Wednesday, January 4, 2012

උසස් පෙලට පන්ති තෝරා ගැන්ම.(select a class for A/L)

.මා උසස් පෙලට පන්ති තෝරාගන්න විටමා බොහෝ ප්‍රමාද වෙලාය. මාගේ නෑයින් මිතුරන් කොමස් තෝරා ගනිද්දී මට මැත කිරීමේ අධික උනක් විය. මට සාමාන්‍ය පෙල මැත්ස් වලට තිබුනේ සාමාන්‍ය සම්මාන සම්මාර්ථයකි. එයින් මැත්ස් කිරීමට දීමට තරම් පාසැල කාරුණික විය. කෙසේ හෝ පසු කලෙක උසස් පෙලත් හමාරවී මට සාමාන්‍ය පෙල ගණිතයට ඇති සලකුන මදි බව දැනෙන්නට විය. එවිට මම පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට පෙනී සිටියෙමි. එම අවස්ථාවේමා නිල් පෑනක් හැර වෙනත් කිසිදු ලියුම් කියුම් මැනුම් උපකරණයක් ගෙන ගියේ නැත.මා ජ්‍යාමිතික නිර්මාණ කලේ මගේ හිතුමනාපයටයි. එහෙත් ඒවා නිවැරදි බවට මට හොඳ විශ්වාසයක් තිබුනි. එම විභාග ශාලාවේ සිටි අධික්ෂක ගුරු මහත්මියක් මා පෑනෙන් ජ්‍යාමිතිය කරනු දැක නිකටේ අත තබාගති. එහෙත් ජ්‍යාමිතිය ගණන සම්පූර්ණයෙන්ම වැරදුනත් ඉතිරි ඒවායින් මා ඉහලින් සමත් වෙනු ඇතිබවට මට හොඳ විශ්වාසයක් තිබුනි..පැය 2ක්හෝ තුනක් ඇති ප්‍රශ්ණ පත්‍රයමා බොහෝ කලින් නිමකර,එයදී වීරසේකර පරිදි ගියේය එවකට විභාග ශාලාවේ සිටි අයත් අර ගුරුවරුනුත් මා සලකන්නට ඇත්තේ පාඩම් නොකර විබාගය ලියන්නට ආ මැට්ටකු ලෙසයි. එහෙත්  මා හට උසස් සාමාර්ථයක් විය. උසස් පෙල අවුරුදු දෙකක් හැදෑරු මට සාමාන්‍ය පෙල ගනිතය කිරි කජු මෙන් විය.

