Wednesday, January 11, 2012

ගොඩනැගිලි සේවා වෘත්තිය (Building service Engineering)

මෙය නව සංකල්පයක් අපි දන්නව ගොඩනැගිල්ලක් තැනීම කියන්නෙ සරල දෙයක් නෙමෙ.ඒ වගේම නඩත්තු කිරීමත් ලේසි පහසු දෙයක් නෙමෙයි. .ගොඩනැගිල්ලකට අවැසි සේවා සහ අවැසිතාවයන්ට අනුකූලව තැනුනු ක්ෂේත්‍රයක් තමයි ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියන්නෙ. මේ හරහා ගොඩනැගිල්ලක අවකාශය තැනීමට අමතරව පරිපූර්ණ විය යුතු අංග සලකා බලනවා. අපි ඉංජිනේරුමය ක්‍රමවේදයක් භාවිත කරන්නෙ නිසියාකාර සැලසුමක් අනුව, අපිට සරිලන වියදමකින් අවැසි දේවල් නිපදවාගන්න. ඒක ගොඩනැගිල්ලකටත් අදාලයි.
මෙවන් කොටසක් මවන එක ලේසි වැඩක්ද?


අපි හිතමු ගෙයක් කියල ගෙයක් හදල අපි පදිංචියට එකපාර ඩොග් ගාල යන්න බෑනෙ..බොහොම ඉස්සර ගල් ගුහාවල ඉන්න කාලෙනම් කැට ලබ්බයි ගල් ආයුධ කෑලිටිකය් අරන් අපිට ඕනි තැනක ලැගල හිටිය හැකි. නමුත් අද වෙනකොට තත්වය සංකීර්ණයි. ජලය, විදුලිය,දුරකථන, ගෘහභාන්ඩ, හිරුඑළිය, අවකාශය වගේ ගොඩක් දේවල් අපිට හදාගන්න වෙනව. ඒ වගේම ගොඩක් අය ඉන්න ලොකු සයිස් බිල්ඩින් එකක නම් ටොයිලට් පද්ධතිය, ගිනි නිවීමේ පද්ධතිය, වායුසමණ පද්ධතිය, සහ වෙනත් ප්‍රථමාධාර වගේ දේවල් ගැන අපිට සැලකිල්ල යොමු කරන්න වෙනව. උදාහරණ විදියට අපි වැසිකිලි පද්ධතිය සලකමු. නිසියාකාරව තනන ලද තට්ටු ගොඩනැගිල්ලක වැසිකිලි පද්ධතියේ අවහිරතාවයක් ඇතිඋනොත් ඒක හරිම අප්‍රසන්න අත්දැකීමක්..ගොඩනැගිල්ලකට අවැසි සියලු සේවා වන් එකවර සැලසුම් කිරීම නඩත්තු කිරීම සහ පවත්වාගෙන යෑම ආදී කර්තව්‍යයන් සිදුකරන්න මේ වගේ ගොඩැනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව වැදගත් වෙනව. අපි සරල උදාහරණයක් ගමු..ඔන්න බිල්ඩිමේ එක තට්ටුවක ඒ සී එක වැඩ නෑ විදුලිබල කාන්දුවක් නිසා..ඉතින් අපි ඒකට අවැසි පරිදි සැකසීම් කරනවිට අපිට ගොඩනැගිල්ලේ මූලික දේවල් ගැන අවබෝධයක් නැත්නම් එනම් අනෙක් වතුර බට,වැසිකිලි බට, ආදිය ගැන සැලකිල්ලක් නැත්තනම් බිත්ති කඩල වයර් මාරු කරල අර විදුලි ගැටලුව විසඳනකොට තවත් විශාල ගැටලු ගානක් ඇතිවෙලා තියෙයි. ඒ නිසා මේ ගොඩනැගිලි සේවා සියල්ල එකතු කරපු ඉංජිනේරුමය ක්ෂේත්‍රයකට අපි කියෙනව ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියල. ඒකට අයිති දේවල් සලකා බලමු.
  • වාතාශ්‍රය සහ වායුසමන පද්ධති.(Ventilation & Air Conditioning)
  • සෝපාන සහ පිටවීමේ ඇතුල්වීමේ ආකාර..(Escalators)
  • සොබාවික සහ කෘතීම ආලෝකය(Lighting)
  • ගිනි නිවීමේ පද්ධති(Fire Protection)
  • විදුලිබල සැපයුම.(Power Supply)
  • දුරකථන අන්තර්ජාල සහ ජාල පහසුකම්(Network Facilitate)
  • සනීපාරක්ෂක සහ පිරිසිදු කිරිමේ සේවා.
  •  පයිප්ප හා බට එකලස් කිරීම..(Plumbing)


මේ ආකාරයට කොටස් ගානක තියෙන විශය පථයන් රාශියක් ගොඩනැගිලි සේවා ඉංජිනේරු අංශයට ඇතුලත් වෙනවා. මේ යටතේ ඒ ඒ දේවල් සැලසුම් කිරීම ඉදිකිරීම අධීක්ෂය කිරීම ආදිය මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට පැවරෙන රාජකාරි වෙනවා. අමෙරිකාව කැනඩාව ඔස්ට්‍රෙලියාව එංගලන්තය ආදී රටවල ජනප්‍රිය ඉංජිනේරු ක්ෂේත්‍රයක් තමා මේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියන්නෙ. මේ හැමදේ ගැනම ඉතා ගැඹුරින් සලකා බැලීමක් නොකලත් ගොඩනැගිල්ලකට සම්බන්ධ වෙන හැම පද්ධතියක් ගැනම මනා අවබෝධයක් ලබාගන්න මේ ඉංජිනේරු විද්‍යාව හදාරන්නන්ට පුලුවන් වනවා. යාන්ත්‍රික, විදුලි, සහ සිවිල් යන ප්‍රධාන ඉංජිනේරු අංශ තුනම මේ ඉංජිනේරු විද්‍යාවට ඇතුලත්. 
 මුලු ලෝකයම දැන් දැන් බලශක්තිය සම්බන්ධ ගැටලුවකට මුහුන දෙමින් ඉන්නවා. ඒ නිසාමේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාවත් දැන් බලශක්තිය සහ පරිසර හිතකාමී නවීන පන්නයේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමට නැඹුරු වෙමින් පවතිනවා. පද්ධති ගණනාවක් එකවර හැසිරවීම මගින් ඒ ඒ දේවල් වල ඇති සියලු අහිතකර මානයන් සොයාගෙන ඒවා නැතිකරන්න ක්‍රියාකරන්න පුලුවනි. උදාහරණයක් විදියට අපිට වායුසමණ පද්ධතිය සහ ගොඩනැගිල්ලට ආලෝකය සැපයීම යන දෙකම එකම තැනකින් සොයාබැලෙන අවස්ථාවකදි වායු සමණ පද්ධතියට වැයවන විදුලි බලය අඩුවෙන ආකාරයේ නව විසඳුම් හොයාගන්න අවකාශ ලැබෙනවා.


ලංකාවෙත් මේ සම්බන්ධ පාඨමාලා දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. ඒ යටතේ උසස් ජාතික ඩිප්ලෝමා(HND), ඩිප්ලෝමා, පශ්චාත් උපාධි(Msc) රජයේ වගේම පුද්ගලික අංශයෙත් දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. ඒවාට සම්බන්ධ වෙලා මේ වගේ ක්ෂේත්‍රයක් හැදෑරුවොත් ඕනි කාලෙක රැකියාවක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ..

Monday, January 9, 2012

ස්පර්ශක ආදරය (touch love) 2

එදා අතරමැද සතියේ නිවාඩු දිනයකි. නිවසට වී දවල් වෙනකල් නිවාඩු පාඩුවේ නිදියා ගන්නට හැදුවා පමණි ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය.
 කැන් අයි ස්පීක් ටු මිස් දීප්තිකා ප්ලීස්..ඒ සුමිත් ගොයියාගේ කටහඬ බව ඈට මතක් විය. එදින තමුන් සමග බීච් යෑමට අකලංක පැමිනෙන බවක් කියා තිබුනා දීප්තිකාට මතකය.
ඉතින් අපි යමුද පොඩි ගමනක්..ගමනක් කිව්වට ගමනක්ම නෙමෙ..මගේ යාලුවෙක් ඩ්‍රාමා එකක් හදල..ඌ මට ටිකට්ස් දෙකක් දුන්න යමුද බලන්න..අවුලක් නෑ සෝක් ඩ්‍රාමා එක..සුමිත් පවසන්නට විය..
දීප්තිකා ස්ටක් විය..කරගන්නට දෙයක් නැත..හදිසියේ නින්දෙන් අවදි වූ ගමන්ම නිසා බොරුවක් ලෝඩ් වන්නේද නැත.. සු..සු.සුමිත් අපි වෙන දවසක යන්ද අද බෑ අනේ..හරි මහන්සියි අප්පා...
ඈ දොස්තර නෝනලටත් මහන්සි ලෙඩ හැදෙනවද?/මෙහෙමයි මෙයා මෛක මගේ යාලුවෙක් කරන එකක් ආවෙ නැති උනොත් ඌ අවුල් වෙයි..එහෙනම් මං යන්නම් ඈ..මං ඔයාට බලකරන්නෙ නෑ..ඔයා ඉතින් වරු ගනන් ටෝක් කරල අරන් යන්න මට බෑ..කොහොමත් මට කෙල්ලො ටෝක් කරල ඇක්ස්පීරියන්ස් එකකුත් නෑ..මං පොත්වල දැකල තියෙනව කෙල්ලො පලවෙනි පාර කොහෙ හරි යන්න කතාකලාම බෑ කියනව..එහෙම වෙන්න ඇති..ඒත් ඔයා එයි කියල මං හිතුව..සුමිත් කීවේය...

