Monday, November 25, 2024

බැසීම

 28

අපි වියන්ටියෙන් වලින් බැස්සා. මගේ ගමන් අත්දැකිම් අනුව මේ වගේ අවසාන තැනකට බස් එකෙන් ප්ලෙන් එකෙන්, කෝච්චියෙන් බැස්සහම අපිල කලබල වෙන්න හොද නැහැ. බහිනකොටම සෙට් වෙලා වද දෙන්න යන කරදරකාරයින්ගෙන් අයින් වෙල චූටිකක් දාල මූණ ටිකක් හෝදගෙන එතැන තියෙන සාමාන්‍ය එන්ටරන්ස් එකෙන් අපි පාරට ආවා. අපි මේ වියන්ටියෙන් උතුරු බස් නැවතුමේ දැක්ක දෙයක් තමයි ඒ අවට රාගලීලාවෙන් ඉන්න පිංතුර සහිත මසාජ් තියෙනවා. අපි මේ නගරයෙම දවස් 6-7කට කලින් සර්ච් පාරක් දැම්මට ඒ තැන් අහු වුනේ නෑ. ගූගල් මැප් වලත් නෑ. ඒත් මේ නදර්න් බස් ස්ටෑන්ඩ් කිට්ටුව යමක් තියෙනවා වගේ කියලා යම් සැකකටයුතු ඉවක් වගේ සෙට් වුනා.

 

ඒත් දැන් ඉතින් අපි ඒ කාමලෝකේ ඇති පදන් වින්ද නෙ. තා මොන එහෙකටද සහ එවෙලේ ටිකක් මහන්සිය වැඩියි. ඒ නිසා අල්ලලා දාන්නත් හදලා ඒත් ඔන්න ඉතින් හැමදාම තියෙනවයි. කියල ගිහින් ඇගේ මහන්සිය යන්නත් එක්ක මසාජ් එකක් දාගන්න තැනකට කිට්ටු වෙලා ගනන් ඇහුවා. දැනුන විදිහට එයාල රෑට විසේස සේවාවන් සපයන තැනක්. හම්පඩ ඉන්දියන් කාරයෝ තුන්දෙනෙක් පාන්දරම ඇවිත් වාත වෙන්න ඇවිත ්වගේ කියලා හිතලාදෝ අපිලව කිසිම ගනනකට ගත්තේ නෑ. අපි අහපු ඒවට උත්තර දුන්නෙත් ඕනවට එපාවට. අපිත් යකෝ පිනට යනවැ. යනවා නම් අපි දෙන්නෙත් සල්ලි තමයි ඒ නිසා උන්ට එකපාරක් එපානම් අපිලට දහ පාරක් එපා කියල හැරිල ඇප් ටැක්සියක් ගහගෙන උතුරු බස් නැවතුම් පොලෙන් මධ්‍යම බස් නැවතුම්පොලට ටැක්සියක් ගහගෙන  ආවා.

 

බෝඩරයට යන හැටි

 

ලඕ පැත්තෙන් වියන්ටියෙන් තායි පැත්තෙන් නොන්කායි.. ඔය දෙක යාවෙන බෝඩර් එක හරහා ජපානයෙන් තෑගි කරපු පාලමක් තියෙනවා. දැන් අපි යන්නේ ඕක තරණය කරන්න. අපි හිටිය ඒරියාවේ ඉදලා ලාඕ බෝඩර පොයින්ට් එක කිලෝමීටර් 5කින් විතර තියෙනවා. ඉතින් මම බෝඩර් ක්‍රොස් කරන්න බස් හොයනවා දැකපු අපේ මිතුරෙක්. මොකටද බස්. මෙතන ඉදලා වැඩිදුර නැහැ නෙ. අපි යන් ටැක්සියෙම කියල කිව්වා. පස්සේ මම ඔහුට හැකිපමණ පැහැදිලි කරලා දුන්නා ටැක්සි එකකින් බෝඩර් එක ක්‍රොස් කරන්න යන එක එතරම් හොද දෙයක් නෙමෙයිය කියලා. මම කිව්වත් වගේ අපි ටැක්සියක ගියානම් තැන් කීපෙකම හිර වෙනවා. එකක් තමයි පාලමකින් සම්බන්ද වෙන රටවල් දෙකේ බෝඩර් පොයින්ට් දෙක අතර කිලෝමීටර් 3ක විතර දුරක් තියෙනවා. ඒ දුර ටැක්සි එක යනවාද? යනවනම් කීයක් ගන්නවද? එතකොට අපේ පාස්පොට් සීල් කරනකල් එයාල ඉන්නවද? ආදී වශයෙන්..

