Friday, September 14, 2012

පනාගොඩ හන්දියෙන් බැසගිය සඳ

දවා මා සිත අවුලුවා
පෙලා පෙම සිඳ පසෙකලා
පුරා තෙවසක් මගේ ලඟඋන් 
සරා සඳ දැන් නික්මුනා

තෙවසරට අපි උගත ගත්දෑ
අවසරය කින් ගිලිහුනා
විභාගය ලූ අභාගය දැක
අපේ ලොව තව දුර වුනා

සිනා සී කඳුලින් තෙමා
මුවා වී ගිය සඳ මෙනා
පනාගොඩ හන්දියෙන් උතුරට
ගියෝ දෝ මගෙ මල් සිනා

රැවුම් ගෙරවුම් ලැබී වියලී
තදින් පුහුනුව පෙනී දැඩිවී
අදින් ඇතුලට යන මගේ පණ
යලිත් කෙදිනක වත් නොඒදෝ

මෙතන තියෙන සවුන්ඩ් ක්ලිප් එක අහලා යන්ට ඈ

 
Dawa ma sitha by indika27

 අපි දෙන්නා යාලුවුනේ ඒලෙවල් කරපු මුල් කාලෙ..බොහොම හොඳට ආදරය කරා කියන් බැරිවුනත් අපි දෙන්නාටම නොදැනි අපි එකට බැඳුනා. සතියට දවසක් දෙකක්වත් නොදැක ඉන්ට බැරි වුනා. වත්සලා ලස්සනයිඒ වගේම කඩවසම්. කබඩි, වොලිබෝල් වලටත් එයා ඉස්කෝලෙ සෙල්ලම් කලා.ඒ මෙලෝ දේකට මම උනන්දු වුෙන් නෑ. මගෙනුත් ඒ ක්‍රීඩා කටයුතු වලටබාදාවක් තිබුනේ නෑ..බාදාවක් තිබුනත් වැඩක් නෑ.. මට එයාව අත්හරින්න වෙනවා එහෙමනම්..
 එක දවසක එයා කිව්වා එයාට ආමි එකට යන්න හිතෙනවා කියලා. එයාගේ යාලුවොයි මායි නොගත්ත උත්සාහයක් නෑ ඒකෙ වනස් කරන්න. හැමෝම එපා කිව්වා. ඒත් එයා තීරණය ගත්තා. එයා එක දවසක් මට සුදු මං යනවා. කියලා ගියා..එදා පනාගොඩින් ගිය මගේ වත්සලා ආයෙ කවදාවත් ආවෙ නෑ. එයා මලේ නෑ. තාම ජීව්ත වෙනවා. ඒත් එදා ගිය වත්සලා නෙමෙයි අද. එයා පලවෙනි නිවාඩුවෙ ඉඳලාම වෙනස් වෙලා තිබුනා. කාගෙද කොහෙද වරද කියලා දන්නෙ නෑ.

පසුකාලෙක කතා කරලා එයා කිව්වා ආමි එකෙ ගර්ල් කෙනෙක්ට ෆෝසස් නොවෙන කෙනෙක් මැරි කරන්න අමාරුයි කියලා. කොහොම උනත් මුල් කාලෙ හැමදේකටම හිනා වෙවි බොහොම විනෝදයෙන් ගෙවපු වත්සලා බොහොම නිහඩ චරිතයක් වුනා. ආයෙත් මා එක්ක වත්සලා යාලුවුනත්  මුල් කාලෙ හිටපු වත්සලා නම් නෙමෙයි එයා..

 (සත්‍ය මූලික වූ ප්‍රබන්ධ කතාවකි. මගේ පුද්ගලික අත්දැකීමක් නොවේය.)

Thursday, September 13, 2012

මිසදිටු කතාන්දර

මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා නිෂ්පාදන ඉංජිනේරුවරයෙක්. සාමාන්‍යයෙන් යාන්ත්‍රික ඉංජිනේරු අංශයට අනෙක් එව්වාට වැඩිය රැකියා අවස්ථා අඩුයි ලංකාවෙ. මිනිහා වැඩ කරන්නෙ කටුනායක සනීපාරක්ෂක තුවා හදන තැනක. අපි හිතමුකෝ ඒක ඊවා කියලා බුවාටත් රුවන් කියමුකෝ. ඉතිං එයා තමයි ඒකෙ කොලටි ඉංජිනියර් ඉන්නෙ. අපි මිනිහාට ඒකට නොකියන කතාවක් නෑ.

එක යාලුවෙක් රුවන් බුවාට කියනවා මචං උඹ හොඳ වෙලාවට ඔය කම්පැනියෙ කොලටි ඉංජිනියර් වුනේ. වැරදිලා හරි උඹ මේන්ටනනස් (නඩත්තු) ඉංජිනේරු උනානම් ඉවරයි කියලා.
ඒක අහං හිටපු තවත් යාලුවෙක් කියනවා. මචං රුවන් ඔතන ආර් ඇන්ඩ් ඩී(රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්- නව නිෂ්පාධන අත්හදා බැලීම, ඒවා පරීක්ෂා කිරීම ආදිය කරන තැන)  වේකන්සි නැද්ද ඉංජිනියර්ස්ලට..? ආර් ඇන්ඩ් ඩී තමයි නියමෙටම ඇත්තෙ ඇයි ඉතිං සයිස් එක අනම් මනම් හැම දේම මනෝමයෙන් බලන්න බෑනෙ. ගිහිල්ල තියලම බලන්න වෙයි.

මේ මොක කිව්වත් ඉතිං රුවන් නෙමෙයි හුම් කියන්නෙ. එක යාලුවෙක් ඒ අස්සෙ මචං දැන් උඹෙ පරම්පරාවටම ඊවා නිකං ලැබෙනවා ඇති නේ...ඇයි ඉතිං උඹ ඒ කොම්පැනියේ නේ. කෝමින් හරි පොර දැන් කොම්පැනිය මාරු කරන්න හොයනවා. ඒත් ඉතිං ඊවා කොම්පැනියෙ කොලටි ඉංජිනියර් කියන පළපුරුද්දට වෙනත් තැනක ජොබ් දේවිද කියන එක තමයි ප්‍රරස්නෙ..

මට ඉන්නවා ගෑනු ලමයා යාලුවෙක් බොහොම දුර පලාතක බොහොම සැප පහසු ඇති වත් පොහොසත් කම් ඇති තැනෙක. මේ ගෑනු ලමයා ඉතිං කාලෙයක් කතා කොරලා ටෙලිපෝං එකෙන් යාලුයි. අපි කාලයක් දිනපතා ඩයරි මාරු කරගන්නවා වගේ ඉස්සර කතා කලත් පස්සෙ ඒක බිඳිලා ගියා ගැලපීම් වැඩි නිසාම. ගැලපීම් වැඩියි කිව්වෙ ඉතිං එයාට තව නොම්බර දෙක තුනක පිරිමි ළමයි හිටියා ඒ කාලෙ. ඒවගේමයි මටත් මෙලෝ වැඩක් නැතත් රෑට දවල්ට කතා කරන්න කෙල්ලො හිටියා පෝන් නම්බර් විදියට. තව ඉතිං කොහේ හරි පාටියකට ගියොත් මෙයාට ඇඩ්‍රස් කොල අනම් මනම් ලැබෙනවා. ඒ වගේමයි මටත් මොකක් හරි මලගෙදරක ගියත් අවුරුදු 45 විතර හෝ සුරූපී නවයොවුන් තරුණියන් ආකර්ශනය වෙනවා. ඉතින් ඔයි වගේ ගැලපීම් වැඩි උන නිසාම අවසානෙ ඒක දිගුදුර ගිය කතාවක් උනේ නෑ. ඒත් තාමත් ඉඳලා හිටලා කෝල් කරනවා.

ඉතිං මං මේ මගේ රුවන් යාලුවාගේ කතාවත් එයාට කිව්වා. ඒ අස්සෙ එයාගෙ නෑයෙක් වෙන ලොකු අම්මා කෙනෙක් ඉන්නවා මහණ වෙලා. මං මේ කතාව කියලා නිකමට ඇහුවා දැන් ඔය මහණ මෙහෙණි වරුන්ගේ අටපිරිකර වලට සනීපාරක්ෂක තුවා හෙම දෙන්නෙ නැද්ද කියලා. කෙල්ල බකස් ගාලා හිනා වෙලා. ඔව් තාමත් ඉතිං ඔයාට ඒව තමයි මතක් වෙන්නෙ. "කුණු හිත" කියලා පොඩ්ඩක් බැන්නා. සතියකට විතර පස්සෙ ලොකු අම්මලයි ගෙදර ඒ කිව්වෙ අර ගෑල්ලමයාගේ නෑයො වෙච්චි සිල් මාතාවලාගේ ගෙදර ගිහිල්ලා මට කෝල් එකක් දෙනවා. අමිල අයියේ ඔයා මාව කෑවා. තාත්තට කිව්වොත් ලොකු අම්මා මං ඉවරයි. කියාලා. අර මෝඩ ගහ අටපිරිකරට සනීපාරක්ෂක තුවා දෙනවාද කියලා සිල් මෑනියොන්ගෙන් අහලා. සිල්මෑනියන්ට ධර්මය අමතක වෙලා හොඳ වයින් තුන හතරක් කියලා ඒ පුංචි උපාසිකාවට බැන්නාලු.  ඉතිං ඒක ඇහුව නිසා ඒ ගෑල්ලමයාට සිල් මාතාවගෙන් සනීපාරක්ෂක තුවා රාසියක් නිකම් ලැබුනාලු ගෙදර යනකොට ගෙනියන්න කියලා. ලොකු අම්මාට කියලා කීයක්වත් කඩාගන්න චෑන්ස් එක නැතිවුනා වගේම කොහේද යන පෑඩ්ස් තොගයක් කාර් එකේ දාගන එන්න වුනා කියලා මට බැනුං අහන්නත් වුනා ඒ සිද්දියෙන් පස්සෙ...

 
සර්වඥ ධාතු පස්නය.
 
සර්වඥ ධාතු ගැන අපේ බෝඩිමේ පිංවත් උපාසක උන්නැහෙලත් මේ දවස්වල බොහොම උනන්දුයි. මෙලෝ ආත්මෙකට උපන්තෙකට සෙරෙප්පු දෙකක්වත් දාගන්න කියලා පන්සලකට නොයන උන් සරුවඥ ධාතු නිසා සැදැහැවත් වෙලා ඒ ගැන කතාව. ඉන්ටනෙට් එකේ ඔය ධාතු ගැන තිබුන එක එක නොමනා කතා මං බෝඩිමේ කියන්න ගිහිං හොඳටම බැනුං ඇහුවා. එකෙක් කිවුවා උඹ පවු පුරෝ ගත්තට කමක් නෑ අපිට පව් පුරව්න්න එන්නෙ නැතුව කට වහං හිටපං කියලා. එහෙම හරියනවයැ නේද?
ලුනු නැතුව හදන සම්බෝල අනම් මනම් එහෙම්ම කාල දාන අපි සෙට් එක මැරුනයින් මත්තෙ එක එක තැන්වෙල ගිහිං හරියනවයැ...

නෙට් එකේ තිබුන එක ආටිකල් එකක තිබුනා ඔය කපිලවස්තු සර්වඥ ධාතු මුලින්ම හොයාගත්ත පෙප්පේද පිප්පේද කියන මනුස්සයා වංචාකාරයෙක්ය නේපාලය ඒ ධාතු සත්‍ය ලෙස පිලිගන්නේ නැතිය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඒවා පිළිගන්නේ නැතය කියලා කතා වගයක්. ඒ වගේම ඔය පෙප්පේ කලිං හොයගත්තලු දන්ත ධාතුවක් මනුස්ස දතකට වඩා විශාල එකක්. ඉතිං මහා අනුහසින් ඕක තියං ඉන්න කොට ඉංදියාවෙ හිටපු සුද්දෙක් ඕක ස්වභාවික විද්‍යාඥයො ලව්වා පරීක්ෂා කොරවලා තියෙනවා. ඒකෙදි හොයාගන තිබුනාලු පෙප්පේ විසින් හොයාගන තිබුන ඒ ධන්ත ධාතුව නැමැති දත පුරාණ ඌරෙකුට අයිති එකක් බව සහ කිසිසේත්ම මනුස්ස දතක් විය නොහැකි බව.