පිස්සුද සුමිත් ඔයා හිතනවද මං නිකම් කොල්ලො ටෝක් කලාම කැමතිවෙලා එහෙ මෙහෙ යන්න අර ඕ ලෙවල් කරන එහෙම නැත්තං පැක්ටරියක වැඩ කරන ගර්ල් කෙනෙක් කියල..දීප්තිකාට තදවිය..
හරි හරි මැඩම් මං කතාකලේ නාට්ටියක් බලන්න නේ ඔයා තරහගන්න එපා..ඔයාට අද තරහත් යනව වැඩි අපි වෙන දවසක බලමු නේ..
සුමිත් තරහ වෙන්න එපා අපි වෙන දවසක යමු..මට පොඩි ස්ටඩි වැඩ වගයකුත් තියෙනව කරන්න..ඔයා දන්නවනේ ඉතින් මේ වගේ දවසක තමයි අපි වගේ අය හැම වැඩේම දාගන්නෙ..
සුමිත් එදා නාට්ටිය බලන්නට ගියේය..ඔහු නාට්ටිය බලා කොල්ලන් කීප දෙනකු සමග පාරේ එනවිට අකලංකගේ කාර් රථය මුහුනට හමු විය. ඒතුල දීප්තිකා විය. දීප්තිකා විසින් සුම්ත්ව දක්නා ලදී. සුමිත් යාලුවන් සමඟ යයි..යාලුවෙක් විසින් දෙසාබාන කුමක් හෝ සුමිත් අසාගෙන යයි.. ඔහුගේ සැහැල්ලු දිවිය ගැන දීප්තිකාට ආශාවක් ඇති උනි..
අකලංක හැමදාම දාන ඉංගිරිස් සින්දු සෙට් එකක් දාගෙන යයි. ඒ සින්දු ඔහු ආශා කරන ඒවා නොවේ..එහෙත් අකලංක එවන් සින්දු ඇසීමට පුරුදු වි සිටින්නේ ඔහු වැනි අන් අය ඒවා අසන නිසාය.. අකලංකට ඇත්තේ සමාජ උණකි..කාර් මාරු කිරීම..විදේශ සංචාර යෑම..ආදි ලොකු පැලැන්තියේ දේවලට ආශා කල අයෙකි අකලංක. වෙනත් මුදල් හදල් ඇති වෛද්‍යවරුන් යමකින් සතුටු වෙයිද එයින්ම අපිටත් සතුටු විය හැකියැයි හීනමානයක් අකලංක තුල ඇතැයි දීප්තිකාට සිතුනි.. දීප්තිකා එතරම් බරසාර හෝ ටයර් සහිත බඩසාර එකියක් නොවේ..එහෙත් අකලංකට ඇය සමඟ මුහුදු වෙරලේ ඇවිදින්නට උවමනා වූයේ එක්සයිස් උණ ඇඟට ගැසීම නිසාය..ඔහුගේ මිතුරන් රැලේ කීප දෙනෙකුද ඒ අතර හමුවෙයි.. මේ මගේ අනාගත ගෑනි යැයි තමුන්ගේ රූපය අනුන්ට පෙන්නීමේ උණක් ඔහු වෙත ඇතැයි දීප්තිකා සිතයි..ඇය ගැන ඇයටම පුදුමය..සුමිත් හමුවන්නට පෙර තමනුත් අකලංක සමග කිසිදු අමනාපයකින් තොරව ඔහේ ගියේය..ඔහු කරන දේම කලේය..ඒවා සොයා බලා වැඩිදියුණු කලේය..සංගම් වලට රැස්වීම් වලට සහභාගී විය. නමුත් දැන් දැන් අකලංක සහ ඔහුගේ බොහෝ දේ කෙරෙහි දීප්තිකාට ඇතිවන්නේ බොරු වැඩ හෝ සෝබන යන සිතුවිල්ලයි.. 
බොහෝ සැහැල්ලුවෙන් යාලුවාගේ තෙලට වැටී ගෙන සැහැල්ලු ඇඳුමින් සිය කාර් රථය පසුකර ගිය සුමිත් තමා නුදුටු බවත් මේ වෙලාවේ ඔහු වෙන කල්පනාවක යන්නට ඇති බවත් දීප්තිකා වටහාගති. නමුත් දීප්තිකා නැවතත් හැරී සුමිත් දෙස බැලීය. එය අකලංකට අසු විය.. කවුද දන්න කෙනෙක්ද අකලංක ඇසීය??
නෑ මගේ පේෂන්ට් කෙනෙක්..හොස්පිටල් එකේ හිටිය කෙනෙක්...දීප්තිකා උත්තර දුනි.
ව්‍යායාම කරන කතුන් පිරිසක්.
අකලංක සමග ව්‍යායාම පිණිස ගිය දීප්තිකාට වෙනදා පරිදි ප්ලාස්ටික් හිනාවක් දාගෙන අකලංකගේ යාලුවන් සමග සිනා සෙන්නට සිදු විය..නොයෙකුත් ව්‍යායාම වල නිරත වන්නට සිදු විය. එය මුහුද අයිනේ පිහිටි ලක්ෂණ තැනකි සවසට ව්‍යායාමයට පිරිස රැස්වෙන තැනකි..මෙවන් විටෙක සුමිත් ලඟ සිටියානම් හොර බලලා මෙන් තමා දෙස බලා සිටිනු ඇතැයිද..තමුන් ද ඔහු සමඟ සිතින් එක් තැන් වනු ඇතැයිද දීප්තිකාට සිතුනි..අකලංක ලෝකයේ වැඩ හිස මත දාගත්තෙකි..ඔහුට නව ඩිස්පැන්සරි දැමිය යුතුය..තවත් ඉගෙන ගත යුතුය..තවත් බොහෝ දේ කල යුතුය. නමුත් තමුන් සුමිත් සමඟ කතාකල ඒ වාට්ටු සමය තුලම ඔහුට මේ දේ අනාගතය වෙනුවෙන් කල ඇතැයි කිසිවක් නොවිය..ඔහු අද ජීවත් වීය..අද හැන්දෑව ඔහුට හැන්දෑවම විය..නමුත් තමා සහ අකලංක ජිවත් වන්නේ හෙටය..අද යනු කටුක දවසකි...නමුත් සුමිත්ට හෑම දවසම පූර්ණ දවසකි..කාලයක් තිස්සේ අධ්‍යාපණය සහ වෛද්‍ය වෘත්තිය සහ වෙනත් සමාජිය වටපිටාව මතින් ඇතිවුන ඒකාකාරි බව නැමැති ගංගාවේ අකලංක ගලන පැත්තටම පීනන අයෙකු ලෙසත් සුමිත් උඩුගංබලා පීනා එතැනම නැවතී සිටින්නෙකු ලෙසත් දීප්තිකාට වැටහුනි..


අවසන දවස් ගානක් තිස්සේ අකලංක සමග ආ ව්‍යායාම් ගමන් සේම මේ ගමනත් නියමිත පරිදි වෙලාවට නිමා විය..ඒ අතර කොතෙකුත් අනේ සුමිත් එක්ක ල ගියෑනම් යැයි ඇයට සිතුනි..අද ඔයා මොකද අමුතු වෙලා,,??මොනාහරි ප්‍රශ්ණයක්ද?? ඔයා ඔය හොස්පිට්ල් එකේ වැඩිකල් ඉන්න ඕනි නෑ..ඔහෙ වැඩ වැඩි තමයි..බලමු වෙන තැනක් ...මං දන්න කියන තැනක් හොයන්න බලන්නම්..කොදෙ වැඩ වැඩිකියල දැනගෙනත් ඔයා කිව්වනේ පුලුවං කියල..


අකලංක සිතන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මානසික ආතතියක් බවය..එතනින් එහාට එය එන්නට ඇත්තේ රජයේ රෝහල නිසාය යැයිද ඔහු සිතයි...
  එදා රෑ සුමිත්ට කෝල් කරන ලදී..ඔහු නාට්ටිය බලන්ට ගිය බවත්..එය ඔහු ආසා කරන එකක් වූ බවත් එහිදී හමු වූ යාලුවන් සමග බියර් එකක් ගසා ඉන්පසු බෝඩිමේ උන් සමග මිස්ට බීන්ගේ කොමඩියක් බලන බවත් එය නිමවු පසු වැඩිදුර කතාකල හැකිබවත් සුමිත් කීය..මේ යෝදයට කොමඩිය ලොකුයි මට වඩා..පිස්සා..යැයි දීප්තිකා සිතීය..එහෙත් ඒ පිස්සාට එය එසෙ විය යුතුය..


දිනක් දෙකක් ගතවිය..අකලංක වෙනත් යාලුවෙක් සමග පිටරට ගොසිනි..දීප්තිකා අකලංකට කතාකලේය..එදින අකලංක වෙනත් රටකය..ඉන්පසු සුමිත්ට කතා කලේය..
රෝහලේ රාජකාරි එතරම්ම නොවූ එදින සන්ධ්‍යාවේ කුමක් හෝ වැදගත් දෙයක් නැතිබව දීප්තිකාට දැනුනි..මේ නාට්ටිකාරයා..ඔයාගෙ නාට්ටි අද නැත්ද?/අපිට බලන්න ඈ..නිවාඩු දවසට ඩෝං ගාල නාට්ටිදානව විතරද?/
ම් මෙහෙමයි අද තියෙනව ෆිල්ම් පෙස්ටිවල් එකක්..නිකම් පෙන්නන්නෙ..කන්නත් දෙනව..මං හොරෙන් යන් ඉන්නෙ..ඔයත් එනවද??සුමිත් ඇසීය..

හොරෙන් යනවනම් මං මොකටද?/දීප්තිකා ඇසීය..
යාලුවො එක්ක ගියෑම උන්ෙග බණ අහගෙන ඉන්න වෙනව..අනික හරි කරදර..මේක ටිකක් හොඳම ෆිල්ම් එකක් මං නෙට් එකේ බැලුව..ඔයා එනවද??
යාලුවන්ට අසුවෙනවාට හොරෙන් යෑම..නිකම් කන්න යෑම දීප්ත්කාට නම් සුමිත්ගේ තවත් පිස්සු වැඩක් ලෙස පෙනුනි..
දීප්තිකා කාර් එකේ එනබවත් ඔහුටත් ලෑස්ති වී සිටින ලෙසත් කියා දීප්තිකා හවස ගොස් ඒ ෆිල්ම් බැලීමට ගියේය..ඒවා පෙන්වනුයේ නිකම් ය..මුදල් ගන්නේද නැත..එහෙත් එය රසවත් ෆිල්ම් එකක්ම විය.. ඔවුන් දෙදෙනා මුලදී ඈත් වී ගෙන බැලුවත් ව්රෝන් ටර්න් ෆිල්ම් එකෙහි ආකාරයේ වර්ගයේ බය හිතෙන දර්ශන කිහිපයක් වූ හෙයින් බිය වූ දිප්තිකා සුමිත්ගේ පපුවට තුරුලු විය..බය වෙන්න දෙයක් නෑ බබා..ඒ බොරු ..ඒත් සවුන්ඩ් නිසා මාරයි නේ යැයි කෙඳුරුවේ වසර ගණනක් එකට සිටි පෙම්වතුන් ලෙසටය..අවසන සිනමාශාලාවෙන් ඉවත යනවිට දෙදෙනා පෙම්වතුන් ලෙස ඉවතට ගියෝය..ඒ අතර සුමිත් විසින් හොරාට ආවාට, පසුව ආරන්චිය දැනගෙන ෆිල්ම් එක පටන් ගෙන විනාඩියකට දෙකකට පසු සුමිත්ගේ මිතුරන්පැමිණ තිබුණි..ජෝඩුව අලුත් බැන්ද කපල් එකක් පරිදි යද්දී මිතුරන්ට අසුවිය..නෑ මේ යාලුවෙක් යැයි කියන්නට සුමිත් හැදුවත් ඔවුන් ගිය විලාශය නිසා කියන්නට හදන බොරුව ලෝඩ් වන්නේ නැතැයි සුමිත්ට සිතුනි..සික් මුන් මෙතන්ටත් ඇවිත් යැයි සුමිත් සිතීය..
.ඒ ෆිල්ම් බැලීම අල්ලලා ගියේ, ෆිල්ම් එකේ හොඳටද නැත්නම් සුමිත් ගේ උණුසුම නිසාදැයි වටහාගන්නට දීප්තිකාට නුපුලුවන් විය..නමුත් තත්වය දරුණු විය..
ඉන්පසු දිනෙක අකලංක නොමැතිදිනෙක අකලංක ව්‍යායාම කරන ස්ථානයටම සුමිත් සමඟ දීප්තිකා ගියේය..එදා දින ව්‍යායාම නොදත් සුමිත් ගල් රූපයක් සේ දීප්තිකා දෙස බලා සිටී..සුමිත්ට ව්‍යායාම කියා දෙමින් දීප්තිකා නැවෙයි..ඇඹරෙයි..ඔයා මේන් මේ එක්සයිස් එක තමා බඩට කරන්න ඕනි..දීප්තිකා කියමින් එය කරයි..
ඒ උණාට මං ආස ඒකට නෙමෙයි...අර ඔයා ඉනෙන් නැමිල පස්ස පස්සට දාල ඉස්සරහට නැමිල කරන්නෙ ආන්න ඒකට..ඒක කරන්නෙ ඉනට නේ ලමයො..ඔයාට ඕනි කිව්වෙ බඩ එයි කියල බයට එක්සයිස් කරන්න නේ..දීප්තිකා කීවාය..
කවුද කිව්වෙ මං ඒක කරන්න ආසයි කියල..ඔයා ඉන ඉස්සරහට දැම්මම පස්ස කොටස ලස්සන......එය කියා නිම කිරීමට නොහැකිවිය..
වල් ගහ..මෙතන එක්සයිස් කරවන්න එක්කරන් ආවම..ටීචගෙ ලස්සන බලනවද??කියා ඇසීය..ඔයාට ගහන්න ඕන ග්‍රැමොක්සෝන් වලටත් වඩා හොඳ වල් නාශකයක්..මට මතකයි ඒ ලෙවල් කාලෙ මගේ ලඟින් හෙලවෙන්නෙ නෑ..හරියට සිකුරිටි වගේ..තාමත් හැදිල නෑ..මහලොකු ක්ලාක් මහත්තය...යැයි කියමින් ඔහුගේ උරහිසිට පහරක් එල්ල කිරීමට දීප්තිකා සැරසුනි..නමුත් සැනින් සුමිත් ඉවතට පැන්න හෙයින් දීප්තිකා මඳක් වැටුනි..
ඉන්පසු මඳ දුරක් ගිය සුමිත් එක්වර නැවතී ඇයට විහිලු කලේ දිවද අදිමිනි..ඔහු දිව අදින විට බොරු තරහක් මවාගත් දීප්තිකා ඔහු පසුපස පන්නන්නට විය.. ඉන්පසු සුදු කපල් එකක් පරිදි ඔවුන් දෙදෙනා ව්‍යායාම නවත්වා පෙම් කෙලින්නට පටන් ගති..


