Saturday, November 16, 2024
ලුවන් ප්‍රබාන් වල ලක්ෂණ
ලුවන් ප්‍රබාන් කියන්නේ පරණ දේවල් ඒ විදිහටම පේන්න තියෙන නගරයක්. ඒ කාලේ තිබුන ලාඕ පන්සල් සහ ඒවායේ ගෘහ නිර්මාණ ශිල්පය අපිලට ඇස් දෙකෙන්ම බලාගන්න පුලුවන්. ඒ වගේම ප්‍රංශකාරයෝ ලාඕ රට යටත් කරගෙන ඉද්දි ඒ හදාපු වීදි ගොඩනැගිලි ආදියත් ලුවන් ප්‍රබාන් වල එහෝමම දකින්නට තියෙනවා. මීකොන් ගගත් තව ගගකුත් වශයෙන් මහ ගංගා දෙකක් ලුවන් ප්‍රබාන් වලට තියෙනවා. ලුවන් ප්‍රබාන් වල මේන් ටුවරිස් ඒරියල් එක කියන්නේ ගංගා දෙකක් මැද තියෙන ඩෙල්ටාවක් වගේ තැනක්. සිටි එකක් විදිහට ගත්තම මිනිස්සු සහ එයාලගේ ආතල් වගේම ආකිටෙක්චර සොබා සෞන්දර්ය වගේෙ දේවල් අතිනුත් ලුවන් ප්‍රබාන් හරිම පොහොසත් නගරයක්. ආ කෑම බීම සහ සංචාරක කර්මාන්තය විසින්ම ඇතිකපු වෙනමම ටුවරිස් වයිබ් එකකුත් ලුවන් ප්‍රබාන් සිටි එකේ බලන්න තියෙනවා.
ලුවන් ප්‍රබාන් යන හැටි.
ලුවන් ප්‍රබාන් කියන්නේ ලාඕසයේ ජනප්‍රියම ටුවරිස් ඩෙස්ටිනේශන් එක. එහෙට කෙලින්ම ගුවන් යානයෙන් යන්නත් පුලුවන්. වියට්නාමයේ සිට සහ තායිලන්තයේ බැංකොක් ඉදලා කෙලින්ම ගුවන් ගමන් තියෙනවා ලුවන් ප්‍රබාන් වලට. එහෙම නැ්තතං දැන් ඉතින් චින ලාඕ කෝච්චි පාර දිගේ ලාඕ අගනගරය වියන්ටියෙන් සහ චීන පැත්තෙන් ලුවන් ප්‍රබාන් වලට කෝච්චියෙන්ම එන්නත් පුලුවන්. පරණ විදිහට බස් එකේ ශෙයාඩ් ටැක්සි ආදියෙනුත් ලාඕ කැපිටල් සිටි එක වෙන වියන්ටියෙන් ඉදලා ලුවන් ප්‍රබාන් එන්න පුලුවන්.
නවාතැන් කෑම බීමාදිය
අපිට සමීපතම ලංකාවේ ඇත්තටම ඒ වගේ ටුවරිස් සිටි එකක් නැති තරම්. හොටල් පහසුකම් රෙස්ටොරන්ට් මසාජ්, කන බොන ක්ලබ් ආදිය වගේම ටුවරිස්ලා වෙනුවෙන්ම සකස් වුන ආතල් ගොඩක් ලුවන් ප්‍රබාන් වල තියෙනවා. දේවල් බලන්න පොරකන අයට වගේම රෙස්ට් එකක් ගන්න යන අයටත් ලුවන් ප්‍රබාන් කදිම ඩෙස්ටිනේශන් එකක්.
කන්ද උඩ පන්සල
කන්ද උඩ පන්සල ලස්සන විව් පොයින්ට් එකක්. එතනට නැග්ගම එක පැත්තකින් මිකොං ගගයි අනෙක් පැත්තෙන් සිටි එකයි තව පැත්තකින් තව ගගකුයි ආදි වශයෙන් හතර වටේටම පේනවා. ඒකට ටිකැට් එකක් ගන්න ඕනා සුලු ගනනක් දිලා. අපි ගියේ හැන්දැ ජාමේ. ඒ වෙලාවේ වැහි පොදක් තිබුනට සංචාරකයෝ ඇවිත් තිබුනා ගොඩක්. ඉර බහින නගින වෙලාවට මේ තැනට ඒ Sundown,Sunrise අසිරිමත් දර්සනය බලන්න සංචාරකයෝ පිරෙනවා.
පංසලක් නේ
පන්සලක් වුනාට සෙරෙප්පු ගලවලා යන්න හෝ දිගට ඇදන් යන්න ඕන කියල නිතියක් සැරටම නැහැ. විහාර ගෙවල් ඇතුලට යන්න වගේ නම් සෙරප්පු ගලවලා යන්න ඕනි. ඒත් පන්සල් බූමියට යන්න සෙරප්පු අවුලක් නෑ. ඒ වගේම සුද්දෝ සුද්දියෝ කොට කලිසන් එහෙමත් ඇදගෙන එතන්ට ඇවිත් තිබුනා.
බෞද්ධ වුනත් එක එක රටවල එක එක සම්ප්‍රදායන් නේ තියෙන්නේ. සමානකන් තිබුනට යම් යම් අසමානකමුත් තියෙනවා. කොයිහැටි වුනත් අපිත් උපතින් බෞද්ධයෝ වශයෙන් එතනට ගිහින් වැදලා කියලා සාදු කියලා ආවා.
Friday, November 15, 2024
ලුවන් ප්‍රබාන්
20
ලාඕස් වල ඉස්සර අගනුවර ලුවන් ප්‍රබාන්. එහේ රජෙක් එහෙමත් ඉදලා තියෙනවා. පස්සේ කාලෙක තමයි වියන්ටියෙන් වලට අගනුවර මාරු වෙල තියෙන්නේ. මම හිතන්නේ අපේ මහනුවර වගේ සීන් එකක් තමයි ලුවන් ප්‍රබාන් වල තියෙන්නේ. සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය ප්ලෙසම තමයි ලුවන් ප්‍රබාන්.
ඉස්ටේසම සහ නවාතැන
අපි ඉතින් ලුවන් ප්‍රබාන් වලින් බැහැලා සිටි එකට යන්න කලියෙන් මොනාහරි බීලා ඉමුය කියලා කඩේකට ගොඩ වුනා. කුරුම්බා ගෙඩියක් ඇහුවා ලංකාවේ සල්ලි වලින් රුපියල් හත් අටසියක් වෙනවා. එච්චර දීලා කුරුම්බා බොන්න මොකක්ද වගේ ඒ ගමන රැන්ඩම් ජූස් එකක් සිලෙක්ට් කරලා බිව්වා.
ඒක හැබැයි රසයි.
ස්ටේශන් එකට එලියේ තියෙන කඩපේලියෙන් යමක් බීලා අපි ආයෙම ස්ටේශන් එක දිහාවට ගියා ටැක්සියක් ගන්න. මට ලාවට කණට ඇහුනාට බජට් ටැක්සි සර්විස් එකක්. එයාල සාධාරන ගානකට අපිලව ගෙනහින් දැම්මා. ඒක ලුවන් ප්‍රබාන් ස්ටේශන් එකේම තියෙන හයිරූෆ් ඩොල්ෆින් ටැක්සි සර්විස් එකක්. ගනන් සාධාරණයි. ඒ වගේම ඇතුල ඒසී නිසා එලියෙන් එන දූවිල්ල ආදිය වැටෙන්නෙත් නෑ.
හැබැයි ඉතින් තෙල් කරත්තේ වගේ. ඒ යන වෙලාව ආවා. ටවුමට යන කාන්ඩ හතරක් නැග්ගා අපි වගේ. කාන්ඩ හතර හතර තැනකින් බැස්සේ. අපිල අවසානයට බැස්සේ. මේ චීන ලාඕ දුම්රිය පාරේ තියෙන එක ලල් එකක් තමයි හැම තැනම සිටි සෙන්ටර් එකට ටිකක් දුරයි ස්ටේශන් එකේ ඉදලා. මේ ලුවන් ප්‍රබාන් වල කිලෝමීටර් පාලහක් විතර තිබුනා ස්ටේශන් එකේ ඉදලා සිටි සෙන්ටර් එකට.
හොස්ටල් නවාතැන
මේ පාර අපි බුක්කරගෙනතිබුනේ හොස්ටල් එකක්. ඒවත් පුරුදු වෙන්න එපැයි. අපි යනකොට උීදේ වැඩියි. ඒ ගමන බෑග් දාලා අපි රවුමක් දාන්න ගියා. මුලින්ම අපි තැන හොයල බලලා සල්ලි ටිකක් මාරු කරගෙන මොනාහරි කොටාබාන්න තැනක් හෙව්වා. හම්බුනා ගග අයිනෙම තැනක්. ගග දිහා බලාගෙන කන්න හැකි නිසා අපි එතන නැවතුනා. ඒ ගග ඇවිල්ල මිකොන් ගගම තමයි. අපි දකුණු ලාඕසයේ පක්සේ දැක්කෙත් මීකොං..දැන් දකින්නෙත් මීකොන් හැබැයි ඔය තැන් දෙක අතර කිලෝමිටර් අටසියකට වඩා දුර වෙනසක් තියෙනවා. පෙලක්දා ඊටත් වැඩි ඇති. ගග ගලන්නෙ ේෙකලින් නෙමෙයි නේ.
සර්ප වයින් සහ කෑම
කෑමත් ඕඩර්ු කරල ටිකකින් දෙන්නෙක් ඇවිත් විසාල බෝතල දෙකක් සෙට් කලා කඩෙන්. හපොයි ඒවා සර්පොය් කටුස්සෝ දාල පල්කරපු විස්කි වර්ගයක්. අපි ඒවා දැක්කා පොටොගත්තා විතරයි අපි ඒවා බොන්න ගියේ නම් නෑ. ඒත් අපේ මිතුරන්ට ඒ බිම දැකලා පොඩි අප්පිරියාවක් ආවා.
ඊලගට අපි බෝට්ටු බලන්න ගියා මිකොං ගගේ. බෝට්ටු ගමනට පැයට ලක්ෂ 4ක් ඉල්ලුවා. අතන මෙතන පෙන්වනවාය ආතල් රවුමක් දානවාය කියලා අභිනයෙන් සහ යන්තං කඩ්ඩෙන් බෝට්ටුකාරයා අපිට විස්තර කරා. ආයේ හෙට්ටු කරලා 3ට බැස්සුවා. ඒත් අපේ මිතුරන් එච්චර කැමත් නැහැ වගේ බෝට්ටු ගමනට. ජොකියෙක් ඇවිත් චුට්ටි බෝට්ටුවක් යං ලක්ස දෙකක් දෙන්න කියල ඉල්ලුවා. මම නම් එක පයින් කැමති වුනා. ඒත් චූටි ඔරුවේ සැඩ පාරේ ජැකටුත් නැතුව යන්න අපේ යාලුවෝ ටිකක් බය වුනා. ඒ ගමන ඒ වැඩේ අල්ලලා දැම්මා.