ඉතිං ඕ වගේ කිසිම එලොවටත් මෙලොවටත් වැඩක් නැති මෝහය වඩවන, ශ්‍රද්ධාව පෙලන කතාන්දර කිව්වාම අපේ බෝඩිමෙ එකෙක් කියනවා. මේ උඹ අපිට කලිං අපායෙ යනවා සුවර් මේ කියන කතාවලට.. අපායට ගිහිං උඩ එල්ලල අහවල් දෙක තල තල අහනකොට තෝත් එක්ක එකට හිටියෙ මොක්කුද කියලා උඹ අපේ නම් හෙම කියනව නෙමෙයි හොදේ....”


අපි දැන් කතාවට යමු.                 
බොහොම ටික කාලෙකට කලිං අපේ කන්තෝරුවෙ දුර තියෙන ශාඛාවක උත්සවයක් තිබිලා තියෙනවා. ඒ උත්සවේදි ඉතිං බෝම ලස්සනට ආගමට මුල්තැන දෙන්න ඕනි නිසා පොඩියට බනක් පිරිත් ඩිංගක් කියන්න ඕනි කියලා හාමුදුරුවො වඩම්මන්න ලෑස්ති කරලා තියෙනවා. නිකම්ම අපි හාමුදුරු කෙනෙක් වඩම්මන්නෙ නෑනෙව. ඒකට අපි ඇතිරිලි දානවා, ලස්සන කරනවා පිරිසිදු කරනවා. මේ උත්සවය තිබිලා තියෙන්නේ අලුත් මොනාහරි හදපු කෑල්ලක් ඕපන් කරන්න. පරණ ඔපීසියෙ තමයි අර බණ පිරිත් කාරිය කියන්න සකස් කරල තියෙන්නෙ. දැන් ඔක්කොම හරි.. වටේම සුදුපාට ඇතිරිලි. පුටුවටත් ඇතිරිල්ලක් දාල මේසෙටත් දාල කිරිපාටට බැබලෙන්න. ඒ අස්සෙ පැදුරු හෙමත් දාල තියෙනවා මැදින් ඉඩතියලා සාදුට වඩින්න. එලියෙ ලොක්කො හෙම බලං ඉන්නවා දුර ඈත හාමුදුරුවො එනවාද කියලා. ඒ අතර අනික් සොක්කො මොනාහරි වැරදි තියෙනවාද කියලා බලනවා. එකෙනෙක් ඒ අස්සෙ හාමුදුරුවන්ගේ කකුල් පිහිදාන්න ගෙනාපු රෙද්ද ආයෙ ගසලා තියෙනවා. තව කෙනෙක් මල් ටික හදනවා වට්ටියකට.

ඉතිං මේ හාමුරුවන්ට වෙලාව බලන්න කියලා පොඩි ඔරලෝසු කෑල්ලක් අරං අර හාමුදුරුවො වාඩිවෙන්න නියමිත පුටුවට ඉදිරිපිටිං තියෙන මේසෙ උඩිං තියන්න යන්නෙ එක්කෙනක්. එයා එ්ක තියන්න ගියා විතරයි සුදුපාට බෝලයක් වගේ එකක් තියෙනවා ඒ පොඩි මේසෙ උඩ සුදු රෙද්ද මත. ටිකක් පොඩියි. රවුං ජිල් බෝල හැඩේට තියෙනවා. හැබැයි සුදුපාටයි. මේ මනුස්සයට කල්පනා වුනේ ධාතු. මේ වගේ වත්පිළිවෙත් කරන පිළිගත් තැන්වලට ධාතු වඩිනවා කියලා ඒ මනුස්සයා අහලා තිබුනා.

විනාඩි දෙකක් යන්න ගියේ ඒ අවට හිටපු මහ සෙනඟ අර සුදුපාට කුඩා බෝලය බලන්න රොක් වුනා. ඒ අතර ටිකක් ලොකු ලොක්කෙක් බඩ ඊස්සරහට දාගෙන අර චන්ද පෝස්ටරයක වගේ මූණ පේන විදියට පැත්තට වැඳගෙන කාරිය නැමිලා කියලා වැඳගෙනම බලනවා මේක ඇත්තක්ද කියලා. අහල පහල අයත් දැන් වැඳගෙන තමයි ඉන්නෙ. ඔය අතර ඔය තැන බලාකියාගන්න සිකුරිටි උන්නැහේයි තව එක්ෙකනකුයි ගිහිං සිකුරිටි උන්නැහෙ රෑට බය හිතුනාම කියන්න කියලා තිබුන පිරිත් පොත් පිංච අරං ඇවිත් වටේ ඉඳං පිරිත් කියනවා. පිරිත් කියන්නෙ වෙන කිසි දේකට නෙමෙයි ධාතු වෙන තැනකට වඩීවි කියන බයට.. සමහර අය දුවලා ගිහිං කන්තෝරුවෙන් ඇස් කන්නාඩිය දාගෙන ආවා ධාතුව බලන්න. අනේ හරිම පිංපාටයි. ගෑනු මිස් කෙනෙක් එහෙම කිව්වා.
පංසලේ ධාතුවලට වඩා ලොකුයි නේ. සමහරෙක් රහසින් කිව්වා.

ඒ අතර මේ ස්ථානයේ ප්‍රධානියා ඉන්නෙ අර බඩ ඉස්සරහට දාං අත් පැත්තට දාං වැඳන් හිටිය කෙනා.. ආන්න ඒ බුවා පලාතෙ මන්ත්‍රි බබාට කතා කලා. කතා කරලා විස්තරේ කිව්වා බොහොම සැදැහැවැත්ව දෝතින්ම පෝන් එක අල්ලගෙන. මන්ත්‍රි තුමාටත් ඉතිං වෙන වැඩ කෝටියක් තිබුනත් මේ වගේ ශ්‍රද්ධාවන්ත මහජනයා පිරෙන මහජනයා පිනවන වැඩ වලට ඉතිං වෙලාවක් නැතිවෙන්නෙ නැහැනෙ. යන්න තිබුන ගමනත් පැත්තක දාල මන්ත්‍රි හාමුදුරුවො ගෙදර ඉන්න වැඩකරන අයට කියන්ට ඇති වහාම සුදු රෙදි කිට් එක මැදලා තියන්න කියලා..

ඔය කලබල අස්සේ ටික වෙලාවක් ගිහින් එක්ෙකනෙක් හොඳින් ඇහැ දාලා ධාතු දිහා බලනකොට මේන්න බොලේ තවත් ධාතුවක් වැඩලාලු. ඒ කියන්නෙ දැන් අතන ධාතුන් වහන්සේලා දෙකයි. ධාතු ගැන නොද්නන අයටනං චූටි සුදුපාට බෝල දෙකයි. මේ ගැන සැක හිතපු කස්ටියම උඩ ඉන්න දෙයියොවත් මේවා එවනවාද කියලා සැකපිට උඩ බැලුවාලු. එතකොට එක සේවකයෙක්ගේ කට කොණකට යම්තම් සිනාවක් ආවාලු. සර්ධාව අතරින් මිනිහාට යන්තමින් ඇත්ත පෙනිලා.

අපේ මේ කන්තෝරු වල ටිකක් උෂ්ණත්වය ගැන සොයාබලනවා. කාලගුණ තත්වය ගැන සොයාබලනවා නිතර. මොකද මැෂින් වැඩකරන්න අවශ්‍ය තත්වය නැතිවුනොත් එක එක කතන්දර වෙන නිසා. ඉතිං මේ ආකාරයට උෂ්ණත්වය පීඩනය මනින්න මාන එහෙම තියලා තිෙයනවා බිත්තියෙ ගහලා. අර පිරිත් වලට බණ වලට කාමරේ අස් පරස් කරනෙකොට එක බුවෙක්ගේ අතින් මේ මානයක් බිඳිලා. බිඳිච්ච මානෙ පොඩි වුනාට මේ සමහරක් ඒවා හරිම මිල අධිකයි. අනික ඕක බින්දෙ මොකද අනං මනං කේස් ගොඩයි. මිනිහා කරලා තියෙන්නෙ ඒක වහලෙ යටලීයක් අස්සෙ හංගලා. පේන් නැති තැනක. එලියට ගෙනියලා අතන මෙතෙන දානවට වඩා ඒක හොදයිත් එක්කනේ. ඉතිං පොර වහලේ හංගපු අර උෂ්ණත්වමානයේ, ක්ෂීරමානයේ, හෝ පීඩනමානයේ යම් කිසි ද්‍රවයක් හෝ රසදිය හෝ ලෝහ කැබැලි තමයි අර සුදු රෙද්ද උඩට වැටිලා තියෙන්නෙ. ඒක සුදුපාටට පේන්න ඇත්තෙ පසුබිම සුදුපාට නිසා වෙන්න ඇති. කස්ටිය නං ඒ සිද්දියෙන් බොහොම සැරට ඇන්දිලා තිබුනා..

කොහොම හරි අස්සෙ ගහල හංගන්න හදපු මීටර් එකත් අහුවුනා සිද්දියෙන්. පස්සෙ ඉතිං ලොක්කා මන්ත්‍රිතුමාට කතා කරලා වැඩේ අවුල් කියන්න ඇති. කෝමහරි අර පිරිත් කියපු වැඳගෙන හිටපු සෙට් එක පස්සෙ කාලෙක මගදි හමුඋනත් කෝමද එදා ධාතු කියලාලු කතාව පටන් ගන්නෙ..

Wednesday, September 12, 2012

පොත් ගැන තියෙන වෙබ් සයිට් එකක්

.මගේ යාලුවෙක් හිටියා සම්පත් කියලා. සම්පත් ඇවිල්ලා ඈත පලාතෙ මිනිහා. කොළඹ ඉදං ඈත වුනාම ඉතිං ඔය ඉන්ටනෙට් එකයි ඉංගිරිසියි ගැන වැඩිය දන්නෙ නෑ 2006දි විතර. එතකොට අපි නිකං අඹයො වගේ. ඔන්න ඉතිං ඒ ලෙවල් කරල කෝස් එකකට සිලෙක්ට් වුනා අපි දෙන්නම. දිග රැග් එකක් ඉවර වෙලා අපි ආවෙ ලොකු පොරවල් වෙන්න ලොකු ඩිප් එකක් කරන්න. ඉගෙනගන්න ආපුවම ඉතිං ඔය සමිති සමාගම් වලටත් බැදෙනවා. සමහරු දැන් හිතයි හාපෝ යූනියන් නැත්තං ජෙප්පො කියලා. ඔව් යකෝ අපි යූනියන් තමයි ඒත් ජෙප්පො නෙමෙයි. සමහර දෙමාපියොන්ට වගේම ළමයිටත් යූනියන් වගේම සමිති සමාගමුත් පේන්න බෑ. ඒත් ඉගනගන්නෙ උන් මැනේජර්ස්ල වෙන්න. මිනිස්සු එක්ක සහ සමාජය එක්කට ටිකක් වැඩකරලා පුරුදු උන කෙනෙක්ට සමාගමකට ගියාම මිනිස්සු එක්ක වැඩකරන්න ලේසියි. නැත්තං අපි එලියට ගියාම නිකං සමාජෙට නොගැලෙපන හැම සුලු වරදටත් මහින්දට රනිල්ට දේශපාලනයට බනින මහ කුහකයො සැට් එකක් බවට පත්වෙනවා.

අපි දෙයක් කරන්න පුරුදු වෙනකොට තේරෙනවා ඒවයි තියෙන අමාරුව. ඒත් පිටින් බලලා විවේචනය කරන එක පස්ටම ලේසියි මිනිස්සුන්ට. ම්ම්  අපිදැන් කතාවට එමු. එතකොට අපේ පොඩි කතාවෙ නායකායා වෙච්චි සම්පත් හිටියෙ පුස්ථකාල කමිටුවෙ. පුස්ථකාලයේ වැඩපිලිවෙල අපේ යූනියන් එකට සහ ළමයිට අවැසි විදියට සකස් කරගන්න පුස්ථකාලෙ ඉන්න අය එක්ක පොඩ්ඩක් කතා බහ කරලා කටයුතු කරන්න ආදි වැඩ තමයි ඒකට තිබුනෙ. ඔන්න එකපාරක් කොහෙන්දෝ රටකි්න පොඩි අාධාර වැඩක් ආවා අපේ පුස්ථකාලයට. ඉතිං අලුත් පොත් ගන්න පොත් ලිස්ට් හෙම දෙන්න අවස්ථාව ලමයින්ටත් තිබුනා. ළමයි දන්න කියෙන වැදගත් පොත් ලැයිස්තු එකතු කරලා ඒවයින් ගැලපෙන ඒවා දේශකවරු එක්ක කතා කරලා තෝරගන්න එක තිබුනෙ අපේ සම්පත් ට තමයි.

