Saturday, March 7, 2020

සිංදුවලින් කියවෙන හම්බන්තොට


හම්බන්තොට මුහුදු වෙරළේ වැලිකැට ගානට
මං හැඬුවා ඔයත් එක්ක පැන ආ පාපෙට
අම්මා එක්ක තරහා වුණේ පළමු වතාවට
දුකක් දෙන්න එපා දෙයියෝ අසරණ කෙල්ලට


මේ සුබානි හර්සනී මුතුකුමාරණ කියන ගීතයක්. මේකෙන් හම්බන්තොට මූදු වෙරලේ වැලිකැට ගැන කියෙවෙනවා. දැන් නම් හම්බන්තොට මූදු වෙරල දිගේ තියෙන වැලිකැට වලට අමතරව හම්බන්තොට බලන්න දේවල්ෙ ගාඩක් තියෙනවා. හම්බන්තොට වරාය හම්බන්තොට කුරුළු උද්‍යාන ආදී දේවල් රැසක් දැන් හම්බන්තොට ජනයාට අයිති වෙල තියෙනවා. 
උසන්ගොඩ
සූරියවැව කාස්ටකේ බිම් කෙටුවා මං
දුකක් දැනුනේ නෑ මේ තරම්..
පොලවේ හැපි හැපි හෙම අම්මා හැඩුවෝතින්
ගමේ ඇයෝ ශාප දෙයි ඉතින්


සූරියවැව කියන්නේ අලුත් හයිවේ එකේ එන්ටරන්ස් එකක්. ඒ සූරියවැව අහ තියෙන කෙහෙල් වතු පොල් වතු ආදී වගාවන් ලස්සනට පේනවා හයිවෙ ්එකෛ් යද්දි. ඒ වගේම හම්බන්තොට සූරියවැව අතර විසාල සෝලාර් ෆාම් එකකුත් පේන්නම තියෙනවා. හයිවේ එකේ ශුෂ්ක කලාපයට අයිති වෙන මේ කලාපය දැන් ලස්සනයි. සූරියවැව දැන් අපිට ඉද හිට මැච් ගහන ක්‍රිකට් ක්‍රීඩාංගනයකුත් තියෙනවා. 
තිස්ස වෙහෙර රෑට
ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ...
නිදි මැරැවා තැන් තැන්වල තිස්සමහාරාමේ..


තිස්සමහාරාමය කියන්නේ කතරගම බලන්න යන අයගේ තවත් එක නවාතැන් පොලක්. තිස්ස වෙහෙරේ දැන් නම් ගිලෙනවාලු. දැන් ඒක පුපුරපු නිසා වෙහෙර තියෙන්නේ වටේම කේබල් ඇදලා.තිස්ස වෙහෙර ගාව තියෙනවා කොහොඹ ගහක්. ඒකේ වෙහෙර දිහාට තියෙන අතුවල කොහොඹ කොල තිත්ත නැහැය කියලා කතාවක් තියෙනවා. ඒත් ගහේ බොඩ් එකක් ගහල තියෙනවා දේව උදහසට ලක් වෙන්න පුලුවන් නිසා ගහේ කොල කඩන්න එපාය කියලා. තිස්ස මහාරාම පෙරහැර ගැන තවත් සිංදුවක් අපේ බස් අජියත් කියනවා. 


තිස්ස මහා රාම පෙරහැරේ
ඉස්සරහම කස පුපුරන්නේ 
මගෙ තුරුණු හිතත් කසයක් වාගේ
ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ.. 


තිස්ස පෙරහැර නම් තියෙනනේ මතක විදිහ පොසොන් කාලේට. ඒ කාලේට මේ තිස්ස පෙරහැර බලන්න අවට ගම් වල ජනතාව පොදි ගනන් තිස්සට එනවා. තිස්ස දිහා තව යටාල වෙහෙර ආදියත් මිනිස්සු බලන්න යනවා. ඒ කාලේ සිටම රාජධානියක් ව තිබුනා කියලා සාධක මේ තිස්ස තැන් තැන්වලින් හමු වෙනවා. පුරාණ ගල් කණු සහ සිද්ධස්තාන ආදිය මේ පලාතේ විසිරිලා තියෙනවා නටඹුන් විදිහට. 


සිතුල් පව්ව වෙහෙර ලගට සඳක් පායලා
කුසල් වලින් හුගක් අරන් යන්න පේවිලා
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා
අවසර නැහ ඇස් දෙක ලග ඉන්න නැවතිලා …

මේක නාමල්ගේ පසුකාලීනව ආපු ලස්සන සිංදුවක්. සිතුල්පව්ව කියන්නේ කැලේ මැද තියෙන පොඩි කන්දක්. ඒකේ ඉස්සර කාලේ ඉදලාම සිද්ධස්ථාන තිබිලා තියෙන බවට සාධක තියෙනවා. යාල කැලේ මැද තියෙන සිතුල්පව්වට යන්න වෙන්නේ කැලේ මැදින්. කතරගම සහ තිස්ස කිරින්ද යන දෙපලාතෙන්ම මේ සිතුල්පව්වට එන්නට පුලුවන්. උදේ සහ සවස් කාලේ ගියොත් සිතුල්පව්වේ යන ගමන් කැලේ සතුන් කිහිපයකුත් බලාගන්නට හැකියි. සිතුල්පව්ව පුදබිමෙත් සතුන් ටිකක් ඉන්නවා. ඒ සතුන්ට කෑම දෙන්න එපායකියල තමයි එතැන දැන්වීම් ගහලා තියෙන්නේ. කතරගම ගියොත් හොර පාරෙන් කැලේට යන්න කියාපු ගමනක් තමයි සිතුල්පව්ව ගමන. 


"සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම්බැන්ද..
සවසක අප සයුරැ තෙරෙක සිසිලස ව්න්ද..
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද..
ජීව්තයට මට අමතක නොවෙයි කිරින්ද..නොවෙයි කිරින්ද..

දකුණේ කිරින්දවල් දෙකයි. එකක් පුහුල්වැල්ල කිරින්ද අනික තිස්ස කිරින්ද මේ තිස්ස කිරින්ද කියන්නේ යාල මායිමේ මූද අද්දර තියෙන මනරම් විහාරස්ථානයක්. මෙතැන්ට තමයි විහාරමහාදේවිය බැස්සා කියලා මිනිස්සු සලකන්නේ. විහාර දේවිය බැස්සා කියලා තව මගුල් මහ වෙහෙර අරුගම්බේ දිහා කට්ටිය එතැන කියලා කියනවා. කොහොම වුනත් ලස්සන ගල් කුලක් මත පිහිටලා ිතයෙන මේ කිරින්ද විහාරය සුන්දර තැනක්. මූද ඈතට පේනවා. මේ කිරින්ද වරායට වැලිෙ ගොව්වාකියන නැව ඉස්සර සුනාමි වෙලාවේ ගොඩ ගැහුවා. ඒ කාලේ ඒක බලන්නත් මිනිස්සු ගියා. 


උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම
උස්සනගොඩ නම් හම්බන්තොට ඉදන් තංගල්ල දිහාට වෙන්න අම්බලන්තොට කිට්ටුව තමයි තියෙන්නේ. එතැන පුරාණ කාලේ භූතාපය නිසා හෝ උල්කාවක් වැටිලා හෝ රතුපාට වෙලා තියෙනවා. ඒ හරියේ ගල් ආදියත් මෙල්ට් වෙලා ආදිකාලේ සිදුවුන භූ විද්‍යා සිදුවීමක සටහන් පෙන්වනවා. මේ හරිය මියුසික් වීඩියෝ වලටත් අරගෙන තියෙනවා. උස්සන්ගොඩ පිට්ටනියක් ලස්සන වෙරලක් සහ ඒ දෙක එකතුවෙන සුන්දර පරිසර දර්ශනයක් බලන්න තියෙනවා. ඒත් ඉතින් සමහරුන්ට මේකත් මොකද්ද අනේ මේකේ බලන්න තියෙන්නේ. පයිං ඇවිද්දා විතරයි කියලා කියනවා. 


මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
මදුනාගල උණුවතුර ලිං කියන්නෙත් භූතාපය නිසා ඇතිවෙන සංසිද්ධියක්. මේ උනුවතුර ලිං ල ඉස්සර වතර මීට වඩා රස්නේය. පස්සේ කාලෙක බිත්තර තම්බන් කාපු සුද්දෝ නිසා දැන් රස්නේ අඩුය කියලා මිනිස්සු කියනවා. ඒත් ඉන්දුනීසියාවේ හෙම තියෙන මේ වගේ හොට් ස්පොට් වලින් මිනිස්සු බිත්තර විතරක් නෙමෙයි වෙන එලෝලු මස් ආදියත් තම්බලා කනවා. ඉතින් මේ තැන දැන් නම් නවීකරණය කරලාලු තියෙන්නේ. අලුත් හයිවේ එක නිසා මේකටත් දැන් යන්න ලේසියි. 


තණමල්විල, මාලිගාවිල මොණරාගල වගේ පැති ගැන වගේම කතරගම ගැනත් ගොඩක් සිංදු අපේ සාහිත්‍යයේ එනවා. කතරගම කියන්නේ සිංදු කිහිපයක්ම තියෙන හොද පූජනීය ස්ථානයක්. අලුතින් හදාපු හයිවේ කොටේ එක්ක කොළම උදවියට දැන් ලේසියෙන්ම මේ දේවල් දැකබලාගන්න හැකිවෙලා තියෙනවා. මේ සිංදු කියන්න සරල උත්සාහයක් මම ගත්තා ඒක පහල තියෙනවා. ටිකක් ඒකත් බලලා ඔයාල මේ සිංදු අහලා ැතිනම් අහලාම යන්නත් පුලුවන්. 

7 comments:

  1. "මේ සිංදු කියන්න සරල උත්සාහයක් මම ගත්තා ඒක පහල තියෙනවා." ‌‌ෙ‌කා් බන් සින්දුව නෑනේ. +++++

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක හැලිලා නේ..දැන් ආයේ දැම්මා..

      Delete
  2. සෞම්යාගේ හුත්තට දිව දාලා ජූස් බොන්න තිබ්බා නං හම්බන්තොට ගැන සින්දුවක් ලියනවා.

    ReplyDelete
    Replies
    1. බීලා මැරියන්

      Delete
    2. සෞම්යාගේ රෝස පාට කිරි කිම්ඹේ සුවඳ රස බලලා මලත් කමක් නෑ.

      Delete
  3. කිරින්දෙ ඔය පන්සලට මෙහායින් ඇතුලට ගියාම මුහුදෙ නාන්න හොඳ පොට් එකක් තියෙනව. ගල්වැටි දාල රැල්ල පාලනේ කරල තියෙන නිසා කිසිම බයක් නැතුව නාගන්න පුලුවන්. පොල්හේන වගේ ජරාව නාන්න ඕන නෑ එතන. මාත් මේ ළඟදි ගියාම තමයි දැනගත්තෙ.

    ReplyDelete
  4. වැදගත් දෙයක් දැනගත්තා ස්තුතියි

    ReplyDelete