9
අපි බැස්ස තැන වටේම ටිකක් දුරින් දුරින් වගේ හෝටල තියෙනවා. අපි බැස්ස තැනම වගේ උදේ කෑමට පෝක් තියෙන කඩයක් තිබුනා. පෝක් සුප් තමයි දෙන්නේ. අපේ එක යාලුවෙක්ට පෝක් ටිකක් කේස්. ඒත් අපි මොක කරන්නයැ. අපිල ඉතින් පෝක් නූඩ්ල්ස් සුප් දෙකක් බිව්වා. බීලා බිල ගෙවල අපිට නවතින්න හොටෙල් සර්ච් කරන්න ගත්තා. චීන හොටලයක් දැක්කා. ඒක ටිකක් අපේ ගනන් වලට වඩා වැඩියි වගේ. ඒ පාර හොස්ටල් දෙක්ක හොයන් ගියා දෙකම ෆුල් ඉඩ නෑ. ඉන් පස්සේ අපි තව ටිකක් ඇවිදගෙන ගිහින් තැනකට සෙට් වුනා. එතන හතරවෙනි තට්ටුවට පයින් යන්න වෙන තැනක තමයි කාමරේ හම්බුනේ. සිරිපාදේ නගිනවා වගේ නැගිල්ලක් තමයි තියෙන්නේ.
සිමෙන්ති පිලිම පාක් එක
වියන්ටියෙන් වල බුද්දා පාක් එකක් තියෙනවා. ඒ වගේම එකක් එතනින් එහා පැතතේ නොන්කායි වල තියනවා. මීට කලින් 2017 අවුරුද්දේ තායිලන්තේ ගියාම මම කිසිම හේතුවක් නොදැන මේ නොන්කායි සිටි එකට ගියා. එහේදි අක්කා කෙනෙකුත් හම්බෙලා පොඩි ස්ටෝරි එකකුත් ගියා. ඉතින් ඒ වතාවේ තායි පැත්තේ තියෙන ඒ සලා කු කු කියන බුද්දා පාක් එක බැලුවා. ඒ තියන පිලිම කැටයම් කලාකෘති ලාඕස් පැත්තේ බුද්දා පාක් එකේ ඒවා වගේමයි. එකම කලාකාරයාගේ නිමැවුම් දෙකක් විදිහට තමයි ඒ දෙකම සැලකෙන්නේ.
වියන්ටියෙන් ඉදලා බුද්ද පාක් එකට යන ගමන් අපි කන්න බොන්න තැනක නැවැත්තුවා. එතන අපේ යාලුවට හරියන චිකන්මය කෑම තිබුනා. අපිත් මොනවද අරගෙන කෑවා. මේ රටේ කෑම කඩවලට ගොඩ වුනාට පස්සේ අයිස් දාපු වීදුරුවක් දෙනවා. ඒ අයිස් කැට උඩට බීම දාගෙන තමයි මිනිස්සු බොන්නේ. සාමාන්‍යයෙන් බීම තියෙන්නෙත් මෙහෙ වගේ ෆ්‍රිජ් වල ඒ අරගෙන අයෙම අයිස් කැට උඩට බීම දාගන්නවා. මැලේසියාවෙත් මේ විදිහට දැක්කා. ඒකෙන් වතුර වල සීතල ගොඩ වෙලාවක් ආරක්සා වෙලා තියෙනවා.
ටිකට් බුක් කරගැනීම
ලාඕස් වියන්ටියෙන් වල ඒචචර හැපනින් නැහැ. අපිට චීන්නු යන නරක මසාජ් තියෙන ඒරියාවල් සෙට් වුනෙත් නෑ. කෑම බීම නම් ලේසියි. එතනෝල් කොහොමත් මිල අඩුයිනෙ. පන්සල් නම් තියෙනවා. ඒත් පන්සල් ටුවර් වලට අපේ වැඩි ලල් එකක් තිබුනෙත් නෑ. ඒ නිසා අපි ථීරණය කලා ඊලග ඩෙස්ටිනේශන් එකට යන්න. ඒක යන්න තෝරගත්තේ චීන ලාඕ රේල්වේ එක. සිටි සෙන්ටර් එකේ තියෙන ශොපින් මෝලේ ටිකට් කවුන්ටර එකක් තියෙනවා කියල දැක්කා. ඒ පාර අපි ඒක හොයාගෙන යන්න පිටත් වුනා.