ඉතිං පන්තිය පොඩි වෙලාවකට රැස්කරලා. විස්තරේ අපේ පුස්ථකාලෙ බාර බුවා විස්තර කලා. සම්පත් මේසුලු දේ බොහොම ලොකු කරලා ඇරියා තියල නිකං ව්‍යවස්ථා සංසෝදනයක් වගේබරපතල විදියට. සම්පත් ට කෝමත් දෙයක් සරලව කියලා පුරුද්දක් නෑම වගේ. ඉතිං පොර පොත් ඉල්ලනවා අපේන්. එකෙක් නැගිටලා කිව්වා අපිඉන්ටනෙට් එකේ බලමු ඉන්ටනෙට් එකේ තියෙනවා හොද පොත් ගැන කියාල. ඒ පාර සම්පතයාත් නෙට් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නවා උනාට මූ පැනලා කියපි හරි එහෙනං සහෝදරයා අපිට දෙන්නකො ඒ වෙබ් සයිට් වල විස්තර අපි හොයලා බලන්න ම් කියලා කිව්වා.

ඉතිං මිනිහාට වෙබ් සයිට් ලැබෙන්න ඇති. ඉතිං දවසක් අපේ සම්පත් ගිහිං ලැබ් එකට නෙට් තියෙන මැසිමටත් ගිහිං එක සයිට් එකක් ගැහුවලු පොත් හොයන්න. ලොගින් එකක් ඉල්ලනවලු යන්න දෙන් නෑලු. ඒ පාර සම්පත් අර සයිට් එක දීපු ගෝතයා හොයාගන්න බැරි නිසා ලඟ එකෙක්ගෙන් අහලා මචං මේ සයිට් එකට යන්න පාස් වර්ඩ් ඉල්ලනවානේ කියලා. ඒ පාර සම්පත් කලිං මේකට ගිහිල්ලා නැතිබව දන්න නිසා යාලුවා අහලා මොකටද මචං ඔය සයිට් එකට යන්නෙ? කියලා..

නෑ බං මං මේ පොත් වගයක් හොයන්න සයිට් ඉල්ලුවාම එකෙක් දීලා තියෙන්නෙ මේක. කියලා කිව්හම අර සයිට් එක මොනාටද කියාල ඇහුව යාලුවාට බඩ පැලෙන්න හිනාලු. ඒ අපේ සම්පත් ඒ වෙලේ යන්න හොයලා තියෙන්නෙ ෆේස්බුක් කියෙන සයිට් එකට. ෆේස්බුක් එකේ කොහෙද පොත් කියලා දැන්නම් අපි දන්නවා. ඒත් 2006 ඔය කියන කාලෙ මාත් ෆේස්බුක් ගැන වැඩිය දැනගෙන හිටියෙ නෑ. ඒක නිසා කොල්ලො ඕක කියලා හිනා වෙනකොට මාත් ඒකට සෙට්වෙන්නම හිනා වුනා මිසක මෙලෝ ලබ්බක් ෆේස්බුක් ගැනනම් දැනං හිටියෙ නෑ..

Sunday, September 9, 2012

ශ්‍රී ලංකාවේ විශාලතම පිළිම (Sri Lanka Tallest Statues)

ලෝකයේ විශාලතම සහ උසම පිළිම සැලකුවහොත් ඒ බොහෝ පිළිම බුදු පිළිම බව පෙනීයනවා ඇත. ඒ පිළිම අතරින් සුවිසල් පිළිම වහන්සේලා දෙනමක් වූ බාමියන් බුද්ධ ප්‍රතිමා අප ලෝකයට ඉතාම අවාසනාවන්ත ලෙස අහිමි විය. නමුත් චීනය, කාම්බෝජය, ජපානය ආදී රටවල විශාල පිළිම වහන්සේලා වැඩ සිටිනවාය. අපේ රටේ අප මූර්ති ශිල්පීන් සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ අප අමාමෑනි තිලෝගුරු ගෞතම බුදුන්ගේ පිලිම වහන්සේලායි. ලෝකයේ වෙනත් තැන්වල මෛත්‍රී බුදුන්, අමිතාභ බුදුන්, ශාක්‍යමුණි බුදුන් ලෙස විවිධාකාරයේ පිළිම වහන්සේලා නිරූපනය කර ඇත. දැනට ලොව උසම පිළිමය ලෙස විරුදාවලි ලබා ඇත්තේ චීනයේ අඩි 420ක් උසැති පිළිම වහන්සේ නමක් වෙයි..
මේ පිළිම ලැයිස්තුව ඔබට මෙතැනින් බලාගන්න පුලුවනි.

අපි දැන් ලංකාවේ දැනට පවතින විශාලතම පිළිම වහන්සේලා පිළිබඳව සලකා බලමු..

01. අලුත්ගම කන්දෙ විහාර පිළිමය.
  ස්ථානය = කොළඹ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කළුවාමෝදර හන්දියෙන් රට තුලට වන මාර්ගයේ මඳ දුරක් ගමන් කල විට කන්දෙ විහාරය හමු වෙයි..
උස = අඩි 160, රියන් 107, දැනට ලංකාවේ ඇති උසම බුදුපිළිමය ලෙස සැලකෙයි.
නිමකරන ලද වර්ශය = 2008

02. වැවුරුකන්නල බුදුරජමහ වෙහෙර පිළිමය
ස්ථානය = මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ලෙන් බෙලිඅත්ත පාරට හැරී කිලෝමීටර දෙකක් ගිය තැන වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙර වෙයි..දැන් මේ පිළිමය නව ප්‍රතිසංස්කරණ යටතේ කහ පැහැයෙන් දිස්වෙයි.
නිමකරන ලද වර්ශය = 1969
උස = අඩි 150, රියන් 100

03. වෙහෙරහේන බුද්ධ ප්‍රතිමාව
ස්ථානය = මාතර තංගල්ල පරණ පාරේ කාර්මික විද්‍යාලය අසලින් හැරී කිලෝමීටර දෙකක් ගිය තැන වෙහෙරහේන විහාරය වෙයි. එහි මෙ බුදුපිළිමය වැඩ සිටිනවා ඇත.
නිම කරන ලද වර්ශය = මුල්ගල් තබා ඇත්තේ 1939 වර්ශයේදීය
උස = අඩි 132, රියන් 88
කලින් සඳහන් කරල ලද පිළිම වහන්සේලා දෙනමම එලිමහනේ වැඩසිටින අතර මෙම පිලිම වහන්සේ පමණක් ආවරණයක් සහිතව වැඩ සිටී..

මා දන්නා ආකාරයට දැනට ලංකාවේ සුවිශාලම පිළිම තුන මෙය වේ. මේවා ලෝක වශයෙන් බලනවිට ලෝකයේ විශාලතම ප්‍රතිමා ලැයිස්තුවේ විසිපහත් තිහත් අතර ස්ථාන නිරූපනය කරයි. ඊට අමතරව පුරාණ පිලිම වහන්සේලා ගණනාවක් ලංකාව සතුය. අවුකන, රැස්වෙහෙර, බුදුරුවගල, මාලිගාවිල ආදී පිළිමවහන්සේලා එකල පැවති විශාල පිලිමවහන්සේලා ලෙස හඳුනාගත හැක.

මේ පිළිම තුනෙන් ප්‍රථමයෙන් නිර්මාණය වී ඇත්තේ වෙහෙරහේන ප්‍රතිමාව වන අතර ඉන් අනතුරුව වැවුරුකන්නල පිළිමයත් මෑතකාලීනව කන්දේ විහාර පිළිමයත් නිර්මානය වී ඇත. වැවුරුකන්නල පිළිමයේ අල්ලා ඇත්තේ වර්ග අඟලේ ප්‍රමාණයේ පිඟන් ගඩොල් වෙයි. වසරක් පාසා පිළිමය සේදීම පවා විශාල කර්තව්‍යයක් වෙයි.

කන්දෙ විහාරය තවත් විශාල විහාරාංග ගනනාවකින් යුත් අලංකාර ස්ථානයක් බව මා මිතුරන්ගෙන් අසා ඇත. මා එහි ගොස් නැතත් පුවත්පත් වලත් අන්තර්ජාලයේත් ඇති අන්දමට එය නරඹා සිත පහන් කරගත හැකි වැදගත් ස්ථානයක් විය හැක.

වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර තුලද තවත් නැරඹිමට ස්ථාන තිබේ. කුඩා කෞතුකාගරයක් ඇති අතර එහි පුරාණ ඔරලෝසුවක් සහ වෙනත් පුරාණ කලට අයත් විශේෂ වස්තූන් රැසක් ඇත. අපායේ සිරි මොනවට විදහාපාන යකුන් ඇතුලත් ප්‍රතිමා සහිත උමං විහාරයක්ද එහි ඇත. 

වෙහෙරහේන විහාරයේ ලෝකයේ ඇති විශාලතම උමං විහාරය ඇතිබවට විද්වතුන් මත පලකොට ඇත. එහි ඇති සිතුවම් ගණන දහස් ගනනකි. මෑත යුගයට අයිති විහාරයක විශාලතම සිතුවම් ප්‍රමාණය එහි ඇතැයි මට සිතේ. ජාතක කතා වස්තු මහජනතාවට සමීප කරවීමේ අරමුණින්ද අසා ඇති ජාතක කතා නැවත මතක් කොට ගැන්මටද ධර්ම කාරණා පැහැදිලි කරගැන්මටද මේ සිතුවම් බොදු උපාසකවරුන්ට වැදගත් වෙයි. 

යමුද නගෝ අද කන්දෙ විහාරෙට, යනුවෙන් චාමර වීරසිංහ විසින් කන්දෙ විහාරය ආශ්‍රිතවත්, දකුනේ පිංඇති පිංබිම වැවුරුකන්නල ලෙස ගංවතුර උවදුර අවස්ථාවේ නිර්මාණය වූ ගීතයක් චාමර වීරසිංහ විසිනුත්, වෙහෙරහේන විහාරයෙ උඩමලුවට යන්නම් යනුවෙන් අජිත් මුතුකුමාරණ විසිනුත් ගංවතුර ආශ්‍රිතව ගීතයකුත් ආදි ලෙස ගීත නිර්මාණයන්ට පවා මේ විහාර තුන දායක කරගෙන ඇත්තේ ඒ විහාර ආශ්‍රිත ජනප්‍රියත්වය නිසායැයි මට සිතේ. ප්‍රේමය විරහව, ශෝඛය, ආදී සියලු සැපදුක් සියල්ල පිරිසිඳ දකින අප දහම ආශ්‍රිතව එවන් ගීත නිර්මාණයෙහි මා නම් වරදක් දකින්නේ නැත.

බොහෝ අය ලෝකයේ විශාලතම ප්‍රතිමාව චීනයේ බුදු පිළිමයක් බව දනිතත් ලංකාවේ විශාල ප්‍රතිමා රැසක් ඇතිබවත් ඒ සම්බන්ධ දත්ත අන්තර්ජාලයේ සුලභ නොමැති බවත් නොදැන සිටිති. පුරාණ පිළිම අතින්ද අප රට ඉදිරියෙන් සිටී. අපේ පුරාණ කාලයේ ඇති පුරාවස්තු රැකගැන්ම මෙන්ම අපේ මෑත කාලීන බොදු පින්වතුන්ගේ ශ්‍රද්ධා භක්තියේ තරම යම්තාක් දුරට විදහා පෙන්වන මේ පිළිම රැකගැන්ම අපේ යුතුකම වෙයි.

මෙහි තවත් විශේෂ කරුණක් නම් කොළඹ ගාල්ල මාතර හම්බන්තොට හරහා පුද්ගලික රථයකින් කතරගම (ඒ 2 මාර්ගය හරහා) යන අයෙක්ට විවේක ඇතොත් වෙලාව වැයකර මේ පිළිමවහන්සේලා තුන් නමම දැකබලාගන වැඳපුදාගැන්මට ඇති හැකියාවයි.

