Thursday, September 5, 2024

තායි මසාජ්

අපි තායිලන්තය ඇතුලේ සවාරි ගැහුව හැම චූටි නගරයකම වගේ මාසාජ් තියෙනවා. ලංකාවේදි මසාජ් කියන්නේ සෙස්මය දේවල් තියෙන තැනක්. ඒත් තායි රටේ මසාජ් කියන්නේ ශතවර්ශ ගානක් පරණ ආතල් එකක්. තායි මසාජ් ලෝකෙම ජනප්‍රිය මසාජ් මෙව්වා එකක්. ලකාවේ රූපලාවන්‍යාගාර තියෙනවා වගේ බොහොම සුලබව තායිලන්තයේ මසාජ් තියෙනවා. 

ඒ මසාජ් වල හැමෝටම එකිනෙකා පේන්න තමයි මසාජ් කරන ඇදවල් තියෙන්නේ. ඒ මසාජ් එකට ගැලපෙන සැහැල්ලු ඇදුමකුත් සමහර තැන්වලින් දෙනවා. ඒක ඇදගත්තම මසාජ් කරන කෙනකාටත් අපිටත් ලේසියි. එක තැනකින් අපිට හර්බල් ටී එකුත් ලැබුනා වැඩි ගානක් නෑ තායිබාත් දෙතුන්සීයට හාර සියට පන්සියට වගේ විවිධාකර මසාජ් පැකේජ් තියෙනවා. 


ඒ ඒ මසාජ් අතර වෙස අදුනාගන්න තරම් මසාජ් ගැන දැනුමක් පලපුරුද්දක් අපිට නැති නිසා මසාජ් වල හාද නරක ගැන නම් කියන්න දන්නේ නෑ. බොහෝ තැන්වල ඇගට දැනෙන හොද මසාජ් එකක් දෙනවා. හොද මසාජ් එකක් දාගත්තම සැපට නින්ද යනවා. සමහර අවස්තාවලදි මසාජ් කරන යුවතිය අපේ ඇගඋඩ නැගලා මසාජ් කරනවා. සමහර අය අපේ ඇගේ මසල්ස් පාගලා මසාජ් කරනවා. 


මේ තායි මසාජ් අස්සේ නරක වැඩ නොවෙනවා ම කියල කියන්න බෑ. පුකෙට් වල තිබුන මසාජ් සෙන්ටර්ස් ඉස්සරහින් අපි ඇවිදගෙන යද්දි කතරගම මල් කඩ ඉස්සරහින් යනවා වගේ. කදිමෙට මේකප් කරපු යුවතියන් එන්න අපෙනුත් ගන්න කියනවා වගේ මසාජ් වලට කතාකරනවා. ඒවගේ තැන්වලනම් මසාජ් වලට අමතරව දේවලුත් තියෙනවා ඇති කියල අපිට හිතුනා. 


කොහොම වුනත් ගෑනු පිරිමි හැමෝටම හරිම සුලබව විවිධාකාර මසාජ් වඩාත් වෘත්තියමය විදිහට තායිලන්තයේ තියෙනවා. ඒවා ගන්න ලෝකේ වටේ ඉන්න සංචාරකයින් පසුබට වෙන්නෙත් නෑ. ලංකාෙවන් තායි මැලේසියා වියට්නාම යන අය "හැපූ මේ අර ලංකාවේ තියෙන මසාජ් වෙන්න ඇති" කියල හිතනවා නම් ඒක අපරාදයක්. ඔය රටවල ගියොත් මසාජ් එකකට ගිහින් ඒ අවස්තාවත් එන්ජෝයි කරලා එන එක හොද එක්ස්පීරියන්ස් එකක්. 

 





2 comments: