හලාල් කේස් එකෙන් පස්සෙ යට ගිහින් තිබුන ආගමික ප්‍රෙබා්ධය යලිත් ඇතිවෙලා. අලුත්ගම සිද්දියෙන් හරිම සතුටුයි හැමෝටම. පිටින් පෙන්නුවෙ නැතිවුනාට පිටින් දුක් වුනාට කුමක් හෝ විශාල ආගමික ගැටුමක් කියන්නෙ පට්ටම විනෝදයක්. අයියෝ කියල දුක්වුනාට ඒකත් ආතල් එකක්. ගූ ගොඩක් දැක්කම ඇතිවෙන හැඟීමත් රසයක් විදියට කලාවෙ මූලිකාංග වල දැක්වෙනවා. කිසිම ආගමක් වැඩක් නැහැ කියන මතයේ ඉන්න මම ඇතුලු පිරිසටත් ටිකක් අමුතු ගතියක් හිතට ඇවිත්. මොකද අපේ මතේටත් හරියන සරුබිමක් හමුවෙලා නේ තියෙන්නෙ. හරියට මහ වැස්සෙන් පස්සෙ වල් ගස් මල් ගස් කෙහෙල් ගස් කොන්ඩ ගස් ආදී හැම ගහටම ජීවයක් එනවා වගේ.
එකපාර ආගම් අතුරුදහන් වුනොත් ?
මොහාතකට හිතන්න ලංකාවෙ තියෙන පංසල් පල්ලි සාදුලා, ලෙබ්බෙලා, පූසාරිලා,දේවගැතියලා,ෆාදර්ලා, ආගමික නායකයෝ ඕක්කොම එකම ක්ෂණයකින් අතුරුදහන් වෙලා යනවා. එහෙම වුනොත් සමාජයට මොකක් වෙයිද? බොහෝ ආගමික නායකයින් සහ බහුතරය හිතන විදියට එතකොට මාරම දෙයක් වෙලා සමාජයේ අපරාද විනාසකාරී දේවල් වැඩිවෙනවා. ඒක හිතාගන්න බැරිතරම් විනාසයක්. ඒ වගේ තත්වයකදි අපරාද භීෂන ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගැන කියල නිමකරන්න බැහැ.
නලින්ද සිල්වා මහාචාර්යතුමා වරක් අහනව, මුලු ලෝකෙම ආර්ථික විද්‍යාව ඉගැන්වීම අවුරුදු පහකට නතර කලොත් ලෝකෙ මොන විදියට වෙනස් වෙයි ද කියලා. රසායන විද්‍යාව,භෞතික විද්‍යාව සම්බන්ධ කෙලින්ම ජීවිතයට බලපාන කරුනු තිබුනත් ආර්ථික විද්‍යාව කියන්නෙ පවතින දේවල් විග්රහ කරන විශයක්. ඒක නැතිවුනා කියල ලොකු දෙයක් වෙන්න බැහැ කියලයි මහාචාර්ය තුමා ලිපියකදි කියලා තිබුනෙ. නලින් ද සිල්වා කොයි තරම් බයිල කිව්වත් එයාගේ සමහර කාරනා වටිනවා. ඒ ආර්ථික විද්‍යාව නැතිවීම බලපාන ආකාරය විග්රහ කිරීම ලක්ෂණ කතාවක්.