එක්වරම කැඩුනු ඔරුවක නැගී සිටි දෙපලගෙන් සුමිත් ඈත අහස දෙස බලා කල්පනා කරන්නට විය..ඉන්පසු පහත් හඬින් ..අපි ප්‍රමාදයි සුදු..මට ඔයාව ඕනි..ඒත්..අකලංක ඔයාට ලව් කරන්න අරන් අවුරුදු 4ක්...එයාට කොච්චර දුක හිතෙයිද?/මට මේ රටේ නැතිවෙන්න දෙයක් නෑ..මං ඔයාලගෙ ලෝකෙ දාල රට යන්න ඉන්නෙ..නැත්තං අපිට වෙන්නෙ තවත් බලාපොරොත්තු තියන් ඉන්න ගොඩක් අයගෙ බලාපොරොත්තු කඩා දාන්න..
එවන් දෙබසක් මෙවන් විටක දීප්තිකා බලාපොරොත්තු නොවීය..මේ ඇතිවුන සිද්ධි හෙවත් ව්‍යායාම කතා ෆිල්ම් බලන්න ගිය කතා සහ වාට්ටුවේ කතා අකලංක නොදැන සිටියා වන්නට නොහැක..ඔහු දැනගන්නට ඇත..නමුත් හරියටම අසුවන තෙක් ඔහු සිටිනු ඇත..දැන් අකලංක තමාගේ ලෝකයට බොහෝ දුරය..ප්‍රවීන වෛද්‍ය විශේෂඥයාට වඩා ක්ලාක් සුමිත්ට තමුන් කැමති වී ඇත..තමුන්ගේ හිත ක්ලාක් කාරයෙක් විසින් සොරාගෙන ඇත..ඇගේ යාලුවන් නෑයින්..තබා එකට වැඩකරන බොහෝ දෙනෙක් මේ සම්බණ්දයෙන් දක්වනු ලබන ප්‍රතිචාර සැහැල්ලු විය නොහැකි බව දීප්තිකාට දැනෙන්නට විය..
රෑ නිදිවරා පැය ගනන් කල්පනා කලත් ඇයට සුමිත් ගෙන් ඈත් විය හැකි මගක් වත් අකලංක ලංකර ගත හැකි මගක්වත් කල්පනා නොවීය..මෙතෙක් හිසමත තැබාගෙන එහෙමෙහෙ ගිය මහා බරක් පසෙක ලා සැහැල්ලු දිවියක් තමාට ලැබෙන සුන්දර අනාගතයක් ගැන් සිහින මැවෙන්නට විය..තමුන් කුඩා කල පැතු බොහෝ දේ තමාට මේ ලොව තුලම ඇත..
දීප්තිකාෙග් සිද්ධිය ඉන්පසු අකලංක වෙරිමතින් විත් දීප්තිකාගේ නිවසේදී දීප්තිකාට පහරදීමට සැරසීම..ඉන්පසු වලි දාගන්නවායැයි ඇනෙක්සි කරුවන් විසින් බ්ලැක් ලිස්ට් කරනු ලැබූ දීප්තිකාට ගමට යන්නට සිදු වීම..
ගමේ සිටි නෑයින් වෙත දන්වා සිය චරිතය සම්බන්ධ කටකතා අකලංක විසින්ම ගොතා තිබු බැවින් යලිත් ගමට යා නොහැකි වීම..
ආදි දේ නිසා හදිසියේ අකලංක සහ දීප්තිකා විවාහ විය..මෙහි මාසයක පමණ කාලයක් අප්‍රසිද්ධියේ සිට පසුව..ඔවුන් දීප්තිකාගේ යහලුවන්ගේ අනුභාවයෙන් ඕස්ට්‍රේලියාව කරා නික්මුනේය..
එහිදී වෛද්‍යවරියක්ම විය නොහැකි වුවත් දීප්තිකාට රැකියාවක් සොයාගත හැකිවිය. සුමිත්ද පෙර තිබු සැහැල්ලු බව මඳක් ඈත්කර තරමක් සාමකාමීව දිවිගෙවුමට හැකිවිය.
මේ කතාවේ පලමු කොටස මෙතැනින් කියවිය හැක..

ස්පර්ශක ආදරය (touch love)

ඒ පිටකොටුව බස් නැවතුමයි සුමිත් සහ දීප්තිකා යලි හමු වූයේ ඒ ටකරං මඩු වැනි පිටකොටුව බස් නැවතුමේදීය. සුමිත් දීප්තිකා ඉන්නවා දැක පෝලිමට එකතු විය..පෝලිම දිගු එකක් නොවූයෙන් දීප්තිකාට පසුපසින් සුම්ත්ට සෙට් විය හැකි විය..ඔවුන් දෙන්නාට දෙන්නා දනී.. නමුත් කතා බහක් නැත.. ඔවුන් දෙදෙනා බස් රියට නැග එක ළඟින් වාඩි විය. සුමිත් සාමාන්‍ය සොබාවයෙන්ම කුලෑටි කෙනෙකි. එතරම් සබා බිය දුරු කල අයෙකු නොවේ. එහෙත් දීප්තිකා එසේම නොවේ. රජයේ ජනප්‍රිය රෝහලක වෛද්‍යවරියක වූ ඇය සාමාන්‍ය වෛද්‍යවරියක් නොවන තරම් ඇය සමාජශීලිය. ඇය වෛද්‍යවරියකි. ඇයට අමාරුවෙන් කාර් එකේ නැඟ රිය පදවනවාට වඩා සුඛෝපබෝගී බසයක නැග යෑම මැනවැයි සිතී මේ සුෙඛා්පබෝගි බසයට නැංගාය. සුමිත් ටැග් වෙමින් සිට අවසානයේ ඔයාට මාව මතකදැයි ඇසීය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නැත. දීප්තිකා ගල් ගිල්ලා වැනිව සිටී. දීප්තිකා මං හිතන්නෙ ඔයාට මාව මතක ඇති. එවර සිහින් හඬින් දීප්තිකාගේ කණට කොඳුරන්නාක් මෙන් සුමිත් කීවේය. එවිට දීප්තිකා ඔයා අපි එක්ක නේ ක්ලාස් ගියේ මට මතකයි..කීය. ඔවුන් අතර තිබූ සම්බන්ධතාවයෙ ආකාරය අනුව ඔවුන්ට දිගටම කතාව කරගෙන යා හැකි මානසිකත්වයක් නොවීය. 

මේ දෙදෙනාම මීට අට වසරකට එපිට එකම රියේ එකම දෙසට පන්ති ගිය දෙදෙනකුය. ඔවුන් දෙදෙනා කොතෙකුත් ගැටී ඇත. නමුත් ඔවුන් අතර වචන නම් හුවමාරුවී නැත.
දිනක් සුමිත් සිය පොත් දෙකට අමතරව සීඩි කිහිපයක්ද ගෙන බස්රියට නැගුනේය.ඉන්පසු බස් නැවතුමකින් බසයටනැගි දීප්තිකා සුමිත් අසලය. කෙමෙන් කෙමෙන් තනි අතින් ඉහල බාර් එකේ එල්ලී සිටි සුමිත් දීප්තිකා අසලට ලං විය. දීප්තිකා හොරැහින් බැලීය. ඉන්පසු එදින සිදුවිය යුතු පරිදිම දෙන්නා වෙලෙමින් ගියේය. දින කීපයක් ගියේය. ඉසුරුමුණියේ පෙම් යුවලසේ දීප්තිකා සුමිත් දැන් බස් රියේ වෙලෙමින් යයි. එකළඟ බස් නැවතුම් දෙකක් ළඟින් නගින නිසා ඔවුන් දෙදෙනා සෙට් කිරීමට පාරේ ඇති වංගුවලටවත් කොන්දොස්තර මහතාටවත් ඩයිවර අයියාගේ තිරිංග පහරටවත් යලි යලිත් වෙහෙසීම අවැසි නොවේ. එහෙත් සවස පංති ඇරී පැමිණෙන විට නම් එය ටිකක් අමාරු කාරියකි. සමාර දිනෙක සුමිත් පසුපසින් නගින අතර දීප්තිකා නගින්නේ ඉදිරි දොරෙනි. එවිට කොන් මහතාගේ දැඩි පෙරැත්තයට පින්සිදු වන්නට දෙන්නාට බස් රියේ මැද හරියේදී එකට හමු විය හැක..
 මේ දෙදෙනාගේ අසාමාන්‍ය පලහිලව්ව දැකගත් සමහර අයෙක් දීප්තිකා වනාහි ස්ටාටර් මෝටර්රහිත ව ස්ටාට්වෙන ක්ෂණික වස්තුවක් යැයි සිතා දීප්තිකාට කිට්ටු විය. එහෙත් ඔවුන්ට ලැබුනේ රැවුම් ගෙරවුම්ය. දිනක් දීප්තිකා සුමිත් නැති දිනෙක බස් රියේ වාඩි වී යන අතර කොල්ලෙකු විසින් අනවශ්‍ය ලෙස කකුල් ඇල්ලීමට යෑමේදි දීප්තිකාට මාට්ටු විය. එදා දීප්තිකාගේ කුඩය කැලි හැලෙන තුරු අර අදාලකොල්ලාගේ කකුලට ගුටි සම්භ විය. අනික් සියලු දෙනාට දීප්තිකා රලු උවත් සුමිත් අසලදී වෙනමම ගනුදෙනුවකි තිබුනේ. සුමිත් දීප්තිකා අසලට කිට්ටු වෙනවාත් සමගම අර ජනප්‍රිය කුනුහරුප කතා වල එනවාක් මෙන් එකවර දෙදෙනා වැඩ පිලිවෙල පටන් ගන්නේ නැත. ක්‍රමයෙන් ක්‍රමය ඔවුන් දෙදෙනා වැඩ පිලිවෙල ගෙනයයි. බස් රියේ යන මේදෙදෙනා නොදන්නා අය මේ ජෝඩුවක් දෝ හෝයි සිතා බලමින් ඉරිසියා කරයි. ස්වල්ප දුරක් යනවිට ඔවුන් එයින් මුසපත් වෙයි.. දීප්තිකාගේ හුස්ම වේගය ඉහල යයි. සුමිත් ගේ සියලග දැවෙයි. මේ කාර්යය වෙනත් විශ්වාසවන්තම යාලුවෙකුට පැවසූවිට ලැබුනු උපදෙස් අනුව දීප්තිකාගේ පශ්චාත් භාගය අතින් ඇල්ලීමට සුමිත් වතාවක් උත්සාහ කලේය. නමුත් එදා සුමිත් දැවී හලු වී යන පරිදි දරුණු ආකාරයේ රැවීමකට ලක්වන්නට සුමිත්ට සිදුවිය. විශාල කැටයම් දැක්වීමට යෑම මෙවන් කුඩා පියවරයන් පවා අහිමි වී යැ හැකි බැවි සිතුනු බැවින් ඉන් පසු කෙරෙන ආකාරයට බස් රිය තදවෙන ආකාරයට මිරිකෙනවා විනා වෙනත් අමතර දේ ගැන සිතන්නට සුමිත් නොගියේය. එය සුමිත්ගේ මිතුරන් දුටු ආකාරයට පිරිමිකමට නොගැලපෙන්නක් විය. එහෙත් අනවශ්‍ය පිරිමිකම් දාන්නට ගොස් නිකම් දෙන දන්සැල නවත්වාගන්නට සුමිත් කැමති නොවීය..
  ඈ සමඟ කතා කල යුතුයැයි රෑ එලිවෙනකල් සිතාගෙන සිට ආවත් උදේ හමුවූ පසු ගුඩ් මොනින් කීමෙන් එහාට සුමිත්ට යා ගත නොහැකි විය. මේ හොර ආදරය දීප්තිකාගේ මිතුරියන් දැන සිටින්නටද ඇත. සමහර දිනෙක දීප්තිකාට හො සුමිත්ට වාඩිවීටම අවසර ලැබුනත් ඔවුන් දෙදෙනා එවිට මහා දානපතියන් මෙන් නැගිට සිටින අයවලුන්ගෙන් අසරණ පෙනුම ගෑවුන කෙනෙකුට අසුන දී සිටගෙන යති. දීප්තිකා දක්ෂ ශිෂ්‍යාවක වූවාය. සුමිත් නම් නටපු නැටුමකුත් ගහපු බෙරේකුත් කල දේකුත් නොකල දේකුත් නැති ලෝකයෙන් මඳක් ඈත්වූ කෙනෙකි. එතරම් කතාබහක් කිසිවෙකු සමග නැත. ඉගනීමටද එතරම් උනන්දුවක් නැත. 
 එකල දිනක් සුමිත්ගේ අම්මා සුමිත්ලාගේ අයියාට පතුරු යනතුරු බැන්නේය. එහි වරද ඇත්තෙ නංගී අතය. සුමිත්ගේ නංගී මෙ බලන්න අම්මෙ මේ කොල හරිම සුවඳයි මටත් ගෙනත් දෙන්න ඈ යැයි කියමින් අයියාගේ පෙම් හසුනක් සුමිත්ගේ අම්මාට දී ඇත. එය කියවා බලා කාරණය ධාරණය කරගත් අම්මා සුමිත්ද ආපසු දේශනාව පටන් ගත්තේ හෙමිජ්ජා වගේ උන්නාට සුම්ත්ද එතරම් පොතට නැඹුරු එකෙකු නොවන නිසාය..උඹලට පේන්නෙ නැද්ද අර මහ මනුස්සය කොයි තරම් මහන්සි වෙනව ද කියල. ඔව් ඉතින් බොලාට දැනෙන එකක්ය..
කොහේ හරි යන සකරවට්ටම් නලවන්න උඹල වියදම් කරන්නෙත් ඒ මනුස්සයයි දාඩිය සල්ලි. ඔන්න උඹල ඇතිවෙන්න බඩට කාපල්ල ඒ කමක් නෑ..ේම එක එක කුමාරිකාවොන්ට එක එක ජාති අරන් දෙන්න අර මනුස්සය දාඩිය මාන්සියෙන් හම්බ කරන සල්ලි වියදම් කරනව කියන්නෙ...??අර එකියක් ලියල තිබුන මගෙ පණ මට අරන් දුන් තෑග්ග නම් හරිම වටින එකක් කියල..ඔව් ඉතින් ඒකිගෙ අතින් පයින් ගියායැ...පණ බැරිනම් ආත්මෙ කිව්වම මොකද??
අනේ බොලාටත් පායනවනේ..තාත්ත දැනගත්තොත් ඔය කරන කෝස් එකත් නවත්තල කොළඹ අරී..අයියා ත් සුමිතුත් ඒ සියල්ල අසා සිටියේය. සුමිත්ට අම්මාගේ වචන කිඳා බැස්සේය. පසුදින ඔහු දීප්තිකාට දුරින් සිට යන්නට පටන් ගත්තේය.. නමුත් ලස්සන බාස්කට් බෝල් ගහන ගෑල්ලමයි අඳින වැනි සාය..ඒ මතින් ඉල්පී සුමිත් දෙස බලා හිනාවනවා වැනි ඇගේ උකුල සහ පස්ස දකින විට සුමිත්ගේ සිල් බිඳෙයි..යලිත් මලට ඇඳෙන බඹරා මෙන් ඇය ළඟටම කිට්ටු වෙයි..
 කෙසේ හෝ තාත්තා අයියාගේ කෝස් එක ලව් කේස් එක හේතුවෙන් නවත්වන ලදී..සුමිත්ද කොළඹට ආවේය..ඔහුට දිගු කලක් යනතෙක් යලිත් දීප්තිකා දකින්නට බැරිවිය. ඉන්පසු මාසයකින් දීප්තිකා යා යැයි සිතිය හැකි බසයට නැංගත් එදින දීප්තිකා නැති විය. කෙතෙක් ආරන්චි කර බැලුවත් ඇය ගැන තොරතුරක් සොයා ගත නොහැකි විය. ඇය නැවතී සිටියේ නෑදෑ කෙනෙක්ගේ නිවසේය යන ඇගේ යාලුවන් දැන සිටි කරුණ පමනක් සුමිත්ද දැනගති..


