මාතා යනු සිනමා පටයකි. එය ඇත්තෙන්ම සිනමාත්මකය. රුපියල් සීයට රීගල් ගැලරියේ එය බැලූ මට ඒ සිනමාපටය වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කලානම් මැනැවැයි අවසානයේ සිතුනි. මට අනෙක් විචාරවත් සිනමාව ගැන ඇති අටෝරාසියක් මැනුම් වත් තඹේකට වැඩක් නැත. මට ෆිල්ම් එක වටින්නේ කුමක් නිසාදැයි කියමි.
ලස්සන කෙල්ලෙක් සිටීම.
ලාංකික සිනමාකරුවන් කෙල්ලන් තේරීමේදී නම් එතරම් දක්ෂ නැත. අවුරුදු හතලිහේ පනහේ කෑලි විසිදෙකේ චරිත නිරූපනය කරනු දැක්ම ජුගුප්සාජනකය. නොයෙක් වැරදි වලට අසුව අනේක ගොසිප් සයිට් වල සහ විවෘත මාධ්‍ය වල අමු අමුවේ චාටර් චරිත රූපවාහිනී වැඩසටහන් වල සහ පුවත්පත් වල සූකිරි කෑලි සේ උපදේශනයේ යෙදෙති. එවන් චරිත වෙනත් ෆිල්ම් එකක වැදගත් චරිතයක් නිරූපනය කරත් අපිට මතකයට එන්නේ ඒ පැරණි දත්ත සමුදාය වේ. උදාහරණ ලෙස උදයන්ති යම් චිත්‍රපටයක රඟ පාන්නේ නම් එය සෙක්ස් හෝ කොමඩියක් නොවුනොත් මට එය බලන්නට සිතෙන්නේ නැත. මන්ද උදයන්තිගේ ජනප්‍රිය වීඩියෝ ක්ලිප් දෙකත් මහින්දානන්ද, දුමින්ද ආදින් සමඟ රවුං ගැසුවායැයි කියන කටකතා කිහිපයත් මගේ මනසේ ඇති බැවිනි. එවන් චරිත දකින විටම මේ ගෑනි කොහොමද මෙතෙන්ට එන්නෙ යන ප්‍රශ්ණාර්ථය අපේ මනසට එයි. නමුත් මාතා හි එසේ නැත. ඒ ගෑල්ලමයා කසාදා බැඳපු කෙනෙකි. ඇය සාමාන්‍යන් ලක්ෂණම යුවතියක් නොවේ. එහෙත් ඇය හසුකරගත් කැමරාව ඇගේ සැමියාටත් වඩා ඇගේ රසය වින්දනය කරන ආකාරයට රූප රාමු පෙලගස්වා ඇත. කැමරාවක් ඉදිරියේ දඟර නැටුම් දැමුවාට යමෙක් නිලියෙක් විය නොහැක. ඒ සඳහා මනා මෙහෙයවීමක් ඇවැසිය. කෙසේ හෝ ඇගේ රංගනය නම් වැඩිදියුනු විය යුතු තැන් කීපයක්ම මා දිටිමි. නමුත් ලාංකිකයින් ආසාකරන මට්ටමේ කාන්තා රුවක් යුද්ධය අස්සේ විඳින්නට සැලැස්වීම ගැන බුද්ධි මහතාට ස්තූතිවන්ත විය යුතුය. මේ චිත්‍රපටියේ ඇය අඩ නිරුවත්ව වත් එක් දර්ශනයක් වත් නොමැති අතර ඒ වෙනුවට ආසියානු කාන්තාවකගේ අපි දකින ලස්සන ඉස්මතු කර පෙන්නීමට ඒ සිනමාකරුවන් සමර්ථ වී ඇත.
හරි සෝක් සද්ද තිබීම...