Thursday, September 6, 2012

මීමුරේ සිට නාරංගමුවට (From Meemure to Narangamuwa)

අපි උදේම නැගිට්ටා කියන්නත් බෑ. කෝමහරි හයහමාර හත වෙනකොට නැගිටලා එන්න පිටත් වුනා. වටේම කුරුල්ලන් කෑ ගහනවා. මේ පැත්තෙ ගොඩක් කුරුල්ලන් ඇති කියාල තමයි මට හිතුනෙ.
අපි ටිකක් ඉදිරියට ඇවිත් උදේපාන්දර ලකේගලට ඉරපායපු ආකාරය මේන් මේ විදියට පින්තූරයකට ගත්තා. එතනින් ඉදිරියට ගියාම අපේ අර ලකේගල නගින්න තිබුන අදහස ටිකක් අත ඇරුනා වගේ උනා. කලිං දා රෑ අපිට හමුවුන අපේ අර අයියන්ඩි කීව විදියට ලකේගල උඩට තද සුලං මේ දවස්වල. ඊයෙ රාත්තිරි අපි ඒ තරං හුලං නොවදින ටිකක් පහත ගලක් උඩ හිටියත් එතනටත් ටිකක් තදට සුලඟ දැනුනා. ලකේ ගල මේ පැත්තෙන් දකිනකොට නං ඇත්තටම බය හිතෙනවා. ඒත් ලකේ ගල එහාපැත්තෙන් ඒ කිව්වෙ මීට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මීට වඩා වෙනස්. ඒකෙදි ලකේ ගල මොකද්ද කියලා අඳුගන්නත් බෑ. මේ කලිං මගේ පෝස්ටුවෙ කෙනෙක් අහලා තිබුනා වගේම ප්‍රශ්ණයක් අපි කලින්දා රෑ අර අයියගෙන් ඇහුවා.
ඇයි මිනිස්සු මීමුරේ එන්නෙ?
" එක එක අය එක එක දේවලට එනවා. හරියටම මේකය කියන්න බෑ. සූරිය අරණ චිත්‍රපටිය ගහපු පැත්ත බලන්න එනවා. ලකේගල නගින්න එනවා. කෑම්ප් ගහගන ඉන්න එනවා. ඇවිදින්න එනවා"
කොහොම උනත් මීමුරේ සවාරිය අයිති වෙන්නෙ ඇඩ්වෙන්චර පැත්තට හෙවත් පාරිසරික සංචාරක පැත්තට. ගල් හෙල් දොලපාරවල්, සහ ඒ හා බද්ධ වුනු මිනිස් ජීවිත වල ආහ්ලාදය අපිට විඳගන්න පුලුවනි මීමුරේ ඇවිත්. ඊට අමතරව මොනාද තියෙන්නෙ කියලා ඇහුවොත් ඉතිං මොකුත් නෑ ම තමයි..

මංනං හිතන්නෙ මීමුරේ පැත්තෙ ඉන්නෙ සුදු ජාතිකයින් වතු වගාවලට සුද්ද කරගෙන එනකොට ටිකක් තමුංගෙ පාඩුවෙ ඉන්න පැත්තකට වෙලා හිටපු සිංහල පිරිසක්. ඊට වඩා ඉතිහාසයක් තිබුනා කියල පිළිගන්න සාධක නෑ. මීමුරේ වටේ තියෙන්නෙ ගල් සහිත කැලෑ. ඒ කැලෑ එලිකලා කියලා විශාල වශයෙන් තේ හෝ වෙනත් දේවල් වගා කරන්න අමාරුයි මොකද ගල් ප්‍රමාණය වැඩියි. දැනට නම් ගැමියො ගම්මිරි්ස වගේ දේවල් වගා කරනවා අමාරුවෙන්. 

මීමුරේ ස්වයංපෝෂිත ගමක්. මේ පිටිං යන අයට බිස්කට් සෝඩා විකුනන්න..පිටිං යන්න අයට අනං මනං බලි පෙන්නල සල්ලි හොයන්න එයාලට ඕනි නෑ. එයාලට එයාලාෙග් ජීවන මාර්ග තියෙනවා. සංචාරකයින්ට අතනොපා,සංචාරකයින්ට ඇඩ් එකක් නොවී කොන්ද කෙලින් තියං ඉන්න ඒ මිනිස්සු ගැන මට නං ආඩම්බරයි. ඇත්තටම කිව්වොත් සමාර මීමුරේ මිනිස්සු අපිව පයිසෙට ගනන් ගන්නෙත් නෑ. අපේ සමාර අය හිතං ඉන්නවා ගමකට ගියාම අර ඉස්සර කාලෙ වගේ පිලිඅරං පුටු තියලා පිලිගනී කියලා. ඒත් කාලයක් තිස්සෙ මහත්වරු එන්න අරගෙන අපේ මහත්වරුන්ගෙ මහත්මා ගති වලිං මීමුරේ වැසියො හෙම්බත් වෙලා ඇත්තෙ කියලත් මට වෙලාවකට හිතුනා. 

මං අවුරුද්දක් දෙකක් ඈත ගම්මානවල රාජකාරියක සිටිය නිසා දන්නවා මේ කොළඹින් සහ වෙනත් පැතිවලින් යන අය ගම්වල අයට සලකන හැටි. කොළඹ ඉරිඟු එක කරල රුපියල් තිහක් වෙද්දි ඒ ඈත ගම්වල රුපියල් තිහට ඉරිඟු කරල් දහයක් දුන්නත් අපේ මහත්තුරු, "අයියෝ කොළඹත් ඔය ගනන් නේ අඩු නැද්ද" කියලා අහලා අර ගොයියා මරාන කන්න යනවා..

ඉන් පස්සෙ අපි ආයෙත් අර මීමුරේ බස් නවත්තන කඩමන්ඩිය දිහාට ආවා. ඇවිත් ඉතිං අපි ලකේගල නගින්න හිටපු යාලුවො ටික ආයෙත් හමු වෙලා සූරිය අරණ චිත්‍රපටිය කරපු හරියට පියමැන්නා.
මේ තියෙන්නෙ ඒ හරියේ පිංතූරයක්. ඇත්තටම සූරිය අරණ කලේ කොහෙද කියාල මටනං නිච්චිරයක් තිබුනේ නෑ. ඒත් ඒ අය කියපු විදියට මේ දොලපාරවල් එක්ක තියෙන පරිසරය සූරිය අරණට මායිම් වෙලා තියෙනවා. මේ හරියේ ඇවිද්දෙත් පයිංම තමයි. සූරිය අරණ කලා කියලා තිබුන ගොඩක් තැන්වල වතුර බොහොම අඩුවෙලා තිබුනෙ. අපිට ටිකක් හිතේ හැටියට නාගන්න තැනක් නං තිබුනේ නෑ. අපි ඒ ළඟ තිබුන දොලපාරක් දිගට කොන්කිරිට් බැම්මක් බැඳපු ඇලක් දිෙග් ඇවිදගෙන ගියා. පහලට නාන්න තැනක් තියෙනවාද කියලා හොයන්න. මේ පොඩි දොලපාරවල් වල වතුර තිබුනාට ඒවායෙන් නාන්න තරං පිරිසිදු වතුරක් තිබුනේ නෑ.
ඔහොම කැලේ මැදින් යන්න කලිං අපි කඩෙට කියලා හදාගත්තු නුඩ්ල්ස් ටික කෑවා. කාලා අහවරෙවෙලා අපි පැයබාගයක් පැයක් විතර අර කිව් දොලත් එක්ක සමාන්තර වට හදලා තිබුන ඇල දිගේ ගියා. අපිට නිකමට හිතුනා ඒක අනිවාර්යෙන් තවත් කුඹුරු යායකින් ඉවර වෙනවා කියලා. අපි එක්ක බල්ලො දෙන්නෙකුත් එකතු වුනා ගමනට. අපි උන්ට අපිට කන්න බැරි උන නූඩ්ල්ස් පාන් කන්න දුන්න නිසා පස්සෙන්ම එන්න ඇති. කෝම හරි අපි අර කිව්ව කුඹුරු යායට ඇවිත් මේ පින්තූරෙ තියෙන විශාල ගල් සහිත දොලපාරවල් තුනක් එකට එකතුවෙන තැනකට ආවා. එතන වලේ නං වතුර තිබුනා යහමින් ගිලිලා නාන්නට. එතන සම්පූර්ණයෙන්ම යටවෙනවා ඇති වැහි කාලෙට. ඒත් දැංනං අපිට නාගන්න වතුර ඇතිපදං තිබුනා. අපි ගියේ ඉහලින් ඒ කිව්වෙ කුඹුරු යාය ට වතුර ලැබෙන ඇලට ගිහිං කුඹුරු දිගේ පහලට ඇවිල්ලා වතුර සද්දෙ අනුව ගිහිල්ල තමයි මේ වතුර තියෙන තැන හොයාගත්තෙ. එතන අපි හොයාගත්ත තැනක් නම් නෙමෙ. කස්ටිය කලිං නාලා සබන් පාරවල් හෙම තිබුනා. යසට..
අපි පැයක් දෙකක්ඒ කිව්වෙ උදේ එකොලහ විතර වෙනකල් ලාස්සනට නෑවා. සබන් පාවිච්චි කලේනං නෑ. මොකද සබන් වතුර නිසා ගල්වල පාරවල් හිටලා තිබුනා. ඉතිං අපි හිතුවා සබන් පාවිච්චි කරලා මේ දොලපාරවල් වල ගලන වතුර ටික අපවිත්‍ර කරන එක අවුල් කියලා. ඒත් අපි එනකොට දැක්කා කස්ටියක් ගෙදර තියෙන ෂැම්පු සබන් පේසල් වොස් ඔක්කොම ඇන්න ඇවිත් උල උලා නානවා..මේ වාගෙ සංවේදි පරිසර පද්ධති ගැන ටිකක් හිතනවානං අපි මෙහේ ඇවිත් ගරජ් වැඩවත්. එහෙම නැත්තං අර කෝච්චි බස්වෙල තෙරපිලා යන වික්‍රම වත් කරන්නෙ නෑනෙ. අපි කරන්නෙ වැඩිම උනොත් දාඩිය ටිකක් දාන්න ඇවිදින එක විතරයි. ඉතිං ඔයාකාර සබන් ක්‍රීම් සහ වෙනත් ද්‍රාවණ උලලා අරින්න තරං කුණු අපේ සරීර වල හිටින්නෙ නෑනෙ. ඒ නිසා මේ වගේ ඉහල දොල පාරවල් වලිං නානකොට සබන් සහ ඒ වගේ දේවල් භාවිතා නොකර ඉන්න එක ඒ පරිසර පද්ධති වල ජීවත් වෙන මාලුන් සහ වෙනත් ජීවින්ට හිතකරයි, හොදයි කියලා මට හිතෙන්නෙ.. 
මේ තියෙන්නෙ හිඳිමින් යන දොලපාරක සූටි ඇල්ලක්. මේවායේ වැහි කාලෙට යහමින් වතුර යනවා ඇති. අපි යනකොට මේ දොලපාරට සමාන්තරව කන්ද මතින් ගියාට එනකොට දොල පාර මතින්ම එන්න තීරණය කලා. ඒ අස්සෙ මගේ සෙරෙප්පුවකුත් කැඩුනා ගලින් ගලට පනින්න ගිහිල්ලා. ඒක එතනම උඩට විසික් කරලා ආවා. කලින්ම මගේ බෑග් එකේ කොක්ක ගැලවිල තිබුනෙ. ඉතිං සෙරෙප්පු දෙකකුත් නැතුව. එක කොක්කකින් අර සයිඩ් එකට එල්ලං යන ට්‍රැවලින් බෑග් එක අරං යන්නත් අමාරු නිසා මං බෑග් එක ඔලුව උඩිං තියා ගන ආවා. මල්ල ඔලුව උඩ තියාගෙන සෙරෙප්පු නැතිව යනකොට සේරිවාණිජ ජාතකයේ වෙළෙන්දා වගේය කියලා අපේ එක යාලුවෙක් කිව්වා.

