Friday, March 18, 2011

Thanks to railway station Maradhana

7.30:මා ප්‍රධාන මාර්ගයෙ දුම්‍රියකින් අද උදේ වැඩට ඒමට සැරසුනෙම
8.10 ි..මා මරදාන දුම්‍රිය ස්ථානයට උදෑසන 8.10ට පමණ ළඟා වුනෙමි.
8.12.වෙරලබඩ දුම්‍රිය ස්ථානයක් මගේ ගමනාන්තය විය..හදිසියේ මට ඇතිවූ බඩේ අමාරුවක් ඇති විය..
8.15 දෙවන හා පලමු පන්ති සඳහා වැසිකිලියක් මරදාන දුම්‍රිය ස්ථානයේ මට මතක ලෙස 5 හෝ 6 වේදිකාවේ විය..මා එය සොයාගෙන එයට ගියේය..

වැසිකිලියට වතුර ගැනීමට තිබුනේ ටැංකියකිනි..එම ටැංකියෙන් වතුර ගෙන වැසිකිලි යා යුතු විය..වැසිකිලි 3ක් වූ නමුත් එකක් භාවිතයට ගත නොහැකි වීය..ඉතිරි දෙක ම එවිට වැඩය..මා වතුර බාල්දියක් ගෙන එක් අයෙකු පිටවන තෙක් විනාඩි 5ක් බලා සිටියෙමි..
8.20 අවැසි කාරිය කරගත හැකිවිය..
8.22 මා පැමිණි දුම්‍රිය ගොස්ය..දුම්‍රිය කිහිපයක් වේදිකාවල තිබූ නමුත් ඒවා කොහි යන්නේදැයි කීවේ නැත..මා විසින් එහි යන උන්ගෙන් අසා එකකට ගොඩ විය..
8.25 අනෙක් දුම්‍රියකුත් ඉන් පසුව පැමිණි වෙනත් දුම්‍රියකුත් කොටුව දෙසට පිටත් විය,,අපේ දුම්‍රිය යන පාටක් නැත..
8.26 මා සිටියේ 9 වේදිකාවේය..9,10 වේදිකාවල දුම්‍රිය මරදානට පමණක් බවත් 8 වෙනි වේදිකාවට ගොස් එහි ඇති දුම්‍රියෙන් ගල්කිස්ස දක්වා මඟීන් ගමන් පහසුව ලබාගන්නා ලෙස දැන්වීය..
මුහුදුබඩ දුම්‍රිය මාර්ගයේ තිබූ සීඝ්‍රගාමී දුම්‍රියක් ප්‍රමාද වන හෙයින් 8 වෙනි වේදිකාවේ දුම්‍රියේ කට කපා සෙනඟ විය..
8.32 7වෙනි වේදිකාවේ දුම්‍රිය දැන් මොරටුව බලා යන බව දැන්වීය..එහෙත් 8වෙනි වේදිකාවේ වන පිරුණු දුම්‍රිය තවමත් එක තැනමය..
8.35 මරදාන සහ කොළඹ අතර මාර්ග අවහිරතාවක් වන බැවින් දුම්‍රිය බොහෝ වේලා ප්‍රමාද වන බව දැන්වීය..
8.38 මා මරදාන දුම්‍රිය ස්ථානයෙන් පිටවීමට පඩිපෙල නගින අතර 7 වෙනි වේදිකාවේ දුම්‍රිය යනු දිටිමි..එවිට වහා දුම්‍රිය ඇදුන අතර මාද ඉක්මනින් දුම්‍රියට ගොඩවිය..
8.45 කිසිදු මාර්ග අවහිරතාවක් හෝ බාදකයක් හෝ අඩුතරමේ නැවතුන දුම්‍රියක්වත් මරදාන හා කොටුව අතර නොවුන අතර මාර්ග අලුත්වැඩියා කරන සේවකයින් පිරිසක්වත් නොදක්නා ලදී..

Thursday, March 17, 2011

mulu lokaya

මුලු ලෝකය වලි දාගෙන ඉවත බලාගෙන...
මගෙ ලෝකය ඈ ළඟ කිම අහක බලාගෙන...
සනසා සිත සරසා වත ළමැද හොවාගෙන...
යනදා අද හෙට එන ,,හීනෙකි ම දවාලන...

කට්ටිය මේ පැල්කවිය අහලම යන්න හොඳේ...
May lokaaaya by indika27

Tuesday, March 8, 2011

giniyam wu weli kathare


ගිනියම් වූ වැලි කතරේ කෙම්බිම මට සොයා දෙන්න
නුඹේ නමින් සෙනෙහස් ගී පදවැල් අමුණා කියන්න
මඟ‍ තොටදී හමු උනාම ආදරයෙන් හිනා වෙන්න
අනේ නුඹට පෙම් කලාට මගේ හිතට සමා වෙන්න

සුදු අරලිය මතක සුවඳ අප හදවත් ගොළු කරාවි
විසල් මැදුරු දොරට උඩින් හෙටත් පුරා හඳ වඩී වි
මතක තියා පිදු සෙනෙහේ අප දෙතැනක තනි කරාවි
නුඹ නැති මේ විසල් ලොවේ මගෙ ලෝකෙම නතර වේවි

පහන් තාරකා පායා රෑ අහසේ නිවී යාවි
තනිකම විත් හිත දොරකඩ ඇස උනු කඳුලින් තෙමාවි
හීන පැතුම් මල් පොඩි වී ඒ දුන් හිත සැඟව යාවි
හිත අද්දර ඔබෙ මතකය සැමදා මට රිදුම් දේවි
1422 giniyamu SeethalaWAP.Gprs.LT by indika27

Wednesday, March 2, 2011

The sri lankan book seller

කට්ටිය ලමයි ඕෆ් කරගන්න ෆෝන් නලවගන්න කිසීම උවමනාවක් නෑ..මොකද මෙතන තියෙන්නෙ බස් එකක්...බස් එකක් කීවට නිකම්ම නිකම් කම්බස් ලේලන්ඩ් ටා ටා පලුවක් නෙමෙයි ඒ සී බස් එකක්...
මහත්තයො මේ බස් පලුවො වෙන අපේ කොන්දොස්තර මහත්තයටයි මේ සියලු දෙය්යො රැකල දෙන අපේ රියදුරු මහත්තයටයි මුලින්ම අපි කෘතඤ්ඤ වෙන්න ඕනි ඔබ තුමාලට මේඅ වාගෙ වටිනා කියන පොතක් දකින්න සැලැස්සුවට....


