිවේදන කටයුතු වලට බාධා වෙලා තල්මසුන් ගොඩ බෑවා කියලත් මතයක් ඇවිත් තිබනා. ඒත් එයත් හරියටම සනාථ නොකල මතයක්.

ලංකාවෙ පානදුරට ගොඩ බෑවේ පයිලට් වේල් කියන තල්මසුස් ජාතිය මේ ජාතියෙම කාන්ඩයක් ඹීට සති කීපයකට කලින් ඔස්ත්‍රේලියාවේ තස්මේනියානු වෙරලට ගොඩ බැහැල තිබුනා ඒ වගේම 2018 වර්ශයේ මාර්තු මාසෙදිත් ඔස්ත්‍රේලියාවේ බටහිර වෙරළට තල්මසුන් 150කට වැඩි පයිලට් වේල් කියන තල්මසුන්ගේ සයිස් එක අනුව තරමක් කුඩා තල්මස් විශේෂයක් වන මේ පයිලට් වේල් කියන තල්මසුන් ගොඩ බැහැල තිබුනා. ඔස්ත්‍රේලියානු වෙරල තීරවලට පයිලට් වේල් ගොඩ බැහීම එතරම්ම සුලබ දෙයකුත් නෙමෙයි 2008 කලින් වාර්තා වෙලා තිබුනේ 1996 දි. එදා පයිලට් තල්මසුන් 320ක් පමණ ඔස්ත්‍රේලියාවේ ඩුන්ස්බොරෝ වෙරළ තීරයට ගොඩ බැහැල තිබුනා. ඒ කොයිහැටි වුනත් වාර්තා වෙන විදිහට  පයිලට් වේල්  කියන තල්මස් විශේෂය මේ විදිහට සමූහ වශයෙන් බීච් එකට ගොඩ බාලා මියැදෙන්න කැමති සත්තු විශේෂයක්.

තවත් ගොඩ බාපු තැන්

නවසීලන්තයත් මේ තල්මසුන් ගොඩ බෑම සම්බන්ධයෙන් ජනප්‍රිය රටක්. සෑම අවුරුද්දකම නවසීලන්තයේ දකුනු දිවයිනේ එක්තරා වෙරළ තීරයකට ඩොල්පින් සහ තල්මසන් ගොඩ ගහනවා. 2017 අවුරුද්දේ පෙබරවාරි මාසේ ඒ විදිහට ගොඩ බාපු පයිලට් වේල්ස් කියන තල්මසුන් ප්‍රමාණය 400ක් ඉක්මවලා තිබුනා. කිලෝමීටර 5ක් දුරට මේ පයිල්ට් වේල් ලා ගොඩ ගසා තිබූන බව තමයි වාර්තා වෙන්නේ. එ ්නවසීලන්ත වෙරළ ථීරයේ ජීවත් වෙන වයසක උදවියට නම් මේක අලුත් සිදුවීමක් නෙමෙයි. මේ නවසීලන්තයේ ෆෙයාවෙල් ස්පිට් කියන වෙරළ තීයේ බොහොම කාලෙක ඉදන් මේ තල්මසුන් ගොඩ බාන තැනක් කියලා හදුනාගන්න තල්මසන්ගේ ඇටසැකිලි කාලෙක පටන් මේ පැත්තේ විසිරිලා තියෙනවා. ඒ පලාත්වල නවසීලන්තයට සුදු ජාතිකයින් එන්නට කලින් හිටිය ගෝත්‍රිකයින් ඒ තල්මස් ඇට කොටස් වලින් විවිධ ආයුධ නිර්මාණය කිරීම ආභරන සෑදිම ආදී දේවල් කරගෙන තියෙනවා.

නවසීලන්තයට එහා පැසිපික් සාගරේ තියෙන චැතම් දිවයිනට මිට අවුරුදු සීයකට කලියෙන් 1918දි  තල්මසුන් 1,000කට වඩා ගොඩ බැහැලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක ඉතිහාසයේ සදහන් පැරණිතම සහ විශාලතම තල්මසුන් ගේ ගොඩබෑම විදිහට වාර්තා වෙනවා.

තල්ලු කරල හරියනවද?

මේ තල්මස්සු ගොඩබිමට ලගා වෙද්දි උන්ට උන්ගේ ඉන්ද්‍රිය හසුරුවාගන්න බැරිවෙනවා. මොකද ඉන්නේ උන්ට පුරුදු වතුර තත්වයේ නෙමෙයි නිසා උන්ට උන්ගේ තියෙන පේෂි වාරු නැතිව යනවා. ඒ නිසා ගොඩක්ම වැලි ගෑවෙන වෙරල තීරයට ආවාම ආයේ මිනිස්සුන්ගේ සහායක් නැතුව මේ තල්මසුන්ට මූදට යන්න  අමාරුයි.

තල්මසන් සහ ඩොල්පින් සතුන ්මේ විදිහට ගොඩබාන තැන් බොහෝවිට වෙරල මුහුදට නෙරාගිය කොකු ස්වභාවයක් ගන්නා ස්ථාන බවට පෙනී යනවා. ඒත් එහෙම වුනට හැම මුහුදට නෙරාගිය කොක්කෙකම තල්මස්සු බාන්නෙත් නැහැ. නොගැබුරු මුහුද තියෙන වෙරළ ඉදිරියට කොකු වගේ නෙරාගොස් තිබෙන විශේෂ භූ ලක්ෂන මගින් තල්මසන් සහ ඩොල්පින්ගේ සෝනාර් සංඥා යම් නොමග යැවීමක් සිදුවනවාද කියන එකත් තල්මසුන් ගොඩ බෑම ගැන එක මතයක් වෙනවා. ලංකාවේ පානදුර වෙරළ තීරය එහෙම කොකු ස්වබාවක් ගන්නේ නැහැ. ඒත් පානදුර මෝය කටින් එපිටට ඇති ගල්පරය නිසා බැලූබැල්මට යම් කොකු ස්වභාවයක් ගන්නා තැනක් බවට පේන්න තියෙනවා.