එදා ජුරාසික් පාක් බලන්නට සිනමා ශාලාවට ගිය මම සිනමාවට අදාල සද්ද කිනම් ආකාරයට විය යුතුදැයි යාන්තමින් දැන ගතිමි. ජුරාසික් පාක්හි එක් නිය පහරක් වදින අවස්ථාවක් වුවත් ශබ්ධය ඔස්සේ උලුප්පා දක්වයි. වෙඩි හඬෙහි තාත්වික බව මා විඳ නැති මුත් නියමාකාර යුධ බිමක සද්දය කෙසේ විය හැකිදැයි මූලික අදහසක් එල් ටී ටී කරුවන් කොළඹට බෝම්බ හෙලීමේ සිද්ධියේදී දැක ගත්තෙමි. සිනමාත්මක ශබ්ධ පරිපාලනය මේ සිනමාපටයේ උපරිම ලෙස ඇත. එය බොහෝ විට වත්මන් දකුනු ඉන්දීය චිත්‍රපට වල සටන් ජවනිකා ද පසුකර හොලිවුඩ් මට්ටමට ගොස් ඇත.
ඇත්ත යුද්ධය පෙන්නීම..
මේ රටේ යුද්ධය අවසන්ව වසර කිහිපයක් ගතව ඇතත් යුදබිම නිවැරදිව නිරූපනය කිරීමට යුද්ධය පැවති වසර තිහටවත් ඉන් ඉක්බිති වසර දෙක හමාරටවත් කල නොහැකි අසාර්ථක කර්තව්‍යක් විය. නමුත්මේ යුද්ධය කෙසේ වීදැයි නිවැරදි රූපයක් අපේ මනස තුල ඇතිකරන්නට මාතා සමත් වෙයි. සාමාන්‍ය ජනතාව තුවාල නොවන. අලුත් සෙබලුන් නොමැරෙන, එල් ටීටි එක විතරක් මැරෙන සූකිරි යුද්ධයක් වෙනුවටමේ අධ්‍යක්ෂ මහතා විසින් සැබෑ යුද්ධයේ තිබූ දර්ශන අපට ගෙනහැර පායි.
නලු නිලියන් තේරීම.
මහේන්ද්‍ර පෙරේරා දක්ෂ නලුවෙකි. පසුගිය කාලයේ රූපවාහිනියේ මහේන්ද්‍ර හාපික් ඇඩ් එකක ටොයිලට් එකක් හෝදනු දිටිමි. මේ සිනමාපටයේ මහේනද්‍ර නිරූපනය කරන සෙබලාද ඒ ඇඩ් එකට ගැලපෙන අයුරින් චූ පාරක් දාන දර්ශනයක් ඇත. ගයාන් පෙරේරා,ධර්මප්‍රිය ඩයස් ආදින්ද ලෙසටම මෙහි රංගනය කරගෙනයයි. මේ චිත්‍රපටය පුරාවට අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මනාව ඉස්මතු වෙයි. නලුවන් අතර අපි කලින් දැක ඇති චරිත කෙතෙක් වුවත් ඒ අතර විශාල ලෙස අපව අපහසුතාවයට පත් නොකර යුද්ධ භූමිය නිරූපනය කරයි. සමස්ථයක් ලෙස එහි රඟ පෑ සාමාන්‍ය ජනතාව පවා නිවැරදිව පෙලගස්වා තාත්විකව නිරූපනය කොට ඇත. එහෙත් මේ සිනමාපටයේ ඇඳුම් වල ඇති අලුත් බව නම් පෙනෙන අඩුපාඩුවකි. එල් ටීටිය පැත්තේ අයට අවසන් දිනවල එවන් අලුත් ඇඳුම් තිබුනාය කියා පිලිගන්නට මට නම් බැරිය.
ඇනිමේෂන් කලාව..
