Monday, January 9, 2012

ස්පර්ශක ආදරය (touch love)

ඒ පිටකොටුව බස් නැවතුමයි සුමිත් සහ දීප්තිකා යලි හමු වූයේ ඒ ටකරං මඩු වැනි පිටකොටුව බස් නැවතුමේදීය. සුමිත් දීප්තිකා ඉන්නවා දැක පෝලිමට එකතු විය..පෝලිම දිගු එකක් නොවූයෙන් දීප්තිකාට පසුපසින් සුම්ත්ට සෙට් විය හැකි විය..ඔවුන් දෙන්නාට දෙන්නා දනී.. නමුත් කතා බහක් නැත.. ඔවුන් දෙදෙනා බස් රියට නැග එක ළඟින් වාඩි විය. සුමිත් සාමාන්‍ය සොබාවයෙන්ම කුලෑටි කෙනෙකි. එතරම් සබා බිය දුරු කල අයෙකු නොවේ. එහෙත් දීප්තිකා එසේම නොවේ. රජයේ ජනප්‍රිය රෝහලක වෛද්‍යවරියක වූ ඇය සාමාන්‍ය වෛද්‍යවරියක් නොවන තරම් ඇය සමාජශීලිය. ඇය වෛද්‍යවරියකි. ඇයට අමාරුවෙන් කාර් එකේ නැඟ රිය පදවනවාට වඩා සුඛෝපබෝගී බසයක නැග යෑම මැනවැයි සිතී මේ සුෙඛා්පබෝගි බසයට නැංගාය. සුමිත් ටැග් වෙමින් සිට අවසානයේ ඔයාට මාව මතකදැයි ඇසීය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නැත. දීප්තිකා ගල් ගිල්ලා වැනිව සිටී. දීප්තිකා මං හිතන්නෙ ඔයාට මාව මතක ඇති. එවර සිහින් හඬින් දීප්තිකාගේ කණට කොඳුරන්නාක් මෙන් සුමිත් කීවේය. එවිට දීප්තිකා ඔයා අපි එක්ක නේ ක්ලාස් ගියේ මට මතකයි..කීය. ඔවුන් අතර තිබූ සම්බන්ධතාවයෙ ආකාරය අනුව ඔවුන්ට දිගටම කතාව කරගෙන යා හැකි මානසිකත්වයක් නොවීය. 