පෘතීවි ගෝලයේ සාධක

 මේ ඩොල්ෆින් සහ තල්මසුන් පාර හොයාගන්නා සංඥා විශේෂයට සූර්ය තරංග සහ පෘථිවියේ චුම්භක ක්ශේත්‍රයේ යම් බලපෑමක් තිබෙන බවට මතයකතු ත්යෙනවා. හිරුගේ සිට එන විවිධ රැස් දහරාවන්ට පෘතිවියේ තියෙන සාගර කලාප සහ පාශාන අහුවෙලා ඒවායේ චුම්භක ක්ශේත්‍රයන් වෙනස් වෙන්නට පුලුවන්. එවිට ඒ අනුව මාර්ගය සකසා ගන්නා ඩොල්පින් සහ තල්මසුන්ට පාර සොයාගන්නට අපහසු  වෙන්න පුලුවන් කියලා මතයකුත් විද්‍යාඥයින් අතර තියෙනවා.

අවසාන වශයෙන් මේ තල්මසුන් සහ ඩොල්ෆින් කිය්නනේ සමූහ වශයෙන් හැසිරෙන වර්ගයක්. ඉතින්මේ සමූහ වශයෙන් දිවි ගෙවන පිරිස අවසාන ගමනත් එකටම යෑමට තීරණය කිරීමක්වේනනට පුලුවන් කියන මතයකුත් තියෙනවා. මේ සමූහ ගොඩබෑමට නිතර ලක්වෙන පයිල්ට් වේල් කියන වර්ගය බොහොම සමාජශීලි සත්ව විශේෂක් ලෙස දැක්වෙනවා. ඒ නිසා එක් මත්සයකු ලෙඩ වුවත් අනෙක් අයත් සපෝට් එකට එනවා වැගි ගතිගුනයක් මුන්ගේ පවතින්න පුලුවන්. එවැනි ගතිගුණ මිනිසුන්ගේ වගේම ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සමාජහීලි බවින් වැඩි සතුන් අතරත් පවතින්නට පුලුවන්.

 කොහෙම වුනත් මේ තල්මසුන් සහ ඩොල්ෆින්වරුන් සමූහ වශයෙන් මිය යෑම කියන්නේ තවමත් හරිහැටි හේතුවක් සොයා නොගත් දෙයක්. ඒත් තල්මසුන් සහ ඩොල්ෆින්ලා මෙසේ වෙරළට ඒම සහ ඇවිත් මියැදීම අලුත් දෙයක් නම් නෙමෙයි.



Tuesday, November 3, 2020

ලංකාවේ කොරෝනා සූදානම


දන්නේනැති දේවල් දන්නේ නැතුව ඉන්න එකහොදයි කාටත්. එතකොට අපි දන්නේ නැති බව ලෝකයා දැනගන්නේ නැහැ නේද? ඒ නිසා අපි දන්න නැති දේවලුත්ලියලා ලෝකයාට අපේ දන්නේනැති බව පෙන්වීම යුතුකමක්. ලංකාව කොරෝනා මර්ධනය පටන් ගත්තේත් අනික් රටවල් වගේම 2020 මාර්තු වල. ඒ සදහා ලොක්ඩවුන් ඇදිරිනීති ආදි දේවල් කලා කිසි පැකිලීමක් නැතුව. ඒ නිසා අපිට පලවෙනි වටේදි ජයගන්න පුලුවන් වුනා.


දෙවනි වටය ආරම්භය 

යුක්රේනයෙන් කොරෝනා ආවා කියන ආකර්ශනීය මනනන්දනීය කතාවස්තුව අනුව ඒ යුක්රේණයෙන් ආපු කොරෝනා බ්‍රැන්ඩික්ස් වලින් ලොකුවෙලා අපිට ආවා. හරි දැන් බ්‍රැන්ඩික්ස් එකේ අඩුගානේ උෂ්ණත්වය වත් බලලා නැතිය කියලා තමයි ඒ කාලේ කතා වුනා. ඉන් පස්සේ දැන්ට වැඩ කරන තැන්වල ඒ දේවල් බලනවාද? බලනවාද කියලා බලන්න කට්ටිය ඉන්නවාද කියලා හරියට කතාවක් බහක් ආවේ නැහැ. බ්‍රැන්ඩික්ස් කියන්නේ ලංකාවේ එකම ෆැක්ටරිය නෙමෙයි. තව ෆැක්ටරි වැඩබිම් කන්තෝරු සිය දාස් ගානක් තියෙනවා. ඉතින් ඕ තැන්වල ඔය සෞඛා්‍යාරක්ෂිතව වැඩේ වෙනවාද කියලා බැලුවනම් හොදයි නේද? ඒම බලලා සෞඛ්‍යය ආර්කෂිත කොරෝනා මර්ධන වැඩ හරියට වෙන් නැහැය කියලාවැඩ නවත්වපු ෆැක්ටරියක් අපි දැක්කෙත්නැහැ. 