 අපි යලිත් සුඛොපබෝගි බසයට එමු. මඳ වේලාවකින් දෙදෙනාටම නින්ද යන්නට විය. කිහිප විටක් ඇගේ හිස සුමිත්ගේ උරය මත කඩාවැටෙන්ට ගියත් ඒ හැමවරම සොරි යැයි කියා නිහඩ විය. ඔයා තාමත් කොළඹද ඉන්නෙ?? එක්වරම දීප්තිකා කථාකරන්නට විය.. ඔව් මං කොළඹ ඉන්නෙ..එවිට ඔවුන් දෙදෙනා සම්මත ජෝඩුවක් පරිදි විය..ඔවුන් දෙදෙනා යලිත් හමුවිය. මේ අවස්ථාව වනවිට දීප්තිකා විවාහ ගිවිසිමට ඔන්න මෙන්න පෙම්වතියකි. සුමිත් තවම විවාහ ගැන යම්තම් වත් සිතා  නැත.
.
දොස්තර නෝනා කෙනෙක්..

  මෙකල සාමාන්‍යයෙන් වන පරිදි ඔවුන් දෙදෙනා දුරකථන අංක හුවමාරු කරගත්තෝය. ඉන්පසු රාත්‍රියේදී කතා කරන්නට පටන් ගත්තේය. ඒ අතර යම් උදරාබාධයක් හේතුවෙන් සුමිත්ට ඉස්පිරිතාලගත වන්නට සිදුවිය. එහෙත් සුමිත් දමාගෙන සිටි ලොකු සයිස් රක්ෂණ ඔප්පුවට සරිලන ලෙස දින ගණනක් සිටීමට සහ අපහසුතාවකින් තොරව ඒ කටයුතු කරගැන්ම සඳහා දීප්තිකා එවිට සිටි රෝහලට ඇතුල් වීමට සුමිත් සිතා ඒ ගැන දීප්තිකාගෙන් ඇසුවේය. දෙවරක් නොසිතා දීප්තිකා ඒ සඳහා අවසර දුන්නාය. සුමිත් සිතාසිටියාට වඩා තත්වය තරමක් දරුණු විය.. මුලදී සුමිත් බලන්නට කිසිවෙකුත් නිවසින් නොපැමිණියේය. සුමිත් සාමාන්‍යන් කිසිවෙකුට කරදර කිරීමට අකමැති කෙනෙකි. දීප්තිකාගේ පෙරැත්තය නිසාවත් ඔහු නිවසට නොකීමට සිටි අදහස් වෙනස් නොකලේය..කිසිවෙක් සුමිත් බලන්නට නොඑයි. නමුත් අවට සිටින අයට බොහෝ දේ සුමිත් ගෙනැවිත් දෙයි. එලියට යෑමට නෙැහැකි කල ලෙඩුන් බලන්නට එන අය රී ලෝඩ් දැමිමට ආදියට එලියට ගොස් එන විට සුමිත් ඔහුටත් අවට සිටින අයටත් සරිලන ලෙස බඩු ගෙනැවිත්දෙයි..තරමක අමාරුවෙන් සිටියත් සුමිත් ඔහු හදාගන්නා නෙස්ටමෝල්ට් එක හතර වටේම බෙදමින් නෙස්ටමෝල්ට් ජෝගුවක් පමණ හදාගෙන වටේ කරක් ගසමින් ඒවා බෙදයි.. සුමිත් එතරම් සමාජශීලි නැතත් ඔහුට ආවේනික කරුණාවන්ත හදවතක් විය. එය දීප්තිකා සිත බැඳ ගන්නට සමත් විය. තමුන්ගේ දියුණුව ගැන නිතර සොයාබලන අකලංක නැමැති දීප්තිකාගේ පෙම්වතාට වඩා අනුන්ගෙ ලෙඩ ගැන සොයාබලන සුමිත් දීප්තිකාට ගෙනාවේ මහත් සැනසීමකි. අකලංක කැම්පස් යන කාලෙයේ සිට දිප්තිකා දන්නා කියන කෙනෙකි.
නමුත් අකලංක සිය පවුල තමා සහ ඔහු හැර වෙනකෙක් දිහා බලන්නේ පිට අයෙක් වැනි ඇසකිනි. කොටින්ම සිය පවුලේ අය ගැන පවා අකලංකට ඇත්තේ දුරස්ථ හැඟීමකි. එය දීප්තිකාට දිරවන්නක් නොවීය. සුමිත් ඉස්පිරිතාලයේ නැවතී දින දෙකක් තුනක් ගියේය..ඉන්පසු එක් මිතුරෙක් සුමිත් බලන්නට ආවේය.. ඉන්පසු සිද්ධිය වෙනස්විය.. ඔහුගේ කාර්යාලයීය. සහ තවත්බොෙහා් මිතුරන් සුමිත් හමුවන්නට ආවේය. ඔහු ලෙඩ වී ඇතිබව නොදැන්වීම ගැන බොහෝ දෙනා දොස් පැවරුවේය..පසුව වාට්ටුවේ ජනප්‍රියතම චරිතයක් බවට සුමිත් පත්විය. තරුණ නර්ස්ලා ඇටෙන්ඩන්ලා ඔහු වට සිටින විට දීප්තිකාගේ සිතෙ යම් කිසි කලබලයක් විය. එය කිමෙක්දැයි නොදන්නා නමුත් ඔහු ලග සිට විස්තර කතාකරන්නට හදන නර්ස් කෙනෙක් ගැන දීප්තිකාට ගෙන ආවේ සතුටක්නොව තරහවකි. තරමක් සංකීර්න ස්ථානයක ගෙඩියක් වැනියමක් ඇති වී තිබුණ බැවින් දින හතක් පමණ සුමිත් වාට්ටුවේ නැවතී සිටියේය. දීප්තිකාගේ යහලුවෙක් යැයි සිතු බැවින් සුමිත්ට ලැබුනු තැන ඉහල තැනක් විය.
  ඒ වාට්ටුවේ සිටි නිවාඩු දිනවල පවා දවසට දෙතුන් වරක් සුවදුක් බලන්නට ඒම දීප්තිකාගේ සිරිතක් විය. ඒ හේතුවෙන් අකලංක සමග යොදාගෙන තිබූ හමුවීම් කීපයක් අවලංගු කරන්නට ඇයට සිදුවිය. නමුත් සිත පුරා දිවයන අමුතුම මිහිරක් පැරණි මතක සුවඳ අතරින් හමායන්නාක් මෙන් සුමිත් අසල සිටින දීප්තිකාට දැනෙන්නට විය. කාර්යබහුල වෛද්‍ය දිවිය නිසා ජීවිතයේ ඇතිවි ඇති වේදනාකාරී බව දීප්තිකාට ඇතිකලේ වෙහෙසකි. ඒකාකාරී ජීවිතය කවදා කෙලෙස කෙදින  ඉවර වේදැයි ඇයට කීමට නොහැකි විය. තමුන්ගේ අත ලැබේ යැයි සිතා සිටින අකලංකද වෛද්‍ය වරයෙකි. තමා වැනිම පීඩනයකින් සිටින දවසේ පැය 10-12ක් වැඩ කරන කෙනෙක් සහකරු කරගැන්ම ගැන නැවත සිතාබලන්නට දීප්තිකාගේ සිත යොමුකලේ සුමිත් ගේ නෙත් අගින් ගිලිහෙන අහිංසක මනුෂ්‍යත්වයද නැත්නම් ඒ වටාබැඳි ඉපැරණි රාග ධාරාදැයි සිතාගැන්මට ශරීරය විනිවිද දැක ඇති දීප්තිකාට නුපුලුවන් විය..
  වැඩි කතාබහක් නැතත් අවට අය ගැන සැලකිල්ලෙන් සිටින කෑම ගැන්ම ආදි දේදි එකතුව වැඩකල සුමිත්ගේ නික්ම යෑම දීප්තිකාට වැඩියෙනුත් ඒ හා සමානවම නැතත් වාට්ටුව ආශ්‍රිත සියල්ලන්ගේම දුක් ඇතිවීමට හේතු විය. මිනිසුන් ලෙඩුන් පිරීසිටියත් සුමිත් නැති වාට්ටුව දීප්තිකාට පෙනුනේ මල සොහොනක් විලසිනි. සුමිත් මහත්තය ගියෑට පස්සෙ ඩොක්ට ටිකක් සැරවෙලා..අපි ටිකට් කපල යැව්ව වගේ නිකම් මෙයාගෙ ගෑස්..ඒ සුලු සේවකයෙක් ඒ ගැන ප්‍රකාශ කල අදහසකි..
 ඔයා ඇවිද්න්න දුරයන්න එපා..වැඩිය වෙහෙසෙන්න එපා..ඔහොම ඉන්න කන්සල්ටන්ට් කිව්ව ඔයාව ඉක්මනට යවන්න පුලුවන් වෙයි කියල..කිව් පසු සුමිත්ගේ ඇස්වලත් මුවේත් නැගෙන කාන්තිය දීප්තිකාට මතක් විය..
දින දෙක තුනකින් සුමිත් යලි කතාකලේය. ඔවුන් දෙදෙනාට ම ඇතිවූ සිත් වේදනා නිසාදෝ හෝ ඔවුන් එකිනෙකා දුරකථනයෙන් අැමතීමත් නැවතී තිබුණි. මේ ඔය වාට්ටුවෙ වටේ තියෙන කර්ටන් පරණ වෙලා තීන්ත පාරකුත් ගෑවොත් හොඳයි..එතකොට ඔයාටත් ඉන්න පුලුවන් නේ ලස්සන වාට්ටුවක..නේද දීප්ති??
ඉතින් සුමිත් ඒක ඩිරෙක්ටර් බලාගනී..ඔයා වදවෙන්න ඕනි නෑ..ඒ දීප්තිකාය..ඒ නැතත් ඕනි තරම් දානපතියො ඉද්දි ඔයා වගේ අය මේව කරන්න ඕනි වෙන එකක් නෑ සුමිත්..