මේ දෙදෙනාම මීට අට වසරකට එපිට එකම රියේ එකම දෙසට පන්ති ගිය දෙදෙනකුය. ඔවුන් දෙදෙනා කොතෙකුත් ගැටී ඇත. නමුත් ඔවුන් අතර වචන නම් හුවමාරුවී නැත.
දිනක් සුමිත් සිය පොත් දෙකට අමතරව සීඩි කිහිපයක්ද ගෙන බස්රියට නැගුනේය.ඉන්පසු බස් නැවතුමකින් බසයටනැගි දීප්තිකා සුමිත් අසලය. කෙමෙන් කෙමෙන් තනි අතින් ඉහල බාර් එකේ එල්ලී සිටි සුමිත් දීප්තිකා අසලට ලං විය. දීප්තිකා හොරැහින් බැලීය. ඉන්පසු එදින සිදුවිය යුතු පරිදිම දෙන්නා වෙලෙමින් ගියේය. දින කීපයක් ගියේය. ඉසුරුමුණියේ පෙම් යුවලසේ දීප්තිකා සුමිත් දැන් බස් රියේ වෙලෙමින් යයි. එකළඟ බස් නැවතුම් දෙකක් ළඟින් නගින නිසා ඔවුන් දෙදෙනා සෙට් කිරීමට පාරේ ඇති වංගුවලටවත් කොන්දොස්තර මහතාටවත් ඩයිවර අයියාගේ තිරිංග පහරටවත් යලි යලිත් වෙහෙසීම අවැසි නොවේ. එහෙත් සවස පංති ඇරී පැමිණෙන විට නම් එය ටිකක් අමාරු කාරියකි. සමාර දිනෙක සුමිත් පසුපසින් නගින අතර දීප්තිකා නගින්නේ ඉදිරි දොරෙනි. එවිට කොන් මහතාගේ දැඩි පෙරැත්තයට පින්සිදු වන්නට දෙන්නාට බස් රියේ මැද හරියේදී එකට හමු විය හැක..
 මේ දෙදෙනාගේ අසාමාන්‍ය පලහිලව්ව දැකගත් සමහර අයෙක් දීප්තිකා වනාහි ස්ටාටර් මෝටර්රහිත ව ස්ටාට්වෙන ක්ෂණික වස්තුවක් යැයි සිතා දීප්තිකාට කිට්ටු විය. එහෙත් ඔවුන්ට ලැබුනේ රැවුම් ගෙරවුම්ය. දිනක් දීප්තිකා සුමිත් නැති දිනෙක බස් රියේ වාඩි වී යන අතර කොල්ලෙකු විසින් අනවශ්‍ය ලෙස කකුල් ඇල්ලීමට යෑමේදි දීප්තිකාට මාට්ටු විය. එදා දීප්තිකාගේ කුඩය කැලි හැලෙන තුරු අර අදාලකොල්ලාගේ කකුලට ගුටි සම්භ විය. අනික් සියලු දෙනාට දීප්තිකා රලු උවත් සුමිත් අසලදී වෙනමම ගනුදෙනුවකි තිබුනේ. සුමිත් දීප්තිකා අසලට කිට්ටු වෙනවාත් සමගම අර ජනප්‍රිය කුනුහරුප කතා වල එනවාක් මෙන් එකවර දෙදෙනා වැඩ පිලිවෙල පටන් ගන්නේ නැත. ක්‍රමයෙන් ක්‍රමය ඔවුන් දෙදෙනා වැඩ පිලිවෙල ගෙනයයි. බස් රියේ යන මේදෙදෙනා නොදන්නා අය මේ ජෝඩුවක් දෝ හෝයි සිතා බලමින් ඉරිසියා කරයි. ස්වල්ප දුරක් යනවිට ඔවුන් එයින් මුසපත් වෙයි.. දීප්තිකාගේ හුස්ම වේගය ඉහල යයි. සුමිත් ගේ සියලග දැවෙයි. මේ කාර්යය වෙනත් විශ්වාසවන්තම යාලුවෙකුට පැවසූවිට ලැබුනු උපදෙස් අනුව දීප්තිකාගේ පශ්චාත් භාගය අතින් ඇල්ලීමට සුමිත් වතාවක් උත්සාහ කලේය. නමුත් එදා සුමිත් දැවී හලු වී යන පරිදි දරුණු ආකාරයේ රැවීමකට ලක්වන්නට සුමිත්ට සිදුවිය. විශාල කැටයම් දැක්වීමට යෑම මෙවන් කුඩා පියවරයන් පවා අහිමි වී යැ හැකි බැවි සිතුනු බැවින් ඉන් පසු කෙරෙන ආකාරයට බස් රිය තදවෙන ආකාරයට මිරිකෙනවා විනා වෙනත් අමතර දේ ගැන සිතන්නට සුමිත් නොගියේය. එය සුමිත්ගේ මිතුරන් දුටු ආකාරයට පිරිමිකමට නොගැලපෙන්නක් විය. එහෙත් අනවශ්‍ය පිරිමිකම් දාන්නට ගොස් නිකම් දෙන දන්සැල නවත්වාගන්නට සුමිත් කැමති නොවීය..
  ඈ සමඟ කතා කල යුතුයැයි රෑ එලිවෙනකල් සිතාගෙන සිට ආවත් උදේ හමුවූ පසු ගුඩ් මොනින් කීමෙන් එහාට සුමිත්ට යා ගත නොහැකි විය. මේ හොර ආදරය දීප්තිකාගේ මිතුරියන් දැන සිටින්නටද ඇත. සමහර දිනෙක දීප්තිකාට හො සුමිත්ට වාඩිවීටම අවසර ලැබුනත් ඔවුන් දෙදෙනා එවිට මහා දානපතියන් මෙන් නැගිට සිටින අයවලුන්ගෙන් අසරණ පෙනුම ගෑවුන කෙනෙකුට අසුන දී සිටගෙන යති. දීප්තිකා දක්ෂ ශිෂ්‍යාවක වූවාය. සුමිත් නම් නටපු නැටුමකුත් ගහපු බෙරේකුත් කල දේකුත් නොකල දේකුත් නැති ලෝකයෙන් මඳක් ඈත්වූ කෙනෙකි. එතරම් කතාබහක් කිසිවෙකු සමග නැත. ඉගනීමටද එතරම් උනන්දුවක් නැත. 
 එකල දිනක් සුමිත්ගේ අම්මා සුමිත්ලාගේ අයියාට පතුරු යනතුරු බැන්නේය. එහි වරද ඇත්තෙ නංගී අතය. සුමිත්ගේ නංගී මෙ බලන්න අම්මෙ මේ කොල හරිම සුවඳයි මටත් ගෙනත් දෙන්න ඈ යැයි කියමින් අයියාගේ පෙම් හසුනක් සුමිත්ගේ අම්මාට දී ඇත. එය කියවා බලා කාරණය ධාරණය කරගත් අම්මා සුමිත්ද ආපසු දේශනාව පටන් ගත්තේ හෙමිජ්ජා වගේ උන්නාට සුම්ත්ද එතරම් පොතට නැඹුරු එකෙකු නොවන නිසාය..උඹලට පේන්නෙ නැද්ද අර මහ මනුස්සය කොයි තරම් මහන්සි වෙනව ද කියල. ඔව් ඉතින් බොලාට දැනෙන එකක්ය..
කොහේ හරි යන සකරවට්ටම් නලවන්න උඹල වියදම් කරන්නෙත් ඒ මනුස්සයයි දාඩිය සල්ලි. ඔන්න උඹල ඇතිවෙන්න බඩට කාපල්ල ඒ කමක් නෑ..ේම එක එක කුමාරිකාවොන්ට එක එක ජාති අරන් දෙන්න අර මනුස්සය දාඩිය මාන්සියෙන් හම්බ කරන සල්ලි වියදම් කරනව කියන්නෙ...??අර එකියක් ලියල තිබුන මගෙ පණ මට අරන් දුන් තෑග්ග නම් හරිම වටින එකක් කියල..ඔව් ඉතින් ඒකිගෙ අතින් පයින් ගියායැ...පණ බැරිනම් ආත්මෙ කිව්වම මොකද??
අනේ බොලාටත් පායනවනේ..තාත්ත දැනගත්තොත් ඔය කරන කෝස් එකත් නවත්තල කොළඹ අරී..අයියා ත් සුමිතුත් ඒ සියල්ල අසා සිටියේය. සුමිත්ට අම්මාගේ වචන කිඳා බැස්සේය. පසුදින ඔහු දීප්තිකාට දුරින් සිට යන්නට පටන් ගත්තේය.. නමුත් ලස්සන බාස්කට් බෝල් ගහන ගෑල්ලමයි අඳින වැනි සාය..ඒ මතින් ඉල්පී සුමිත් දෙස බලා හිනාවනවා වැනි ඇගේ උකුල සහ පස්ස දකින විට සුමිත්ගේ සිල් බිඳෙයි..යලිත් මලට ඇඳෙන බඹරා මෙන් ඇය ළඟටම කිට්ටු වෙයි..
 කෙසේ හෝ තාත්තා අයියාගේ කෝස් එක ලව් කේස් එක හේතුවෙන් නවත්වන ලදී..සුමිත්ද කොළඹට ආවේය..ඔහුට දිගු කලක් යනතෙක් යලිත් දීප්තිකා දකින්නට බැරිවිය. ඉන්පසු මාසයකින් දීප්තිකා යා යැයි සිතිය හැකි බසයට නැංගත් එදින දීප්තිකා නැති විය. කෙතෙක් ආරන්චි කර බැලුවත් ඇය ගැන තොරතුරක් සොයා ගත නොහැකි විය. ඇය නැවතී සිටියේ නෑදෑ කෙනෙක්ගේ නිවසේය යන ඇගේ යාලුවන් දැන සිටි කරුණ පමනක් සුමිත්ද දැනගති..