ආයේ නවාතැනට ඇවිදගෙන එනකොට දැක්කා පන්සලක්. අපි ලංකාවේ කියල දැනගෙන පන්සලේ ටිකට් කඩන අය සතුටු වුනා. ඒක කෞතුකාරය හෙවත් ඉස්සර රජ මාලිගාව ලගම තියෙන පරණ පන්සලක් ඒකට යන්න ටිකට් කඩනවා හැබැයි. ඉතින් එතෙන්ට ගිහින් බලනකොට හද්දෙයියනේ මගේ කන්නාඩි දෙකයි තොප්පියයි නෑ. ඒ දෙක අමතක කරලා ඇවිත්. ආයේ මම දඩි බිඩි ගාල ගිහින් ඒ දෙක අරගෙන ආවා කලින් කාපු සර්ප විස්කි තිබුන තැන ඒ දෙක අමතක කරලා ඇවිත් තිබුනා.
ආයේ ඇවිත් බලනකොට අපි නවාතැන වෙන්කරගෙන තිබුන මහ පාරේ නයිට් මාකට් එකකට කට්ටිය ලහි ලහියේ සූදානම් වෙනවා. ටිකක් ඉර අවුව තුරං වේගෙන එද්දිම කට්ටිය ලොකු පෙට්ටි කූඩාරම් ලෑස්ති කරගෙන ඒවා පාරේ සෙට් කරගෙන නයිට් මාකට් එකට ලැස්ති වෙනවා. #amila2r
Thursday, November 14, 2024
තවත් උදෑසනක් තවත් දුම්රිය ගමනක්
19
උදේට කෑම
උදේට හොටලෙන් කන එක ආතල් වැඩක්. රස කෑම වගේම රස දර්ශනත් තියෙනවා. හොටලේ නැවතිලා ඉන්න නිදිමත සුද්දියෝ කොට කලිසන් පිටින් රෑ ඇදුන් පිටිනුත් කන්න එනවා. අවට බූමි දර්ශන විතරක් නෙමෙයි ඒවත් උදේට කද්දි අපිලට පේනවා. ඒ වගේම බෆේ එක තියෙන නිසා ඇතිපදන් බුරිය උල්වෙන්න කන්නත් අපිලට අවස්තාව ලැබෙනවා. ඉතින් අපිත් වෙනද වගේම එදත් කෑවා.
කෝච්චි ස්ටේශන් එකට..
ඒක ගිය හැටිනන් මතක නැහැ. ඒත් එක කෝච්චි ස්ටේශන් එකක දැක්ක සින් එකක් මට මතකයි. අපිල පෝලිමේ හිටියා ස්ටේශන් එක ඇතුලට යන්න. ඇතුලට යන්න කලින් ටිකැට් එකයි අපේ පාස්පෝට් එකයි චෙක් කරනවා. ලාඕ අයට නම් අයිඩෙන්ටි කාඩ් එක පෙන්නුවත් ඇති. ඉතින් එහෙම චෙක් කරන තැන තමයි පිට කෙනෙක්ට ස්ටේශන් එකට ඇතුල්වෙන කෙනෙක් දකින්න තියෙන අවස්තාව. මේක පැය දෙකේ තුන ගමන් වුනාට රේල් පාර හදන්න ඉස්සර පැය හත අට ගිය ගමන් සමහරක් ඒවා. කෝච්චි පාරේ වුනත් පැය පහේ හයේ ගමනුත් තියෙනවා ලාඕස ඇතුලේ.
සංවේදි දර්සනය
අපේ ගෙදර තාත්තා වත්තේ වැඩට දාන සෙරප්පු කටු දෙකක් තියෙනවා. මඩ ගෑවිලා සමහර වෙලාවට තාත්තම ඒක මහල එහෙම හදාගෙන ඉන්න රබර් ලැට් සිපර්ස් කෑලි දෙකක්. ආන්න ඒ වගේ සෙරප්පු දෙකක් දාගත්ත රෙද්ද හැට්ටේ වගේ සරල ඇදුමක් ඇදගත්ත අම්ම කෙනෙක් හිටියා ස්ටේශන් එක ඇතුලට එන්න. පොඩි මල්ලකුත් අරගෙන. ඒ අම්මගේම මූණුවර තියෙන දුව බොහොම සෝබර මූනෙන් අම්මගේ අත් අල්ලගෙන හිටියා. ඊට ටිකක් එහායින් ඒ අම්මගේ බෑනා කියල සැක කරන්න පුලුවන් කොල්ලෙක් හිටියා.
ඉතින් අර අම්මා තමන්ගේ දුවට සමුදෙන අවස්තාව වෙන්න ඕනා ඒක. ටිකක් ලිහලා බැලුවොත් ලෝකේ කොයියම්ම කෙලවරක වුනත් අම්මා දුව අතර හොද බැදීමක් තියෙනවා. ඒ තිබිලා දුව ලොකුමහත් වෙල වෙන්වෙලා ගිහින් එයාගේම තැනක සෙට්ල් වුනාට පස්සේ අම්මට පුලුවන් ඒ විදිහට ඇවිත් බලලා යන්න විතරයි. දුවටත් ආයේ ඉස්සර වගේ අම්මගේ අතේ එල්ලිලා ආයේ යන්න ලැබෙන් නැ. ඒ දෙන්නම ටිකකින් බදාගෙන අඩන්න වුනා. බෑනත් ඇවිත් දුවගේ සිත සැනසුවා.
අලුතින් හදපු මහා කොන්කිරිට් තට්ටු, නිර්මාණ කොච්චර ලොකු වුනත් ඒ හැමටම වඩා ඒ වගේ මනුස්ස දර්ශන හිතට කාවදිනවා.