මෙහි ඇති පස්ට දර්ශනයක් නම් දේශීය ආදායම් ගොඩනැගිල්ලට ගුවන් යානය වැදීමේ දර්ශනයයි. ඒ ගුවන් දර්ශනයත් බොහෝ ඇනිමේෂන් දර්ශනත් නියම හොලිවුඩ් හෙවත් අමෙරිකානු චිත්‍රපට ප්‍රතිභාවෙන්ම නිර්මාණය කොට ඇත. අමෙරිකානු යුද ච්ත්‍රපටියකත් මේ චිත්‍රපටියෙත් සමහර තැන් වෙනස් වන්නේ භාෂාවෙන් ඇඳුෙමන් දර්ශන තලයෙන් පමණි. සිනමාත්මක බවින් මේ චිත්‍රපටිය අමෙරිකානු චිත්‍රපටි ප්‍රතිභාවම දක්වයි.ඇනිමේෂන් අස්සේ මේක ඇනිමේෂන්ය මේක ඇත්ත එකය කියා රේඛා වෙන්කර ගත නොහැකි මට්ටමේ විශිෂ්ඨ මට්ටමේ සංස්කරණයක් ද මේ සිනමාපටය සතුව ඇත.
අවසාන වශයෙන් මෙය හොලිවුඩ්හි සිංහල චිත්‍රපටියකි. මහින්දට කඩේ යන එකක්යැයි මෙය නොබලා සිටීම ඔබේ ඇස් දෙකට ඔබ කරන පාඩුවකි. සමාජගත දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඇත්කර කලා කෘතියක් දෙස පියවි ඇසින් බැලීමේ හැකියාව බොහෝ ලාංකීය ප්‍රේක්ෂකයින්ට නැත. ලාංකිකයෝ ඉරිදා පත්තරයක් ගෙන දේශපාලනයද, එහි ඕපාදූපද, නලු නිලියන් ගැනද, ක්‍රිකට් ගැනද, වෙළඳ පොල ගැනද එකවර දැන ගනිති. ඒ අනුව සිතන ඔවුන් සිතන්නේද කලා කෘතියක් තුල අපි හිතන හැමදේම නිරූපනය විය යුතුය කියලාය. ඔවුන් යුද්ධය නිරූපිත දෙයක් නම් මුලින්ම චිත්‍රපට කතාවේ බලන්නේ මූ මහින්ද පැත්තේද කොටි පැත්තේද පොනී පැත්තේද කියාය. අපි සිනමාශාලාවකට එන්නේ විසල් තිරයක අද්වීතිය ශබ්ධ සහිතව සාවධානව නිර්මාණය රසවිදීමටයි. බත් කන විට තේ වතුර බොනවිට. වෙන වැඩක් නැතිවිට බලන්නට තිබෙන ටෙලිනාට්‍යවලට එහා ගිය දැවැන්ත සිනමාත්මක සිනමාපට සමස්ථ සිංහල සිනමාව තුලම ඇත්තේ අතලොස්සකි. එයින් මේ මාතා චිත්‍රපටය චිත්‍රපටි කලාව වෙනුවෙන් මහත් මෙහෙයක් කර ඇත. බුද්ධි මහතා ආන්ඩුවට මහින්දට කඩේ ගියාදැයි මා නොදනිමි. ඔහු කඩේ ගියායැයි මට ආරන්චි වුවොත් මා ඒ ගැන සතුටුවෙමි. මන්ද මහින්ද වටේ සිටින කලා කරුවන් අපි යැයි කියාගන්නා කෝච්චියක් පිරෙන්නට වන දේශමාමක කටුලෙවකන පරපුරට නිවැරදිව කඩේ යන්නේ මෙසේ යැයි පෙන්වීමට විශ්වනාත් බුද්ධි කීර්තිසේන මහතා සමත් වී ඇති බැවිනි.
