අම්පාර දිස්ත්‍රික්කයේ ඇති කොටි ගැහුව කොටි සිටි කල බොහොම ප්‍රසිද්ධ සිංහල ගමකි. දමන හංදියේ සිට සියඹලාන්ඩුව පැත්තට එනවිට අම්බලන්..... හන්දිය යැයි හන්දියක් ඇත. එයින් හැරී කිලෝමීටර හතලිස් ගානක් පැය දෙකක දුෂ්කර ගමනකින් ගෙවා විත් යලිත් හැරී ගමන් කලවිට බොහෝ සෙයින් නගරයෙන් ඈත් වූ බක්මිටියාව නැමැති ගම ඇත. එය සුන්දර ගමකි. අම්පාර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇති ලක්ෂණ ගමකි බක්මිටියාව. ලක්ෂණ උවත් බොහෝ සෙයින් නගරයට ඈත්ව පිහිටි නිසාත් කාලයක් තිස්සේ ත්‍රස්ථ ක්‍රියා වලින් පීඩිත ව තිබු නිසාත් මෙහි ජීවිත නම් බෝම කටුකය.
විදුහල ගැන.
විදුහලේ පිට්ටනියක් ඇත. එහි දැන් වොලිබෝල් පිච් එකකි. ඒ වොලිබෝල් පිච් එකෙන් ප්‍රැක්ටිස් වූ දරුවෝ ඩී එස් අයි සුපර් ස්පෝට් මිනි වොලිබෝල් ශූරතාවයේ සමස්ථ ලංකා වොලිබෝල් ශූරතාවය සඳහාද තරඟ වැදුනි. ඒ වොලිබෝල් තරඟ බැලු කෙනෙක් ඇත්නම් සපත්තු දුන්නද පුරුදු නැති නිසා සපත්තු ප්‍රතික්සේප කල අම්පාරේ ඈත ගමක විදුහලක සිසුන් පිරිසක් මතක් වෙනු ඇත. ඒ මේ බක්මිටියාව විද්‍යාලයේ සිසුන්ය. ඒ පිට්ටනිය යුද්ධ කාලයේ මෝටාර් රැඳුවුම් මධ්‍යස්ථානයකි. දැනටත් අත්හරින ලද හමුදා කඳවුරක් ලෙසත් දැනටත් සිවිල් ආකරක්ෂකයින් සිටිනා බිමක් ලෙසත් බක්මිටියාව පාසැල හැඳින්විය හැක. බක්මිටියාව පාසලේ පිට්ටනියේ එක් පැත්තක කටු කම්බි පොටවල් වලින් වටකල බිමකි. හමුදා කඳවුරක් ලෙස පාසැල භාවිත කල සමයේ කඳවුරට පිටින් හමුදාව විසින් වලදමන ලද බිම්බෝම්බ ඇති නිසා ඒ කොටසට බෝලයක් ගියත් ලමුන්ට ඇහිඳින්නට යන්නට අවසර නැත. නැගෙනහිර යුද්ධය අවසන්ව කලක් ගතව ඇතත්, පාසැල මගින් යුධ හමුදාවට දැනුම් දී ඇතත් තවමත් ඒ බිම්බෝම්බ ඉවත් වී නැත. ඒ පිට්ටනිය අවට බලන කෙනෙක්ට ඈතින් පේන මොණරාගල පෙදෙසේ කඳු ද ඉරිගු බටු මිරිස් තක්කාලි ආදි දේ ඇති හේන්ද මනාව දර්ශනය වේ.