 අපි යලිත් සුඛොපබෝගි බසයට එමු. මඳ වේලාවකින් දෙදෙනාටම නින්ද යන්නට විය. කිහිප විටක් ඇගේ හිස සුමිත්ගේ උරය මත කඩාවැටෙන්ට ගියත් ඒ හැමවරම සොරි යැයි කියා නිහඩ විය. ඔයා තාමත් කොළඹද ඉන්නෙ?? එක්වරම දීප්තිකා කථාකරන්නට විය.. ඔව් මං කොළඹ ඉන්නෙ..එවිට ඔවුන් දෙදෙනා සම්මත ජෝඩුවක් පරිදි විය..ඔවුන් දෙදෙනා යලිත් හමුවිය. මේ අවස්ථාව වනවිට දීප්තිකා විවාහ ගිවිසිමට ඔන්න මෙන්න පෙම්වතියකි. සුමිත් තවම විවාහ ගැන යම්තම් වත් සිතා  නැත.
.
දොස්තර නෝනා කෙනෙක්..

  මෙකල සාමාන්‍යයෙන් වන පරිදි ඔවුන් දෙදෙනා දුරකථන අංක හුවමාරු කරගත්තෝය. ඉන්පසු රාත්‍රියේදී කතා කරන්නට පටන් ගත්තේය. ඒ අතර යම් උදරාබාධයක් හේතුවෙන් සුමිත්ට ඉස්පිරිතාලගත වන්නට සිදුවිය. එහෙත් සුමිත් දමාගෙන සිටි ලොකු සයිස් රක්ෂණ ඔප්පුවට සරිලන ලෙස දින ගණනක් සිටීමට සහ අපහසුතාවකින් තොරව ඒ කටයුතු කරගැන්ම සඳහා දීප්තිකා එවිට සිටි රෝහලට ඇතුල් වීමට සුමිත් සිතා ඒ ගැන දීප්තිකාගෙන් ඇසුවේය. දෙවරක් නොසිතා දීප්තිකා ඒ සඳහා අවසර දුන්නාය. සුමිත් සිතාසිටියාට වඩා තත්වය තරමක් දරුණු විය.. මුලදී සුමිත් බලන්නට කිසිවෙකුත් නිවසින් නොපැමිණියේය. සුමිත් සාමාන්‍යන් කිසිවෙකුට කරදර කිරීමට අකමැති කෙනෙකි. දීප්තිකාගේ පෙරැත්තය නිසාවත් ඔහු නිවසට නොකීමට සිටි අදහස් වෙනස් නොකලේය..කිසිවෙක් සුමිත් බලන්නට නොඑයි. නමුත් අවට සිටින අයට බොහෝ දේ සුමිත් ගෙනැවිත් දෙයි. එලියට යෑමට නෙැහැකි කල ලෙඩුන් බලන්නට එන අය රී ලෝඩ් දැමිමට ආදියට එලියට ගොස් එන විට සුමිත් ඔහුටත් අවට සිටින අයටත් සරිලන ලෙස බඩු ගෙනැවිත්දෙයි..තරමක අමාරුවෙන් සිටියත් සුමිත් ඔහු හදාගන්නා නෙස්ටමෝල්ට් එක හතර වටේම බෙදමින් නෙස්ටමෝල්ට් ජෝගුවක් පමණ හදාගෙන වටේ කරක් ගසමින් ඒවා බෙදයි.. සුමිත් එතරම් සමාජශීලි නැතත් ඔහුට ආවේනික කරුණාවන්ත හදවතක් විය. එය දීප්තිකා සිත බැඳ ගන්නට සමත් විය. තමුන්ගේ දියුණුව ගැන නිතර සොයාබලන අකලංක නැමැති දීප්තිකාගේ පෙම්වතාට වඩා අනුන්ගෙ ලෙඩ ගැන සොයාබලන සුමිත් දීප්තිකාට ගෙනාවේ මහත් සැනසීමකි. අකලංක කැම්පස් යන කාලෙයේ සිට දිප්තිකා දන්නා කියන කෙනෙකි.
නමුත් අකලංක සිය පවුල තමා සහ ඔහු හැර වෙනකෙක් දිහා බලන්නේ පිට අයෙක් වැනි ඇසකිනි. කොටින්ම සිය පවුලේ අය ගැන පවා අකලංකට ඇත්තේ දුරස්ථ හැඟීමකි. එය දීප්තිකාට දිරවන්නක් නොවීය. සුමිත් ඉස්පිරිතාලයේ නැවතී දින දෙකක් තුනක් ගියේය..ඉන්පසු එක් මිතුරෙක් සුමිත් බලන්නට ආවේය.. ඉන්පසු සිද්ධිය වෙනස්විය.. ඔහුගේ කාර්යාලයීය. සහ තවත්බොෙහා් මිතුරන් සුමිත් හමුවන්නට ආවේය. ඔහු ලෙඩ වී ඇතිබව නොදැන්වීම ගැන බොහෝ දෙනා දොස් පැවරුවේය..