Wednesday, August 28, 2024

පිපී දිවයින 2

අපි පිපි අයිලන්ඩ් ගිය දවස ඇවිල්ලා 2023 නොවැම්බර් 26 වැනිදා එදා තායිලන්තයේ උත්සවයක් තියෙනවා ක්‍රතොන් ෆෙස්ටිවල් කියලා. ඒකෙදි එයාල පහන් පත්තුකරලා වතුරේ පාකරනවා. ඒ පාකරන්නේ මල් තියපු ලස්සන චූටි වේදිකාවක තියලා. මේ උත්සවයට ගෑනු පිරිමි සම්ප්‍රදායික තායි ඇදුම් වලින් සැරසෙනවා.


අපි එක ගමනක් යනකොට තායි පිපි දිවයිනේ නගර සෝබිනියන් රෙද්ද හැට්ට ඇදලා මේ උත්සවයට සූදානම් වෙලා හිටියා. ඊලගට තව ටිකක් රෑ වෙලා එතනින් යනකොට එයාල සුපුරුදු කොට හිර සෙස්සි ඇදුම් වලින් සැරසිලා හිටියා. නගර සෝබිනියන්ගේ මිලත් දූපතේ අනෙක් දේවල් වගෙම පිිපි දිවයිනේ මිල වැඩියි.


මේ රතුපාට බෝතලේ තියෙන්නේ ලාඕ කාඕ කියල මත්පැන් වර්ගයක්. මම කඩේකට ගොඩ වුනා දත් බුරුසුවක් සබන් කෑල්ලක් ගන්න. ඒක ඇවිල්ල කඩයක් කිව්වට මිනි සුපර් මාර්කට ්එකක් වගේ තැනක්. එතැන කෙළවරක තියෙනවා මේ වගේ බෝතලයක්. එතැන බෝතලේ ගාව තියෙනාව චූටි වීදුරුවක්. දූපත් වැසියෙක් ගිහින් එතන තියෙන බෝතලෙන් අර වීදුරුවට ටිකක් දාගෙන මත්පැන් බොනවා වගේ ටිකක් අපුලේන සුටුස් ගාල ඒක බීලා කවුන්ටරේට ගානක් දෙනවා කාසි කිහිපයක්. මමත් එතනින් බෝතලයක්ම ගත්තා. බෝතලේටම රුපියල් දාහක් ගියෙත් නෑ. පොඩි ගානක් උනේ.


ඒක ටික්ක සැර ජාතියක් වගේ පෙනුනේ. ඉන් පස්සේ දූපතේ ඇවිදිනකොට එතනෝල් බකට් දෙන තැන් තිබුනා. ඒ බකට් වලට විස්කි, බ්‍රැන්ඩ්, ලෝකල් බඩු කාලක් විතර දානවා. තව ස්ප්‍රයිට් කෝලා, ලෙමනෙඩ් අයිස් , දෙහි ආදී එක එක ජාතිත් දානවා. ඒවා දාලා අයිස් එක්ක මික්ස් කරලා චූටි කාලේ අපි සෙල්ලම් කරන්න ගන්න පොඩි පනිට්ටුවකට වගේ කොක්ටේල් එක්ක දාලා හදල පුරවලා දෙනවා. ඒ වගේ තැන්වල බාගෙදා කිසි විලිලැජ්ජාවක් නැතුව ලක්ෂන ගෑනුත් ඉන්නවා කොක්ටේල් හදාදෙන්න.


අපි එහෙම එතනෝල් මික්ස් හදන තැන් කීපෙකින්ම ඇහුවා අපි ගත්ත බෝතලේට සැන්ඩි කරන්න හොද ජාතියක්. එක තැනකින්වත් හරි උත්තරයක් ආවේ නෑ. ඇත්තටම ඒක සැන්ඩි නොකර ගහන ටිකිල වගේ ජාතියක්ද මන්දා. අවසානේ අපි බයිට් සහ තව මික්ස් කරන ජාති කන ජාති අරගෙන බීච් එකට ගියා. ඒ ගිහින් බංකුවක් උඩ තියාගෙන මේක ගැහුවා. ඒ බෝතලේ සැරයි. ඒ වගේම ලග වදිනවා.. ඒ බීල කරලා බීච් එකේ තිබුන ගිනි කෙලි බලන්න සෙට් වුනා. අපි ඒ ගිනිකෙලි තියෙන හෝටලෙන් බිවේව් කෑවේ නැහැ කියල වෙනසක් නෑ. හැමෝටම වාඩිවෙලා ඒ ගිනිකෙලි බලන්න පුලුවන්. කැමති නම් හොටලෙන් කෑම බීම ඇනවුම් කරන්න පුලුවන්.


අපිත් ගිනිකෙලි වලට ටිකක් සෙට් වුනා. ඒ ගිණිකෙලි වල දැවෙන පොල්ල යටින් පපුව පැත්ත තියලා රිංගන වැඩේට එහෙම අපේ යාලුවෝ සෙට් වුනා. ඉට පස්සේ පාර්ටි වල වගේ තව සෙල්ලම් ආදියත් තිබුනා. ප්ලාස්ටික් කැරකෙන ගොනෙක් හිටියා. ඌගේ පිටේ අපි නැග්ගම ඒක කරකෝනවා. හරි අමාරුයි උඩ නැගලා ඉන්න. යුක්රේන් කාරයො එහෙමත් උත්සාහ කලා. ටික වෙලාවකින් ගොනා වේගෙන් කැරකෙන නිසා පවතින්න අමාරුයි. අපි ඒකත් ට්‍රයි කරලා මත් වෙලා බමන මතින් රෑ ඇවිත් නවාතැනේ නිදාගත්තා. 







 

1 comment:

  1. මොකාද මේ අන්තිම ෆොටෝ එකේ ඉන්න පොන්නයා

    ReplyDelete