අපේ චෙයාර්මන්ගේ බන්ඩක්කා වගාව.
මේ මීට වසර දෙක තුනකට පෙර අපේ කොම්පැණිය හා සම්බන්ධ කතාවකි. එකල අපේ චෙයාර්මන් නොහොත් සභාපති සිටියේ ගෑනු කෙනෙකි. ඇය රජය හා සම්බන්ධ වැඩකටයුතුවලටත් සිය නම බැබලෙන වැඩකටයුතු වලටත් බෝම ප්‍රසිද්ධ ඇත්තියකි. ඇත්තියක් කීවේ ඇය ඇතින්නියක් තරමට මහත වන නිසා නොවේ. එය ව්‍යවහාරයකි. ඒ මහත්මිය වරක් රජය මගින් ක්‍රියාත්මක කල වැඩපිලිවෙලක් වූ අපි වවමු රට නගමු අප ආයතනය තුලත් ක්‍රියාත්මක කලේය. ඒ යටතේ කොළඹ පිහිටි ඉඩකඩ ඇති අපේ සමාගමට අයත් වෙනත් ශාඛාවක භූමිභාගයක් තෝරාගන්නා ලදී. දැන් ඉතින් ගොවිපල පටන් ගන්නා එක අපේ චෙයාමන් මැතිනිය අතින් සිද්ද විය.එය රූපවාහිනිෙය්ද සමහර විට පෙන්නන්නට ඇත. මේ ඇරඹුමට සති ගානකට පසු මට රාජකාරි වැඩකට ඒ ගොවිබිම පිහිටි ශාඛාවට යන්නට විය. එවිට හතලිහක පනහක මහ සෙනගක් ඇවිත් වැඩය..එකෙක් වල් ගලවයි. අනිකා හති අරියි. තවකෙක් බැනියම ගලවාගෙන වැඩය. තව කෙනෙක් කලිසම උස්සාගෙන වැඩය. අක්කර භාගයක භූමියේ එක් පඳුරට එකා ගානේ මිනිස්සු ගජරාමෙට වැඩය.බණ්ඩක්කා කරලක් |
එදා සෙනසුරාදා දිනයකි. එදිනට මෙහි දවසම අයිති වන්නේ අතිකාල වලටය. අතිකාල පැයක් යනු එක් අයකුට පැයකට රුපියල් දෙසිය පනහකට වැඩි ගානකි. එබැවින් කට්ටිය චෙයාමන්ගේ වැඩට අතහිත දෙනු පිණිස පස්කකා වැඩ වල නිරත වී සිටී. එදින කාර්යාල කටයුතු නැත. පොඩි ලොකු බොස්ලා ඔක්කොම වැඩ බිමේය. ලොකු උදැල්ලෙන් කැපිය යුතු තණ පඳුරු අතින් අදිති. පැරණි ගස් ගලවති. අක්කර බාගයක් එදා දවස වැඩ කරන්නට කොම්පැණියෙන් ලොකු ගානක් යන්නට ඇත. එහෙත් කිසිවෙක් ඒවාට මුකුත් කියන්නේ නැත. මන්ද ඒවා චෙයාමන් මැතිනියගේ වැඩක් යැයි සිතන බැවිනි. එහෙත් ඇත්ත තත්වය එතුමිය නොදන්නවා විය හැක. නමුත් කස්ටිය එතුමිය පිටින් යවා කාර්යාල වැඩ කට්කර එහිවිත් බොරු වැඩක් කර අතපිහිදා දවසටම සරිලන අතිකාල රිසි සේ දමාගන්නට ඇත. සමාගම සේවකයින් කෘෂි වැඩවල යොදවන්නට වැයවූ සල්ලි වලින් සමාගමෙ සියල්ලන්ටම එලවලු මල්ලක් නොමිලේ දිය හැකිව තිබුනු බව මගේ අදහසයි. ඒ මා දුටු එක් දිනයකි අනික් දවස්වලත් එසේම වන්නට ඇත.