අර කතාවක් තියෙන්නෙ...මහත්තයො "මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳ ගනීදෝ කියල (හැකිනම් මෙය ගායනා කල හැක )....ආන්න ඒ පරණ උන්දැ...දැන් ඔය තරුණ නෝන මහත්තුරුන්ගෙ බාසාවෙන් මැන්ටල්,,,පරණ පොරවල් කියල තිබුනට ඒ කතාවල බොහොම ඇත්තක් තියෙනව..මොකද අද සීයට පහට පින්තූර පොත් කන්හැඳි ආබරන පිහි,,,,මාල වලලු,,ඩිකශනරි විකුනුනාට අද වැදගත් පොතක් දිහා බලන්නවත් මහත්තයො ගොඩක් අය කැමති නෑ...


කෙනෙක් හිතන්න පුලුවනි ශික් "ඒසී එකට නැගල ඔලුවට කූල් එක හරෝගෙන සෝක් එකට නිදා ගන්න තිබුන එක මේ යෝදය කෑව කියල" අනේ එහෙම එකක් නෑ....මේ බස් රතේට නඟින්න කලින් ඔය අය දාහක් සිතුවිලි වලින් නඟින්න ඇති ඔය තරුන වයසෙ ජෝඩු තුන හතර නම්..."ගහකොලවලට දාහක් ඇස් ඇති හන්දා,,,සුළඟට සියුම් දාහක් කන් ඇති හන්දා....කවදා වත්ම ගෙදරින් සෙට් නැති හින්දා...ඒසී එක හොඳයි එකතැන නැති හින්දා "කියල නඟින්න ඇති..( මෙය ගායනා කල හැකිය )
ඉතින්  ඔය නිදාගෙන ඉන්න මහත්තුරු නින්දෙන් නැඟිට්ටවන්න හීන දකින ලෝකවල අයගෙ හීන හැබෑ කොරන්ට වාගෙම හීනත් නැති නින්දකුත් නැති.."ශිහ් මෙලෝ රහක් නෑ" කියන සැට් එකට රහක් ඇති කරන්නත් තමා මම මේ ක ගෙනැල්ල තියෙන්නෙ..ඔය ගැටෝර වියේ මහත්තැන්ල නම් හිතන්නෙ කොකේන් මරිජුවානා...මල්විල මල් ගල් පොල් තමා කියල ජීවිතේ....සිසිල ගෙනෙන මින්ට් සිදුර වාගෙ ලෝකෙ මවන්නේ...නිලවලා ගඟේ බෝට්ටුවක් වාගෙ පැද්දිලා නිතර ඉඳින්නේ...මත්වෙලා නැතිව ලෝකෙ කෙලෙස ගෙවන්නේ..මගෙ සියලුදෝස දූරි භූත කරලාඅ මට ආතල් එක ගෙනෙන්නේ...(මෙයද ගායනා කල හැකිය )...
ඉතින් දැන් අපි වැඩේට පනිමු..මේක මීට කලින් මාව හමුවෙලා තියෙන අය නම් දන්නව මොකක්ද කියල..

.හප්පේ අපේ මේ කොනේ ඉන්න මගේ හිතවත් කොන්දොස්තර මහත්තයනම් මයෙ හිතේ දහ දොලොස් වතාවකට වඩා මේක ගැන විස්තර අහල ඇති..ඒත් මම මේ පාරෙ ඒසී බස්වල අනන්තවත් ගිහිල්ල ඇති ඒත් එක කොන්ද මහත්තයෙක්වත් මේක මහ බෝරින් එපාකරපු කුජීත දෙයක් කියල මාව එලෝගෙන නෑ...ඒත් අපේ උගත් මහත්තුරු නම් ඉතින් මාව බයිට් කොරන්ට තැනුව ඒත් ඉතින් පල ඇති රුකට වවුල්ලුන්ගෙ කේස් වලින් අවුලක් නෑ කියනවනෙ මහත්තයො...

මේ තියනව පොත මේක තමයි මහත්තයො නවීන නායකත්වය කියන පොත..මේක ඇවිල්ල එක්කෙනෙක් එක් දෙයක් අල්ලල ලියාපු පොතක් නෙමෙයි...අර එහා කොනේ ඉන්න ජෝජ් ඩබල් ඩබලිව් බුශ් ගෙ ඉඳන් අර ලඟදි විසිඋන හොස්නි මුබාරක් ගොය්ය ළඟින් ගිහින් පිදෙල් කස්ත්‍රො මහත්තැන් වෙනකල් අධ්‍යනය කරල හදාපු පර්යේශන ග්‍රන්ථයක්...එක එක ආගම් වල දර්ශනවල නායකත්වය ගැන අටෝරාසියක් දේවල් තියෙනව ඒ උනාට ඒ දේවල් අද කාලෙට ගැලපෙනවද කියල ප්‍රශ්ණයක් තියෙනව...අපි අහල තියෙන බොහොම ජනප්‍රිය කතාවක් අපණ්නක ජාතකය කියන්නෙ... එසමයෙක් හී අප බෝසතනෝ පලමු කොට ගියොත් වන දුක් පීඩා ආදිය සිය නුවණින් විද හා බලන්නේ දේවනුව යෑම මහත්කොට ආනිශංශංස ඇති බව දැක පලමු කොට ගිය ගොනුන් කා ගිය මොහොරන ලද තන මතුයේ නැඟුන ලාතන අනුභවයට ගොනුන්ට අවකාශ ලැබෙන නියාවත්..පලමු ගොනුන් ගිය මඟ රලු ගල් පෙලූ මෘදුවන නියාවත්...පලමු ගැල්වල නියම කොට ලූ මිලටම තමාටද පහසුයෙන් විකුණ හැකි බව ණුවණින් පිරිසඳ දැක,,……

ඉතින් ඔය කතාව බොහොම අය දන්නව නේ...අපරාදෙ කියන්න බෑ ඒ කාලෙටනම් ඒව හරියටම හරි …….ඒත් අද පහුවෙලා යන අය කෝමද එක ගන්නෙ..ඕන්න ඉටින් දෙසපාලුවෙක් හරි ලොකු නිලයක් හරි පස්සෙන් ගියොත් නම් තැනක් ගතහැකි මේ කාලෙ... ඒත් නිකම්ම සෙකන්ඩ් වෙලා ගියොත් හැමදාම සෙකන්ඩ් වෙලා තමයි ඉන්න වෙන්නෙ...
ප්‍රේම කරන හෝ නොකරන ඕනිම කෙනෙක් ආසම කරන දෙයක් තියෙනව,,ඒක තමා ලව් ස්ටෝරි මේකෙත් තියෙනව ප්‍රේම කතාවක් අපි නිකම් පඬිවදන් නැතුව පොතේ පිටුවක් පෙරලල බලමු..ආනන්ද නමින් ආනන්ද උවත් ඔහු සිටියේ කුලී භවනකයි ආනන්දට ඉන්නට භවනක් නොවීය..ආනන්ද සාගරගේ අතිජාත මිතුරාය.."දැන් මේ කතාවෙ කතානායක සාගර" කොලඹ සිටියත් ගමේ සිට එන බොහෝ අයට වැලඳෙන රෝග හෝ ලක්ශණ කිසිවක් ආනන්දට නොවීය..ඔහුගේ අනෙක් වැඩමුරයේ හිමිකාරයා වූ ආනන්ද සාගර ට මිතුරෙකු වීය..