ලෝකෙ ආගම් ඇදහීම් අඩුවෙන් තිබෙන රටවල් අනික් රටවල් වලට වඩා සාමකාමීයි. අපරාධ ආදිය අඩුයි. හැමෝම දැන් බෞද්ධ ආගම චෝයි ඒකෙනම් කිසි වරදක් නැහ කියනවා. නමුත් බෞද්ධ රටවල් විදියට හැඳින්වෙන, තායිලන්තය, කාම්බෝජය,මියන්මාරය,ශ්‍රී ලංකාව ආදී රටවල් ඇත්තටම සුපිරියිද? අනික් රටවල් වලටත් ආදර්ශ ගත හැකි මට්ටමක තියෙද? නැහැ නෙව. සමාරු කියනවා ඒක අදහන මිනිස්සුන්ගේ වරදක් කියලා. ඉතිං එහෙම වරදක් වුනත් ඒක හදාගන්න ආගමික ඒජන්තවරුන් හෙවත් පූජ්‍ය පක්ෂය සමත් වෙන්න එපායැ. ආගම් වැඩිපුර අදහන ආගමික රටවල් හිතන තරම් සාමකාමි සහ නිකලැල් නැහැ. ඊට වඩා ආගම් පයිසෙට ගන්න නොගන්නා රටවල් දියුනුයි. ආකල්ප,සමාජිය පැවතුම් වගේම ආර්ථික අතිනුත් ඒ රටවල් දියුනුයි.
නාකි වුනොත් ඔයා සංවර වෙන්න ඕනි..
එෆ් එම් ස්ටයිල් එකට ගත්තොත්. “දැන් ඔයා දරුවන් ඉන්න තාත්තෙක් සමාරවට ඔයාට තව ටික දවසකින් සීයෙක් වෙන්නත් ලැබෙනවා.මේ වෙනකොට ඔයාට සීයෙක් වෙන්න වාසනාවට ලැබිලත් ඇති. ඉතිං දැන් ඔයා ඉස්සර වගේ කොල්ල හෝ කෙල්ල විදියට ඉන්න බැහැ. ඔයා දැන් ටිකක් චාම් වෙන්න ඕනි. ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනි. බොහොම සංවර වෙන්න ඕනි. සිංදු අහල, ෆිල්ම් බලල, ට්‍රිප් ගිහින්, ලව් කතා කියවල ගත්ත ආතල් දැන් ඔයාට හරියන් නැහැ. “ ආදී වශයෙන් වැඩිහිටියා සංවර විය යුතු ආාකාරය සමාජය විසින් නියම කරනවා. අපේ වැඩිහිටියො ඉන් පස්සෙ බොහොම සංවර වෙන්න හදනවා. හරිම නිවුන අය විදියට ඇඩ් දාන්න ලෑස්ති වෙනවා. සමාරවිට අසාර්ථකයි. නමුත් ජීවිතේ අර පොතේ තියෙන විදියට සමාජය කියන විදියට කූඩුව ගහගෙන ආගමික පැත්තට හේත්තුවෙන්න කියලා තමයි පිටින් ඉන්න අයගේ බලපෑම එන්නෙ.
ඒ නිසා අපිට අද බීච් එකකට ගියාට ලව් කරන නාකි කපල් දකින්න අමාරුයි. ෆිල්ම් හෝල් වල පෝලිම් වල නාකි කපල් දකින්න බැහැ. ඒ වගේම විනෝද සැනකෙලි මියුසිකල් ෂෝ වලත් නාකි අය අඩුයි. හැබැයි මහින්ද රාජපක්ෂ අමතන රැස්වීම් වලයි පංසල් පල්ලි, කෝවිල් වලයි නම් නාකි අය වැහි වැහැලා. මහින්ද රාජපක්ෂ අමතන පොදු අවස්ථාවක (ඉන්විටේෂන් රහිත) ඕඩියන්ස් එක දිහා බැලුවොත් ඉන්න වයසක උන්දලා රෑනක් ඔයාලට ලේසියෙන්ම මීටර් කරගන්න හැකියාව තිබෙනවා. සමාරවිට එතුමාගේ ඇමතීම තුල ජාතිය ආගම රට යන සාධක ගැන ඇතිකරන හැඟීම බලවත් නිසාත් එතුමාගේ තිබෙන කඩවසම් පෙනුම නිසාත් එහෙම නාකි පිරිස රැස්වීම් වල වැඩි වෙනවා ඇති.
ආගම සියලු ආතල් සැපයීම..