තවත් කලකින් එහි ගිය විට ලස්සනට එලවලු සැදී තිබුනි. වම්බටු ගස්වල වම්බටු එල්ලී තිබුනි. බන්ඩක්කා ගස් කරලින් බර වී අතු නැමී තිබුනි. මෙහි එලවලු නෙලන අකාරයක් මට පෙනුනේ නැත. එලවලු නිසි කලට නෙලන්නේ නැත්නම් එය වගාවට අහිතකර ලෙස බලපායි. පොල් වගාවක උවත් පොල් ගෙඩි ගසේම වේලෙන්නට තැබීම සාමාන්‍යන් පරිණත ගොවීන් නොකරන දෙයකි. කුරුම්බා යන්තම් පොල්වන විටම ගසින් පොල් කඩාගන්නේ නම් මීලග පොල් වලු විශාලව සැදේ. එලවලු වගාවලද එසේය.අර්තාපල් බීට් රුට් වැනි පොලව තුල අල ඇතිවෙන බෝග හැරුනකොට බන්ඩක්කා, වට්ටක්කා, පත්තක්කා, පතෝල වැටකොලු,කරිවිල, මෑ බෝංචි ආදි ඕනෑමෙ බෝගයක අස්වනු නෙලීම බෝග අස්වැන්න යන්තම් මොරන විටදී සිදුකල යුතුය. බන්ඩක්කා නම් දවස් දෙකකට වතාවක් නෙලිය යුතුය. ඉහත වගාවේ එසේ අස්වනු නෙළීමක් සිදු වනු නොදිටි අතර මා එයට වතුර දාන්නට සිටි කෙනෙකුගෙන් අසා දැනගත් පරිදි එසේ එලවලු නෙලීම සිදුවන්නේ සතියට එක් දිනකි. එය බොහෝවිට සෙනසුරාදා වෙන්නට ඇත. ඒ නෙලන ලද එලවලු ඒ අයටම බෙදාගන්නට ලැබෙන අවස්ථාවක්ද කියන ලදී. එවිට මා ඇසු අතුරු ප්‍රශ්ණයක් වූ
ඉතින් මේ මෝරපු බණ්ඩක්ක වම්බටු එහෙම කලින් සතියෙ මැද වගේ කට්ටිය හොරෙන් වගේ කඩන් යන්නෙ නැද්ද? යන්නට පිලිතුරු දුන් ඒ මනුස්සයා කිව්වේ..
මොනව උනත් චෙයාමන්ගෙ වම්බටු නේ..ඒ නිසා කවුරුත් අත තියන්නේ නෑ. අනික හදිසියෙන් චෙයාමන් නෝනත් එනව නේ මේක බලන්න. එතකොට කෝ එලෝලු කියල ඇහුවොත් කියල වෙන් ඇති.
මටත් තේරෙනව මහත්තය මේව මෝරල කියල ඒත් ඉතින් මොනා කරන්නද?
ඒ මනුස්සයා වතුර දැමීමටම යෙදවූ ක්ලිනින් සේවකයකු වන්නට ඇත..අක්කර බාගයක වගාව වෙනුවෙන් ඒ වූ ක්‍රියාවලියෙන් අපි වවමු යන්න නම් සිදුවිය. නමුත් රට නැගීමක් වන්නේ නම් නැත.
එකල රජය මගින් ගෙනගිය ඒ අපි වවමු ක්‍රියාවලිය රතු පක්ෂයට මඩ ගැසීමට ගත් තැතක් බවත් සමහරුන්ගේ අදහසයි. දිග රැවුල් කොන්ඩා සහිත වැවීමේ පැත්ත ඔවුන් හොඳින් කරන හෙයින් එක් කලෙක කෘෂිකර්ම අමාත්‍යාංශය පවා ලබාගන්නට රතු පක්ෂය සමත් විය.
බණ්ඩක්කා ගසක් |
අත්හැරදැමූ එලවලු මැස්සක ඇති බන්ඩක්කා වගාවක් |
අපේ ගෙවල් දිහෑ බන්ඩක්කා වගාව.