 එහෙම කියන්න එපා දීප්ති ඔයා අපි වගේ යන්තම් මේ මිනිස්සුන්නගෙ සල්ලි නිසා ඉස්සරහට ආව අය නැතුව කවුරු මේව ගැන බලන්නද?/අවසන රොහල සමග කතාකොට එක් දිනක් තුල කම්කරුවන් 7-8 දෙනෙක් යොදවා තීන්ත ගෑමත් කර්ටන් දැමීමත් සිදුවිය. සුමිත්ගේ කැමැත්තක් නැතත් රෝහල් අධ්‍යක්ෂ වරයා විසින් බොහෝ කුඩාවට පවත්වන ලද උත්සවයකින් පසු කර්ටන් සහ අලංකාර වාට්ටුව බාරදෙන ලදී..ඒ වෙනුයෙන් රුපියල් ලක්ෂයක් පමණ වියදම් වන්නට ඇති බව දීප්තිකාට වැටහුනි.. රජයේ කන්තෝරුවක් හා සම්බන්ධ රාජකාරියක නිරත සුමිත්ට එය මාස තුන හතරක වැටුපක් මිස ඊට අඩු විය නොහැකි බව දීප්තිකාට තේරුණි. ඉන්ෂුවරන්ස් එක වුවත් එතරම් විශාල මුදලක් ලැබේද?


මගේ ඉන්ෂුවරන්ස් එකෙන් දවසට රුපියල් නවදාහක් ලැබෙනව..හොස්පිටල් හිටියොත්..මාසෙකට රුපිය්ල 10.000ක් ඉන්ෂුවරන්ස් එකට ගෙවනව.. මගේ පඩියේන් තුනෙන් එකක් ඉන්ෂුරන්ස් එකට..ඔයා ඊලගට අහන්නෙ ඇයි මේතරම් ලොකු ඉන්ෂුවරන්ස් එකක් කියල නේ..
 .ඔයා ගැන මං ගොඩක් බලාපොරොත්තු තියාගන හිටිය. එ්ත් ඉතින් අපි හමු උනේ නෑ.. පස්සෙ කාලෙක මට වෙන ගර්ල් පෙන් කෙනෙක් හමු උනා..මං එයා වෙනුවෙන් ගොඩක් දේවල් කලා ඒත් අවාසනාවට ඒක නැතිඋනා..මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක ඒ ගර්ල් යාලුවුනා.දැන් මාව දැක්කත් නොදන්න ගානට යනව..මගෙන් ෂුස් දෙකේ ඉඳල කොන්ඩ කට්ට දක්වා වියදම් අරගෙන මට වඩා හොඳ අත්තක් අහුඋනාම දාල ගියා..ඒක තමයි ලෝකෙ හැටි. පස්සෙ මං හිතුව මම තවත් කවදාවත් කසාද බඳින්නෙ නෑ කියල..ඉන්පස්ෙස ලෙඩක් දුකක් හැදුනොත් කියල ගන්න ලොකු ඉන්ෂුවරන්ස් එකක් දැම්ම..ඒකෙන් මං මලොත් ලකෂ පනහක් ලැබෙනව..කෝමද ආ..ලක්ෂ පනහක් කියන්නෙ මගේ මරණ ගෙදර තියයි නිකම් පාටියක් වගේ මගේ නෑයො..හහ් හහ් හහ්..හා...ඒකෙ එක කොන්දේසියක් තමයි ලොකු ගානක් ලැබෙන එක ලෙඩ උනාම..
ඉතින් සුමිත් ඔයාට ප්‍රයිවෙට් එකක නවතින්න තිබුන් නැද්ද ඔය තරම් ලොකු ගානක් දීලත්..ම්්ම්..ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ලක්ෂ දෙකහමාරක් ගෙවනව..ඒත් උන් ලගට ගියා කියල සල්ලි නාස්තිවෙනව විතරයි..
අඩු තරමෙ මේ සල්ලි වලින් වාට්ටුවෙ තීන්ත හරි ගෑවුනානේ..


ඒ උනාට ඔයා හිතන තරම් ලෝකෙ නරක නෑ සුමිත් ඔයාට ලස්සන ගර්ල කෙනෙක් ලැබෙයි ඔයාට සලකගෙන ඉන්න කෙනෙක්..

ඒ.ත් මට සල්ලි පස්සෙ දුවන්න තියෙන ආසාව කලින් සිද්දියෙන් නැති උනා..දැන් ගර්ල්කෙනෙක් හමු උනත් මට සල්ලි ඇත්තෙම නෑ..ප්ලෑනක් ඇත්තෙත් නෑ...මුකුත්ම නෑ වගේ නිසා කැමති වෙන එකක් නෑ..බාගෙදා කැමති වෙන්නත් පුලුහං..ඒත් මං ඉතින්වැඩිය ඕවට නෑ..ලෝකෙ කොයි තරම් දේවල් තියෙද ගැනු නැතුව..

  එදා අතරමැද සතියේ නිවාඩු දිනයකි. නිවසට වී දවල් වෙනකල් නිවාඩු පාඩුවේ නිදියා ගන්නට හැදුවා පමණි ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය..
 ( මේ කතාව තුල ඇති නං ගං හැර සියල්ල මනංකල්පිත වෙයි..)මෙහි..දෙවැනි කොටසක් ඇති අතර එය එතරම් රසවත් නොවනු ඇති යැයි සිතන බැවින් එය පලකලේ නැත..
  පසුව පලකරන ලද මේ කතාවේ දෙවැනි කොටස මෙතැනින් කියවිය හැක..

Sunday, January 8, 2012

Lanka Broadband (ලංකාවේ බ්‍රෝඩ් බෑන්ඩ් අවුල් වීමට තාක්ෂණික හේතු කීපයක්)

නිවැරදි පරිධි අවසන් වේගය ලබාදීමට සන්නිවේදන ස්ථාන සමත් නොවීම...

අපි පහුගිය කාලෙ දැක්ක වෙළඳ දැන්වීම් වල විශාල වේගයන් සහිත මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සහ වෙනත් ඒ ඩි එස් එල් වයි මැක්ස්(ADSL,Wi Max) වගේ තාක්ෂණ කරලියට ඇවිත් විශාල මෙගාබිට් ප්‍රමාණයේ පරාසයන් (High speed Broadband) සහිත අන්තර්ජාල පහසුකම් ලබාෙදන බවට දැන්වීම්. ඒත් පොඩ්ඩක් රට ඇතුලට ගියොත් ඔය කියන ලස්සන නෑ. ඔබ විසින් 7.2(7.2Mbps) කමෙගාබයිට් තත්පරයට වේග සහිත ඩොංගලයක් (dongle) මිලදී ගත්තාට ඔබට සංඳා සැපයෙන කුලුනින්(Tower) ඒ වේගය ඔබට නිකුත් කරන්නෙ නැත්නම් ඔබ ඩොංගලය මොකක් ගත්තත් වැඩක් වෙන්නෙ නෑ. එසේ කුළුන පැත්තෙන් ඔබට අවැසි මෙගාබයිට් වේගයකින් අන්තර්ජාලය දෙන්නනම් විශාල ලෙස ඒ දුරකතන සමාගමේ පසුපස කොටස (Backbone network) ශක්තිමත් වෙන් ඕනි..ඔය කියන 7.2 කියන වේගය සැබෑ ලෙසම දෙන්න නම් අනිවාර්යෙන්ම ඒ කුළුනට ප්‍රකාශ සංදාමයක් (optical fibre cable) පැමිනිය යුතුයි. නැත්නම් පිටුපස ජාලය රේඩියෝ ලින්ක්(Radio link) නම් ඒ අවශ්‍යතාවය සපුරගන්න අපාසුයි. නමුත් මුලු ලංකාවම ගත්තත් දැනට ප්‍රකාශ සංදාම අදින ලද කුළුනු ගණන සියයකටත් අඩුයි. මෙතනදි වයි මැක්ස් සහ ඒඩි එස් එල් ගත්තත් එහෙමයි. එයාලගෙ එක්ස් චේන්ජ් වල කැපෑසිටි වැඩි කරගෙන නැත්තම් අපිට සරිලන වේගය හො දැන්වීමේ සඳහන් වේගය ලබාගන්නට අපහසුයි. වයි මැක්ස් වැනි සම්බන්ධතාවයක් ලබාදීමේදි ප්‍රකාශ සංදාම තිබීම වඩාත් හිතකරයි. මොකද ඒ වයි මැක්ස් හරහා විශාල ප්‍රමාණයේ දත්ත හුවමාරුවක් තිබෙන නිසා. ටෙලිකොම් ඒඩි එස් එල් ලබාදෙන හුවමාරු මධ්‍යස්ථාන නම් දැන් බොහෝ වෙලාවට ප්‍රකාශ කේබල වලින් සම්බන්ධ වෙලා තමයි තියෙන්නෙ. ඊට අමතරව ප්‍රකාශ කේබල මගින් කුඩා ප්‍රමාණයේ මධ්‍යස්ථාන හරහා(Outdoor Msan) දත්ත බෙදාහැරීමේ ක්‍රමවේදයක් ටෙලිකොම් සමාගමසතුව තිබෙනවා..එය දැනට එකතු කරමින් තමා යන්නෙ. ඒ හරහා නගරයෙන් බොහෝ ඈත ගම් දනව් වලට අධිවේග අන්තර්ජාල පහසුව ලබාගන්නට හැකිවේවි මේ තාක්ෂණය සහ මෙහෙයුම් නඩත්තු යෙදීම් හරියට සිදු වුනොත්...