ටෙස් මැසිම කැඩිමේ නාටකය 


මේ ටෙස් කරපු යන්තරයක් කැඩුනාය. ඒකේ වරද කාරයා අහවල්ලුය කියලා නාටකයක් ගියා. ඒකට හොද වෙලාවට චීන එම්බසියේ ටුයිටර් කන්ඩායම පිලිතුරු දුන්නා. වැඩේ චීනයේ උඩම සෙට් එකක් බාරගත්නිසා අපේ උදවියට වැඩිය නටන්න ලැබුන් නැහැ. නැත්නම් ඕකට තවත් කතාන්දරකියලා මැසිම කැඩීම දේශපාලන ජාත්‍යන්තර කුමන්තරනයක් දක්වා ඇදගෙන යන්නත්ඉඩ තිබුනා. කොහොමින්හරි චීන්නු ටික ගේ රෙස්පොන්ස් එකනිසා මැසිම දැන් හරි. දැන් මැසිම හරි වුනත් වැඩේ ඉක්මන්ට වෙන්නේ නැති බවක් වෛද්‍ය නිළධාරි කියනවා. මේ වෛද්‍ය නිළධාරි විටෙකවිරුද්දයි විටෙක පක්ශයි. දැන්නම් එයාලගෙන් කෙරෙන්නේ ශවේන්ද්‍ර හමුදාපතිකියන දේවල් ගෝඨාභය ජනාධිපති කියන දේවල් නැවතනැවත පුනරුච්චාරනය කිරීමක් විතරයි. ඉන් එහා වැදගත් විවේචනයක් සිද්ද වෙන් නැහැ. එකාතකට ආන්ඩුව වෙන්ස වුන එකෙන් වොකැබියුලරි එක බොහොම සීමා කරන්න වෙච්චි පිරිස අතර මේ දොස්තර සංගමේත් එකතුවෙනවා. 


රජයෙන් මහජනයාගේ හැසිරීමට බනිනකොට හරිත අලුත්ගේත්වෙනම වචන දාලා ඒ විදිහටම මහජනයාට බනිනවා. ආණ්ඩුවෙන් ටෙස් මැසින් කැඩිලා කිව්වම ඔවු ඔවු ටෙස් මැසින් වල ප්‍රමාදයක් තියෙනවා තමයි කියලා ඒකම වෙන වචනවලින් ආයෙම හරිත අලුත්ගේකියනවා. මාරයි නේ.. වෘත්තිය වේදින් නේ.. 


ඇදන් වැඩි කිරීමේ නාටකය 


මාර්තු අප්‍රේල ඉදන් අපේ අයගේ තිබුන එක සැලසුමක් තමයි විශාල රෝහල් තිබියදී කුඩා රෝහල් කෝවිඩ් සදහා ගන්න එක. ඒකෙන් හොදක් වෙනවා. එත් අපේ අය රෝහල් සහ ඇදන් වැඩිකරන්න ක්‍රියාකරාද? ඇදන් කියන ඒවා නම් වීරවංශ මහත්තයා පෙන්නපු ලංකාවෙ ්ෆැක්ටරි වල වගේම චීන ෆැක්ටරි වලිනුත් හදලා සති දෙක තුනකින් ගේන්න පුලුවන්ලංකාවට. ඒත් ඇදන් ගෙනාවා කියලා සියලුම දේවල් හරියන්නේ නැහැ. 


මුලින්මේ වෛරසය පෙන්නුම ්කලේ පෙනහලු කේස් එකක් විතරයි. එතකොට පෙනහලු වලට අවශ්‍ය වෙන්ටිලේටර විතරක් උවමනා වුනා. අමරිකාවෙන් නම් වෙන්ටිලෙට්ටර දෙසීයක්දෙනවාය කියලා තියෙනවා. ඒත දැන් කොරෝනා පැතිරෙන දෙවනි තුන්වෙනි රැල්ල තියෙන රටවල මේ වෙන්ටිටෙල්ටර විතරක්මදිය කියලා කියවෙනවා. මොකද කොරෝනා වලින් පෙනහලු විතරක් නෙමෙයි හදවත, මානසික ආබාධ ආදී ලොකු පරාසයක අකර්මන්‍යතා වෙන්න පුලුවන් කියලා සොයාගන තියෙනවා. ඒ වගේම සම්පූර්ණ බෙහෙතක් නැතත් කොරරෝනා බලපෑම් අවම කරගන්න ඔසු වර්ගදැන් දොස්තර වරු විසින් නිර්දේශ කරනවා. 


ඒ අනුව අසාද්‍ය කොරෝනා රෝගීන්ට දැඩිසත්කාර සැපයීම කියන්නේ දැඩි සත්කාර ඇදන් පමණක්නෙමෙයි. ඒ අවශ්‍ය කාර්යමණ්ඩල, ඖෂධ බඩු බාහිරාදිය සපිරි සම්පූර්ණ සේවාවක් වෙනවා. ජර්මනිය වගේ රටවල් මේ කොරෝනා පැතිරුන මාර්තු මාසේදීම එයාලගේ වෛද්‍ය කාර්යමණ්ඩල, හෙද හෙදියන් සහායකයින් සහ වොලන්ටියර පිිරිස් ස්ටෑන්ඩ්බයි තියාගත්තා. ලංකවෙත් හදිසියේ කාරයමන්ඩල බදවාගත්තා වෛද්‍යවරුන් හෙම. ඒත් එතනින් එහා ගිය ලොකු සූදානමක් දකින්නට නැහැ. 

උදාහරණ විදිහට මිලියනයකට හාර පන්දහකට කොරෝනා හැදුනොත් එයින් දෙතුන් සීයක් ඉස්පිරිතාලගත කරන්න ඕනි වෙනවා. ඒත් දැනට තියෙන විදිහට ඒ විදිහේ සංක්‍යා එක්ක ආපු සැලසුමක් අපිට තියෙන බවක් පේන්න නැහැ. ඇත්තටම හොදට පැතිරුනොත් අමාරුම අය පමණක් හොස්පිටල් වලට දැම්මත් ඒත් අපේ තියෙන ඇදන් සහ පහසුකම් ඇතිද කියන පස්නයක් තාමත් තියෙනවා. 


එකපාර ඉස්රිපිතාල හදන්න බැහැ. ඒත් තිබෙන වෙනත් ගොඩනැගිලි හෝ වෙනත් ස්තාන තාවකාලිකව හෝ සුධානම්කරගන්න අපිට තවමත් කල් තියෙනවා. ඒ වගේම ඒ දැන් තියෙන ඉස්පිරිතාල වල පහසුකම් වැඩි කර්නන තවමත් කල් තියෙනවා. ඔව්. එයාල කරයි අපි බලාඉමු. 