ඉතින් නෝන මහත්තුරුනි මේ සාගරගෙ කතාවෙ ඒ කිව්වෙ මේ "සාදර සාගර" පොතේ කතාවෙ කතානායකයගෙ සපෝටර වෙන්නෙ ආනන්ද..බොහෝවිට සාගර එකතුවෙලා රෑට කාලක් ක්‍රියා කරන භාග්‍ය්වන්තයෙක් වෙන වෙලාවට සාගර ආනන්දට තමන්ගෙ දුක කියනව..මුලින් දුක අහන්න හුරු උන ආනන්දට සාගරගෙ දුක වැඩිකල් අහගෙන උන්නෙ නෑ..සාගරගෙ උගත් අලියෙක් වාගෙ ලොකු පැසුනු බුද්ධියක් ඇති ජීවිතේ රෑට මුරකාරය විදිහටයි දවාට කා.කා.ස විදිහටයි ඉතා කුඩා කූඩුවක හිරවෙන ව මේ කම්පැණියෙ..

ඔය ඔහොම කාලයක් යනව අලුතින් කොම්පැණියට එන ලස්සන නෝන ලොක්කියෙක් වෙනව..එයා අපි හිතන විදිහට සාගරගෙ බොස් වෙනව ..මුලු ලෝකය පවුල ගොඩ දාන එක හියල හිතපු සාගර තව්ත් ලෝකෙට පය ගහනව..ඒ ලෝකෙ ආගර පතන වාගෙ සීතයි..සාගර පතුල වාගෙ ගැඹුරුයි...ඒත් මේ තරම් ලස්සන සාගරට මහත්තෙල දෙන්න වෙන්නෙ රුපියල් 240යි එයිනුත් 120ක් අඩුවෙලා මහත්තයල සාගරට දෙන්න ඕනි 120යි...සාදර සාගර ගන්න කියවන්න...මයිකල් ආන්ජලෝ දෙවියන් කොතරන් විශාල ද කියල පේන්න සාන්ත පීතර දෙව් මැදුර ලොකූවට හදනව..ඒ වාගෙම සාගරත් මොනා නැතත් තමන්ගෙ හීනෙ ලොකූවට හදාගන්නව..ඉතින් ඒ ලොකූ හීන වලාකුලු මෝරල එන වැස්ස මොන වගේද..මගෙන් ද අහන්නෙ නෑ...ඔයාල සාගරෙගෙන්ම අහල දැනගන්න..කියවන්න සාදර සාගර..

ඇත්තටම සාගර කියන්නෙ මේ පොතේ තියෙනවට වඩා ගොඩාක් දුක කියන එක දැක්ක කෙනෙක්...තමන් සිහින දැකපු සිහිනය ඉටු නොවීමට අමතරව සාගර ප්‍රශ්ණ පත්‍රයකට නිමක් නැති උත්තර ලියමින් හිටිය..
*මම අමාරුවෙන් ඉගෙනගත්තට ලැබුනෙ කිසි අමාරුවක් නැති පියන් සිකුරිටි ජොබ් එකක්..
*හැමදාම හිනා වෙවී වැඩ කලාට වැඩ කරමින් සිනාසුනාට හොඳ නම සහ වෙල් ඩන් සාගර කියනව ඇරෙන්න වෙන මුකුත් නොලැබීම..
*මට ලැබෙන ගාන ගෙදරට කන්න දීල මමත් කාල බීල තව චුට්ටක් විතර ඇඳුම් පැලඳුම් සපත්තු වලට වීසි කලාට මට ඉතිරි වෙන්නෙ නෑ..
ඉතින් මේ වාගෙ මිරිකිලහිටපු සාගරව තාවකාලිකව රිලීස් කරල දාන්න මේකෙ කතානායක පෙම්වතිය ඉඩදෙනව..ඒත් සෑම වලාකුලක්ම ඉර එළිය මුවා කරනව වාගෙම තව ටිකකින් සමහර විට වැස්සක් අරගෙන එනව..
අපි සාදර සාගර පොත කියවල බැලුවොත් සාගර දක්ශයෙක් ඒත් එයා අසරණයි..ඇයි එයා අසරණයි ඇයි එහෙම වෙන්නෙ..
ඒකට පිළිතුරුදෙන්න පුලුවන් පොතක් මම ඉදිරිපත් කරන්න ඕනිකියා හිතනකොට මෙන්න හමු උනා පොත..
ඒකට පිළිතුරු දෙන්න පුලුවන් ග්‍රන්ථයක් මට හොයාගන්න පුලුවන් උනා ඒක තමා නූතන නායකත්වය...
*ප්‍රබලයින් සහ සැබෑ බල කේන්ද්‍ර හඳුනා ගැනීම..
අපි සරලවම ගමු ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වීම..එතනදි ගමේ මිනිස්සු ඔක්කොම එකතුවෙන ..ඉස්පිරිතාලෙ දොස්තර,පන්සලේ හාමුදුරුවො,,ඉස්කෝලෙ ප්‍රින්සිපල් ශෙප් එකේ තියාගැනීම..හේතුවෙනව ජයග්‍රහනයට..
ත්ව ඉතින් ආයතනයක් ගත්තේ අපි දැන ගන්න ඕනි පලමුවෙන්ම කාගෙද රිමෝට් එක කියල නම් පට්ටටං තානාන්තර තිබුනට හැමෝටම බලය නෑ..හිතන්න කාර්යාලෙක ආන්ඩුවෙ තැනක ඉන්නව මෙලෝ සංසාරෙ දෙයක් නොදන්නව උනාට හොඳ කනෙක්ශන් තියෙන බලය ඇති අය අපි කොපමණ වැඩ කලත් අපිට හැකියාව තියෙන්නෙ ඕනි ඒ පුදගලයින් එක්ක සුහදව වැඩ කිරීම...

