20
ලාඕස් වල ඉස්සර අගනුවර ලුවන් ප්‍රබාන්. එහේ රජෙක් එහෙමත් ඉදලා තියෙනවා. පස්සේ කාලෙක තමයි වියන්ටියෙන් වලට අගනුවර මාරු වෙල තියෙන්නේ. මම හිතන්නේ අපේ මහනුවර වගේ සීන් එකක් තමයි ලුවන් ප්‍රබාන් වල තියෙන්නේ. සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය ප්ලෙසම තමයි ලුවන් ප්‍රබාන්.
ඉස්ටේසම සහ නවාතැන
අපි ඉතින් ලුවන් ප්‍රබාන් වලින් බැහැලා සිටි එකට යන්න කලියෙන් මොනාහරි බීලා ඉමුය කියලා කඩේකට ගොඩ වුනා. කුරුම්බා ගෙඩියක් ඇහුවා ලංකාවේ සල්ලි වලින් රුපියල් හත් අටසියක් වෙනවා. එච්චර දීලා කුරුම්බා බොන්න මොකක්ද වගේ ඒ ගමන රැන්ඩම් ජූස් එකක් සිලෙක්ට් කරලා බිව්වා.
ඒක හැබැයි රසයි.
ස්ටේශන් එකට එලියේ තියෙන කඩපේලියෙන් යමක් බීලා අපි ආයෙම ස්ටේශන් එක දිහාවට ගියා ටැක්සියක් ගන්න. මට ලාවට කණට ඇහුනාට බජට් ටැක්සි සර්විස් එකක්. එයාල සාධාරන ගානකට අපිලව ගෙනහින් දැම්මා. ඒක ලුවන් ප්‍රබාන් ස්ටේශන් එකේම තියෙන හයිරූෆ් ඩොල්ෆින් ටැක්සි සර්විස් එකක්. ගනන් සාධාරණයි. ඒ වගේම ඇතුල ඒසී නිසා එලියෙන් එන දූවිල්ල ආදිය වැටෙන්නෙත් නෑ.
හැබැයි ඉතින් තෙල් කරත්තේ වගේ. ඒ යන වෙලාව ආවා. ටවුමට යන කාන්ඩ හතරක් නැග්ගා අපි වගේ. කාන්ඩ හතර හතර තැනකින් බැස්සේ. අපිල අවසානයට බැස්සේ. මේ චීන ලාඕ දුම්රිය පාරේ තියෙන එක ලල් එකක් තමයි හැම තැනම සිටි සෙන්ටර් එකට ටිකක් දුරයි ස්ටේශන් එකේ ඉදලා. මේ ලුවන් ප්‍රබාන් වල කිලෝමීටර් පාලහක් විතර තිබුනා ස්ටේශන් එකේ ඉදලා සිටි සෙන්ටර් එකට.
හොස්ටල් නවාතැන
මේ පාර අපි බුක්කරගෙනතිබුනේ හොස්ටල් එකක්. ඒවත් පුරුදු වෙන්න එපැයි. අපි යනකොට උීදේ වැඩියි. ඒ ගමන බෑග් දාලා අපි රවුමක් දාන්න ගියා. මුලින්ම අපි තැන හොයල බලලා සල්ලි ටිකක් මාරු කරගෙන මොනාහරි කොටාබාන්න තැනක් හෙව්වා. හම්බුනා ගග අයිනෙම තැනක්. ගග දිහා බලාගෙන කන්න හැකි නිසා අපි එතන නැවතුනා. ඒ ගග ඇවිල්ල මිකොන් ගගම තමයි. අපි දකුණු ලාඕසයේ පක්සේ දැක්කෙත් මීකොං..දැන් දකින්නෙත් මීකොන් හැබැයි ඔය තැන් දෙක අතර කිලෝමිටර් අටසියකට වඩා දුර වෙනසක් තියෙනවා. පෙලක්දා ඊටත් වැඩි ඇති. ගග ගලන්නෙ ේෙකලින් නෙමෙයි නේ.
සර්ප වයින් සහ කෑම
කෑමත් ඕඩර්ු කරල ටිකකින් දෙන්නෙක් ඇවිත් විසාල බෝතල දෙකක් සෙට් කලා කඩෙන්. හපොයි ඒවා සර්පොය් කටුස්සෝ දාල පල්කරපු විස්කි වර්ගයක්. අපි ඒවා දැක්කා පොටොගත්තා විතරයි අපි ඒවා බොන්න ගියේ නම් නෑ. ඒත් අපේ මිතුරන්ට ඒ බිම දැකලා පොඩි අප්පිරියාවක් ආවා.
ඊලගට අපි බෝට්ටු බලන්න ගියා මිකොං ගගේ. බෝට්ටු ගමනට පැයට ලක්ෂ 4ක් ඉල්ලුවා. අතන මෙතන පෙන්වනවාය ආතල් රවුමක් දානවාය කියලා අභිනයෙන් සහ යන්තං කඩ්ඩෙන් බෝට්ටුකාරයා අපිට විස්තර කරා. ආයේ හෙට්ටු කරලා 3ට බැස්සුවා. ඒත් අපේ මිතුරන් එච්චර කැමත් නැහැ වගේ බෝට්ටු ගමනට. ජොකියෙක් ඇවිත් චුට්ටි බෝට්ටුවක් යං ලක්ස දෙකක් දෙන්න කියල ඉල්ලුවා. මම නම් එක පයින් කැමති වුනා. ඒත් චූටි ඔරුවේ සැඩ පාරේ ජැකටුත් නැතුව යන්න අපේ යාලුවෝ ටිකක් බය වුනා. ඒ ගමන ඒ වැඩේ අල්ලලා දැම්මා.
ආයේ නවාතැනට ඇවිදගෙන එනකොට දැක්කා පන්සලක්. අපි ලංකාවේ කියල දැනගෙන පන්සලේ ටිකට් කඩන අය සතුටු වුනා. ඒක කෞතුකාරය හෙවත් ඉස්සර රජ මාලිගාව ලගම තියෙන පරණ පන්සලක් ඒකට යන්න ටිකට් කඩනවා හැබැයි. ඉතින් එතෙන්ට ගිහින් බලනකොට හද්දෙයියනේ මගේ කන්නාඩි දෙකයි තොප්පියයි නෑ. ඒ දෙක අමතක කරලා ඇවිත්. ආයේ මම දඩි බිඩි ගාල ගිහින් ඒ දෙක අරගෙන ආවා කලින් කාපු සර්ප විස්කි තිබුන තැන ඒ දෙක අමතක කරලා ඇවිත් තිබුනා.
ආයේ ඇවිත් බලනකොට අපි නවාතැන වෙන්කරගෙන තිබුන මහ පාරේ නයිට් මාකට් එකකට කට්ටිය ලහි ලහියේ සූදානම් වෙනවා. ටිකක් ඉර අවුව තුරං වේගෙන එද්දිම කට්ටිය ලොකු පෙට්ටි කූඩාරම් ලෑස්ති කරගෙන ඒවා පාරේ සෙට් කරගෙන නයිට් මාකට් එකට ලැස්ති වෙනවා. #amila2r
No comments:
Post a Comment