මාතා හි යශෝධා |
ලාංකික සිනමාකරුවන් කෙල්ලන් තේරීමේදී නම් එතරම් දක්ෂ නැත. අවුරුදු හතලිහේ පනහේ කෑලි විසිදෙකේ චරිත නිරූපනය කරනු දැක්ම ජුගුප්සාජනකය. නොයෙක් වැරදි වලට අසුව අනේක ගොසිප් සයිට් වල සහ විවෘත මාධ්‍ය වල අමු අමුවේ චාටර් චරිත රූපවාහිනී වැඩසටහන් වල සහ පුවත්පත් වල සූකිරි කෑලි සේ උපදේශනයේ යෙදෙති. එවන් චරිත වෙනත් ෆිල්ම් එකක වැදගත් චරිතයක් නිරූපනය කරත් අපිට මතකයට එන්නේ ඒ පැරණි දත්ත සමුදාය වේ. උදාහරණ ලෙස උදයන්ති යම් චිත්‍රපටයක රඟ පාන්නේ නම් එය සෙක්ස් හෝ කොමඩියක් නොවුනොත් මට එය බලන්නට සිතෙන්නේ නැත. මන්ද උදයන්තිගේ ජනප්‍රිය වීඩියෝ ක්ලිප් දෙකත් මහින්දානන්ද, දුමින්ද ආදින් සමඟ රවුං ගැසුවායැයි කියන කටකතා කිහිපයත් මගේ මනසේ ඇති බැවිනි. එවන් චරිත දකින විටම මේ ගෑනි කොහොමද මෙතෙන්ට එන්නෙ යන ප්‍රශ්ණාර්ථය අපේ මනසට එයි. නමුත් මාතා හි එසේ නැත. ඒ ගෑල්ලමයා කසාදා බැඳපු කෙනෙකි. ඇය සාමාන්‍යන් ලක්ෂණම යුවතියක් නොවේ. එහෙත් ඇය හසුකරගත් කැමරාව ඇගේ සැමියාටත් වඩා ඇගේ රසය වින්දනය කරන ආකාරයට රූප රාමු පෙලගස්වා ඇත. කැමරාවක් ඉදිරියේ දඟර නැටුම් දැමුවාට යමෙක් නිලියෙක් විය නොහැක. ඒ සඳහා මනා මෙහෙයවීමක් ඇවැසිය. කෙසේ හෝ ඇගේ රංගනය නම් වැඩිදියුනු විය යුතු තැන් කීපයක්ම මා දිටිමි. නමුත් ලාංකිකයින් ආසාකරන මට්ටමේ කාන්තා රුවක් යුද්ධය අස්සේ විඳින්නට සැලැස්වීම ගැන බුද්ධි මහතාට ස්තූතිවන්ත විය යුතුය. මේ චිත්‍රපටියේ ඇය අඩ නිරුවත්ව වත් එක් දර්ශනයක් වත් නොමැති අතර ඒ වෙනුවට ආසියානු කාන්තාවකගේ අපි දකින ලස්සන ඉස්මතු කර පෙන්නීමට ඒ සිනමාකරුවන් සමර්ථ වී ඇත.
හරි සෝක් සද්ද තිබීම...
එදා ජුරාසික් පාක් බලන්නට සිනමා ශාලාවට ගිය මම සිනමාවට අදාල සද්ද කිනම් ආකාරයට විය යුතුදැයි යාන්තමින් දැන ගතිමි. ජුරාසික් පාක්හි එක් නිය පහරක් වදින අවස්ථාවක් වුවත් ශබ්ධය ඔස්සේ උලුප්පා දක්වයි. වෙඩි හඬෙහි තාත්වික බව මා විඳ නැති මුත් නියමාකාර යුධ බිමක සද්දය කෙසේ විය හැකිදැයි මූලික අදහසක් එල් ටී ටී කරුවන් කොළඹට බෝම්බ හෙලීමේ සිද්ධියේදී දැක ගත්තෙමි. සිනමාත්මක ශබ්ධ පරිපාලනය මේ සිනමාපටයේ උපරිම ලෙස ඇත. එය බොහෝ විට වත්මන් දකුනු ඉන්දීය චිත්‍රපට වල සටන් ජවනිකා ද පසුකර හොලිවුඩ් මට්ටමට ගොස් ඇත.
ඇත්ත යුද්ධය පෙන්නීම..