*නම්‍ය ශීලී ප්‍රතිපත්ති ඇති බව..
අපි කලින් සීන් එකට ගියොත් එක් අවස්ථාවක සාගරට කාර්යාලයේ ගිණුම් සමහරක් ගැන ප්‍රශ්ණ එනව..සාගර අහනව සර් මේ එකවුන්ට් එකේ ගොඩක් පිටට යන චෙක්ස් යන්නෙ ගුණරත්න සර් හරහා සමහර චෙක් ලැබුන බවටත් රිසිට් එකක් නෑ..සමහර චෙක් රිපීට් වෙලා තියෙනව..
සාගර ඒක ඔයා ඉගෙන ගතපු විදිහ අනුව වැරදියි..ඒත් අපේ ආයතනෙ ඒව හරි සරලයි..ඒක හරිම සාමාන්‍යයි..අපේ ඇඟේ ගෑවෙන්නෙ නැතුව තිබ්බොත් ඇති..ඒක තමා සාගර තැනට සුදුසු නම්‍යශීලීතාවය..සක්කෝ උජූච සූජූච කියන්නෙ ඒකට සුදුසු තැනට අනුව නැමෙන එක...

*පිරිසක් ඇමතීම...
ඇත්තටම ආයතනයක යම් උත්සවයක් තියෙනවනම් අපි අපේ නම එහි නිවේදකයට හරි ඇතුලත් කරගැනීම වැදගත්,,,අපි දන්නව මේ අපේ මුල් පේලියෙ වාඩිවෙලා ඉන්න අපේ මේ ප්‍රධාන තුමා ආවට පස්සෙ කොයිතරන් වෙනසක් උනාද කියල..කොටින්ම කෙලින් ජනතාවට අමාරුවෙන් වැඩක් කරගන්න තිබුන ආයතනෙ අද මුදල් ගෙවල වැඩ කටයුතු බොහොම ඉක්මනින් කරගන්න කාර්යක්ශම අල්ලස් ක්‍රමවේදයක් හදල දුන්නෙ මෙතුම..මාරුවක් හදා ගන්න ඔපිස් ගානෙ දවස් ගානක් රස්තියාදුවුන නෝනලට අපේ මේතුමාගෙ වැඩවලට නුකූල නොවුන හින්ද ඉබේම මාරු වෙන්න උනා..අපේ ආයතනෙ මේ ඉන්න මහත්තයගෙ යටිතල පහසුකම් ගැන බොහොම සැලකිලිමත් ඒ වාගෙම සැර වෙන කිහිප දෙනෙක්ම අද මේ කාර්යාලෙ දියුණුවට බොහොම කැපවෙලා කටයුතු කරනව...


සේවක සංගම්...
ආයතනෙ වැඩ කරන වෘත්තීය සංගම් වන තොරතුරු හොයල පාලනාධිකාරිය දැනුවත් කරන්න පුලුවනි නම් ආන්න ඒක තමා නියම වගකීම වෙන්නෙ..ඒ වාගෙම සේවකයොන්ගෙ පැත්ත ශේප් එකෙ තියාගන්න විදිහත් මේ එකේ කියල තියෙනව...

ඇත්තෙන්ම මහත්තයො මේ නූතන නායකත්වය පොත කියන්නෙ මගේ දර්ශනයක් තියෙන පොතක් නෙමෙයි නායකත්වය ගැන හිතනවනම් අලුත් විදිහට ඉන්න ඕනි නම් තියෙනව නායකත්වය කියලම මේ වටින පොත...මහ ගානක් වියදම් වෙන්නෙ නෑ ගහල තියෙන්නෙ 150යි මගෙන් 80යි...නායකත්වෙ මේ තරන් ලාබෙට වෙන කොහෙන්ද මහත්තයො වැඩිය ඕනි නෑ ඔය නායකත්වෙ ගැන තියෙන වැඩමුලුවකටම දවසට යනව රුපියල් මොනර කොල වලින් සල්ලි...ඉතින් පොත් 2යි එකක් සාගරගෙ ආදරේ ඔඅබට ගෙනෙන සාදර සාගර ,,,අනික නායකත්වය ඉතින් කැමති මාත්තුරු ගන්නව හොඳයි මේ පොත්..මගෙන් විතරයි මේ ගානට වටින පොත් දෙකම...

Thursday, February 24, 2011

the doctor's childhood

තමන්ගෙ ළමය වෛද්‍යවරයෙක් වෙනව කියන්නෙ හීනයක්..ඉතින් මෙඩිකල් ෆැකල්ටි එකකට තමන්ගෙ ළමය තේරෙනව කියන අතිශය දුර්ලභ අවස්ථාව ලබාගැනීමත් එක්ක හැම දෙමාපියෙක්ම හිතන්නෙ ඒළමය දොස්තර කෙනෙක් තමයි කියල....ඒත් එහෙව් වාසනාවක් තිබුන ළමයි පිරිසක් අද ජනාධිපති තුමා හමුවෙන්න කියල ඇවිත් මලකඩ පාට වතුරෙන් සංග්‍රහ ලැබුව...
ඒ ලමයිට ඉන්න හිටින්න තැනක්..
උගන්නන පිළිගත් ආචාර්ය්වරු..
වාගෙම වෛද්‍ය්වරයෙක් වෙන්න අවැසි බොහෝ දේ අහිමියි..
ඉතින් ඒව ඉල්ලල උද්ඝ්හෝශකයින් ජනාධිපතිතුමා හමුවෙන්න ඉල්ලුවහම ලැබුනෙ අධිපීඩනයෙන් යුතු බොර පාට වතුර...
ඒ අය තමන්ට රස්සාවක්..පුතාට ඉස්කෝලයක්...හෝ තමන්ගේ පඩි පිණිස උද්ඝෝශනයට ගිය අය නෙමෙයි..රටට සුදුසුකම් සපිරි වෛද්‍යවරයෙක් දායාද කරන්න අවස්‍ය අවම පහසුකම් දෙන්න කියල තමා ඉල්ලුවෙ.. මේ අය රජරට කැම්පස් එකේ වෛද්‍ය පීඨෙ අය...ඉතින් තව හිතන්න මේවාගෙ දේවලුත් අපේ ආශ්චර්ය දේසෙ තාමත් වෙනව කියල..

Monday, February 14, 2011

වැලන්ටිනෝ රාත්‍රිය....

