Friday, August 2, 2024

මීවන

මල් පිපෙන්නෙත් නැති ගෙඩි හැදෙන්නෙත් නැති මේ මීවන ශාක සිංහරාජයේ මෙදේරිපිටියෙන් ඇතුල් වුනාම හැම තැනම වගේ තියෙනවා. මේ මෙදේරිපිටිය පිවිසුමේ ඉදලා කැකුණ ඇල්ලට යන පාර වැටිල තියෙන්නේ ගිං ගග සහ අතු ගංගා ඉවුර දිගේ. ඒ ගං ඉවුර දිගේ තියෙන දිය සීරාව තෙතමනය මේ මීවන ශාක වැඩෛන්නට හිතකර පරිසර තත්වයක් වෙනවා. ආසියාව ඇමරිකාව අප්‍රිකාව වගේ හැම තැනකම වගේ මේමීවන වර්ග විසාල ගනනක් තියෙනවා. මේ අපි ගිය සිංහරාජ වනාන්තරේ මහ විසාල මීවන පදුරු තියෙනවා අපි දැක්කා. පොලිසිමලය සාධක අනුව මීවන ගස් අවුරුදු මිලියන 360කට ඉස්සර මේ ලොකේ තිබිල තියෙනවා. ඒ කියන්නේ ඩයිනෝසෝරයන් මිහිපිට ඉන්නකොටත් මේ මීවන වර්ග ලෝකේ තිබිල තියෙ. ඒත්දැන් අපිට දකින්නට තියෙන මීවන ප්‍රබේධ වසර මිලියන 145කට එපිට මිහිපිට බිහිවුන ඒවා කියලයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් සිංහරාජයේ ගියොත් ලස්සන දිය ඇලි කුඩා සතුන් වගේම මේ සුන්දර මීවන ගසුත් බලන්න අමතක කරන්න එපා.






 

No comments:

Post a Comment