මේ රටේ යුද්ධය අවසන්ව වසර කිහිපයක් ගතව ඇතත් යුදබිම නිවැරදිව නිරූපනය කිරීමට යුද්ධය පැවති වසර තිහටවත් ඉන් ඉක්බිති වසර දෙක හමාරටවත් කල නොහැකි අසාර්ථක කර්තව්‍යක් විය. නමුත්මේ යුද්ධය කෙසේ වීදැයි නිවැරදි රූපයක් අපේ මනස තුල ඇතිකරන්නට මාතා සමත් වෙයි. සාමාන්‍ය ජනතාව තුවාල නොවන. අලුත් සෙබලුන් නොමැරෙන, එල් ටීටි එක විතරක් මැරෙන සූකිරි යුද්ධයක් වෙනුවටමේ අධ්‍යක්ෂ මහතා විසින් සැබෑ යුද්ධයේ තිබූ දර්ශන අපට ගෙනහැර පායි.
නලු නිලියන් තේරීම.
මහේන්ද්‍ර පෙරේරා දක්ෂ නලුවෙකි. පසුගිය කාලයේ රූපවාහිනියේ මහේන්ද්‍ර හාපික් ඇඩ් එකක ටොයිලට් එකක් හෝදනු දිටිමි. මේ සිනමාපටයේ මහේනද්‍ර නිරූපනය කරන සෙබලාද ඒ ඇඩ් එකට ගැලපෙන අයුරින් චූ පාරක් දාන දර්ශනයක් ඇත. ගයාන් පෙරේරා,ධර්මප්‍රිය ඩයස් ආදින්ද ලෙසටම මෙහි රංගනය කරගෙනයයි. මේ චිත්‍රපටය පුරාවට අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මනාව ඉස්මතු වෙයි. නලුවන් අතර අපි කලින් දැක ඇති චරිත කෙතෙක් වුවත් ඒ අතර විශාල ලෙස අපව අපහසුතාවයට පත් නොකර යුද්ධ භූමිය නිරූපනය කරයි. සමස්ථයක් ලෙස එහි රඟ පෑ සාමාන්‍ය ජනතාව පවා නිවැරදිව පෙලගස්වා තාත්විකව නිරූපනය කොට ඇත. එහෙත් මේ සිනමාපටයේ ඇඳුම් වල ඇති අලුත් බව නම් පෙනෙන අඩුපාඩුවකි. එල් ටීටිය පැත්තේ අයට අවසන් දිනවල එවන් අලුත් ඇඳුම් තිබුනාය කියා පිලිගන්නට මට නම් බැරිය.
ඇනිමේෂන් කලාව..
මෙහි ඇති පස්ට දර්ශනයක් නම් දේශීය ආදායම් ගොඩනැගිල්ලට ගුවන් යානය වැදීමේ දර්ශනයයි. ඒ ගුවන් දර්ශනයත් බොහෝ ඇනිමේෂන් දර්ශනත් නියම හොලිවුඩ් හෙවත් අමෙරිකානු චිත්‍රපට ප්‍රතිභාවෙන්ම නිර්මාණය කොට ඇත. අමෙරිකානු යුද ච්ත්‍රපටියකත් මේ චිත්‍රපටියෙත් සමහර තැන් වෙනස් වන්නේ භාෂාවෙන් ඇඳුෙමන් දර්ශන තලයෙන් පමණි. සිනමාත්මක බවින් මේ චිත්‍රපටිය අමෙරිකානු චිත්‍රපටි ප්‍රතිභාවම දක්වයි.ඇනිමේෂන් අස්සේ මේක ඇනිමේෂන්ය මේක ඇත්ත එකය කියා රේඛා වෙන්කර ගත නොහැකි මට්ටමේ විශිෂ්ඨ මට්ටමේ සංස්කරණයක් ද මේ සිනමාපටය සතුව ඇත.
මොනවා නැතත් මටත් ඕක බලන්න හිතෙන විදියට උඹ මේ පෝස්ට් එකනං ලියලා තියෙනවා...මහින්දට කඩේ යන එක කොහොම වෙතත් අර ඇනිමේෂන් පාර බලන්නම උනත් යන්න හිතෙනවා..අනික හඩ පිළීබඳ සටහන...