අසංක ආව විදිහ අමුතුය..ඔහු අද බොන දවස වාගේය..මට හිතුනා හරිය බියර් කෑන් 4ක් මල්ලෙන් එලියට විත් පෙට්ටිය උඩ විය..ඉන්පසු පාර්සල් ඩෙවල් බයිට් මික්සර් ආවේය..අද අසංක බොන දවස වෙයි..එනම් අද ඌ ගෙන් මට පින් අඩියක් ලැබෙන දව්සය..මූ නිතර බොන්නේ නැත..හදිසියේ බොයි..මූ මොන මලගෙදරක මඟුල් ගෙදරක ගියත් අනික් උන් සියලු දෙනා බිව්වත් මූ බොන්නෙ නැත..වහින්නේ මොන වාගෙද ආන්න ඒ වාගෙ ය මුගේ බීම..මේ දේ නිසා..මෙහෙම බොනවා කියා එකක් නැත..සමහර දිනෙක බෝතල් අරන් එයි කඩයි මහා කඩිමුඩියකින් බී නිදා ගනී..තව දිනක අයින්ස්ටයින්ගේ බාප්පා සිටියත් උත්තර දිය හැකි රුවිත ගැටලු ඇදබබා අනුන්ගේ ප්‍රශ්ණයකට බොයි..


මුගේ ඔපිස් යාලුවෙක් සිටියේය..ඌට පිළිකාවක් හැදී මලේය..මල යකා අසංකගේ බුදු ෆිට් එකක් නොවේ එහෙත් පිළිකාව නැසීමට වියදන් එකතු කිරීමට බොහෝ මහන්සි වීය..දවස් දෙකක් නිවාඩු දමා ඉස්පිරිතාලෙ හිටියේය..මල එකා මහ මුඩුමයෙක් විය..ඌ වෙනුවෙන් නැවතීමටවත් එකෙක් නොවීය..කොහේ හෝ යන මහා කරුණාවක් පහල වී ඌ වෙනුවෙන් බොහෝ මාන්සි විය..එහෙත් අරුමෙට මිනිහ මලා නේ..පස්සෙ පොර මලගෙදරත් බොක්කෙන් වැඩ..ඒකට මිනිහට අප්සට් එකට බොන්න ගත්තෙ ඊළඟ පඩි දවසට..මනුස්සයෙක් මැරෙන්නෙ මොනතරම් අමාරුවෙන්ද උගේ බොනටෝකේ මාතෘකාව එය විය..
දැන් වටාරන් ගැහුව ඇති දාමු ස්ලයිඩ් එක...කතාව මුල ඉඳන් ඔහුගේ බසෙන් කීම ටිකක් බලන අයට අමාරු වෙයි වාගෙ ඒ නිසා ස්ටෝරිය කෙලින්ම කියමු නේ...

එතකොට මට 14යි අපේ මාම බැන්දෙ මට 14 වෙද්දි...මඟුලට ගිහින් මට අනූ මුනගැහුනෙ..අනූ හරි ලස්සනයි එතකොට අනූට 16යි..ඇත්තටම මට අනූව මීට් උනේ එදා..ඒත් සෙට් උනේ පස්සෙ..
අනූ කියන්නෙ මගේ අක්ක කෙනෙක්..අපේ මාම බැඳපු නැන්ද ඉන්නෙ බන් අර සුදු කට සැර තොට මතක ඇති අර වෑන් එකෙන් ආව මාමගෙ වයිපරේ..දානෙ දවසෙ..අනූ කියන්නෙ එයාගෙ අක්කගෙ දුව..
ඒ දෙන්න බැඳල අවුරුදු 2කට පස්සෙ අපේ ගෙදර ආව සිරීපාදෙ යන ගමන්..මම ඒ අය එනකොට ගෙදර හිටියෙ නෑ..පස්සෙ ඒ අය යන්න හදනකොට තමා මම ආවෙ අනූව දැක්ක ගමන් මට මොකක්ද උනා වාගෙ..ස්ටක් උනා..කෙල්ල හිටියෙ වීදුරුව ගාව වෑන් එකෙ..ආ මේ ඉන්නෙ අසා පච කියන්න සින්දු කියන්න සෝක් බඩුවක්..මෙයත් අරන් යන්..ඒ අපේ මාම..පස්සෙ මමත් තිබුන ක්ලාස් බල්ලට දාල ගමනට සෙට් උනා...
ඉතින් උඹල සෙට් උනා

ඒ දෙන්න බැඳල අවුරුදු 2කට පස්සෙ අපේ ගෙදර ආව සිරීපාදෙ යන ගමන්..මම ඒ අය එනකොට ගෙදර හිටියෙ නෑ..පස්සෙ ඒ අය යන්න හදනකොට තමා මම ආවෙ අනූව දැක්ක ගමන් මට මොකක්ද උනා වාගෙ..ස්ටක් උනා..කෙල්ල හිටියෙ වීදුරුව ගාව වෑන් එකෙ..ආ මේ ඉන්නෙ අසා පච කියන්න සින්දු කියන්න සෝක් බඩුවක්..මෙයත් අරන් යන්..ඒ අපේ මාම..පස්සෙ මමත් තිබුන ක්ලාස් බල්ලට දාල ගමනට සෙට් උනා...
ඉතින් උඹල සෙට් උනා

පනිට්ටුව අරන් කඹේ අරන් යකෝ පාරෙ යන්නෙ පෙරහැරට නෙමෙයි නාන්න නාන්න...
අපි නෑව..දෝරෙ ගලන්න ලව් නෑව..ඒත් අපි හමුවුන පලවෙනි වතාව..මට කෙල්ලෙක්ගෙ ඇඟිලි වලින් එහාට විඳින්න ලැබුන පලවෙනි වතාව..
සේරම දේවල් කියන්න ඕනි නෑ..අපි සෙට් උනා..ඒත් අපි කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ..
මොනව කියවන්නද බන්..

කෙල්ල සින්දු කියන්න දස්සයි..මමත් ඉතින් ඒක කොරනවනෙ බන්..ඒකෙනුත් සෙට්..මුල හරියෙ ටිකක් නගිනව හති අරිනව ගලක් උඩට වෙල..පස්සෙ එක තැනකදි කූඩැල්ලො එල්ලෙනව අනූගෙ කකුලෙ..හරි සුදු පාටයි..මට කූඩැල්ල එක්ක මලම පැන්න..අසා මූ ගියාට තවම ලේ ගලනව නේ..ඉතින් අනූ දැන් කූඩැල්ල නෑ හලෝ...ඔයා ඒ පැත්ත බලන්නෙ නැතුව ඉන්න..මේතරම් ලස්සන ඛාන් කෙනෙක් ඉද්දි මොන කූඩැල්ලොද හලෝ..
මෙන්න ඛාන්..කූඩැල්ලොත් දුවනව මේ ඛාන් දැකල..
මම ඛාන් වුනත්..නොවුනත් ඔයානම් නිලියක් වාගෙ..
මට මාර සන්තෝසයි..බහින කොල්ලො මාර ඉරිසියාවෙන් බලනව මගේ දිහෑ..
ඕක නවත්තන්න අසා..
ඔයා පොඩි ළමයෙක්..
අනූ අක්කෙ වරදක් උනානම් සොරි..ඒත්,,..
.සොරි ඕනි නෑ ඔය ඇති හරිද...
ගොඩක් සන්තෝස ගමන..අපි ගොඩක් හොඳට මොනව උනාද දන්නෙ නෑ..ඒත් මට හරි දුකක් ආව අපි වෙන් වෙනකොට..එනකොටත් අපේ ගෙදර ආව අනූ..එයාට ඕනි උනා අපේ ගෙදරින් මල් ඉත්තක් ඉතින් මම දුන්න,..ඒක හරි සෙන්සිටිව්..සීන් එක