බාල සහ ලාබ චීන බඩුවලින් ජාලය ශක්තිමත් කරන්නට යෑම...
චීනය කියන්නේ නරක නිශ්පාදන නිපදවන රටක් නොවේ. ඇපල්(apple) සමාගමේ නවතම අයිෙපාන්(i phone) නමැති අධිතාක්ෂණික ජංගම දුරකථනය තනන්නේද චීන රටේය. නමුත් එය නොවේ ගැටලුව. අපේ ඇත්තන් ඉතා අඩු මිලට විශාල කර්තව්‍යයන් කරගන්නට යෑමයි. චීන රටවල පවතින හුවාවි(Huawei) ඉසෙට් ටී ඊ(ZTE) යනු ඒ රටේද සමහර විට වෙනත් රටවලද ජනප්‍රිය සමාගම්ය. නමුත් ඒ වැනි විශාල කම්පැනි අපේ රට සලකන්නේ අත්හදාබැලීමේ ස්ථානයක් හෝ කුනු බක්කියක් වැනි ලෙසටය. ඒ නිසා ඒ සමාගම් අපේ රට වෙත එවන බඩු බොහෝ විට යම් යම් සුලු සුලු ආබාධ දෝෂ හේතුවෙන් මුලු ලොට් එකම ෆේල් වූ ඒවා වන්නට ඇත. එවන් බඩු හිතනවාට වඩා බොහෝ අඩුමිලට අපේ රට වෙත ලැබේ.. දකුනු ආසියාවේ ප්‍රථම වතාවට ලංකාවට ජංගම පුලුල් පරාස අන්තර්ජාල පහසුව( Mobile Broadband) ලැබීම සමහර අයට මාර දෙයකි.. එහෙත් ඒ තුල ඒ චීන සමාගම් වල උපකරණ අත්හදා බැලීෙම් අවස්ථාවක් උදාකරගත් බව සමහරුන් ගේ මතයයි. එසේම මේ සමාගම් සමහරෙක් ලංකාවේ වැඩ කිරීමට එන්නේ ඒ රටවල සිටින අධ්‍යාපන ආයතන වල පුහුනුව ලබන අය වෙයි. එනම් විශාල දැනුමක් සහිත පරිණත අයවලුන් එන්නේ අඩුවෙනි. මේ ආකාරයෙන් තොග ගනන් අඩු මිලට එන උපකරණ ජාල වලට කෙලින්ම දමන්නට පෙර ඒවා පරීක්සා කරගැන්මේ පහසුකම් අපරට තුල ඇති දුරකථන සමාගම් වලට නැත. ඒවා ඉතා වැඩි ධාරිතාවක් සහිත තත්ව යටතේ වැඩකරන විට ඇතිවිය හැකි ගුණ දොස් බොහෝවිට විචාරන්නේ ඒවා ජාලයට සම්බන්ධ කර කාලයක් ගිය පසුය..
Dec 2011 2Mbps test results from SL TRC
අසාර්ථක ජාල සැලසුම්....
ලංකාවේ ඒ ශ්‍රේණියේ මහාමාර්ග වල පවා අපි වැඩක් කරමින් අන්තර්ජාලයේ සැරසරමින් රථයක ගොඩවී ගෙන යන විට සිග්නල් නැති වීම එයි. එසේම නාගරිකයන් වැඩිපුර ඒකරාශී වන ස්ථානය තිබියදී..මහ යදම් වැනි කේබල නගරයට දුර හුවමාරුවක සිට නගරයට පැමිණෙන ආකාරය ඔබ දැක ඇති. එවන් දේවල් වන්නේද අසාර්ථක සැලසුම් නිසාය. සාමාන්‍යන් ජනතාව පදිංචි වන අාකාරය මහා මාර්ග, වැඩිපුර ජනතාව ගැවසෙන තැන් ගැන සලකා බලා ජාල සැකසීම කල යුතුය. තදාසන්න පෙදෙස් වල නම් එක් කුළුනකින් සම්බන්ධතාව නොලැබුනත් ඇමතුම සම්පූර්න වෙන ආකාරයට ජාලය තිබිය යුතුය. නමුත් නොවන්නේද එයය. සමහර විට උඩරට පැතිවල කඳු උඩ ගහන ලොකූ කුළුනකින් ඇමතුම් සේවා ලබාගන්නේ එක්කෙනෙකි දෙදෙනකි. එවන් අවස්ථා වල ඒ කුලුනු වලට දරන ලද වියදම අපතේ යයි. යම් ස්ථානයක් කවර් කල පසුඒ ස්ථානයේ පාරිභෝගියන් අඩුයැයි කණුව ගලවාගෙන ඒම නීතිවිරෝධීය. එහෙත් මිනිසුන් වැඩි ස්ථානවල අන්තර්ජාල පහසුකම් වැනි සබඳතා ඉතිරිව තිබියදී අවැසිතාවය නැති තැන්වල පහසුකම් ලබා දෙති. පසුගිය වසරේ දැයට කරුළ වැඩසටහන සඳහා ජනප්‍රිය ටෙලිකොම් ආයතන කීපයක්ම තම ධාරිතාවයන් වැඩිකරන ලදී. නමුත්ඒ පැතිවල සිටින හේන් ගොවි ජනතාව ඒ ඩී එස් එල් භාවිතා කිරීමට තව අවුරුදු 10ක් 15ක් වත් යනු ඇත. එවන් විටකදි රජයෙන් එක ලබාගැන්මට ඒවා කලත් පසුකාලිනව එය සමාගම්වලට ගෙන එන්නේ විශාල ලාභයක් නොවේ..
(පාඨකයින්ට බ්ලොග බැලීමේ පහසුව තකා එහි දර්ශනය වන ආකාරයේ වෙනසක් සිදු කරන ලදී..තවත් යමක් වෙනස් වීමට අවැසි නම් හෝ ලෝඩ් වීමට විශාල කාලයක් යන්නේ නම් එය දැනම් දෙන මෙන් ඉල්ලමි..)

Friday, January 6, 2012

මුර කපොල්ල (check point)

මහා වීදියේ පසකට වෙලා...කුරුල්ලෙක් වගේ කූඩුවෙ වෙලා....
තුවක්කුවක් එක් අතකින් දරා...රකින්නේ කවුද කියපන් සනා....

ගරා වැටෙන මස තදකර වසා තෙරපලා...

නුරා වැටෙන සේ හැඩකර අඩිය ඔසවලා..
සරාගික ව ඇවිදින සමනලුන් දෙසබලා..
සැනසී...පරාජිතව ඉන්නේ සතුරෙක් ද එනතුරා...

ගෝනි වන් ඇඳුම සිසිලට ඉඩ නොදී ඈතී..

මාන බල බලා ඉන්නට ඇස් දෙකත් මදී..
පේන නෙක දසුන් විඳිනට වරම හිමි නැති ...
නේන හෙට දිනක් ගැන සිහිනයක් දෝ හිමී..

අවි බටේ තනි රකී...එය දිශා පෙන් වතී..

මහ පිළිමයක් වැනී ...තනියට සුලග පමනකී..

Wednesday, January 4, 2012

උසස් පෙලට පන්ති තෝරා ගැන්ම.(select a class for A/L)

.මා උසස් පෙලට පන්ති තෝරාගන්න විටමා බොහෝ ප්‍රමාද වෙලාය. මාගේ නෑයින් මිතුරන් කොමස් තෝරා ගනිද්දී මට මැත කිරීමේ අධික උනක් විය. මට සාමාන්‍ය පෙල මැත්ස් වලට තිබුනේ සාමාන්‍ය සම්මාන සම්මාර්ථයකි. එයින් මැත්ස් කිරීමට දීමට තරම් පාසැල කාරුණික විය. කෙසේ හෝ පසු කලෙක උසස් පෙලත් හමාරවී මට සාමාන්‍ය පෙල ගණිතයට ඇති සලකුන මදි බව දැනෙන්නට විය. එවිට මම පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට පෙනී සිටියෙමි. එම අවස්ථාවේමා නිල් පෑනක් හැර වෙනත් කිසිදු ලියුම් කියුම් මැනුම් උපකරණයක් ගෙන ගියේ නැත.මා ජ්‍යාමිතික නිර්මාණ කලේ මගේ හිතුමනාපයටයි. එහෙත් ඒවා නිවැරදි බවට මට හොඳ විශ්වාසයක් තිබුනි. එම විභාග ශාලාවේ සිටි අධික්ෂක ගුරු මහත්මියක් මා පෑනෙන් ජ්‍යාමිතිය කරනු දැක නිකටේ අත තබාගති. එහෙත් ජ්‍යාමිතිය ගණන සම්පූර්ණයෙන්ම වැරදුනත් ඉතිරි ඒවායින් මා ඉහලින් සමත් වෙනු ඇතිබවට මට හොඳ විශ්වාසයක් තිබුනි..පැය 2ක්හෝ තුනක් ඇති ප්‍රශ්ණ පත්‍රයමා බොහෝ කලින් නිමකර,එයදී වීරසේකර පරිදි ගියේය එවකට විභාග ශාලාවේ සිටි අයත් අර ගුරුවරුනුත් මා සලකන්නට ඇත්තේ පාඩම් නොකර විබාගය ලියන්නට ආ මැට්ටකු ලෙසයි. එහෙත්  මා හට උසස් සාමාර්ථයක් විය. උසස් පෙල අවුරුදු දෙකක් හැදෑරු මට සාමාන්‍ය පෙල ගනිතය කිරි කජු මෙන් විය.