පුද්ගලිකංසේට මැදිහත් වීම 


පුද්ගලික අංශයට ලංකාවේ වෛද්‍ය සේවාවේ තැනක් තියෙනවා කියන එක බොරුවක්නෙමෙයි. ලකාවේ ජනගහනයෙන් සියයට පහකට වත් ඒවාට ගිහි්න් ප්‍රතිකාර ගන්න වත්කමක් හෝ ඉන්ෂුවරන්ස් පොලිසි එකක් තියෙනව බවත් රහසක් නෙමෙයි. ඒත් තවමත් පුද්ගලික අංශයට මේකොරෝනා රෝගීන් රැකබලාගැනීමේ වගකීම බාරදීලා නැහැ. එහි අවදානමක් තියෙනවා තමයි. ඒත් පුද්ගලික රෝහල් වලට අවශය පහසුකම් සහ හැකියාව තියෙනවා නම් ඔවුන්ට ඒ හසුරුවන්න ඉඩ දෙන එක අවසානම මොහෙතට කලින් කරන්න පුලුවන් නම්  හොදයි නේද?  


කොරෝනා සිල් 


කොරෝනා වලින් වැලකීමට ඇත්වීම මාස් දැමීම ආදී මොන දේත් මගේ අදහස දියුනු රටවල් අපිට වඩා හොදට පැක්ටිස් කරන්න ඇති. යුරෝපා රටවල අපේ තරම් ජන ඝනත්වයකුත්නැති නිසා එයාලට ඒ කරුණු ඇචීව් කරන්න ලේසියි. ඒත් එයාලටත් කොරෝනා ආවා. අපේ කොහොමත් කියන දේ නාහන අලුකුත්තේරු ජනතාවක් ඉන්නේ කියලා අපි හැමෝම හොදටම දන්නවා. එහෙම දැනගෙන ඒ ජනතාවගේ අලුකුත්තේරු ඡන්ද වලින් ගොඩ ගිය අය ජනතාව නිසා මේක බෝවුනා කියලා ටොක්ස් දීම නම් ටිකක් අවුල්. 


ලෙඩක් කියන්නේ ලෙඩක්. ඒකට වැරදිකාරයෝ නැහැ. කවුරුවත් ලෙඩ බලෙන් අරන් ඇගේතියාගන් නැහැ. මිනිස්සුන්ට කොච්චර හොද සෞක්‍ය පුරුදු වුනත් පිටන් ඇතුලත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. අපේ රට නෙමෙයි විනය අතින් සුපිරිම රටවල වුනත් එහෙමයි. මිනිස්සුන්ට චෝදනා කිරීම කියන්නේ මාර ලල් වැඩක්.


බස් වල කන්තෝරු වල මීටරෙන් වැඩකරන්න ඉඩ පාසුව හදාදීපු, ඔන්ලයින් පසුකම් වැඩිදියුනු කරපු, මිනිස්සුන්ට ගෙදර ඉදන් වැඩ කරන්න පහසුව රාජ්‍ය සේවකයින්ට හදා දීපු, අපේ පාලකයෝ මිනිස්සුන්ට වගකීම දාලා එයාලට බනිනකොට අපිට තනි ඇහැට ඇඩෙනවා.


ඉතින් කොරරෝනා වලට ඇත්තටම අපේ බලදාරි සූදානම් වෙල ද ඉන්නේ? ඔවු අපි බලා ඉමු. 


Friday, October 23, 2020

විදෙස් පුරවැසියන් දේශපාලකයින් කරගමු

 


විදෙස් පුරවැසියන්ට මන්ත්‍රිකම ගන්න බැරිය කියලා තියෙනවා අපේ ව්‍යවස්තා වලදි. සමහර විට ලෝකේ අනෙක් රටවලත් හෙම වෙන්න ඇති. ඒත් ඇයි ඒක හෙම වුනේ? ඒකෙන් ලාබයක් තියෙද? මැතිවරණයකින් තෝරාපත්කරගන්නේ මහජන නියෝජිතයෝ. ඒ මහජන නියෝජිතයෝ අදාල පලාතේම ඉන්න ඕනි කියලා එකක් නැහැ. සූට්ටං ගැටයා කාලේ ඇමරිකාවේ එංගලන්තේ ගිහින් ඉගෙනගෙන ඉන් පස්සේ මෙහේ හද්ද ඩොටේ ගමකට එන දේසපාලකයාගේ පුතාත් හරි ලස්සනට කවුන්සිල් යනවා මේ සිස්ටම් එකේදි. 


රට මිනිස්සුන්ට ලංකාවේ දේසපාලකයෝ වෙන්න ඉඩ දුන්නොත් ඒ මිනිස්සු රටින් අරං එන සල්ලි වියදම් කරලා ලකාවේ කැම්පේන් කරයි. ලංකාවේ ඡන්ද දායකයින්ට වියදම් කරයි. එහෙම වුනාට පස්සේ ඒ මිනිස්සු සමහර විට අපේ අයට වඩා රටට සේවෙත් කරයි. මොකදඒඅයට දිග ප්ලැන් එක්ක තියෙන්න ඕනි නෙ. නැත්තං ඉතින් නිකම්ම පුක විකාගෙන මෙහෙට්ට ඇවිල්ලා ලොකු ඡන්දෙකට ඉන්වෙසිට් කරන්නේ නැහැ නේ. 


කොහොමද ඔය පුරවැසි නීති ආවේ. 


මම හිතන විදිහට ඕවා එන්නේ රට සුද්දාගෙන් නිදහස් වෙද්දි. එතකොට ලංකාවේ ඉ්නන රදල වසංගතේ නීති දාගන්න ඇති ආයෙත් සුද්දා එයි කියන බයට. ඒ නීති තාමත් තියෙනවා. ඒ තියන නිසා ඒවා වෙනස් කරන්න යද්දි කිසිම හේතුවක් නැතිව කට්ටිය විරුද්ධත් වෙනවා. විවෘතව හිතලා බැලුවොත් රටේ පාලකයෝ ඒ රටේ පුරවැසියෝ වෙන එක මේ යුගයට ගැලපෙනවද? අද වෙද්දි අපි ජාත්‍යන්තර පුරවැසියෝ වෙලා ඉවරයි. රටකට අනන්‍යතාවන් තියෙනවා තමයි. ඒත් වෙලදාමෙදි ඒවා සියුම් මෙව්වා වෙලා අතුගෑවිලා යනවා. 