ස්ටේශන් එකට ඇතුල් වෙන පෝලිමත් සරණාගත පෝලිමක් වගේ. ලොකු කුඩා මලු අතින් කටින් එල්ලගෙන එක ටුවරිස් ඩෙස්ටිනේශමකින් තව එකකට යන බටහිර සංචාරකයෝ, කෝච්චියෙන්ම ආයෙම මව් රටට යන්න ආපු චින්නු, තමන්ගේ රටේ නගරෙකින් නගරෙකට යන්න ආපු ලාඕ මින්සසු ආදි විවිදාකර මුහුනු ගොඩක් ස්ටේශන් පෝලිමේදි දකින්නට ලැබුනා. #amila2r
Wednesday, November 13, 2024
එදා හවස
වැඩිය කට්ටිය නැති පොඩි රෙස්ටොරන්ට් එකකට ගියා. ඒකේ කැමවල ලෙමන්ග්‍රාස් සහ ඉගුරු රස වැඩියි කැම වල. මොනා කරන්නද ඉතින් අමතක කරලා කාලා දැම්මා. කෑම හොදයි තමයි ඒත් හැමදාම හැම රෙස්ටුරන්ට් එකේම කෑම රසට සෙට් වෙන්නේ නෑ. අපි වගේ බැක්පැකින් මොඩල් සවාරි වලදි කොලටි නැති චොරමය ෆුඩ්ස් වගේම ඉක්මනින් බඩේ අමාරු හැදෙන කෑමත් සෙට් වෙන්න පුලුවන්.
නයිට් මාර්කට් එක.
ලාඕසයේ අපි ගිය තැනක් ඇත්ද ඒ හැම සිටි එකේම වගේ නයිට් මාකට් කියන ඔප්ෂම තිබුනා. මේ වන්වියන් වල නයිට් මාකට් එකේ තිබුන ඇදුම් පැලදුම් සපත්තු ආදිය ලාබයි. මම ඉතින් ඔය මාකට් සහ බඩු ගැන ඒ හැටි උනන්දුවක් නෑනේ. අපේ මිත්‍රයින් නම් එයින් අයිතම මිලදිගන්නා බව පෙනුනා.
ඒ නයිට් මාකට් වල බඩු දාන කට්ටිය අපේ සති පොලවල් වල බඩු දාන කට්ටිය වගේ. හැන්දෑ වෙනකොට එයාලගෙම බේසික් කරත්තයක බඩු පෙට්ටිය පටෝගෙන හීන්තාලේ තල්ලු කරගෙන එනවා. ඇවිත් කූඩාරාම අටවලා බඩු මුට්ටු ටික දාගෙන ඉන්නවා. සංචාරක කලාපයක් වුනාට ගනන් වැඩි නැහැ. අපි හිතේ තියාගෙන ඉන්න සමහර මතවාද හැමතිස්සේම හරි නැහැ. උදාහරණ විදිහට සංචාරක කලාපවල බඩු ගනන් කියන එක පවා සමහර වෙලාවට වැරදි වෙනවා. මේ වන්වියන් සංචාරක රෑ පොලේ බඩු ඇත්තටම ලාබයි. හපොයි ඔයිට අඩුවට බැංකොක් ඇති කියල හිතපු මට වැරදුනා. බැංකොක් බඩු ලාඕ වලට වඩා ගනන්.
සැකකටයුතු මසාජ් සෙවිම
මේකත් හෙන ආතල් විනෝදාංශයක්. මොකක් නමුත් හේතුවක් නිසා ලාඕ වල සමහර වෙලාවට වැඩිපුර ලිංගිකමය ආතල් දෙන මසාජ් හොයාගන්න ටිකක් අමාරුයි. හැම මසාජ් එකම එකම වගේ. අපි ඉතින් මසාජ් බලලා හිතින් කිරලා මැනලා බලනවා. ඒක ඉස්සරහා කොටට ඇදපු තරුණ ගෑනු හිටියද? මසාජ් කරන්නේ එලියට පේනන්ද? ඒ කෙල්ලෝ අපිලට ඉගි දිදි කතා කරනවද ආදි වශයෙන් අමතර ආතල් දෙන මසාජ් හොයාගන්නත් අපි විවිධාකාර ගණිත කර්ම පාවිච්චි කලා. සමහර වෙලාවට සාර්තක වුනා. අපිල මේවා කරන්නේ අසහනේට මෝලට හෝ වෙන දේකට වෙන්නත් පුලුවන්. ඒත් අපි වගේ අසහකාරොය් ගොඩක් ඉන්නවා. ඒ නිසා නෙව ඒ සංචාරක කලාප වල ඔය වගේ තැන් තියෙන්නේ.
කොහොමහරි ඒක ආතල් වැඩක්. පිටින් බලලා හොදටම වනචරයි කියල හිතලා ඇතුලට ගිය සමහර මසාජ් වල මෙලව ආතල් එකක් නෑ ඇග තඩිස්සි වෙනකල් දෙන මසාජ් එක විතරයි. " ආවුස් මේකනම් හොද එකක් වගේ සෑහෙන ට්‍රැඩිසනල් ලුක් එකක් තියේ දාගන්න ඕන හොද මසාජ් එකක් " කියල ගිහිපුවගේ ගිහින් ඒ ටිකකින් තෙරපිනිය පිඹින රක්ෂාවට මෙච්චරයි, අත් රක්ෂාවට මෙච්චරයි, සම්පූර්ණ සේවාවට මෙච්චරයි කියල ගනන් හිලවු කියන්න ගන්නවා..
සකුරා සමාජ ශාලාව
සමාජ ශාලාව නිකං අර ඉස්සර සිංහල ෆිල්ම් වල තියෙන මොඩල් සමාජ ශාලාවක්. බොන්න ගන්න පුලුවන්. තව බැලුන් වගයක් තිබුනා ඒවගෙත් මත්වෙන ගැස් එකක් වෙන්න ඕනා තියෙන්නේ. ඒවත් බිබී හිටියා කට්ටිය. බියර් අරක්කු කොක්ටේල් මිල ගොඩක් වැඩි නැහැ. මාකට් ප්‍රයිස් එකට වඩා සියයට විස්සක් විතර තමයි වැඩි.