පසුව වාට්ටුවේ ජනප්‍රියතම චරිතයක් බවට සුමිත් පත්විය. තරුණ නර්ස්ලා ඇටෙන්ඩන්ලා ඔහු වට සිටින විට දීප්තිකාගේ සිතෙ යම් කිසි කලබලයක් විය. එය කිමෙක්දැයි නොදන්නා නමුත් ඔහු ලග සිට විස්තර කතාකරන්නට හදන නර්ස් කෙනෙක් ගැන දීප්තිකාට ගෙන ආවේ සතුටක්නොව තරහවකි. තරමක් සංකීර්න ස්ථානයක ගෙඩියක් වැනියමක් ඇති වී තිබුණ බැවින් දින හතක් පමණ සුමිත් වාට්ටුවේ නැවතී සිටියේය. දීප්තිකාගේ යහලුවෙක් යැයි සිතු බැවින් සුමිත්ට ලැබුනු තැන ඉහල තැනක් විය.
  ඒ වාට්ටුවේ සිටි නිවාඩු දිනවල පවා දවසට දෙතුන් වරක් සුවදුක් බලන්නට ඒම දීප්තිකාගේ සිරිතක් විය. ඒ හේතුවෙන් අකලංක සමග යොදාගෙන තිබූ හමුවීම් කීපයක් අවලංගු කරන්නට ඇයට සිදුවිය. නමුත් සිත පුරා දිවයන අමුතුම මිහිරක් පැරණි මතක සුවඳ අතරින් හමායන්නාක් මෙන් සුමිත් අසල සිටින දීප්තිකාට දැනෙන්නට විය. කාර්යබහුල වෛද්‍ය දිවිය නිසා ජීවිතයේ ඇතිවි ඇති වේදනාකාරී බව දීප්තිකාට ඇතිකලේ වෙහෙසකි. ඒකාකාරී ජීවිතය කවදා කෙලෙස කෙදින  ඉවර වේදැයි ඇයට කීමට නොහැකි විය. තමුන්ගේ අත ලැබේ යැයි සිතා සිටින අකලංකද වෛද්‍ය වරයෙකි. තමා වැනිම පීඩනයකින් සිටින දවසේ පැය 10-12ක් වැඩ කරන කෙනෙක් සහකරු කරගැන්ම ගැන නැවත සිතාබලන්නට දීප්තිකාගේ සිත යොමුකලේ සුමිත් ගේ නෙත් අගින් ගිලිහෙන අහිංසක මනුෂ්‍යත්වයද නැත්නම් ඒ වටාබැඳි ඉපැරණි රාග ධාරාදැයි සිතාගැන්මට ශරීරය විනිවිද දැක ඇති දීප්තිකාට නුපුලුවන් විය..
  වැඩි කතාබහක් නැතත් අවට අය ගැන සැලකිල්ලෙන් සිටින කෑම ගැන්ම ආදි දේදි එකතුව වැඩකල සුමිත්ගේ නික්ම යෑම දීප්තිකාට වැඩියෙනුත් ඒ හා සමානවම නැතත් වාට්ටුව ආශ්‍රිත සියල්ලන්ගේම දුක් ඇතිවීමට හේතු විය. මිනිසුන් ලෙඩුන් පිරීසිටියත් සුමිත් නැති වාට්ටුව දීප්තිකාට පෙනුනේ මල සොහොනක් විලසිනි. සුමිත් මහත්තය ගියෑට පස්සෙ ඩොක්ට ටිකක් සැරවෙලා..අපි ටිකට් කපල යැව්ව වගේ නිකම් මෙයාගෙ ගෑස්..ඒ සුලු සේවකයෙක් ඒ ගැන ප්‍රකාශ කල අදහසකි..
 ඔයා ඇවිද්න්න දුරයන්න එපා..වැඩිය වෙහෙසෙන්න එපා..ඔහොම ඉන්න කන්සල්ටන්ට් කිව්ව ඔයාව ඉක්මනට යවන්න පුලුවන් වෙයි කියල..කිව් පසු සුමිත්ගේ ඇස්වලත් මුවේත් නැගෙන කාන්තිය දීප්තිකාට මතක් විය..
දින දෙක තුනකින් සුමිත් යලි කතාකලේය. ඔවුන් දෙදෙනාට ම ඇතිවූ සිත් වේදනා නිසාදෝ හෝ ඔවුන් එකිනෙකා දුරකථනයෙන් අැමතීමත් නැවතී තිබුණි. මේ ඔය වාට්ටුවෙ වටේ තියෙන කර්ටන් පරණ වෙලා තීන්ත පාරකුත් ගෑවොත් හොඳයි..එතකොට ඔයාටත් ඉන්න පුලුවන් නේ ලස්සන වාට්ටුවක..නේද දීප්ති??
ඉතින් සුමිත් ඒක ඩිරෙක්ටර් බලාගනී..ඔයා වදවෙන්න ඕනි නෑ..ඒ දීප්තිකාය..ඒ නැතත් ඕනි තරම් දානපතියො ඉද්දි ඔයා වගේ අය මේව කරන්න ඕනි වෙන එකක් නෑ සුමිත්..