මේ ළඟදි අපේ තාත්තට කතා කරනවා තරුණ යමක් කමක් තියෙන තැනක නෑයෙක් සිල් ගන්න. නමුත් අපේ තාත්ත සිල් ගන්න යන්නෙ නැහැ. අර තරුණ පුද්ගලයා නිතරම සිල් ගන්න පංසල් යන අයෙක්. ඔහු විශ්වාස කරනවා තාත්තා සිල් ගැනීම හොදයි කියලා..අපේ තාත්ත මැරුනම කොහේ යාවිද කියන පස්නෙ අපේ තාත්තටත් වැඩිය අර උන්දැට තියෙනවා. සමාරවිට උන්දැට ඇතිවෙච්චි බිය අපේ තාත්තටත් බෝ කරන්න හදනෝ වෙන්න ඇති.
වයසක කස්ටිය කෝමත් පංසල් පල්ලි බදු අරං ඉන්නවා නේ. අපි බලමු තරුණ අය දිහා. බොහෝ ලාංකික තරුණ තරුනියන්ගෙන් නිකමට විනෝදාංශ මොනවද කියලා ඇහුවොත්? ලැබෙන උත්තර මොනවද? ටෙලි නාට්ටි බැලීම,මල් වැවීම,පොත් බැලීම, විනෝද සවාරි යෑම, පාටි වලට යෑම, ඉඳහිට ක්‍රිකට් මැච් බැලීම, චිත්‍රපටි බැලීම වගේ දේවල් වලට කොටු වෙලා. නමුත් ඇත්තම තත්වය ගත්තොත් ඕ කියන විනෝදාංශ වල පවා කාලෙකින් ඒ අය නිරත වෙලා නැහැ. රැකියාවට යන එන ආයෙත් ගෙදර ඇවිත් ගෙදර වැඩ කරනඑක, ටෙලි බලන එක, පෝර්ති බලන එක, මැච් එක දවසට ඒක දිහා කට ඇරගෙන බලාගෙන සිටීම වගේ ඒකාකාරී ජිවන රටාවක් බොහෝ දෙනාට තිබෙනවා. ඒක වෙනස් කරගන්න ඕනි කියලත් අදහසක් ගොඩක් අයට නැහැ.
ලාංකික තරුණ පරපුරේ එක්තරා කොටසක් ජීවිතයෙන් තෘප්ත වෙනවා කාලයකදි. එයාල ගෙවල් දොරවල්, යාන වාහන, ළමයි ආදිය අරගෙන ස්තාවර වෙනවා. සල්ලි කාරයො පිටිපස්සෙ ඉන්ෂුවරන්ස් කාරයොය් ක්‍රෙඩිට් කාඩ් ඒජන්තයොය් පන්නනවා හා සමානවම ආගමික පාර්ශවකාරයොත් පන්නනවා. ඉන් පස්සෙ බොහෝවිට අර මුදල් තියෙන තරුණ විය පසුකරන මනුස්සයා ආගමට ලැදි වෙනවා. බෞද්ධ නම් අලුත් අසපුවකට අලුත් ස්වාමින් වහන්සේ කෙනෙකුට සෙට් වෙනවා. පල්ලි හෝ කෝවිල් නම් ඒවයි ගිහින් පැලපදියම් වෙලා වැඩ කරනවා. දැන් එයාල මෙලොව ජීවත් වෙලා ඉවරයි. යන තැනකට වැඩ සිද්ද කරගන ඉන්න තමයි උත්සාහ ගන්නෙ. මේ අපේ රටේ මිනිස්සු හුරුවෙලා තියෙන ක්‍රමය. පංසල්,පල්ලි,කෝවිල් නැතුව සමාරුන්ට ජීවිතේ ඉදිරිය ගැන හිතන්නවත් බැහැ.
