මට
ගෑනියෙක් හම්බුනා..ඒකි
අර මුදලාලිගෙ දෝනියැන්දා තරං
හැඩ නැහැ.
ඒත්
මුදලාලිගෙ දෝනියැන්දගේ නැති
තද ගතියක් දැඩි ගතියක් එක්ක
ආපු සුකුමාර ගතියක් තිබුනා..නම
සොපිනාහාමි.
ඉතිං
සෝමපාල සොපිනා බැන්දා.
ඒ කාලෙ
බොහොම සාරෙට මට ගොයිතැන් සරු
වුනා.
බොහෝම
ලේසියෙන් ජීවත් උනා.
මේ ටැට්ටර්
කාලෙ වගේ නෙමෙයි.
මිනිස්සු
හරි එකතුයි.
එකට තමයි
හැම වැඩේම.
දැං ඒකට
එකාම මැරෙන්න ඕනි..
ඉතිං
දරුවො තුන්දෙනක් ආවා.
ඒත් උං
අද...?
තාත්ත නෑ
කියන එක උන්ට ලාබ ඇති..
උන් හෙමත්
කියනවා ඇති..
ඒව ගැන
කල්පනා කරල තියෙන නිසා දැන්
මට ඒව අහලා දුක හිතෙන්නෙ කඳුලු
එන්නෙ නෑ.
කෝම හරි
උන්ටත් හොදට ඉගෙනගන්න ඇහැක්
උන නිසා අද කොහේ කොහේ හර ිඇති..
මං
හිරෙන් ඇවිල්ල මාසයයි.
වෙන්නෙ.
අවුරුද්
දහ අටක් හිරේ උන්නෙ..
සොපින නං
හදිසියෙ මලාලු.
අනේ මන්දා...
මං
මේ හාමුදුරුවො බලන්න යනවා.
ගමේ උන්ම
මට හරහට හිටියත් හාමුදුරුවො
මාව බලන්න ආව හිරගෙදරට.
සමාරවිට
දැන් උන්දැත් මැරිලද් දන්නෙ
නෑ..
කුඹුරු
ගොයිතැන් වලට වඩා මයෙ හිත ගියේ
ගොඩ ගොවිතැනට.
ඉඩං කෑලි
තිබුන හැටියෙං මං වගා කොලා.
කාටවත්
අයිති නැති ආන්ඩුවෙ කියල තිබුන
ඉඩං කෑල්ලක් අරං ඇලෙන් වතුර
ගෙනැල්ලා දාල මං මිරිස්
හිටෙව්වා.
වම්බටු
හිටෙව්වා.
තක්කාලි
පැහුනා.
ඒත් මට
නිතරම වද දුන්නා පස්නයක් ඒ
තමයි මේ ඉඩං ආන්ඩුවෙ මේව අල්ලන්න
එන්න පුලුවං කියලා.
ඒ
පාර මං කොලේ කොල්ලො දෙන්නත්
එක්ක එක්කාසු වෙලා වලවල්
කැපුවා වත්තේ.
කපලා පොල්
ගස් දෙසීයක් විතර හිටෙව්වා
ඝනට අක්කර දෙකහමාර වැහෙන්නම.
පැළ කාලෙ
පෑවුමට ගස්ටිකට වතුර දාලම
කොන්ද රිදෙන්න ගත්තා.
ඒ කාලෙ
පාරෙ යන උන් හිනාවෙනවා.
ඇයි සෝමපාලයො
තමුසෙට කොලොප්පන්ද මේ පොලොවෙ
පොල් හැදෙනවෑ.
උන්ගෙ
හිතේ තිබුනෙ ඒක.
ඒත් පොල්
ගහක් හරියට හැදෙන් නෑ කියලා
උන ්හිතාගන හිටපු ගමේ මං පොල්
වැව්වා.
යට වගාවත්
ගානට ගිය නිසා පොල් ගස් ටික
බලං ඉද්දි ලොකු උනේ..අවුරුදු
තුන හමාරෙං ගස් දඩි බිඩි ගාල
හැදුනා.
අවුරුදු
පහ වෙනකොට ගස් වලිං ලොකු කොටහක්
පීදිලා.
එතකොට
ගමට පොල් ගෙනාවෙත් පිටිං.
මගේ පොල්
ගස් එක දෙක යසට පීදෙනකොට වටේ
උන්ටත් නලියන්න ගත්තා.උනුත්
හිටෙව්වා.