තුන වසරේ සිට එකොළහ වසර දක්වාම ඇත්තේ එක් ඉංග්‍රීසි ගුරුවරයෙකි. එක් ගුරුවෙරයෙක් විශයයන් දෙක තුනක් කරයි. සමස්ථ ගුරු මන්ඩලය සහ විදුහල් පති ඇතුලු කාර්ය මන්ඩලයම අවුරුදු තිස්පහට අඩු තරුණ පිරිසක් වෙති. මෙයිනුත් දෙතුන් දෙනෙක් යම් තාක් අධ්‍යාපනයක් ලැබූ සිවිල් ආරක් ෂක සේවයෙ නිරත වූවො වෙති. ගමට ඉඳහිට දුෂ්කර මාරු ලත් ගුරුවරු ආවත් කෙසේ හෝ අම්පාර කන්තෝරු වලට රස්තියාදු වන ඔවුන් මාස තුන හතරකින් යලිත් පාසැල හැරදමා සැප සොයා ඉගිල්ලෙන බව මෙහි කටුක දිවි ගෙවන ගුරු භවතෙක් කීවේය. මෙහි වෙසෙන එක් ගුරු තුමකුගේ මව සහ පියා දෙදෙනාම පාරේ යනවිට කොටි විසින් වෙඩිතබා ඝාතනය කර ඇත. ඔහු මටත් වඩා බාල අවුරුදු විසිහතරක විසිපහක කොල්ලෙකි. බුලත් කහට බැඳි කට, ගැමි වහරට අනුව යන ඔහුගේ භාෂාව, කිරි පාටින් නැති ඔහුට තිබිය හැකි හොඳම ඇඳුම විය හැකි ඇඳුමට යටින් ඇති මානුෂිය හදවත මට පෙනුනි. මේ ගම් වල ලමෝද නගරබද ලමෝ තරම් ඉගනීමේ මහා උනන්දුවක් නැති අය වෙයි. ගෙදර ගිය පසු පොත් බලන්ට ගනන් හදන්ට ඔවුන් පෙළඹීමක් ඇත්තේ එහෙමත් ගෙදරකය. නැත්තං අම්මා තාත්තා සමඟ ජීවිත සටනට උර දෙන්නට සිදුවෙයි. එක් ලමයෙක් පාසැල් පැමිනෙන්නේ සතියට එක් වරක් දෙකක් බවත් ඔහු මේ දින දෙකේ පැමිණ ඇත්තේ නව ඇඳුම් පොත් පත් ගන්නට බවත් ගුරුවරයෙක් කීය. මා අත් දැකීමෙන් දන්නා පරිදි මෙහි ළමුන් මෙල්ල කිරීමත් ලේසි නැත. වයසින් කුඩා වුවත් කටුක පරිසරය විසින් ඔවුන්ට වැඩිහිටි අත්දැකීම් ලබා දී ඇත. එබැවින් කියාදෙන පාඩම අසාගෙන සිටින ඒවා ධාරනය කරගන්නා යහපත් මානසිකත්වයක් මේ දරුවන් අතරින් ගොඩනැංවීම ලංකාවේ දක්ෂ ගුරුවරුන්ටත් කල හැකි දෙයැක්දැයි මට විටෙක සිතේ..
ඔවුන්ට කලක් කම්පියුටර් තුනක් වැඩ තිබී ඇත. පසුව එස් ටී එෆ් එකේ සිට හමුදාවට බලය ගිය පසු කරන්ට් ලබා ගන්න නොහැකි වූ නිසා ඒ රාජ්‍ය නොවන සංවිදාන වලින් ලැබුන ඒ කොම්පියුටර් තුනත් දැන් වැඩ නැත. එනම් එහි ලමයිට කම්පියුටර් යනු හීනයකි. එල් ටී ටීය සිටිකල එල් ටීටියටත් තමුන්ටත් සලකන්නට රාජ්‍ය නොවන සංවිධාන සිටියත් දැන් යුද්ධය ඉවර වී ඇති බැවින් එවන් සැලකිලි දැන් ඉඳහිටවත් තැතැයි ගම්වැසි සිවිල් ආරක්ෂකයෙක් පැවසීය.
දැනට පවතින ජංගම දුරකථන ජාල කිසිවකට බක්මිටියාවට සිග්නල් නැත. ඇත්තේ සීඩී එම් ඒ පමණි. ඒවාද ඇන්ටනා ගසාගෙන පාවිච්චි කල යුතුය.
