පිපි අයිලන්ඩ් සංචාරකයින්ටම සෙට් වෙන මැක්සිමම් ආතල් ගොඩක් තියෙන තැනක්. ටිකක් වියදම නම් සැරයි . කෑම බීම සහ අනෙක් ආතල් පොඩ්ඩක් මිල වැඩියි. මොකද ඔක්කමබඩු ඔරුබෝට්ටු වලින් දූපතට ගේනන ඕන ඇති කිලෝමීටර් හතලිහක විතර දුරක ඉදලා.
දූපතට ගියාට පස්සේ අපි හිතාගෙන හිටිය නවාතැනට යන්න පිටත් වුනා. දූපතේ සංචාරක කලාපයේ ගමන පයින්ම තමයි කෙරෙන්නේ. දූපත විසාල එකක් නෙමෙයි සම්පූර්ණ එකම වර්ග කිලෝමීටර 28ක් වගේ. එයින් විසාල පදාසයක් කැලේට ඇරලා. තව කොටහක් ඒ දූපතේ ඉන්න ජනතාවට වෙන් කරලා. ලස්සනම බාගයක් සංචාරකයින්ට වෙන් කරලා.
මේ දූවේ එක පැත්තකින් දෙකකින් විතරක් නෙමෙයි තුන් හතර පැත්තෙන්ම මූද තියෙනවා. ලස්සන හිරිගල් පර පෙන්නුම් කරනවා..කදු කොටස් පේනවා. මූදේ වතුර කොල පාටයි නිල්පාටයි. ඒ වගේම මූදේ යන සාම්ප්‍රදායික ලෝන්ටේල් බෝට්ටුත් මේ වෙරළට ලස්සනක් එකතු කරනවා. මේ එක පැත්තක අපි යන වෙලාවේ ඔරු බෝට්ටු දිග වැලිතලාවක වැතිරිලා වගේ තැන තැන ගොඩ තිබුනා. ඒත් රෑ යනකොට ඒ බෝට්ටු තියෙන තැනට වතුර ඇවිත් අඩියක් දෙකක් බෝට්ටු යට වෙලා. වඩදිය බාදිය සීන් එක සැරටම තියෙනවා මම හිතන්නේ දූපතේ.
අපි නවතින්න ගිය නවාතැන ටිකක් ඇතුලේ. බාත් අටසීයක් කාමරේට. කාමරේ බේසික් එකක්. මොකද අපි නවාතැන් වලට වැඩිපුර වියදම් කරන්න හිතුවේ නෑ ආතල් වලට තමයි මුල් තැන දෙන්න හිතුවේ. ඒ අපි නවාතැන් ගන්න ගිය තැන පෝච්චියක ගංජා කියල සැක කරන්න පුලුවන් පැලෑටියක් තිබුනා. බාගෙදා ගංජා වෙන්නත් පුලුව්න. අපි ගිය කාලේ ගංජා තායිලන්තයේ තහනම් නෑ. ඕන කඩමන්ඩියක ගංජා ශොප් එකක් තියෙනවා.
ඉතින් අපි මුලින්ම ගිහින් බෑග් දාලා ඇවිත් ටිකක් කැරකෙන්න ගත්තා. එදා ටිකක් වැහි දවසක්. ඒ නිසා ටිකක් චොරමය ගතියක් තිබුනා. දූපත ඇතුල සම්පූර්ණයෙන්ම පැය දෙකකින් විතර ඇවිදලා කවර් කරන්න පුලුවන් සංචාරකයින් ඉන්න හරිය.
No comments:
Post a Comment