කෙල්ලෙක් මාව ටොක් කලා කියහං කො
මෙහෙදි නම් ජිවිතේට වෙන්න ඉඩ අඩු සින් එකක්. මම බියර් එකක් අරගෙන තනියම හිටගෙන ඒ ටේබල් එකේ බිබී හිටියා. ඊලග ටේබලට ආවා කෙල්ලෝ හතර දෙනෙකුයි කොල්ලෙකුයි. එයාලගෙන් එක ගර්ල් කෙනෙක් මාත් එක්ක හිනා වෙවි හිටියා. ටික වෙලාවක් ගිහින් ඒ ගෑල්ලමයා බිබි හිටිය සමර්ස්බි එක දික් කලා මගේ බෝතලේට අපි දෙන්නා බෝතල් තට්ටුවක් දාගත්තා. ඒ ක්ලබ් එක ඇතුලේ මර සද්දේ. ඒ නිසා ටෝක් කරන්න නම් අවස්තාවක් ලැබුන් නෑ. ඇරත් ඉතින් අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ නෙව. එහෙම ගෑල්ලමයි ටෝක් කරන්න තවම ඒ හැටි තේරුමක් නෑ. කෙසේ වෙතත් ඒ ක්ලබ් වලට ලෝකල් සෙට් එකකුත් බහිනවා. ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිට ටිකක් විතර ටෝක් කලානම් මොනාහරි කරගන්නත් චාන්ස් තියෙන්න ඇති.
#amila2r
Tuesday, November 12, 2024
ගුරු පාර දිගේ
17
අපි බ්ලූ ලැගුන් වලට වතුර ගුහාවට සහ අන්දකාර උමන් වලට ගිහින් ආපහු වන් වියන් වලට එන්න ලෑස්ති වුනා. ඒ එන්න ලැබුනේ ගුරු පාරක් දිගේ. මහින්ද මහත්තයා එන්න කලියෙන් අපේ ගංගොඩෙත් එහෙම පාරවල් තිබුනා. ගුරුපාට වැස්සට මඩවෙන, රස්නේ කාලෙට දූවිල්ල උඩ එන, පාරවල්. ලාඕ රටේ විසාල පාරවල් තිබුනට ගංගොඩේ එහෙම ගුරු පාරවලුත් යහමින් තියෙනවා.
ලෑන්ඩ් මාස්ටරය
අපේ ගෙදරත් තියෙන බාන්ඩේ නිසා මම එහේ ලෑන්ඩ් මාස්ටරය එහම නැත්තං පොඩි ටැක්ටරය දිහා හොදට බැලුවා. කාන්ඩයක් කුඹුරේ ගොයන් කපලා ඒ අත් ටැක්ටරයක පටවගෙන ඇවිත් ගොයං කොලේ ගහනවා පාර අයිනේ. වැහි ගතිය නිසා ගොයං කොලේ කුඹුරෙම ගහන් නැතුව ඇති. ඒ අත් ටැක්ටරේ ටේලරේ ලංකාවේ ටේලර වල වගේ රියදුරුට වාඩිවෙන්න පෙට්ටියක් නැහැ. රියදුරු බුවා ලෑල්ල උඩ නිකං කොට බංකුවක වගේ වාඩිවෙලා අත් දෙක උස්සලා තමයි පොඩි ටැක්ටරය හසුරුවන්නේ.
කුඹුරු වතුපිටි
මේ කුඹුරු වතුපිටි ආදිය නම් ලංකාවේ වගේම. ලංකාවට වඩා අස්වැන්න සාරද කොහොමද කියන්න නම් දන්නේ නෑ. එහේ වවන හාල් වලින් වැඩිහරියක් ස්ටිකි රයිස්ලු. ෆ්‍රයිඩ් රයිස් එහෙම දාන්න සමහර ස්ටිකටි රයිස් කදිමය් කියල මම අහල තියෙනවා.
කෑම නැවතුම සහ වැස්ස
අපි බයික් වල නැගල එනකොට අහස කලුකරගෙන ආව තදට. පාලමකින් එතෙරෙ වෙන්න තිබුන විසාල වතුර පාරක් ලග ලස්සන තැනක ගැමි තාලේ රෙස්ටොරන්ට් එකක් තිබුනා. අපි ඒකට ගොඩ වුනා. අපි වගේම ඊට පස්සේ වහින්න ගත්තම තවත් සුද්දෝ ඇවිත් ඒකට ගොඩ වුනා. අපි චීන නූඩ්ල්ස්, පපායා සැලඩ්, කෝපි සහ තවත් මොනවද කෑමට ගත්තා. සුද්දෝත් උන්ට පුරුදු විදිහට කෑම ගන්නවා දැක්කා. ටිකකින් මහා අනෝරා වැස්සක් ආවා. ඒ පොඩි රෙස්ටොරන්ට් එකේ අයිනේ කකා හිටිය අයගේ මේස තෙමන්න ගත්තා. මහ වැස්ස අපි හිටිය රෙස්ටොරනට් එකේ ටකරම් උඩට වැටිලා පහලට ගලාගෙන ඇවිත් ටකරං දාර දිගේ වටේට පතිත වුනා.
හුලගක් ආවහම එන පින්නෙන් අපේ රෙස්ටොරන්ට් එකේ හිටිය සෙට් එකම තෙමීගෙන ගියා. ඒ වැස්සේ ඒ ලග ගෙවල පොඩි උන් එලියට බැහැලා ලග තිබුන වතුර පාරට අර පාලමෙන් පනිනවා. පැනලා ගහගෙන ගිහින් ඉවුර අල්ලගෙන ගොඩ එනවා. පොඩිම උන්ට ඒ තර්ම සෙල්ලම් බෑ. උන් ටිකක් සැඩපාර අඩු තැනක පිනුම් ගහනවා..හැබැයි ඒ පුංචි මූණුවල වැස්ස එක්ක එලියට බැහැල නටද්දි එන සංතෝසෙ පිරිලා තිබුනා. ඒ එලියෙ පොඩිඋන් නටන කලබලේට කුලප්පු වුන අපි ගිය කෑම කඩේ ඇතුලේ හිටිය පොඩි එකාත් ස්කෝලේ ඇදුම ගලවලා ජංගිය පිටින් වතුරේ නටන්න ගියා. වතුරේ නැටීම ගැන ඒ දෙමාපියන්ගේ නම් ඒ හැටි විරෝදයක් පෙනුනේ නෑ. එහෙට සාමාන්‍ය දේවල් වෙන්න ඇති.