සසර කළකිරුණු සමහර විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යාල සිසුන් මහණ වී හෝ වෙනත් දර්ශන වලට හසුව විවිධ තැන්හි නොයෙකුත් මාර්ග සොයනු මා දැක ඇත. එවන් පිරිසක් මෙවන් ස්ථානවලට ඇවිත් දවසට පැයක් දෙකක් තමා ලත් දැනුමෙන් ඉතා සුට්ටක් මේ දරුවන් වෙනුවෙන් වැය කරනවානම් එයද මනාය. භාවනා කරන කෙනෙකුට වුව සුදුසු ගල් ගුහා ගස් ආදියෙන් මේ ප්‍රදේශය පිරී ඇත. බුදුන් දවස මහත් පල ලැබීමට අනුහස් බොහෝ ඇති බදුන් අසලම සිටියැ යුතුයැයි සිතා සියලු හිමිවරු උන් වහන්සේ වටේ වත් අසූ මහ සව්වන් වටේවත් කැරකි කැරකි සිටියේ නැත. දුෂ්කර හද්දා පිටිසර ගම්වලට ගොස් නොයෙක් ශිල්ඥාණයන් ලබාදුන් හිමිවරු එකලත් විය.මෙකලත් ඈත ගමක ක්‍රීඩා පුහුනු කරන සංඝයා වහන්සේ නමක්මා පුවත් පතක දුටිමි. දවල් දානය පවා කලට වේලාවට නොලැබ උන් වහන්සේ මහත් කැපකිරීම් කර දරුවන් ක්‍රීඩාවට පුහුනු කරයි. කෙනෙක්ට එය බොදු භික්ෂුවට නොකලමනා දෙයක් යැයි සිතිය හැක. නමුත් උන් වහන්සේ එසේ ඒ දරුවන්ගේ කුශලතා දියුණු කර ඔවුන් සමාජයේ ස්ථාවර කිරීම බණ කිය කියා රට වටේ ඇවිදිනවාට වඩා මහත් පිණක් බව මගේ මතයයි. බොදු පමණක් නොව කිතුනු හින්දු මුස්ලිම් ඕනෑම ආගමක අයට ඇති සිවිල් බලය, මෙවන් සමාජයෙන් හැංගී ගිය මනුස්සයන් වෙනුවෙන් යොදවන්නේ නම් එය ඔවුන්ගේ කුමන දර්ශනයක හෝ දෙවිකෙනකුගේ හෝ ආශීර්වාදය ලබා ගැන්ම පිණිස හේතුවනු ඇත.
මා බක්මිටියාවට ගියේ ඇයි.
අප ආයතනය මගින් බෞද්ධ සංගමයෙන් අම්පාර ඈත ගමක පාසැලකට පාසැල් උපකරණ බෙදා දීමේ උත්සවයකට පසුගිය සතියේ මා ගියෙමි. ඒ වැඩසටහන අපේ ආයතනයේ මා දුටු මනාව සංවිධානය වූ වැඩසටහනකි. එහිදී ලමුන්ට දෙනු ලබන පාර්සලයේ ළමයාගේ නම පවා මුද්‍රණය කර අලවා තිබුනි. හැමදෙයක්ම මනාව සංවිධානය කර තිබුණි. මුලින් සිතා සිටියේ ළමුන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමටයි. එහෙත් පසුව ඒ රෙදි මසාගැන්මත් ඒ ළමුන්ගේ දෙමාපියන්ට ගැටලු ඇතිකරන්නට හැකි බැවින් රෙදි මසා දෙන්නට අපි තීරණය කර ඇත. ඒ යටතේ කොළඹ සිට රෙදි මසා ගෙනගොස් දීමට හැදුවත් කොළඹ සුප්‍රසිද්ධ චීන රෙදි කඩයේ චීන මහතා කියා ඇත්තේ ඒ ගම්බද පෙදෙස් වල රෙදි මහන අයගේ ජීවිතයට වැදගත් විය හැකි බැවින් ඒ මුදල ඔවුන්ට ලැබෙන සේ ගම්බද පෙදෙසෙන්ම රෙදි මසා ගන්නා ලෙසයි. ඒ අනුව රෙදි වල මිම්ම ගෙන ඒ ඇඳුම් නිසියාකාරව ඒ පැත්තේම රෙදි මහන්නන් අතින් සිදුවිය. මේ ස්ථානය සොයා දී ඇත්තේ නැගෙනහිර පලාත භාර සංඝනායක හිමි විසිනි. උන්වහන්සේ මේ ගම ගැන එතරම් විස්තරයක් නොදන්නා අතර කිසිවෙකු කී දෙයක් මතකයෙ තබා පසුව අපිට දන්වා ඇත. ඒ අනුව පොත් පත් බෙදාදීමේ උත්සවයට පෙරදින ළමුන්ට ඇවැසි ඇඳුම් හා සපත්තු මේස් ලැබෙන්නට සැලැස්වූ අතර පාසැල් ඉතිහාසයේ ළමුන් සියල්ල එකවර ලස්සන ඇඳුමින් හැඩවූ දිනය එය වූ බව ඒ බක්මිටියාව විදුහලේ විදුහල් පති තුමා උත්සව දිනයේදී කීවේය..විදුහල ගැන.
