Thursday, August 8, 2024

සියඹලා බීම පැකට්


 පුංචි කාලේ විතරක් නෙමෙයි අයිස් පැකට් ලොකු කාලෙත් අපි ගොඩක් ආස කරන බීමක් හෝ කෑමක්. දැන් අයිස් පැකට් එකක් රු 20ක් වෙනවා. අනික 20ට ගන්න අයිස් පැකට් එක සුරුස් ගාල ඉවර වෙනවා. ඉතින් කඩේ නැති වෙනස්ම විදිහක අයිස් පැකට් එකක් හදාගන්න හැටි අපි බලමු. මේකට අවශ්‍ය කරනවා.

සියඹලා - පල්ප් එක හෝ ඇට සහිත සුද්ද කරන ලද සියඹලා
කෝන් ෆ්ලාර් හෝ මඤ්ඤොක්කා පිටි මේස හැන්දක්
සීනි
ලුණු
දෙහි ගෙඩියක්

මුලින්ම වතුර එකක් ලිප තියලා ඒක පැහෙනකල් ඉන්න. ඉන් පස්සේ පැහෙන වතුරට සියඹලා ටික දාගන්න. සියඹලා ටික ටිකක් කලවම් කර කර ලිපේ තියාගෙන සියඹලා දියරය හදාගන්න. ඉන් පස්සේ ඒකට ඇතිපදමට ලුණු සහ සීනි දමාගන්න. මේකට සීනි ටිකක් වැඩිපුර දාගන්න වෙයි මොකද සියඹලා වල ඇඹුල් ගතිය ටිකක් වැඩියි. කෝන් ෆ්ලා තේ හැදි දෙකක් ඇල් වතුරේ දියකරලා ඒකට එකතු කරගන්න. අවසානයේ ලිපෙන් බාගන්න ඔන්න මෙන්න තියලා මිරිකාගත් දෙහි ඉස්ම ටිකක් එකතු කරලා කලවම් කරගන්න.

මෙතනදි කෝන් ෆ්ලා එකතු කරන්නේ මිශ්‍රණය ක්‍රීම් ගතියට එන්න. ක්‍රීම් ගතියට ආවට පස්සේ ඒක අයිස් ක්‍රීම් එකක් විදිහට තියෙනවා. නැත්තං එකපාරක් දෙපාරක් බීම පැකට් එක ඇද්දට පස්සේ ඒකේ තියෙන සීනි ටිකයි සියඹලා රසයයි අපේ කටට සෲස් බෲස් ගාල එනවා. ඉන් පස්සේ අයිස් කැටේ විතරයි ඉතුරු. ඒ ගතිය නැතිකරනවා කෝන් ෆ්ලා වලින්..

ඉතින් අවසානේ පැකට් වලට පුරවගෙන ෆ්‍රීජ් එකේ දාල දවසක් විතර තියාගෙන ගෙදර හදපු බීම පැකට් බොන්න ගන්න පුලුවන්. මේ බීම පැකට් හදන්න ගන්න අගලේ පොලිතින් එක පොලිතීන් කඩවල තියෙනවා. සමහර තොග බඩු කඩවලත් තියෙනවා. ග්‍රෑම් සීයක් ගත්තහම බීම පැකට් පනහක් සීයක් හදාගන්න පුලුවන්.

ඉතින් ඔයාලටත් පුලුවන් වෙනස්ම ආකාරයේ මේ ආකාරේ සියඹලා බීම පැකට් ගෙදරදීම හදාගන්න.

2 comments:

  1. නියමයි
    අපි පොඩිකාලේ බීපු මහවැලි කිරි අයිස් පැකට් අමතක වෙන්නේ නැ කවදාවත්

    ReplyDelete
  2. අර පලම් හදන මෝල්ඩ් තියේ නේ. එව්වට නං ඔය එකේක පළතුරු වර්ග.වලිං අයිස් හදාල දාගන්නව. මරු

    ReplyDelete