Friday, November 29, 2024

රෙදි මැසිම

31

තායි සයිඩ් එකට එද්දි සිම් එකක් බාත් 180යි කිය කිය වික්කා බෝඩර් එක කිට්ටුවම. හම්මටසිරි දවස් තුනට මොකටද එච්චර වියදම් කරන්නේ කියල මම ගත්තේනෑ, අනෙක සෙවන් ඉලෙවන් වල බාත් හතලිහට පනහට තියෙනවා කියලත් ලාවට මතක තිබුනා. යාලුවෝ දෙක ගියා ටවුමේ වෙන දිහාකට සල්ලි මාරු කරන්න. මම ගියා රෙදි හෝදන වැඩේට. අපේ රෙදි හේදිලා නෑනේ.

කාසිවලින් රෙදි හෝදන වැඩේ මැලේසියාවෙදි වගේම තායිලන්තයෙදිත් මීට කලියෙන් මම කරල තියෙනවා. එක විසාල මැසිමක් තිබුනා ඒකට තමයි රෙදි ලෝඩ් කරන්න උවමනා වුනේ. ඒකේ දොර ඇරෙනනේ නෑ. ඉස්සරහ කඩේක කෙල්ලො එහම කකා බිබී ඉන්නවා. උන් මා දිහා බලා ඉන්නවද දන්නෙත් නෑ වස ලජ්ජාව කියල ලැජ්ජ නහර සක්‍රිය වුනා. ඔන්නොොහ දානව කාසි කියල කාසි දැම්මා. බාත් හැට හැත්තෑවක් දැම්මහම ඔන්න බොලේ මැසිම කැරකෙනවා වතුර ඇවිත්. ආන්න එතකොට තමයි අර අච්චර තඩියට බෝඩ් වල විසාලෙට ගහල තියෙන ඉන්ස්ට්‍රක්ශන් බලන්න ඕනා කියල මතක් වුනේ. ඒවා බැලුවා. මොන දේ කරන්නත් කලියෙන් අපි රෙදි ටික මැසිම ඇතුලට දාල ඉන්න ඕනි කියල තිබුනා. ඒ වගේම රෙදි හෝදන්න දාන සේදුම් දියර ගන්නත් මැසිමක් තිබුනා ඒකෙන් සේදුන් දියරත් ගත්තා.


අර කලියෙන් සල්ලි දැම්ම එක තමයි තිබුන විසාලම මැසිම. ඊලගට තිබුන පොඩි එකකට රෙදි දාලා සල්ලි දාලා සෝදන දියරත් දාල රෙදි ටික හේදෙන්න දැම්මා. ඒක ඉස්සරහම තිබුනා රෙස්ටොරන්ට් එකක්.

කෑම

රෙස්ටොරන්ට් එකට ගියාම දැක්කා ලාඕ සැලඩ් කියල එකක් මෙනු එකේ. ම්මට ඒක කාල බලමු කියල ගත්තා. පිපිඤ්ඤා සලාදයක්. තක්කාලි දාල හොදට තිබුනා. ඒත් මාරම මිරිස් රසයි. මම වේටරගෙන් ඇහුවම ඇයි මෙහෙම කියලා ලාඕ සැලඩ් එක නේ ඔහොම තමයි කියල කිව්වා. ඔය වැඩේම මට 2017දිත් වුනා තායිලන්තයේදී ගත්ත ලාඕ ගස්ලබු සලාදේ රෙදි ගැලවෙන්න තරම් සැරයි.. ලාඕ වල අපි සතියකට වඩා ඉදලා ආවා ඒත් එහෙදි කෑම එච්චර සැර නෑ. තායි රටේදි ලාඕ කියන නම ගෑවුනාද දානවා මම හිතන්නේ අමතර මිරිස් තලියක්.