 එහෙම කියන්න එපා දීප්ති ඔයා අපි වගේ යන්තම් මේ මිනිස්සුන්නගෙ සල්ලි නිසා ඉස්සරහට ආව අය නැතුව කවුරු මේව ගැන බලන්නද?/අවසන රොහල සමග කතාකොට එක් දිනක් තුල කම්කරුවන් 7-8 දෙනෙක් යොදවා තීන්ත ගෑමත් කර්ටන් දැමීමත් සිදුවිය. සුමිත්ගේ කැමැත්තක් නැතත් රෝහල් අධ්‍යක්ෂ වරයා විසින් බොහෝ කුඩාවට පවත්වන ලද උත්සවයකින් පසු කර්ටන් සහ අලංකාර වාට්ටුව බාරදෙන ලදී..ඒ වෙනුයෙන් රුපියල් ලක්ෂයක් පමණ වියදම් වන්නට ඇති බව දීප්තිකාට වැටහුනි.. රජයේ කන්තෝරුවක් හා සම්බන්ධ රාජකාරියක නිරත සුමිත්ට එය මාස තුන හතරක වැටුපක් මිස ඊට අඩු විය නොහැකි බව දීප්තිකාට තේරුණි. ඉන්ෂුවරන්ස් එක වුවත් එතරම් විශාල මුදලක් ලැබේද?