සමාජයේ මැදිවියේ ඉන්න යමක් කමක් තියෙන හෝ නැති බහුතර ජනයා මේ විදියට ආගමට ඇලිලා. සමහරු පන්සල් පල්ලි හෝ අසපු නොගියාට සිතින් පොතින් පතින් ආගම එක්ක නැඹුරු වෙලා. දැනට ලංකාවෙ නවකතා පොත් වලට වඩා ආගමික පොත පත විකිනෙනවා. මම හිතන්නෙ සුජීව ප්‍රසන්නගේ පොත් වලටත් වඩා මේ කාලෙ අසපු ස්වාමින් වහන්සේලාගේ ධර්මය ජනප්‍රියයි. සිංදුවක් අහලා ආතල් එකක් අරගන්න හුරුවන අය අම්මා කවිබණ අහන්න පටන් අරං. සමහරු අලුත් තාලවලට කියන ගාථා අහන්න පටන් අරන්.
සීරුවෙන් බැලුවොත් ආගම විසින් සියලු විනෝදයන්හි සාරය උරාගෙන අලුත් මාකට් එකක් හදාගෙන යනවා. ඒ වගේම එන්න එන්නම ඒ ශ්රාවකයින් ගාන වැඩිවෙනවා. අලුත් ලවු ස්ටෝරියක්, පොර ස්ටෝරියක් බලන්න හෝල් එකකට යන සෙනගට වඩා දළදාගමනය මහින්දාගමනය බලන්න යන සෙනග වැඩියි. මොකද මිනිස්සු ජීවිතේ හැමතිස්සෙම පින රැස්කරගන්න උත්සාහ කරනවා. ආදරයටත් වඩා ආගමික අංශයෙන් ලබන විනෝදය උසස් වෙලා. අද ෂෝට් ෆිල්ම් එකක් කරන්න, අලුත් පොතක් ගහන්න, බිස්නස් එකක් පටන් ගන්න, ආදි එකී මෙකී නොකී සියලු වැඩවලට වඩා හරිම ලේසියි සිවුරක් හෝ ලෝගුවක් දාගෙන අලුත් ධර්මයක් දෙසන්න ගන්න එක. නැත්තං ආගමික ප්‍රොඩක්ට් හදන එක. (අතීත කතා ඇතුලත් ෆිල්ම්, ඉතිහාසය සහ ආගම ඇතුලත් පොත්, )
මීට දශක දෙක තුනකට කලිං හිටපු සමාර සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ කරපු ලොකු නිර්මාණ තියෙනවා. ඒ කාලෙ මුස්ලිම්,දෙමළ ලොකු ව්‍යාපාරිකයෝත් පල්ලි කෝවිල් හදන්න ඇති. මේ අය කවර හෝ හේතුවකට එයාලගේ ලග තිබුන අතිරික්ත ධනය මේ ආගමික සිද්ධස්තාන සහ ආගමික කටයුතු වෙනුවෙන් යෙදෙව්වා. ඔවුන් අලුත් ව්‍යාපාර, අලුත් කර්මාන්ත, අලුත් කලා කෘති වෙනුවෙන් ආයෝජනය කරන්නෙ නැතුව අමාරුවෙන් හම්බකරගනිපු තුට්ටු දෙක පංසල් පල්ලි වල ගල් ගඩොල් සිමෙන්ති වෙනුවෙන් වියදම් කලා.
නිදහස ලබාගෙන අවුරුදු හැටක් ගත වෙනකොට ලංකා ආර්ථිකය තාමත් දුවන්නෙ ටී රබර් පොල්, ගෑනු සහ ඉතාම සුළු පරාසයක අපනයන ප්‍රමාණයකින්. එදා ඒ සල්ලි තියෙන මිනිස්සු මොලේ වෙහෙසලා අලුත් දේවල් හිතලා අලුත් කලා කෘති, අලුත් කර්මාන්ත, නව නිෂ්පාදන වෙනුවෙන් සල්ලි වියදං කලානම් අද වෙනකොට ලංකාව කියන්නෙ මාරම රටක්..