ReplyDeleteඋඹ තරම් හොඳට මහින්දට කඩේ යන්න බැනේ වෙන කාටවත් නේද ?
Deleteඅන්න හරි බුවා..ඒක ඇත්ත..ඒ ඒ කෙහෙල්වලට ඒ ඒ බනිස් ගෙඩි කිව්වළු..මූට පුළුවන්ද එච්චර හරියක් හරියට කරන්න..ඒක මගේ වැඩක්..හරියට බුවාට ඉන්දියාව වගේ..:D:D:D
Deleteබුවා ඉන්දියාවට කඩේ යනවා , මාරයා මහින්දට කඩේ යනවා , මහින්ද ඉන්දියාවට කඩේ යනවා . එතකොට අවසානයේදී ?
Deleteඒ කියන්නේ මාත් බුවාව අනුගමනය කරනවාද නොදැනම..වස ලැජ්ජාවයි..එහෙම වරදක්නං හීනෙකින්වත් වෙන්ට එපා...:D
Deleteඒක තියෙන්නේ ඉතින් ලොක්කගේ අතේ :D
Deleteබුවා ආයෙත් එළීයට ඇවිත්ද?
Deleteසීතා බලලා ඇති වෙලාද?
ano - එලියට එන්න මම හැංගිලා හිටියයැ
Delete:P
Deleteයකෝ පෝලිං පයින්න එපා..ගානට එකක් ඇර එකක් දාගෙන ආව කොමෙන්ට් ටික
Deleteබොහොම අපුරුවට ලියපු ලිපියක් , මාතා කුස පබා දෙකම බලන්න ඕනි . ප්‍රශ්නෙ තියෙන්නේ දෙකක් බලන්න තරම් විවේකයක් නැති කම . අපේ ගම් පලාතේ මාතා ඇවිත් තියෙන්නේ කසි කබල් සිනමා ශාලාවකට කුසපබා , ඩිටීඑස් තියන එකකට . ඒ නිසා මුලින් කුස පබා බැලිල්ලක් තමයි තියෙන්නේ . පහු වෙලා (මාසයක් විතර ) කොලඹදි තමයි මාතා බලන්න වෙන්නේ
ReplyDeleteබලන්නම වෙයි වගේ...
ReplyDeleteඅනිවාර්යෙන්ම බලන්න වෙන සීන් එකක් තියෙන්නේ
ReplyDeleteමාත් මාතායි, කුසපබායි දෙකම බලන්න ඉන්නේ.
ReplyDeleteමාතා එකේ සෑහෙන අවි ආයුධ ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා දැක්කා. ඒක හොද ප්‍රවනතාවක්.
/* රුපියල් සීයට රීගල් ගැලරියේ එය බැලූ මට ඒ සිනමාපටය වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කලානම් මැනැවැයි අවසානයේ සිතුනි.
ReplyDelete*/
මරු කතාව ඒක!
ප්‍රධාන පෙලේ හෙවත් 'හයි ක්ලාස්' සිනමාහලක නොබැලුවොත්, මේ උසස් තාක්ෂණික කරුණු අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. දවල්ට හරියට කළුවර වෙන්නේ නැති, රෑට පාරේ යන වාහනවල එලිය හෝල් එක ඇතුලට වදින, පෙට්ටි වගේ සිනමාහල්වල අඩි 20 ක විතර තිරයක මොනවා බලන්නද? අනේ අපේ කරුමෙ.
ReplyDeleteඒ ජාතියේ එකක තමයි අපේ ගම් පලාතේ ඕක පෙන්වන්නේ, මේ වගේ චිත්‍රපටියක් රසවිඳිනවා තියා ඒකේ බලපුමචං චිත්‍රපටියේ දෙබස් ටික වත් හරියට ඇහුනේ නෑ . ශබ්ද උපකරණ වල හොඳ කම
Deleteසිරාවට ලියලා තියෙනවා මල්ලී . ..
ReplyDeleteමාරයා කිව්ව වගේ මේක කියෝපු එකෙක්ට ෆිල්ම් එක බලන්න ආසා හිතෙන විදිහට ලියලා තියෙනවා . .
