19
උදේට කෑම
උදේට හොටලෙන් කන එක ආතල් වැඩක්. රස කෑම වගේම රස දර්ශනත් තියෙනවා. හොටලේ නැවතිලා ඉන්න නිදිමත සුද්දියෝ කොට කලිසන් පිටින් රෑ ඇදුන් පිටිනුත් කන්න එනවා. අවට බූමි දර්ශන විතරක් නෙමෙයි ඒවත් උදේට කද්දි අපිලට පේනවා. ඒ වගේම බෆේ එක තියෙන නිසා ඇතිපදන් බුරිය උල්වෙන්න කන්නත් අපිලට අවස්තාව ලැබෙනවා. ඉතින් අපිත් වෙනද වගේම එදත් කෑවා.
කෝච්චි ස්ටේශන් එකට..
ඒක ගිය හැටිනන් මතක නැහැ. ඒත් එක කෝච්චි ස්ටේශන් එකක දැක්ක සින් එකක් මට මතකයි. අපිල පෝලිමේ හිටියා ස්ටේශන් එක ඇතුලට යන්න. ඇතුලට යන්න කලින් ටිකැට් එකයි අපේ පාස්පෝට් එකයි චෙක් කරනවා. ලාඕ අයට නම් අයිඩෙන්ටි කාඩ් එක පෙන්නුවත් ඇති. ඉතින් එහෙම චෙක් කරන තැන තමයි පිට කෙනෙක්ට ස්ටේශන් එකට ඇතුල්වෙන කෙනෙක් දකින්න තියෙන අවස්තාව. මේක පැය දෙකේ තුන ගමන් වුනාට රේල් පාර හදන්න ඉස්සර පැය හත අට ගිය ගමන් සමහරක් ඒවා. කෝච්චි පාරේ වුනත් පැය පහේ හයේ ගමනුත් තියෙනවා ලාඕස ඇතුලේ.
සංවේදි දර්සනය
අපේ ගෙදර තාත්තා වත්තේ වැඩට දාන සෙරප්පු කටු දෙකක් තියෙනවා. මඩ ගෑවිලා සමහර වෙලාවට තාත්තම ඒක මහල එහෙම හදාගෙන ඉන්න රබර් ලැට් සිපර්ස් කෑලි දෙකක්. ආන්න ඒ වගේ සෙරප්පු දෙකක් දාගත්ත රෙද්ද හැට්ටේ වගේ සරල ඇදුමක් ඇදගත්ත අම්ම කෙනෙක් හිටියා ස්ටේශන් එක ඇතුලට එන්න. පොඩි මල්ලකුත් අරගෙන. ඒ අම්මගේම මූණුවර තියෙන දුව බොහොම සෝබර මූනෙන් අම්මගේ අත් අල්ලගෙන හිටියා. ඊට ටිකක් එහායින් ඒ අම්මගේ බෑනා කියල සැක කරන්න පුලුවන් කොල්ලෙක් හිටියා.
ඉතින් අර අම්මා තමන්ගේ දුවට සමුදෙන අවස්තාව වෙන්න ඕනා ඒක. ටිකක් ලිහලා බැලුවොත් ලෝකේ කොයියම්ම කෙලවරක වුනත් අම්මා දුව අතර හොද බැදීමක් තියෙනවා. ඒ තිබිලා දුව ලොකුමහත් වෙල වෙන්වෙලා ගිහින් එයාගේම තැනක සෙට්ල් වුනාට පස්සේ අම්මට පුලුවන් ඒ විදිහට ඇවිත් බලලා යන්න විතරයි. දුවටත් ආයේ ඉස්සර වගේ අම්මගේ අතේ එල්ලිලා ආයේ යන්න ලැබෙන් නැ. ඒ දෙන්නම ටිකකින් බදාගෙන අඩන්න වුනා. බෑනත් ඇවිත් දුවගේ සිත සැනසුවා.
අලුතින් හදපු මහා කොන්කිරිට් තට්ටු, නිර්මාණ කොච්චර ලොකු වුනත් ඒ හැමටම වඩා ඒ වගේ මනුස්ස දර්ශන හිතට කාවදිනවා.
ස්ටේශන් එකට ඇතුල් වෙන පෝලිමත් සරණාගත පෝලිමක් වගේ. ලොකු කුඩා මලු අතින් කටින් එල්ලගෙන එක ටුවරිස් ඩෙස්ටිනේශමකින් තව එකකට යන බටහිර සංචාරකයෝ, කෝච්චියෙන්ම ආයෙම මව් රටට යන්න ආපු චින්නු, තමන්ගේ රටේ නගරෙකින් නගරෙකට යන්න ආපු ලාඕ මින්සසු ආදි විවිදාකර මුහුනු ගොඩක් ස්ටේශන් පෝලිමේදි දකින්නට ලැබුනා. #amila2r
No comments:
Post a Comment