13
වීවි පොයින්ට් 1
ට යමුද කියල අපි කතාවුනා සහ ගියා. වීව් පොයින්ට් එකට යනකොට ටිකක් හවස් වෙලා. අපිට ටිකට් එකක් ගන්න වුනා. ටිකට් දෙන්න හිටියේ අංකල්ල දෙන්නෙක් වගේ. එතනින් එහාට ගියාට පස්සේ පොඩි කඩයක් තිබුනා. කඩේ අක්ක කෙනෙක් සහ පොඩි එක්කෙනෙක් හිටියා. අපි ඒකෙන් වතුර බෝතලයක් ගත්තා.
අරගෙන නගින්න ගත්තා. ටිකට් ගත්තට මොකද කවුරුත් අපිලව කර තියන් යන් නෑනේ. කන්ද නගින්න ඕනා වීව් පොයින්ට් එකට යන්න. ලග ලග හෙල් තියෙන තද බෑවුම් තියෙන කන්දක්. ලංකාවේ වගේම තමයි නැගිල්ල අමාරුයි. දාඩිය දානවා. ඒ මදිවට වැස්සකුත් එනවා. හවස නිසා හැබැයි කට්ටිය නම් ටිකක් අඩුයි. අපි ඉතින් හිමිහිට නැග්ගා.
උඩ
උඩට නැග්ගම අංශක 300ක් විතර වටේට ලස්සන භූමි දර්ශනයක් පේනවා. පහල පාතාලය පේනවා. කෙත්වතු පාරවල් චූටියට පේනවා. අපි යනකොට උඩට වැස්ස. මම නම් කමිසය ගලවලා වේලෙන්න දැම්මා. තදට වැස්සේ නෑ පොදක් තිබුනේ. උඩම කඩයක් තිබුනා. තේ වතුර ටිකක් බොන්න විදිහක් බැලුවා එයාලට ලිප අවුලගන් විදිහක් නැහැ කිව්වා වැස්ස නිසා. උනු තේ වතුර අදහස පැත්තක දැම්මා. ඒ ළග ගෝ කාට් එකක් තිබුනා පරණ එකක් මිතුරෙක් ඒකට නැගලා පොටෝ ගන්න සෙට් වුනා.
ඊලගට අපි බැස්සා. බැහැලා බ්ලූ ලැගුන් 4 බලන්න යන්න කතා වුනා. බ්ලූ ලැගුන් 4 තිබුනේ ඒ ලගමයි.
මේ වන්වියන් වල කදුකරයෙන් බිමට වැටෙන වතුරේ අමුතු කොල පාටක් නිල්පාටක් තියෙනවා. ඒ නිසා ඒ වතුර එන තැන්වල පොඩි ජලාශවල වතුර පාට වෙනස්. ඉතින් අපි බ්ලූ ලැගුන් 4ට ගියා. ඒ නිල්පාට වතුර තියෙන තැන ගැඹුරයි. අපේ යාලුවො උඩට නැගලා වතුරට පැන්නා. ඒ වගේම තව කඹ වල එල්ලිලා සිප්ලයින් වගේ ගිහින් බිමට පනින වගේ අවස්තාත් තිබුනා. ඒවා මාර ආතල්. බ්ලූ ලැගුන් 4ට තමයි අපි ගියේ. ඒ කියන්නේ තව බ්ලූ ලැගුන් කීපයක්ම වන්වියන් වල තියෙනවා.
ඇමරිකන් පවුලක් ඇවිත් හිටියා පොඩි ළමයි තුනක් එක්ක. පොඩ්ඩො මොන්ටිසෝරි සහ ස්කෝලේ 4-7 වගේ පන්තිවල වෙන්න ඕනා. ඒ ළමයි පනිනවා අම්මා ඈත ඉදන් පොටෝ ගහනවා. තාත්තා "ඔයා හිත හිත ඉන්නවා කියන්නේ තවත් ඔයාට පනින්න තියෙන හැකියාව අඩු වෙන එක" ආදී දේ කියමින් ළමයි පනින්නට දිරිමත් කරනවා. පොඩි පහේ උසකුත් නෙමෙයි මීටර් දහය පාලවක් විතර උසකින් තමයි මේ ළමයි පනින්නේ සහ දෙමාපියන් ළමයි පන්නවන්න උනන්දු කරන්නේ.
ඉන් පස්සේ අපි වන්වියන් වලට ආවා. ඇවිත් එහේ තිබුන පබ් එකකට ගියා. කොක්ටේල් ආදිය වැඩි මිලක් නෑ. ලංකාවේ සල්ලි වලින් රුපියල් තුන්හාරසියට කොක්ටේල් තියෙනවා. ඉතින් කොක්ටේල් එකක් ගහලා රට රටවලින් ආපු විවිධ කාන්ඩේ බොන හැටි කරන දේවල් ආදිය බලා කියාගෙන ඉදලා අපි රෑ නවාතැනට ආවා.
මේ වන්වියන් වගේ පැතිවලට එන සංචාරකයින් අතර යං සෙට් එක වැඩියි. ඒ වගේම චීන කොරියා ආදී රටවල කට්ටියත් ඉන්නවා. චීන අය නම් එයාලගේ කේ ටීවී කියන කැරෝක් මධ්‍යස්තාන වල වෙනම ආතල් එකක් ගන්නවා. කොරියන් අය නම් සාමාන්‍ය සුද්දෝ යන ක්ලබ් වලට පබ් වලට බැහැල ආතල් ගන්නවා.
වන්වියන් වලත් නොයෙක් ආකාර මසාජ් තියෙනවා. මම හිතුවේ ඒ මසාජ් වල මසාජ් විතරයි කියලා. ලාඕ මසාජ් ටිකක් තදයි. උඩ නගිනවා. තලනවා අදිනවා. සමහර මසාජ් වල නම් අමතර සේවාවන් ආදිය දෙනවා. ඒවට වෙනම චාජ් කරනවා. මම ගිය මසාජ් එකේ නම් මසාජ් එක විතරයි. දවල් කදු නැගලා වෙච්ච කකුල් මහන්සියත් නැතිවෙන්න එක්ක හොද මසාජ් එකකුත් දාගත්තා.
කට්ටිය ගොඩක් ඉන්න රෛස්ටොරන්ට් එකකට ආයෙත් ගොඩ වුනා කෑම රස ඇති කියල හිතලා. අම්මෝ. පැයක් විතර එතන බලා ඉන්න වුනා කෑම එනකල්. අපේ රටේ වගේ උයාගෙන තියාගෙන ඉන් නැති නිසා කෑම හදලා සර්ව් කරන්න වෙලා යනවා. ස්ටාෆ් අඩුනම් තවත් වෙලාව වැඩියි.
No comments:
Post a Comment