එල . . .
යකෝ මේක අමිලද ලිව්වේ?
"බත් කන විට තේ වතුර බොනවිට. වෙන වැඩක් නැතිවිට බලන්නට තිබෙන ටෙලිනාට්‍යවලට එහා ගිය දැවැන්ත සිනමාත්මක සිනමාපට සමස්ථ සිංහල සිනමාව තුලම ඇත්තේ අතලොස්සකි"
ReplyDeleteඑක මිටට ඔක්කොම - ජයවේවා!!!
මාත් මාතායි, කුසපබායි දෙකම බලන්න යන්නයි හිතාගෙන හිට්යේ. :) කිව්වත් වගේ මේ ලිපියෙන් ගමන ඉක්මන් කරන්න හිතෙනවා..:P හෙටවත් යන්න ඔනේ..:0
ReplyDeleteමම දැකපු හොඳම ෆිල්ම් අතර බඹර වලල්ල,ගාමණි සහ මචං මතකයේ රැඳි තිබුනා මෙහි පූර්ව සිනමා පටය දුටු විටත් මේකිං එක බලන විටත් බලන්න යන්න සෑහෙන ආසාවක් ආවා නමුත් මේ ලිපිය කියවු පසු නම් හෙටම බලන්න යමි යන මතයට මම ඇවිත් ඉන්නේ.....ඔයා කියපු දේවල් ගැනත් හිතලා තමයි ලංකාවේ මිනිස්සු සිනමා රස විඳින්නේ(පෙම්වතුන් හැර)...විශිෂ්ටයි විචාරය...
ReplyDeleteකුස පබා හි පූර්ව ප්‍රචාරය නැරඹුවාම මම හිතාගත්තා ඒකේ නැටුම් හැර වෙන බලන්න දෙයක් නෑ කියලා.සමස්තයක් විදියට මම කැමතිම නෑ සිංදු තියෙන විහිලුකාර ෆිල්ම් වලට
ගොඩක් හොඳ ලිපියක්, කතා2ක් නෑ, මොන දහං ගැටයක් හරි දාල film එක බලන්න වෙනව.
ReplyDeleteහෙට බලලා ඇවිත්ම මගේ අදහස කියන්නම් සහෝ..
ReplyDeleteමාතෘකාව දැක්කම එන්න හිතුනා..ඇවිත් කියෙව්වම ෆිල්ම් ඒක බලන්නම හිතුනා..ඔන්න ඕකටයි සිරා ලිවිල්ලක් කියන්නේ..
ReplyDeleteජයවේවා!!!
film එක අනිවා බලන්න ඕනා.ඒත් ප්‍රශ්නෙ හොඳ sound තියන film hall එකක මිසක් වෙන එකක මේක බලල වැඩක් නෑ. එහෙම බලන්න ඉතින් කොළඹ එන්නම වෙනව,,
ReplyDeleteකොහෙන් හරි හොයාගෙන මේක බලන්න වටිනවා වගේ...
ReplyDeleteඅනිවා අද හෙටම ඕක බලන්න ඕනේ....මම දන්න විදියට මගේ යාළුවෙක් තමා බූඩිගේ 3D ඇනිමේෂන් වැඩ කරන්නේ....ඌ මේ ළඟදී autodesk award එකකුත් ගත්තා...
ReplyDeleteමම තාම ෆිල්ම් එක තියා ෆිල්ම් එකේ ට්‍රේලරේවත් ඉන්ටනෙට් එකෙංවත් බැළුවේ නෑ.
ReplyDeleteඒත් ෆිල්ම් එක ගැන දීලා තියෙන විචාරය අනුව මේක බලන්න හිතෙනවා.
මටත් ලග රීගල් එක තමා.
300/=ක් ගෙවන්න වෙනවා නේද?
ජය වේවා!!!
