Thursday, November 7, 2024

පාන්දරම කන්දට

14
පාන්දරම කන්දට

මහ රෑ වෙනකල් පාටිවල නට නට බීපු සුද්දෝ සමහර වෙලාවට ඉර පායන්නත් කලින් නැගිටලා සන් රයිස් එක බලන්න කදු මුදුන්වලට බඩගානවා. අපිත් කලින් දවසේ ටිකක් රෑ වෙනකල් ටවුමේ ක්ලබ් වල තැවරි තැවරි හිටියට ඊලග දවසේ පාන්දරම නැගිටලා තවත් වීව් පොයින්ට් එකක් බලන්න සෙට් වුනා.


මේ වීව් පොයින්ට් එක සහ කලින් එක එකම පලාතේ තිබුනට තියෙන උස සහ බූමි දර්ශනය සහ ආතල් එක එක එකකට එකක් වෙනස්. උදේම මගේ මිත්‍රයා මාව කන්ද නගින තැනට ඇරලුවා. පොර එතන ගස් දෙකක් එකතු කරලා දාපු නෙට් එකක් උඩට වෙලා සනීපෙට නිදාගන්න ඇති. එයා උඩට නගින්න ආවේ නෑ. මම තනියම නැග්ගා මම වතුර බෝතලයකුත් පොඩි එකක් කඩෙන් අරගෙන කන්ද නගි න්න ගත්තා. මඩ ගතිය නිසාත් ගල් ලිස්සන නිසාත් ටිකක් අමාරු වුනා. අපි ගිය දවස්වල වැස්ස නිසා ගල් ටිකක් ලිස්සන ගතියකුත් තිබුනා.

මේකත් කලින් එක වගේම ටිකක් තදබල නැග්මක් තියෙන කන්දක්. ඉතින් පැයබාගයක් විතර බඩගාලා යන්තම් උඩට ගොඩ වුනා. ඒ වෙද්දිත් සුදු නෝන මහත්වරු ටිකක් එතන්ට ඇවිල්ලා තිබුනා. නගිනකොටනම් මේ මොන බඩකඩුත්තුවක්ද ලංකාවෙ කදු නැතුවටද මේ තූත්තුකුඩියක ඇවිල්ලා කදුබඩගාන්න යන්නේ කියල හිතුනා. ඒත් උඩට ගොඩ වුනාම ඒ සෙට් වෙන අයස්කාන්ත දර්ශනය නම් මැක්සා. එතකොට අර නගිනොකට තියෙන අපහසුව දූරිබූත වෙලා යනවා.

මුදුනට ගොඩ වෙල එක පැත්තක් බැලුවාහම ඒ පැත්තෙන් බැලුන් කීපයක් උඩට නගිනවා. හොට් එයා බැලුන් ගොඩක්ම නැතත් කීපයක් තිබුනා. ඒ වගේම අනෙක් පැතිවලට ඉර එලිය වැටෙද්දි ඒ ආලෝකමත් වෙන අකාරය සිරා. ඒක වචනේ පරිසමාප්ත අර්තයෙන්ම තුන්සිය හැටම පේන ලස්සන වීව් පොයින්ට් එකක්. චීන ඇන්ටිලා නම් ඇවිත් අතනට මෙතනට ොගඩ වෙලා පොටෝ තලාගන්න පුදුමු උනන්දුවකින් රැගුවා. ඒ ලග නවත්තල තියෙනවා බයික් එකක් පරණ එකක්. පොටෝ වලටම හදපු. ඒක උඩ නැගලා චීන ඇන්ටිල පොටෝ ගත්තා. මම ඉතින් හිතින්.. " සිරික්කිය දාගෙන වැටියල්ලකෝ කොහොමින් හරි කෑලි තමයි හොයන්න වෙන්නේ" ඉතින් කියලත් හිතුවා.

සුදු කෙල්ලෝ ඒ කිව්වේ යුරෝප් කෙල්ලෝ චීන වියට්නාම ගංගොඩවල් වල කේලලන්ට කොල්ලන්ට වඩා ටිකක් සන්සුන්ව හිටියා. උන් බීලා කරලා ක්ලබ් වල නැටුවට අනතුරුදායක තැනකට ආවහම ටිකක් සංවරව ඉන්නවා.

ඒක නැගලා මම පොටෝ ටික අරගෙන හිමිහිට බහින්න ගත්තා. අට නවය වෙනකොට බැහැගත්තා පහලට.

පාතරාසය
උදේ කෑම අපේ හොටලෙන් දෙනවා. ඒක මරු හෝටලයක්. කෑම කන්න තියෙන්නේ උඩ තට්ටුවක. ඒ කෑම කන්න තියෙන තට්ටුවට වටේ පිටේ කදුකර දර්ශනය කදිමෙට් පේනවා. රටවල් කීපෙකින් ආපු කට්ටිය ඒ ඒ ටේබල වලට වෙලා ෆ්‍රයිඩ් රයිස්, රෝස් කරපු පාන්, බිත්තර, නූඩ්ල්ස්, ආදිය තිබුන බේසික් මෙනු එකේ බෆේ එකෙන් කෑම කෑවා. තේ වතුර කෝපි දොඩන් එහෙමත් ඇති පදමට දාගෙන බොන්න අවස්තාව තිබුනා. කොත ගහල බත්ම නොකෑවට ඒ රට රටවල ජනතාව බොොහම පෝශදායි කෑම ජාති සුලබව කනවා කියලා මට හිතුනා.

බයික් මාරුව
අපිල අරං තිබුන ඉලෙක්ට්‍රික් බයික් පිකප් මදි. පැයට කිලෝමීටර් පනහක විතර උපරිම වේගෙන් තමයි යන්නේ. ඊට මෙහාපැත්තේ කඩේ සුපිරි බයික් තිබුනා. අපි ටිකක් එහෙ මෙහෙ ඇවිදලා ඉලෙක්ට්‍රික් දෙක බාර දීලා ආයේ ඇවිත් අර තැනින්ම ආයේ බයික් රෙන්ටකට ගත්තා. පෙට්‍රල් 125 හොන්ඩා ස්කූටර්. ඒ බයික් දෙක නම් සුප්පා බයික් දෙක.

ආයේ ස්ටේශන් එකට
චීන ලඕ රේල් පාරේ කෝච්චි ටිකට් වල තියෙන එකම ලොකු අවුලක් තමයි විදේශිකයින්ට කෙලින්ම බුක් කරන්න බෑ. ඒ නිසා විදේශිකයින්ට එක්කෝ ඇප් එක තියෙන ලෝකල් කෙනෙක් ලව්වා බුක් කරගන්න ඕනා. නැත්නම් ස්ටේශන් එකට යන්න ඕනා. අපි ස්ටේශන් එකට ගියා වන්වියන් ඉදල ලුවන් ප්‍රබාන් වලට ටිකට් බුක් කරගන්න. ඒ සෙක්ටර එකට ටිකට් තිබුනත් අපි ගිය වෙලාවේ සිස්ටම් ඒකේ පෙන්නුම් කලේ නෑ. මතක විදිහට අපිලට ආයේ යන්න වුනා ටිකට් වෙන් කරගන්න. 









#amila2r 

No comments:

Post a Comment