විදුහලේ පිට්ටනියක් ඇත. එහි දැන් වොලිබෝල් පිච් එකකි. ඒ වොලිබෝල් පිච් එකෙන් ප්‍රැක්ටිස් වූ දරුවෝ ඩී එස් අයි සුපර් ස්පෝට් මිනි වොලිබෝල් ශූරතාවයේ සමස්ථ ලංකා වොලිබෝල් ශූරතාවය සඳහාද තරඟ වැදුනි. ඒ වොලිබෝල් තරඟ බැලු කෙනෙක් ඇත්නම් සපත්තු දුන්නද පුරුදු නැති නිසා සපත්තු ප්‍රතික්සේප කල අම්පාරේ ඈත ගමක විදුහලක සිසුන් පිරිසක් මතක් වෙනු ඇත. ඒ මේ බක්මිටියාව විද්‍යාලයේ සිසුන්ය. ඒ පිට්ටනිය යුද්ධ කාලයේ මෝටාර් රැඳුවුම් මධ්‍යස්ථානයකි. දැනටත් අත්හරින ලද හමුදා කඳවුරක් ලෙසත් දැනටත් සිවිල් ආකරක්ෂකයින් සිටිනා බිමක් ලෙසත් බක්මිටියාව පාසැල හැඳින්විය හැක. බක්මිටියාව පාසලේ පිට්ටනියේ එක් පැත්තක කටු කම්බි පොටවල් වලින් වටකල බිමකි. හමුදා කඳවුරක් ලෙස පාසැල භාවිත කල සමයේ කඳවුරට පිටින් හමුදාව විසින් වලදමන ලද බිම්බෝම්බ ඇති නිසා ඒ කොටසට බෝලයක් ගියත් ලමුන්ට ඇහිඳින්නට යන්නට අවසර නැත. නැගෙනහිර යුද්ධය අවසන්ව කලක් ගතව ඇතත්, පාසැල මගින් යුධ හමුදාවට දැනුම් දී ඇතත් තවමත් ඒ බිම්බෝම්බ ඉවත් වී නැත. ඒ පිට්ටනිය අවට බලන කෙනෙක්ට ඈතින් පේන මොණරාගල පෙදෙසේ කඳු ද ඉරිගු බටු මිරිස් තක්කාලි ආදි දේ ඇති හේන්ද මනාව දර්ශනය වේ.
නල ජලය විදුලිය සහ පුලුල් මංමාවත්
පාසැලට ඇත්තේ ළිඳකි. එයින් ළමුන්ගේ දෙමාපියන් විසින් ගෙන ඇවිත් තිබුන වතුර අපිට බීමට ලැබුනි. ඊට අමතරව ජල ක්‍රමයක් පාසැලෙ නැත. පාසැලට නොව ගමටම එන පාරවල් දෙකම වැසි කලදී භාවිත කල නොහැක. ඇලක් හො දිය පාරක් මතින් තැනූ පාලම් දෙකක් ම කඩාගෙන ගොස් ඇති හෙයින් වාහනයක් වුව ගත යුතු වන්නේ අර වතුර ගෑවෙන මඩේ ටයර් ටික දමාගෙනය. වැසිකල වතුර වැඩිවිට මෙහි යෑම් ඊම් කෙසේ සිදුවන්නේදැයි නොදනී. එකලට පැරණි කැඩීගිය පාලම් මතින් දැමූ කණු සහ ලී මතින් ගමන් කරනවා වන්නට ඇත. විදුලිය නම් ගමට ඇවිත් තිබෙන ආකාරයක් පෙනුනි. වයර් ඇද තිබුනත් තවම ඒ වයර හරහා විදුලිය ගමට ලැබී තිබුනේ නැත.
පාසලේ අධ්‍යාපන තත්වය..
