Saturday, January 23, 2016

ගගන සෝපානය Airlift 2016

1990 දී ඉරාකය කුවේටය ආක්‍රමණය කලා. සදාම් හුසේන් කුවේටය සැලකුවේ බටහිර ජාතින්ගේ බලල් අත යොමුවුන ස්ථානයක් විදියට. සදාම්ට කුවේටය තමුන්ගේ ප්‍රාන්ථයක් කරගන්න ඕනි වුනා. කුවේට යුද්ධය ගැන කියද්දි මම ඒ කාලෙ අහල තියෙනවා අපේ රටෙන් කුවේටය බලා ගිහින් එවකට සේවය කරපු සේවකයින් ගැන. කුවේට් වල ගෘහ සේවිකා සහ එවන් වෘත්තිය වල හිටපු ඇන්ටිලාටත් එකපාර ලංකාවට එන්න වුනා කුවේට යුද්ධය නිසා. ලංකාවෙන් ගිහින් යුද්දෙ වෙලාවෙ කුවේට් හිටපු කස්ටියට නම් පස්සෙ කාලෙක වන්දිත් ලොකුවට ලැබුනා. කුවේට ආක්‍රමණය ඒ සමයේ ලෝකයේ සිදුවෙච්චි ලෝකයම හොල්ලපු එක සිද්ධියක්.

එතනදි ඇමරිකාවේ ජනාධිපති වුනේ ජෝජ් ලොකු බුෂ්..පස්සෙන් පහු ජෝජ් පොඩි බුෂ් ඇවිත් ඉරාකය ම විනාස කරලම දැම්මා. කුවේටය ආක්‍රමනය කරන අවස්ථාව වෙනවිට ලෝකයම ඊට එරෙහි වුනා. මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක්  විතරයි සදාම් ට ඉතුරු වුනේ.

මගේ පුද්ගලික මතය අනුව සදාම් කියන්නෙ අයෝමය හස්තයක්. ඔහු හරි හෝ වැරදි වන්නට පුලුවනි. ඔහු මරපු එක සහ ඉරාකය ආක්‍රමනය කරපු එක ඇමරිකාව සහ බටහිර ජාතින් කරපු ලොකු වැරැද්දක්. අනෙක් රටවල ගැටලු වලට වාසි තකා අතදාගන්න ගිය ඒ වැරැද්දේ ප්‍රථිපල ඔවුන් විසින් දැන් විවිධ ආකාරයෙන් භුක්ති විඳිනවා.

1990 දි සදාම්ගේ ඉරාකය කුවේටය  ආක්‍රමනය කරද්දි කුවේටයේ විශාල දකුණු ආසියාතිකයින් ප්‍රමාණයක් සිටියා. ඉන්දියානුවන් විතරක් 170,000ක් විතර හිටියාය කියලා තමයි සංඛ්‍යාෙල්ඛන වල දැක්වෙන්නෙ. ගොඩනැගිලි පාරවල් පල්ලි කුඩුවෙන්න කාලතුවක්කු යුධ ටැංකි වලින් ගහනකොට සල්ලි තියෙන හාම්පුතාලා ටත් කරකියාගන්න දෙයක් නැතිවුනා. ඉතිං ඉතිරි වෙච්චි ගෘහසේවිකාවන් රියදුරන් වාගේ අයට වෙන දේ හිතාගන්නත් අමාරුයි නේද යාලුවනේ..

ඉරාක ය විසින් කුවේට ආක්‍රමණය කරද්දි වෙනත් සෑම යුද්ධයකදිම වගේ ඒකට මැදිවෙන මිනිස්සුන්ට බොහෝ කරදර වලට මුහුනදෙන්න වුනා. කුවේට ආක්‍රමනයට ආපු බොහෝ ඉරාක හමුදා අඩුවයස් සෙබලුන්ගෙන් යුක්ත එකක් වුනා. ඒ නිසාම ඔවුන් ආක්‍රමනයෙන් කොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින්, විනෝදයට මිනී මරන්නන් බවට පත් වුනා.

ඉංදියාව මේ ආක්‍රමණය සිද්ද වෙද්දි රැල්ලට යන්නෙ නැතුව තමුන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් හිතුවා.  අනෙක් රටවල් හැම එකක්ම සදාම් එක්ක තරහ වෙද්දි ඉන්දියාව ඒකම කරන්න ගියේ නෑ.. ඒ අවස්ථාවේ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති හිටියෙ පසුකාලීනව ඉන්දීය අගමැති ලෙසත් කටයුතු කල ඉන්දර් කුමාර් ගුජ්රාල් මහත්මයා. ඉන්දර් කුමාර් ගුජ්රාල් මහත්මයා මැදිහත් වෙලා ඉන්දීය ජාතිකයන්ට කරදර කරන්න එපා කියලා සදාම්ගෙන් ඉල්ලා සිටියා. එවිට ඒ අවස්ථාවේදී ඉන්දීය විදේශ කටයුතු භාර ඇමති ගුජ්රාල් සදාම් හමුවන්නට ගියා කියලත් ඇතැම් වාර්ථාවල තිබෙනවා.

වෘත්තිකයින් සහ සේවකයින් විදියට වැඩකරගෙන හිටපු ඉන්දීය ජාතිකයින් එක්ලක්ෂ පනස්දාහකට වැඩි සෙනගක් නැවත ඉන්දියාව කරා ගෙන්වාගැනීම ගුජ්රාල් ඇමතිතුමා සහ පිරිස මුහුනදීපු අභියොගය. ඒ වැඩේ එවකට කුවේටයේ සිටි ධනවත් ඉන්දීය ජාතිකයිනුත්, ඉන්දීය නිළදාරිනුත්, රාජ්‍යතාන්ත්‍රික සහ වෙනත් අංශ වලිනුත් දායක වෙලා වැඩේ සාර්ථකව කරනවා. 

යුධමය අවස්ථාවක සිය රටේ වැසියන් ගෙන්වාගැනීමට ක්‍රියා කිරීම දියුනු රටවලට සාමාන්‍යයෙන් පහසු කටයුත්තක්. ඉන්දියාව වගේ පසුගාමී රාජ්‍ය සේවයක් තියෙන, යොදන්න විශාල සල්ලියක් නැති රටකට මේ වගේ විශාල සෙනගක් නැවත තමුන්ගේ රටට ගෙන්වාගැනීම ලොකු වැඩක්.

1990 අගෝස්තු සිට ඔක්තෝම්බර දක්වා ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා 170,000ක් වූ ඉන්දීය ජාතිකයින් සිය රටට ගෙන්වාගන්න ඉන්දියාව ක්‍රියාත්මක වෙනවා. මේක ලේසි වැඩක් නෙමෙයි. කුවේටය තුල ඉන්න සෙනග ලගම වෙනත් රටකට ඒ කිව්වෙ කිලෝමීටර දාහක් විතර කුවේටයේ සිට තියෙන ජෝර්දානයේ අම්මාන් නුවරට ගෙන්වාගන්න ඕනි. ඉන් පස්සෙ තමයි එයාල ඉන්දියාවේ දිල්ලි හෝ මුම්බායි වලට ගුවනින් ගෙනියන්න වෙන්නෙ. එයා ඉන්දියා ගුවන් යානා වලින් සැබැවින්ම මේ මගින් ගුවනින් යළි ඉන්දියාවට ගෙනගිය සිද්ධිය මෙතක් එච්චර ලොකුවට සැලකුනේ නෑ.. නමුත් මේ Airlift ෆිල්්ම එකෙන් පස්සේ ඒක ලෝකය පුරා ජනප්‍රිය වුන සිද්ධියක් බවට පත් වුනා. ඒක තමයි සැබෑ සිදුවීම.


යුධමය අවස්ථාවකදී සිය රට වෙත ගුවනින් ගෙන්වාගත් විශාලම පිරිස විදියට වාර්ථා වෙන්නෙ කුවේටයේ හිරවෙල හිටපු මේ ඉන්දීය සේවකයින් පිරිස ගෙන්වාගැනීම.

එයාලිෆ්ට් කියන ෆිල්ම් එක ඒ සිදුවීම පාදක කරගෙන තැනුන එකක්. එතනදි ඉන්න රංජිත් කත්‍යාල් කියල සැබෑ චරිතයක් නෑය කියලා තමයි වාර්ථා වලින් කියවෙන්නෙ. ප්‍රධාන චරිතය නිරූපනය කරන ආක්ෂේ නම් කියනවා එහෙම චරිතයක් තිබුනාය කියලා..ඒත් අධ්‍යක්ෂවරයා කියනවා සිද්ධියක් ෆිල්ම් එක්ක වෙද්දි බොහෝ දේ වෙනස් වන්නට පුලුවන් කියලා. ධනවත් ඉන්දීය ජාතිකයින්, නිළධාරින් සහ දේශපාලනඥයින්ගේ කැපවීම මත මේ ක්‍රියාදාමය ඉතාම ඉක්මනින් සිද්ධ කරගන්න ලැබුනා කියල තමයි ඉන්දීය අතිත වාර්ථා බැලුවාම පේන්නෙ.

ෆිල්ම් එක තුල ඉන්දියාව හංගන්නෙ නෑ.. බොහොම හොද රටක් දියුනු රටක්ය කියලා ඉන්දියාව උලුප්පන්න හදන්නෙ නෑ.. ස්වකීය රට කෙරෙහි ඇතිවන ජාතිආලය වැඩිවෙන ආකාරයට ෆිල්ම් එක අවසාන කලත් නියම ඉන්දීය ජාතිකයින්ගේ ගති සොබාව නිරූපනය කරන්න අධ්‍යක්ෂක වරයාට හැකි වෙලා තියෙනවා. ජනයා විදියට ගත්තාම එක අරමුණකට එකතු කරගන්න තරමක් අමාරු ගතිය මම හිතන්නෙ ලාංකිකයන්ටත් එහෙම්ම තියෙනවා.. 

මේ අධ්‍යක්ෂවරයා කේරල ජාතිකයෙක්. ඉහත පිංතුරයේ ඉන්න සහාය නිළිය මලයාලම් නිළියක්. දැන් දැන් උතුරු ඉන්දීය ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් දකුණු ඉන්දීය බලපෑම් එන්නට පටන් අරං තියෙනවා. මේ මුසුවීම හරහා වට්ටෝරුගත හින්දි දෙමල ෆිල්ම් වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට එන්නට පටන් අරං තියෙනවා කියලයි මට හිතෙන්නෙ.

මං මේක ඊයෙ රෑ 7 ශෝ එකට රීගල් එකෙන් බැලුවෙ. ලෝකෙ පුරාම ජනප්‍රිය වෙමින් යන අලුත් ජාතියෙ හින්දි ෆිල්ම් එකක් වුනත් මුලු ෆිල්ම් හෝල් එකටම ෆිල්ම් එක බලන්න හිටියෙ 4 දෙනයි. 

මේ අපේ චිත්‍රපටි පිස්සෝ ගෲප් එක.. කැමති අයට පුලුවනි රික්වෙස්ට් එ කක් දාල එකතුවෙන්න. 

Thursday, January 21, 2016

ඉන්දියන් ගිවිසුමට සැරසෙමු

අපේ රටේ මහ එකෙක් පිටරටකට ගියොත් අපේ ප්‍රවෘත්ති වලට කියන ජනප්‍රිය වචන සෙට් එකක් තමයි එරට ආයෝජකයින් විශාල ප්‍රමාණයක් මෙරට ආයෝජනයට කැමැත්ත පළ කලහ..ඇත්තටම ඒ යන යන සැරේට එනව කියපු උන් ආවනං මං හිතන්නෙ මෙහෙ බල්ලොන්ටත් වැඩිය ලොකු ප්‍රමාණයක් ආයෝජකයො ඉදිවි. 

ආයෝජකයෝ කියන්නෙ මෙහෙ ඇවිත් ඩොලර් දාහක් දෙදාහක් වියදම් කරලා ආතල් එකක් අරං යන්න එන සංචාරක  බුවාල නෙමෙයි. මෙහෙ ඇවිත් උන් ඩොලර් දාහක් වියදම් කලොත් උන්ට මෙහෙ ඒ කරන බිස්නස් එකක් කරලා ඩොලර් දෙදාහක් හොයාගන්න ඇහැක් වෙන්න ඕනි. එතකොට තමයි උන් මෛහට ඇවිත් කර්මාන්ත සහ ව්‍යාපාර කටයුතු පටන් ගන්නෙ. 

ලංකාව වගේ අනික් රටවල් එක්ක බැලුවොත් ලංකාවෙ ජීවන වියදම වැඩියි. ඒ කියන්නෙ ලංකාවෙ ලේබරෙක්ට ගෙවන්න වෙන ගාන වැඩියි. අනික් අතින් ලංකාවෙ කම්කරු නිති රෙගුලාසි පරණයි ඒ වගේම තදයි. ඒ නිසා ලාබෙට ලේසියට ශ්‍රමිකයො අරගෙන කර්මාන්ත බිස්නස් කරන්න ලංකාව සුදුසු නෑ.. 

ඉඩමක් කඩමක් ගන්න..ලයිට් වතුර ගන්න..පාරක් හදාගන්න වගේ කර්මාන්තයක් පටන්ගන්න පෙර කරන්න ඕනි මූලික කටයුතු වලට මෙහෙ මහ කාලයක් යනවා.. ඉඩම් ගන්න එක ලයිට් වතුර ගන්න එක මාස ගනන් යන වැඩ.. ඉඩ කඩම් එහෙම තවම හරියට ලේසියෙන් ගනුදෙනු කරගන්න ක්‍රමවේදයක් නෑ.. ඉතිං මේ වැඩ වෙනත් අපි වගේ රටවල හරි සිම්පල්.. මැලේසියාව වගේ රටවල දවසක් වගේ බොහොම කෙටිකාලයකින් වෙන රටක කෙනෙක්ට ගිහින් ව්‍යාපාර පටන් ගන්න හැකියාවක් තියෙනවාලු.. 

ලංකාව ඇතුලෙදි ප්‍රවාහනය සහ විදුලි බලය තරමක් මිල අධිකයි.. විදුලිය එහෙම දකුනු ආසියාවෙම ැවඩිම බිලක් එන්නෙ අපිට.. අධිවේගී මාර්ග ආදිය තිබුනත් මෙහෙ තවමත් දියුනු මට්ටමේ ප්‍රවාහන වටපිටාවක් නෑ.. 

දැන් අවුරුද්දක් ගියා නෙ.. ආයෝජකයො ගේන්න හෝ ආයෝජකයින්ට හෝ ලංකාවෙ ඈයොන්ට ව්‍යාපාර සහ කර්මාන්ත කරන්න සුදුසු වටපිටාවක් හදන්න ඕනි මූලික දේවල් ටිකවත් මේ ආන්ඩුව කරන පාටක් නෑ.. කොළඹ නගරය තුල තැනකින් අනික් තැනකට යන්න පහසු වෙන්න ට්‍රාන්ස්පොට් ප්ලෑන් එකක් වත් එන පාටක් වත් නෑ.. ඒ වගේම විදුලිය බිල අඩු කරන්න ලොකු වැඩපිලිවෙලක් නෑ.. ඊට අමතරව ඉඩ කඩම් ගැනීම ගොඩනැගිලි සෑදිම ආදිය ගැන තියෙන අටෝරාසියක් රෙගුලාසි අඩුවෙලා ඒවා සරල කරන පාටකුත් නෑ.. 

හිතන්න ඕන්න කෙල්ලෙක් ඉන්නවා ගමේ.. මේකි එනවා නගරෙට..රස්සාවක් හොයාගෙන හරියට අධ්‍යාපන සහතික ඉංග්‍රීසි කොම්පියුටර් බැරි මේ ගොන් ගහ ගාමන්ට් එකක වත් මහන්සිවෙල වැඩ කරන්න කැමති නෑ.. ඉතිං මෙයා ආදරණීය අයියලා දෙතුන් දෙනෙක් පිටිප්සසෙ වැටිලා නවතින්නෙ අවසානෙ ගණිකාවක් වෙලා.. එතකොට එයාට ගවුම උස්සන වාරෙට සල්ලි ලැබෙනවා. 

අපේ රටෙත් දේසපාලුවො කතාන්දර කියලා පාලනේට එන්නෙ නිකං අර කෙල්ල හොද රස්සාවක් හොයාගෙන කොළඹ ගියා වගේ අරමුණකින්.. නමුත් ටික දවසක් ගිහින් කොරගන්න දෙයක් නැතිවුනාම කොහේ හරි රටක් එක්ක හැමනිලා ඉන් පස්සෙ රෙද්ද උස්සලාම උන්ට දෙන්න ගන්නවා.. මේ දෙන එකට හරි ලස්සන නමුත් දානවා. ද්වීපාර්ශවික සබදතා.. අන්ත්ර්ජාතික වෙළද ගිවිසුම් ආදී බර වචන වලින් මේවා ලස්සන කරනවා. 

ඒත් ඇත්තටම මේ අපේ හිගන රට ඉන්දියාව හෝ චීනෙ එක්ක මහා ලොකු ගිවිසුම් ව්‍යාපෘති කලාට ඒ රටවල උන්ට මේ අපේ ලංකාව ට සල්ලි කුට්ටි හෝ වෙන්ත දේවල් නිකං දෙන්න විශේෂ චර්ම රෝග නැහැ.. චීනය සහ ඉන්දියාව කියන්නෙත් බටහිරට බඩු විකුනලා ජීවත් වෙන ඉතා අඩු ජීවන මට්ටමක් සහිත මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඉන්න විශාල එහෙත් දුප්ප්ත රටවල් දෙකක්... ලංකාවෙ ඉන්න දුප්පත්ම එකා ට වඩා අන්ත දුප්පත් එවුන් චීනෙයි ඉන්දියාවෙයි ඉන්නවා. 

අලුතින් රට දියුනු කරන්න රටේ වෙළදාමට සංචාරක කර්මාන්තයට.. කාර්මික අංශයට තිබෙන හැකියාව ශඛ්‍යතාවය දිගුකාලින වැඩපිලිවෙලක් සහිතව වැඩි කරන්නට ඕනි. නමුත් මේ අය කරන්න යන වැඩේ නම් කිසිම වගතුවක් පේන වැඩක් නෙමෙයි.

දැනට ලංකාවේ ආයුර්වේද මසාජි කරන තැන් ගොඩක් තියෙනවා.. ගොඩක් තැන්වල දොස්තර ලත් ඉන්නවා.. ඒවයේ නමට මුලින් ආයුර්වේද හෝ ස්පා කියල තිබුනාට ඒවයෙ වෙන්නෙ බොහෝවිට යන කෙනාට ලිංගික සුවයක් සහ ස්පර්ශයක් ලබාදෙන වැඩක්.. ඕක හැමෝම වගේ දන්න රහසක්.. නමට ආයුර්වේද වුනත් කරන්නෙ ආයුර්වේද වැඩක් නෙමේය කියලා ඔවුන්ව අත් අඩංගුවට ගන්න නීතියකින් රෙගුලාසියකින් අමාරුයි.. එතන ඉතිං කස්ටිය ට සේවාවක් ලේසියෙන්ම ලැබෙන නිසා එතන වැරැද්දක් පේන්නෙත් නෑ.. නමුත් එතන ආයුර්වේද කිය්නනෙ නමක් විතරයි.. 

ඔය ගිවිසුම් වලින් අයි ටී වලට සේවකයෝ ගේනවා කිව්වට සමහර විට ඉස්සරහට ලංකාවෙ අර ආයුර්වේද මසාජ් සෙන්ටර් වගෙ කොම්පියුටර් හත අටක් දාගෙන වර්ඩ් වැඩකරන ලමයි දෙතුන ්ෙදනෙක් දාගෙන අමුතු තාලෙ අයි ටී වැඩපොලවල් ්ඒවි.. සමහර විට යට තට්ටුවෙ අයිටී ෆර්ම් එකක් දාල ඒ අයි ටී වැඩට එන ඉන්දියන් ගෑනුලමයි හැන්ද වෙන්න උඩ තට්ටුවක වෙන රස්සාවකුත් කරාවි.. 

සමහර විට අපේ ගෙදර පොල් කෑල්ලට පෝර දාගන්න විදියක් නැතිවුනාම මගේ යාලුවෙක්ගේ අයි ටී ෆර්ම් එකකට කියලා ඉන්දියන් පොරවල් දෙතුන් දෙනෙක් ගෙනත් උන්ට ට්‍රේනින් දෙන්න අපේ පොල්වත්ත පාව්චිච් කරලා මට පොල් වත්තෙ වැඩ ටික ලේසියෙන් ඉන්දියන් කාරයො ලව්වා හෙන අඩුවට කරගන්නත් මට පුලුවන් වේවි.. 

 ලංකාවෙ පොලිසිය සහ නීති පද්ධතිය ගැන තියෙන මෙව්වා එක ආයෙ පට්ට ගහන්න අවශ්‍ය නෑ.. ඉන්දියන් ධීවරයින් ලංකාවෙ මූදට එනවා..උන් අපේ මාලු මරලා අතේ පත්තු වුනත් කරන්න දෙයක් නෑනෙ.. ඉ්සසරහට මෙහෙ අයි ටී වැඩ වලට කියල හොර සහතික වලින් ඇවිත් අපේ පොල් ගස්වල ගෙඩි කඩන්න ඉන්දියන් කාරයො ආවත් අපේ පොලිසිය දේසපාලුවො උන්ව එලවන්නෙ කොහාටද කියලා ජාම බේරගෙන නිකං ඉදීවි.. 

මොන විදියට ගිවිසුම් ගහල ව්‍යාපෘති ක්‍රියාත්මක කලත් ලංකාව වගේ පද්ධතියක් ඇතුලතදි ගිවිසුම් වල සහ ව්‍යෘපෘති වල අවසාන ඉලක්ක වලට ඒවා ගමන් කරන්නෙ නෑ..අවසානෙ වෙනමම තැනකට ගිහින් තමයි නතර වෙන්නෙ.. අපේ රටේ කරන ගොඩක් ව්‍යෘපෘති වල මුලදි ඒවාගේ අරමුණ සහ අවසානයේ සිද්ද වෙලා තියෙන දේ අතර ලොකු වෙනසක් තියෙනවා.. 

ඉන්දියාව සමග කරන්න යන වෙඩිමේ මට නම් සුබ දෙයක් තියනවා කියල පේන්නෙ නෑ.. මේක ඇවිල්ල දූපත්  මානසිකත්වය කොදෙව් මානසිකත්වය කියල කෙනක්ට කියන්න පුලවනි.. නමුත් ඕනි රටක ඕනි මිනිහෙක්ට මෙහෙ ඇවිත් අපෙ රටේ ව්‍යවසායකින්ට  වෙන බලපෑම අවම වෙන පරිදි වෙනමම ක්‍රමවේද හදලා ආයෝජනය කරන්න දිරිගන්වන එක හොද දෙයක්.  එක රටක් දෙකක් එක්ක හැමනෙන්න යනවාට වැඩිය ඒම හොදයි කියලයි මට හිතෙන්නෙ.. 

ලෝකෙ ඉතිහාසය දෙස බැලුවාම එහෙම රටවල් තවත් රටවල් ගොඩදාන්න යන්නෙ නෑ.. තමුන්ගේ තියෙන දෙයක් විකුනගන්න හෛා් තමුන්ට වාසි වෙන දෙයක් කොරගන්න පොඩි සෙල්ලං දැමිිලි තමිය හැමෝ ගාවම තියෙන්නෙ. අපි ඉන්දියාවට මොනවා විකුනන්නද ඉතිං..

Monday, January 18, 2016

ආන්ඩුවෙන් පරිසරේ රැක්කවීම

ඉඩකඩම් පිළිබද ආන්ඩුවෙ ලිපිලේඛණ අනුව වනාන්තර වර්ග තියෙනවා. ඒ ඒ කැලෑ වලට අදාල සීමාවල් වෙන් කරලා තියෙනවා. කැලෑව ‍මේන්න මෙතනිනුයි ඉවර වෙන්නෙ කියල පෙන්වන්න ඇතැම් තැන්වලදි වැටකඩොලු මායිම් ගහල වෙන්කරල තියෙනවත් එක්ක.

මට මතක මීට අවුරුදු විස්සකට විතර අතීතය විතරයි. ඒ අතීතය සහ අද අපේ ගම් වලටවඩා තරමක් වෙනස්. අද වෙනවිට ගමෙේ තිබුන බැදි කුට්ටි එලි වෙලා. කැලේට වැටිල තිබුන සමහ පොඩි සහ විසාල ඉඩ කඩම් එලිවෙලා ගෙවල් දොරවල් පාරවල් හැදිලා තියෙනවා. එහෙමත් තැනක ටිකක් හොද කල එළි ඉඩමක් පේන්න තිබුනත් ඒකෙ පිරෙන්නම වවලා..

ඉස්සර අපේ ගම ගොඩක් ලස්සන නෑ..ඒ කාලෙත් ගමේ කසිප්පු කාරයො උන්නා. අංචි අදින උන්නැහේල උන්නා.. හොරු උන්නා.. ස්ත්‍රීන්ට බැල්ම දාපු කලු කුමාරයොත් හිටියා.. අනික් ලංකාවෙ ගම් වගේම මම හිටපු මම දැකපු ගමත් සාමාන්‍ය ගමක්..

මේ ගම එදා සහ අද ගත්තාම සංස්කෘතික විපර්යාස ආගමික අරවා මේවා වලට වඩා ලොකු පරිමාණ විපර්යාසයක් වෙලා තියෙනවාය කියල පේන්නෙ ගම එක්ක තිබුන පරිසරේ.. සමහර අය නම් ඇලේ නාල වෙලේ රීල දොලෙන් පුක හෝදපු අතීතය පට්ට ගහන්න ආසයි. නමුත් අපිට ඇයි ඒ පරිසරේ අද තියාගන්න බැරි කියන එක ගැන පුළුල්ව කතා බහ කරන්න කස්ටිය වැඩිය මනාපයක් නැහැ.

පරිසරේ මායිම් කරලා වෙන්කරන්න බෑ කියන කතාව සමහරුන්ට වැඩිය මීටර නෑ.. ඉස්සර අපේ ගංවල ගෙවල්ය කැලේය  බැද්දය..වගාවය කියලා ලොකු ප්‍රදේශ වෙන් කරලා නෑ.. ගෙයක් දොරක් තියෙන්නෙත් ටිකක් ඈතින් ඈතින්.. ඔය අස්සෙ තියෙන බැදි මන්ඩි වල අපේ වගා වල එහෙම සත්තු ඉන්නවා..ඉත්තෑවො වල් ඌරො, හාවො, කුරුල්ලො වගේම විසකුරු සත්තුත් හිටියා.. ගමේ තිබුන සමහර ඉඩම් වල පොල් ගස් කොස් ගස් එහෙම වවලා තිබුනට ඒවයේත් වෙනමම පරිසර පද්ධති තිබුනා. පොල් ඉඩම් වල වුනත් ඒවට අදාල කුරුල්ලන් සිව්පාවන් සර්පයින් ආදින්ගෙන් සමන්විත යම්කිසි පරිසර පද්ධතියක් නිර්මානය වෙලා තිබුනා.

පවුල පොඩි වීම ලොකු ගෙවල් ඕන වීම



එදා ගමේ එක ගෙදරක පවුල් දෙක තුනක් හිටියා. මට මතක කාලෙ අපේ මහ ගෙදරම අවුරුදු 15ට අඩු පොඩි උන්ම 8ක් 9ක් උන්නා. එතකොට අපිට ලොකු සෙල්ලං ගෙයක් දාගන්නත් පුලුවනි ඒ ඉන්න සෙනගින්.. මේ හිටපු ‍මහ සෙනග හිටියෙ පොඩි ගේක. පොඩි උන් සහ මහ උන් මහා ලොකු සමගියකින් සමාදානයකින් පංසලේ සිල්ගත් උපාසකයො වගේ හිටියෙ නෑ.. වලි නොහොද නෝක්කාඩු තිබුනා.. හැබැයි හැමෝම ඒ හැම එකක් අස්සෙන්ම ජීවිත ලස්සනට ගෙනගියා.. අනෙක් පවු‍ලේ අය කෙරෙහි විවේචන වැරදි දැකලා ඉදලාම පොඩි බහින්බස් විමක් ගියත් එක ගෙදර පවුල් දෙක තුන ඉන්න එක ඒ කාලෙ මහ දෙයක් වුනේ නෑ..

ඒ කාලෙ ගෙවල් අද කාලෙ වගේ මහා විසාල නෑ..ඒ කාලෙ ගං ගොඩවල් වල ගෙවල් පුංචියි..කාමර කෑලි3-4 කට වඩා තියෙන්නෙ එහෙමත් ගේක තමයි. කොහොම හිටියාද කියලා හරියමන් මතකයක් නැතත් අපි ඒ කාලෙ බොහොම විනෝදෙන් උන්නා..දැන් වාගේ ලමයින්ට ලොකු ටියුෂන් ප්‍රෙෂර් එකක් නැති ඒ කාලෙ අපි දෙමව්පියන්ගේ වැඩ වලටත් දායක වුනා..ඇතැම් වෙලාවට අපි බලෙන්ම දායක කරගත්තා..ඒක ලොකු කේස් එකක්ය කියලා ඒ කාලෙ හිටපු වැඩිහිටියො දැක්කෙ නෑ.

කාලෙ වෙනස් වෙද්දි හැම ඉතා කුඩා පවුලකටම ගෙයක් දොරක් ඕන වුනා. ‍ඒ ගේත් මහ විසාලෙට තට්ටුවට දෙකට කාමර හත අට කුස්සි කෑලි එක්ක හදාගන්නත් ඕනි වුනා. ඒකත් එක්ක එතෙක් ගම් තුලානෙ තිබුන හැම බැදි කුට්ටියකටම හෙනහුරා පහත් වුනා.


වැට තාප්පෙ


සිව්පා සතුන් වගේම ගහ කොල වුනත් තාප්පෙකින් කොටු වුනාට පස්සෙ ඒවායේ පැතිරීම අඩු වෙනවා. සත්තු නං එහෙට මෙහට යන්න බැරිව කොටු වුනාම උන් වද වෙලා යනවා. මුලින් වැටමායිම් යාන්තං වැට ඉනි වලින් තිබුනාට පස්සෙන් පහු ගොඩක් ඈයින්ට තාප්ප ගහලා කටුකම්බි පොටවල් ගහන්න ඕනි වුනා. ඉතිං ඒ වගේ ‍කොටු වුනායිං පස්සෙ හාවෙක් වගේ පොඩි සතෙක්ට වත් දුවලා පැනලා උලා කන්න හැකියාවක් නැති වුනා.

වගා ඉඩම්


වගා ඉඩම ්කියද්දි මිනිස්සු අද කාලෙ බොහෝම බයය් කෘමිනාශක සහ පොහොර වලට. ඇත්තටම ‍පරිසරේ රකින්න කෘමිනාශක පොහොර වැදගත්. ඒක තේරුම් ගන්න එක ස්වල්පයක් අමාරුයි. ඔන්න අක්කරයක් අපි වම්බොටු හිටෙව්වාය කියමු.. අක්කරේ තෙල් පෝර ගහල නඩත්තු කලොත් අපිට මෙට්‍රික් ටොන් දහයක විතර සාර්ථක අස්වැන්නක් අක්කරෙන් ගන්න පුලුවන් වෙනවා. නමුත් තෙල් පෝර ගහන්නෙ නැතුව ගොඩේ විදියට කොල පෝරයි ගොඩ බේතුයි කරලා ගස් වලට නියමිත පෝශනය සහ පලිබෝධ පාලනය කලේ නැති වුනොත් අර වම්බටු ගස් ටිකෙන් මෙට්‍රික් ටොන් 2-3ක අස්වැන්නක් තමයි ගන්න ඇහැක් වෙන්නෙ.

ඉතිං එතකොට අපිට ඉතුරු වම්බටු ටික හදාගන්න තා අක්කරයක් හමාරක් කැලේ එලිකරලා පොලව බූ ගාල වම්බටු හිටවන්න සිද්ද වෙනවා. පලි‍බෝධ නාශක කෘෂිරසායන භාවිතය අස්වනු වැඩකරගෙන භූමිය ඉතිරු කරගන්න පුලුවන් සාර්ථක පියවරක්. වැඩේ තියෙන්නෙ පිලිවලක් ක්‍රමයක් ඇතුව ඒ දේවල් යෙදීම. නියමිත පරිමාවෙන් වගාවට අවශ්‍ය ප්‍රමාණයෙන් රසායනික යොදනවා නම් පාරිසරික බලපෑම අවම කරගෙන පරිසරය අඩුවෙන් නාස්ති කරලා ඒ අඩු වපසරියෙන් විශාල අස්වැන්නක් ලබාගන්න අපිට හැකියාව ලැබෙනවා.

ලංකාවෙ කුඹුරු ඉඩම් වලින් ගන්න අස්වැන්න කෘෂිකර්මාන්තෙ දියුනු, සහල් තියෙන රටවල කුඹුරු ඉඩමකින් ගන්න වී අස්වැන්න එක්ක බැලුවාම බොහොම අඩු ප්‍රමාණයක්ය. ඒ සහල් ඩිංග නිපදෝගන්නත් අපෙන් වැයවෙන වතුර සහ කෘෂි රසායන ප්‍රමාණය සාපේක්ෂව වැඩිය කියන එක බොහෝ කාලයක් සිට අපේ රටේ කෘෂි විද්‍යාඥයන් කියන දෙයක්.

ඩෙංගු


ගෙවතු වල තිබුනා නං පොඩි හරි බැද්ද පදුරු එක්ක කුරුල්ලො දෙමලිච්චන් රංචු ගැහෙන තැනක් ..ඒවා ඔක්කොම ඩෙංගු එක්ක පුච්චලා දාන්න සිද්ද වුනා. ඩෙංගු කියන මදුරු වසංගතයත් එක්ක අපිට හැමතැනම සුද්ද කරගන්න වුනා. පොඩි පහේ කැලෑවල් බැදි කුට්ටි ඩෙංගු මාරයට අහුවෙලා සුද්ද වෙලා ගියා. දැන් පොඩි ගෙවත්තක උනත් ටිකක් උසට බැද්ද තිබුනත් ඩෙංගු මහත්තුරු ඇවිත් ලියාගෙන ගිහින් නඩු දානවා. ඒ නිසා ගොඩක් පැතිවල මිනිස්සු තමුන්ගේ වත්තේ බැද්ද නැතිකරන්න මාසෙකට වතාවත් වත් පොලව හූරලා රැවුල කපනවා වගේ පොලව බූ ගාල දානවා.

ඩෙංගු මර්ධනයට ගත්ත සාර්ථක පියවරක්. නමුත් ඒක අපේ පරිසරයට කලේ නම් සැලකිය යුතු විනාශයක්. ගෙවත්තට වැටෙන වතුරු ටික කිසිම කරුණාවක් නැතුව පසුත් එක්කම හෝදගෙන ගිහින් පාරෙ නවතිනවා ඩෙංගු නිසා. ඒත් ඩෙංගු වලට පැතිරුණු විසදුමක් නැතිකොට මේ පරිසරේට දඩ ගහන එකෙන් වත් ඩෙංගු පාලනය කරන්න වෙනවා. නැත්තං ඉතිං වටිනා මනුස්ස ජීවිත නෙව නැතිවෙන්නෙ.

ලංකාව කියන්නෙ දූපතක්.. මේ දූපත ඇතුලෙ අලින්ටයි සිව්පාවන්ටයි කුරුල්ලන්ටයි ඉන්න තරමක් සර්පයින්ටයි ඔක්කොන්ටම අපි එක්ක ජීවත් වෙන්න සිද්ද වෙනවා. ඇතැම් විට ඒ ගොල්ලන්ට වෙනම පරිසර කලාප ආදිය බිහි කලත් ඒවා වුනත් මේ යන විදියට ගියොත් ඒවත් එලිවෙලා මනුස්ස වාස බවටම පත් වේවි ඉස්සරහට.

පරිසරේ රකින්න නම් මනුස්සයො විදියට අපි ජීවත් වෙන්න යොදාගන්නා පරිසර ප්‍රමාණය පාලනය කරගන්න ඕනි. තඩි වාහන.. අරගෙන පාරවල් හදාගෙන ලොකු ගෙවල් ගහගෙන අපිට පරිසරය සනසවන්න පුලුවනිද? මම හිතන්නෙ ඒක අමාරුයි.

ජපානෙ වගේ දියුනු රටවල මිනිස්සු ජීවත් වෙන්න යොදාගන්න අවකාශය අපි ‍යොදාගන්න අවකාශයට වඩා පොඩියි. ඒ මිනිස්සු දැන දැන් ඉලැක්ට්‍රික් කාර් වගේ පරිසරයට ආදරේ යන්ත්‍ර සූත්‍ර යොදාගැනීමත් කරනවා. ජීවත් වෙන්න හැමෝටම ඉඩං කෑල්ලක් එක්ක ගෙයක් හදාගන්න හැකියාවක් ඉදිරියේදි නැතිවේවි. එදාට අපිට මහල් නිවාස කියන සංකල්පයට යන්නට සිද්ද වේවි.

ලෝක ජනගහනය වැඩිවෙද්දි ලෝකෙ තියෙන සම්පත් ප්‍රමාණය ඒ එක්ක වැඩිවෙන්නෙ නෑ.සරලව කිව්වොතින් "මිනිස්සු වැඩිවුනාට ලෝකෙ පිම්බෙන් නෑ ඕයි..". එතකොට මනුස්සයින් තමුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න නම් තිබෙන සම්පත් බෙදාගන්න සහ අඩු සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා ජිවත් වෙන්න මිනිස්සු හුරු වෙන්නට ඕනි. ඒ කිව්වෙ ඉදිරියේදී හැම එකාටම වාහනයකින් ගමන් කරන්න පුලුවන් ලස්සන ජීවිතයක් වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන විදි පාවිච්චි කරන ක්‍රමයකට අපිට අකමැත්තෙන් වුනත් යොමුවෙන්නට සිද්ද වෙනවා.. අපි දැනට උනත් ගොඩබිම යද්දි බයික්, කාර් වල ගියාට දුර කිලෝමීටර 1000ට වැඩි දුරවල් වලට ගුවන් යානා, දුම්රිය වගේ ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරනවා නෙව..

අපි ‍හැමෝම පෙට්‍රල් කාර් අරගෙන.. අපි හැමෝටම ඉඩමක් එක්ක ලොකු ගෙයක් අරගෙන... අපි හැමෝම කෘෂි රසායන ගහන්නෙ නැතුව විශාල භූමියක් භාවිත කරන පැරණි වගා ක්‍රම වලින් හැදෙන ආහාර අරගෙන .. අ‍පේ වර්ග කිලෝමීටර 65000ක් වගේ තියෙන භූමිය තුල තියෙන සුන්දර පරිසරය කොච්චර කාලයක් ආරක්ෂා කරගන්න ‍හැකි වේවිද?

ඇමතිවරුන් කල යුතු දේවල් තියෙනවා.. රජය කල යුතු දේවල් තියෙනවා . නිළදාරින් කල යුතු දේවල් තියෙනවා. නමුත් ඒ හැමටම වඩා පරිසරය සම්බන්ධයෙන් අපි හැමෝටම ඇගට දැනෙන වගකීමක් තියෙනවා.

Sunday, January 17, 2016

ඇඹිලිපිටියෙ වැටිල මැරුනෙ මොකක්ද?

පිංවතුනි මනුස්ස ආත්ම භවයක් ලැබීම දුර්ලභයි.. එහෙව් මනුස්ස ආත්මයක් ලබපු අපි......... ඔය ජාතියෙ බණ පද සෙට ්එක බෞද්ධ බොහෝ දෙනාට හුරුයි. මම දන්න විදියට අනෙක් දේව ආගම ්වල පවා මනුස්ස ආත්මයක් ලැබීම ගැන බොහෝ දේශනා තියෙනවා. 

සමාජයක් දියුනුය කියන්නෙ තියෙන මිල මුදල් යාන වාහන දේපල වලට වඩා මිනිස්සුන්ට තියෙන වටින කම අනුව. නමුත් අපේ රටේ කොයි තරං යාන වාහන දේපල ආදිය වැඩිවුනත් සාමාන්‍ය මිනිහාට තියෙන වටිනකම වැඩිවුනේ නෑ.. 

1971 දි කොල්ලො මැරෙද්දි උන් අයිති වුනේ කැරලි වලට...83දි දෙමල මිනිස්සු මැරෙද්දි උන් ජාතිවාදීන් හෝ දෙමලු.. 89දි ආයෙත් කොල්ලො මැරෙද්දි උන් එක්කො ආමි එකේ නැත්තං කැරලි කාරයො.. 83-2009 කාලෙ ඇතුලත රටේ දේශපාලනය විසින් නිර්මාණය කරපු මහා ත්‍රස්ථවාදී උවදුර සහ එය මැඩපවත්වන්නට දේශපාලනය විසින්ම දියත් කෙරුන යුද්දෙදි මිනිස්සු ජාති දෙක්ක මලා...එකක් එල් ටී ටී කාරයො..අනික් පැත්තෙ හමුදා කාරයො.. ඒ අස්සෙ යුද ගැටුම ්වලට මැදිවුන සහ එල් ටී ටී ඇරියස් කවර් කරන්න ගොඩක් සාමාන්‍ය වැසියොත් මලා.. 

එදා වගේ අද බෝම්බ පිපිරෙන්නෙ නෑ.. පාරෙ බැහල යන්න පුලුවන්..ඒ නිසා අපි අපේ ආමි එකට ගරු කල යුතුයි.. අවසාන ප්‍රතිපලේ විදියට හරි.. නමුත් සැලකිල්ලෙන් බැලුවොත් පොඩි පොඩි ජාති අතර තිබුන නොහොද නෝක්කඩු වලට මොකුත්ම නොකර තමුන්ගේ පැත්තේ උන්ගේ ඡන්ද ටික කඩාගන්න බලාගෙන හිටපු දේශපාලන හස්තයන් ඔය ප්‍රශ්ණ ඔහේ දිග ඇදෙද්දි බලාගෙන හිටියා.. එයාලට කොහෙන් හරි ලකුනු ගොඩක් ලැබෙන වෙලාවල් වල විතරක් ඒවට මැදිහත් වුනා.. 

දැන් යුද්දේ කියන මහා බියකරු දෙේත් ඉවරයි.. එල් ටීටී කාරයො කියන්නෙ අපේ රටේම මිනිස්සුය..උනුත් අේප රටටම අයිති එහෙත් කවර හෝ හේතු නිසා නොමගගිය උන්ය කියලා හිතන්න හැකියාව මේ සිංහල කියවන ගොඩක් අයට නෑ.. එයාල කැමතිම උන් උපදින කොටම එල් ටී ටී විදියට ජාතක වෙලා දැනටත් ඇවිදින කොටත් පුල්ලි තියෙන ජාතියෙ උන් කියලා දකින්න. 

කාලාන්තරයක් තිස්සෙ යුධමය මානසිකත්වයකින් හිටපු අපිට තාමත් මරණයක් කියන්නෙ වෙරි සිම්පල් දෙයක්. මිනිහෙක් ගේ මරණය කියන දේ කොයි තරම් සරල විදියට සේල් වෙලා විකිනෙනවද අද සමාජ ජාල වල.. ඇඹිලිපිටියෙ සිද්ධිය විතරක් නෙමෙයි කොටදෙනියාවෙදි වුනත් ඒ කෲර ඝාතනය පසුව ඇති වූ බොහෝ සිදුවීම් වලින් යටපත් වුනා.. මිනිසුන්ට අවසානෙ තමුන් අඩන්න ඕනි දේවල් වලට හිනාවෙනවා කියල තේරෙන්නෙත් නැති තරං සිද්දි සංකීර්ණ වෙනවා.. 

මිනිහෙක් මලාම ඒක පවුලේ සමීප අයට ගොඩක් දුකක්..ඇරත් තරුණ වයසක කෙනෙක් මැරෙනවා කියන්නෙ එයා දන්න කියන විශාල සමාජයටම විශාල තැතිගැන්මක් ඇති කරන සිදුවීමක්. ඒ වගේ තැනකදි පොලිසිය අධිකරණය කියන නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒ සිදුවීමේ මානුෂිය මුහුනුවර ගැන හිතන්න ඕනි.. අනික ඒ ඇඹිලිපිටි සිද්ධියෙදි එ අම්මා තවමත් ගැබිනියක්.. ඇගේ සැමියා තමයි නැතිවෙලා තියෙන්නෙ..බොහෝ කටකතා සහ ඇහෙන දේවල් අනුව එයට කෙලින්ම පොලිසිය සම්බන්ධයි.. 

මෙය පොලිසිය මගින් සිදුකල තල්ලු කිරීමක් නම් එය තවදුරටත් විහිලුවක් නෙමෙයි බරපතල මට්ටමේ මිනිමැරුම් අපරාධයක්.. එවැන්නකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ වැදගත් තනතුරක් පොලිසිය සුද්ද කරන්න යෑම කියන්නෙ විකෘතියක්.. සංවේදී තැන්වලදි ප්‍රකාශ නිකුත් කරන්න බැරිනම් අඩුතරමෙ සද්ද නැතුව ඉදලා සිද්ධිය නිවෙනකල් ඉන්න ඕනි කියන බේසික් නොලේජ් එකවත් මුන්ට නැද්ද කියල හිතෙනවා පොලිස් මාජ්ජ ලොක්කගේ කතාන්දර ඇහුවාම.. 

පොලිස් මාධ්‍ය ඒකක හෝ කිනම් හෝ පොලිස් ඒකකයකින් අවසානයේ විය යුත්තේ ජනතාව සාමකාමී කිරීම. පොලිස් මාධ්‍ය ලොක්කාම ජනතාව ප්‍රකෝපවෙන තාලේ මීඩියා කතාන්දර කියන එකෙන් වැඩේ තව ටිකක් අල වෙනවා.. 

සමහර විට සාක්කි වල පරස්පරතා.. සිදුවීම සිදුවී ඇති ආකාරය ගැන තීරණය කරලා අවසානයේ අධිකරණය පොලිසියට පක්ෂ තීරණයක් දෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වගේ පොලිසියට වාසි තීරණයක් ලබාගන්න මාධ්‍ය ප්‍රකාශක ලොක්කත් ලොකු වෙහෙසක් ගන්නවා පේනවා.. 

මේ මැරුන මනුස්ස ජීවිතය ආයෙත් ඔ්‍ය පරීක්ෂණ නිසා ගොඩ එන්නෙ නෑ..නමුත් දෙනෝ දාහක් හොදින්ම දන්න සිද්ධියකදි අපේ යුක්තිය පසිදන යාන්ත්‍රනය මහජනතාවගේ බුද්ධියට අභියෝග කරන තීන්දු තීරණ ගත්තාම මිනිස්සු අපෙ පොලිසි ගැන අධිකරණ ගැන තියෙන ගරුත්වය අඩු වෙනවා.. පොලිසියට යන්න කලින් අධිකරනයට යන්න කලිං හැකි පමණ ගැටලු විසදගන්න හදනවා.. 

ඕක හරියට විසදුනේ නැත්තං මගුල් ගෙදරක් ගාවින් වෙන ගමනක් යන පොලිස් මාමලා පවා ඉදිරියේදි ගුටිකන්න ඉඩ ප්‍රස්ථාවක් තියෙනවා.ඒ වගේමයි අනාගතේ ඇත්තටම සමාජයේ වැඩවලට පොලිස් මැදිහත් වීම්ක එද්දි මිනිස්සු ඒකට දැඩි ප්‍රතිරෝධයක් දක්වන්නත් පටන් ගන්නවා..ඇත්තටම පොලිසිෙය තියෙන ආයුධ වලට වඩා බලවත් වෙන්නෙ පොලිසිය සතුව තියෙන නීතිමය සහ ආයතනික රාමුව.. ඒවා කඩාගෙන බිදගෙන තමුන්ගේ ලග ඉන්න කුක්කො බල්ලො ටික නාවන්න ලේස්ති වුනොත් ජනතාව හැම දේටම පාරට බහින දවස වැඩි ඈතකනෑ.. 

එදාට එන්රික්ට විසික් කරපු බ්‍රා එකට විරුද්ධ වෙනවා වගේ ප්‍රශ්ණය ලේසි වෙන එකක් නෑ.. අනික තමයි එක මනුස්සයෙක් නිරපරාදෙ කිසිම පැමිණිල්ලක් චෝදනාවක් වත් නැතිව පොලිසිය නිසා මැරෙද්දි අපි හැමෝටම ලයික් කරනවාට ෂෙයා කරනවාට වඩා මානුෂිය වගකීමක් බැර වෙනවා.. ඇඹිලිපිටියෙ ජනතාව තමුන්ගේ විරෝධය පාරට බැහැලාපල කලා.. අපෙත් ෆේස්බුක් දේශපාලනය මින් අඩියක් දෙකක් වත් ඉස්සරහට යන්න ඕනි.. 

Saturday, January 16, 2016

ඊලගට මත්තල

මත්තල රාජපක්ස ගූවන් තොටුපල. විපක්ෂයේ බොහෝ දෙනා රාජපක්ෂ ආණ්ඩුවේ තේරුමක් නැති නාස්තිකාර වැඩ වලට ගන්න හොද ජීවමාන උදාහරණයක්. මත්තල කියන්නෙ කැලෑවක්. මත්තල පැත්ත හම්බන්තොට නගරයෙන් නුත් තරමක් ඈත. මේක බොහෝවිට ලං වෙන්නෙ වනයට. මේ දකුණු පලාතෙ තියෙන ප්‍රධාන නගර වලිනුත් ඈතයි.. ඇඹිලිපිටිය පැත්තට නම් ටිකක් කිට්ටුයි. මේ ගුවන් තොටම මේ විදියට කුරුණෑගලින් උඩ කොහේ හරි ගැහුව නම් මීට වඩා වැදගත් වෙන්න තිබුනා. නමුත් ඒ පොලොන්නරුවෙ අනුරාධපුරේ ඉස්සරහ දි තව එයාපෝට් එකක් හදනවා මිසක මේක වෙනස් කරන්න අමාරුයි. 
මේකට දැන් දිනපතා එන ගුවන් යානය ෆ්ලයි ඩුබායි ගුවන්සේවාවට අයිති එකක්. ඒක එන්නෙ උදේ 7ට විතර..ඒ නිසා අපි පාන්දරින් අවදි වෙලා ගෙදර අයත් එක්ක කලින්ම ගියා. අපේ ගෙදර ඉන්න පොඩි අයට මේ ගුවන්තොටුපල පෙන්වන්න සහ ඒකෙ ප්ලේන් එකක් පෙන්වන්න තමයි අපිට ඕනි වෙලාතිබුනෙ.. 
කතරගම දෙවියන්ගේ ලස්සන බිත්ති කැටයමක්. බෙහොම ලස්සන එකක්. පාට පාටින් ඉන්නවාට වඩා මේ විදියට ක්ලැසික් ටයිප් එකට කතරගම ස්කන්ධ ලස්සනට පේනවා. 
මේ තියෙන්නෙ ෆ්ලයිට් ඔපරේට් කරන ටවර් එක.. මේකෙන් තමයි ගුවන් මෙහෙයුම් ආදිය සිද්ද වෙන්නෙ. මේක බොහොම දියුනු විදියට හදා තියනවාය  කියල තමයි කියන්නෙ. 

ගුවන් යානය එන වෙලාවට පැය දෙකකට විතර කලිං ඉදන් මේ ගුවන් තොට අවට කිලෝමීටර දෙකක විතර ඈත ඉන්න සත්තු එලෝනවා. බල්ලො එලවන්නෙ කැබ් එකකින් ඇවිත් වෙඩි වගයක් දාලා. බල්ලො ඒකට සුට්ටක් ඈතට දුවනවා. ඉන්පස්සෙ එතන්ටත්  ගිහින් ආයෙම වෙඩි දාල එලෝනවා.. 
ගුවන් තොටඅවට පේන තක් මානෙක ගෙයක් දොරක් නැතිනිසා..මේක හරි නිස්කලංක තැනක්. මේ වගේතැනක වාඩිවෙල ඈතින් පේන මොනරු උකුස්සො වගේ සත්තු බල බල නිස්කලංකෙ බියර් එකක් වගේ ගහන්න තිබුන නම් හොදයි. නමුත් ඉතිං බියර් කවුන්ටරයක් තියා බිස්කට් පෙට්ටියක් ගන්නකඩයක් නම් හොයාගන්න අමාරුයි මේ පලාතෙ.. 
අපේ ලමෝට සෙල්ලම් කරන්න ලොකු අවකාශයක් ලැබිලා. ඒ අය බොහොම සතුටින් ඒ අවස්ථාව විදිනවා පෙනුනා. 
ඉදිරිපස පාක්එකේ ලස්සනට බෝගන්විලා සහ මේ කාශ්ඨක පරිසරයට උචිත ගස් කොලන්ආදිය හිටවලතියෙනවා. ගුවන් තොටට යානා එන්නෙනැති වුනාටමේ පරිසරය නම් තවම ලස්සනට තියාගෙන ඉන්න එයාල ලොකු මහන්සියක් ගන්නවා කියල පෙනුනා.. 
ඉස්සරහ පාක් එක අයිනෙතියෙන බිමේ ඈතින් මොණරෙක් හිටියා.. පෝන් එකේ කැමරාව නිසා ඌ පොටෝ වලට අහුවුනේ නැ.. ගුවන් තොටේ කාර් පාක් එකේ වල් මොණරු ඉ්නන එක අපිට හොදයි..උන්ව බලාගන්න.. ඒත් ගුවන් යානා වලට නම්මේ වගේ ලොකු කුරුල්ලො නෙමෙයි පොඩි එකෙක් වැදුනත් ඇති කියලයි මම අහල තියෙන්නෙ.. 
 මේ ගුවන් තොටුපල ලොකුවට තිබුනාට මට හිතුන දෙයක් තමයි මේකට එකපාර ගුවන් යානා 4ක් විතර නවත්වලා මිනිස්සු සේවා ගන්න ලෑස්ති වුනොත් ඉඩකඩ මදි ගැටලුවක් එනවා.. ඇතුලුවීමේ සහ පිටවීමේ පර්යන්ත වල ඉඩකඩ අඩුයි. සමහර විට මෙ  ඇතුල්වෙන තැන් පිටවෙන තැන් ආදිය  පස්සට ලොකු කරන්න ඉන්නවා ඇති. නමුත් දැනට තියෙන අවකාශය නම් ගුවන් යානා කිහිපයක් එකවර සේවා ගන්න ගොඩක් බිසි වෙලාවකට මදි කියලයි මට හිතුනෙ. 
ඇතුලෙ තියෙනවතුර මලක්. මේක ලස්සනයි. අපිනං දන්නඅදුනන කෙනෙක් ඉන්නනිසා ඇතුලට නිකංම ගියා. සාමාන්‍ය යෙන් ඇතුලට යන්න රුපියල් සීයක් ගන්නවා නරඹන්න යන කෙනෙකුගෙන්. අද කාලෙ ෆිල්ම් එකක් බලන්නත් ගන්න ගන්න දිහා බැලුවාමඒ ගාන ලොකු දෙයක් විදියට පේන්නෙ නෑ.. 
ඇතුලෙත් ගස් ආදිය වවලා ලස්සනට තියේ... ඒ තැන් පිරිසිදුව තියාගෙන ඉන්නවා .. ආපු පොඩි  ලමයි මේවායේ දුව පැන පැන සෙල්ලම් කරනවා දකින්නට ලැබුනා.. 
මේ ඉන්නෙ ගලක් උඩ වහාපු බත් කූරෙක්..එයාපෝට් එක ඇතුලෙ ගලක තමයි මූ වහල උන්නෙ. මේක ෆයිබර් ගලක් නෙමෙයි ඔරිම ජිනල් ගලක්.. 
එදා ෆ්ලයිඩුබයි එක පරක්කු වුනා.පැයක්විතර ඒ නිසා අපිට එයාපෝට් එකේ බලාගෙන ඉන්න වුනා. 
ලස්සන යකඩ මොණරෙක්.. මේ යකඩ මොනරා ඉන්නෙ ඇතුල්වෙන්න තියෙනතැන.. ලොකු යකඩ නිර්මාණයක්..මත්තල ගුවන් තොටට තියෙන හොදකලා කෘතියක්..
අපි ගෙදර එන ගමන වරායත් බලන්න ගියා. එක ලොකුනැවක් ඇවිත් තිබුනා. වරායනම් තාම හදනවා. වරාය හොදට හැදුනොත් වැදගත් එකක් වේවි. 

මහින්ද රාජපක්ෂ කියන්නෙ හොද අයෙක්. නමුත් ඔහුගේ රාජපක්ෂ නම තියාන වටේ හිටපු අය නිසා මහින්ද රාජපක්ෂ උන්නැහේට තිබුන ලකුණු තව අඩුවුනා. ඒක එතුමා දැන්වත් තේරුම් අරන් නෑ.. මහින්ද රාජපක්ෂ නිසා බැබලිලා එතුමාව විනාස කරපු අය දැන් කවුරුවත් වැඩිය එලිමහනෙ නැ.. 

දැන් අපි කොයි තරං මත්තලට බැන්නත් වරායට බැන්නත් ඒ ගිය සල්ලි ආයෙ ගන්න බෑ.. අපි වගේ දුප්පත් රටකට අනේ ඔන්නොහෙ ගියදෙන් කියලා මේව අතෑරල නිකං ඉන්නත් බෑ... හැමදාම උදාහරණ විදියට මේවා අරගෙන  පලු අරින එක වාමාංශික දේශපාලකයින්ට නම් හොදයි.. මොකද වාමාංශිකයින්ට බොහෝවිට විවේචන මිසක විකල්ප තියෙන්න අඩුවෙන්.. 

මත්තල සහ වරාය දෙකම දැනට තියෙන තත්වයෙන් යම් තත්වයකට ගේන්න හොද සම්බන්ධතා තියෙන දක්ෂ පිරිසකට කරන්න පුලුවන් දෙයක්. එහෙම කලොත් ඒවා හදන්න ගිහිපු පිරිවැය ටික හරි අපිට කාලකදි ආයෙ උපයගන්න පුලුවන්. නමුත් බැන බැන හිටියොත්.. හැම දාම බැන බැනම ඉන්න පුලුවනි..

Saturday, January 2, 2016

ඒකාකාරී තනිකමට තිත්ත බේත්

කාල් මාක්ස් තුමා වරෙක වදාරා තිබෙන පරිදි කාර්මික විප්ලවය නිසා නිර්ධන පාංතික කම්කරුවා විශාල යන්ත්‍රයක කොටසක් වගේ ඒකාකාරී කාර්යයක් පමණක් කරන්නට නියම වූ යන්ත්‍ර කොටසක මට්ටමට වැටෙනවා. යන්ත්‍රයක කොටසක් කියන එකෙන් අදහස් කලේ කම්කරුවාගේ වෙහෙස වීම පිළිබද හෝ කටුක බව කියනදේට වඩා ඒකාකාරී සහ අවධානයක් රහිත වීම කියන කාරනා වෙන්නට ඕනි.

අද මාක්ස් ගේ කාලේ වගේ පන්ති වලින් වෙන් වුන නිර්ධන ධනපති කොටස් දකින්නට අමාරුයි. අපි වගේ පරිධියේ තිබෙන රටක විශාල මාසික ඉපයීම් ලබාගන්නා වත්කම් රැසක් හිමි අය පවා ගතකරන්නේ යන්ත්‍ර කොටසක් වගේ ජීවිතයක්. ඔවුන් උදෑසන නැගිටිනවා. මූනකට හෝදගන්නවා. කන්තෝරු යනවා. වැඩ කරනවා .හවසට පාටි තිබුනොත් බොනවා නටනවා..ආයිත් ඇවිත් නිදාගන්නවා.

ඒ ඒකාකාරී ජීවිත ගමන වෙනස් වෙන්නෙ ඉතා අඩුවෙන්. නිවාඩු දවසකට වුනත් කාර්යබහුල සතියක් අවසානයේ ලැබෙන අවකාශයෙන් ගෙදර වැඩ ටිකක් කරගන්න එක සහ නිවාඩුවට වත් ඩිංගක් නිදාගැනීම හැර වෙන්ත විශාල දේවල් කරන්න අවස්ථාව අඩුයි.

කොළඹ සමාජයේ කාර් හිමි, ගෙවල් දොරවල් හදාගනිපු, සමාජයේ ඉහල පිලිගැනීම් ලබන වෘත්තිකයින් වුනත් බොහෝවිට ගෙවන්නෙ සීමාසහිත වටපිටාවක ඒකාකාරී ජීවිතයක්. ඇතැම් විට කාර් රථයේ සුවපහසුවෙන් යන නිළදාරියා දෙස දුම්රියේ තෙරපෙමින් යන මගියා ඉරිසියාවෙන් බලනවා. ඒත් දුම්රියක තිබෙන සුලු හෝ සමාජගත අවකාශය මිනිස්සු හා ගැටෙන්නට තිබෙන ඉඩකඩ කාර් එක තුල නැහැ. ඔහු ඒකාකාරි කාර්යාලයෙන් මිදිලා ආයෙත් යන්නෙ වෙනදා වගේම වැඩ ඇරිල මහන්සිවෙලා හති අරින්න බලාන ඉන්න බිරිද සිටින ගෙදරට..උදේ සිට ටියුෂන්, ස්කෝල, කැම්පස් වලට ගිහින් මහන්සිවෙලා ආපු දරුවන් ඉන්න ගෙදරකට.. ඒ ගෙදර තිබෙන්නෙ දවස තිස්සෙ ඇවිදගෙන ගිහින් මහන්සි වෙච්චි මගියො පිරුන අම්බලමක තිබෙන නිහඩ අවකාශයක් පමණයි බොහෝවිට.

ඒකාකාරී වුනත් මේ ජීවන ගමනේ එල්ලිලා ඉන්න අපිට සිද්ධ වෙනවා. නමුත් සැබැවින්ම ධනපතීන් ලෙස හදුන්වන අය ලංකාවෙදි නම් බොහෝවිට ව්‍යාපාරිකයින් වගේ අය විදියට පේනවා. එයාලට කන්තෝරු යා යුතුමයැ කියල නියමයක් නෑ.. එයාල ගත කරන්නෙ සැහැල්ලු ජීවිතයක්.. ආදායම් මාර්ග කිහිපයක් තිබෙන නිසා එක් ආදායම් මාර්ගයක දැඩි ස්ථාවරත්වයක් ගැන ලොකු හෙවිල්ලක් ඕනි නෑ.. ගතවෙන කාලයෙන් වැඩි කොටසක් සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න එයාලට අවස්ථාව ලැබිල තියෙනවා.

මේ ජීවිතේ ටිකක් වෙනස් කරගන්න අපි විවිධ උපායන් යොදාගන්නවා. සුදු ජාතිකයින් හෙවත්බටහිර ජාතිකයින් මේ ජීවිතේ ඒකාකාරී වටපිටාව නැතිකරගන්න දීර්ඝ රාජකාරි නිවාඩු ලබාගන්නවා. ඒ තුලින් එයාල සති ගනන් මාස ගන්න විදෙස් ගත වෙලා රට රටවල සංචාරය කරනවා. ඇතැම් අය සුඛෝපබෝගී විදියට හෝටල් වල නවාතැන් අරගෙන හොද තැන් වලින් කාල බීල ගයිඩ්ලා සමග සංචාරය කරද්දි ඇතැම් අය තරමක අවධානමක් අරගෙන සාමාන්‍ය විදියට හැමදේම හොයා බලාගෙන අනික් අය ගිහිපු විස්තර කියවලා තමුන්ම තමුන්ගේ ගයිඩ් වෙලා සංචාරය කරනවා.