ඒත් ගහක්
හිටෝගන් තරං ඌමනාවක් නැති
හැත්ත හැමදාම පොල් ඉල්ලං එනවා.
ඉල්ලපු
එකාට නැතිවාදං ගහලා යාන්තං
ගෙඩියක් දෙකක් දීල යවනවා.උං
යන්නෙ හොඳින් නෙමෙයි..
හොරකං
දවසක ්ෙදකක් නෙමෙයි.
මාසෙට
දෙතුං දවසෙ හොරකං සිද්ද වෙනවා.
සමහරු මං
දැනං හිටියා.
ඒත් වැඩක්
නෑ.
පොල්ගෙඩියට
උසාවි යන්න ඇහැක...
මං
රැකල රැකල එකෙක් දෙන්නෙක්
අල්ල ගත්තා අතටම..ඒත්
උංට ලැජ්ජාව කියල දෙයක් නෑ.
එන්නෙම
හොරකමට තමයි...
ඔය
අස්සෙ තමයි ගමේ චන්දෙ ඉල්ලපු
සයිමන් ඉස්කෝලෙ මහත්තයා මගේ
ඉඩමට වග කියන්න ආවෙ.
මේවා ඔප්පු
නැ කියල දැනං උන්නා.
ඉතිං මේ
උන්දැ හොර ඔප්පු හදල මේ ක ලියෝ
ගන් හැදුවෙ.
පස්සෙඉතිං
මූ පොලිසිත් ගියා.
ඒත් බොහොම
කාලයක් ඉදලා මං වගා කොරාපු
එක නිසා පොලිසිය..
මට චෑන්ස්
එකක්දුන්නා..
මං හිතන්නෙ
පොලිස් මහත්තයා ඊට කලිං මේ
ගැන දැනං ඉන්න ඇති.
සයිමන්
ඉස්කෝලයා පොලිසියෙන් බහිනකොටම
කියාගෙන ආවෙ හරි බලමුකෝ කියලා..
මූ කස්ටිය
දම්මලා හොර පොල් කඩන්න තමයි
ඉදලා තියෙන්නෙ.
ඉතිං ඔහොම
දවසක මං ගියාම ආරෝවක් ගියා.
මං ආපු
තරහට ගහෙන් බැහැ බැහැ හිටපු
උක්කුව කියන හාදයට කෙටුවා.
ඌ මලා
ඉස්පිරිතාලෙ දවස් තුන හතරක්
ඉදලා..
සයිමන්
ඉස්කෝලයා බල්ලෙක්..මිනිහ
මාව හිරේ යන තැනටම වැඩ කලා..
වෙනදා
සෝමපාල කැත්තක් අරගෙන වත්තේ
යන්නෙ නැතිය...එදා
කැත්ත අරං ගොස් ඇත්තේ මරන්නමය
කියලා හේතු කිව්වා වගේ මතකයි..
ඉන්
පස්සෙ තමයි මං හිරේ ගියේ.
නිදහස්
වෙලා මං පුතාලයි ගෙවල් වලවත්
දූලයි ගෙදරවත් ගියෙ නෑ.
ඒත් දූ
බලන්න නං ආසාවෙ බෑ.
දැං ලමයිත්
ඇති ලොකු මහත් වෙච්චි.
මිනීමරුවෙක්...මම
ඉතිං මිනිමරුවෙක් දැනගන්න
ඕනි තමං යන්න ඕනි කොතනද නොයන්න
ඕනි කොතනද කියලා.
මං මේ
පන්සලට යන්නෙ හාමුදුරුවො
බලන්න.
හාමුදුරුවො
සයිමන් ඉස්කෝලයට දෙතුං විඩක්
කියලා තිබුනා මං එක්ක තරහා
දිගට ගෙනියන් එපා කියලා.
ඒත් සයිමන්
ලොක්ක එයින් පස්සෙ පංසලත්
මාරු කොරලා අනික් පංසලේ සිල්
ගන්න ගියාලු..
ඉන්පසු
අපි දෙදෙනා නිදන්නට විය.
සෝමපාල
උන්නැහේ වකුටු වී නිදන ආකාරයෙන්
ඔහුට මේ බිම නිදාගැන්ම වත්
මදුරුවෝ වත් ගානක් නොමැති බව
මට පෙනුනි.
ඉන් පසු
දින අවදිව අප දෙදෙනා විය යුතු
ලෙසැම දෙපසට ගියෝය..









