Saturday, November 16, 2024

ලුවන් ප්‍රබාන් වල ලක්ෂණ

21

ලුවන් ප්‍රබාන් කියන්නේ පරණ දේවල් ඒ විදිහටම පේන්න තියෙන නගරයක්. ඒ කාලේ තිබුන ලාඕ පන්සල් සහ ඒවායේ ගෘහ නිර්මාණ ශිල්පය අපිලට ඇස් දෙකෙන්ම බලාගන්න පුලුවන්. ඒ වගේම ප්‍රංශකාරයෝ ලාඕ රට යටත් කරගෙන ඉද්දි ඒ හදාපු වීදි ගොඩනැගිලි ආදියත් ලුවන් ප්‍රබාන් වල එහෝමම දකින්නට තියෙනවා. මීකොන් ගගත් තව ගගකුත් වශයෙන් මහ ගංගා දෙකක් ලුවන් ප්‍රබාන් වලට තියෙනවා. ලුවන් ප්‍රබාන් වල මේන් ටුවරිස් ඒරියල් එක කියන්නේ ගංගා දෙකක් මැද තියෙන ඩෙල්ටාවක් වගේ තැනක්. සිටි එකක් විදිහට ගත්තම මිනිස්සු සහ එයාලගේ ආතල් වගේම ආකිටෙක්චර සොබා සෞන්දර්ය වගේෙ දේවල් අතිනුත් ලුවන් ප්‍රබාන් හරිම පොහොසත් නගරයක්. ආ කෑම බීම සහ සංචාරක කර්මාන්තය විසින්ම ඇතිකපු වෙනමම ටුවරිස් වයිබ් එකකුත් ලුවන් ප්‍රබාන් සිටි එකේ බලන්න තියෙනවා.

ලුවන් ප්‍රබාන් යන හැටි.

ලුවන් ප්‍රබාන් කියන්නේ ලාඕසයේ ජනප්‍රියම ටුවරිස් ඩෙස්ටිනේශන් එක. එහෙට කෙලින්ම ගුවන් යානයෙන් යන්නත් පුලුවන්. වියට්නාමයේ සිට සහ තායිලන්තයේ බැංකොක් ඉදලා කෙලින්ම ගුවන් ගමන් තියෙනවා ලුවන් ප්‍රබාන් වලට. එහෙම නැ්තතං දැන් ඉතින් චින ලාඕ කෝච්චි පාර දිගේ ලාඕ අගනගරය වියන්ටියෙන් සහ චීන පැත්තෙන් ලුවන් ප්‍රබාන් වලට කෝච්චියෙන්ම එන්නත් පුලුවන්. පරණ විදිහට බස් එකේ ශෙයාඩ් ටැක්සි ආදියෙනුත් ලාඕ කැපිටල් සිටි එක වෙන වියන්ටියෙන් ඉදලා ලුවන් ප්‍රබාන් එන්න පුලුවන්.

නවාතැන් කෑම බීමාදිය

අපිට සමීපතම ලංකාවේ ඇත්තටම ඒ වගේ ටුවරිස් සිටි එකක් නැති තරම්. හොටල් පහසුකම් රෙස්ටොරන්ට් මසාජ්, කන බොන ක්ලබ් ආදිය වගේම ටුවරිස්ලා වෙනුවෙන්ම සකස් වුන ආතල් ගොඩක් ලුවන් ප්‍රබාන් වල තියෙනවා. දේවල් බලන්න පොරකන අයට වගේම රෙස්ට් එකක් ගන්න යන අයටත් ලුවන් ප්‍රබාන් කදිම ඩෙස්ටිනේශන් එකක්.

කන්ද උඩ පන්සල

කන්ද උඩ පන්සල ලස්සන විව් පොයින්ට් එකක්. එතනට නැග්ගම එක පැත්තකින් මිකොං ගගයි අනෙක් පැත්තෙන් සිටි එකයි තව පැත්තකින් තව ගගකුයි ආදි වශයෙන් හතර වටේටම පේනවා. ඒකට ටිකැට් එකක් ගන්න ඕනා සුලු ගනනක් දිලා. අපි ගියේ හැන්දැ ජාමේ. ඒ වෙලාවේ වැහි පොදක් තිබුනට සංචාරකයෝ ඇවිත් තිබුනා ගොඩක්. ඉර බහින නගින වෙලාවට මේ තැනට ඒ Sundown,Sunrise අසිරිමත් දර්සනය බලන්න සංචාරකයෝ පිරෙනවා.


පංසලක් නේ

පන්සලක් වුනාට සෙරෙප්පු ගලවලා යන්න හෝ දිගට ඇදන් යන්න ඕන කියල නිතියක් සැරටම නැහැ. විහාර ගෙවල් ඇතුලට යන්න වගේ නම් සෙරප්පු ගලවලා යන්න ඕනි. ඒත් පන්සල් බූමියට යන්න සෙරප්පු අවුලක් නෑ. ඒ වගේම සුද්දෝ සුද්දියෝ කොට කලිසන් එහෙමත් ඇදගෙන එතන්ට ඇවිත් තිබුනා.


බෞද්ධ වුනත් එක එක රටවල එක එක සම්ප්‍රදායන් නේ තියෙන්නේ. සමානකන් තිබුනට යම් යම් අසමානකමුත් තියෙනවා. කොයිහැටි වුනත් අපිත් උපතින් බෞද්ධයෝ වශයෙන් එතනට ගිහින් වැදලා කියලා සාදු කියලා ආවා.











No comments:

Post a Comment