අපි ජාත්‍යන්තර බවට සාක්කි 

අපි අද කන බොන දේවල් ගනිමු. ඒවා එක්කෝ කෙලින්ම පිටරට නිෂ්පාදන. නැතිනම් පිටරට සහයෙන් හදාපු දේවල්. හරි ඔයාකන පතෝල ලංකාවේ වවපුවා තමයි.එ ලංකාවේ පස් තමයි.එ ්ත් ඒවා හැදේනනෙ පිටරට ඇට වලින්. පිට රට පෝර කෘමිනාශක ඒවාට ඉහින නිසා තමයි ඔ්‍යාලටත් විකුනන්න් වාණිජව පතෝල වාග කරන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව අපි වැව්වොත් අපි කෑව ක්‍රමයට පතෝල වත්තේ වවාගන තෙල්පෝර නොගහ හදන්න පුලුවන් ඒත් පතෝල ඔයාලට මිලට ගන්න පුලුවන් තරමට මිල අඩුවේන දෙන්න බැහැ එතකොට. ඒහෙම තෙල්පොර පිටරට ඇට නැතුව හැදුවොත් පතෝල කෑම නිකං හෙන රෝයල් ලක්සරි වැඩක් වෙනවා. 


අපේ උන් ගසාකෑම සහ පාතාලය 


පාතාල කාරයෝ ඉන්නවා නේ ලංකාවේ. මේ පාතාල මොඩල් කේස් එකක් තමයි ලංකාවේ දේසපාලකයෝ කරන්නෙ. ටික්ක ිවසාල සයිස් නොවන පොඩි මිනිහෙක් මිනිස්සු 20ක් විතර දාගෙන වැඩපලක් පටන් ගත්තා කියමු සුද්දන්ට මොනාහරි පටවන්න. කරන්න පුලුවන්ද? ගමේ සෙට් එක්ක? දේසපාලක සහ නිලධාරි යාන්ත්‍රනය ඇවිල්ලා අර මනුස්සයාට කරන්න පුලුවන් උපරිම කෙනෙහිලිකම් කරනවා. ඒකටම හැදුන නීති පද්ධති යාන්ත්‍රනයකුත් කරනවා. වැඩේට නිලව ශයෙන් විරුද්ද වෙන්න බැරිනම් දේශපාලකයෝ උන්ගේ හයියෙන් එක්කෝ උද්ගෝශන කරවනවා. නැතිනම් චන්ඩි දම්මල ගස්සනවා. ඉතින් අලුතින් පටන් ගන්න එකාට අනිවා ලොකු කප්පම් කුට්ටි මේ දේසාපලාක ගෝතයින්ට දෙන්න වෙනවා. 


හැම ලොකු වැඩකදිම අනවශ්‍ය බාල්දි දාන්න ලෑෂ්ති වෙලා ඉන්න ලංකාවේ දේශපාලකයෝ වර්ථමානයේ නම් එච්චර ලොකු දැක්මක් තියෙන උදවිය නෙමෙයි. පිටරට කොම්පැනි කාරයෝ උන්ගේ බඩු හදලා රටට විකුනන්න ප්ලෑන් කරනවා. අපේ දේශපාලුවෝ කරන්නේ උන්ගේ ඡන්ද බේස් එක තියාගෙන ඒකේ බලයේන කොහෙන් හරි සල්ලියබාගේ වස්තුව දේපල එකතු කරනවා. මේක ඇත්තටම ලොකු පාතාල සිස්ටම ්එකක්. 


රට දේශපාලකයිනගේ වාසි ි


ලංකාවට අමරිකා චීන සහ ඉන්දියා ගොල්ලා ඇහැ ගහන් ඉන්නවා. ලංකාවේ ව්‍යවස්තාව මාර විදිහට වෙනස් කරලා රට උන්ට ලංකාවේ ඇමතිලා වන්න පුලුවන් වුනොත් එතකොට චීන්නු ඉන්දියන් කාරයෝ අමරිකන් කාරයින්ට උන්ගේම පොරවල් මේ පාර්ලිමේන්තුවට යවන්න පුලුවන්. ඉංගිරිසියෙන් කෙරෙන වාද විවාද අපිට තේරුනේ නැතත් උන් මුන්ට වඩා නම් මොනාහරි ටිකක් දිගුකාලීන ව්‍යාපාරික ප්ලෑන් ටිකක් හරි පාස්කරගනීවි. හරියට මේක එතකොට වෝස මඩුවක් වෙයි කියලා හිතෙයි. ඒත් එක එක ගේ බලල් අත් වලින් කෙරෙන වේස බිස්න්ස එකකට වඩා අදාල අයටම කෙලින්ම පහසුව ගන්න පුලුවන් නම් හොදයි නේහ්.? 


ඉතින් අරක නැති වෙයි නේ? 

මේ අරක කිව්වම අයිතිවෙන ටිකක් ිතයෙනවා. පරිසරය, ඉිතහාසය, 2500 ගැම්ම, බාසාව, රට, , අපේකම, ආදී කක මෙලෝ රහක් නැති ලබ්බවල් ටිකක් නැතිවෙය්ය. ්වා වැදගත්ය කියලා අපිට දේසපාලුවෝ කියනවා. ඇත්තටම උන්ට ඒවා විකුනගන්න පුලුවන් නම් මුලින්ම උන් විකුනලා දාන්නේ ඒවා. ඒවා තියනවා කිව්වට ඇත්තටම නැති නිසා ඇත්තටම මාකටින් වැඩකට ඇර ඕවා ඩිරෙක්ට් කාටවත් විකුනගන්න බැහැ. උදාහරණ විදිහට අපි ගමු ලංකාවේ මියුසික්. එහෙම ලබ්බක් තියේද? නැහැ නේ. තියෙන්නේ ඉන්දියාවෙන් අරහෙන් මෙහෙන් කොපිකරලා ගහපු කොපි හම්පඩ තනු කෑලි ටිකක්. ඉතින් ඕක තියනවා කියලා හිතාගෙන ඉන්න උන්ට ඕක වෙන ඉන්ටනැෂනල් මාකට් එකකට විකුනලා සල්ලි කරගන්න බැහැ. උන් ඒ නිසා කරන්නේබොරුවට ලංකාවේ මාකට් කරන්න අපේ කම අපේ මියුසික් කියලා වචන ටිකක් පාවිච්චා කරනවා. 