විශයයන් තේරීම.. .
විශයයන් කුමක්ද ඒවායින් වෙන්නේ මොක්කුන්ද කියා වගේ වගක් අපි සාමාන්‍ය පෙල හමාර කල පසු තිබුනේ නැත. එහතේ බයෝ කලහොත් වන්නේ දොස්තර කෙනෙක් බවත් එය සමත්වීම අමාරු බවත් දැනගෙන සිටියේ මගේ අයියා නිසාය. කෙසේ හෝ මගේ වාසනාවකට මෙන් මා ගණිත විශය ධාරාවට කැමති විය. ගණිතවිශය ධාරාව යනු සාමාන්‍ය පෙල ගණිතය විද්‍යාව සමත් ඕනෑම කෙනෙකුට කල හැකි විෂය ධාරාවකි. එය පුහුනු කල යුතු විශයයකි. ගණන් හදාම පුරුදු විය යුතුය. ගණිතය කිරීමට මහා තර්කානුකූල බුද්ධියක් අවැසි නැත. මා සිටි පන්තිවල සිටි සමහර සිසුන් මාද ඇතුලුව සමහර ගනිත කර්ම සහ කොටින්ම සමහර ගණිත කොටස්ද ගනන් හදලාම පුරුදු උන ඒවාය. එනම් එක ගණන 2-3 වතාවක් හදා තව 4-5 වතාවක් වරින්වර හැදීමෙන් බොක්කටම ගාන යයි.. ඉන්පසු ඒ ගාන කුමන ආකාරයට ආවත් අමාරු නැත. ගණිත විශය ධාරාවේ ඇති අනෙක් වාසිය නම් විශයයනි තුනම එකම ආකාරයට ගමන් කිරීමයි. සංයුක්ත ගණිතය විශය තුල ඇති බොහෝ කොටස් භෞතික විද්‍යා විශයයට වැදගත් වෙයි. රසායන විද්‍යාවේ වුව භෞතික රසායන කොටස ගණිත සිසුන් සඳහා එතරම් අමාරු නොෙව්.. කෙසේ උවත් මට තිබුන උපරිම සාමාර්ථය සී 3කි. එහෙත් මට සී 3ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ වරමත්. එන්ඩීටි යෑමේ හැකියාවත්, ගුරු විද්‍යාලයයකට තේරීේම හැකියාවත් හමුදාවේනම් උසස් නිලයන්ට කෙලින්ම පුහුනු වීමේ හැකියාවත් ලැබුනි. මා සමග උසස් පෙල ගණිතය කර 3 වතාවේ යන්තම් එස් අකුරු 3ක් දමාගත් යහලුවා පවා අද එන් සී ටී නැමැති කාර්මික පාඨමාලාව හදාරා සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ තාක්ෂන නිලධාරියෙකු ලෙස වැඩකරයි. අපේ අවුරුද්දේ එස් 3ක් ගත් සිසුවෙකුට ගණිත විශය ධාරාවේ පැමිණි අයිලන්ඩ් රෑන්ක් එකෙහි මට ඇසුන අඩුම අගය 11ස් දාස් ගානකි. නමුත් වාණිජ විශයය ධාරාව සඳහා එස් 3ට පැමිණි සමහරක් අයිලන්ඩ් රෑන්ක්ස් 42දහසක් දක්වා වැඩි අගයකි..