පොටෝ බෑ කී පොඩි උන්
අපි බෝට් රයිඩ් බලන්න ගිහින් එද්දි වැටක් උඩට වෙලා අපිට අත වනපු පොඩි උන් දෙකක් සෙට් වුනා. අපිල පොටෝ ගන්න ගියාහම උන් බයවෙලා යන්න ගියා. අපි පොටෝ ගන්න ගිහින් වරදක් කලාද මන්දා. පොඩි උන්ට උන්ගේ ආතල් එක මිස් වුනා අපි නිසා. ඇත්තටම වෙල ගාව වැට.. ඊට ඈතින් කදු පන්තිය, වැට උඩ ඉන්න ොපඩි උන් දෙන්නා එක්ක ඒ පොටෝ එක ලස්සනට එන්න තිබුනා උන් දෙන්නා දිව්වේ නැ්තතං.
ගග ගාව
ගග එහාපැත්තේ ත් ගොයම් කපන වැඩක්. වරුසාව නිසා ගොයම් කැපීම චොර වෙලා වගේ. අපේ ගංවල වගේ කෑම අරගෙන බයික් වලින් ගිහින් කට්ටිය බයික් ගග ගාව නවත්තලා වෙලට වෙල් වැඩ. මම ඉස්සර කුඹුරු වල වැඩට හෙල්ප් වලට ගියාම ආසම දේ තමයි වැඩ නවත්තලා " ආ එහෙනන් කට්ටියම කාල ඉමු" කියන වෙලාව. ප්ලාස්ටික් පිගන් වලට දන් සැට් වල දාගෙන ගෙනාපු බත් ටික බෙදුවට පස්සේ දිවිය බෝජනයක් වගේ කනවා හා උනන්දුවෙන් දඩි බිඩි ගාල ගසල ඇරිය හැටි මට මතක් වුනා.
අපි ගිය එතනත් ලස්සන ගලායන වතුුර පාර. හෙවනට තියෙන වතුරට නැවුන කුඹුක් ගහ ඒ ඔක්කොම ලංකාවේ වගේමයි. බාසාව අවුල නිසා ඉතින ඒ ලාඕස මිනිස්සු මූනට හමුවුනත් හිනාවකට එහා ආතල් එකක් ගන්න අමාරුයි.
තෙමීම
ලාඕ ගමනෙදි අපිට වැස්සෙන් කීප අවස්තාවකදිම ආතල් සෙට් වුනා. එදා හවස වුනත් බෝට්ටු රයිඩ් එකක් ගහගන්න තිබුනා වැස්ස ටිකක් අඩු වුනා නම්. වැස්ස වැඩි වෙලාවට බෝට්ට පදින එක එච්චර හොද නැහැ කියල හිතුනා. කොහොම හරි අපිලට වන්වියන් වල තියෙන සුපිරිම ආතල් එක වුන බෝට්ටු ගමන් ඒ විදිහට මිස් වුනා. #amila2r
Monday, November 11, 2024
වතුර ගුහා උමග
16
එතන වෝටර් කේව් කියල ලොකු බෝඩ් එකක් තියෙනවා. ඒ යටින් වතුර පාරට උඩින් විශාල ගල් පරුවතයක් තියෙනවා. ඒ හිදැසකින් වරක් දෙකක් හුලං පුරවපු ටියුබ් එකක නැගල පාවෙවී සුද්දෙක් එනවා දැක්කා. එතන දොල පාරක් වගේ තියෙනවා. ඉතින් අපිත් දැන් යන්නයි සූදානම.
වතුර ගුහාව ඇතුලට
වෝටර් කේව් එකට යන්න තියෙන්නේ පයින් නෙමෙයි. ටියුබ් එකක නැගල වතුර උඩ පාවෙවී වතුරෙන්. යන පාරක් පේන්න නෑ. අපිට අල්ලගෙන යන්න ලනු තිබුනා. ඒ ලනු දිගේ අපි ටියුබ් එකේ වාඩිවෙලා හිමීට ඉස්සරහට ගියා. ගියාට කොහෙ යනවාද කියල අදහසක් තිබුන් නෑ.ගුහාව ඇතුල කළුවරයි නෙ. වතුර කේව් එකේ ඉහල කොටසේ බිත්තියට ටියුබ් එකේ ඉදල තියෙන්නේ සමහර තැන්වල අඩියක් දෙකක් විතරයි. අපි වතුර උඩ ටියුබ් එකේ පාවි පාවි සෙමෙන් සෙමෙන් ඉස්සරහට ගියා. ඒ කඹය ඉවර වෙන්න මීටර හාරපන්සියක් තියෙන්න ඇති. ඇතුල කළුවරයි. එතන හිටිය සුද්දෙක් ආපිට එන්න ආවා.
කෙළවරටම ගියාම තේරුනා වතුර ගලාගෙන යනවා. හුකා.. එලියේ වහිනවද දන් නෑ. මේ වෙලාවේ වතුර පාර වැඩිවුනොත් මොකද වෙන්නේ. මම බයවුනා. ඒ ගුහාවේ එන වතුර පාර එකපාර වැඩිම වුනොත් කෙලින්ම අපි වතුරත් එක්ක උඩට යනවා. ගිහින් වතුර සම්පූරණයෙන්ම පිරිල ගියොත් අපිව ගුහාව ඇතුලේ හිර වෙනවා. ඒ ගිෙලන්නේ සම්පූර්ණ ගුහාව ඇතුලේ. මට ටිකක් බය හිතුනා.