ඒවුනාට ඕවා වෙයිද? 

නැහැ කිසි දෙයක් වෙන් නැහැ. අපේ උන් ද්විත්ව පුරවැසි ඇපෘා කලාට සම්පූර්ණ පිටරට උන්ට මෙහෙ නිදහසේ ඡන්ද ඉල්ලන්න වටපිටාවක් හදන් නැහැ. මොකද අපි ඔලුව ජපන් කද ජර්මන් ප්‍රජාචාන්ච්‍රික සමාජවාදී මින්සසු අපිට එහෙම ප්‍රතිපත්තියක් හරි මෙව්වා එකක් නැහැ. ඕක අනිවා නොවෙන වඩක්. ඒත් නිකටම හිතලා බැලුවොත් අපි එවුන් පත්කරගන්නේ අපේ ඡන්දෙන් නම් ඌ අමරිකාවේන ආවද? ඌගේ මුත්තා ඉන්දියන්ද? ඇත්තටම උන් මිනිස්සු නෙමෙ රොබෝලද ආදී දේවල් වැදගත් නැහැ නේද? අටකලම්පන්නට එන ඉන්දියන් කාරයෙක් ඒ ගමට සේවය කරලා මිනිසස්සුන්ට ගමේ උන්ට වඩා සේවයක් කරනවා නම් මම හිතන්නේ ඉන්දියන් කාරයාට ඉන්දියන් පුරවැසි කම තියෙද්දිම මහජන නියෝජිතයෙක් ව්නන අවස්තාව තියෙන්න ඕනි. 


කාලයක් තිස්සේ නීති රෙගුලාසි පද්ධිත හැදිලා තියෙන්නේ මේ පුරවැසිකම කියන සංකල්පය හරහා. ඒකේ ඒ කාලේ මොනාහරි වැදගත්කමක් තියෙන්නට ඇති. ඒත් ලංකාව හිගන ඉන්දිය්න කාරයින්ගෙන් සහ වෙනත් රටවල හිගන්නුන්ගෙන් පිරවීම වැලැක්වෙන මොනාහරි නීති ටිකක් හැර වෙන දේවල් ඇත්තටම දැන් එච්චරම වලංගු නැහැ වගේ. 


Friday, October 16, 2020

දුම්බර ඇල්ලට ගිය ගමන Dumbara Ella

 දුම්බර ඇල්ල කොහෙද තියෙන්නේ 

දුම්බර ඇල්ල තියෙන්නේ නක්ල්ස් මහ කැලය ඇතුලේ. මේකට ලගා වෙන්න මොන ැපත්තෙන් ගියත් සාමාන්‍ය කෙනෙක්ට කැලේ ඇතුලේ පැය 6ක් විතර ගත වෙනවා. ගමේ ඇවිදලා පුරුදු කෙනෙක්ට නම ්පැය තුන හතරකින් මෙතන්ට එන්නට පුලුවන්. දුම්බර ඇල්ලට මම දැනුවත්ව පාරවල් තුනක් තියෙනවා. එකක් තමයි කේ එම් පී වාඩිය හරහා එන එක. ඒ පාරට එන්න නුවර ඉදලා වත්තේගම හුළුගග හරහා බඹරැල්ලට යන්න ඕනි. බඹරැල්ලට ගිහින් එතනින් කේ එම් පී වාඩියට ගිහින් රැයක් පහන් කරලා දෙවනි දවසේ වගේ ඔන්න දුම්බර ඇල්ලට ලගා වෙන්නට පුලුවන්. ඒක ටිකක් දුර ගමනක්. ඒත් බඹරැල්ල වගේම කේ එම් පී වාඩිය අහල පහලින් නගින්න තියෙන තුන ්හිස් ගල තරණයත් කදිම අත්දැකීමක්. මම ඒ ගමන මීඨ කලින් ගිහින් තියෙනවා. 

 දෙවනි පාර තමයි ලේසිම පාර. ඒක තියෙන්නේ රඹුක් ඔළුව හරහා. රඹුක් ඔළුව ගම මොරගහකන්ද, කළුගග ව්‍යාපෘති නිසා වැහුනා. ඒ ගමේ උදවියට වෙන පලාත්වලින් ඉඩකඩම් ලැබුනා. ගේ දොරවල් ලැබුනා. ඒ එක්ක ගමේ අය දැන් ගමේ නැහැ මම හිතන විදිහට. අපි ගිය අවුරුද්දේ මුල යද්දි ඒ ගෙවල් වල කට්ටිය හිටියේ කිහිප දෙනයි. අනෙක් අය අලුත් තැන්වලට ගිහින් තිබුනා. ඉතින් මේ රඹුක් ඔලුව පැත්ත දැන් කැලෑ බිහිවෙල නිසා දැන් ඉතින් ඇටන්වලින්ම තමයි මේ ගමන පටන් ගන්න තියෙන්නේ. තවත් එක පාරක් තියෙනවා මට ඒක මොකද්ද කියලා මතක නැහැ දැනට. 