ආට්ස් වලනම් එයටත් වඩා වැඩි විය හැක. එසේම අද තත්වය බලන විට සමහර වාණිජ කරන ලද අයගේත් මැත්ස් කල අයගේත් වැටුප් සහ සමාජ තල අතර පරතරය බැලුවිට පෙනී යන්නේ සිතාගත නොහැකි තත්ව වල ගණිත සිසුන් සිටින බවයි. එසේම යම් අයෙක් වාණිජ විෂයන්ට සහ කළමණාකරණයට ආශා කරයි නම් ඔහුද බැරි මරගාතේ හෝ ගණිත විෂයය ධාරාව හැදෑරීම යෙහෙකි. මන්ද අපිට අවැසි ඕනෑම වාණිජ අංශයේ කුෂලතාවයකට සමාන කුසලතා බාහිර ඇති පාඨමාලා හැදෑරීමෙන් ලබාගත හැකි බැවිනි. මා කලක් චාටර්ඩ් එකවුන්ටන්සි පන්ති ගියේය. එවිට තිබූ ගණිත විෂයය මෙන්ම වෙනත් වණිජ විශයයන් මෙන්ම ගණිත විශය කොටස්ද ගණිතය හැදෑරු සිසුන්ට ලේසි විය. එසේම සමහර සිසුන් ඉතා කෙටි කලක් තුලදී වාණිජ විශයයන් අන්තර් ග්‍රහනය කරගැන්මට සමත් විය. එසේම ඔබට පිටරට විශ්ව විදායලයයක හෝ මෙරට ඇති අධ්‍යාපන ධාරාවක වැඩිම විෂය ක්ෂේත්‍ර ගනනාවකට ඇතුලු වීමේ වාසනාව ලැබෙන්නේද ගණිත සිසුන්ටම වෙයි..
 අරුණි ෂපීරෝ මහත්මියද වරක් පැවසූ ආකාරයට කලා කරුවන් අතරද ගණිතය හැදෑරු අය එතරම් වෙනසක් නොදක්වයි.. අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැන්නන් මෙන්ම කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත අතර ගණිතය හැදෑරුවන් බහුලය. ලබාගන්න තර්ක බුද්ධිය කලාවට යොමුකල හැකි වීමද කලා කටයුතු වල දක්ෂයින් ඇති වීමට හේතු වෙයි. එසේම ඔබ අප මේ එක්වී සිටින සිංහල බ්ලොග් අවකාශයේද කලාත්මක නිර්මාණ කරන අය අතර කතන්දර කාරයා ආදි බොහෝ බ්ලොග් නිර්මාණ කරුවන් රාශියක් ගණිත විශයය හදෑරු අය වෙති.
    සාමාන්‍යනේ කුමන හො හේතුවක් නිසා මා උසස් පෙල කල සමයේ මෙන් මෙකලද වාණිජ කරන සිසුන් විෂයයන් තුන එක්වර ඉහලින් සමත් වන ප්‍රවනතාවයක් තිබුනත් ගණිත සිසුන් එතරම් හොඳ ප්‍රතිපල පෙන්වන්නේ නැත.. පෙන්නුවත් බොහෝ විට ප්‍රතිපල බර නැත. එනම් ඒ බී අකුරු අඩුය. නමුත් වාණිජ කලා විශයයන් කරනෙ බොහෝ දෙනකුට උසස් සාමාර්ථ ලැබේ. සමහර මගේ මිතුරන් පවා මේ ලැබෙන අකුරු වලට බිය වී ගණිතය හැරදමා වාණිජ විශයය ධාරාව කලේය. නමුත් පසුකලෙක අපි ඉතා ලෙ හෙසියෙන් ගිය සමහර ස්ථානවලට ඔවුන්ට යෑමට විශාල කැපකිරීම් කරන්නට ඔවුන්ට සිදු විය. උදාහරණ ලෙස උසස් ඩිප්ලෝමාවක් සහිත ඉංජිනේරු ක්ෂේත්‍රයේ අයකුට රැකියාවකට එයම ප්‍රමාණවත් වෙයි. නමුත් වාණිජ අංශයේ රැකියාවකට යන විට බොහෝ දේ බොහෝ සහතික අවැසි වෙයි.