මෙහි පලමුව සඳහන් කරපරිදි නලුවාගෙ හෝ නිලියගෙ අනන්‍යතාවයෙන් අප චිත්‍රපටයක් බලන්නෙ අපට නලු නිලියන් කියා සිටින ඔලු ගෙඩි ගාන අනුවය. චිත්‍රපටයකට චරිතයට කෙනෙකු තෝරාගැනීමෙදී අර කියූ ඔලු ගෙඩි ගනන මත සිට නිර්මානකරන බැවින් ඔවුන්ගෙ අනන්‍යතාවය ඔවුන්ගෙ රංගනය තුලදී අප විසින් මවා ගනියි. මාතා තුල එය නැතිවීම අගය කලයුතුය. මා මේ චිත්‍රපටය නැරබීමෙ ලයිස්තුවෙ තිබූවක් වුවත් ඔබගෙ ලිපිය නිසා ඒය ඉක්මන් කල බව කිව යුතුය.
ReplyDeleteහරවත් කලා කෘතියක් රස විඳිමේ පිපාසයෙන් කලක පටන් පෙලෙමි! මේ රටේ මොන සිංහල බයිස්කෝප්ද! දුක තමයි රංජනී!
ReplyDeleteබූඩි කියන්නේ අපේ රටේ ඉන්න දක්ශයෙක්,,මිල්ලේ සොයා ච්ත්‍රපටියෙන් පස්සේ තමා මිනිහා මේ නිර්මානය කලේ,,බලමු මටත් බලන්න පුලුවන් වෙයි මේකත්
ReplyDeleteඅපිට දැන්ම දෑසින් නරඹන්නට අවස්ථාවක් නොවුවත් ඔබේ සටහන මා , මනසින් මේ සිතුවමට රැගෙන ගියා ..ස්තුතියි
ReplyDeleteබලන්ට ආසා හිතෙනවා මාතා එක......
ReplyDeleteමමත් මේ ෆිල් එක ගිය සතියේ බෑලුවා,ඇත්තටම හොද නිර්මානයක්,කතාවක් විදියට බෑලුවොත් දමිල පවුලක් වටා ගලායන සිනමා නිර්මානයක්,ඊට අමතරව එක් එක් චරිත වල පුද්ගලික පසුබිම ගෑන පොඩි පොඩි කතා කොටස් තියනවා.යුද්දය තුල සිංහල වගේම දමිළ ජනයා කොතරම් පෑගීමට ලක්වුනාද කියලා ඉතා හොදින් දක්වලා තියනවා,හෑබෑයි නිර්මානය තුල මහින්දට කඩේ ගියා කියන්න දෙයක් නම් මම දුටුවේ නෑ,ඒහෙම බෑලුවොත් සෙල්වම් කියන චිත්‍රපටි කඩේ නෙමෙයි සුපර්මාකට් යන්නේ,මට දෑනෙන විදියට නම් මෙම නිර්මානය සර්තක හොද නිර්මානයක්....
ReplyDeleteඅමිල උඹේ ඔලුව කොහෙ හරි වැදුනද ලගදි??? හික් හික් පට්ටෙට ලියලා
ReplyDeleteඕo මේක පත්තරෙත් දාලා .... තරුණයා ... එකේ ... මෙන්න මගෙන් විශ් ....
ReplyDeleteතෑන්ක්ස්
Deleteමේ ලිපියේ තුල නැති අක්ෂර වින්‍යාස දෝෂ වාක්‍ය ගැලපීමේ දෝස සහිතව ලිපිය තරුණයා හි පල වී ඇත. සමහර වාක්‍ය ඛන්ඩ සම්පූර්ණයෙන්ම හැලී ගොස් ඇත..සංස්කරණය අනුව සමහර නම් ගම් කැපී යාම අවුලක් නැත. එහෙත් පුවත්පතක පලවන ලිපියක අකුරු ව්‍යාකරණ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය..
ReplyDeletekoti hurathal
ReplyDeleteඅම්මට හුකපිය////
ReplyDeleteමගෙන් සුභ පැතුම් !!!!! ලස්සනට ලියලා තියනවා.
ReplyDelete