මගේ ඉන්ෂුවරන්ස් එකෙන් දවසට රුපියල් නවදාහක් ලැබෙනව..හොස්පිටල් හිටියොත්..මාසෙකට රුපිය්ල 10.000ක් ඉන්ෂුවරන්ස් එකට ගෙවනව.. මගේ පඩියේන් තුනෙන් එකක් ඉන්ෂුරන්ස් එකට..ඔයා ඊලගට අහන්නෙ ඇයි මේතරම් ලොකු ඉන්ෂුවරන්ස් එකක් කියල නේ..
 .ඔයා ගැන මං ගොඩක් බලාපොරොත්තු තියාගන හිටිය. එ්ත් ඉතින් අපි හමු උනේ නෑ.. පස්සෙ කාලෙක මට වෙන ගර්ල් පෙන් කෙනෙක් හමු උනා..මං එයා වෙනුවෙන් ගොඩක් දේවල් කලා ඒත් අවාසනාවට ඒක නැතිඋනා..මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක ඒ ගර්ල් යාලුවුනා.දැන් මාව දැක්කත් නොදන්න ගානට යනව..මගෙන් ෂුස් දෙකේ ඉඳල කොන්ඩ කට්ට දක්වා වියදම් අරගෙන මට වඩා හොඳ අත්තක් අහුඋනාම දාල ගියා..ඒක තමයි ලෝකෙ හැටි. පස්සෙ මං හිතුව මම තවත් කවදාවත් කසාද බඳින්නෙ නෑ කියල..ඉන්පස්ෙස ලෙඩක් දුකක් හැදුනොත් කියල ගන්න ලොකු ඉන්ෂුවරන්ස් එකක් දැම්ම..ඒකෙන් මං මලොත් ලකෂ පනහක් ලැබෙනව..කෝමද ආ..ලක්ෂ පනහක් කියන්නෙ මගේ මරණ ගෙදර තියයි නිකම් පාටියක් වගේ මගේ නෑයො..හහ් හහ් හහ්..හා...ඒකෙ එක කොන්දේසියක් තමයි ලොකු ගානක් ලැබෙන එක ලෙඩ උනාම..
ඉතින් සුමිත් ඔයාට ප්‍රයිවෙට් එකක නවතින්න තිබුන් නැද්ද ඔය තරම් ලොකු ගානක් දීලත්..ම්්ම්..ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ලක්ෂ දෙකහමාරක් ගෙවනව..ඒත් උන් ලගට ගියා කියල සල්ලි නාස්තිවෙනව විතරයි..
අඩු තරමෙ මේ සල්ලි වලින් වාට්ටුවෙ තීන්ත හරි ගෑවුනානේ..