අපි මුලින් බිම් සකසා ඉමු.බිම් සැකසීම දන්නේ නැති අයෙක් ඉහත තැනට ගොස් බිම් සැකසීම බලාගත හැක.සාමාන්‍යන් අපේ ගමේ බන්ඩක්කා ගොඩ ඉඩම් වල සහ මඩ ඉඩම්වල යන දෙයාකාරයෙන්ම හිටවයි. ඒ දෙකේදීම කරන්නේ කුඩා පස් කඳු ගසා ඒ මත කුඩා පාත්තියක් සදා එහි බන්ඩක්කා ඇට තුන හතරක් හිටවාගෙන(පස් ගොඩ මත ඇඟිල්ලෙන් තැනූ සිදුරු වලට බන්ඩක්කා ඇට දමා වසා දමයි) යෑමයි. එසේ වගාකල බන්ඩක්කා වගාවක් රූපයේ ඇත. එසේ පස් කඳු අතර සාමාන්‍යන් අඩි දෙකක පමණ පරතරයක් පවත්වා ගනී. බටු මිරිස් තක්කාලි මෙන් නොව බන්ඩක්කා ඇට තවාන් දැමීමෙකින් තොරව කෙලින්ම හිටවනු ලබයි. එසේ පැලවෙන ඇට සති තුන හතරක් යනවිට මඳක් විශාල වෙයි. එවිට ඒ පැලය වටා පස් දැමීම කල යුතුය. පස් එකතු කර කන්දක් වැනි ආකාරයට සැදූ පසු එය ගසට අමතර ආරක්ෂාවක් මෙන්ම මූල පද්ධතිය ශක්තිමත් කිරීමට හේතුවකි. සාමාන්‍යනේ කර්මාන්තයක් ලෙස බන්ඩක්කා වගාවේදී අනිවාර්යෙන්ම පොහොර සහ කෘමිනාශක තෙල් යොදයි. මන්ද බන්ඩක්කා කරල ලේසියෙන්ම පණුවන් සහ කෘමින්ගේ හානිවලට ලක්වන හෙයිනි. හොඳ පොහොර පසුබිමක් යටතේ හැදෙන සාරවත් බන්ඩක්කා ගසකට උවදුරු එනවා අඩුය. නමුත් වර්ථමානයේ පවතින ජෙට් මොඩල් එකට බොහොම ඉක්මනින් විශාල පළදාවක් ලබාදෙන බීජ වලින් තැනෙන පැලවලට තෙල් පෝර ගැසීම බොහෝවිට අත්‍යාවශ්‍යය.
පෙර කීවාක් මෙන් බන්ඩක්කා නෙලීම නම් නිසි පරිදි කල යුතුය. බන්ඩක්කා දින දෙකෙන් දෙකට නෙලයි. බන්ඩක්කා නෙලීමට අපේ ගම දිහා ඇත්තෝන් නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගියා වැනි කෙස් සිට පය දක්වා වැසුනු ඇඳුම් කට්ටලයක් ඇඳ ගනී. නැත්තම් බන්ඩක්කා ගසේ ගෑවුනු තැන කසන බූව ගෑවීමෙන් දවසම කස කසා ඉන්නට පුලුවන් වෙයි. දැන් කස්ටිය නීල් ආම්ස්ටෝන් හඳට ගිය ආකාරය මතක් කරනවා විය හැක. එසේ කීවේ උදාහරණයකි. සාමාන්‍යන් අර කලු ඇඳගත් මුස්ලිම් ගැහුනුන් මෙන් සම්පූර්ණයෙන් වසා ගැන්ම පසුව ඇතිවන කැසීම් වලින් වැලකීමට හේතු වෙයි. අත් වලටත් රබර් අත් වැසුම් දෙක්ක දාගැන්මෙන් වැඩේ තවත් ලේසි වෙයි.
