Wednesday, August 28, 2024

ජෝගු තැන්න

ප්ලේන් ඔෆ් ජාර්ස් සිංහලෙන් ජෝගු තැන්න. මහ විසාල ගල් ජෝගු වගයක් තැන් තැන්වල පේන්න තියනවා. මේ ජෝගු මොන කාරණාවකට පාවිච්ච කලාද කොයි කාලේ හැදුවද? ආදී හැම දෙයක්ම අද වෙනතුරු අභිරහසක් විදිහට තියෙනවා. මත තියෙනවා ඒත් ඒවා සනාත වෙලා නැහැ.



මේ ප්ලේන් ඔෆ්ද ජාර්ස් තියෙන්නේ ලාඕසයේ. ලාඕසයට අමතරව මේවා ඉන්දියාවේ ඇසෑම් වලිනුත් හොයාගෙන තියෙනවා. පුරාවිද්‍යාඥයෝ කියන විදිහට මේවා ක්‍රිස්තු පූර්ව 5 වස සියවසේ සිට ක්‍රි, වර්ශ 5 වන සියවස දක්වා පැතිරිලා තියෙනවා. ඒ කාලවල තමයි මුලින්ම හදලා තියෙනනේ. පස්සේ කාලෙක මේ ජෝගු වෙන වෙන රජකාලවල විවිධ කාර්යයන්ට පාවිච්චි වෙලා තියෙනවා.


මේ ජෝගු පාවිච්චි වෙලා තියෙන්නේ ඒ කාලේ මිනී දාන්න කියල කතාවක් තියෙනවා. සොහොන් ගෙවල් විදිහට මේවායේ මිනිස්සු දාල වහල තියෙනවා. මේ ජෝගු පෙලක්වා මිනිහෙක්ට තරම උසයි ගොඩක් ඒවා අඩි තුන හතර තමයි උස. සැබැයි හැම එකම වගේ මිනිහෙක් දාල වහන්න පුලුවන් තරමේ මහ හිලක් ඇතුලේ තියෙනවා.


මේ ජෝගු හදල තියෙන්නේ ඒ යාබද ගල්කොරිවල තිබුන කලු ගල් සහ හිරිගල් වලින්. ජෝගු ශේප් එකට ගානට හදාගන්න එයාල යකඩ ටූල්ස් පාවිච්චි කරන්න ඇති කියල විශ්වාස කරනවා. ජෝගු ඈත ගල් කොරිවල හදලා කොහොම මේ තැන්නට ගෙනාවේ කියන එකනම් ලොකු ප්‍රශ්නයක්. මොකද සමහර ගල් කොරිවල ඉදලා ජෝගු තියෙන තැන්වලට කිලෝමීටර ගනනාවක් දුරයි.


මේ ජෝගු තැන්න තියෙන පලාත 1970 කාලේ වියට්නාම ඇමරිකා යුද්දෙට සෑහෙන සැරට පාවිච්චි වෙලා තියෙනවා. ගුවනින් දාපු බෝම්බ නිසා මේ සමහර ජෝගු කැඩිලා ගිහින්. තවත් ඒවායේ යාබද අගල් හාරලා ඒ කාලේ යුද්දෙට පාවිච්චි කරලා ිෙයනවා. ඒ වගේම මහා බෝම්බ වැටිලා හෑරුන තඩි වලවල් තාමත් මේ තැන්නේ තැන් තැන්වල දකින්න තියෙනවා. යුද්දේ තිබුනේ වියට්නාමය වුනාට යාබද ලාඕසයටටත් ොබ්ම්බ ටොන් මිලියන ගානක් දාල තියෙනවා. ඒ වගේම මේ ලාඕස කලාපයේ සැගවිලා හිටිය වියට්නාම සොල්දාදුවන් ඒ යුද කටයුතු වලට වසර ගනනාවක් සක්‍රියව දායක වෙල තියෙනවා.


මේ ජෝගු තැන්න පලාතට කොපමණ බෝම්බ වැටිලද කියනවා නම් ඒ බෝම්ප වල තියෙන ලෝහ පාවිච්චි කරලා තාමත් ඒ පලාතේ මිනිස්සු හැදි කුඩා සමරු ආදිය හදනවා උණුකරලා වක්කරලා.


මේ ජෝගු හදලා ඒවා උඩින් වහලා මිනී දාලා තියන්න ඇති කියන මතය තමයි ගොඩක් අය පිලිගන්නේ. ඒත් මෙච්චර අමාරුවන් හදලා ඒවා මොන කාරණාවකට දහස් ගානක් තියෙද ඒවා කොහොමද ඒ කාලේ තාක්ශණයෙන් හැදුවේ ආදී කාරණා තාමත් රහස් විදිහට පොලව යට වැලලිලා තියෙනවා.



 

No comments:

Post a Comment