ඒ උනාට ඔයා හිතන තරම් ලෝකෙ නරක නෑ සුමිත් ඔයාට ලස්සන ගර්ල කෙනෙක් ලැබෙයි ඔයාට සලකගෙන ඉන්න කෙනෙක්..

ඒ.ත් මට සල්ලි පස්සෙ දුවන්න තියෙන ආසාව කලින් සිද්දියෙන් නැති උනා..දැන් ගර්ල්කෙනෙක් හමු උනත් මට සල්ලි ඇත්තෙම නෑ..ප්ලෑනක් ඇත්තෙත් නෑ...මුකුත්ම නෑ වගේ නිසා කැමති වෙන එකක් නෑ..බාගෙදා කැමති වෙන්නත් පුලුහං..ඒත් මං ඉතින්වැඩිය ඕවට නෑ..ලෝකෙ කොයි තරම් දේවල් තියෙද ගැනු නැතුව..

  එදා අතරමැද සතියේ නිවාඩු දිනයකි. නිවසට වී දවල් වෙනකල් නිවාඩු පාඩුවේ නිදියා ගන්නට හැදුවා පමණි ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය..
 ( මේ කතාව තුල ඇති නං ගං හැර සියල්ල මනංකල්පිත වෙයි..)මෙහි..දෙවැනි කොටසක් ඇති අතර එය එතරම් රසවත් නොවනු ඇති යැයි සිතන බැවින් එය පලකලේ නැත..
  පසුව පලකරන ලද මේ කතාවේ දෙවැනි කොටස මෙතැනින් කියවිය හැක..

8 comments:

  1. හරිම අමුතු කතාවක් මේ ලියන කතා ටිකක් රාගයට බරයි ඒත් කියවන්න හරිම ආසා හිතෙන තරම් ලස්සනට ලියැවෙන්නේ දෙවෙනි කොටසත් කියවන්න ආසයි ඒකත් දාන්න කියලා ඉල්ලා හිටිනවා....

    ReplyDelete
  2. මචං.. දෙවනි කොටස දාපං.. මුන් දෙන්නව කොහොම හරි බන්ඳවපං නැත්තං කොල්ලව මරලා දාපං.. :-D

    ReplyDelete
  3. ela ela....................

    ReplyDelete
  4. මේක රාගය සම්බන්ධ කතාවක් තමයි...රාගය ඇතුෙල නැති ප්‍රේමය නිකම් සිමෙන්ති නැති කොන්ක්‍රිට් මික්ස්චර් එකක් වගේ..බොන්ඩින් මැටිරියල් එක වෙන්නෙ රාගය...ඒක රජකාලෙත් එකයි ඒ කාලෙත් එකයි අද කාලෙත් එකයි...2 වෙනි කොටස දැන් දාල ඇති බලාගන්න ඈ...

    ReplyDelete
  5. කතාවේ ඊලග කොටස ගැන ඉගියක් ගන්න පුළුවන් ! හලේ අසරණ කොල්ලා
    කෝල් එක එන්න ඇත්තේ එයට අමාරු වෙලා හොස්පිටල් එකට ඇඩ්මිට් කරා කියන්න වෙන්න ඇති

    ReplyDelete
  6. අයියෝ මල පනින්නෙ ඕකනෙ, කතාව නැගල යද්දී පෝස්ට් එක ඉවරයි. පට්ට කතාව ඈ... යහපත් අනාගතයකට සුභ පැතුම්(සුමිත්/දීප්තිකා දෙන්නටත් එක්ක) හැක්...හැක්...

    ReplyDelete
  7. කතාවේ දෙවැනි කොටස http://ansathudinapotha.blogspot.com/2012/01/touch-love-2.html තැනට ගොස් නැරඹිය හැක..

    ReplyDelete