අපිට ටික දුරක් එනකොට කස්ටියක් නනා ඉන්නවා පෙනුනා දොලේ ඉහල කොටහක. ඒ කස්ටිය ඉක්මනට නාලා අපි පොටෝ ගන්නකොටම යන්න පිටත් උනා. ඒ පාර අපිත් ඒ අය එක්කලා සෙට් වුනා. මෙතෙක් ආපු දොලෙ දිගේ ගමන නවත්තලා ඒ අයත් එක්ක එකතුවෙලා එන්න ගත්තා. කඳු ගැට උඩිං ගල් උඩිං. හෙල්මලු අස්සෙන් නැගගෙන බැහැගෙන ආවා කිලෝමීටර දෙක තුනක්ම අර කඩේ ගාවට. කඩේ ගාවම තමයි ඉස්කෝලෙ හෙමත් තියෙන්නෙ. ඉතිං ඒ එනකොට ආවෙ ගමේ මල්ලි කෙනෙක් එක්ක පාර අහගන ගිහිපු කාන්ඩයක් එක්ක. අපි ගිය දුර පාරට වඩා මේ පාර කිස්ටුයි. වාගෙ දැනුනා.
මේ ඉන්නෙ දොලපාරවල් අස්සෙ හිටපු ලස්සන සමනලයෙක්. පව් සතා. මං පොටෝ ගන්න පැන්න පාර උෟ ඉගිල්ලිලා ගියා. යාලුවාගේ කැමර් එකට තමයි ඌව එකතු වෙලා තිබුනෙ.
අපි එනගමන් එක තැනක නැවතුනා අර කන්ඩායමත් එක්කම. මොකද අපිට මාන්සියි ඇවිදලම. වතුර ටිකක් බොන්නත් එක්ක නැවතුනා. මේ දොලපාරෙන් හොඳ වතුර ටිකක් අපිට බෝතලයට අර ගමේ මල්ලියා අරං දුන්නා.
එතනින් පස්සෙ අපි ටික වෙලාවක් ඇවිදලා ආහම ආයෙත් අර කඩේ ගාවටම ආවා. අපෙ යාලුවො දෙන්නා කලිං කඩේට ඕඩර් එක දීලා තිබුන නිසා කෑම ටික හදලා පාර්සල් කරලා තිබුනා. ඔයෙ වෙලාවෙම අහසේ වැහි අඳුරක් මෝදු වෙමින් තිබුනා. පොඩියට වරුසාවක් වගේත් වැටුනා අපි කෑම කන වෙලාවෙ. ඒත් එක්කම අපි යන්න පිටත් වුනා. අපේ අදහස වුනේ ආපු පාරෙන්ම ආපහු යන්නෙ නැතුව වෙනත් පාරකින් යන්න තමයි. ඒ අනුව කැලේ හරහා අර කලිං දැකපු ලකේගල වටෙන් අපේ ගමනාන්තයක් වුන නාරංගමුවට ලඟා වෙන්න තමයි අදහස වුනේ.

ටික දුරක් අපි ඒ අදාල පාර දිගේ එනකොට අපේ කලිං දවසෙ හමුවුන මිතුරො කන්ඩායමේ බාගයක් ඉන්නවා. ඒ අය ලකේ ගල යන්න ආවාට මොකද කස්ටිය සෙට්වෙලා ගල් උඩ ඉඳන් බොනවා දොල පාරක් අයිනෙ. ඉතිං විස්තර ඇහුවම වෙලා තියෙන්නෙ එයාල නැගලා වැරදි පාරවල වලිං. ඒත් අවසානෙ නිවැරදි පාර හමුවෙලා තියෙනවා. පස්සෙ එක යාලුවෙකුගේ කකුල පෙරලිලා දෙපාරක්ම. එයාගෙ දනිස්ස ආයෙත් පැන්නොත් කරදරයි කියලා කස්ටිය හැරිලා ඇවිල්ලා. ඒත් එයාලගේ කස්ටියක් ධෛර්ය අරං නැග්ගාලු. එයාලානං ගොඩක් මීමුරේටත් මීමුරේ ගැන තිබුන වෙබ් සයිට් එකටත් බැන්නා. "අර නඩේ ගුරා කාරයා ඉන්නෙ රාගම ද කොහේද. ඕකා මට අහුවුනොත් මං ඕකට ගෙදරටගිහිල්ල කණට දෙකක් ගහලා එනවා."
"අඩු තරමෙ හීතලවත් නෑනෙ බං. ඔහිය පැත්ත බලහං කෝ කොච්චර කූල්ද මීදුමද ඔක්කොම තියෙනවා නේ. කියලා බැන්නා." ඒ අය කලිං ලකේ ගල නැගීමේ අදහසේ හිටියත් පස්සෙ අදහස වෙනස් වෙලා. ඉතිං දන් නැද්ද එයාල තෙල් ගගහ හිටිය හින්දා ටිකක් සද්දෙ වැඩියි.

අපි එතනින් මිදිලා ටිකක් ආවා ඉස්සරහට. මං හිතන්නෙ එතකොට වෙලාව එකට විතර ඇති. අපි එකට විතර පිටත් වෙලා කැලේ මැද ගමන පටන් ගන්න කලිං අර බත්මුල් ටික ලෙහාගෙන කොස් ගහක් යටට වෙලා වාඩිවෙලා කාලා දැම්මා. මාලුමිරිස් කරවල පරිප්පු සහ බත් තමයි තිබුනෙ. ඒත් ඉතිං බඩගින්න හින්දාද මන්දා මං නං කොලේ ඉතිරිවෙද්දි ඔක්කොම කෑවා. මීමුරේ ඉදලා නාරංගමුවට විනාඩි හතලිස් පහෙන් යත හැකි කියලා තමයි අර අපිට කලිං දා රෑ හමුවුන අයියා කිව්වෙ. ඇත්තටම මීමුරේ ගමේ දහ දෙනෙක්ගෙන් අහුවොත් දෙයක් ඒ අය දෙන්නෙ වෙනස්ම උත්තර. සමහර අය කිව්වෙ එහෙම පාරක් තිබුනත් දැං ඒක වල්වැදිලා ඇති කියලා. සමහර අය කිව්වා හවස් වෙලා නිසා යන්න එපාය කියලා. තවත් අය අලි ඉන්න කතාවකුත් කිව්වා. මේ කඳුකර ගල් මුල් අස්සෙ අලි ඉන්නවාද කියලා කෙනෙක්ට හිතන්න පුලුවනි. ඒත් ඇත්ත කතාව නං නකල්ස් වල මානිංගල වගේ රිවස්ටන් පැත්තට පවා අලි එනවා. මීමුරේ දිහාටත් අලි එනවා මොකෝ මේ දවස්වල වතුර කෑම හිඟ පාඩු නිසා.  අලි අලි සයිස් කියලා නෑ කඳු නං නගිනවාලු බර බර ගාලා. ඒත් අපේ ඉන්න සමහර මහත අයනං මේ මීමුරේ කිලෝ මීරටයක ගියත් නවතී හති කියලා.. එක අතකින් මහත අයට අලි කියන එක පාඩුයි. මොකෝ අලිය කොච්චර ලොකු වුනත් කටුක ජිවිතයට සහ ඇවිදීමට දක්ෂයා. ඒත් මහත මිනිහා බොහෝ විට කම්මැලියා, කුසීතයා වෙනවා කාලෙත් එක්ක.
මේ ගමන නං සැබෑවටම අතිශය දුෂ්කර ගමනක්. ඉතිං අපි ලකේගල බල බල ලකේ ගල වටෙං නැගගෙන බැහැගෙන වනයට පිවිසුනා නාරංගමුව බලා.. පොඩි දුරක් නං ඇවිදින එකනං අමාරු නෑ. ඒත් අර බීච්වල මහ පාරවල් වල ඇවිදිනවා වගේ නෙමෙයි. මුල් උඩිං ගල් උඩිං සම හර විට වැටුනු ලොකු ගස් උඩිං පැන පැන කඳු නැගගෙන සීඝ්‍ර බෑවුම් බැහැගෙන නැගගෙන යන එක. ඒක අස්සෙ සමාර වෙලාවට ලිස්සලා වැටෙන වෙලාවලුත් තියෙනවා. අපි ඒ ගමන පුරාවට තැන් හත අටකම නැවතිලා විවේක ගත්තා. වතුර බෝතලය ගමනේ බාගයක් යන්න කලිං ඉවර වුනා. දොඩං බිස්කට් හෙමත් අපි කාලා දැම්මා බත් කාලා පැයක් දෙකක් ගියා වුනත්. මෙහෙම කටුක පාරවල් වල කිලෝමීටර එකක් ඇවිදින එක අමාරුයි සමතලා පාරක කිලෝමීටර තුනක් ඇවිදින එකට වඩා. අතරින් පතර අපිට හමුවුන ගැමියන් සහ කන්ඩායම් අපිට දුර ගැන ඉඟියක් දුන්නා. නමුත් ඒ ගැමියන් කියපු කාලයන් සහ වෙලාවන් නම් අනිවාර්යෙන් වැරදි වෙන් ඕනි. කිසිම බරක් නැතිව නිරෝගී,කලිං ඇවිදලා නැති මහන්සි අඩු කෙනේකට වුනත් මීමුරේ ඉදලා නාරංගමුවට යන්න පැය දෙකක් විතර යනවා කියලා තමයි මට හිතෙන්නෙ.
මොකද ඒක අඩි පාරක් වැනි එකක් මිස පාරක් නෙමෙයි. අපි පැය දෙක හමාරක තුනක දුෂ්කර ගමනකින් පස්සෙ නාරංගමුවට ළඟා වුනා. මෙතනදි කියන් ඕනි මීමුරේ පැත්තෙන් මීමුරේ බස් එක නවත්තවන තැන ඉදලා කැලයට ඇතුල් වෙන්න කිලෝමීටර එකහමාරක විතර දුරකුත්, නාරංගමුව පැත්තෙන් කැලේන් එලියට ඇවිත් මහපාරට එන්න ආයෙත් කිලෝ මීටර එකහමාරක විතර දුරකුත් තනිකර මිනිස් වාසයෙන් තොර අමු කැලය තුල අඩු තරමේ කිලෝමීටර හතර පහකුත් ඇති. අපි කොයිතරම් දුර ගියාද කියලා ඉගියක් දෙනවානං අර ලකේගල කියෙන පින්තූරයෙ ස්වරූපය නොපෙනී වෙනත් ආකාරයකට ලකේ ගල පෙනෙන තරම් ලකේගල වටෙන් අපි අනික් පැත්තට ගියා කියලා තමයි මට හිතෙන්නෙ.
මේ තියෙන්නෙ නාරංගමුව පැත්තෙන් ගතපු රුපරාමුවක්. අපි උදේ සූරිය අරනින් නාන්නත් ගොඩක් දුර ගිහිපු නිසා වෙහෙස වැඩියි. ඇත්තටම අලුත් කන්ඩායමක් යනවා නං මීමුරේ පැත්තෙන් හරි ලග්ගල පල්ලෙගම පැත්තෙන් හරි ඇවිත් මේ ගමන එක් පසකට සම්පූර්ණයෙන් ගිහිං ආයෙත් එන්න නම් යන්න එපා. මොකද ඒ දුර සහ මාර්ගය තරණය කරන්න අලුත් අයට ටිකක් අමාරුයි. ඔන්න කඳු හෙල් නැගලා දුර ඇවිදලා පුරුදු අයට නම් අවුලක් නැතිවෙයි. මං මේ කියන්නෙ අලුත් අය ගං කබරෙයො එයාලට වැඩ බෑ කියන එක නෙමෙයි. ඒත් එන නඩ ගොඩ වෙලාවට එන්නෙ අරක්කු සුට්ටක් බීලා විනෝදයක් දාල..පොඩ්ඩක් කැරකිලා ොගඩක් ආතල් අරං යන්න නේ. ඉතිං මේ මෙතන තියෙන්නෙ පොඩි කැරකීමක් නෙමෙයි. මේක ඇවිල්ලා තනි කස්ටක්. ඒකට යනවනං ඒකටම යන්න ඕනි කියලයි මං හිතන්නෙ..
මේ නාරංගමුව පැත්තේ පාර අවසාන වෙන තැන. අපි මෙතනින් පස්සෙ ආවෙ ලග්ගල පල්ලෙගම කියෙන තැනට. එතනට එන්න අපිට තුන් සක රියක් හමු වුනා වෙලාවට. එතනින් අපි ලග්ගල පල්ලෙගමට ආහම දඹුල්ලට බස් එකක් හමු වුනා. දඹුල්ලට ඇවිත් අපි රෑ නවය හමාර විතර වෙද්දි ආයෙත් නුවරට ගියා. නුවර මිතුරාගෙ ගෙදර ඒ රාත්‍රිය ගතකලා. අපිට පට් පට් ගලා වාහන සෙට් වුනේ නැත්නම් ඒ තරං දුර අදින්න බැරිවෙයි කියලා තමයි මට හිතෙන්නෙ. මුලු බජට් එකම අපිට රුපියල් පන්දාහක් විතර තමයි තුන්දෙනාටම. පාරෙ බස් එකේ ගියාම අපිට ඕනි තැන්වල ආතල් ගන්න නවත්වන්න බෑ තමයි. ඒත් යන තැන්වල හිතේ හැටියට ගිහිං එත හැකි මොකෝ අපිට ආයි ඒ පාරෙම යන්න ඕන හෝ වාහෙනේ අරං යන්න ඕනි කියලා නියමක් නෑනෙ.
 ලග්ගල පල්ලෙගම ඉදලා මාතලේ හරහා නුවරට බොහොම කිට්ටු වුනත් බස් නෑ තිබුනෙ ඒ වෙලාවට. ඒ වෙලාවෙ තියෙන්නෙ දඹුල්ල බස් විතරලු. අන්තිමේ අපි පරංගියා කොට්ටෙ ගියා වගේ තමයි ගියෙ.
ලග්ගල පල්ලේගම පිරවුම්හ
අපේ අයටනං මේක ආතල් මදි වුනාට ටුවරිසම් පැත්තෙං මේ ගම්මාන පැත්ත සහ මාර්ග සහ  කැලෑ කියන්නෙ සම්පතක් කියලයි මට හිතෙන්නෙ. අවාසනාවට මේ මීමුරේ ගැනවත් මේ මාර්ග ගැනවත් ලංකවෙන් සුද්දන්ට ලැබෙන ටුවරිස්ට් ගයිඩ් පොත්වල නැතුව ඇති. මං මීට කලිං ගිහිපු මේ වාගේ ගමන් දෙක තුනකදිම සුද්දො හමු වුනාට මේ ගමනෙදි සුද්දෙක් ඇහැට දැක්කෙ නෑ. සමාරවිට මේ සුද්දන් එන කාලෙ නොවන්න ඇති. ඒත් ගයිඩ් බුක් එකේ තිබුනානං වෙනත් රටක සුද්දො සුද්දියො ටිකක් හරි එනවානේ මේවා බලන්න.