උදොන් විස්තර

උදොන් තානි සිටි එක පොඩිම එකකුත් නෙමෙයි විසාල එකකුත් නෙමෙයි. නිකං ගාල්ල වගේ වයිබ් එකක් තියෙන තැනක්. එහෙත් වේස ගෑනු ඉන්න බාර් තියෙනවා. ඒවයේ වැඩිහරියක් ඉන්නේ නාකි සුද්දෝ. තායිලන්තයේ තියෙනවා දිගුකාලීන වීසා වැඩසටහනක්. නාකි සුද්දන්ට ලැබෙන විශ්‍රාම වැටුපෙන් එයාල ඒ දිගු කාලිීන වීසා අරගෙන ඔහේ තායිලන්තේ අතන මෙතන රූරල් සිටි වල අපාට්මන්ට් වලට වෙලා ජීවත් වෙනවා. සල්ලි ටිකක් යහමින් තියෙන සුද්දෝ තායි ගෑනුනගේ මායම් වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්නවා. මම දැක්ක එක වීඩියෝ එකක සුද්දෙක් මාස හයට තායි ගෑනු තුනකට අහුවෙල තුන්දෙනාම උගෙන් සල්ලි ගරලා. පෞ නේද?

රෙදි හෝදල අහක් වෙලා අපි ආයේ සිටි එක පැත්තට ගියා. නයිට් කෑම කඩ ගොඩක් තියෙනවා ස්ටේශන් එක දිහා. උදොන් ස්ටේශන් රෝඩ් එක හැපනින් තැනක්. ඒ පාරේ මසාජ් ස්පා එහෙමත් තිබුනා. එක තැනක ඇන්ටිල දෙන්නෙක්ට අපි අහුවුනා. හැබැයි නරක තැනක් වගේ වුනාට මසාජ් එක සුපරියට දුන්නා. තායි මසාජ් වෙන රටවලත් තියෙනවා. ඒත් තායි රටේ තායි ගෑනු අය දාන මසාජ් එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. ලංකාවෙත් තායි මසාජ් තියෙනවා ඒත් ඉතින් යක්ස ගනන් නේ. ඒ නිසා ලංකාවේ තායි මසා ගැන අදහසක් නෑ.

කලින් දවසේ රෑම ගත කලේ අපි බස් එකේ. ඒ නිසා කලින් ඇස් දෙක පියාගන්න ඔනි කියලා අපි එදා ගියා නිදාගන්න. ආ නොකියා ගියොත් හොද නෑනේ අර ආන්ටිල දෙන්න මසාජ් කරන තැනදි අපි දෙන්නව දැම්මේ පාටිශන් කරපු කාමර දෙකකට. අනෙක් එකා මට කිව්වේ ඌ නම් කාමෙන් ගැලවිලා හිටියා කියලා. ඒත් මගෙ සිල් පොඩ්ඩක් ලූස් වුනා. බාත් දාහක් එතනටත් ගැලවුනා.ඒකත් විසාල සේවාවට නෙමෙයි හෑන්ජොබ් එකකට. හැබැයි ලංකාවේ මසාජ් වල වගේ ඇගට ගොඩ වෙලා ඇග්‍රෙසෙිව් ඇප්‍රොච් එකකින් ආතල් දෙන සීන් එකක් තායි වල නෑ. හරිම මෘදු විදිහට තමයි තායි අයගේ මසාජ් වල අමතර සැලකිලි තිවුනේ. ඒ හෑන්ජොබ සීන් එකෙදි නම් ලංකාවේ ඇතැම් තැන්වල දෙන සර්විස් එකට මම මනාපයි තායි එකට වඩා.




4 comments:

  1. තරුණ ගැටව් ඉන්න මසාජ් පොත තියෙනවද ඔහේ? එහෙම එකකට යන්න ආසයි. හෑන්ඩ් ජොබ් දෙනවද එහෙම තියෙනවා නං? අපිට සක් කරන්නත් පුලුවන්ද මසාජ් එක කරන කෙනාගේ ඩික් එක.?

    ReplyDelete
    Replies
    1. එහෙමත් ඇති. මම සබ්ජෙක්ට් එකට නැති නිසා එහෙම තැන් ගැන ලොකු මෙව්ව එකක් නෑ.

      Delete
  2. තායිලන්තය හරහා විතරද ඔය අනික් රටට ගුවන් ගමන් තියෙන්නේ?
    ලංකාවේ ඉදන් කෙලින්ම නැද්ද

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉදලා යනවා නම් තායිලන්තය හරහා තමයි කනෙක්ටින් ෆ්ලයිට් පෙන්වන්නේ.. දැක්ක විදිහට ක්වාලලම්පූර් සහ වියට්නාම් සිටි වල කෙනක්ශන් තියනෙවා.. වියට්නාම් හරහාත් වියන්ටියෙන් එත හැකි.

      Delete