කෙල්ල වෑන් එකේ වීදුරුව ළඟ..මම මල් ඉත්ත දුන්න...මගේ දිහා බලාගෙන හිටිය..ආයෙ හමුවෙමු කීව..ඒ කිව්වෙ මම..ඒත් උත්තර ආවෙනෑ...
මුකුත් අපි 2 ගැන කතා උනේ නෑ...ඒත් හරි පුදුමයි..මම ඊට පස්සෙ පස්සෙන් ගිහිපු කෙල්ලො තුන් දෙනාම දත් පොඩ්ඩක් ලොකු හීනි ඇස්...තිබුන අනූ වාගෙ අය..මොන කෙහෙම්මලකට උනාද මන්ද මම කැමතිම ෆෝමැට් එක උනේ අනූ...
අනූ කලිසම් ඇන්දෙ නෑ..ඉතින් කලිසන් අඳින උන්ට මං කැමති උනෙත් නෑ..
අද මම ගියෙ අනූලගෙ ගෙදර...අනූ දැන් 32ක් විතර වයස..ඒත් තාමත් ඒ වාගෙමයි..ටිකක් මහතයි..ඒත් ටයර් නෑ..

මම කලින් කියපු ට්‍රිප් එක ගිහින් මාස 6කින් අනූ බැන්ද..මාස 5න් බබා ලැබුන..කෙල්ලෙක්
ඒ කෙල්ලට ගනන් උගන්නන්න තමා ගියෙ..කෙල්ල 9 වසරෙ..ඒ උනාට ටිකක් ලොකුයි..
අපි හරි හදිසියෙන් හමු උනේ...අනූ මට දානෙකදි සෙට් වෙලා තමයි මම ක්ලාස් කරනව කියල දැනගෙන දුවට ක්ලාස් කරන්න කීවෙ..දැන් 4 වෙනි දවස...

දැන් අනූට කොල්ලෙකුත් ඉන්නව ඌ නම් ලබන අවුරුද්දෙ මොන්ටි සෝරි..
අනූගෙ දුව අන්ජලී..එතකොට එයත් අනූ තමා..නම වාගෙම අම්ම වාගෙමයි..හැබැයි පොඩ්ඩක් විතර මහතයි තාත්ත ටිකක් මහත නිස වෙන් ඇති..
ඒ කෙල්ලත් අනූ වාගෙමයි..හිනාව කතාව ඔක්කොම..මම මොනාහරි පොඩ්ඩක් සැර කලාම මගේ මූන දිහා බලන් ඉන්නව...මට මාර අප්සට්..

අසංක මාමෙ මේ ගාන අපේ ටීචර් කියලදුන්නෙ මේම..ඔයා හරි ලේසියට කියල දුන්න..
මම එක දවසක් ගියෙ නෑ..කෙල්ල ගොඩක් දුකෙන් ඉඳල..මට කෝල් කලා..පස්සෙ දිගටම කෝල් කරනව...
ඉස්කෝලෙ යාලුවොන්ගෙ විස්තර...ටීචර්ල ගැන ඒව..එයා කැමති දේවල් ගොඩාක් දේවල්...
මම දැන් ගෙදර යනකොට කෙල්ල නිකම් මඟුලෙ යන්න වාගෙ ලස්සනට ඇඳල ඉන්නව...උඹට බොරු ඕනි නෑ..මටත් නිකම් මොනාද වාගෙ..

සිංහලෙන් කිව්වොත් දැන් ස්ටෝරිය යන්නෙ ලව් පැත්තට..
දවසක් රෑ අංජලී කතා කරනකොට ඔන්න අම්ම එනව කියල තිව්ව..තිව්වට ෆෝන් එක කට් උනේ නෑ...මොනාද දුව මේ මහ රෑ කතා කවුද ඔය...මේ යාලුවෙක්..යාලු වො උනත් වැඩිය බෑ හරිද පාඩම් වැඩ මුලට...
අංජලී කතා කලා ඊයෙ රෑ...මට අද උදේ එන්න පුලුවනිද කියල ඇහුව එයා ස්කූල් වෑන් එකට එන තැනට උදේ 06:50ට මමත් අද පාන්දර ගියේ එතෙන්ට..මට පාර්සලයක් දුන්න ටියුලිප් බෑග් එකක දමල..දීල සිං ගාල ගියා පස්සෙ බලන්න කියල..

.කෙල්ල ස්කූල් කිටට උදේ පිපුන ලස්සන වතුසුදු මලක් වාගෙ..
මම එතනදි කතා කරන එක හොඳ නැති නිසා එහමම ඇවිත් මඟදි බැලුව...
මෙන්න මේක..
(මල්ලෙන් ඇද ලස්සන රෝස මලක් පෙන්වීය )

හප්පට සිරි කෙල්ල එහෙනම් කරල තියෙන්නෙ..අද වැලන්ටයින්ට පින්සිද්ද වෙන්න..
ශෑ... බන් ඒත් 9 වසෙරෙ කෙල්ලෙක්..
උඹ ....හනේ මන්ද..
උඹ ඔය කෙල්ලගෙ අම්ම දන්නවනෙ.අනික පරන ලව් එකක් නේ...ටෝක් කරල බලපන් චාන්ස් එකක් එයි..
පොඩි එකෙක් එක්ක සෙල්ලම් හරි නෑ වාගෙ බන්..

තොගේ වැඩේ කාව වගේ එක්කො අර කොම්පීටරේ,,නැත්නම් පොතක..උඹ දන්නෙ නැද්ද පරණ පොරවල් කියන්ව..ආදරේ තියෙන්නෙ..අත් දෙක අතරෙ තියෙන හදවතේ මිස කකුල් අතරෙ නෙමෙයි කියල...
උඹනම් මහ මැටි හරකෙක්...අර වැල කතා වල වගේ කොහෙන් හරි සෙට් වෙලා අවසානෙ ගේම...තොට පින් අඩි දෙනවට මට ගහන්න ඕනි...

