Monday, September 28, 2026

අත්‍යාවශය වෙඩින් සංගීතය


ඉන්දියානුවා ජීවත් වන්නේ ව්‍යාජ මායාකාරී ලෝකයකය. ඔවුන්ට කිසිදා සැබෑවට පිලිපැදිය නොහැකි ආගමික මතිමතාන්තර ඔහු තදින් විශ්වාස කරන්නේය. ඒවාට වැදුම් පිදුම් සත්කාර කරමින් ඒ පිලිපදිනවා යැයි පෙන්වන්නට උත්සාහ කරන්නේය. එහෙත් සැබෑ ජීවිතයේදී ඒ ආගමික මතිමතාන්තර වලින් බැහැරව බෝංචි කඩනවා සේ සාමාන්‍ය සමාජ ගුණධර්ම කඩාගෙන ගව සුනකාදී සතුන් මෙන් ප්‍රිමිටිව් ආකාරයෙන් හැසිරෙන්නේය. ඉන් මනත තමන්ගේ පාපයෝ වසන් කරගැනීමට ආරාමයට පන්සලට දේවාලයට ගොස් මහත් පෙලහර පාමින් වන්දනාමාන කරන්නේය.

ආර්ථිකව අතින් ගත්තත් මිනිසුන් මේ ආකාර සෝබනීය ජීවිත හැඩතල වලට මහා විසාල මුදලක් වියදම් කරන්නේය. මෑතදී ඇති කෙරෙන වෙඩින් උත්සව වලදී සංගීත දැමීම ගැන කතාවද එහි දිගුවකි. දෙදෙනකු එක වහලක් හට එකට සිටීම සැමරීම තවමත් ඉන්දියානු අපි ඉහලින් කරති. ඒ සදහා සිය ජීවිත කාලයෙන් වසර කීපයක මුදල එක දිනකට වියදම් කරන්නේය. ඒ තුලින් මහා සතුටක් ලබන්නේයැ ලැබුවේයැ පෙන්වන්නට සමාජ ජාලා වලද පිංතූර වීඩියෝ දමමින් දගලන්නේය. වෙඩිමකදී සෑම දෙයම මිල අධිකය. අවසන වෙඩිම ගෙන මාසයකින් දෙකකින් බොහෝ තැන්වල ඒ වියදම ගැන පවුලේ අයට ඇත්තේ කලකිරීමකි පසුතැවීමකි. එහෙත් එකම පවුලේ 2.5 වැනි දරුවාට වත් වෙඩිමක් නොගෙන වෙනස් මගක යෑමට ඇත්තේ අඩු ඉඩකි.

සැබැවින්ම දෙදෙනකු අතර සැබෑ සබදතාවයක් තිබේ නම් වෙඩිමය කියා විසේස මගුලක් අවශ්‍ය නැත. රෙජිස්ටාර් පොතක් අවශ්‍යද නැත. එතැන ඇත්තේ සැබෑවක් නම් සැබෑ බැදීමක් නම් තවත් සහතික එයට අවශ්‍ය නැත. එහෙත් කොතරම් ආදරණීය ශෝබමාන වචන හුවමාරු කරගත්තද අපේ දෙපලටම අනෙකාව විහ්වාස නැත. අනෙක් අතින් අනෙකාව තවත් ලීගල් සහ පෞල් බැමි වලින් තලා පෙලා මිරිකා හිරකර තබාගැනීමටද අවශ්‍ය වන්නේය. සැබෑ අවශ්‍යතාවයට වඩා මායාකාරී අවශයතා රැසක් අපි අවට අප විසින්ම පිලියෙල කරගනී.

දැන් තව ස්වල්ප වේලාවකින් මෙහි පැමිනෙන ඇතැම් ඉන්දියානු සමාජයේ අගය කියන පිරිස් බටහිර නන් අහම අහම වෙනවා අපේ එහෙම තවම නැතැයි කියනවා ඇත. මා නොගොස් ඇති නිසා මා දන්නා බටහිරක් නැත. බටහිර උතුර නැගනහිර හැම තැනම මිනිසුන් කොටසක් ඉතාම දීර්ඝ කාලයක් යහපත් ලෙස පවුල් කති. විසාල පිරිසක් පවුල රෙජිස්ටර් කර ඇති නිසා හෝ ළමයි බමයි නිසා ඔහේ සතුටක් නැතිව තැවෙමින් සම්ප්‍රදායික රාමුව අස්සේ සිරකරුවන් පරිදි ජිවත් වෙති. 