පාසලේ සිසුන් එකසිය පනහකට ආසන්න ගණනක් සිටී. ගුරුවරුන් දහතුනකි, පන්ති සාමාන්‍ය පෙළ පන්තිය දක්වා වෙයි. විදුහල් පති තුමා පැවසූ පරිදි අවට මහා විද්‍යාල මගින් මෙහි සිසුන් උසස් පෙළ සමත් වී එනතෙක් බලා සිටී. මන්ද බක්මිටියාවෙන් සමත්වෙන ළමුන් දක්ෂයින් වෙන නිසාලු. තතුදත් ආරන්චි වලින් ආරන්චිවූ ආකාරයට වරෙකට සාමාන්‍ය පෙල විභාගයෙන් පස් හයදෙනෙක් සමත් වෙයි. ගණිතයට විද්‍යාවට සුදුසුකම් ලත් ගුරුවරයෙක් නැත. එක් ගුරුවරයෙක් විසින් පෙළ පොත් බලාකියාගෙන අපාසුවෙන් ළමුන්ට ගණිතය සහ විද්‍යාව අකුරුකරයි.එහෙත් දැනට ඇති සිලබස් එකේ පාඨ ග්‍රන්ථ පුද්ගලිකව පරිශීලනය කර ඇති මා ගණිතය විද්‍යාව උසස් පෙළටවත් නොකල කෙනෙකු සාමාන්‍ය පෙළට උගන්වා ඒ ලමුන් විභාග සමත් වන බව අසා පුදුමයට පත් උනෙමි. තුන වසරේ සිට එකොළහ වසර දක්වාම ඇත්තේ එක් ඉංග්‍රීසි ගුරුවරයෙකි. එක් ගුරුවෙරයෙක් විශයයන් දෙක තුනක් කරයි. සමස්ථ ගුරු මන්ඩලය සහ විදුහල් පති ඇතුලු කාර්ය මන්ඩලයම අවුරුදු තිස්පහට අඩු තරුණ පිරිසක් වෙති. මෙයිනුත් දෙතුන් දෙනෙක් යම් තාක් අධ්‍යාපනයක් ලැබූ සිවිල් ආරක් ෂක සේවයෙ නිරත වූවො වෙති. ගමට ඉඳහිට දුෂ්කර මාරු ලත් ගුරුවරු ආවත් කෙසේ හෝ අම්පාර කන්තෝරු වලට රස්තියාදු වන ඔවුන් මාස තුන හතරකින් යලිත් පාසැල හැරදමා සැප සොයා ඉගිල්ලෙන බව මෙහි කටුක දිවි ගෙවන ගුරු භවතෙක් කීවේය. මෙහි වෙසෙන එක් ගුරු තුමකුගේ මව සහ පියා දෙදෙනාම පාරේ යනවිට කොටි විසින් වෙඩිතබා ඝාතනය කර ඇත. ඔහු මටත් වඩා බාල අවුරුදු විසිහතරක විසිපහක කොල්ලෙකි. බුලත් කහට බැඳි කට, ගැමි වහරට අනුව යන ඔහුගේ භාෂාව, කිරි පාටින් නැති ඔහුට තිබිය හැකි හොඳම ඇඳුම විය හැකි ඇඳුමට යටින් ඇති මානුෂිය හදවත මට පෙනුනි. මේ ගම් වල ලමෝද නගරබද ලමෝ තරම් ඉගනීමේ මහා උනන්දුවක් නැති අය වෙයි. ගෙදර ගිය පසු පොත් බලන්ට ගනන් හදන්ට ඔවුන් පෙළඹීමක් ඇත්තේ එහෙමත් ගෙදරකය. නැත්තං අම්මා තාත්තා සමඟ ජීවිත සටනට උර දෙන්නට සිදුවෙයි. එක් ලමයෙක් පාසැල් පැමිනෙන්නේ සතියට එක් වරක් දෙකක් බවත් ඔහු මේ දින දෙකේ පැමිණ ඇත්තේ නව ඇඳුම් පොත් පත් ගන්නට බවත් ගුරුවරයෙක් කීය. මා අත් දැකීමෙන් දන්නා පරිදි මෙහි ළමුන් මෙල්ල කිරීමත් ලේසි නැත. වයසින් කුඩා වුවත් කටුක පරිසරය විසින් ඔවුන්ට වැඩිහිටි අත්දැකීම් ලබා දී ඇත. එබැවින් කියාදෙන පාඩම අසාගෙන සිටින ඒවා ධාරනය කරගන්නා යහපත් මානසිකත්වයක් මේ දරුවන් අතරින් ගොඩනැංවීම ලංකාවේ දක්ෂ ගුරුවරුන්ටත් කල හැකි දෙයැක්දැයි මට විටෙක සිතේ..
ඔවුන්ට කලක් කම්පියුටර් තුනක් වැඩ තිබී ඇත. පසුව එස් ටී එෆ් එකේ සිට හමුදාවට බලය ගිය පසු කරන්ට් ලබා ගන්න නොහැකි වූ නිසා ඒ රාජ්‍ය නොවන සංවිදාන වලින් ලැබුන ඒ කොම්පියුටර් තුනත් දැන් වැඩ නැත. එනම් එහි ලමයිට කම්පියුටර් යනු හීනයකි. එල් ටී ටීය සිටිකල එල් ටීටියටත් තමුන්ටත් සලකන්නට රාජ්‍ය නොවන සංවිධාන සිටියත් දැන් යුද්ධය ඉවර වී ඇති බැවින් එවන් සැලකිලි දැන් ඉඳහිටවත් තැතැයි ගම්වැසි සිවිල් ආරක්ෂකයෙක් පැවසීය.
දැනට පවතින ජංගම දුරකථන ජාල කිසිවකට බක්මිටියාවට සිග්නල් නැත. ඇත්තේ සීඩී එම් ඒ පමණි. ඒවාද ඇන්ටනා ගසාගෙන පාවිච්චි කල යුතුය.
විසඳුම්..
ධර්මවාහිනී නම් රූප නාලිකාවේ සම්බන්ධීකාරක වූ මෙත්තවිහාරී ස්වාමින් වහන්සේ විසින් ලර්න් ටීවී නැමැති රූපවාහිනී චැනලයක් ඩයලොග් ටී වී හරහා මීට වසර දෙක තුනකට පෙර මුදාහරින ලදී. ඒ තුල පාසැල් වල දක්ෂ ගුරුවරු විසින් උගන්වන පාඩම් ඇතුලත් විය. ඒ හරහා සැටලයිට් තාක්ෂණය ඇති නිසා විදුලිය ඇති රූපවාහිනියක් ඇති ලංකාවේ ඕනෑම තැනක සිටින්නෙකුට පාසැල් පාඩම් ඉගනීමේ වාසනාව ලැබුනි. මෙවන් පාසැල් වලට ගණිතය ඉංග්‍රීසි විද්‍යාව, අයි ටී වැනි විශයන්ට ජෙනරේටරෙයක් ටීවි එකක් ඩයලොග් ටීවි කනෙක්ෂන් එකක් ලබා දී එවන් පාඩම් දක්නට වත් සලස්වන්නේ නම් එය දක්ෂ සිසුන්ට කරන මග පෙන්වීමකි. එසේම නිසිලෙස පුහුනුව නොලත් එහෙත් අවශ්‍යතාවය මත සේවය කරන ගුරුමහත්වරුන්ගේ දැනුම දියුණු කරගැන්මටත් ඒ වැනි වැඩ හේතු වෙයි. මේ ටී වී නාලිකාව මූල්‍යාධාර සහ රාජ්‍ය දායකත්වය මද වූ හෙයින ්දැනට නවතා ඇත. නමුත් දුෂ්කර පාසැල්වලට කුඩා රිවිෂන් පන්තියක් වත් මේ වැනි දෙය්ක හරහා ලබාදිය හැකිනම් ඒ මනා වැඩක් බව මා සිතමි. ජෙනෙරේටරයක් රුපියල් හතලිස් දාහකි ටීවි එකක් රුපියල් විසිදාහකි. ඩයලොග් කනෙක්ෂන් එක රුපියල් දහදාහකි. වර්ෂයකට ගුරුවරයෙකුට ගෙවන වැටුපටත් වඩා අඩු මුදලක් වැයකොට අගනා වටිනා අධ්‍යාපන වැඩසටහන් දරුවන්ට ලබාදීමට එවන් සැටලයිට් කනෙක්ෂන් එකකින් කල හැක. එය ඒ පැත්ත විතරක් බලා කල නෙහැක . නිරස ගණිතය විද්‍යාව මනා ලෙස නිර්මාණ ශීලිව ඉදිරපත් කල හැකි පුද්ගලයින් සොයා ඒ අදහස් දියුණු කොට අධ්‍යාපනයට යොදා ගත හැකිනම් එයද මනාය. එවිට එම වැඩසටහන් ටීවී එක තුල දරුවන් ආසා කරන ඒවා බවට පත්වෙයි. සසර කළකිරුණු සමහර විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යාල සිසුන් මහණ වී හෝ වෙනත් දර්ශන වලට හසුව විවිධ තැන්හි නොයෙකුත් මාර්ග සොයනු මා දැක ඇත. එවන් පිරිසක් මෙවන් ස්ථානවලට ඇවිත් දවසට පැයක් දෙකක් තමා ලත් දැනුමෙන් ඉතා සුට්ටක් මේ දරුවන් වෙනුවෙන් වැය කරනවානම් එයද මනාය. භාවනා කරන කෙනෙකුට වුව සුදුසු ගල් ගුහා ගස් ආදියෙන් මේ ප්‍රදේශය පිරී ඇත. බුදුන් දවස මහත් පල ලැබීමට අනුහස් බොහෝ ඇති බදුන් අසලම සිටියැ යුතුයැයි සිතා සියලු හිමිවරු උන් වහන්සේ වටේ වත් අසූ මහ සව්වන් වටේවත් කැරකි කැරකි සිටියේ නැත. දුෂ්කර හද්දා පිටිසර ගම්වලට ගොස් නොයෙක් ශිල්ඥාණයන් ලබාදුන් හිමිවරු එකලත් විය.මෙකලත් ඈත ගමක ක්‍රීඩා පුහුනු කරන සංඝයා වහන්සේ නමක්මා පුවත් පතක දුටිමි. දවල් දානය පවා කලට වේලාවට නොලැබ උන් වහන්සේ මහත් කැපකිරීම් කර දරුවන් ක්‍රීඩාවට පුහුනු කරයි. කෙනෙක්ට එය බොදු භික්ෂුවට නොකලමනා දෙයක් යැයි සිතිය හැක. නමුත් උන් වහන්සේ එසේ ඒ දරුවන්ගේ කුශලතා දියුණු කර ඔවුන් සමාජයේ ස්ථාවර කිරීම බණ කිය කියා රට වටේ ඇවිදිනවාට වඩා මහත් පිණක් බව මගේ මතයයි. බොදු පමණක් නොව කිතුනු හින්දු මුස්ලිම් ඕනෑම ආගමක අයට ඇති සිවිල් බලය, මෙවන් සමාජයෙන් හැංගී ගිය මනුස්සයන් වෙනුවෙන් යොදවන්නේ නම් එය ඔවුන්ගේ කුමන දර්ශනයක හෝ දෙවිකෙනකුගේ හෝ ආශීර්වාදය ලබා ගැන්ම පිණිස හේතුවනු ඇත.
ලිය විය යුතුම..එහෙත් ලියැවෙනවා අඩු වටිනාම ලිපියක්...
ReplyDeleteමාරයියගේ බුකියේ ලින්කුව දිගේ ආවේ
ReplyDeleteඇත්තෙන්ම වැදගත් ලිපියක් විස්තරාත්මක විදියට ලියල තියෙනවා.
වැදගත් ලිපියක්.
ReplyDeleteඔබ පවසා ඇති ඔය වොලිබෝල් තරගාවලියේ සිද්ධියත් මට මතකයි.
ඒ වගේම මේ ප්‍රදේශයේ ඇති දුෂ්කර පාසලක තමයි හාමුදුරු නමක් වොලිබෝල් පුහුණුකරමින් ඒ ළමයින් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානයට අරන් ආවෙ.
මාරයාගේ ලිංක් එක හරහා පැමිණියෙමි.
ස්තූතියි මාර තුමාට මේ වැදගත් කාර්යය ෂෙයාර් කලාට..
ReplyDeleteමමත් ඒ හාමුදුරුවො දවසක් දැක්කා ටීවි එකේ වොලිබෝල් තරගෙකදි.මේවගේ ඉස්කෝල තව කොච්චර ප්‍රමාණයක් ඇද්ද?
Deleteකොළඹ ඉඳන් අධ්‍යාපනය ගැන පට්ට ටෝක් දෙන විද්වත්තු, මැතිවරු ලංකාවෙ මෙවැනි පාසල් හෝ සිසුන් කොටසක් සිටින බවවත් දන්නේ නැති වීම පුදුමයකි. නගරයේ ළමයින්ගේ දැනුමට හදන ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර ලියා යන්තමින් හෝ විභාගය ගොඩදාගන්නා ළමයි පස් හය දෙනා හැබෑ දක්ෂයින් විය යුතුයි.