උඹ ගැන විශ්වාස කරපු අනූ..උඹ අමාරුවෙන් හදාගනිපු ටියුශන්...තියෙන කාඩ් එක...ඔක්කොම දීපන් අංජලීට..පොඩි කෙල්ලෙක් කියල තොට හිතෙන්නෙ නැති එකට මට කරන්න දෙයක් නෑ..මම දන්නව උඹ ව වෙනස් කරන්න බෑ...ඒත් ටිකක් හිතපන් පොඩි එකී ගැන...

මම අනූ එක්ක ට්‍රිප් එක ගිහින් සතියකින් කෝල් එකක් ආව අනූගෙන් ..මම ගියෙ නෑ..එයාගෙ පස්සෙ ආපු සල්ලි කාරයෙක් අනූව බැන්ද..මම අවුරුදු 12ක් විතර ටියුශන්,ජොබ්,කැම්පස් වල අනූව හෙව්ව..දැන් ඉන්නව ඒත් එදා මම පොඩියි..ඒත් අද..
මාස ගනන් ටෝක්...වරු ගනන් පැණි...කිසි දෙයක් නැතුව මට අනූව හමු උනේ..මට ළඟටම ඇවිත් අත වැනුව...පස්සෙ ..මගේ ළඟ හිටපු ශිෂ්ඨ සම්පන්න යහපත් අහින්සක..කියන ලේබල් කාරය මට අනූව නැති කලා..

එදා
අනූට සල්ලි තිබ්බ..එයා ගොඩක් දුර උන්න...තව මට වඩා එයා වැඩිමල්..මම එහෙම හිතුවෙ..පස්සෙ මම නැතිකොට....එයා ළමයෙක් එක්ක කසාද බැන්ද කියල මට හිතෙන්නෙ...මම වැරදි වෙන්න පුලුවනි..ඒත් තමන් වැඩිපුර ලව් කරපු කෙනා නැතිකොට දැනෙන මහ පාලුවට කෙල්ලොන්ට බොන්න බෑ..අපිට වාගෙ..ඉතින් කොහොම හරි පාලුව නැති කරගන්න බලනව...

කටුනායක කෙල්ලො..ඔපිස් ගෑනු..කැම්පස් කෙල්ලො තමන්ගෙ කොල්ල හරි මිනිහ හරි දුර වාගෙ දැනුනම පාලුව නැතිකරගන්න වෙන අයට එකතු වෙනව..ඒත් එයාලගෙ සිහින ලෝකෙ තිබ්බ තැනමයි..අපිට පේනව කෙල්ල වෙන කාත් එක්ක හරි යනව..ඒත් ඇත්තටම කෙල්ලට ඒ අලුත් බුවා පේන්නෙ පරණ එකාගෙ හොල්මන වාගෙ..

උඹට මතකද මට හිටිය කෑල්ලක් සංසලා කියල..ඒකි මට හැමදාම දොස් කියනව ..මම ඒකිට බනින්නෙ නෑලු..එයාව හදාගන්න බලන්නෙ නෑලු..කලින් හිටපු කොල්ල හොඳට බැනල කෙල්ල හදාගන්න හදපු එකෙක්..පොඩි වැරැද්දක් උනත් පෙන්නල දෙනව..
මම එක්ක හිටියත් හිත කැමති වෙනමම හීනෙකට..
මම බනින්නෙ නැති එකෙන් ඒ කෙල්ල හිතුවෙ එයාට ආදරේ නෑ කියල,,..
අපේ ආච්චි බැන්දෙ 15න්...සීයට 14යි..ඒ කාලෙ ඒව හරි සාමාන්‍යයි...ළමයි 9යි..
අංජලී අත හරින්න පුලුවන්..ඒත් කවුරු දිනවන්නද??/
නීතිය සදාචාරය...අංජලී හැමදාම මාව හොයාවි..මමත් එයාව හොයයි..
බලමු...
සමහරවිට මල විහිලුවක්ද දන්නෙත් නෑ..

Saturday, February 5, 2011

ඩී ඇස් මහතා සහ ගංවතුර...DS & Flood


අපි ගමේ උදවිය ලෙසනම් අල්ලපු ගෙදර මරනයක් නම් අපේ ගෙවල් වල ජෝගි නටන්නේ නැත කොටිම්ම සින්දුවක් වත් දමන්නට අපේ ආච්චිලා සීයලා ඉඩ දෙන්නේ නැත...ප්‍රේමදාස,,ලලිත්,,ගාමිණී මියයන විට මා විශාල එකෙකු නොවීය,,එහෙත් මගේ මතකය මට මතක් කොරල දෙනව ඒ කාලෙ තිබුන රේඩියෝ එකේ එක සින්දුව ගියේ නෑ ප්‍රේමදාස උන්නැහෙගෙ මිනිය වලලනකල්..

මම පෞද්ගලිකව හිතන්නේ අද ඩී ඇස් මහත්තය සුවෙන් සනීපෙන් හිටිය නම් කවදාවත් උන්දැ නිදහස් උස්සවේ සමරන්නෙ නැහැ..මොකද ගල් ඔය මිටියාවට්තේ..පොලොන්නරු රජරට භූ මියෙ උන්දැගෙ මූලිකත්වෙන් අස්වද්දපු කුඹුරු දෙවෙනි පාරටත් ආපු මහ ගංවතුරට යට වෙනකොට උන්දැ මෙහෙට වෙලා පිස්සු කෙලින එකක් නෑ කියල තමා මම හිතන්නෙ..අම්පාර,පොලොන්නරුව, අනුරාධපුරය කියන ඒව අපේ රජ ගොල්ලගෙන් පස්සෙ ආයෙම මනුස්ස ජනාවාස විදිහට දියුණු කොලේ අපේ ඩී ඇස් උන්නැහේ තමයි..
නිදහස් දවසෙ දැම්ම ටී වී එක.. ඔන්න කියපි බේරගන්න ගිහිපු බෝට්ටුවක් ගිහිල්ලලු මිනිස්සුත් එක්කම ගහගෙන..ඊට පස්සෙ නිවුස් එක උනෙ මහා ජාතික පෙළහර දැයට කිරුළ..ඇඩ් තියෙන්නෙ ලෝක විනාසෙ ගැන නැත්නම් කුසලානෙ ගැන..කුසලානෙ ගත්තම අර පොලොන්නරු අනුරාදපුරේ අනාත වෙලා ඉන්න උන්ට එක කැඳ ඩිංගක් හම්බ වෙනවද කියල මේ කොළඹ මහ ලොකු උන්දැල හිතන්නෙ නෑ..
එක චැනල් එකක පෙන්නුව බේරගන්න කියල බෝට්ටුවෙන් ගියත් කුඹුරු යායක දූ කුට්ටියක හිරවෙලා හිටපු මහ උන්දැල කීප දෙනෙක් කපාගත්ත අස්වැන්න දමල අපිට එන්න බෑ කියල උන්නලු..
.මම කියන්නෙ අනික් හැම වෙලාවටම කරනව වාගෙ ආධාර එකතු කරන්න කියල නෙමෙයි..