 

ඉතින් අපි බස් එකේ යන්න තීරණය කලා.

 

සල්ලි අනෙක් පැත්තට මාරුව

අපේ රටේ වගේ නෙමෙයි. බස් එකේ ටිකට් එක ගන්න තියෙන්නේ බස් නැවතුමට යාබද කවුන්ටරයකින්. ඒ කවුන්ටරේ හිටපු කෙල්ලගෙන් මම ඇහුවා සල්ලි අනෙක් පැත්තට මාරු කරගන්න තැනක් කොහෙද කියලා. අපි ඊලගට යන්නේ ආපිට තායිලන්තයට. තායි රටේදි ලාඕශියන් කිප් කියන සල්ලිය සත පහක් වටින් නෑ. ඉතින් ලාඕස් වලින්ම ස්ලලි මාරුව කරගෙන යන එක ලේසි කියල හිතුනා. ඒ ගමන ඒ කෙල්ල මගෙන් අහපි කීයක් තියෙද කියලා. ඒ කියනනේ එයා බස් ටිකට් දීම වගේම ඒ සල්ලි මාරු ඩීල් එකත් කරනවා. මම ඇහුවා රේට් එක කීයද කියලා.

 

ඒ ගමන ඉතින් අපි බෑග් මලු වල තිබුන සල්ලියි. සාක්කුවල පර්ස් වල තිබුන සල්ලියි. ආච්චිගේ හැඹිලියෙ ගහපුවා වගේ හංගපු සල්ලියි අපිල ගාව තිබුන ඔක්කොම ලාඕ කිප් ටික ඇදල ගත්තා. කෙල්ල ඉස්සරහ අපි අපේ හැම තැනම අවුස්ස අවුස්ස සල්ලි හොයන එක චමත්කාර දර්ශනයක් වෙන්න ඇති. එයින් කිප් දහදාහක් විතර මතක සටහන් විදිහට ඉතුරු කරගෙන අනෙක් ටික ඔක්කම මාරුකරගත්තා. ඉතුරු කිප් ටිකකින් ලග කඩෙන් බිස්කට් වතුර ආදියත් ගත්තා. අරගෙන ටිකටුත් අරගෙන වියන්ටියෙන් සෙන්ට්‍රල් සිට තායිලන්තයේ උදොන් තානි කරා යන බස් එකට ගොඩ වුනා.


සංකර ලෝකෙක ඉදලා එකපාරම සිස්ට ලෝකෙට ආවා වගේ ෆීලිමක් ආවා තායි බස් එකට නැග්ගම. කොන්දා අපිලට ආචාර කලා. කරුනාවෙන් අපේ බෑග් දාගත්තා. යන වෙලාව අපිට කිව්වා. හරිම හොද පැත්තට වැටුන ගිරවු ටිකක් වගේ. ඒත් මට පුද්ගලිකව නම් ලාඕස් වල තිබුන ඩෝන්ට් කෙයා ටයිප් එක තමයි සෙට්.. තායි වල තියෙන ඕවර් කෙයා ගතිය ටිකක් විතර නිකං වැඩියි වැඩියි වගේ. #amila2r 



1 comment:

  1. රටවල් කීයකටද ගියාද මේ ගමනේ.

    වීසා ගන්නේ කෙසේද?

    ReplyDelete