විශයයන් තේරීම.. .
විශයයන් කුමක්ද ඒවායින් වෙන්නේ මොක්කුන්ද කියා වගේ වගක් අපි සාමාන්‍ය පෙල හමාර කල පසු තිබුනේ නැත. එහතේ බයෝ කලහොත් වන්නේ දොස්තර කෙනෙක් බවත් එය සමත්වීම අමාරු බවත් දැනගෙන සිටියේ මගේ අයියා නිසාය. කෙසේ හෝ මගේ වාසනාවකට මෙන් මා ගණිත විශය ධාරාවට කැමති විය. ගණිතවිශය ධාරාව යනු සාමාන්‍ය පෙල ගණිතය විද්‍යාව සමත් ඕනෑම කෙනෙකුට කල හැකි විෂය ධාරාවකි. එය පුහුනු කල යුතු විශයයකි. ගණන් හදාම පුරුදු විය යුතුය. ගණිතය කිරීමට මහා තර්කානුකූල බුද්ධියක් අවැසි නැත. මා සිටි පන්තිවල සිටි සමහර සිසුන් මාද ඇතුලුව සමහර ගනිත කර්ම සහ කොටින්ම සමහර ගණිත කොටස්ද ගනන් හදලාම පුරුදු උන ඒවාය. එනම් එක ගණන 2-3 වතාවක් හදා තව 4-5 වතාවක් වරින්වර හැදීමෙන් බොක්කටම ගාන යයි.. ඉන්පසු ඒ ගාන කුමන ආකාරයට ආවත් අමාරු නැත. ගණිත විශය ධාරාවේ ඇති අනෙක් වාසිය නම් විශයයනි තුනම එකම ආකාරයට ගමන් කිරීමයි. සංයුක්ත ගණිතය විශය තුල ඇති බොහෝ කොටස් භෞතික විද්‍යා විශයයට වැදගත් වෙයි. රසායන විද්‍යාවේ වුව භෞතික රසායන කොටස ගණිත සිසුන් සඳහා එතරම් අමාරු නොෙව්.. කෙසේ උවත් මට තිබුන උපරිම සාමාර්ථය සී 3කි. එහෙත් මට සී 3ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ වරමත්. එන්ඩීටි යෑමේ හැකියාවත්, ගුරු විද්‍යාලයයකට තේරීේම හැකියාවත් හමුදාවේනම් උසස් නිලයන්ට කෙලින්ම පුහුනු වීමේ හැකියාවත් ලැබුනි. මා සමග උසස් පෙල ගණිතය කර 3 වතාවේ යන්තම් එස් අකුරු 3ක් දමාගත් යහලුවා පවා අද එන් සී ටී නැමැති කාර්මික පාඨමාලාව හදාරා සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ තාක්ෂන නිලධාරියෙකු ලෙස වැඩකරයි. අපේ අවුරුද්දේ එස් 3ක් ගත් සිසුවෙකුට ගණිත විශය ධාරාවේ පැමිණි අයිලන්ඩ් රෑන්ක් එකෙහි මට ඇසුන අඩුම අගය 11ස් දාස් ගානකි. නමුත් වාණිජ විශයය ධාරාව සඳහා එස් 3ට පැමිණි සමහරක් අයිලන්ඩ් රෑන්ක්ස් 42දහසක් දක්වා වැඩි අගයකි..ආට්ස් වලනම් එයටත් වඩා වැඩි විය හැක. එසේම අද තත්වය බලන විට සමහර වාණිජ කරන ලද අයගේත් මැත්ස් කල අයගේත් වැටුප් සහ සමාජ තල අතර පරතරය බැලුවිට පෙනී යන්නේ සිතාගත නොහැකි තත්ව වල ගණිත සිසුන් සිටින බවයි. එසේම යම් අයෙක් වාණිජ විෂයන්ට සහ කළමණාකරණයට ආශා කරයි නම් ඔහුද බැරි මරගාතේ හෝ ගණිත විෂයය ධාරාව හැදෑරීම යෙහෙකි. මන්ද අපිට අවැසි ඕනෑම වාණිජ අංශයේ කුෂලතාවයකට සමාන කුසලතා බාහිර ඇති පාඨමාලා හැදෑරීමෙන් ලබාගත හැකි බැවිනි. මා කලක් චාටර්ඩ් එකවුන්ටන්සි පන්ති ගියේය. එවිට තිබූ ගණිත විෂයය මෙන්ම වෙනත් වණිජ විශයයන් මෙන්ම ගණිත විශය කොටස්ද ගණිතය හැදෑරු සිසුන්ට ලේසි විය. එසේම සමහර සිසුන් ඉතා කෙටි කලක් තුලදී වාණිජ විශයයන් අන්තර් ග්‍රහනය කරගැන්මට සමත් විය. එසේම ඔබට පිටරට විශ්ව විදායලයයක හෝ මෙරට ඇති අධ්‍යාපන ධාරාවක වැඩිම විෂය ක්ෂේත්‍ර ගනනාවකට ඇතුලු වීමේ වාසනාව ලැබෙන්නේද ගණිත සිසුන්ටම වෙයි..
 අරුණි ෂපීරෝ මහත්මියද වරක් පැවසූ ආකාරයට කලා කරුවන් අතරද ගණිතය හැදෑරු අය එතරම් වෙනසක් නොදක්වයි.. අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැන්නන් මෙන්ම කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත අතර ගණිතය හැදෑරුවන් බහුලය. ලබාගන්න තර්ක බුද්ධිය කලාවට යොමුකල හැකි වීමද කලා කටයුතු වල දක්ෂයින් ඇති වීමට හේතු වෙයි. එසේම ඔබ අප මේ එක්වී සිටින සිංහල බ්ලොග් අවකාශයේද කලාත්මක නිර්මාණ කරන අය අතර කතන්දර කාරයා ආදි බොහෝ බ්ලොග් නිර්මාණ කරුවන් රාශියක් ගණිත විශයය හදෑරු අය වෙති.
    සාමාන්‍යනේ කුමන හො හේතුවක් නිසා මා උසස් පෙල කල සමයේ මෙන් මෙකලද වාණිජ කරන සිසුන් විෂයයන් තුන එක්වර ඉහලින් සමත් වන ප්‍රවනතාවයක් තිබුනත් ගණිත සිසුන් එතරම් හොඳ ප්‍රතිපල පෙන්වන්නේ නැත.. පෙන්නුවත් බොහෝ විට ප්‍රතිපල බර නැත. එනම් ඒ බී අකුරු අඩුය. නමුත් වාණිජ කලා විශයයන් කරනෙ බොහෝ දෙනකුට උසස් සාමාර්ථ ලැබේ. සමහර මගේ මිතුරන් පවා මේ ලැබෙන අකුරු වලට බිය වී ගණිතය හැරදමා වාණිජ විශයය ධාරාව කලේය. නමුත් පසුකලෙක අපි ඉතා ලෙ හෙසියෙන් ගිය සමහර ස්ථානවලට ඔවුන්ට යෑමට විශාල කැපකිරීම් කරන්නට ඔවුන්ට සිදු විය. උදාහරණ ලෙස උසස් ඩිප්ලෝමාවක් සහිත ඉංජිනේරු ක්ෂේත්‍රයේ අයකුට රැකියාවකට එයම ප්‍රමාණවත් වෙයි. නමුත් වාණිජ අංශයේ රැකියාවකට යන විට බොහෝ දේ බොහෝ සහතික අවැසි වෙයි.


පන්ති සහ සර්ලා තෝරාගැන්ම...


එකල මෙන්ම මෙකලද දරුවන් විසින් දෙවියන් බුදුන් ලෙස සලකන සමහර ටියුෂන් මාස්ටර්ස්ලා හරිහැටි සිලබස් කවර් කරන්නේ නැත. සමහරු නාමිකව විශය නිර්දේශ ආවරණය කලත් අවසාන භාගය අස්ප රේස් තරම් ඉක්මනට යන්නේ මුල් හරියේ ගිය ඉබිගමන හේතුවේන ඉතිරි වී ගිය පාඩම් හැදෑරීමටයි. මෙයින් භෞතික විදා්‍යාව සහ රසායන විද්‍යාව ගතහොත් පිලිවෙලින් ඉලෙක්ට්‍රොනික්ස්, පදාර්ථයේ ගුණ, විද්‍යුත් ක්ෂේත්‍ර සහ භෞතික රසායනය,කර්මාන්ත රසායනය ආදි මඳක් සරලව හැදෑරීමෙන් විශාල ලකුනු ප්‍රමාණයක් ලබාගත හැකි විශය කොටස් ඇත්තේ විශය නිර්දේශයේ අවසානයට වන්නටය. එම විශාල ලකුනු ගත හැකි කොටස් වලට රේස් දුවමින් ටියුට් දෙමින් මුද්‍රිත කොල දෙමින් හදිසි කිරීම යනු විභාග ප්‍රශ්ණ පත්‍රයේ විශාල කොටස් ගණනක් මග හැර ගැන්මකි. එබැවින් ගුරුවරයා කියන දේ දේවභාෂිත මෙන් තේරුනත් ඔහු විසින් කලින් වසර වල විශය නිර්දේශ අාවරණය කරන ලද්දේද එසේනම් ඒ අවසාන ඒකක වලට රේසින් යෑමෙන්ද යන්න සලකා බැලීම වැදගත් වෙයි..එය ඒ සිසුවන්ට හො දෙමාපියන්ට කලින් වසර වල සිසුන්ට විශය නිර්දේශ ආවරණය කල කාල සලකා බැලීමෙන් උගත හැකිය. එසේම කිසිම විශයයකට හොඳ ම ගුරුවරු නැත. සෑම පන්තියකම පාස් වෙන ලමයි අධි සාමාර්ථ ඇති ලමයි මෙන්ම අසමත් ලමයිද සිටිති. ගුරුවරයා කෙතරම් හොඳ උවත් වැඩ කිරීම ඇත්තේ ඔබ අතේය. මා පුද්ගලිකව නම් කැමති ලමයි 50කට වඩා අඩුෙවන් ඇති එතරම් කතන්දර නොකියන විශය දැනුම ලබාදෙන ගුරුවරුන්ටයි. ඔවුන් නිසි ලෙස විශය කරුණු සහිතව විශය නිර්දේශ ආවරණ කරන්නේ නම් විහිලු කතා ඇසීමට බණ ඇසීමට පොලිටිකල් දේවල් ඇසීමට තවත් අයට බණිනවා ඇසීමට ලොකු ගණනක් සිටින පන්තියක අවසන් පේලිවල මිරිකී සිටීමෙන් තේරුමක් නැත. කුඩා පන්තියකට ගියොත් ඒ ගුරුවරයාගෙන් ඔබට දන්නැති යමක් ඇසීමට මෙන්ම ඔබට ඇති අවධානය වැඩිකරගැන්මටද එය හේතු වේ.. ටියුෂන් යනු ඇත්තෙන්ම විශාල ව්‍යාපාරයකි. එහි මහා විශාල දේශනා දෙන අය සැබැවින්ම විශය පිළිබඳ දක්ෂයින් විය හැක. නමුත් ප්‍රායෝගික තලයේ ඔවුන් එතරම් දක්ෂ දෙවියන් බුදුන් මෙන් සැලකිය යුතු පිරිසක් නොවේ.. උදා බන්දුල ගුණවර්ධන, මොහාන් ලාල් ග්‍රේරු, ආදින්.. අනික් කාරණාව නම් පාසැල් යෑමයි..
     බොහෝ ටියුෂන් ගුරුවරු පාසැල් යෑම එතරම් ලොකු දෙයක් ලෙස නූගන්වති. නමුත් පාසැල යනු විශයයන් හැදෑරීමට ඇති විශාල අවකාශයකි. ඔබේ පාසලේ යම් ඉගැන්වීමේ අවුලක් ඇතත් ඒ පාසලේ ඇති බංකු පුටු වල වාඩි වී පාඩමක් කරගැන්මට යාලුවන් සමග විශයයන් සාකච්චා කරගැන්මට එක් වී ගනන් හැදීමට පාසැල සුදුසුය. කවුරු කෙසේ කීවත් ටියුෂන් යන ගිරවුන්ට වඩා හැමදාම පාසැල් යන සිසුන් ඉහලින් සමත් වෙයි. මා පැසැල් ගිය කාලයෙ සිටි සමහර ගුරුවරු අපිට ටියුෂන් කරන ගුරුවරුන්ගේ ගරුබුහුමනට පාත්‍ර වූ විශිෂ්ඨ අය බව දැනගත්තේ බොහෝ පසුවය. අපේ කල එක් සිසුවෙක් කෑම කණ අතර ඔහුට ගණනක් මතක් වී අනික් සෙට් එකට කෑම එක දී කෑම එතු කඩදාසි පත්තරයේ ගාන සැදු සිද්ධියක් මතක ඇත. උසස් පෙල කරනවිට කරදඩු උස් මහත් වූවාට නියම ළමා මානසිකත්වය ආදි දේ ලබාගත හැක්කේ පාසලෙනි. එහි යෙදෙන බාහිර ක්‍රියාකාරකම්ද බොහෝ වැදගත්ය. මේ උසස් පෙල අද බොහෝ යාන්ත්‍රික ක්‍රමයක් වී ඇතත් ඒ තුලදීත් බාහිර ක්‍රියා වැඩි පාසැල් යන සිසුන් තවමත් ඉහලින් සමත්වන ප්‍රවනතාවයක් ඇත.


විභාගයක් ඇති බව මතක නැති නොකරමු...

 අපි උසස් පෙළට කුමක් හැදෑරුවත් අවසන ඇත්තේ විභාගයකි. එයට සැරසීම බොහෝ සිසුන් අතපසු කරයි. ගුරුවරුන් ලියා ඇති ලස්සනට මුඳ්‍රනය කර ඇති නිබන්ධන බැලීමවත් ලස්සනටපාට පාට අකුරින් සටහන් ලියා රූලෙන් ඉරි ගැසිමෙන්වත් ඔබ විභාග සමත් වන්නේ නැත. බොහෝ විශයයන් වල ඇති පාස් පේපර්ස් නොහොත් පසුගිය ප්‍රශ්ණ පත්‍ර පොත යමෙකුට 2-3 වතාවක් කල හැකි නම් හෙතම විශාල ලකුනු ගැන්මේ හැකියාවක් වර්ධනය කරගනී. එහෙත් විභාග ලංවනවිට නෝට් හදමින් නිබන්ධන වනපොත් කරමින් කාලය නාස්තිකිරීම සමහර සිසුන්ගේ චරියාව වි ඇත. ඔබ කුමන ක්ෂේත්‍රයක් හැදෑරුවක් අවසන් මාස 6-7 කැප කල යුතු වන්නේ වැඩි වැඩියෙන් තනිවම ප්‍රශ්න වලට උත්තර ලිවීමට උථ්සාහ කිරීමටයි. ඔබ ප්‍රශ්ණයකට විනාඩි 2ක් ඇතිබව අවුරුදු 2.5කට පෙර උසස් පෙල පටන් ගන්නා විටම දනී. ඔබගේ වේගය මඳ නම් ඔබ විසින් ඒ වේගය තනාගන්නට යමක් කල යුතුය. ප්‍රශ්ණ පත්‍රයට බැනීමෙන් එහි හැදූ කෙනාට බැනීමෙන් එය සිදු වන්නේ නැත. අපි විසින් ප්‍රශ්ණ වඩා පුහුන වන තරමට ප්‍රශ්න ලේසි වනු ඇත. නෝට් වාඩා බැලූ තරමට නෝට් බැලීම ලේසි වී පත්තර බැලීම නවකතා බැලීම ඉන්ටනෙට් එකේ බ්ලොග් බැලීම වැඩිදියුණූ වනු ඇත. වැඩිපුර සිද්ධාන්ත සහිත කොටස් අධ්‍යනය කිරීමේදිද නෝට් කියවන අතර ප්‍රශ්න වලට පිලිතුරු සොයා ඒවා ලිවීම වැදගත් වෙයි. 
කෙසේ හෝ විභාගයක් යනු සමත් විය යුතු එකකි. එහෙත් එය ඉහලින් සමත්වීමට එයින් සුපර් සොනික්ස් ලා මෙන් අධි ධාවනකාරයින් වීමට උනන්දු කරන මේ අධ්‍යාපනය පිළිකුල් සහගත එකකි. යම් විශයයකට ඔබට සම්මාන සාමාර්ථ 3ක් ගත හැකිනම් එය මනාය. එහෙත් මගේ අත්දැකීම අනුව නම් ඔබ සාමාන්‍ය සම්මාන අපෙක්ෂා කලත් සියලුම විශය කරුනු මනාව ඉගෙන ප්‍රශ්ණ පත්‍ර හැදෑරීම සුදුසුය. මන්ද ඔබ නොසිතන ආකාරයක අයුරක ප්‍රශ්ණ පත්‍රයක් ලැබීමේ සම්භාවිතාව ඉතිහාසය විසින්ම සනාථ කර ඇති නිසාය. ( 2003 වසරේදී ව්‍යාවහාරික ගණිත විශය දැඩිලෙස අමාරු වීම නිසා ඒ ප්‍රශ්ණ පත්‍රයේ මුලු ලකුනු 600 6න් නොබෙදා 5න් බෙදා ලකුනු දීමට තීරණය කරනලදී..එහිදී ලකුනු 500-600 මට්ටමේ සිසුන් සිට ඇත්තේ කිහිප දෙනෙකි..)