පන්ති සහ සර්ලා තෝරාගැන්ම...


එකල මෙන්ම මෙකලද දරුවන් විසින් දෙවියන් බුදුන් ලෙස සලකන සමහර ටියුෂන් මාස්ටර්ස්ලා හරිහැටි සිලබස් කවර් කරන්නේ නැත. සමහරු නාමිකව විශය නිර්දේශ ආවරණය කලත් අවසාන භාගය අස්ප රේස් තරම් ඉක්මනට යන්නේ මුල් හරියේ ගිය ඉබිගමන හේතුවේන ඉතිරි වී ගිය පාඩම් හැදෑරීමටයි. මෙයින් භෞතික විදා්‍යාව සහ රසායන විද්‍යාව ගතහොත් පිලිවෙලින් ඉලෙක්ට්‍රොනික්ස්, පදාර්ථයේ ගුණ, විද්‍යුත් ක්ෂේත්‍ර සහ භෞතික රසායනය,කර්මාන්ත රසායනය ආදි මඳක් සරලව හැදෑරීමෙන් විශාල ලකුනු ප්‍රමාණයක් ලබාගත හැකි විශය කොටස් ඇත්තේ විශය නිර්දේශයේ අවසානයට වන්නටය. එම විශාල ලකුනු ගත හැකි කොටස් වලට රේස් දුවමින් ටියුට් දෙමින් මුද්‍රිත කොල දෙමින් හදිසි කිරීම යනු විභාග ප්‍රශ්ණ පත්‍රයේ විශාල කොටස් ගණනක් මග හැර ගැන්මකි. එබැවින් ගුරුවරයා කියන දේ දේවභාෂිත මෙන් තේරුනත් ඔහු විසින් කලින් වසර වල විශය නිර්දේශ අාවරණය කරන ලද්දේද එසේනම් ඒ අවසාන ඒකක වලට රේසින් යෑමෙන්ද යන්න සලකා බැලීම වැදගත් වෙයි..එය ඒ සිසුවන්ට හො දෙමාපියන්ට කලින් වසර වල සිසුන්ට විශය නිර්දේශ ආවරණය කල කාල සලකා බැලීමෙන් උගත හැකිය. එසේම කිසිම විශයයකට හොඳ ම ගුරුවරු නැත. සෑම පන්තියකම පාස් වෙන ලමයි අධි සාමාර්ථ ඇති ලමයි මෙන්ම අසමත් ලමයිද සිටිති. ගුරුවරයා කෙතරම් හොඳ උවත් වැඩ කිරීම ඇත්තේ ඔබ අතේය. මා පුද්ගලිකව නම් කැමති ලමයි 50කට වඩා අඩුෙවන් ඇති එතරම් කතන්දර නොකියන විශය දැනුම ලබාදෙන ගුරුවරුන්ටයි. ඔවුන් නිසි ලෙස විශය කරුණු සහිතව විශය නිර්දේශ ආවරණ කරන්නේ නම් විහිලු කතා ඇසීමට බණ ඇසීමට පොලිටිකල් දේවල් ඇසීමට තවත් අයට බණිනවා ඇසීමට ලොකු ගණනක් සිටින පන්තියක අවසන් පේලිවල මිරිකී සිටීමෙන් තේරුමක් නැත. කුඩා පන්තියකට ගියොත් ඒ ගුරුවරයාගෙන් ඔබට දන්නැති යමක් ඇසීමට මෙන්ම ඔබට ඇති අවධානය වැඩිකරගැන්මටද එය හේතු වේ.. ටියුෂන් යනු ඇත්තෙන්ම විශාල ව්‍යාපාරයකි. එහි මහා විශාල දේශනා දෙන අය සැබැවින්ම විශය පිළිබඳ දක්ෂයින් විය හැක. නමුත් ප්‍රායෝගික තලයේ ඔවුන් එතරම් දක්ෂ දෙවියන් බුදුන් මෙන් සැලකිය යුතු පිරිසක් නොවේ.. උදා බන්දුල ගුණවර්ධන, මොහාන් ලාල් ග්‍රේරු, ආදින්.. අනික් කාරණාව නම් පාසැල් යෑමයි..
     බොහෝ ටියුෂන් ගුරුවරු පාසැල් යෑම එතරම් ලොකු දෙයක් ලෙස නූගන්වති. නමුත් පාසැල යනු විශයයන් හැදෑරීමට ඇති විශාල අවකාශයකි. ඔබේ පාසලේ යම් ඉගැන්වීමේ අවුලක් ඇතත් ඒ පාසලේ ඇති බංකු පුටු වල වාඩි වී පාඩමක් කරගැන්මට යාලුවන් සමග විශයයන් සාකච්චා කරගැන්මට එක් වී ගනන් හැදීමට පාසැල සුදුසුය. කවුරු කෙසේ කීවත් ටියුෂන් යන ගිරවුන්ට වඩා හැමදාම පාසැල් යන සිසුන් ඉහලින් සමත් වෙයි. මා පැසැල් ගිය කාලයෙ සිටි සමහර ගුරුවරු අපිට ටියුෂන් කරන ගුරුවරුන්ගේ ගරුබුහුමනට පාත්‍ර වූ විශිෂ්ඨ අය බව දැනගත්තේ බොහෝ පසුවය. අපේ කල එක් සිසුවෙක් කෑම කණ අතර ඔහුට ගණනක් මතක් වී අනික් සෙට් එකට කෑම එක දී කෑම එතු කඩදාසි පත්තරයේ ගාන සැදු සිද්ධියක් මතක ඇත. උසස් පෙල කරනවිට කරදඩු උස් මහත් වූවාට නියම ළමා මානසිකත්වය ආදි දේ ලබාගත හැක්කේ පාසලෙනි. එහි යෙදෙන බාහිර ක්‍රියාකාරකම්ද බොහෝ වැදගත්ය. මේ උසස් පෙල අද බොහෝ යාන්ත්‍රික ක්‍රමයක් වී ඇතත් ඒ තුලදීත් බාහිර ක්‍රියා වැඩි පාසැල් යන සිසුන් තවමත් ඉහලින් සමත්වන ප්‍රවනතාවයක් ඇත.