වතුර තියෙනවා කියල දැනුනට වතුර වේගෙන් ගලනවා කියලා තේරුම් ගියේ කෙළවරට ගියාට පස්සෙ. ඉන් පස්සේ මම අපේ පොටෝ ගැනීමේ චාරිත්‍රත් වීඩියෝ චාරිත්‍රත් නන් දෙඩවීමේ චාරිත්‍රත් පැත්තක දාලා ආයේ කඹේ අල්ලගෙන එලියට එන්න ගත්තා. එද්දිත් වතුර ගලනවා කියල තේරුනා. ඒ වුනාට වතුර ලෙවල් එක උඩ යන බවක් හරියටම තෙරුමක් තිබුන් නෑ. මම අනෙක් දෙන්නට කලින්ම පරාණ බය නිසා ගුහාවෙන් එලියට ආවා.
එලියට ඇවිල්ලා ටිකක් ඈතට ගිහින් බැලින්නම් එතන වතුර රැදිලා තියුනට වතුර මට්ටම කොන්ට්‍රොල් කරන්න සොරොව්වක් තියෙනාව. යම් කේසමක් ආවොත් ඒ සොරොව් ඇරලා දැම්මාහම වතුර ගලා ගිහින් වතුර මට්ටම ඉහල යෑම නවතිනවා ඇති. කොහොම වුනත් ඒ කිසි දෙයක් අහලා දැනගන්න අපිලට බාසාව බැහැ. ලාඕ කාරයින්ට ඉංගිරිසි අපිට තරම්වත් බැහැ.
ඊලග නිල්දිය පොකුණ 4
මේ බ්ලූ ලැගුන් එකක් ඒ ගුහා සංකීර්ණ ආසන්නයෙත් තිබුනා. ඒකට අපිත් ගියා. ටිකට් එක පොඩි ගානක්. ඒකෙත් කලින් ඒවා වගේම උඩට ගිහින් පැනිලි. කප්පියකින් ඇවිල්ලා වතුර උඩට පතබෑවිලි ආදිය තිබුනා. ඒ තැනට ආපු තරුණ සුදු මහත්වරු නෝනල ටිකක් නාමින් සිටියා. ඔවුන් පීනගෙන ගිහින් පාරුවක් වගේ එකකට ගොඩ වෙලා විවේකෙන් හිටියා. සුදු නෝනලා නිකං ඉන්නකොට වගේම ඇදුන් ගලවලා නානකොටත් බොහොම ලස්සනයි. පෙනුන නිසා බැලුවා මිසක අපි එහෙම ෆෝකස් කරලා එයාල දිහා බැලුවේ නෑ. අපි වැදගත් මිනිස්සු නෙ.
අපිත් ගිහින් එහෙන් මෙහෙන් ටිකක් පැනලා කියලා එතනින් එන්න ආවා. උදේට නවාතැනින් කාල ආව ටික නේ. මගින් කන්න බැරිවුනා. ඉතින අපිලට ටිකක් බඩගින්නක් තිබුනා. ඒ වගේම වැහිබර අහසකුත් තිබුනා. ඒ දෙකම තියෙද්දි අපි ආයෙම ස්කූටර දෙකට නැගල නවාතැනට එන්න ගත්තා. ඒ පැත්ත ලස්සනයි. අපි මග නැවතිලා එක තැනක පොටෝ් ගන්නත් උත්සාහ කලා.
ඒ වගේම බෝට්ටු සවාරියක් උදේ හරි එදා හවස හරි යන්න පුලුවන්ද කියාල බලන්නත් අපි ගග තිබුන දිහාවට ගියා. බෝට්ටු ගෙනත් වාහනවලින් ගගට දානවා කියල සැක කරන්න පුලුවන් තැනකට ගියා. ඒත් බෝට්ටු හෝ මිනිස්සු හිටියේ නෑ. ගගේ එහා ගොඩේ කුඹුරු වැඩ කරන මිනිස්සු ටිකක් නම් පේන්න හිටියා.
Saturday, November 9, 2024
විසාල ගුහා සහ උමං
15
ගුහා කරා
ස්ටේශන් එකට ආයෙත් එන්න හිතාගෙන අපිල ස්ටේශන් එකෙන් පිටත් වුනා. දැක්ක විදිහට ගුහා ආදිය තියෙනවා කිලෝමීටර් 15ක් විතර එහයින්. අපි ඉතින් පලල් පාරේ පාගල ගියා.සමහර තැන්වල ස්කූටිය සීයටත් පෑගුනා. ඒ ස්කූටි හොදයි.ඒ වගේම පාරවල් පලල නිසා ලොකු බයකුත් නෑ. ලාඕසයේ හැම නගරයකදිම වාගේ මල්ටි ඇක්සල් හෙන දිග විසාල බඩු ප්‍රවාහන රථ දකින්නට තිබුනා. මේ ගමනෙදිත් අපිලට ඒවා සෙට් වුනා. ඉතින් ඒ වාහන වලට ඉඩ දීලා අපි ගුහා කරා පිටත් වුනා. ඒ මගදි අපිට වීව් පොයින්ට් එකක් සෙට් වුනා පොඩි දියදහරාවක්. කදුකරයත් පේන. එතනත් නැවතිලා අපි පොටෝ ගහන්න විනාඩි 5ක් විතර කැපකලා.