ලිනක්ස් මින්ට් වල මෘදුකාංග ස්ථාපනය කිරීම..(linux mint software installation)

.උබන්ටු පාදක(Ubuntu Based) මෙහෙයුම් පද්ධති(OS) වලින් වඩාත්ම ජනප්‍රිය එකක් වෙන්නෙ ලිනක්ස් මින්ට්(Linux mint).වැඩිම භාවිත කරන්නන් සංඛ්‍යාවක් ඉන්න ලිනක්ස් බෙදාහැරීම විදියට ලිනක්ස් මින්ට් ජනප්‍රිය උනා. දැන් ලිනක්ස් මින්ට් ඩේබියන් මූලික(debian based) සහ උබන්ටු මූලික කියල වර්ග දෙකකින් එනවා. සාමාන්‍යෙන් වින්ඩෝස් සහ ලිනක්ස් වල වෙනසක් තියෙනව. වින්ඩෝස් වල අපි හුරුවෙලා ඉන්නෙ ඕනෑම පිටතින් ගෙනන මෘදුකාංගයක් ස්ථාපනය කරන්න. දැන් පැමිණෙන නව වින්ඩෝස් 7(windows 7) මෙහෙයුම් පද්ධතියේ නම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට ප්‍රථමයෙන් යම් පණිවිඩයක් එනවා එම මෘදුකාංගය පිළිබඳව. ඒ එසේ එන පණිවිඩය හරහා අපිට දැනගන්න පුලුවන් මේ අපි ස්ථාපිත කිරීමට යන මෘදුකාංගය කෙබඳු එකක්ද කියලා. ඒ හරහා ඔබට පුලුවනි ඔබේ මෙහෙයුම් පද්ධතියට නොගැලපෙන වෙනත් අනාරක්ෂිත වැඩසටහන්(malware) ධාවනය නොවන නියමාකාර මෘදුකාංග ස්ථාපනය කරගන්න..


ගෘහස්ථ පරිඝනක(desktop computers) සඳහා පැමිණෙන බොහෝ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වල උදා ෆෙඩොර(fedora),උබන්ටු(Ubuntu),සූස්(open suse),මැන්ඩ්‍රිවා(mandriva), පපී(puppy) ආදි ඒවායේ ඇතුලත් කරගත හැකි මෘදුකාංග ලැයස්තුවක්(software list) තිබෙනවා..ඒ මෘදුකාංගය ස්ථාපනය කරගැන්මේදී අවැසි වෙනත් ප්ලගීන(plugins) සහ වෙනත් කුඩා මෘදුකාංග කොටස්ද දැක්වෙනවා.. උදාහරණ ලෙස අපි ගොනු සැකසීම සඳහා ඔෆිස් පැකේජයක් ස්තාපනය කලා යැයි සිතමු..ඒ ඔෆිස් පැකේජය අපිට සිංහල භාවිතයෙන් දැකගැන්මට අවැසි නම් වෙනත් ප්ලගීනයක් ස්තාපිතකල යුතු වෙනවා. අවැසි ප්ලගීනය අපිට සොයාබලා විස්තර සහිතව දැකගැන්මේ අවස්ථාව තිබෙනවා. එසේ නොමැතිව ඔබ කෙලින්ම දන්නා ප්ලගීන හෝ වෙනත් මෘදුකාග තිබේනම් කෙලින්ම ටර්මිනලය හරහා ස්ථාපනය කරගන්නත් පුලුවන් විධාන ලබාදීමෙන්..


මෙහිදී මෘදුකාංග ස්ථාපනය කරගන්නා ප්‍රධාන ආකාර 4ක් අපිට හඳුනාගත හැකියි.
  • සොෆ්ට්වෙයාර් සෙන්ටර් හරහා..(software centre)
  • සිනප්ටික් පැකේජ් මැනේජර් හරහා..(synaptic package manager)
  • ටර්මිලය හරහා ලබාදෙන විධාන හරහා(terminal)
  • කලින් බාගත් පැකේජයක් වින්ඩෝස් වල පරිදි ඩබල් ක්ලික් කිරීම හරහා..(පැකේජ් ඉන්ස්ටෝලින් (package installer)
system tools>>software manager මේ අවස්ථාවෙදි කෙරෙන්නෙ අපි විසින් ඉහත රූපදසුනේ පෙන්වන පරිදි මෘදුකාංගයක් පලමුව තෝරා ගැන්මයි.එහිදි අර දකුනුපස ඉහල කෙළවරේ තිබෙන සෙවීම් තීරයේ ඔබට අවැසි මෘදුකාංගය ගැන කෙටියෙන් සඳහන් කලොත් ඔබට අවැසි මෘදුකාංග සහ වෙනත් ප්ලගීන දර්ශනය වෙනවා ඉන්පසු ඔබටමේ ප්ලගීනහෝ මෘදුකාංගය ස්ථාපනය කරගන්න පුලුවනි..මේ හරහාඔබට පෙන්වන මෘදුකාංග වල ඇත්තේ ලැයිස්තුවක් පමණයි අවැසි දත්ත කොටස් රැදී ඇත්තේ අන්තර්ජාලයේ.. ඉතින් සීමිත අන්තර්ජාල පහසුකමක් තියෙන කෙනෙක් මහා ලොකූ දේවල් දාගන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනි. එ්ත්මං අත්දැකීෙමන් දන්න දෙයක් තමයිමේ ලිනක්ස් සඳහා වන මෘදුකාංග බොහොමයක් බර අඩු හෙවත් දත්ත ප්‍රමාණය අඩු ඒව..ඒව ස්ථාපනය කරල වැඩකරන්න බොහෝම ලොකු හාඩ්වෙයාර් ඕනි වෙන්නෙ නෑ.. ඒත් ඉතින් වීඩියෝ එඩිටින් ගේමින් හෙම යනවනම් ලොකු ලොකු දේවල් ඕනි වෙනව කියල ආයෙම කියන්න ඕනි නෑනෙ.



system tools>>synaptic package managerමෙ තියෙන්නෙ සිනප්ටික් පැකේජ් මැනේජර් කියන මෘදුකාංග ඇතුලත් කිරීමේ විදිය මේ ආකාරයෙදි අපි කලින් එක වගේම මෘදුකාංගය හොයාගෙන ස්ථාපනය කරගන්න පුලුවන් කලින් තිබුන සොෆ්ට්වෙයාර් මැනේජර් එකට වඩා මේකෙදි විශාල උප ගොනු සංඛ්‍යාවක් පෙන්නුම් කරනවා. සාමාන්‍යෙන් අපි ස්ථාපනය කරගන්නා ප්‍රාථමික ගොනුවක්ප පසුව වෙනත් වැඩකට යොදාගන්න පුලුවන්..උදාහරණ විදියට අපි වී එල් සී ප්ලේයරය ස්ථාපනය කිරීමේදි අදාල සවුන්ඩ් සහ වෙනත් ප්ලගින්ස් ටිකක් තියෙනව වෙනත් ඕනෑම මියුසික් වීඩියෝ ප්ලේයරයක් දානකොට අර කලින් දාපු කොඩේක්ස් එහෙම ඒ විදියටම අර දෙවැනි ප්ලේයරයටත් වැටෙනව..ඒ වගේ කොමන් යෙදෙන කුඩා ප්ලගින් ගානක් මේ ලිනක්ස් වල තියෙනවා. ඒ හේතුව නිසා සමහර අවස්ථාවල සමරූපී මෘදුකාංග යෙදීමට අපිට වැයවෙන ධාරිතාව බොහොම අඩුවෙනව..



Accessories>>terminal ටර්මිනල් එක යොදාගන අපිට කමාන්ඩ් යොදාගෙන ස්ථාපනය කරගැන්ම කරගන්න පුලුවනි.එතනදි ඒ ටර්මිනිල් එකේ වැඩ කරන්න කලින් ඇඩ්මින් පාස්වර්ඩ් එකදීල ඇතුලට ලොග් වෙලා ඉන්න ඕනි..සාමාන්‍යන් මෘදුකාංග ස්ථාපනය කරගැන්මට තියෙන විශ්වාසවන්තම ක්‍රමය තමා මේක. මේ හරහා අපේ රට වන ලංකාවෙ තියෙන අරුම පුදුම එකපාර ඩිස්කනෙක්ට් වන කනෙක්ෂන් එකකින් උනත් නියම ආකාරයට ඩවුන්ලෝඩ් වෙලා පස්සෙ මෘදුකාංග ස්ථාපනය වෙනව. වී එල් සී ප්ලේයර් සහ තව ත් බොහෝ ලිනක්ස් ප්ලගීන සහ මෘදුකාංග ස්ථාපනය කරන විධාන අපිට පහසුවෙන් ලේසියෙන් අන්තර්ජාලය හරහා ලබාගන්න පුලුවනි.


අනෙක් ක්‍රමයෙදි .deb  ආකාරයේ ගොනුවක් බාගත කරගෙන එය ඩබල් ක්ලික් කිරීමහරහා අපිට ඒ බාගත කරගන්න ලද මෘදුකාංගය ස්ථාපනය කරගන්න වෙනව..එතනදිත් අන්තර්ජාලය තිබුනොත් වාසියි. මොකද ඒ මෘදුකාංගය සම්බන්ධ අනෙකුත් තොරුතුරු යාවත්කාලින කරගැන්මට සහ මෘදුකාංගය සම්බන්ධ වෙනත් ඇවැසි දේවල් ඇතුලත් කරගැන්මට ඉඩ ඇති නිසා..


මෙහෙම අපිට පැකේජ් ඉන්ස්ටොල් කරගන්න අපාසු නම් මේ පැකේජ ඇතුලත් කරපු ඩීවිඩ් එකක් ගෙන්න ගන්න පුලුවන්..උදාහරණ විදියට එඩියු උබන්ටු නම් සංස්කරණයෙ අධ්‍යාපනික මෘදුකාංග ඇතුලත් වෙනවා..ඒ වගේම මීඩියා උබන්ටු වල මීඩියා අප්ලිකේෂන්ස් සම්බන්ධ දේවල් තියෙනවා..මොනව උනත් ලිනක්ස් අන්තර්ජාලය එක්ක භාවිතය තමා වඩා ගැලෙපෙන්නෙ..නැත්නම් නිසි කලට යාවත්කාලීන කරගන්න බැරි උනාම ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනව..