Saturday, October 2, 2021

ආපසු හැරීමේ වේදනාව


කරන රස්සාවේ තියෙන ලොකු ප්ලස් පොයින්ට් එකක් තමයි ලංකාවේ ඔ්නි තූත්තුකුඩියක වැඩ කරන්න ලැබීම. අපේ ඔෆිස් තියෙන තැන් රට වටේම. එ් වුනාට මම වැඩ කලේ මෙතෙක් කාලෙකට කොළඹ.


කොළඹ හොදද?

ඔව්. කොළඹ සාපේක්ෂව හොදයි. කොළඹ මම ගිහින් තියෙන ප්‍රධාන නගර වෙන චෙන්නයි, දිල්ලි, බැංකොක් වගේ නගර වලට වඩා බොහොම පොඩියි. එඒත් කොළඹ කියන්නේ කඩමන්ඩියක් වුනත් හොද හැපනින් ජීවිතයක් ගෙවන්න පුලුවන් තැනක් විශේෂයෙන් මගේ බජට් එකේ මිනිස්සුන්ට. කොළඹ බෝඩින් වෙලා ඉද්දි කාමරේට එබෙන්න කවුුරුවත් නැහැ. හොදටම ෆිට් වුනෙොත් ඇර කාරුවත් අහන්නේ නැහැ බැදලද නැද්ද එඒ මොකෝ කියලා. එඒ වගේම අපිට ඔ්නි තාලේ යාලුවෝ හරි හම්බ කරගන්නත් කොළඹ මරු. එන්ටර්ටේනින් ගත්තොත් ගමට වඩා ගොඩක් දේවල්. බාර් මසාජ් එක එක හමුවීම් පොත් එලිදැක්වීම් පොරටෝක් දෙන තැන් ගොඩයි. එඒ වගේම ෆිල්ම් එකක් බලන්න නාට්ටියක් බලන්නත් තැන් එමට.


ඇයි යන්නේ

යන්නෙ ඉතින් කාසි තමා කේස් එක. ගන්න වැටුපෙන් හතරෙන් එකක් විතර වියදම් වෙනවා කොළඹදි ජීවත් වෙන්න. කොළඹ ජීවිතය කටුකයි වියදම් වැඩියි. ගෙදර ඉද්දි බත් එකක් වෙනුවෙන් අපිට රුපියල් හැට හැත්තෑවක් වියදම් වෙන්නේ. එඒත් කොළඹ ආවහම බත් එකක් වෙනුවෙන් රුපුයල් එකසිය පනහක් විතර වියදම් වෙනවා. එඒ වගේම නවාතැන් ගාස්තුතත් වැඩියි. ප්‍රවාහන ගාස්තුත් දැන් වැඩියි සහ ඉස්සරහට තවත් වැඩිවෙන්න තියෙනවා. එඒ එක්ක එදිනෙදො ලයිෆ් එකටම එච්චර ගානක් ඇයි දෙන්නේ කියලා ලෝබ සිතුවිලි පහල වුනාහම මාරුවක් ඉල්ලන එක හොදයි කියලා හිතුනා. ඇරත් ලොක්ඩවුන් එක්ක ගෙදර ඉන්න අයියලා ගේ පොඩි උන් එක්ක තියෙන ඇයි හොදයිය වැඩි වුනා. උන් එක්කත් කාලයක් ගත කරන්න ආසාවක් ආවා.


ඇයි ඉතින් ගම ලස්සන නැද්ද?

අනේ නැහැ. ගමට එන්න කියන.  පොත් කාරයෝ කියන ගමේ සුන්දරත්වය නම් මට අහුෙවලා නැහැ. ගම කියන්නේ සංස්කෘතික ගූ වලක්. එඒෙක් ඉන්නේ අනුන් ජීවත්වෙන දිහා බලාගෙන තමුන් දුක්වෙන මහ කුප්ප සෙට් එකක්. එන්ටර්ටේන්මන්ට් කියලා නාමයක් මුන් දන්නේ නැහැ. දන්න එකම දෙේ අනුන්ගේ ලබ්බේ දිග පලල සෙවීම විතරයි. මිනිස්සු නාට්ටියක් ෆිල්මක් බලන්න යන්නේ නැහැ. ටීවි එකට දවසම නෙරවරගන දේසපාලනය ආගම අතීතය වගේ පරණ හනමිටි ගොඩක් එක්ක ඔහේ දවස ගෙවනවා. එකෙක් කොටුවක් පැන්නම එඒක මුලු ගමම දන්නවා. හරියට උන්ට ලිංගික දේවල් නැහැ වගේ. මාර ඇරියස් ොගඩක්. වියදම අඩුවිම සහ පොඩි උන් සහ පවුලේ අය එක්ක තියෙන බැදීම් ඇරුනම ගම කියන යුනිට් එකට මට නම් කිසිම ලල් එකක් නැහැ. මේ වගේ වැහි දවසක ගමේ ඉද්දි දැනෙන සීතලයි කොළඹ බෝඩින් කාමරේ ඉද්දි දැනෙන සීතලෙයි අමුතු බක්කක් නැහැ. ගමේ ඉද්දි ටිකක් හුලං හොදයි. මම හිතන්නේ හෙොද ජාතිෙය් ඒ සී එකක් සවිකරගන්න වත්කමක් තිබුන නම් ගමේ හමන ජලවාශ්ප පිරුන කාශ්ඨක හුලගට වඩා කෙළඹ එඒ සී එක සැපයි.


මාරු ලැබෙයිද ?

නැහැ මෙච්චර කල් මම කොළඹ දැන් අවුරුදු පාලහකට වැඩියි. දිගටම හිටියා. එයින් වැඩිම කලක් ගෙදර හිටියේ මේ ලොක්ඩවුන් කාලේ. ඉතින් මෙතෙක් මහා බලයක් යෙදව්වේ නැහැ ගමට යන්න. එඒත් දැන් මාරුවක් ඉල්ලන්න කාලේ හරි කියලා හිෙතනවා.


මාරු වුනාම වැඩ අමාරු වෙයිද?

ඔව් අමාරු වෙයි මුල් දවස්වල. අපි වගේ සමාග්ම වල සේවකයෝ අර ඇගලුම් කර්මාන්ත ශාලා වල වගේ තරමට බිසී වෙන්න නම් තව කල්ප කාලයක් යයි. බොහොෝ විට නිදහසක් තියෙනව ගොඩක් අයට. එඒ නිසා අමාරු වුනත් ටික කාලෙකින් අල්ලගන්න පුලුවන් වෙයි. ඇරත් මට වැඩි බැරිම වුනොත් එඒත් කොහෙට හරි හේත්තු කරනවා විනා එලෝල දායි කියලා බයවෙන්න දෙයක් නැහැ. සකල කලා වල්ලභ වගේ හැම දෙයක්ම ඉගනගන්න ලොකු පුකේ අමාරුවකුත් මට නැති නිසා මේ ෆීල්ඩ් වැඩ ගැන ලොකු ටච් එකකුත් නැහැ. එඒත අල්ලගන්න පුලුවන් වෙයි කියලා තමයි හිතෙන්නේ.


ඉගනීම මග ඇරෙයිද?


ඉගනීම ගැන කියද්දි දැන් මට සෑහෙන වයස. මේ වයසෙදි අපේ වයසේ අනික් උන් තුන්වෙනි ලමයා ගැන හිතනවා. ඇති. මට ඉගනගැනීම ගැන තියෙන්නේ මාර කම්මැලිකමක්. දැනට ගම්පහ පැත්තේ ආන්ඩුවේ තැනක කෝස් එකකට රෙජිස්ටර් වෙලා තියෙනවා. එඒක අපේ ඊලග ප්‍රමෝශන් එකට වැදගත් වෙනවා. එඒත් මාරු වුනොත් එඒක මිස් වෙනවා.


මාරු වෙලා මොනාද කරන්න ඉන්නේ..


මාරු වෙලා සිමෙන්ති ගල් වැලි වලට යට වෙලා ගෙයක් හදන්න හිතක් නැහැ. වටිනකම වගේ දෙගුනයක් විතර දීලා යකඩ යන්තරයක් ගන්න අදහසකුත් නැහැ. ගෑනියෙක් නම් හිටියොත් හොදයි. එ්ත් උන්ගේ් පස්සේ් යන්න දැන් නාකි ැවඩියි. එඒෙහම කියලා ගෑනු එපා ජීවිතේ තනිකඩව ඉදීම ආතල් කියලා ලියන්නෙත් නැහැ. මොකද හදිසි අනතුරකින් හරි ගෑනියෙක් හමු වුනොත් බදින්න තමයි හිතාගෙන ඉන්නේ.


ඇයි ඉතින් උඹ මේව ලියන්නේ


මේ බ්ලොග් එක ලියන්න ගත්තේ දිනපොත කියන නමින්. එඒක් අරමුණ වුනේ මට හිතෙන දේවල් කියන එක. මේ කාලේ නෙමෙිය හැම කාලෙම සාර්ථක මිනිස්සු කියලා ජාතියක් ඉන්නවා. උන්ගේ කතා පොත් වල තියෙනවා. ටීළුි වල යනවා. ඉන්ටනෙට් එකේ තියෙනවා. එඒෙහම සාර්තාක උන් හිටියා කියලා හොෝ කෝටිපති හිටියා කියලා අනෙක් මිනිස්සු අසාර්ථක නැහැ. අනික් මිනිස්සු හිගන්නොත් නෙමෙයි. සාමාන්‍ය ජීවිත අසාමාන්‍ය විදිහට පීඩනයකින් ගෙවන මිනිස්සු වගේම සාමාන්‍ය ජීවිත සාමාන්‍ය විදිහට ගෙවන අයත් ඉන්නවා. ඉතින් එඒක පේනනුම් කරන්න තමයි හෑළ්ල ලියලා දැම්මේ.

Friday, October 1, 2021

අධිපරිබෝජනය දැන් තිත්තත ඇයි?


අපි කැලේ ඉන්න කාලේ කෑවේ බිව්වේ අපට ලැබෙන දෙයක්. ඒ ලැබෙන දේ අවසාන කාලේ අපිම වවපු ධාන්‍ය වුනා. ඊට කලින් යුගයක අපිම ඇතිකල සතුන්ගෙන් ලබාගත් මස් සහ කිරි වුනා. ඊටත් කලින් කාලෙක අපි දඩයම් කරගත් සතුන ්වුනා. ඒත් අපි නූතන යුගයට එද්දි අපට පෝශනයට නුවමනා එත් රසයට හෝ කුමක් හෝ ආතල් එකකට කොිටින්ම මොකටද කියල අපිටත් හිතාගන්න බැරි තරම් දේවල් තොගයක් ගිලිනවා. ඒක තමයි ඉතින් හැටි. ඕක ඉතින් ඇදුම් පැලදුම් නිවාස යාන වාහන ආදී හැම ක්ශේත්‍රයකම. කොටින්ම අධ්‍යාපනයේ පවා මුල් කාලයේ පැවති ජීවිතය ආරක්ෂාකරගැනීමේ මූලික ශිල්ප ක්‍රම ඉගනීමේ සිටි ලෝකයේ කෙලවර සොයාගැනීම ආදී නොයෙක් මනස්ගාත අපි අද කාලේ ඉගෙනගන්නවා. ඇත්තටම අපිට සමහර දේවල් මේ මෙලොව ජීවිතයට මෙලෝ වැඩක් නැහැ ඒත් අපි ඉගෙනගන්නවා. ඒ අතිරික්තය ඇවිල්ලා මේ සමාජය විසින් නිර්මාණ්‍ය කරපු දෙයක්.


අතිරික්තය පට්ට ගැසීම

මේ අමතරව ලැබෙන සහ ලබාගන්නා දෙේවල් අපිට මෑතක සිට පොඩ්ඩක් ඩාම් ඪූම් වෙලා තියෙනවා. උදාහරණ විදිහට අපිට තුන්වේලකට මෙච්චර බත් ගිලින්න ඕනි නැහැ. මේක ධාන්‍ය හෝ එලවලු වලින් පුරව ගත්ත නම් ලේසියි. ඒක ඇත්තක්. ඒත් ඕනි රටක වැඩිපුර ගිලින ජාතිය කියන්නේ ෆික්ස් දෙයක් නෙමෙයි. යුරෝපීය ජනතාව දැන් හිතලා මතලා කිරලා මැනලා කොල කනවා. ඒත් තාමත් අමරිකානුවෝ සහ උතුරු අර්ධුගෝලයේ බුවාලා ඇති පදම් මස් ගිලිනවා. මොකද මස් කියන්නේ එයාලට එයාලගේ තත්වයෙ ්හැටියට සුලබ කෑමක්. ඉන්දියාවේ උතුරේ ඉන්න මිනිස්සු ආටා පිටි වලින් හදන කෑම වැඩිපුර කනවා. මොකද උන්ට ලාබෙට ලැබෙන සුලබම දේ ආටා පිටි. අප්‍රිකාවේ සමහර රටවල මූලික කෑම තමයි මඤ්ඤාක්කා මඥ්ඤාක්කා වල ඇති හොදක් නිසා නෙමෙයි ඒ. මඤ්ඤකේකා සහ අල වර්ග තමයි ඒ රටවල වැවෙන්නේ. ඔ්‍ය විදිහට තිරිගු ඉරිගු කිරි බිත්තර වගේ විවිධ ආහාර වැඩිපුර ගන්න රටවල්ෙ ලා්කේ ඕනි තරම්.

ඒවා පෝශදායිද?

මෙහෙ විතරක් නෙමෙයි ගොඩක් රටවල ආහාර වේල සහ සාමාන්‍ය මිනිස්සු ගිලදමන විදිහ පෝශදායි එකක් නෙමෙයි. හොදට සකසපු මස් ගිලලා හැන්දෑවට ගිහින් අඩියකුත් ගහලා එන දියුනු රටවල ජීවන රටාව බහුතරයක් පෝශදායි කියන්න බැහැ. ඒ වගේ අනෙක් රටවලත් තියෙන ආර්ථික තත්වය අනුව වඩාත් පුරුදු වෙච්චි ආහර ගිල දමනවා විනා ඕවා ඉන්ඩීටේල් හොයලා බලලා ගිලිනවාද? ඔව් එහෙම අයත් ඇති. ඒත් මගේ පුද්ගලික අදහස තවමත් එහෙම නැති පිරිස තමයි වැඩි ඇත්තේ.

මේ ඇයි මේවා..

මේ කතා කරන්න එන්නේ දැන් ආනයන හෙවත් රටින් එන්න බැරි නිසා දැන් එකඑක දේවල් හිගපාඩු වෙනවා. ඒ අතර කෑම බීම පැත්තෙන් ගත්තොත් අහිමි වෙනකොට දුක වැඩිවෙන හාල්, තිරිගු පිටි, කහ විතරක් නෙමෙයි කිරිපිටි වගේ දේවලුත් දැන් ටික ටික හිග වෙනවා. ඒ හිග වෙද්දි අර මම කලින් කියපු විදිහට ඇයි මේවා කන්නම ඕනිද? ඒවා කෑව වැඩි නැද්ද ආදී බයි හෑලි ලියනෙවනවා. උදාහරණ විදිහට අපේ රටේ එහෙමට හරක් කිරි වලින් ස්කෝ කරන්නේ නැහැ. අපේ ගොයියෝ හරකගෙන් දියුනු රටවල් වගේ ලීටර් පාලහ විස්ස කිරි අදින්න දක්ස නැහැ. ඉතින් අපේ හරක් ඔය වියලි කලාපේ ඉන්න උන් පෙනුමෙනුත් සවුත්තුයි. ඒක අපිට ටිකක් හොද බිස්නස් එකක් නෙමෙ වගේ තමයිපේන්න්. ඒ නිසා කිරි කිරිපිටි විදිහට රටින් ආවා.

දැන් කිරි පිටි නැති වෙද්දි කිරි පිටි වල තියෙන අගුන අපිට වැඩියෙන් අහන්න ලැබෙනවා. තුන්වේල බත් කෑමත් ඒ වගේ. ඇයි තුන්වේල බත්ම කන්නේ කියලා ඉදලා හිටලා ඇහුන දොස්තර කතා දැන් අපිට නිතර ඇහෙනවා.

ඇත්තටම මේවා තව ගැඹුරට යද්දි බෙහෙත් හේත් නැති වෙද්දිත් අපේ මුත්තා ආත්තා අර අහවල් සෑය හැදුවේ බෙහෙත් බීලා නෙමෙයි. ඒවා ස්වභාවයෙන් ගහෙන් කොලෙන් ලැබුනා කියලා බේත් නැතිවීමත් සාධෘරන කරනය වෙයි. තවත් ඉතින් අපේ රටේ බේත් මාෆියාව නිසා ලෙඩෙක් බොන බේත් ප්‍රමාණ්‍ය වැඩි වීම වගේ ඒවත් වැඩිපුර හයිලයිට් වෙයි. හැැබයි ඉතින් මේවා අර අහිමිවීමේ දුක පාලනයට කියන බයි අදෝනා මිස සැබෑව නෙමෙයි කියන එක කට්ටියට තේරෙයිද? නැත්නම් අඇන්දෙයිද? අපි ටිකක් බලමු නේද?

Thursday, August 26, 2021

පෙර දා රට ගිය තොටුපල දොඩන්දූව

දැන් රට යන්න අපි කටුනායකට යනවා . ඊට කලින් කට්ටිය රට ගියේ කොළඹ නැවු තොටෙන්. මාර්ටින් වික්‍රමසිංහගේ එක කතාවක තියෙනවා එහෙම කොළම තොටට වෙලා මගී නැවකින් මගින් එනකල් බලාගෙන හිටපු කතාවක්. ඉතින් මේ රට යෑම එහෙම නැතිනම් වෙනත් රටකට පිවිසීම කරන්න ඉස්සර අපේ මිනිස්සු විශාල ඔරු පාවිච්චි කරලා තියෙනවා. අපි ඒ ගැන බලමු. 



දොඩන්දූව අද 

දොඩන්දූව ගම ඉස්සර සංදේශ කාව්‍ය වලත් වෙන වෙන නම ්වලින් හැදින්වෙනවා. අද නම් දොඩන්දූව වරාය ධීවර වරායක්. එදා ඒක ධීවර වරායකට එහා වෙලද වරායක් මගී වරායක් විදිහටත් ඉස්සර කාලේ වැඩ කරලා තියෙනවා. අද වෙද්දි හික්කඩුවට කිට්ටු සංචාරකයින් ආකර්ශනය කරන දොඩන්දූව යටත්විජිත සමයේදි හොද තොටුපලක් විදිහට පාවිච්චි වෙල තියෙනවා. 


එදා තොටුපල 

දොඩන්දූව තෙටුපල කිව්වට දැන් නූතන වරාය වල තියෙනවා වගේ මීටර් ගානක් ගැඹුරට හාරපු ජැටියක් නැහැ. ඒ කාලේ ඈත මූදේ ලොකු ඔරු නවත්තලා පොඩි ඔරුවකින් වෙරළට එනවා. මේ හරියේ තියෙන මුහුදු බොක්ක වගේ තැන වෙරල තත්වය ඒකට වාසිදායක වෙන්නට ඇති. ඉතින් මේ එදා තොටුපල හරහා කට්ටිය ලොකු ඔරු වල නැගලා ලංකාවේම වෙනත් තැන්වලට ගියා මඩකලපුව කල්මුනේ පැත්තට ගිහින් ඔරු වලින් වෙලදාම් කලා. යාපනේ කල්පිටිය පැත්තෙත් ගිහින් වෙලදාම් කලා. එතනින් එහාට ගිහින් ඉන්දියාවේ කේරල සහ තමිල්නාඩු වල වරායන් වලට කල්කටා වලට සහ මියන්මාරයට තායිලන්තයට පවා මේ විශාල ඔරු වලින් එදා යාත්‍රා කල බවට සදහන් වෙනවා. 


වෙලදාමට භාවිතා වූ දොඩන්දූව 

අද වගේ නෙමෙයි ඒ කාලේ ගම් වලට චීනෙන් චීන ජාතික රෙදි පොට්ටනි කාරයෝම එනවා. එයාල මේ දොඩන්දූව වගේ පොඩි තොටුපල වලින් නැව් වලින් ලාබෙට බඩු ගෙනල්ලා ඒවාත් ඔසවාගෙන ගම්මාන කරා යනවා. ගෙයින් ගෙට ගිහන් හෝ පොඩි කඩමන්ඩි වල වෙලදාම් කරන මේ කට්ටිය වෙලදාම් කරලා ආයේ තමුන්ගේ රටවලට යනවා. ඉතින් මේ වගේ දොඩන්දූව පැත්තේ තිබුන බඩු ජාති වෙන තැන්වලටත් වෙන තැන්වල බඩු ජාති දොඩන්දූවටත් ගෙන එන්න මේ තොටුපල මැදිහත් වෙලා තියෙනවා. 


පැරණි බදු ආදිය 


ලන්දේසි යුගයේදී මේ දොඩන්දූව තොටුපලේ බදු අයකරන්න රේගු නිලදාරියෙක් ඉදලා තියෙනවා. එයා තමයි රටින් එන බඩු වලට රේගු බදු එකතු කරන්නේ. ගාල්ල වරාය විශාල වරායක් ලෙස තිබුනත් දේශිය අය අඩු මිලට පහසුවෙන් යාත්‍රා කරන්නට මේ තොටුපල පාවිච්චි කරන්නට ඇති. ඒ වගේම මෙතැන ගැන කියවෙන පැරණි අදහස් වල මේ තෙටුපල තොටුපලක් විදිහට වගේම වෙලදාමටත් වැදගත් වු තැනක් විදිහ දැක්වෙනවා. 


ජාඩි කරවල වලදාම 


ඒ කාලේ මාලු අල්ලලා දැන් වගේ ශිත කරන්න බැහැ නේ. මේ ඒ කාලය කියන්නේ ලංකාවේ මුහුදුබඩ පලාත් යටත්විජිත පාලනය තිබුන කාලේ. 1505-1948 කිව්වොත් හරි නේද? ඉතින් මේ කාලයේ ලංකාවේ උදවිය දොඩන්දූව තොටුපලෙන් නැගලා ඉන්දියාවට යනවා. ඉන්දියාවෙන් අල්ලගන්න මාලු මහා පීප්ප වල ලුනු ගොරක දාලා අතුරනවා. අතුරලා ඒවා ලොකු ඔරුවල පටවලා දොඩන්දූවට ගේනවා. මේ මහ පීප්පයක කිලෝ තුන්හාරසියක් විතර මාලු අතුරන්න පුලුවන් කම තිබිලා තියෙනවා. ඉතින් මේ පීප්ප වලට මාලු පුරවන්න ඉන්දියාවේ වෙරළ බඩට යන එක ඒ කාලේ බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ ගෙනල්ලා දෙඩන්දූවෙන් ලංකාවට ඇවිත් ඉන් පස්සේ ජාඩි මාලු පීප්ප ඇතුලේම ගම්මාන කරා යනවා. ඉතින් ඒ විදිහට තමයි ඒ කාලේ ජාඩි බිස්නස් එක වෙලා තියෙන්නේ. 


ශාසන කටයුතු ආදිය


පහතරට මිනිස්සුට කාලයක් තිසේස හැදුන ආර්ථිකයක් තිබුනා. පෘතුගීස් ලන්දේසි කාලේ ඉදලා සල්ලි අතගාල හුරු වුන ඒ දකුනේ පැතිවල මිනිස්සුන්ට හුදෙක් කකා බිබී ජීවත්වෙනවාට වඩා යම් දෙයක් තිබුනා ජීවිතේ. ඉතින් පහතරට පැතිවල බෞද්ධ ශාසනය පිබිදීමත් එක්ක හාමුදුරුවෝ විදෙස් රටවලට යන්න පුරුදු වුනා. ඒ අය විදෙස් ගතවෙලා විදෙස් කන්ඩායම් සමග ශාසනික කටයුතු පවත්වා ගත්තා. ඉතින් ඒ විදිහට ඔය වෙලද නැව් වලට ගොඩ වුනු ස්වාමින් වහන්සේලා ඉන්දියාවේ තොටුපල වලට සහ මියන්මාරයේ තෙටුපලට වලට ගොඩ බැස්සා. ඒ වගේම තායිලන්තයටත්ෙ ම් හාමුදුරුවරු ගිහ්න 1800 ගනන් වල සම්බන්ධකම් තියාගත්තා. දකුණේ දොඩන්දූව සහ මාතර පැතිවල විහාරස්ථාන වල තියෙන චිත්‍ර සහ විහාර කර්මාන්ත වල දකුණු ඉන්දීය ආභාෂය දකින්නට ලැබනවා. මේ ආකරයට චිත්‍ර ආදිය දකුණු ඉන්දීය මාදිලි වෙන්න දකුණු ඉන්දියාව එක්ක ඒ වෙද්දි තිබුන සම්බන්ධතා හේතු වෙන්නට ඇති. 


දකුණේ සංස්කෘතික තත්වයන් සහ මේ තෙටුපල 


කේරලයේ නැටුම් සහ අපේ පහතරට නැටුම් අතර යම් සමානතා තියෙනවා. හරියටම කියන්න බැහැ පහතරට නැටුම් ඉන්දියාවේ කේරලෙන් ආවා කියලා. ඒත් බැලූ බැල්මට යම් සමානකම් තියෙනවා. මේ ආකාරයට විදෙස් සබදතා එක්ක දියුනු වුනු තත්වය දකුණේ වෙනමම සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිකරන්නට සමත් වුනා. 


නාවික තාක්ෂණය 


නාවික තාක්ෂණය කියලා හැදින්නුවාට මේ තැන ලොකු දෙයක් නැහැ. ඒත් විදෙස් ගත වෙලා ඒ කටයුතු කරන්න තරම් හොද ශක්තිමත් හැකියාව තියෙන විශාල ඔරු හදන්න දොඩන්දූව පැත්තේ මිනිස්සු සමත් වුනා. ඒ විශාල ඔරු වල කොල්ලෑවක් තිබුනා. අවශ්‍ය නම් හබල්ගාන්න පුලුවන්. ඒත් මූලික වශයෙන්ම රුවල් වලින් තමයි යාත්‍රා කලේ. මේ විශාල ඔරු වසරේ එක කාලෙකදි ගොඩට අරගෙන හොදට ලනු බැමි ආදිය ශක්තිමත් කරලා නැවත නඩත්තු කටයුතු කරනවා. ඉතින් මේ විශාල ඔරු හදාගෙන ගැඹුරු මුහුදේ යාත්‍රා කල නැව් හැම එකම සාර්ථක වෙන්නේ නැතුව ඇති. ඒත් ඒ කාලේ ඒ අවධානම ගත්ත අපේ පැරැන්නෝ යම්තාක් දුරකට හරි දේශීය තාක්ෂණය පාවිච්චි කරලා දේශ දේශාන්තර තරණය කලා. 


අවසාන ඔරුව 


ඔන්න කාන්ඩයක් එවකට තිබුන අවසාන විශාල ඔරුව පාවිච්චි කරලා හම්බන්තොටින් ලුනු ගේන්න ගියා. හම්බන්තොටින් ලුනු පටවගෙන දොඩන්දූවට එන්න ඔරුව දියත් වුනා කියලා ආරංචි වුනා. ඒත් ඔරුව සති ගානක් බලා හිටියත් ආවේ නැහැ. ඒ විශාල යාත්‍රාවේ ගිය පිරිසගේ ඥාතින් සමහරු පාන්සකුලයත් දුන්නා. මාස දෙක තුනක් ගියාට පස්සේ කරත්ත වලින් ඒ අවසාන යාත්‍රාවේ පිරිස ගෙදර ආවා. ඔවුන්ගේ ඔරුව අනතුරට ලක් වෙලා. මාලදිවයින් යාත්‍රාවකින් ඔවුන් බේරාගෙන ඔවුන් මාලදිවයින් ගිහින්. ඉතින් ඒ කරලා ඊලගට කොළඹට එන නැවක් එනකල් ඉදලා එයාල එද්දි මාස ගානක් ගත වෙලා. 


අවසානය 

ඒක සිද්ද වෙන්නේ 1930 දි.ඒ වෙද්දි මෝටර් බෝට්ටු නැව් ආදිය ජනප්‍රිය වෙලා තිබුන නිසා දොඩන්දූව තොටුපලෙන් ගත්ත වැඩ හෙමිහිට අඩු වෙන්නඅ ැති. ඉස්සර ඔරු 30-40ක් තිබුන බිසී තොටුපලක් වුන දොඩන්දූව අවසානේ ඔරු දෙකතුනක් ගැවසෙන තැනක් වුනා. ඉතින් ඒ තැන ඉන් පස්සේ තොටුපලක් විදිහට අභාවයට ගියා. ඒත් දොඩන්දුවේ විහාරස්ථාන සහපැරණි දේවල් හොයන අයට මේ සලකුණු තාමත් එහෙන් මෙහෙන් හොයාගන්න පුලුවන්. 




Friday, July 23, 2021

No Current ඔන් වෙඩින්

 


ගෑනුට අපහසුතාවය 


සියලු දේ විවිධ ප්‍රසංගයක් පරිදි මනාව සංවිධානය කර තිබුනත් තිබෙන අධික රස්නය නිසා හෝල් එකේ ඒ කිසිවක් කරන්නට නොහැකිය. එලිය ගානට ඇතත් රාත්‍රිය වුවත් ඇතුලත සිටින පිරිස නිසා රස්නය වැඩි වී ඇත. ශාලාවේ කිහිප තැනක පාටි කිහිපයකි. එයින් එකක කොණක මුලදි බැන්ද ආදරයක මිහිර දැන් යැයි මනමාලියගේ අම්මාගේ පිරිස මහ සද්දෙන් ගීතයකි. අනෙක් කෙළවරක මනමාලියගේ පොශ් මිතුරියන්ගේ කුඩා එකතුවකි. ඒ අතර එකියක් විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි වි ලයිට ්නැති වූ කල  කළුවර වඩා හොදයයි හොරෙන්ම ශොට් එකක් වැඩිපුර දාගත් නිසා දැන් වැනෙන්නීය. තව එකියක් හිමීට කබ්බා දමා දැන් පලාතම ගද ගස්වා ඈ නොවන පරිද්දෙන් සිටින්නීය. 


හෝල් එකට විදුලිය නැත. සී සී ටීවි බලන අයට විදුලිය බෙදන පද්ධතියක් උඩට කවුදෝ කෝට් කාරයෙක් පැමිණ පාර්සලයක් දානු පෙනී තිබුනි. මියුසික් බෑනඩ ්එකටද වායුසමන පද්ධතියටද විදුලිය නැති අතර ලයිට පමණක් දැල්වෙන්නේ කුඩා ජෙනියක බලයෙනි. කිසියම් හෝ කඩාකප්පල් කාරයෙකු විසින් විදුලි බෙදුම පෙට්ටියට වතුර වත්කර ඇතැයි කියති. එහෙත් පෙට්ටිය බලන්නට ගිය තාක්ෂනික බුවට නම් සැර චූ ගදක් ආවේය. ඒ අනුව එය මුත්‍රා පාර්සලයක් විය හැකිය. එහෙත් මෙතරම් වැසිකිලි තියෙද්දි කවුරුන් කුමක් නිසා මෙ ්ෙපට්ටියට මුත්‍රා පාර්සලයකින් ගැසුවේදැයි කවුරුත් නොදනී. 


පිරිමි අපහසුතාවය 


වයසක පිරිමි ඉල්ලන ජෝති මිල්ටන් ආදී සිංදු මේ කොළඹ මහේශාක්‍ය වෙඩිමකදි ලබාගත නොහේ. ඇරත් ඉංගිරිසි කතාකරන කොළඹ නෑයින්ට ලැජ්ජා කිරීමට සිංහල සිංදුවක් දාපියෝ යැයි කෑ ගහන්නට ගමේ නෑයින්ට බැරිය. එහි කොළ වැදගත් පවුලක පිරිසක් යැයි මනමාලි සහ මනමාල පාර්ශවේ දෙපාර්ශවයම දැනුවත් කර තිබුනි. එහෙත් පිරිසක් සියඹලාන්ඩුවේ සිට කෝට් දාගෙන පැමිණ තිබුනි. තවත් පිරිසක් ආසන්නතම ගම හම්බන්තොට යැයි කිව්වත් ඔවුන් හම්බන්තොට සිට බස් දෙකක යන තරම් දුර ගොංකටුආර සිට පැමිණ තිබුනි. නුවර යැයි කී ඇත්තෝද නුවර ඇවිත් ඇත්තේ කිහිප වතාවක් පමණි. ඒ නයින් බලන කල කොළඹ යැයි කිව හැක්කේ හෝල් එක තියන තැන පමණි. වටේම සිටි ඇත්තෝ ටිකකින් එකතු වූහ. 


කෝට් එක දාගැනීමත් එයට ටයි දාගැනීමත් මෙවැනි මගුලක අනිවාර්යය. එහෙත් හදිසියේ පූරුවේ වාසනාවකට මෙන් ලයිට් ගිය නිසා ගමෙන් පැමිණි සේතං මාමාට නම් ලැබුනේ සහනයකි. සේතං මාමාද පවුලගේද දරුවන්ගේ කීමට කඩපලේ ටේලර් සාප්පුවෙන් කෝට් බෑයක් ගත්තේය. ටයි දාන්න පෙරැත්ත කලාද බෙල්ල හිරවී මැරෙන්න යනවා වැනි හැගිමක් එන හෙයින් සේතං ටයි එක ප්‍රතික්ශේප කලේය. දැන් සේතං මාමා සිටින්නේ කෝට් එකත් ගලවාගෙනය. අත් දිග කමීසයේ කහට පැල්ලමක් ලාවට පෙනුනත් එය රෑ පාටිය නිසා වැඩි ගානක් නැත.  සේතං මාමාට කුනු බාල්දියක් හසුවී තිබේ. හම්බන්තොට නෑයින් ලෙස කුනු බාල්දියකට ගසමින් සින්දු කීම අසෝබන යැයි දැන්නුවත් නුවර සිට පැමිණි නෑයින්ද මාමා..ඕක තට්ටුවට හොද තමා මාමට හොදට ගහන්න පුලවන් නේ යැයි කියූ නිසා දැන් සේතං මාමා එයට තඩිබායි.. කවාලා විලද ජාති.. ඇතිකරා..ත් රං කූඩුවේ ගිරවා.. 


සංදර්ශන අපහාසුතාවය 


සංදර්ශන කිහිපයක්ම ඇතුලත්ව තිබුනි. සර්පයිස් නැටුම්ද කිහිපයකි. එහෙත් ඒවාට සංගීතය අඩුය. යමෙක් ස්පිකර් එකක් ෆෝන් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවද එයද හිට්ටේය. වරක් විදුලිය විනාඩි පහකට පැමිණි අතර එයද එකවර ඇණහිටියේය. සිංදු කියන වාදනය කරන කාන්ඩේ එක කෙළවරක පොස් කෙල්ලන් කොල්ලන්ට ක්ලැසික් ආකාරයෙක් පොඩි විනෝදයෙක් දෙයි. එහෙත් තුන්සිය පනහක් විතර සිටින සමස්ථ ශාලාව කවර කරන්නට ඔවුන් ට නොහෙැකිය. තැන තැන ඇසෙන මියුසික් කුට්ටි නිසා වෙඩිම එකම ජංජාලයකි. බෝතල් මදි වූ හෙයින් ලග බාරයෙන් තව බෝතල් කිහිපයක් ගෙන ඒමට ද සිදු විය. ඒ අසසෙ ්ෙකාවිඩ් නීති නිසා ලං වෙන්නටද බාධාය. කල්ලි වශයෙන් වෙන් වීමටද එයද හේතුවකි. 

නැති පුක නලවා ලෙලවා තණ් ගස්සා සැස්සි ඩෑන්ස් එකක් දැමීමට සිටි චානි සිටිනනේ හරිම කේන්තියෙනි. බලන්න මෙයා මේ හීට ්එකේ පුලුවන්ද අපිට ඩෑන්ස් කරන්න. අයෝ අයෝ..මේකනම් සෝ සෑඩ්.. මම පැක්ටිස් කලේ නැහැ මට පුලුවන්. එත් අනෙක් අය පැක්ටිස් කරලා නේ ඉනනේ. අපි වෙනද කෝමද අප්පා ෆන් ගන්නේ. මේමද? නෑනේ. 


පිංතුර අපහසුතාවය 


පිංතුරයක් ගන්නට පෙරුම පුරමින් සිටි මුත් පිංතුර කාරයන්ගේ වැඩේටද ලයිට යෑම හරස් විය. නැටීම් දැගලීම් සර්පයිස් ආදී සියල්ල කවර් කිරීමට පැමිණි පිංතුර කරුවන්ට හැටේ දශකයේ මගුලක මෙන් පවුල් ජායාරූප ගැනීමට සිදුවිය. ඉවෙන්ට ගාන සහ අපහසුකම් අඩු වූ නිසා ලයිට් කාරයෝ නම් සතුට්න් සිටියෝය. පිංතුර අධ්‍යක්ෂක කට්ටිය ලං වෙන්න. ආ හිනා වෙන්න ආදි ලෙසින් කුට්ටි කුට්ටි එකතු කර පිංතුර ගත්තාය. එහෙත් පිංතුර සෑම එකකම පාහේ එකෙක් දෙකෙක් හෝ දාඩිය පෙරාගෙන අපහසුවෙන් සිටියෝය. මනමාලිද විටින් විට ටිෂු වලින් මුහුන පිසදාන මුත් ඒ සෑම වතාවකම ටිෂූ වල ඇලෙන මේකප් එක ඇයට වදයකි. මනමාලටත් කෝට් එක ගලවා දැන් අර මිතුරන් සමග හෝ අංකල් සෙට එක සමග සෙට් වන්නට සිතෙන මුත් අදම ගෑනි එක්ක වලි ඇල්ලිය නොහැකි බැවින් ඔහු ඈ හා සිටී. 

මේ අපි දැන් ටේබල් යන්න බැහැ නේද? මාමල ගේ සිංදු නම ්මරු වගේ නේද? අපේ උන් කියන්න හදන ඉංගිරිසි සිංදු බබා උන්වත් දන් නැහැ..ඉංගිරිසියෙන් කියන්න ඕනි හින්ද නේ ඔය. උන්ටත් තිබුනේ මාමල එක්ක සිංදුවට සෙට් වෙන්න. අපි ඒ ගම් වල යමු ඈ. අපේ ගම කියලා යනනෙ නුවර නේ..කදු විතරයි.මට ආසයි ඔයාලයි පාතරට ගම් පලාත් බලන්න. මනමාලයා ලත් ඇසිල්ලෙකින් මනමාලිය සමග කතාවක් පටන් ගන්නට හැදුවේය. 

ඔවු ඔවු.ඒ පැත්ත ලස්සනයි තමයි . නුවර ඉතින් කදුමනේ.. ඒත් හෝල් එකේ කට්ටියත් බලාගෙන ලැජ්ජයි නේද? සිංහලෙන් සිංදු කියන එක. අනික සින්දුයැ හානවා නේ. කොච්චර හොදට ප්ලෑන් කරගෙන හිටපු ඉවෙන්ට් එකද අනේ මේ. ඔයාට කලින කියන්න තිබුන නේ මේ වගේ ජෙනියක් නැති හෝටලයකට මාට්ටු වුනේ  අපරාදේ. මනමාලි එතැනදීත් ඇගේ මැසිවිලි පොට්ටනිය දමා ගසන්නට හදන්නීය. 

ආ හා මේ බබා. දැන් ඕක නවත්තමු. නැත්තං මගේ මරු නගිනවා. ඔයාට නේද අපි පොඩි එකක ගමු කිව්වම මේ මහ විසාල ග්‍රැන්ඩ් ඔඩසි එකේම ගන්න ඕනි වුනේ. මම ඒ වෙලාවෙත් කිව්ව ලොකුකම විතරයි ඇති දෙයක් නැහැ මේකේ  කියලා. මනමාලයාට තරමක් තරහ ගොස් මෙන් කතා කලේය. 

ආ හා ඇති ඇති.මෝඩ් එක අවුට් යනවා. අපි දැන් ටිකක් හිනාවෙලා ඉමු මනමාලිය නැවත මනමාලයා සනසවන්නීය. 


කෑම අපහසුතාවය 


කෑමට නම් ඒ හැටි අපහසුතාවයක් නැත. කට්ටිය සිරිත් පරිදි බෙදාගෙන ඇවිත් තැන තැන තබාගෙන කෑවෝය. වේඩිමේ දාඩිය දැමීම සහ උනුසුම නිසා ඇතැමුන්ට හැදි ගෑරුප්පු අමතක විය. දඩි බිඩි ගා කා දමන ඇතැම් අය වොශ් රූම් එකට ගොස් ඉදුල් අත හෝදාගෙන ආවේය. ඇවිත් නැවත සෙට් විය. කෙසේ වෙතත් ගෑනු අයට නම් මේ කෝලම ඇතිවී තිබුනි. පිරිමි උදවියට නම් කෝට් එක ගැලවූ පසු සනිපයක් ලැබේ. එහෙත් ගෑනුට හැට්ටය ගැලෙව්වත් වටිනා බොඩිය සහ තවත් යට අටමගල් කිහිපයක් තිබෙන නිසා සිටියේ අපහසුතාවෙනි. මගුල් ගෙදර පැමිණි මල් මෙන් සැරසුන පොඩ්ඩෝ දැන් ෂර්ට ගලවාගෙනය. මේස් ගලවාගෙනය. ඇතැම් උන් ගෙදරදිත් ඊට වඩා හැඩට ඉදී. 


අක්කේ කෑම ටික එච්චර හොද නැහැ නෙ. මට නම් බත් එක විතරයි හොද? අර කොහොමෙයි අර මස් හදා තිබුනේ. එහෙම සීනි රහට කන්න ඇහැක මස්. රංජනී නැන්දා තවත් නැන්දෙකුට කියන්නීය. 

උඹල මේ කොළඹ හොටල වලට ආවම නෙ. මම නම කීපකට ඇවිත් තියනවා රංජියො. කිව්වට මොකද බන් කෑමනම් මෙහෙම තමයි ඉතින්. අර සම්බල් ඩිංගක් වැඩියෙන් දාගනින් මිරිස් ගතියට. හාරපන්දහක් වුනාට පිගාන කෑමට එච්චර දෙයක් නැහැ. උඹ අර සුප්පෙක දාගත්තේ නැහැයි බන්. ඒක නම් රස්නෙ නැහැ බාගෙද කරන්ටක නැති නිස වෙන්න ඇති. මීට හොදයි බන් හංදියේ කඩෙන් උගේ අජිනමොටෝ රයිස එකට ඉස්සොා් ටිකක් හෙම දාල ගහන්න කියල කෑව නම්. මිරිස් රහට ගානට තියෙ ඒවැ. මටත් කෑම නම් එපා මේ ලොකු හොටල වල. ඈ පිලිතුරු දුන්නීය. 


හෝටලේ කට්ටිය 


මොකෙක් හරි පකයෙක් ඕකට චූ දැම්මේ නැත්තං කිසි අවුලක් නැහැ නෙ ්බන්.. කොහොමද බන් මේ අස්සේ ලොකු ජෙනි හොයනේන්. තුන්සිය පනහකට ඒ සී දෙන්න ලොකු බාන්ඩයක් ඕනි නෙ. අනේ මන්දා . කෑම කන්න දීලා තව අර රූම් වල තියෙන ස්ටෑනඩ් ෆෑන්ස් ටිකවත් ගෙනත් තියාපල්ල. පොඩි ලොක්කෙක් කාර්මිකයින්ට කෑ ගසන්නේය. මේක බෝඩ එකේ ලොකු ඩැමේජ් එකක් වගෙ අප්පා. මට නම් තේරුමක් නැහැ. බෝඩ් එක දාන්න වෙයිද මන්ද. අපිට කියලා දීලත් නැහැ බං මේවා. වෑරින් එකක් කලාට අපි බෝඩ් ගැන දන් නැහැ බන්. කාර්මිකයෙක් තවත් කාර්මිකයෙක්ට දුග් ගැනවිල්ල කියයි. 


සමරෙ මාමා 


සමරෙ මාමා වෙඩිමට ආවේ ගෙංකටුආර පාර්ශවයෙනි. වෙඩින් එකේ අයට තේරෙන භාෂායෙන් ඔහු හම්බන්තොට නෑයෙකි. වෙඩිමට එන අතරමග හුජ්ජ බරක් එහුට ඇති විය. හයි වේ එකේ ආ විශාල බස් රිය මගද ීහුජ්ජ කරන්නට නවත්වන විදිහක් නැත. බිරියද හොදින් නිදිය. කෑමට ගත් මාලු බනිස් දෙක කාලා හමාර වී බෑගයද තිබේ. ඉන් පසු හෙමිහිට සිප් එක පන්නා ලංකට් එකෙන් බිජ්ජ පාදාගත් සමරෙ මාමා සීල් කරන ලද බෑගයට හොදින් චූ පාරක් දැමමේය. ඉන් පසු මනාව නැවත ඔතා වයිෆ්ගේ හෑන් බෑග් එකට මුත්‍රා පාර්සලය දැම්මේය. 


මේ මම චූ ටිකක් දාලා පාර්සලයක් ඇති ඔයාගේ හෑන් බෑග් එකේ. අපි ඒක වෙඩිමට ගියාම හිමිහිට අයින් කරමු. සමරේ මාමා කීවේය. වයිෆ්.." මොනාද ඕයි කරේ. ඔය බෑග් එක ඉල්ලං ආවෙත් සිරිමති ටීචර් ගෙන්" ඒකෙත් හුරිජ්ජ ගානව කො කොහොම හරි. ඔන්න තමුසෙම අරං දාගන්නවා. බීලා නටන්න කලින්.. 


ඉන් පසු සමරෙ මාමා වෙඩින් ශාලාවට පැමිණියේය. පැමිණ ටිකකින් චූ පාර්සලය රැගෙන එලියට ගොස් කාටවත් පෙනේවියැයිය බියෙන් වටපිට බැලුවේය. කැබිනෙට්ටුවක් වැනි යමක් තිබුන අතර එය රත් වී තිබුනි. ඔහු සැනින් එය ඇර පාර්සලය දමා සුලු වේලාවකින් විදුලිය විසන්දි විය. සමරෙ මාමා පවුලටවත් ඒ ගැන නැවත නොකි අතර මේ බඩකඩුත්තු ගෝසාව නැතිවුන එකම මැදැයි. දැනි ඉතින් සිංදුවක් අල්ලලා බීලා රුපියල් පන්දහ දීලා ආයේ යන එක නෙව. මොන කුනුහබ්බද මේ. කියා සිතමින් සිටියේය. 


Thursday, July 22, 2021

රියදුර ුතැන

අම්මේ ඔයාලගේ මුරකාරය එක්ක බෑ අප්පා. ඌ නාන්නේ නැහැ. හරි ගදයි.

චාරුනී අ්මාට කීවාය. චාරුනී ගැන අම්ම ාෙහාදින් දනී.

හරි පුතා. මම සේනකට කියන්නම්කො.

ඒ මනුන්සයා බොන්නෙත් නැහැ. එලවන්නෙත් හෙන ස්ලෝ අප්පා. රෑටවත් ඉක්මන්ට යන්නේ නැහැ.. මොකෙද්ද අම්මා ඒ.. එයාව යවල වෙන හැන්සම් කෙනෙක් ගමුකො.

මොකද දුව මේ. දැන් කලින් එවුව හැංසම් කෙනා හෙන පස්න පත්තරේ.. හැම එකම අහනවා. ඒ මදිවට ඔයාගේ යාලුවො ගැනත් අහනවා..කිසි ලල් එකක් නැහැ ඒ මිනිහා ගෙොඩයා කිව්වා. අපේ ඩ්‍රයිවර් දුන්නම ඔයා එයා එක්ක බෑ රෑට එලවද්දි නිදි කිරනවා කියනවා. ඔයා තනියම යවනවා කියන්නේ තව වාහනයක් දෙකක් ගන්න සල්ලි වියදම් වෙනවා. ඇරත් අපිට පොලිසියටයි උසාවියටයි හැම තැනටම කෝල් කර කර වාත වෙනවා. පුරුදු වෙන්න මිනිස්සු එක්ක ඉන්න.

එහෙමම නෙමෙයි අම්මා. මෙයා අපේ අසංගි නිමා එක්ක හෙම හෙන ෆිට් වෙලා. මාත් එක්ක වැඩි කතාවක් නැහැ. අසංගියි නිමායි හනවා කෝ අද සේනක අංකල් කියලා මම මෙයාව පාක් එකට දාලා ගියාහම. මෙයාට වැඩක් නෑනේද අම්මා එයාල එක්ක ෆිට් වෙන්න. චාරු කීවාය.

දරුෙවා්. ඔය අප් වහල්ලු නෙමෙයි. එයාල මිනිස්සු. මමත් ඔය සේනක එක්ක යනවා නේ. ඔයා කියන කිසිම වරදක් මට නැහැ නෙ. ටිකක් හුරු වෙන්න කෝ දුවේ. අපිට ඕනි විදිහට හැම දේම වෙන්නේ නැහැ. ඔයාට ඉරිසියාව ඔය තියෙන්නේ. මාත් පහු කලානේ ඔය කාලේ.. අම්මා කීවාය.

වැඩේමයි ඒ අංකල්බුවාට ඉරිසියා කරන්න.
---------------------
ලොකු නෝනා අද කොහොද යන්නේ. මාකට් යනවාද? නැතිනම් සුපර් මාර්කට් යනවාද? බඩු ටිකක් ගන්න යමු කීවාට පසු සේනක ඇසුවේය.

ඒක නෙමෙයි සේනක. ඔයා ගමනක් යද්දි ඔය ඔලුවේ ගාන බූත තෙල් ජාති ගාන්න එපා අප්පා. ඔයාගේ ලග සුවද නහැ කියලා අන්න දූ කම්ප්ලේන් කරනවා. ටිකක් මනුස්සයෙක් විදිහට එනවකෝ. =යං ඇතුලට මා එක්ක සුපර්මාර්කට්. මම අරං දේනනම් හොද ජෙල් එකක්. ඒක ගාල යන්න. ම්ම්.. තව දෙයක්. දුව එකක් පාටි යද්දි ඔය සුදු ඇදුමම ඇදන් යන්න කියලා නීතියක් නැහැ. ටී ෂර්ට් අදිනවද? සේනක?

ඔව් ලොකු මැඩම් මම අදිනවා. මම වැඩට ඉතින් සුද අදින්නේ. ඒකේ අවලක් නැහැ මට අදින්න පුලුවන්. මම ගමෙ ේගියාම ටී ෂරට් දෙකක් තුනක් අරං එන්නම්.

ගමේ යන්න ඕනි නැහැ මිනිහෝ. ට්‍රෙන්ඩි එක ගාවින් නවත්වනවා. මම ටී ෂරට් තුනක් දෙන්නම් ඒ තුන අදින්න ට්‍රවුසර එකකුත් ගන්න. ඕනි නම් ලංකට ්එහෙමත් ගන්නවා ඉතින්. ලැබුන වෙලාවෙන්.. නෑ වගේ හිටියට තමුන්ට අරක තියනවා නේ.

හිහි මිස් කියන ඒවා ඉතින්..

මේ සේනක. දුව මොනාටහරි ඇබ්බැහි වෙනවාද? මොනාහරි නරකම මිනිස්සු ආශය කරනවාද කියලා බලාගන්න එකත් ඔයාට අයිතියි. ඉතින් දුවගේ හිත ගන්න ටිකක් බලන්න. හැම තිස්සේම පරණ පොලිස් කාරයා වගේම ඉන්න එපා ඉතින්.

චාරු ගේ මව සේනකට කිව්වාය.

ලොකු මැඩම් නම් කියයි. පොඩි බේබි කාර ්එකට නගිනවා ෆෝන් එක අරං. බහිනවා ඒක දිහා බලං. මම මොනා කියලා කතා කරන්නද? අපේ බේබිට වඩා නම් අර බේබිගේ යාලුවෝ අසංගි නිමා හෙම හොදයි වගේ. එයාල එක්ක මම ටිකක් ෆිට් වෙලා ඉන්නේ ලොකු මැඩම්. එයාලගේ ජෝක්ස් අනන් මනන් මට වැඩිය අල්ලන් නැහැ. ඒත් මාව ෆේස්බුක් එකෙත් ඇඩ් කරගෙන. මට විස්කි බෝතල් කොටේකුත් දුන්නා අසංගි බේබි ඔක්කම ඉවර වෙලා බොන්න කියලා..

ම්ම් ..ආව් ආව්..සේනක කොල්ල එහෙනම් කෙල්ලො එක්ක හොදයි නේද? අහා අහා.. හොදයි හොදයි. මේ සේනක ඔය ඇයි හොදයිය අපේ කෙනාට පොඩ්ඩක් ජෙලස් වගේ. අපෙ ේෙකනා එක්කත් ටිකක් කතා බහ කරනවා.ඉතින් කියාදෙන්න ඕන නැහැ නෙ. මොකෝ බබාලයැ.. ටැක්සි එලවන කාලේ ගෑනම කීදෙනෙක් ව ටෝක් කරලා තියෙනවා ඇතිද තෞසෙ..

අනේ නෑ ලොකු මැඩම්. මම එක්ක ඒ කාලේ ගියෙත් මැඩම් වගේ වැඩිපුර කතාකරන අය. මම වැඩිය කතාබහ අඩුයි. ඒකටම කැමති නිසාද මන්දා නේ මැඩමුත් මාව ගත්තේ.

සේනක පිලිතුරු දුන්නාය.

හ්ම්ම්..ඒවයෙන් වැඩක් නැහැ. කොහොම හරි දුව ගැන පොඩි ඇලට් එකක ඉන්න. හැම දේම කොටු කරන්න එපා. හැම දේම මට කියන්නත් එපා. එක පැත්තකට වැඩි වගේ නම් මාව දැනුවත් කරන්න. ලොකු මහත්තය ගැන දන්නවා නේ. එයා ඔය අහන පස්න හැම එකටම උත්තර දෙන්න ඕන නැහැ. බොරු නොවන උත්තර දුන්නම ඇති.

ඊයේ ගොඩක් රෑ වුනාද බේබි එද්දි කියලා ඇහුවම. දොලහට කලින් නම් ආව මහත්තයා. ට්‍රැෆික් තිබුනා කියලා වගේ කීවම ඇති. ගිහපු තැන කරපු දේවල් හැම එකම එයාට ඕනි නැහැ. දන්නවා නේ තාත්තලා ගේ හැටි.

මැඩම් සේනකට කිව්වාය.

හරි නෝනා. මම ටැක්සි කාරයා වුනාට ඉතින් රහස් රකිනවා. ඇරත් ඉතින් මේ පෞල් කේස් ගිනි තිව්වොත් මාවත් කැපෙනවා නේ. හෙහ් හේ හෙහ්..
---------------------

අඩේ මොනාද සේනක මාම ඒ සුවද? අද අලුත් කිට් එකකුත් . මොකද ඒ පාර කෙල්ලෙක් බලන්න වත් යන්නද? මාව බස්සලා.. චාරු සේනකගෙන් ඇසීය.

අනෙ එහෙම එකක් නැහැ චාරු මිස්. මම අදින හැටි හොද නැහැ කියලා ලොකු නෝන මට කිව්වා. මට පෙඩි ඇදුම් ටිකකුත් ගන්න කියලා වවුචර එකකුත් දුන්නා. ඉතින් මම ගත්තා ආයුර්වේද තෙල් ගෑවම කොන්ඩේ යනවා වැඩිවෙනවා කියලා මේවා ගාන්න කිව්වා. සුවදට මීමැස්සොත් එනවා කියල කිව්වේ. සේනක කිවේව්ය.

අනෙ අනේ සේනක. මොකක් හරි හොරයක් තියනවා සේනක අපේ අම්මත් එක්කලා. මොකද පරණ ලෞ එකක්ද? ඈ.. ආ මොනා උනත් කමක් නැහැ. හොදට ඇදලා මේන්න මේ වගේ එන එක හොදයි.

මේ ඒක නෙවෙ පුංචි නෝනා මම අර අසංගි නෝනා විස්කි කොටයක් ගෙනත් දුන්න කතාවක් කිව්වා ලොකු නෝනා මට විස්කි එකක් අරං දෙයි කියලා. ම්ම්හු.. ආ අලුත් කතා පටන් අරං වගේ නේද කියල ලොකු නෝනා විහිලු කලා විතරයි නෙ. අසංක කිව්වේය.

ඉතින් සේනක ඒක මොකටද අප්ප අම්මට කිව්වේ. දැන් එයා හිතයි අපි හැමදාම විස්කි බොනව කියලා. චාරු ඇසිය.

නෑ නෑ මිස් මම හිටියේ අසංගි නෝනා බාගයක් දුන්නා කිව්වම අපේ ලොකු මිස් මට විස්කි ලීටරය්ක් අරං දෙයිය කියල නේ. අර පොරෝ තුනේ කතාවෙ වගේ.. සේනක පිළිතුරු දුනි.

හයියෝ. මෝඩයා. මොනාද හලෝ. ගන්න සල්ලි ඔක්කම ගෑනිට ගෙනහින් දෙන්නේ. විස්කියක් අරං බොනවකෝ. පෙරේතකම විතරක්. මට විස්කි එක්ක වැඩි ලේ එකක් නෑ සේනක අංකල්. මම ආස ඉතින් අනික් දේවල් වලට නෙ. චාරු කීවාය.

මේ නෝනා මම මේ මගේ දැනුමට අහන්නේ. දැන් නෝනා ඔය එක එක ජාති උරනවා. බොනවා මත් වෙනවා. ඒත් නෝනා හැමදාම අර විබාග මේ විබාග සෙල්ලම් හැම එකෙන්ම වගේ දිනනවා නේ. ඒ කොහොමද ? අපේ ඉස්කෝල වල හෙම ඉස්සර හොදට පාස් වෙනේන් අරක්කු ඩිංගක් කටේ තියන් නැතුව හොදට පාඩම් කරපු අය නෙ. අපිත් ඒ කාලේ බිව්වේ නැහැ. මට තේරුමක් නැහැ නෝන. නෝනලට සල්ලි තියෙන නිසා පාස් කරනවාද?

සේනක ඇසීය.

ඕන් ඕන් ඉතින් සේනක අංකල් මාව උඩ තියනවා. ඒ පාර. මම එහෙම මීටරයක් නෙමෙයි සේනක අංකල්. අපේ තාත්තා අම්මා දෙන්නම සුපිරි මොල නේ. ඒක වෙන්න ඇති. එහෙම ලොකු ගැම්මක් නැහැ සේනක අංකල්. මමත් ඔය පිස්සු කලාට විබාගෙට සතියක් විතර තියලා ටිකක් තදට වැඩ කරනවා. සෙල්ලම් නම ්ඉතින් ප්‍රැක්ටිස් තමයි. ඒවත ්කරනවා නෙ. අනෙ මන්දා. මම දන්නවා අම්මලා ඔයාව දාන්නේත් මාව ගැන බලන්න. චාරු කිවාය.

අනෙ මන්දා මිස්. ඕනි එකක්. මම ඉතින් මට පඩි ලැබෙන වැඩේ කරනවා. එච්චරයි නේ. මිස්ටමාව එච්චර සෙට් නෑලු නේද? අවුලක් නැහැ. මිස්ට මොනාහරි තියේ නම් කෙලින්ම කියන්න. හැම වැරදිම හදාගන්න බැහැ. මම හෙන ලක් කාරයෙක් මට ඉක්මනින් වෙන තැනක් හොයාගන්න පුලුවන්. නිකං තේරුමක් නැහැ නේ අපප්ා මිස් යන්නේ මාත් එක්ක අවලෙන් නම්. සේනක කීවේය.

අපෝ මෙයාගේ ගෑස්. අසංගිලා එක්ක වැඩි බජනෙට යන්න එපා. හරිද? අයි කාන්ට් එක්ස්ප්ලේන් වයි? බට් යෝ මස්ට් ෆලෝ දිස් රූල්. තේරුන නෙ. චාරු කිව්වාය.

හරි හරි මම ගොනා වගෙ ඉනන්ම් එතකොට හරි නෙ.


Wednesday, July 14, 2021

15 සිද්ධි නැවත සිදු නොවීමට

 


  1. 15 සිද්ධිය 

15 යුවතියකට අතවර වූ සිද්ධියක් පසුගිය දිනවල කතාබහ ඇතිකල අතර එහි ලිල් ස්ක්වෙයා යන අන්වර්ථ නමින් හදුන්වන පූජ්‍ය පක්ශයේ තැනැත්තා බේරනු පිණිස දෝ හෝ දිගු ලැයිස්තුවක්ද නිකුත් වී තිබුනි. එඒ අනුව ඒ යුවතිය බොහෝ කාලයක් බොහේ පිරිස් වෙත සේවා ලබා දී ඇත. එම සිද්ධිය වාර්තා වන ආකාරය මාර රසවත් වන අතර නමගිය පොලිස් කාරයින් නමගිය ස්වාමින් වහන්සේලා සහ නමගිය දොස්තර මහත්වරුන් ආදියද මේ යුවතියගේ සේවය ලබාගෙන ඇත. සිය පියා වෙතින්ද දූෂනය වුවා යැයි කියවෙන මේ යුවතියගේ මව ද තිස් දෙහැවිරිදි  හේඒ ආසන්න වයසේ යැයි තිබුනි. නින්දෙන් අවදි වූවාක් මෙන් සමාජයම මේ ගැන පරල වෙමින් බලා සිටිති. එහෙත් ඒ ගැන ඇතිවන කතිකාවත හුදෙක් අසහනකාරයන් මර්ධනය කරන්නට කෘමිනාශක ඉසිනවාක් වැනි ස්වභාවයක් ගන්න ආකරයක් පෙනේ. 


  1. කෞද වැරදි 

දැරියක් බව දැනගෙන යම් අයෙක් මේ සේවාව ලබාගත්තේ වී නම් ඇය භාවිතා කලේ වී නම් එය වරදකි. එහෙත් යම් අයෙක් එසේ නැතිව ඇය ගණිකාවක ලෙස ලබාගත්තේ නම් විසිදාකට ගත්තත් පනස් දායට ගත්තත් රුපියල් පන්දාහට ගත්තත් එතැන සිදුවන්නේ ගනුදෙනුවකි. එතැනදී සේවාදායිකාව විසින් පාරිබෝගික මහතාව රවටා තිබේ. ඇතැම් විට මෙවැනි සිද්ධී එළිදරව් වූ විට සිතාමතාම අඩු වයස් යුවතියන් අතවරයට ලක් කල අය පවා නොදැන කලා යැයි ශේප් වන්නට පුලුවන. ඒ නිසා මේ ඇත්තේ සංකීර්ණ ගැටළුවකි. යම් වැඩිහිටි කාන්තාවකට අන්තර්ජාලයේ මසාජ් හේ අමතර සේවා ලබාදෙන බව කියා මිනිසුන් මුණගැසී සේවා ලබාදෙන්නට අවකාශ තිබේ. එහෙත් මෙහි සිදුවන විශමාචාර මර්ධනය කරන්නට ක්‍රමවේදයක් නැත. 


  1. ඇත්තටම කොහොමද වෙන්නේ. 

ඔබ දැක ඇති ඉක්මන් අඩවියේ රිය සෙවන ආදියෙ ේවාහන ඇඩ් දා ඇති ආකරය. ඒ පරිද්දෙන් පින්තුර සමග සරාගී ගෑනු රූප ඇඩ් වල පෙන්වයි. ඉන් පසු ඒවා ආකර්ශනීය වදන් වලින් සහ ලබාදෙන සේවාවන් ව්‍යංගයෙන් ප්‍රකාශ කරයි. මේ වැනි අඩවි කිහිපයක්ම ඇති අතර ඒහිදි දුරකථන අංක වලට කතාකර අදාල ස්ථාන වලට ගොස් සේවාවන ්ලබා ගණී. මේ කාන්තාවන් අලෙවි කරන ඇතැම් තැන් දැනටම පවත්වාගෙන යන මසාජ් සහ ගණිකා මධ්‍යස්ථා වන අතර ඇතැම් පුද්ගලයෝ මේ ආකරයෙන් ඔන්ලයින් පමණක් පාරිබෝගිකයින් ගෙන්වා ගනී. මෙය නීතිමය අතින් කොටුකිරීඹට අපහසු දෙයකි. පුවත්පත් වල පවා යම් යම් භාන්ඩ සේවා විකුනන දැන්වීඹ් ඇති අතර සති අන්ත පුවත්පත් වල මසාජ් ක්ලිනික් වල අමතර සේවාවන්ට යුවතියන් බදවාගන්නා ඇඩ් පවා පලවේ. දැන්වීඹ් පල කරන අඩවියට සපයන සේවාව ගැන වගකීමක් නැත. එය කරන්නේ දැන්වීම් පලකිරීම පමණි. 


  1. එහෙම වුනානම් මෙහෙම වෙන්නේ නැහැ 

ගණිකා වෘත්තිය නීතිගත වුනානම් මෙවැනි අකටයුතු කම් වන්නට ඇති අවකාශ අඩුය. ගණිකා නිවාස හෝ සේවාව පවත්වා ගෙන යන්නට අදාල පුද්ගලයින් සිටන අතර ඒ යටතේ සිටින ගණිකාවන් ගැනයම් වගකීමක් ඔවුන්ට පැවරේ. එසේම පාරිබෝගිකයාටද විස්තර සහ පැමිණිලි ඇතොත් අදාල අතරමැදියන්ට දැනුම් දිය හැකිය. එහිදී යම් නියෝජිතයෙක් මෙවැනි අඩුවයස් යුවතියක් විකුනා තිබුනොත් ඔහුට කෙලින්ම දඩුවම් දීමට අවකාශ තිබෙන අතර යුවතිය කැමැත්තෙන් පැමිණියද එහි වගකීම අතරමැදි පාර්ශවය වෙත පැවරේ. 


  1. මාකට් එක සහ සැපයුම 

දැන් මාධ්‍ය හරහා රටම මෙය දැනගත් අතර එවැනි වයස් වල යුවතියන්ද අන්තර්ජාලයේ විකිනෙන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වුනි. ඒ වැනිම මෙවැනි වෙබ්අඩවි තිබෙන බවද නොදන්නා සුලු පිරිසක් හෝ දැනගති. නියාමනයක් වග විය යුතු පිරිසක් නැතිව නීත්‍යානුකූල නොවන පසුබිමින් මේ ගණිකා සෙල්ලම මසාජ් සේලලම පවතින එක අනාගතයේදී තවත් මෙවැනි සිදුවීම් වාර්තා වෙන්නට හේතු වේ. 


  1. අවශ්‍යතාවය 

අතරමැදි තෝරාගත් පාර්ශවයක් හරහා සිදුවන ගනුදෙනු වලදී පාරිභෝගිකයාට ලැබෙන්නේත් වාසියකි. යම් ආකාරයෙන් අකටයුතු කම් සිදුවුවොත් ඔහුට කෙලින්ම පැමිණිලි කල හැකි අතර අවශ්‍ය නම් ෆේස්බුක් හෑලි ලියා එතැන වංචාවක් සිදුවන බව දැනුම් දිය හැකිය. එහෙත් දැන් තිබෙන නීතිමය අතින් තහනම් වටපිටාව යටතේ කිසිවෙකුට යම් අපහසුතාවක් වුවත් එය කියන්නට තැනක් නැත. එසේම කාන්තාවන් පසින් ගතහොත් කෙලින්ම වෙබ් අඩවියක් හරහා විකිනෙන විට විවිධ අසහනකාරයින් හිංසාකාරයින් බීමතින් එන අය ආදීන්ගේ ග්‍රහනයට කාන්තාවන්ට ලක් වෙන්නට සිදු වේ. දැනට සිදුවෙන ආකරයට එවැනි විටකදී පාතාල මිතුරන්ගේ සහාය වැනි දේවල් ඒ යුවතියෝ බාවිතා කරනවා. එහෙත් නීතිගත වූවානම් මිලදී ගත් ගණිකාවකට වුව හිංසා කිරීම වරදක් බැවින් ඒ ගැන කෙලින්ම ක්‍රියාමාර්ග ගැනීමට ඇයට අවකශ ලැබේ. 


කවදාවත් සිද්ද නොවන දේවල් ගැන හෑලි ලිවීම යම් විනෝදයකි. එහෙත් හැමෝම ප්‍රශ්ණය ගැන තලු මරන විට යම් විදිහක ප්‍රශ්න ඉදිරියට ඇතිනොවන ආකරයක් අඩු කරගත හැකි සාධාරන ආකාරයක් ගැන සිතීම වැදගත්ය. 



Tuesday, July 6, 2021

අවන්ට එකේ වටලප්පන් හදමු

 

බිත්තර 6

හකුරු බෑවක් 

රතු සීනි 

මේස හැදි 3/4 

මිටි කිරි කෝප්ප 2 

ලුනු 

 බිත්තර හොදට බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කර ගන්න..හකුරු පොල්කිරි එකට දාලා දිය කර ගන්න.ඊට පස්සේ සීනී දාන්නේ පැනිරස මදි නම් විතරයි .නැත්තම් දාන්න එපා.ඊට පස්සේ බිත්තර එකයි හකුරු මිශ්‍රණයයි එකට එකතු කරලා ලුණු ටිකක් දාගෙන හොදට කලවම් කරන්න.ඊට පස්සේ බාජනයකට දාගෙන සාදික්ක ටිකක් හොදට ග්‍රේට් කරගෙන උඩින් ඉහින්න..කජු කෑලි ටිකක් තියනවා නම් දාගන්න.අවන් එක 200°c -180c° විනාඩි 40 ක් බේක් කර ගන්න.විනාඩි 30 න් පස්සේ අවන් එක ඇරලා කූරක් ඇනලා බලන්න සෙට් වෙලාද කියලා.


මේක තමයි මට ආපු මම හදපු රෙසපිය. ඇත්තටම මෙගේ අවන් එකේ නම් විනාඩි 55ක් විතර ගියා හරියට බඩු හැදෙන්න. එක එක්කෙනාෙගේ අවන් වෙනස් නේ. ඒ වගම මම වටලප්පන් එකට සාදික්කාකා වසාවාසි එනසාල් කරාබුනැටි ආදී දේවල් අඩංගු බේත් සරක්කුකු පැකට් එකකින් බාගයක්  රත් කරලා කුඩු කරලා එකතු කලා. ඇත්තටම රසට ආවා.