යකෝ මේ වාගෙ විපත ක් වෙන වෙලාවෙ අපේ ටී වී රේඩියෝ ටිකක් ඔය මහ සක්කිලි නැටුන් නවත්තල බෝධි පූජාවක්,,විසේස කන්නලව්වක් වාගෙ එකක් සංවිදානෙ කොරල මේ දොඹගෙඩි වරුසාව නතරවෙන්න කියල දෙවි උන්නාන්සෙලාගෙන් හරි ඉල්ලනවනම්..ඔය අනාත වෙලා ටීවී එකට රේඩි එකට කන තියාගෙන දැන් අපේ වැව බිඳිලද කියල අහගෙන ඉන්න..අනේ අපේ ගොයිතැන්,,ටික කියල හූල්ලගෙන ඉන්න අපේ අහින්සකයො ටිකට මහ සහනයක් එනව නෙව..

2 වෙනිද රෑ අම්පාරට එනවුන්ස් කරගෙන ගියලු ඇතිවෙන කරදරයකට සූජානමින් ඉන්න කියල කාන්ඩෙට..ඉතින් ලමයි ලපටි ටික නිදි කොරවල ලයිට් දාගෙන ගෙවල් වල උන් පාරවල් වලට බැහැල උදේ වෙනකල් පහන් කෙරුවලු..මොකද සාගරේ වාගෙ තියෙන සේනානායක සමුද්‍රය වාගෙ මහා ධාරිතාවයක් තියෙන එකක බැම්ම ගහල ගියොත් ඉතින් සුනාමියට අන්තයි නෙව..ඔය වාගෙම තමයි අනුරපුරෙත් එහේ නාච්චදූව (මට මතක විදිහට ) වැව බැම්මට පහල අය අයින් කොරල තිබුන..කට්ටියක් එක ස්කෝලෙකට දැම්මම ඒකත් යටවෙලා..ඒ පාර ගෑනු නාකි,,ළමයි ඔක්කොම බඩ හරියට තියෙන වතුරෙ ලනුවකින් අමාරුවෙන් එල්ලිල එනව පෙන්නුව...හප්පේ ඒ සැඩ පාරෙ සැර ඇඳුන් ආයිත්තන් උනත් ගලවල යන්න වතුර..

දව්සක් අපේ ඩී ඇස් උන්නැහෙ ගමනක් යනව රථෙන්..ඉතින් මඟ තියෙනව මහ මඩවලක්,,ඔතන කරත්තකාරයො දෙන්නෙක් කරත්තෙ එරෝගෙන මහ වීරිය අරගෙන උස්සනව කරත්තෙ..ගොනාටත් ඒ අස්සෙ බනිනව යන්න කියල..මොන ,,,කරත්තෙ නෙවෙයි ඩිංගක්කත් හෙල්ලුනෙ..අපේ ඩී ඇස් මහත්තැන් දැක්ක මේ සන්තෑසිය..බැස්ස රථෙන්..බොලා නැගපල්ල කරත්තෙට කියල..එරිල තියුන රෝදෙ උස්සල කිව්වලු හා දැන් දක්කපල්ල කියල..ඉතින් ඉතිරි රෝදෙ හරි ලස්සනට කැරකිලා කරත්තෙ ගොඩ ආවලු..ඩී ඇස් මහත්තැන් හරි කෙරුම වගේම මහ හක්තියක් තිබිල තියෙනව සරීරෙ..

ගල් ඔය ව්‍යාපාරය,,ගොවි ජනපද ආදී කරුමාන්ත වලින්,, වල් බිහි වෙලා තිබුන රජරට නැගෙන හිර නැවත ජනාවාස කලේ අපේ ඩී ඇස් උන්නැහෙ තමයි..උන්දැ ඇවිල්ල කෙලින්ම මේ වැඩ ගැන හොයල බලල බොහොම උනන්දුවෙන් මේවෑ කොලා කියල තමයි අපේ පරණ උන් කියන්නෙ..ගොඩක් අය හිතන් ඉන්නව සුද්ද දුන්න අපිට හම්බුනා ඊට පස්සෙ අනික් උන් සුද්දටත් වඩා හොඳට කෑව කියල..ඒත් මම මෙතෙක් කාලෙකට අහපු දැකපු මිනිස්සුන්ගෙන් පරණ සිංහල මිනිස්සුන්ගෙන් රහසින්වත් වැරැද්දක් නොඅහපු ,,,පෙනෙන අදටත් දැනෙන වැඩක් කරපු මහ ලොක්කෙක් තමා ඩී ඇස් කියන්නෙ..

මේ කියන්නෙ ටී වී එකට පත්තරේට පේන්න ආධාර බෙදන්න ගියේ නෑ කියල දේශපාලන උන්දැලට බනිනව නෙමෙ...අපිට හෙට වෙනුවෙන් වෙනුවෙන් ඉන්දපු බෝග ගොඩක් විනාස වෙල,,,කුඹුරු අක්කර දාස් ගානකට එකපාර ඩෝං ගාල වැඩේ සිද්ද වෙලා...දැනටත් එලෝලු 250g හැටයි..එතකොට මේ විනාස උන බෝගවල එන්න තියෙන අස්වැන්න හෙට අනිද්ද වෙනකොට එන්නෙත් නැහැ...

ඉතින් අදහෙට ගංවතුර යනකොටම ආධාර ,,,,කෙටිකාලීන සීඝ්‍රව අස්වැන්න දෙන ආහාර බෝග,,පෝර..තෙල් හෙම ගොයියට නොලැබුනොත්...ඔය රතුපාට ..කොළපාට,,,නිල්පාට ඔක්කොටොම රුපියල් දාහට එලෝලු 4ක් යාන්තන් ගන්න ලැබෙන වාසනාවන්ත දිනය ලෝක කුසලානෙ අවසානෙම ලැබේවි..

මහත්වරුණි තව බැනගන්න,,තව ගහගන්න,,තවත් මීටින් තියන්න,,පුලුවන් තැනින් ගසාකන්න,,මට කොටහ ලැබේ නම් දෙන ඕනෑම තැනක් ලෙවකන්න,,,විපක්ශය යනු ආන්ඩුවට බැනීම පමණක් බව සිතන්න,,ජනතාවට විමුක්තිය උදාවන්නේ ආන්ඩුව පෙරලීමෙන් බව සිතන්න..දැන් රෑට කතා ටික බලල හෙට උදේට නැඟිටල බලන්න පෙනේවි...ආසියාවේ ආශ්චර්යය