විභාගයක් ඇති බව මතක නැති නොකරමු...

 අපි උසස් පෙළට කුමක් හැදෑරුවත් අවසන ඇත්තේ විභාගයකි. එයට සැරසීම බොහෝ සිසුන් අතපසු කරයි. ගුරුවරුන් ලියා ඇති ලස්සනට මුඳ්‍රනය කර ඇති නිබන්ධන බැලීමවත් ලස්සනටපාට පාට අකුරින් සටහන් ලියා රූලෙන් ඉරි ගැසිමෙන්වත් ඔබ විභාග සමත් වන්නේ නැත. බොහෝ විශයයන් වල ඇති පාස් පේපර්ස් නොහොත් පසුගිය ප්‍රශ්ණ පත්‍ර පොත යමෙකුට 2-3 වතාවක් කල හැකි නම් හෙතම විශාල ලකුනු ගැන්මේ හැකියාවක් වර්ධනය කරගනී. එහෙත් විභාග ලංවනවිට නෝට් හදමින් නිබන්ධන වනපොත් කරමින් කාලය නාස්තිකිරීම සමහර සිසුන්ගේ චරියාව වි ඇත. ඔබ කුමන ක්ෂේත්‍රයක් හැදෑරුවක් අවසන් මාස 6-7 කැප කල යුතු වන්නේ වැඩි වැඩියෙන් තනිවම ප්‍රශ්න වලට උත්තර ලිවීමට උථ්සාහ කිරීමටයි. ඔබ ප්‍රශ්ණයකට විනාඩි 2ක් ඇතිබව අවුරුදු 2.5කට පෙර උසස් පෙල පටන් ගන්නා විටම දනී. ඔබගේ වේගය මඳ නම් ඔබ විසින් ඒ වේගය තනාගන්නට යමක් කල යුතුය. ප්‍රශ්ණ පත්‍රයට බැනීමෙන් එහි හැදූ කෙනාට බැනීමෙන් එය සිදු වන්නේ නැත. අපි විසින් ප්‍රශ්ණ වඩා පුහුන වන තරමට ප්‍රශ්න ලේසි වනු ඇත. නෝට් වාඩා බැලූ තරමට නෝට් බැලීම ලේසි වී පත්තර බැලීම නවකතා බැලීම ඉන්ටනෙට් එකේ බ්ලොග් බැලීම වැඩිදියුණූ වනු ඇත. වැඩිපුර සිද්ධාන්ත සහිත කොටස් අධ්‍යනය කිරීමේදිද නෝට් කියවන අතර ප්‍රශ්න වලට පිලිතුරු සොයා ඒවා ලිවීම වැදගත් වෙයි. 
කෙසේ හෝ විභාගයක් යනු සමත් විය යුතු එකකි. එහෙත් එය ඉහලින් සමත්වීමට එයින් සුපර් සොනික්ස් ලා මෙන් අධි ධාවනකාරයින් වීමට උනන්දු කරන මේ අධ්‍යාපනය පිළිකුල් සහගත එකකි. යම් විශයයකට ඔබට සම්මාන සාමාර්ථ 3ක් ගත හැකිනම් එය මනාය. එහෙත් මගේ අත්දැකීම අනුව නම් ඔබ සාමාන්‍ය සම්මාන අපෙක්ෂා කලත් සියලුම විශය කරුනු මනාව ඉගෙන ප්‍රශ්ණ පත්‍ර හැදෑරීම සුදුසුය. මන්ද ඔබ නොසිතන ආකාරයක අයුරක ප්‍රශ්ණ පත්‍රයක් ලැබීමේ සම්භාවිතාව ඉතිහාසය විසින්ම සනාථ කර ඇති නිසාය. ( 2003 වසරේදී ව්‍යාවහාරික ගණිත විශය දැඩිලෙස අමාරු වීම නිසා ඒ ප්‍රශ්ණ පත්‍රයේ මුලු ලකුනු 600 6න් නොබෙදා 5න් බෙදා ලකුනු දීමට තීරණය කරනලදී..එහිදී ලකුනු 500-600 මට්ටමේ සිසුන් සිට ඇත්තේ කිහිප දෙනෙකි..)