මග නැවතුම
මග පොඩි කඩේක මොනාහරි බීල යන්න කියල නැවැත්තුවා. මිත්‍රයා සමර්ස්බි ඇපලක් ගත්තා. මත්වතුරෙන් සම්පූර්ණයෙන් තොර යහපත් මිතුරා වතුර එකක් ගත්තා. මම ලාඕ බියර් ඩාක් එකක් ගත්තා. බියර් ටේස්ට් එකේ වෙනසක් නෑ. ලාඕ බියර් ලාබ වුනා කියල කොලිටි එකේ නම් ඒ හැටි අවුලක් නැහැ බියර් වල.
ගුහා
මේ ගුහාවලට යන්න කලියෙන් ඔලුවේ ගහන හෙඩ් ලෑම්ප් එකක් සල්ලි දීලා ගන්න ඕනා. ඒක නැත්තං මෙලොව දෙයක් පේන් නෑ ගුහාව ඇතුලේ. අපි ගිය මුල්ම ගුහාව ඇවිල්ලා එන්ටරන්ස් එක එච්චර අමාරු නැති සාමාන්‍ය රේල් උමගක් වගේ විසාල එකක්. ඒකේ ඇතුලේ සෑහෙන ඉඩ තියෙනවා. මේක ගුහාවක් හෙම නෙමෙයි තඩි උමගක්. ලයිට් නිව්වම කිසිම දෙයක් නොපෙනෙන තද අන්දකාරයක්. අඩු ගානේ කණාමැදිරියෙක්වත් නෑ ලයිට් ඔක්කම නිව්වහම. අපිල එහෙම අන්දකාරය ටෙස් කරන්න එක ගමනක් ලයිට් නිවිවා. ටිකකින් අපේ වයිබ් එකට සෙට් වෙන්න වෙන්න ඕනා ඈතින් හිටපු සුද්දෝත් ලයිට් නිව්වා. නිව්වහම ඒ එන අන්ධකාරය අන්ධකාර අල්ට්‍ර ප්‍රෝ මැක්ස් එකක්. කිසිම ආලෝකයක් නොමැති ඝන අඳුරක්.
මේ අපිල කියන විසාල ගල් කුල අස්සේ තියෙන උමගේ අවසානයක් නෑ කියල තමයි ගයිඩ් කෙනෙක් කිව්වේ. ඒ ගයිඩා සුද්දෝ දෙකක් අරං ඇවිත් තිබුනා. එයාල එක්ක එයා ටිකක් ඈතට ඇවිදන් ගිහින් තිබුනා. මේ උමං වල ඇතුල විශාල වුනාට යන්න තියෙන පාර සමතලා නැහැ. ගල්ගොඩවල් වලින් නැගගෙන රිංගගෙන පැනගෙන සමතල නොවන ගල් කුළු ආදිය උඩින් තමයි යන්න තියෙනනේ. සමහර තැනක ගුහා ඇතුලේ බුදු පිලිම තිබුනා. අපිල ඒවටත් සැදැහැ සිතින් වන්දනාමාන කලා.
දෙවනි ගුහාව
මේ ගුහාවල නම් ඉතින් දිව උලුක්කු වෙන රුයිත නම්. මේ දෙවනි ගුහාවට අපි තව ගමනක් කිප් විසිදාහක් දීලා ඔලුවේ බඳිල ලයිට් කට්ටලයක් ගන්න ඕනා. ඒක තමයි මම හිතන්ෙන් ටිකැට් එක විදිහට තියෙන්නේ. හැබැයි ඉතින් මේ ගුහාවලට තනියම ගිහින් ඇතුලේ අතුරුදන් වුනොත් එහෙම කවුරුත් දැනගන්න විදිහකුත් නෑ වගේ. කිසිම විස්තරයක් යන්න කලින් ගන්නෙත් නෑ.
දෙවනි ගුහාව කලින් එකට වඩා හැපනින්. ඒකට ඇතුල්වෙන්න තියෙන්න් උඩට නැගලා සිදුරක් අස්සෙන්. උඩට යටට යන්න පඩිපෙල යකඩින් ලීයෙන් සකස් කරල තිබුනා. ඉතින් බැහැගෙන ගියාහම කලින් එකට වඩා විවිධ වර්ගයේ පාශාන කාලයක් තිස්සේ වතුර වැක්කරෙිලා හැදුන ස්ට්‍රක්චර් ආදිය දැක්කා. ඒක කලින් එකටත් වඩා සර්ෆේස් එක අවුල්. පැනගෙන රිංගාගෙන , ලිස්සන ගල් උඩින් තමයි යන්න තියෙන්නේ. අපි ගිය කාලේ වැස්ස නිසා හැම තැනම වගේ ගල් උඩ වතුර යහමින් තිබුනා.
මේ අන්දකාර ගුහාවල ඇතුලේ තියෙන ලස්සනම ලස්සන ස්වාභාවික පාෂානමය නිර්මාණ වල පොටෝ ගන්න හැටියක් නෑ. අපි ටෝච් අල්ලලා ලයිට් දාලා අමාරුවෙන් පොටෝ ගැහුවත් ඒ එතන තියෙන ආතල් එක සම්පූර්ණයෙන්ම නම් පොටෝ වලට එන්නේ නෑ.
වියට්නාම යුද්ද කාලේ මේ ශෛලමය උමන් ආදිය වියට්නාම කාරොය් සැගවෙන්න පාවිච්චි කලා කියල පතපොතේ සදහන් වෙනවා. මේවා ඇතුලට යනකල්ම මම දැනගෙන හිටියේ නෑ මේ මේ ගුහාමය උමන් අස්සේ මෙච්චර ඉඩකඩක් තියෙනවා කියලා. ඇත්තටම මිනිස්සු දහ පාලොස්දාහක් වුනත් කිසි ගේමක් නැතුව හංගාගෙන ඉන්න මේ ගුහා වලට පුලුවන්. #amila2r












.jpg)





.jpg)






















.jpg)