ඇතැම් විට බස් රියවල ගිහින් හැන්දෑවෙ නයිට් කඩෙන් කෑම කාල තුට්ටු දෙකේ තැනක රෑට බුදියගන්න සුද්දා ව අපි දකින්නෙ හිගන සුද්දෙක් විදියට. බොහෝවිට ඔහු මුදල් ඉතිරිකරගන්න එහම කරනවත් ඇති. නමුත් මට හමුවුන ඇතැම් සුදු ජාතිකයින් අතර ඒ රටවල ඉහල සමාජ තත්වයක් තියෙන හොද රැකියා කරන අයත් මෙහෙ ඇවිත් තනියම බස් වල ගිහින්..ආතල් අරගන්නවා. ලාබායි කියල කිව්වට ඇතැම් අවස්ථාවල ටුවර් පැකේජ් වලට වඩා මේ විදියට බැක් පැකින් යන එක වියදම් වැඩි වෙන්නත් හේ.තු වෙනවා.

ටමාශා කියන්නෙ ඒ විදියට සංචරනය කරන චරිතයක් සංචාරක ජීවිතයේදී පෙම්වතියක් හා හාද වීම කියන කතාව තේමාව විදියට තියෙන හින්දි ෆිල්ම් එකක්. ටමාෂා එකේ ගෑල්ලමයා ලවු කරන්නෙ අර සැහැල්ලු විදියට සංචාරය කරන සැහැල්ලු පේමවන්තයාට. ඔහු සැලකිය යුතු සංයමයකින් ඒ ගෑල්ලමයා ඇසුරු කරනවා.

කාලයක් ගතවුනා. ඔවුන්ගේ නිවාඩුව ඉවර වුනා. දැන් ඒ දෙන්නම ආයේ ඉන්දියාවෙ පරණ පුරුදු ජීවිතේටම ඇවිත්. දැන් දෙන්නාම සැලකිය යුතු තරමට කාර්යබහුලයි. එතැනදි මේ කොල්ලා තදබල විදියට හික්මුනු බොහොම නිවුනු හැදුනු නිළධාරියෙකුගේ භූමිකාවක් ගෙනියනවා. ඔහු සමාගම සැලකිය යුතු නිළධාරියෙක්. ආයතනය, සමාජය හිතනවා විධායක නිළධාරියෙකු නම් මේම මේම විය යුතුය කියලා. ඒ නිසා විධායක නිළධාරියාට සිදු වෙනවා අකමැත්තෙන් වුනත් ඒ විදියට හැසිරෙන්න.

ටයි දාගෙන, හොදට ඇදගෙන, කාර් එකක එන මිනිහෙක් තමා විධායක විදියට සාමාන්‍යෙයන් සැලකෙන්නෙ. ඒ වගේම ඒ නිළධාරියා ඇවිල්ල සෞම්‍ය වචන කතා කරන කිපෙන්නෙ නැති. හැසිරීමෙන් පවා විධායක බව නිරුපනය කරන අයෙක් බවට පත්විය යුතුයැ කියල තමයි බහුතර සමාජය හිතන්නෙ.

ඉතිං කෙල්ලට ටික දවසක් යද්දි මීටර් වෙනවා හද් දෙය්යනේ මේ මොකෙක්ද මේ.. මේ ඇවිල්ල පරණ රාජ්‍ය සේවකයෙක් වගේ බුවෙක් නේද? මට අර පිටරටදි හම්බුනේ මූමද? ජීවිතේ ඒකාකාරී නිසා ඒ වගේ හැන්ඩි ක්‍රියේටිව් බුවෙක්ට ලව් කරපු මට මේ කරගහන්න වෙල තියෙන්නෙ මොන හිපාටුවෙක්ටද? කියලා කෙල්ලට ඒ විධායක ජීවිතය එපා වෙනවා.

කොල්ලාත් මේ ඒකාකාරී විධායක කාර්යාල සේවක භූමිකාව ගෙනියන්නෙත් යටිහිතේ කැමැත්තකින් නෙමෙයි. ඉතිං ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇතිවෙනවා. කොල්ලට සංචාරයකට දුර රටකට ගිහින් වෙනස් වෙනවා වගේ ලේසි නෑ රට ඇතුලෙ වෙනද වැඩකරන සමාජය ඇතුලෙදි වෙනස් පොරක් වෙන එක. ඒ ජීවිතේ වෙනස ලබාගන්න උත්සාහ ගන්න ආකාරය තමයි ෆිල්ම් එකෙන් පෙන්නුම් කරන්නෙ.

ඉන්දියාවෙ සිනමාව කියන්නෙ ෆැන්ටසියක් නෙව. මිලියන ගානක් වෙන මිනිස්සුන්ට සැබෑ ජීවිතේ විදගන්න බැරි ලබාගන්න බැරි දේවල් සිනමාවෙන් එයාල විඳිනවා.අපිට හාමුදරුවරු දිවිය ලෝකෙ විමාන වස්තු ගැන බ්‍රහ්ම ලෝකෙ ජීවිත ගැන ලස්සන කතා කියද්දි අහං ඉන්න උපාසිකා මාතාවො ඒ දේවල් හිතින් මවාගෙන සාදුකාර දෙනවා. මොකොද අපි ජීවත්වෙන කටුක යථාර්තයට වඩා අර දිවියලෝක ගැන සිතන එකත් මිහිරක්.

ඒ වගේ ඉන්දියන් මිනිස්සු ෆිල්ම් ඇතුලෙ ජීවත් වෙනවා. ඒක විඳිමින් සතුටු වෙනවා. ඒ නිසාම මම හිතන්නෙ මේ ෆිල්ම් එකේ අවසානය හැපී එන්ඩින් එකක් වෙන්නෙ ඒ නිසා..වෙනස් විදියට හිතන්න ආසාව සහ කැමැත්ත තියෙන එක එකක්. නමුත් තමුන් වෙනස් කරගන්න සහ අවට වෙනස් කරන්න යන සහ සිස්ටම් එකේ තියෙන බෝරින් ගතියට අභියෝග කරන අති බහුතරයකට ලැබෙන්නෙ සුබදායි අවසානයක් නෙමෙයි.

නිලිය දීපිකා පදුකෝන්. නළුවා රන්බීර්. රන්බීර් කියන්නෙ කෙට්ටු බුවෙක්. දීපිකා අනික් නිලියන්ට සාපේක්ෂව ටිකක් විසාලයි. ඒ වුනාට මේ ෆිල්ම් එකේදි ලස්සනට දෙන්නා මැච් කරලා තියෙනවා. බලන්න ආස හිතෙනව උන් දෙන්නාගේ ප්‍රේම ජවනිකා ආදිය.

ටමාෂා ලංකාවෙත් තිරගත වෙල ඉවර වුනා. මම එතකොටයි බැලුවෙ. හැබැයි මම එක්ක ගිය කෙල්ලට වැඩියෙන්ම ආතල් තිබුන තැන් වලට නෙමෙයි මට ආතල්. එයාට හිනාගිය තැන් වලට නෙමෙ මට හිනාගියෙ. කොහොම වුනත් අලුත් තේමාවක්, වට්ටෝරු හින්දි ෆිල්ම් වලට වඩා ගැන්මක් තියෙන එකක්. කතාව ඉදිරිපත් කරන්නෙම අලුත්ම ආතල් විදියකට. කතාවෙන සුට්ටක් මෙතනදි මම කිව්වෙත් බලන එකාට පාඩුවක් නෑ. මොකෝ මේ කතාව ෆිල්මින් වලට ගනිද්දි අමුතුම සිනමොටෝග්‍රැෆික් ආට් එකකට ඒක අරගනිපු නිසා.. කතාව ෆිල්ම් එක කරද්දි ඒක බොහොම අලුත් විදියට කරලා තියේ.. කියලයි මට හිතුනෙ. බාගෙද ඒක කොහෙ හරි එකක කොපියක්ද දන්නෙත් නෑ.

Tamasha Film කියල ගූගල් කලාම අධ්‍යක්ෂ, තිර රචනය, කතාව ආදිය ගැන විස්තර ගොඩක් එනවා.. මම හිතන්නෙ ෆිල්ම් එක්ක ගැන විස්තර කරද්දි විකිපීඩියා එකේ තියෙන විස්තර ආයෙ ට්‍රාන්ස්ලේට් කරල දාන එක තේරුමක් නෑ. මට ෆිල්ම් එක දැනුන විදිය මොකද්ද? ඒක මොකො හොද පිලුම් එක්ක කියන්නෙ කාරණාව විතරක් ඇතිය කියලයි මට හිතෙන්නෙ.

සාර්ථක ටොරන්ට් එකක් හොයාගත්තු යාලුවෙක් සිටීනම් හොයල කමෙන්ට් එකක් දාන්න. එතකොට අනික් යාලුවන්ට ඒකහොයාගන්න පහසු වේවි. ෆිල්ම් ගැන කතාවකට තරම් නොවන තරම් තරමක දිග ලිපියක්. ඒත් බැලුවාම හලන්න කියල කෑල්ලකුත් හොයාගන්න ණෑ..ඒ නිසා කැපුවෙ නැතුවම දැම්මා.

Friday, January 1, 2016

007.02

කූඩු කරලා තිබුනාම බල්ලො සැර වෙනවාලු.. ඒ වගේම කූඩු කරපු සත්තු හිලයි ලු.. කැලේ ඉන්න උන් බිත්ති හතරකට කොටු කරලා තිබුනාම උන් බිත්ති හතරට හරියන්න ජීවත් වෙනවා. උන් බිත්ති වලට හරියන්න ජීවත් වෙනවා..කෑම ටික ලැබෙන්නෙ මොනාහරි පේන වැඩක් දැම්මාහම නම් උන් වැඩ දානවා. ඉතිං සත්තු හීල වෙනවා.

සත්තු හීල වෙනවා කියල අලි පුකක් නෑ.. වෙන්නෙ කැලේ ඉන්න එකා කොටු කරලා උගේ අවශ්‍යතා පිටින් සපයලා ඌව අපිට ඕනි දෙය්ක බවට පත් කොරගන්න එක. එතකොට ඌව අපේ.. එහෙම කැලෙන් උස්සන් ඇවිත් කූඩුවල දාල හිටපු එවුන් තමයි බල්ලො... කැත බල්ලො.. ගෙනල්ල කූඩු වල දාල ගෙවල් වල හැදෙනවා.. පරයින්ට මතක නෑ උන්ගේ මුත්තල හිටියෙ කැලේ කියලා.

කොයි තරං අමාරුවෙන්ද කාලයක් තිස්සෙ උත්සාහ කරල කූඩුවක් හදා ගත්තෙ.. ඒක හදාගත්තාද ද හැදුනාද දන් නෑ..මොන ලබ්බ හරි දැන් කූඩුවක් තියෙනවා.. ඒකෙ ඉන්නවා.. ඒකෙ සනීපෙ දන්නෙ ඇතුලෙ ඉන්න මම. පිටින් ඉන්න වහේලට පේනව ඇති ආන්න සතෙක් ඉන්නවා කියලා..උන් බාගෙද පොටෝ ගහන්නත් එනවා ඇති. ඔන්න ලබ්බෙ ලෙන්ස් සෙන්සර් තියෙන කලුපාට කුට්ටියක් ගත්තම උන්ට ඕනි වෙනවා සත්තු ගහන්න. කැලේ ගිහින් සත්තු ගහන්න ගොඩක් උන් බයයි. එනෝ සත්ත ුවත්තට..කූඩු ඇතුලෙ ඉ්නන එවුන් වීරසේකරලා වගේ පොටෝ ගන්නවා.. සමහර විට උන් පොටෝ ගන්නෙ කැමරාවක් තියෙන නිසා.. එතකොට සතාව බලන්න ආවෙ කැමරාවද නැත්තං කැමරාව අරං ආපු ඇස් තියෙන එකාද?

ඇස් වලින් දෙයක් දැකගන්නෙ නැතිව කැමරාවටම පෙන්වන්න හදන මරි මෝඩ මූසලයො ටිකක් සික් නෙදකින් ගල් පෙරේතයො.. යකෝ දෙයියො ඇස් දෙක දීල තියෙන්නෙ තොපිට බලන්න. මේ කූඩු හදන උන් ඒවා වහන්නෙ නැතුව දැල් ගහන්නෙ බොලාගේ හොම්බ දිග කැම්ර් ලබ්බවල් ඔබන්න නෙමෙයි.. ඇස් වලින් දැකගන්න. දැන් ඇස් පැත්තක දාල අරක අඹරව අඹරව බලපල්ල.. ඇතුලෙ ඉන්න සතාගෙ ලබ්බ තියේද කියලා.

සර් කෑවද? මාත් මේ කන්නයි ආවෙ..

කන්න ආවනං කාපිය වේසියෙ.. තෝ මොකෝ මං කන්න එන වෙලාවටම මෙතන්ට පනින්නෙ? තොගේ පුකේ මගේ ටයිමින් වලට දුවන ඔටෝමැටික් තුවාලයක් වත් තියෙද? මන් නැගිටිනකොටම නැගිටිනවා.. ඒ මදිවට ඇවිත් දත් තිස් දෙකෙන් විසි දෙකක් විතර පෙන්නල හිනා වෙනවා. ඇතුලෙ දතක් ඇදයි. ඒක සෙක්සි.. කටට ගත්තොත් ඒ ඇල දත වදීවිද? සික්.. ඇතුලෙ හක්කෙ ඇල දත පේන්නෙ මේකි ඒ තරං මාත් එක්ක හිනාවෙන්න හදන නිසා.. කටට ගන්න වා වගේ නරක දෙයක් හිතුනත් ඒවා ඩයිරි වල ලියන්න හොද නෑ.. එතකොට මම කැත මිනිහෙක් වෙනවා.. සික් වනචරයට..පාදඩයා.. ගෑනියෙක්ගේ දතක් දකින්නත් බෑ තොට මෝල්.. මගේ කූඩුවෙන් පිට බල්ලො වගයක් බනීවි මට මේව දැකකොත්..ඒත් මට මොකෑ.. මං දන්නවා කූඩුවෙන් දුර ඉදන් බිරුවට උන්ට මේ අහලකටව්ත එන්න බෑ..
මං මෙහෙම ඇහුවට තරහවෙන්න එපා සර්.

හා ඔය දත් ටික හොලවන්න මං එච්චර බොන්නෙ මොකද කියල අහන්නයි හදන්නෙ.. කලිං මං උත්තර දීල ඉන්න එපැයි..

මං එච්චර ම බොන්නෙ නෑ ආශා.. මං බොන්නෙ සතියට දවස් දෙකයි..ඒකත් දැන් නම් අඩුයි.

මේ ගෑනියට මොකටද මේවා.. මං කොච්චර බිව්වත් ඒකිගේ පඩියකින් බොනවෑ.. ඕන්න ඒකිගේ යටිබඩේ තියං බොනව නම් කමන් නෑ මොකටද ඔච්චර බොන්නෙ ඇයි සර් පස්නයක් වගේ බොන්නෙ.. කියල ඇහුවට. ඒත් මං මගේ සල්ලි වලින් මට ඕනි තැනකට ගිහින් තනියම බොනවා. මේ ගෑනි ඒකට මොකද කිපෙන්නෙ. මේ හදන්නෙ මගේ ඇගේ එල්ලෙන්න.. හප්පා විස නැති වුනත් කඩුැල්ලො එල්ලුනාම තියෙන වදේ.. සික් කැත..

අනේ මන්ද සර් හරි අමුතුයි.. මං ඇහුවොත් දෙයක් උත්තර දෙනව. මොකුත් අහන්නෙවත් නෑ..ඇයි ඒ..?

වරකට එක බැගින් චූ දැම්මොත් ඔයා දවසකට කී වරක් වොෂ් රූම් යනවද? ඒ හැම වෙලාවකම චූ කරනවද නැත්තං ඒක ඇතුලෙ පැය බාගයක් බොග දානවද ඔපිස් ඇරෙන්න කලිං.. මට කල්පනා වෙන්නෙ ඔය වගේ පස්න.. ඇයි මේ ගෑනි ගැන හිතද්දි සැක්ස් දේවල්ම හිතෙන්නෙ...ගෑනු කියන්නෙ සෙක්ස් වලට දෙයියො මවපු කැල්ලක් නේ.. ඒක නිසා උන් දැක්කම මතක් වෙන්නෙ ඕනි සෙක්ස්.. ආ අමර අන්න නයනා නැවිල මල් නෙලනවා..බලන්න අමර නයනාගේ ගල.. තාම කැට ගල් වුනත් වරදක් නෑ මහිතෙ.. අපි කුනුහබ්බ ඉගෙනගන්න කාලෙ පොත් ලිව්වනම් ලියන්නෙ ඔය විදියට.. ඒදවස්වල ඉදලා ගෑනු කියන්නෙ සීයේට අසුවක් ඔය වැඩේටම ගන්න උන් විදියට තමයි අපි කතා වුනේ..

කාන්තාව.. මේලෝකෙට..අපිව දායක කරපු..අපිව රැකබලා ගන්නා..සංසාරෙන් සංසාරෙට... ආ.. පිංගුත්තර සාදු... සාදු සාදු... උපාසක අම්මේ යටිබඩ පැලෙන්න වගේ වතුර ටික හිරවෙලා.. ඒක කියාගන්න බැරි නිසා වෙන වැල් බයිල වපුරනවා.. මේ සංගයි කියන්නෙ තනි ප්‍රෝඩාවක්.. හැම ලෝගුවම එකයි .. බොරුවයි කතාවයි වැදිලි පිදිලියි.. ටෝක්ස්තුයි විතරයි..

මේ ගේනි එන්න එන්නම වැඩියි වගේ.දැන්නං බේරෙන්න ම බෑ..

සර් මං ඔයාට අපේ ගෙදර හදපු වැලි තලප ගෙනාව..

සර් ඇයි හැමදාම සුදුපාට අදින්නෙ..අදින්නකෝ වෙනසකටත් එක්ක ලස්සන පාටක්..

සර් ඇයි සර් හැමදාම රොබෝ වගේ ඉන්නෙ.. කියන්නකෝ සර්..

හීල සතා හපාකන්නෙ නෑ කියල සුවර්.. අර ජීව එක්ක මේ ගෑනි කතාවට තියා හිනාවට වත් යන්නෙ නෑ..මොකද ජීව කියන්නෙ පට්ට බඩු කාරය කියල හැමෝම දන්නවා..ජීව එක්ක එකපාරක් හිනාවුනොත් ඌට පුලුවනි ගෑනිගෙ අනික් පැත්තෙ හිනාවත් දැකබලාගන්න. එහෙව් ඩඋල් එක ජීව. ඒත් ජීව කියනෝ තරං ගහනෝද දන් නෑ.. බැලුවොත් ඇත්තං කයිය ඒත් දවසක් දෙකක් නාකි පාරක් එක්ක දැක්ක මිසක මූ හරිහමං බඩුවක් අදිනවා දැකල නෑ.. කවදාවත්.

දැන් මේ ගෑනි දන්නව මම ඇවිල්ල හීල සතා.. මොකද්ද ජාතකේ සිල් ගත්ත නයා වගේ.. මේග නයා නම් මේකි දකිනකොට පිම්බෙනවා.. ඒත් ඌ සිල්.. මයෙ පැටියා.. හිටපං මං මසාජ් එකට ගිහින් හරි නැත්තං අර තුන්දාස් පන්සියෙ දෙල්කද එකට හරි දීල පැටිය සනසන්න..මයෙ අම්ම.. හැමදාම අත නිසා දැන් සවුත්තු වෙන්වදත් මන්දා..

සීල් නයා ගැන දන්න නිසා මේ ගෑනි උඩ පනිනවා.. මටත් අර ජීව වගේ අවකැපෙන මූසල කතා කියලා හරි වෙන නොසන්ඩාල කතා කියල හරි මේකිව එලෝගන්න හැකි වුනානං.. හප්පා.. මට තියෙන සන්තෝසෙ..

මනුස්සකමට රෙද්ද ඉස්සුවම එනවා අට්ටාල ගහගෙන ෆිල්ම් එක වගේ බලන්න ත්‍රීඩි ග්ලාස්සුත් දාගෙන. මං දැන් ඕකිගේ ඇගට ගොඩවෙන්නෙ නෑය..වැඩිය කතාබහට යන්නෙ නෑය කියල ඒක දන්නවා..ඒ නිසාම දැන් එනව ඇගේ එල්ලෙන්න..

හප්පා..මෙහෙම වාතයක්.. මේකිව ගහකට නග්ගල කටු ගහල මට බහින්න තයේ නං අර ජාතක කතාවක වගේ..අම්මප මම එහෙම කරල එනවා..ඒතරං මට මේ වාතෙගේ ලවු ලයින් එක දිරවන්නෙ නෑ..

මගේ කූඩුව කඩන්නමයි හදන්නෙ..කඩයි කූඩුව මේන් කියලා.. ඒව්ව හදේ තමයි ආසා..ඔයාට..