View Larger Map
 ගූගල් මැප් එකේනං ලග්ගල පල්ලේගම ඉදලා මීමුරේට කෙලින්ම දුර කිලෝමීටර 14.2ක් පෙන්නුම් කරනවා. නාරංගමුවෙ ඉදලා ලග්ගල පල්ලේගමට දුර කිලෝමීටර 8ක් විතර වුනොත් අපි ගිහිං තියෙන විස්ථාපනය කිලෝමීටර හයක් වෙනවා..

Wednesday, September 5, 2012

මීමුරේ රැයක් (Night on the stone at Meemure)

පංසලට ගියා සාදු මහියංගනේ වැඩලා. ඉතිං මොනවා කරන්නද කියලා අපි අර තිබුන කඩෙන් සැමන් ටින් එකක්, සහ සම්බෝල පැකට් සහ තව අඩුම කුඩුම කීපයක් අරගෙන හුන්නස්ගිරියෙන් ගත්ත උනු පාන් ගෙඩි දෙකත් අරගෙන මලු කරගහගෙන යන්න සෙට් වුනා. ඉතිං අපි ටික දුරක් යනකොට යාලුවො හමුවුනා. හ්ම් යාලුෙවක් අහලා තිබුනා ඇයි පන්සලේ හාමුදුරුවො නැතිව නවතින්න බැරිද කියලා. ඇත්තටම පන්සලේ බුදුගේ පවා වහලා එක හාමුදුරුවො නමයි පන්සලටම ඉන්නෙ. ඉතිං අප පංසල ගැන තියෙන අදහස ටිකක් අත ඇරලා දැම්මා. 
අපි කලිං නොදන්න යාලුවෙක් මගදි හමුවුනා. " අපි ආවෙ මචං බයික් වලිං. කඹ එහෙම අරං ආවෙ ලකේ ගල නගින්නම බලාගෙන. මෙහෙට එනකොට දෙක විතර ඇති. මෙහෙ බලන්න දෙයක් නෑ බං. මෙලෝ රහක් නෑ. අර ඉන්ටනෙට් එකේ මහ ලොකුවට දාල තිබුනට මෙහෙ ඇති තොප්පියක් නෑ බං. වතුරත් නෑ හරියට. උඹලා කොහෙද යන්නෙ? අපි හවසම නගින්න කියලා හැදුවෙ. ගමේ උන්ගෙන් අලි කචල් එක. උං කියනවා හැන්ද වෙලාවෙ නගින්න එපාලු හුලඟලු. සෝඩා බෝතලයක් ගන්නත් කිලෝමීටර පහක් විතර යන්න ඕනි ඊළඟ කඩේට.. ඉන්ටෙනෙට් එකෙ තිබුනෙ නං කඩෙං බඩු ගත හැකි අනම්මනම් කියලා. මෙහෙ මොකුත් නෑ බං. අඩුගානෙ ලේසියෙන් නාන්න වතුරවත් නෑ." කියලා යාලුවා කීවේය. 

අපෙනුත් ප්‍රශ්ණ ඇසුමුත් ඔහු ඇසු ප්‍රශ්ණවලට පිළිතුරු අපි සොයාගන තිබුනේ නැත. ඒ නිසා එවෙලෙට හමු වූ බොරු කිහිපයක් ඇදබා නිකා සිටියෙමු. 
පාර දිගට ගම්මිරිස් වල ඇට ගලවපු කිනිති තිබුනා. ගම්මිරිස් ඇට ගැලව්හම ඉතිරි වෙන කිනිති පාරට දාන සිරිතක් තියෙනවා. කඩේ උන්දැලත් ගම්මිරිස් ගැලෙව්වා මතකයි.. මේ රෝසමල කඩේ ඉස්සරහ තිබුනෙ. බොහොම පොඩි එකක් බොඳවෙලා තියෙන්නෙ මගේ පොටෝග්‍රැෆි ආනුභාවය නිසා තමයි. කඩේ පේමන්ට් එක ළඟත් ලස්සන මලක් පිපිලා තිබුනා. එයා ගම්මිරිස් අතුගගා හිටියෙ.. ඒත් ඒ දිහා දෙතුං පාරක් බලා උන්නාට මොකෑ ටික වෙලාවකින් ඒකිගේ අම්මා කෑ ගැහුවාම "ඇයි මයෙ අම්මා" කියලා ගේ ඇතුලට දිවගෙන ගියා.

මේ තියෙන්නෙ මීමුරේ බෝගහ ළඟ ඉඳන් බැලුවාම පේන දර්ශනයක්. මේ කමත එයාලා කුඹුරු කාලෙට පාවිච්චි නොකරන එකක් වෙන්නත් පුලුවනි. ගම්මිරිස් ඇට වේලන්න මේ වගේ කමත් හදාගෙන ඒවාට ගොම මැටි ගාලා භාවිතා කරනවා. ගම්මිරිස් ඇට වලට වැලි යයි කියලා අපි හිතුවාට ගොම මැටි ගාලා බොහොම යසට තියෙනවා මං දැක්කා. සිමෙන්ති දැම්මා වගේ බොහොම තදට තියෙන කමතකුත් දැක්කා. ඒත් ඉතිං හුලං හමනකොට උඩිං එන දූවිල්ල නං ගම්මිරිස් ඇට වලට වැදෙනවා තමයි. 
මේ මීමුරේ ගම කොනේම හරියේ තියෙන ලයිට් කණුවක්. මේ කණුව පුපුරලා තිබුනෙ. ඒ වගේම කණුවෙ ඇල පැත්තට ගස් දෙබලක් ගහලා තියෙනවා පේනවා ඇති. මේ කණු දාල දැන් කාලයක් වෙනවාලු. ඒත් ලයිට් නැහැලු. මීට කලිං රාජ්‍ය නොවන සංවිධානයකින් ග්ලිරිසීඩියා භාවිත කරලා විදුලිය ලබාදෙන්න ව්‍යාපෘතියක් තිබුනත් ඒ හරහා ගමට විදුලිය ලැබුනෙ දවස් තුනක් විතරයි කියලා තමයි ගම්මු කියන්නෙ. හද්දා පරණ දිරපු යන්ත්‍ර වගයක් ඒ රාජ්‍ය නොවන සංවිධානයෙන් ගෙනැල්ලා වැඩ කරපු නිසා දවස් තුනක් භාවිත කරාට පස්සෙ ඒ යන්ත්‍ර වලින් නැවත වැඩක් ගන්න බැරි තත්වයටම දිරලා තිබුන කියලයි ගම්මු කිව්වෙ. අපේ ගෙවල් පැත්තේත් මේ වගේ ව්‍යෘපෘති තිබුනා. සුනාමි කාලෙන් පස්සෙ එක්තරා සංවිධානෙකින් කොළඹින් ඇවිත් කොම්පියුටර ගෙනැල්ලා ළමයිට එන්න කියලා උත්සවයක් තිබුනා. ළමයි කොම්පියුටර ඉ්සසරහින් වාඩි කරලා පින්තූර ගත්තා. සුද්දො ඇවිල්ලා උස්සවේ කතා කලා.. ඒත් ඊළඟ දවසෙ හදපු බිල්ඩින් කෑල්ල ඉතිරි වෙද්දි අර කොම්පියුටර සහ මේස පුටු ඔක්කොම ආයිත් කොළඹ ගියා. 
මේ වගේ රාජ්‍ය නොවන සංවිධානවල වැඩකරන ඇත්තො ඉන්නවානං කියන්න තියෙන්නෙ අනේ ඔහෙලා හිතං හිටියට ගම්වල මිනිස්සු හෙන බයියො ඕව තේරෙන් නෑ කියලා හෙම එකක් නෑ. ඒ මිනිස්සුන්ට වංචා හොඳට තේරුං යනවා. ඒත් ඒවා පස්සෙ එලවං ගියාම අවසානෙ ඒවාට යන කාලෙ සල්ලි නිකංම නාස්ති වෙන නිසා තමයි  ඒ මිනිස්සු නිකං ඔහේ බලා ඉන්නෙ. සල්ලි කොල වලට තමුංගෙ අම්මා අප්පා පවා පාවදෙන මට්ටමට ගම් වල ඉන්න මිනිස්සු තාම පත්වෙලා නෑ..ඒ වගේම හොරෙක් උනත් ගෙදට්ට ආහම තේවතුර ඩිංගක් දිලා කතාබහ කරලා යවන එක තමයි ගැමි කම කියන්නෙ. ඒත් ඔයි සමාර එන් ජී ඕ මහත්තයාල හිතනවා ඇති...අපි අරුංව මෝර කරලා ගතමන්ට් එක ගත්තට පස්සෙත් මේ යක්කු අපිට තාම තේ වතුර දෙනවා කියලා..
අපි රෑට නවතින්න තෝරගත්තෙ ගල් තලාවක්.බොහෝ දුරට සිඳීගිය දොලපාරක් මත තිබුන තඩි ගල් ගෙඩියක සමතල පෘෂ්ඨය අපේ තාවකාලික රාත්‍රී වාසය බවට පත් වුනා. මෙතන පහල හිටියා මී හරක් තඩියෙක්. ඌ ටිකක් අනින සුලු රලු එකෙක් කියලා තමයි මී හරකාගේ සුවදුක් බලන්ට ආපු අයියා කිව්වෙ. සාමාන්‍ය න්‍යායන් අනුව සිඳීයමින් තියෙන දොළපාරවල් අසල නවාතැන් ගැන්ම සුදුසු නෑ. මන්ද රාත්‍රි කාලේ දිය සොයා එන අතුරුදායක සතුන්ට අප ගොදුරු විය හැකි නිසා. අතුරුදායක සතුන් කියා සාමාන්‍යයෙන් මේ ඒරියා එකේනං ඉන්නෙ සර්පයො විතරයි. මොකද මේ දොලපාර තිබුනෙ කැලෑවෙ නෙමෙයි ගම මැද හරියෙන්. කෝකටත් කියලා අපි ගිනිගොඩක් ගහ ගත්තා.