5 comments:

  1. නියම ලිපියක්...ඇත්තටම වටිනා කරුණු සෑහෙන්න තියෙනවා...

    ReplyDelete
  2. කලා විශයන් ගැන කියා ඇති සමහරක් කරුණු සත්‍ය බව පිළිගත හැකි නමුදු සමහර කරුණු සමග එකඟ නොවෙමි....
    විද්‍යා විශයයන් වලට වඩා කලා විශයන් තුල පවතින ක්ශේත්‍ර ප්‍රමාණය නම් වැඩිය. ඉංජිනේරු මට්ටමේ වැටුපක් ගෞරවනීය වෘත්තියක් වු නීති ක්ශේත්‍රයේ හෝ ගණකාධිකරණ ක්ශේත්‍රයේ නියැලීමෙන් ලැබිය හැක. තාර්කික ශක්තිය පිළිබඳව නම් කලා අංශ සිසුවෙක් සමග වාද කිරීම නොකළයුත්තකි, මන්ද කලා විශය ධාරාව තුල චින්තන හැකියාව, තාර්කික ශක්තිය දියුණු කිරීම උදෙසාම වෙන්වුනු තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය නම් විශය පවතින බැවිනි....
    ඔබ සමග එකඟ වන ප්‍රධාන කරුණකි....
    විද්‍යා විශයන් හදාරා සාමාර්ථ ගන්න සිසුවෙකුට වඩා කලා හෝ වාණිජ විශයන් හදාරා සාමාර්ත තුන ගන්න සිසුවකු රැකියාවක් ලබා ගැනීම සඳහා මහන්සි විය යුතු ප්‍රමාණය වැඩිබවය.
    කෙසේ වුවත් එය රඳා පවතින්නේ ඔබගේ Talent එක මත බව කීම යෙහෙකි.

    ReplyDelete
  3. පාසල ගැන කියා ආඑති දෙයට මං සම්පූර්නයෙන්ම එකඟයි....ප්‍රායෝගික (Practical) වල සෑහෙන්න බරක් තියනවා...ඒවා කරගන්න පාසල හැර වෙනත් තැනක් නෑ! පාසල් ගුරුවරු තරම් සමීපව තමන්ගේ ගැටලු විසඳගන්න පුලුවන් අය ටියුෂන් වල නෑ!විෂය දැනුම පැත්තක තිබ්බත් පාසල තුලින් ජීවිතයට හම්බවෙන දේවල්(යාලුවෝ,සමාජ දැනුම,සුන්දර මතකයන්,කණ්ඩායම් හැඟීම,සාමුහිකව වැඩ කිරීමමැකිනෙකා තේරුම් ගැනීම) වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නෑ! පාසල් නොගිහින් මේවා අහිමි කරගත් අය,ඒ නිසා සදාකාලිකව පසුතැවෙන අය,තමන්ගේ අධ්‍යාත්මයන් තුල ලොකු සිදුරක් තියන් ඉන්න අය මං අනන්ත දැකලා තියනවා!

    ReplyDelete
  4. පරණ ලිපියක්.. ඒත් මම දැක්කේ අද. සිරාවටම ලියල තියෙනවා යාළුවා...

    ReplyDelete