පසු අස්වනු
අස්වැන්න නෙලීමෙන් පසු අපි චිරාත් කාලයක් තිස්සේ කරන්නේ මලු වල ඔබා ඒවා ලොරි වලට දමා කොළඹට හෝ වෙනත් වෙලෙන්දන්ට යැවීමයි. නමුත් දැන් ඇති එලවලු කූඩා ක්‍රමය බන්ඩක්කා වැනි බෝගවලට නම් මනාව ගැලපේ. එය නිසා එලවලු තැලීම අඩුය. නමුත් දමන්නට පුලුවං එලවලු ප්‍රමාණය අඩු වීමනම් විශාල ගැටලුවකි.
ඇත්ති නෝනට මොකටද බං වම්බොටු?
ReplyDeleteඒ ඇත්ති ගාව තියනවලු වම්බටු CHOPPER 1ක් ගෙදර
Deleteඒ කාලෙ නැගල ගිය වැඩක් අපි වවමු රට නගමු කියන එක...අපි නැවෙමු රට නවමු වගේ එකක් තමයි සමාරු ගාව තිබුනෙ....කොහොම උනත් අපරාදෙ කියන්න බෑ..උන්දැ මොනාහරි කලා..මොනාම හරි...දැං ඉන්න පකිස් භූරුවො මුකුත්ම කරන්නෙ නෑනෙ..
Deleteසව්දියෙ ගෑණුන්ට සමහර කඩවල පිරිමි වම්බටු විකුනන්නෙ නෑ!
ReplyDeleteහැබැයි ඔය පි නගමු එකට වඩා දැන් යන දිවිනැගුම තරමක් සාර්ථකයි. නිකං ලැබුන නිසා ඔහේ පොලවට යට කරල දාපුව පැලවෙනව බලං ඉඳල ආස හිතුනු සමහරු දැන් හොදට ගෙවතු කරගෙන යනවා
ReplyDeleteමමත් ආසයි වගාවට.
ReplyDeleteහැබැයි ඒකෙන් රටනම් නගියිද දන්නේ නැහැ... :)
හෆෝයි බණ්ඩක්කා.... මම ආසම නැති කෑමක්.. :(
ReplyDeleteඇයි අප්පා බණ්ඩක්කාම වෙන මුකුත් නැද්ද හි හි කූඩ කේස් එක මේකට තදින් බලපායි වගේ
ReplyDeleteආණ්ඩු විසින් කරන්නේ වවන් කන එක මිසක් වවා කන්න දෙක එක නෙමෙයි. මෙහෙත් ඔහොමයි!!
ReplyDeleteමාත් ඉස්සර හරිම ආසයි වගාවට..
ReplyDeleteමේක දැක්කම ආයිත් හිතුණා කොහොමහරි මොනවහරි හිටවන්න ඕනෙ කියල
බන්ඩක්කා වගාවට යෙදිය යුතු කෘමි නාශක වර්ග මොනවාද? වෑඩුනු ගසක් කොපමන උස යනවාද?
ReplyDeleteබණ්ඩක්කා වර්ග ගනනාවක් තිබෙනවා..කුරු වට හැදෙන ගස් වර්ගයකුත් සාමාන්‍ය වැඩුන මිනිසෙක් මට්ටමට උසයන වර්ගයකුත් තිබෙනවා.. ඒ නිසා නිවැරදිව බන්ඩක්කා ගසක උස මෙතෙක් යැයි කියන්න බැහැ...
Deleteබන්ඩක්කා වගාවකට කෘමිනාශක ලෙස භාවිත කල යුතු වන්නෙ මනුෂ්‍යයින් සදහා විස අඩු කෘමිනාශක...
මොකද බන්ඩක්කා කියන්ෙන දවස් දෙකෙන් දෙකට අස්වනු නෙලන බෝගයක්...පසු අස්වනු කාලය අඩු ට්‍රෙබොන් නමින් හඳුන්වන කෘමිනාශකය සාමාන්‍යයෙන් යොදනවා...
කෘමිනාශක නම් කලින් කලට අලුත් වෙනවා...ඒ සමානවම කෘමි උවදුරුත් අලුත් වෙනවා..