ඇටන්වලින් පටන් ගත් අපි 

අපි ඉතින් මුල්ම දවසේ කොළඹ ඉදන් රිවස්ටන් වලට ආවා. පාර ටිකක් සෞත්තු නිසා ගමන පරක්කු වුනා. එතන ඉදන් ඉන් පස්සේ හෙමිහිට පිටවල පතනත් බලා කියාගෙන ඇටන්වලට එද්දි හවස තුන හතර විතර වෙලා. ඇටන්වල දැන් ටිකක් වෙන්ඩ මීමුරෙ ටයිප් තියෙන්නේ. ඒකත්හොදයි එක අතකින්. මොද කොළඹින් පැකේජ් කියාල රුපියල් තුන් හාරදහා මිනිස්සුන්ගෙන් අරගෙන නඩේ විස්සක් තිහක් අරගෙන මේ ගම් වලට කට්ටිය එනවා. ඉන් පස්සේ තියෙන තැන් විනාස කරලා මේ ගම්වල මිනිස්සුත් හූරගෙන කාලා අර කොළඹ ඇත්තෝ ලොකු ලාබ අරගෙන තොලොංජි වෙල යනවා. ටික කාලයක් ගියාම ගමත් නැහැ පරිසරයත් නැහැ අවසානේ ඒ පැත්තට යන්න තිබුන ගමනත් නැහැ. 

ඇටන්වල ගමේ ගෙවල් වල දැන් කදු නගින අයට සේවාවන් දෙනවා. කෑම ගන්න පුලුවන්. කදු නගින ගයිඩ් සේවාවන් ගන්න පුලුවන්. අගර මාමා, ඒකනායක මාමා, හෙම මේ ගයිඩ් වැඩ වලට නම් දරාපු අය. ඊට අමතරව තව අලුතින් අයත් ඉන්නවා. අපිට සෙට් වුනේ නිස්සංක. නිස්සංකට වැඩක්යකියලා අපිට ගමනට අජිත් අය්යාව සෙට ්කලා. බුවාත් වරදක් නැහැ. 


මානිගල දිහා බල බල තමයි ඇටන්වල ගමට යන්නට තියෙන්නේ. අපි ටෙන්ට් එක්ක අරගෙන ගියේ දුම්බර ඇල්ල කෑම්පින් කරන්න. ගමෙන් මැද හරියේදි අපිට වල්පොලමුල්ල කියන අත ඇරල දාපු ගම සෙට් වුනා. ඉන් ප්සස් කදු නැගලා බැහැල තා පැය තුන හතරක් ගියාම දුම්බර ඇල්ලට සේන්දුවුනා. ගමනේ මැද වතුර පාරවල් වලින් එතෙර වෙන්නට තියෙනවා. වතුර වැඩි කාලෙට නම් ගමන අමාර ු වෙයි මොකද වතුර පාරවල් වලින් එගොඩ වෙන්නට හැටියක් නැහැ නෙ. කෝකටත් කෑම බීම ටිකක් වැඩිපුර අරං යන එක හොදයි. මොකද අපි ගියාට පස්සේ තඩි වැස්සක් වැස්සොත් ටිකක් ඉවසං ඉන්න වෙනවා ඒ දොලපාර වලින් එගොඩ වෙන්න. 

කදු බෑවුම් කිව්වට ටිකක් තදබල බහින්න බය හිතෙන තැනුත් තිබුනා. ඒත් අපේ ගයිඩ් අයියා අපිව ගාන්ට කෙයා කරලා ඒ තැන් වලදි පොඩ්ඩක් සපොට් එකක් දුන්නා. ඇදුම ්පැලදුම් නම් ගොඩක් ගන්න එපා. මලුත් ඕනි නැත් ලබ්බවල් පුරවගෙන බර කරගන්න එපා. නවතින්න යනවා නම් අත්‍යාවශ්‍යම දේවල් ටික විතරක් ලැයිස්තු කරලා අරගෙන යන්න. නාන්න තියෙනවා නම් අමතර ඇදුමක් ගත්තට කමක් නැහැ. නැතිනම් රෑට සීතලට පෙරෝගන්න බෙඩ්සීට් එකක් අමතරව තිබුනාම හොදටම ඇති. ඇල්ල ගාව නාන්න හැකි නිසා නාන්න සුට්ටි ඇදුමකුත් ගෙනියන එක හොද වෙයි. 

අපේයාලුවෝ දෙන්නට නම් තිබුන ලොකු අවුලක් තමයි සපත්තු. ට්‍රැකින් බූට්ස් ඉතින් මට නම් නැහැ. ඒත් මගේ සේෆ්ටි ෂූස් දෙක පුදුමාකාර පිහිටක් වුනා. සේෆ්ටි ෂූස් දාල පුරුදු නැත්තන් ඒත් දාන්න යන්න එපා. පුරුදු වුනොත් නම් ඕනි තැනකට ගිහින් එන්න පුලුවන් විශ්වාසනීය යාලුවෙක් තමයි සේෆ්ටි ශූස් කියන්නේ. සපත්තුවේ කට්ට ලෙසට තියෙන නිසා අපි ලිස්සුවත් සපත්තුව නම් කෙලින් තියෙනවා. 

දුම්බර ඇල්ලට ලගා වෙලා මුලින්ම අපි කලේ උදේම අජිත් අයියගේ පවුල උයාදුන්න බත් එක ගිල දාන එක. එතකොට හවස තුන විතර වෙලා. ඒ කරලා ටික්ක ගල් තලාවේ ඇලවුනාම මෙන්න ටිකකින් කෙල්ලෝ කොල්ලෝ ටිකක් ආවා. මං නිදාගෙන උන්නේ. ඇහැරෙනකොටම කෙල්ලෙක් මගෙ ඔලුව ඇග උඩින් පැනල ගියා. උන් දුම්බර ඇල්ල බලන්න ඇවිත්. හවස හතරට විතර ඇවිත් තිබුනේ. මම හිතන්නේ ඒ ගොල්ලා කොහේ හරි කැලේ ඇතුලේ කෑම්ප් කරන්නට ඇති. දන්න කියනවා කියලා හිතෙන ලොකු කෑම්පින්් ඇදුම් කාරයෝ කිහිපයක් ඇවිල්ල තිබුන නිසා අපි වැඩිය කතාබහ නොකර අපේ ලොකුකම තියාගෙන පාඩුවේ උන්නා. එයාල ඇවිත් තිබුනේ නම් කේ එම් පී පැත්තෙන්. 