4 comments:

  1. රංග දසනායක නම් අපතයා
    ➖➖➖➖➖➖➖➖💀➖

    පුද්ගලිකත්වය පිළිබඳව කතා නොකිරීමට තීරණය කළත් සෑහෙන කල්පනා කරලා මම හිතනවා මේ කතාව මනුෂ්‍යත්වයේ නාමයෙන් කිව යුතුයි කියලා.

    සරත් දසනායකගේ ගීත වල සියලූම අයිතිය රංග දසනායක පමණක් ලබා ගෙන සල්ලි හම්බ කරත්, සරත් දසනායකට දරුවන් තුන්දෙනෙක් හිටියා.

    පිරිමි දරුවෙන් දෙන්නයි, ගැහැනු දරුවයි. එක පිරිමි දරුවෙක් රංග.

    අනෙත් පිරිමි දරුවාට 'ඩවුන් සින්ඩ්‍රම්' තියෙනවා. නංගි විවාහ වෙලා එංගලන්තයට ගියා.

    රංග මොකක්ද දන්නවද කළේ ?

    රංග විවාහ වූ සැණින් තමන්ගේ අම්මා සහ මල්ලි වැඩිහිටි නිවාසයක නැවැත්තුවා.

    සරත් දසනායකගේ ගීත වලින් තනියම හම්බ කරගන්න උත්සාහ කරන රංග, සරත් දසනායකගේ ගීත වල නෛතික අයිතියේ මුල් පුරුක ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දෙවෙනි පුතා වැඩිහිටි නිවාසයකට දැම්මා.

    මාස තුනකට කළින් සරත් දසනායකගේ බිරිඳ හෙවත් රංගගේ අම්මා මිය ගියා. ඇය කොළඹ ලුම්බිණියේ සංගීත ගුරුවරිය.
    නමුත් රංග සමාජයට පේන්න අවමගුල නම් ජයරත්න එකේ ගත්තා.

    හැබැයි තාමත් සරත් දසනායකගේ ගීත වල එක නෛතික හිමිකරුවෙක් මේ මොහොතේත් ඉන්නේ හොරණ වැඩිහිටි නිවාසයක.

    ඉතින් ඒ වගේ තක්කඩියෙකුට මේ රටේ අහිංසක මිනිස්සුන් සූරා කෑමට හැකිවීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ.
    රංග.

    තමුසෙ ඔය තාත්තාගේ සිංදු වලින් එකතු කරන සල්ලි වලින් දශමයක් හරි තමන්ගේ මල්ලිට දීලා, ඒ මල්ලි ගෙදර එක්කන් ඇවිල්ලා, ජීවිත කාලයේම සාත්තු සේවකයො දාලා බලාගන්න වැඩපිළිවෙලක් හැදුවොත් අපිත් තමුසෙට කර්තෘභාග ගෙවනවා.

    මොකද ඔය සිංදු තමුසෙගෙ තනි බූදලයක් නෙවෙයි. තමුසෙගෙ මල්ලිටත් ඒවා අයිතියි.

    මොකද කියන්නේ. තමුසේ එකඟද ?

    ReplyDelete
  2. Malithige huthu cream ekka paan kanna asayi

    ReplyDelete
  3. වෙඩිංවල කන පැලෙන්න දාන සිංදු තමයි ඉවසන්න බැරිම දේ

    ReplyDelete
  4. //අවසන වෙඩිම ගෙන මාසයකින් දෙකකින් බොහෝ තැන්වල ඒ වියදම ගැන පවුලේ අයට ඇත්තේ කලකිරීමකි පසුතැවීමකි. //

    100 % !!!!

    ReplyDelete