යාලුවා අතුරුදහන්වීම
අපිල ගියේ බයික් දෙකක. අපි අතර කමියුනිකේසන් වලට සිම් තිබුනත් ෆෝන් එකේ බැටරි බැහැපු නිසා අනෙක් එක යාලුවෙක් අතර කනෙක්ටිවිටි තිබුන් නෑ. ටවුන් එකේදි එක තැනකදි අපිලට යාලුව මිස් වුනා. එයා අපේ පස්සෙන්මයි ආවේ. ඒත් අපි හරවන තැන එයාට මාරු වෙලා. ඒ මදිවට පොර කොහේද ගිහින් පොඩි ඇක්සිඩන් එකකුත් වෙලා. දෙයියන් සිහි වෙලා විනාඩි තිහක් විතර එහෙ මෙහෙ වෙවී අපි අවසානෙට දැක්ක හන්දිය හෙවත් සිටි සෙන්ටර එකට වෙලා පැය බාගයක් විතර හිටියා. ඉන් පස්සේ අපේ බයික් එකෙන් ගිය අනෙක් යාලුවට එයාව සෙට් වෙලා තිබුනා. ඇත්තටම පොර මිසින් වුනානම් මාර ආතල් එකක් තමයි සෙට් වෙන්නේ.
සිටි සෙන්ටරම
ලාඕ අගනගරය වන වියන්ටියෙන් වල සිටි සෙන්ටර් එකේ තියෙන සෙන්ටර් කියන සොපින් මෝල් එකේ අපේ ලංකාවේ සොපින් මෝල වල වගේ යට තමයි පාකින් එක තියෙන්නේ. ඒ බාස්මන්ට් පාක් එකේ අපි බයික් නවත්වන්න හරිහමන් තැනක් තිබුන් නෑ. අපිලට මෝල ඉස්සරහම බයික් දාල යන්නත් තිබුනා. ඒත් කෝකටත් කියලා අපි මෝල් එක යට බයික් දාලා ඇතුලට යන්න සෙට් වුනා. ඇතුලට ගිහින් ඒකේ තියෙන රේල් ටිකට් කවුන්ටරය හොයාගත්තා.
මොකක්ද ඒ කවුන්ටරය
සාමාන්‍යයෙන් ලංකාවේ රේල් ටිකට් ගන්න පුලුවන් වෙන්නේ ස්ටේශන් එකෙන් විතරයි. ඒත් ලාඕස් වලදි ස්ටේශන් එක තියෙනනේ බොොහ්විට නගරයේ ඉදලා ටිකක් දුරින්. සමහර වෙලාවට කිලොමීටර් 10-15ක් දුර යන්න ඕනි ස්ටේශන් එකට. ඒ නිසා ලුවන් ප්‍රබාන් සහ වියන්ටියෙන් වල ස්ටේශන් එකට පිට සිටි සෙන්ටර් එකේ ලාඕ චීන රේල්වේ ටිකට් කවුන්ටර් එකක් ඇරල තියෙනවා. ඒකෙන් අපිට කෝචචි ටිකට් වෙන් කරගන්න පුලුවන්. මේ චීන කෝච්චියේ චීන්නු එන නිසා සමහර දවස්වලට කෝච්චි ඔක්කම බුක් වෙනවා. ඒ නිසා කලින් ටිකට් වෙන් කරගන්න එක හැම අතින්ම හොදයි. අපිටත් පණ්ඩිතකමට ටිකට් වෙන් කර නොගෙන ඉදලා හොද ටොපියක් සෙට් වුනා.
ඒ වගේම මේ ටිකට් කවුන්ටර එකෙන් අපේ ගමනට සම්පූර්ණ ටිකට් වෙන්කරගන්නත් පුලුවන්. ඒ කියන්නේ අපි තැනකට ගිහින් ආයේ එතන දවස් දෙකක් ඉදලා ආයෙත් ට්‍රේන් එක අරගෙන ආදී වශයෙන් පුලුවන්. අපිලට එහෙම මුල් දවසෙම ඔක්කම ටිකට් ටික ගහගන්න පුලුවන් කියන ගණදෙවි නුවණ පහල වුනෙත් පස්සේ.
පොන්නය තොගේ බ්ලොග් පොස්ට් ඇති දැන්
ReplyDeleteඔබගේ පෝස්ට්ස් හරිම රසවත්.
ReplyDeleteඔබගේ සංචාර පිලිබඳ පෝස්ට්ස් ඉදිරියේදීත් අපට කියවීමට ලැබේ යැයි බලාපොරොත්තු වෙමු.
ස්තූතියි 👍
Deleteඑල එල .....
ReplyDelete