අපි අරන් ගිය බඩු වල තේ කොල තිබුනා. අපි ඒ දිල්මා ටී බෑග්ස් පාවිච්චි කරලා තේ වතුර හදාගත්තා. හවසට. හැන්දෑවට අපි කලුවට යාන්තමට වැටෙද්දි නූඩ්ල්ස් ටිකත් හදාගෙන කෑවා. අරක්කු වගේ සැර ටික්ක තිබුන නම් හොදයි. යාලුවා ගාව ටිකක් ඉතුරු වෙලා අරක්කු තුන් කාලක් විතර තිබුනා. ඒක හිමිහිට බිව්වා. මේ තැන්වලදි බොන එක අවුල්. ඒත් ඉතින් නිදාගන්නත් ඕනි. තැනත් සේෆ් ඒ නිසා බිව්වා. 

දිය ඇල්ල පේන මානේ තමයි ටෙන්ට් එක ඇටෙව්වේ. ටෙන්ට් එක දිග අරින්න ටිකක් මාන්සි වෙන්නට වුනා. අපිට මුලින්ම ටෙන්ට් එක දිග අරින ටෙක්නික් එක අල්ලගන්නට බැරිවුනා. හෙමිහිට කෙහොම හරි චමින්දයා  බාලදක්සයා නිසා බුවා ටෙන්ටක ගැහුවා වැඩේ අල්ලගෙන. ආ වැරදුනා අපි ඇත්තටම රෑට කෑවේ නුඩ්ල්ස් නෙමෙයි පාන්. පාන් ටික දිග ඇරගෙන අරන් ගිය ටින් කෑම ටික බේසන් වලට දාගෙන කෑවා. 

කාල තේ වතුර එහමෙ බීළ නිදාගත්තා. මහරෑ එක පාරටම වැස්සක් වගේ එන ලයින් එකක් තිබුනා. දිය ඇල්ල ගාව කූඩාරම ගැහුවට මොකද මට නම් පරාණ බයක් තිබුනා වතුර වැඩි වුනොත් මොනාහරි විපතක් වෙයි කියාලා. වැස්ස වෙලාවේ මම ටිකක් එලියට ඇවිත ්බැලුවා. ම්ම්හු අවුලක් වුනේ නැහැ. 

අපි මුලින්ම ගමන ප්ලෑන් කරන කෙට කවුද බොලේ ගයිඩ් ගාවනිදාගන්නේ කියලා කතාබහක් තිබුනා. අද කාලේ කියන්න බැහැ නේ ඉතින්.හොදට හැදුනු කොල්ලෙක්ටවත් ඉන්න බැරි කුරිරු සමාජයක් නේ තියෙන්නේ. ඒත් අනේ අපි නොහිතපු විදිහට අපේ ගයිඩ් අජිත් අය්යා කුඩාරම ඇතුලට ආවේ නැහැ. බුවා කූඩාරම එලියේ දුක සේ නිදාගත්තා. උදේම පින්න වැඩි කොට පොර හොදට පොරවාගෙන නිදාගෙන උන්නා. 

ඊලග දවසේ අපි පාන්දරම නැගිටල නූඩ්ල්ස් හදාගෙන කාලා ඈත පහල ගල් කුලක් පිටුපසට ගිහින් කක්කා දාලා ආයේ ප්ලේන්ටියක් හෙමත් ගහලා ගමන පටන් ගත්තා. අපි ආවට වැඩිය ඉක්මනින් පැය පහකින් විතර අපිට ගමට එන්න පුලුවන් වුනා. එදා ඇවිත් කකුල් අමාරුව තිබුනත් එදාම අපි කාර් එකෙන් කොළඹ එන්නට ආවා. 

එනකොට අපිට ආපු පාරම පාවිච්චි කලේ නැහැ. අනෙක් පැත්තට ගිහින් ලග්ගල පල්ලේගම බකමූන හරහා දඹුල්ලට ඇවිත් එතනින් තමයි කොළඹ ආවේ. කොලඹ පැත්තට සුපුරුදු විදිහට ටිකක් ට්‍රැෆික් එක තිබුනා. 

දුම්බර ඇල්ල ලස්සන තැනක්. කැලෙන් ටිකක් වහං වෙලා තියෙන නිසාම පරිසරය තාමත් සුන්දරවට තියෙනවා. කෑම්ප් කරන්න ඉතින් සියක් හමාරක් ගියොත් නම් අමාරුයි. ඒත් හත් අට දෙනකුට ටෙන්ට් ගහලා ආතල් එකක් ගන්න ඉඩ ඇති. ඉතින් ඔයාලට මේ මම කියනවාට වඩා හොදට පහල වීඩියෝවේ මේ ගමනේ අවස්තා පෙන්නුම් කරනවා ඇති. දේතා යනවා නම් ඔය බඩකඩිත්තුව නොබල මේ පිංතුර කැලි ටික බැලුවත් අති ඉතින්. 


කුඩා මලක් 

පිට්ටනිය වැනි සුන්දර කොටස

වල්පොලමුල්ලේදි හමු වූ වැල ගොඩිය. 


අපි එක්ක ගිය බැල්ල



නඩේ කොටහක් 

දුම්බර ඇල්ල ලග ගහපු කූඩාරම

දුම්බර ඇල්ල 


කූඩාරමේ සිට දුම්බර ඇල්ල 



රත් මල් 

කදිම ගලක් 

සුවිසාල ගසක් 

කැලෑ කටුස්සා 

ගොළුබෙල්ලා 

කූඹි ලොකු සයිස් එක 

ඈතින් පේන තුන් හිස් ගල