 ඒ අතර වෙලාවක සම්බෝල, සැමන් සහ හුන්නස්ගිරියෙන් උනුවෙන් ගතපු ඒ වෙලේ නිවිලා තිබුන පාන් කඩ කඩ අනුභව කරලා දැම්මා. අපේ වෙල් ප්ලෑනින් කොච්චරක්ද කියනවා නං අඩු තරමේ පිහියක් වත් අපි ගෙනහිල්ලා තිබුනෙ නෑ. හොඳ වෙලාවට සැමන් ටින් එක අර කඩන්න ලේසි විදියට මුද්දක් එක්ක තිබුනෙ. බොන්න තිබුනෙ 7අප් තමයි. වතුර තරං ඔය ස්ප්‍රයිට් 7අප් දිරවන්නෙ නෑ. ඒත් ඉතිං බොන වතුර හොයං තව රුපියල් දොලහක බස් එකේ යන දුර විතර තිබුනා යන්න. ඒ නිසා හතප් බීලා නිකා උන්නා.
මේ තියෙන්නෙ අපි ගහගත්ත ගිනිගොඩ. අපි කලිං දවල් එලිය තියෙන වෙලාවෙ දර කෝටු එකතුකරගෙන තිබුනා. වතුර තියෙන කාලෙ දොල දිගේ පාවෙලා ආපු ටිකක් විසාල කොට කෑලි දෙකකුත් අපි එකතු කරගත්තා. දර කෝටු සහ දරනං අපිට ඒ තරම්ම අපාසුවකින් තොරව සපයාගන්න පුලුවන් උනා. අමාරුවෙන් කඩදාසි කොළ පත්තු කරලා ගිනිකූරු හත අටක්ම නාස්ති කරලා යාන්තං ගිනිගොඩ අවුලා ගත්තා..මඳක් විසල් කොට කිහිපයක් තිබු බැවින් එලිවෙන තුරුම ගිනිගොඩ දැල්වි තිබුනා. 
මේ තියෙන්නෙ රෑ බයංකර වෙලාවට දොලපාරෙ දර්ශනයක්. එතැන වාඩිවෙනකොට ම වාගේ අපිට අයියා කෙනෙක් හමු වුනා..එයා තමයි මම හිතන්නෙ පහල බැඳලා උන්න මී හරකාගේ අයිතිකාරයා. ඉතිං මේ මී හරකා බොහොම ඉක්මනට තරහා යන එකෙක් කියලා ඒ අයියා කිව්වා. සමහර විට බොරු වෙන්නත් ඇති. අපි රෑ නැගිටලා හරකා මරං කයි කියලා හිතුවාද දන් නෑ. ඒ මනුස්සය තුන් පාරක් අපි ඉන්න තැනට ආවා. අලුත් අය ගැන සැක හිතිලා විස්තර හොයනවාද දන් නෑනේ. තුංවෙනි පාර ආවේ අපි ගිනිගොඩ ගහලා නිදාගන්න ඔන්න මෙන්න තියෙනකොට. ඈතින් එන ටෝච් එලියට අපි ටිකක් බය උනා. කියන්න බෑනෙ රෑ ඇවිත් ආයුධ පෙන්නාල හෙම අපේ සල්ලි ක්‍රෙඩිට් කාඩ් හෙම ගෙනියෑවොත් හෙම..  එයා ඇවිත් ටික වෙලාවක් කයි ගගහ හිටියා තුන් පාරම. මං හිතන්නෙ මිනිහා හිතන්න ඇති අපි අරක්කු බියර් බොන්න හදනවා කියලා. අරක්කු ටිකක් අරං ආවනං මිනිහටත් සොට් එකක් දීල බොන්න තිබුනා. ඒත් පෝය දවස නිසා අරක්කු අපි එක්ක ඇවිත් තිබුනේ නෑ. 
අයියා ඇවිත් ඒ බොහෝදුරට දිය සිඳී ගොස් තිබු දොල පාරෙ පොඩි වලකට ඇවිත් බොහොම පරිස්සමට දිය කලත්වන්නෙ නැතුව ඇඟපත හෝදාගත්තා. ඒ අපි ඉඳපු තැනට පෙනෙන නොපෙනෙන දුරකින් ඉඳං තමයි.

මිනිහා පස්ට කයි කාරයෙක් වගේම ටිකක් දැනුං තේරුං තියෙන කෙනෙක්. මට පස්නයක් තිබුනා මේ මීහරක්මද කුලු මීමො කියන්නෙ කියලා දැනගන්න 

අයියෙ මේ ජාතියෙ උන්මද කැලේ ඉන්නෙ..? 
" ඔව් කැලේ ඉන්න ජාතියෙ උන් සැරයි. උං අල්ලන්න බෑ. කැලෑ වැදිලා. මූත් ටිකක් සැර වැඩියි..මේ පාර වැඩ කරලා මූ ගිහිං දානවා කැලේට. සමහර උන් අල්ලන්න බෑ සැරයි. සමහර උන් ඇල්ලුවත් ආම්බාන් කරන්න බෑ...ඉතිං අපි ඔය ටිකක් හීල වගේ ඒවුන් තමයි අල්ලගන්නෙ. එතකොට කැලේ හැමදාම සැර මීවො ටික ඉතුරු වෙනවා. එ සැර මීමොම හැමදාම ඉන්න නිසා උනුයි මුනුයි වෙනස්..හැමදාම ඒ කැලෑ මීමොන්ට කරදර කරන්නෙ මනුස්සයො නේ. ඒ නිසා මනුස්සයෙක් පේන්න බෑ උන්ට.. පන්නනව හැටට හැටේ. මේ කඳු හෙල්ය කියලා නෑ මීමො ඉන්නවා. " කියලා කිව්වා

මේ දිහාට වැහැලා නෑනෙ ගොඩ කාලෙයක් කුඹුරු පාලුවෙලා වගේ පේන්නෙ? ඒ මමය
" හුම්. දැන් මේ පස්වෙනි නැත්තං හයවෙනි මාසෙ යන්නෙ හරිහමං වරුසාවක් නැතුව. වලාකුල් ඇවිත් පහත්වෙන්න නැතුව හුලගට ගහං යනවා. හුලං අල්ලනවනේ සැරට. ගොයිතැන් තිබුනාට ඒ තරං හරියෑමක් නෑ. කොහෙද මේ අපේ ගොයියලා ලෙඩහැදෙයි කියලා පහු වෙනවා නේ. වැස්ස පටන් ගත්ත ගමන්ම වැපිරුවාම ලෙඩ වැඩියි කියලා පහු වෙලා තමයි වපුරන්නෙ.. එතකොට ඉතිං ටික කලක් ගිහිල්ලා වතුර නැතිවුනාම කුඹුරු පාලු වෙලා යනවා. හොඳටම වැස්ස කාලෙක ඇරෙන්න ඔක්කොම කුඹුරු කරන්න නං ලැබෙන්නෙ නෑ.."

ඇතින් පේන ලයිට් කනුවක් පෙන්නා...ලයිට් නං ඇවිත් නේ යැයි මා කීමි..
" කණු දාල ගොඩක් කල් ගියා වයර් අදින්න. සමහර විට ඊළඟ චන්දෙ වෙයි වෑර් වල ලයිට් යනකොට. පහුගිය දවසෙ ස්වර්ණවාහිනියෙ පෙන්නුව නේ අපේ පාර. අපේ ගොයියලත් ඉතිං ඔන්න ඔහෙ හිතේ හැටියට බැන්න. මං හිතන්නෙ මේ පාරනං තරහටත් එක්ක හදන එකක්ම නැද්ද දන්නෙත් නෑ..සල්ලි පාස්වෙලා කියලා කතාවක් තියෙනවා..චන්ද කාලෙටනං ඩෝසරය්ක ඇවිත් වැඩකරනවා පාරෙ."
මේ පැත්තකින් ගිනිගොඩේ කෑල්ලක් පේනවා. උදේ වෙනකොට ඉතිරි වෙල තිබුනෙ දර පතුරු කීපයක් විතරයි. ලොකු කොට තඩියක් නං පත්තු වෙවී තිබුනා. අපි ඇලවුනාට නින්ද නං ආවෙ නෑ රාත්තිරියෙ. මොකද පොද වැහි හත අටක්ම ආපු නිසා. වලාකුලු ඇවිත් පොද වැස්සක් දාල ආයෙත් ආවට වැඩිය වේගෙන් හුලඟට ගහගෙන ගියා අපි දැක්කා. ඔන්න එක වෙලාවක ටිකක් තදින් වහින්න වගේ පොද වැහි එහෙන් මෙහෙන් එනවා. අපේ ඇඟටත් වතුර බිංදු වැටෙන්න ගත්තා. හත්තලාමයි දැං තෙමෙන්න තමයි වෙන්නෙ... කුඩාරමක් සෙට් කරගන්න ඕනි නැත්තං ගෙයක් සෙට් කරගන්න ඕනි ඒ දෙකම නැතුව මොන උලව්වට ගල උඩ නිදාගන්න තෝරගත්තද දන්නැ කියලා ඒ වෙලාවෙ හිතුනා.

මං ඇහැරුනා..ගිනිගොඩෙත් ලොකු කොට දෙක තුනක් පත්තුවෙනවා පෙනුනා. හඳ එලිය ඇවිත් පලාතම එලියයි. මං හිතුවා ඒකාන්තයෙන්ම එලිවේගෙන එනවා වෙන්න ඇති කියලා. ඉක්මනට අනික් බුවාල දෙකට අවදි කලා. මචං දැන් එලිවෙලා වගේ..දැං මේ පොදක් එනවා..තව ටිකකින් සැරට වහී...අපි යමුද අර කඩේටවත් කියලා ඇහුවා...ඒ කියන අතරෙ මං දමං හිටපු බෙඩ් ෂීට් එකයි තව තිබුන අඩුම කුඩුම ටිකයි මල්ලට දාගත්තා. ඒක දැකපු අනික් බඩු දෙකත් රෙදි පෙරෙදි අනං මනං මල්ලට දා ගත්තා. ඒ අතරෙ මං කිව්වා " කුකුලෙක් වත් සද්දෙ දාන්නෙ නෑනෙ බං" කියලා..එකෙක් කිව්වා මතකයි ගමේ උඹ වගේ කුකුල්ලු නැතිව ඇති බං කියලා. ඉතිං බඩු සැට් එක අකුලං සෙරෙප්පු හොයං යන්න ලෑස්ති වෙලා නිකමට වගේ වෙලාව බලන්න ඕනි කියලා අනික් දෙන්නා සැරසුනා.. මං ඒත් කිව්වා ඕනි නෑ බං මොන වෙලාවද දැං නං හය විතර වෙලා ඇති කියලා...

කෝකටත් කියලා පෝන් එක ඇදලා ඔන් කරලා වෙලාව බැලුවා. වෙලාව පාන්දර 1:50යි. ඒ කියන්නෙ කස්ටිය එලි වෙලා කියලා නැගිටලා තියෙන්නෙ මහ රෑ 1:50ට.ඒකෙ වෙලාව වැරදි ඇති කියලා මාත් ඔන් කරලා වෙලාව බැලුවා. කතාව ඇත්ත. ආයෙත් ඉතිං තුන්දෙනා එක්කම සැපට හිනාවෙලා ගිනිගොඩට ආයෙත් දර ටිකක් දැම්මා. ඒ එක්කම වගේ අර වැහැගෙන ආපු වැහි කෝඩෙ ටිකක් ඈතට ගියා. ගල උඩ ටිකක් තෙමිලා වගේත් තිබුනා පොද වැස්සට ඒත් ගිනිගොඩ ගහලා විනාඩි දහයක පහලවක පොඩි කයියක් ගහනකොට වේලිලා ආව ගල උඩ..ලෙසටම.. ඉන් පස්සෙ ඔලුවෙ ඉදලා පොරවගෙන ගිනි ගොඩට කිස්ටුවෙන්ම තුං දෙනාම නිදා ගත්තා. ඕන් හයහමාරට  විතර මට ඇහැරුනා..ඒ වෙලේ නං ඇත්තම ඉර එලිය වැටිලා තිබුනා. කුරුල්ලොත් කෑ ගහනවා ඇහුනා. එතකොට තමයි මතක් උනේ අපි එලිවෙලා කියලා කලිං සීට් අනං මනං අකුලන වෙලාවෙ එකකුරුල්ලෙක් වත් සද්ද කලේ නැ කියලා..

Tuesday, September 4, 2012

නුවර සිට මීමුරේට (Kandy to Meemure)

අපි මීමුරේ ගියේ පාරෙ බස් එකේ. කලිං මගේ යාලුවෙක් වාහනයක් අරගෙන එන්ට පුලුවනිය කියලා පොර වදන් දුන්නාට හදිසි දානයක් යෙදීම නිසා ඒ වාහනයක යන වැඩය කරගන්න බැරි වුනා. අපි සෙට්වුනේ නුවරදි. නුවර ඉඳලා උදේ 10ට විතර අපි මහියංගන බස් එකකට නැංගා. නැගලා අපි හුන්නස්ගිරියෙන් බැස්සා. හුන්නස්ගිරියට යනකල් අපි ඉතිං පොඩි කයි කෑල්ලක් ගහගෙන ගියා. අපරාදෙ කියන්න බෑ මහියංගන නුවර පාර අපේ ආන්ඩුවෙන් හොඳට හදලා තියෙනවා. මග නග්ගලා ලෙසටම. ඉතිං ඒ අතර ඔය කතාව කිව්හම එක පොරක් කියනවා පාර හැදුවාට මොකද මහින්ද මහත්තයා වංගුවකුත් ගහලා නේ කියලා. කලිං දහඅටයි දැන් දාහතයි. ඒත් බිල් තියෙන් ඇති දහ නවයකට විතර. මටත් මේ කතාව මීටර් වුනේ තත්පර කීපයක් ගිහින්. මිනිහා කියන්නෙ මහින්ද මහත්තයා මහියංගන පාර හදනකොට දහඅට වංගුවෙන් වංගුවක්ම අයථා ලෙස ගසාකාපු අදහසක්. ඉතිං අපිට ඒකට හිනාත් ගියා..
මේ ඉන්නෙ හුන්නස්ගිරි කඩමන්ඩියේදි හමුවුන අයියා කෙනෙක්. මාත් ඉතිං අතබනුව අරං ඒක අමෝරාගෙන වන වන ඡයාරූප ගනිද්දි අයියා එනවා ඉස්සරහින්. මල්ලි මාත් ගන්න ඈ කියලා පොර හිනාවෙලා ගියා. ඉතිං මං ඒ අයියාගේ පොටෝවකුත් ගත්තා.
මේ තියෙන්නෙ හුන්නස්ගිරි ටවුමෙ දර්ශනයක්. අපි හුන්නස්ගිරියෙන් බැහැලා මීමුරේ බස් එක හෙව්වා. කලිං හමු උනේ කයිකාවල වෑන් එක. ඒක මීමුරේටම යන්නෙ නැතිලු. පස්සෙ ඉතිං එතකොට තව වෙලාවත් ඉතිරි වෙලා තියෙන එකේ කඩේකින් බඩට කෑම ටිකක් දාගත්තා. පස්සෙ මීමුරේට යන වෑන් එක වෙන තැනක නවත්තලා තිබුනා. අපි එතෙන්ට ගිහිං වෑන් එකේ නැග්ගා. අපි ගියේ පෝය දවසෙ නිසා සෙනඟ නැ වෑන් එකේ. ඒ රූට් වැන් කියන පරණ වෑන් ජාතියෙ එක ආසනයක මිනිස්සු හය හත් දෙනෙක් දානවාලු සෙනඟ වැඩි දවසට. ඉතිං ඒ මීමුරේ ඉන්න ජනතාවට තියෙන එකම වාහෙනේ තමයි මේක. දවසට එක පාරයි යන්නෙ. එකහමාර තමයි පිටත් වෙන්න තියෙන්නෙ. අපි ඉතිං පැය බාගයක් විතර ඒක ඇතුලෙ වාඩි වෙලා උන්නා.

ඒ අතර අපි කෑම බීම ටිකකුත් ගත්තා..
ඉන් පස්සෙ මීමුරේට යන්න පටන් ගත්තා. ඉල ඇදෙන වංගු තමයි ඒ පාරෙ තියෙන්නෙ. ඔය අස්සෙ ඉතිං පිංතූර ගන්න කැමරා පෝන් එක මෑනුවත් හරියට පිංතූර ගන්න බැරි වුනා. ගොඩක් ඒවා අඳුරු වුනා. මේ පාර කලෙක්ෂන් එකේ. මීමුරේට හුන්නස්ගිරි ඉඳලා යනකොට කිලෝමීටර තිහකට වඩා තියෙනවා මුලු දුර. ඒත් එයින් බාගයක්ම වගේ තේ වතු තමයි තියෙන්නෙ. තේ වතු වල වැඩකරන දෙමළ ජනතාවත් මේ වෑන් එකේම යනවා සමහර වෙලාවට.
මේ වෑන් එක පැයක් හමාරක් ගිය තැන ලූල්වත්ත කියෙන තැනට ආවා. ඇවිත් එතන නැවැත්තුවා. අපේ වෑන් එකේ ගියෙ ගොඩක් අය තරමක් හතලිහක් පනහක් වයස වෙන උදවිය. තව ගෑනුලමයි දෙන්නකුත් හිටියා. කට්ටිය හෙමීට බැහැලා ගිහින් තේ වතුර බොනවා. කඩෙන් ආප්ප කනවා රොටි කනවා. අපේ පැත්තෙ නං පැයක් හමාරක් ගියාම වාහන තේබොන්න නවත්වන්නෙ නෑනෙ. ඒත් මේ ගමේ අයට ඒ තරං හදිස්සියක් නෑ. කොහොම හරි යන්තං හැන්ද වෙනකොට ගමට ගියාම ඇති. නැවතිලා කයියක් ගහන ගමං රොටියක් කාල තේ වතුර ටිකක් බීල කාරිය තමයි යන්නෙ. සමහර විට ඒ කඳු අතර වලවල් ගොඩේ කැඩිච්චි පාරේ අමාරුවෙන් රථය ගෙනියන රියදුරු මහත්තයාට විවේකයක් ඕනි ඇති අපිට නිකං වාඩිවෙලා ඉන්නත් අමාරු එකේ.

ඉතිං මෙතන තිබුනා කොච්චි සම්බෝලයක් සහ රොටි හෝ ආප්ප. මං කඩේට ගිහිං මොනවා ගන්නවාද කියලා කල්පනා කර කර ඉද්දි අපේ වැන් එකේ ආව ගෑල්ලමයි දෙන්නා රොටි දෙකක් අරගෙන ඒක මැදට අර කොච්චි සම්බෝල දාගෙන සැන්ඩ්විච් එක වගේ හදගෙන ගියා වෑන් එක ඇතුලෙම තියං කන්න. ඉතිං මාත් ආප්ප දෙකක් ඉල්ලුවා කඩේ හිටපු මුදලාලි මහත්තයෙගන් මුදලාලි මහත්තයා ආප්ප දෙක අරං අර කොච්චි සම්බෝල සුට්ටක් විතර දාල මහත්තය මදිනං දාගන්න කියලා කිවුවා. අර ගෑල්ලමයි දෙන්නා රොටි කන්න ගොඩක් කොච්චි සම්බෝල ගන්නවා දැක්ක නිසාත් හැහ් මට බැරි මොකෝ කියන මහන්තත්වය නිසාත් මා තවත් කොච්චි සම්බෝල හැන්දක් දාගෙන ආප්ප දෙක කන් පටන් ගත්තා.

ආප්ප කාලා ඉවර වෙනතෙක් එහෙං මෙහෙන් යාන්තං දැවිල්ල ආවා. කාල ඉවර වුනාම තමයි රගේ තේරුනේ. තුම් මුනින් රැස් පිටවෙනවා. කඳුලු ගලනවා. සොටු දියර එනවා. කවද කාපු කොච්චිද. මං හිතන්නෙ අපි කන කොච්චි වලට වඩා සැරයි වෙන් ඇති අනික මේ කොච්චි තැපෑලෙන් වදින්නෙ. එක දෙමල අයියා කෙනෙක් කිව්වා. මල්ලි අපිටනං මේ තියෙන සීතල ගතියකට කොච්චි නැතුව බෑ වගේ සැර නැතුව කන්න බෑ කියලා. එයාලට සීතල නිසා සැර වැඩිය දැනෙන්න නැතුව ඇති. නොදන්න බම්බු වැඩිපුර දාගෙන කන්න ගිහිං මං එතනින් යස පාඩමක් ඉගෙන ගත්තා. මාත් එක්ක ගියෙ අනික් පුතාල දෙන්නා පොස් කම පෙන්වන්න වෙන් ඇති බබාල වගේ වෑන් එක ඇතුලෙ හිටියා. මං හිතන්නෙ උන් දෙන්නා හුන්නස්ගිරියෙන් ගත්ත පේර ගෙඩියකට වග කියන් ඇති.

මේ අපේ කැමරා වලට මී මුරේ යන අතරමග හමුවුන දර්ශන කීපයක්. මේ නකල්ස් වලට මායිම් කැලෑ වල කාලයක් එන්සාල් වගාව කෙරිලා තියෙනවා. දැන් එන්සාල් වගාව අතහැරිලා. අපිට මුලු ගමන පුරාවට මීමුරේට ගිහිං එන වෑන් විස්සක් තිහක් විතර හමු වුනා. ගොඩක් වෑන් රියදුරන් අයින් කරන්න හෙම බයයි. ඒත් අපේ පළපුරුදු රියදුරු මහත්තයා නං කිසි දේකට සැලෙන්නෙ නැතුව කිසි ආයාසයකින් තොරව පැදවීම සිදුකලා. යන අතරෙ රිලව් සෙට් එකක් හමුවුනා. අන්න පිංතූර ගන්න යාලුවො ටිකක් ඉන්නවා යැයි. වෑන් රියෙ ගිය අපි එක්ක ටිකක් කතා බහ කරපු අංකල් කෙනෙක් කිව්වා. අපි ඉතිං මලු වලිං කැමර් අරං ලෑස්ති වෙනකොට රිලවු පහුවෙලා ගොඩක් දුර ගිහිං ඉවරයි. 
අපි යන මග දිගට එහෙං මෙහෙන් වැහි බීරානියක් වගේ තිබුනා. ඒත් වැස්සෙ නම් නැහැ. 
කොහොමින් හරි අප ටිකෙන් ටික කයිකවලට කිස්ටු වුනා. කයිකාවල හන්දියෙ තියෙනවා දොලපාරක්. ඒකෙ නම් ටිකක් වතුර තිබුනා. ඒ පැත්තෙම වතුර හිඟයි මේ දවස්වල. ඒ නිසා වන්දනා නඩ කීපයක්ම එතනින් නානවා දැක්කා. ඒ ළඟ හිටියා ලස්සනට බෙල්ලට ලනුවක් දාපු මී හරක් තඩියෙක්. මී හරක් තඩියා අපේ වැන් එක යනකොට ඔලුව වැනුවා. මං අපේ අර අංකල් පිට් එකට මී හරකා පෙන්නලා කිව්වා ආන්න ඔයාගෙ යාලුවෙක්ද කොහෙද ඔලුව වනනවා කියලා. මිනිහා ටිකක් මගෙ පැත්ත හැරිලා ඉස්සරහ සීට් එකේ තඩි කලු දෙමල මනුස්සෙයෙක් පෙන්නලා මාත් එක්කනං නෙමෙයි ආන්න අර උන්දැගෙ යාලුවෙක් වෙන්න ඇති කියලා රහාසින් කිව්වා. පොරත් පස්ට ආතල් තමයි දුන්නෙ ගමන පුරාවටම. 

අපි මීමුරේට ගිහිං කලිං බ්ලොග් එකක තිබුනා වගේ පංසල ටෝක් කරන්න ගියා. එදා පෝය දවස වුනාට මොකද පංසලේ කවුරුත්ම නෑ. අඩුතරමෙ මලක් පහනක් වත් දැක්කෙ නෑ. වටින් ගොඩින් ආරංචි කරලා බලනකොට පංසලේ හාමුදුරුවො මයියංගනේට වැඩලා පෙරහැරක් තියෙන නිසා. අහෝ ඛේදයකි. තිතකි ඉරකි මල් වැලකි. දැන් ඉතිං මොකෑ කරන්නෙ. අපි ඉතිං ඒ අහල පහල කඩේකින් තව බඩු ටිකක් අරං ගම දිගේ ඉස්සරහට ඇදුනා..