ReplyDeleteනම අමතක උනාද? අම්බලනඔය හන්දිය නේ?
ReplyDeleteඉතාමත් වටිනා ලිපියක් තමයි......මට මේක කියවද්දි මතක් වුනේ මහවිලච්චිය කියන දුෂ්කර ගම ගැන ලියැවුනු පුවත්පත් ලිපියක්.ඒ ලිපියේ හැටියට ඒ ගම දැන් රැහැන් රහිත අන්තර්ජාලය සපිරි ගමක් ඒ වෙනස ඇති කරලා තිබුනේ ඉංග්‍රීසි ගුරුවරයෙක්...ඉතින් එක දක්ෂ ගුරුවරයෙක් හිටියා නම් මේ වෙනස ඇති කරන්න තිබුනා....මේ වගේ ගම්මාන ගොඩනගන්න පුළුවන්නම් හොඳ බුද්ධි දායකත්වයක් ලංකාවට දායාද කරන්න තිබුනා ඔබ කල මේ සේවයත් අගය කරනවා...ජය වේවා
ReplyDeletegreat work bro!
ReplyDeleteඇසට කදුලක් නැගුණා...,
ReplyDeleteමේ වගේ පාසල් තව කොච්චර ඇතිද.
සුළුවෙන් හරි යමක් කරන්න උත්සාහයක් දරමු.
ඉතා වටිනා ලිපියක්... මෙවන් ලිපි ලිවීම ගැන සතුටුයි.
ReplyDeleteකොළඹින් කිරි ගමට ගෙනියමු. එහෙන් කැකිරි මෙහේ ගෙනෙමු.
ReplyDeleteමේ කරලා තියෙන්නේ හොඳ වැඩක්. (ඇඳුම්).
පාසලේ නම ලිපිනය පොඩ්ඩක් දාන්ඩකො , මොක්ද අපි පුද්ගලික සංවිදානයක් මගින් එවැනි පාසල් වලට උදව් කරනවා ... මේ මෑතකදි දිඹුලාගල පන්සලේ අලුත් පුස්ථකාලයක් හදන්ඩ පොත් ලමයින්ට පාසල් පොත් පෑන් පැන්සල් පාසල් බෑග් පොඩි ලම්යිට සපත්තු පවා දුන්නා ...... නැවත එවැනි වැඩ සටහන්ක් කරන කොට මේ පාසල්ත් සම්භන්ද කර ගන්ඩ උත්සාහ පුලුවන්.
ReplyDeleteමෙහෙමයි සහෝ අපි දැන් ඒ පාසැලට උදව් කලානෙ...ඒ වගේ පාසැල් ගොඩක් ඒ පැත්තෙ තියනවා...අපි ගියෙත් පාසැල් ගානක් පහු කරගෙන...මං ගාව දැන් නම් නොම්මරයක් නෑ..හොයල දෙන්න බලන්නම්..
Deleteශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන ස්ථවිර
Deleteදිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන, අම්පාර
දුරකථන 063 2222314/063 2223187/ 071 8333322
මේ ස්වාමින් වහන්සේ ගෙන් ඔබලාට පාසැලක් සිලෙක්ට් කරගන්න පුලුවනි..දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ විශාල පාසැල් ගානක් තියෙනව දුප්පත් ළමයි ඉන්න...
කොච්චර වටින වැඩක්ද !
ReplyDeleteලිපිය කියවලා බක්මිටියාව ගමට ගිය අවස්ථා මතක් උනා. බක්මිටියාව හරිම ලස්සන ගමක්. ඒ ගම ගැන ඉස්සරලාම දැනගන්න ලැබුනේ මායා රංජන්ගේ දිගාමඩුල්ලේ ආශ්චර්ය පොතෙන්. ඉන් පස්සේ 80 අවසාන කාලයේ අමපාරේ ඉගෙන ගන්න කාලේ යාළුවොත් එක්ක ඒ පැතේතෙ ගියා. ඊට පස්සේ 80 මුල හරියේ රස්සාවේ වැඩවලට ගියා. මේ ගමට කුමක් හෝ උපකාරයක් කරන එක ලොකු දෙයක්. සම්මාදන් වෙන්න තියනවානම් ඉතාම කැමතියි.
ReplyDelete