11
අද අපි වන් වියන් කියන ලස්සනම ලස්සන පලාත බලන්න යන්නයි හදනනේ. ඇත්තටම වියන්ටියෙනුත් හරියට කොළම වගේ. නැති දෙයක් නෑ කියල හිතුවට ඒ හැටි වටින කියන බලන්න කරන්න දෙයක් නෑ.
අපි බයික් දෙකෙන්ම ලගපාත තිබුන කඩේකට ගිහින් සැන්විචස් වගේ දෙයක් ගිලලා කෝපි එකක් බිව්වා. ගමන දුර වුනාට කෝච්චිය අධිවේග නිසා පැයයි ගමන ඒ නිසා වැඩිදුර කෑම ටිකක් පස්සට දැම්මා.
වියන්ටියෙන් ස්ටේශම
පරක්කු වෙලා සංවර්ධනය වෙන රටවලට තියෙනවා කැතම වාසියක්. ඒ තමයි පරණ දේවල් ආයේ අලුතින් අලුත්වැඩියා කරන්න ඕන නෑ. පරණ විදිහට හිතලා ස්ටෙප් බයි ස්ටෙප් දෙවල් හද හද යන්න ඕන නෑ. එකපාර බොග් ගාල සිස්ටම් සහ දේවල් බස්සන්න පුලුවන්. අපේ මගියාට ඒ සී කදුලක් නැති ගිනියම් මද්දහනේ රත්වෙන කොළඹ කොටුව ස්ටේශන් එකට වඩා චීන ලාඕ රේල් පාරේ තියෙන චූටිම ස්ටේශමත් හොදට පහසුකම් තියෙනවා. වායුසමන පහසුව තියෙනවා.
අපිල ඉස්ටේශන් එකට ගිය ගමන් ටිකැට් එක සහ පාස්පොට් එක චෙක් කරලා ඇතුලට දැම්මා. ඒ දාන කොමන් ඒරියාව කණු නැති විශාල ශාලාවක්. ඒ ශාලාවේ පුටු දාලා වායුසමනය කරලා කඩ සාප්පු ආදියත් එක දෙක තියෙනවා. කෝච්චිය එනකල් රස්නෙන් දාඩිය පිහ පිහ ඉන්න ඕනා නෑ.
පලමු කෝච්චිය
අපි බුක් කරලා තිබුනෙ කේ12 කියන අඩුවේගී දුම්රිය. අඩුවේගී කිව්වට ඒක චීනේ සාමාන්‍ය කෝච්චියක්. පැයට කිලෝමීටර් 120ක් තමයි ඒක යන වේගේ. ඒකේ එන්ජින් පෙට්ටියක් වෙනම තියෙනවා. වෙනම පෙට්ටි ගොඩක් ඒකෙන් ඇදන් යනවා. අනෙක් අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර් 160ක වේගෙන් යනවා. ඒවයේ මම හිතන්නේ හැම පෙට්ටියකම එන්ජින් කොටසක් තියෙනවා. මේ කෝච්චි හැම එකක් විදුලියයෙන් තමයි ධාවනය වෙන්නේ. කොළඹ කොටුවෙන් නම් දුර යන දුම්රිය පට පට පට ගගා ගැස්සි ගැස්සි එන්ජින් එක පිකප් කලාම හරියට ස්පීඩ් එකට එන්න මරදානට විතර යන්න ඕනා. ඒත් මේ කෝච්චි බොහොම අඩු වෙලාවකින් සිං ගාල පිකප් වෙලා මැක්සිමම් වේගෙට එනවා. තාක්සනේ තමයි ඉතින්.
මගී පහසුව
කෝච්චිය එන්න විනාඩි 5-10කට කලින් ගේට්ටු ඇරල මගීන්ට වේදිකාවට යන්න ඉඩ අරිනවා. එතනදිත් අපේ ටිකැට් එක ස්කෑන් කරනවා. ඒ කරලා පෙට්ටිය ඇවිත් නවත්වන තැන අපිලට වේදිකාවේ ගහල තියෙන දැන්වීම් වලින් බලාගන් පුලුවන්. ඒ කියන තැනටම හරියටම පෙට්ටිය ඇවිත් නවත්වනවා. මේ කෝච්චියෙදි කෝච්චියේ වෙනම තහඩුවක් තියෙනවා ෆුට්බෝඩ් එකට තියන්න. කෝච්චිය නැවැත්තුවහම දොර ඇරලා අදාල තහඩුව තියලා සේවක මහත්මයෙක් නගින බහින අයට විදිමත්ව බහින්න ඉඩ දෙනවා.
වයසක උදවිය මලු අරගෙන උදවිය ආවහම ඒ ඉන්න වැඩකරන මහත්වරු මගීන්ට උදව් කරනවා. අපි ගත්තේ ඒ රූට් එකේ යන දුම්රිය වලින් මිල අඩුම දුම්රිය ඒකෙත් අපි ගත්තේ තුන්වැනි පන්තියේ ටිකැට් ඒ වුනත් ඒ පන්තියත් වායුසමනය කරලා බොන්න අවශ්‍ය වතුර ෆිල්ටරයක් එහෙම සෙට් කරලා හොදට තියෙනවා.
ගමන් සිරි..
චීන ජාතිකයෝ කොච්චර දියුනු වුනත් පිරිසක් එකතු වුනාම සමහර වෙලාවට ඉන්දියන් කාරයෝ වගේ කෑ ගහනවා..සද්දෙන් හිනාවෙනවා අනෙක් අයට කරදරයක් වෙනවා. අපි ගිය පෙට්ටියෙ ඒ වෙලාවේ නම් එහෙම අය හිටියේ නෑ. ඒත් පස්සේ දවස්වල කෝච්චියේ යද්දි එහෙම සෙට් හමු වුනා.
කෝච්චිය ගැන විස්තර
මේ කෝච්චිය චීනය සහ ලාඕසය භූමියෙන් යාකරන එකක් නිසා ටිකක් විතර ආරක්ෂාව වැඩියි. අපි ගෙනියන බෑග් එයාපෝ්ට් එකකින් චෙක් කරනවා. ආයුධ සහ එයාපෝට් එකෙන් ගෙනියන්න දෙන් නැති වගේ දේවල් මේක හරහාත් ගෙනියන්න දෙන්නේ නෑ. ඒ හැර විසාල අවුලක් නම් නෑ.
ලංකාව මේ වගේ දියුණු රටක් වෙයි කියල හිතන්නවත් බෑ ...
ReplyDeleteලලි අයියා කුමාරට චන්දෙ දීලා මාසයක් යන්න කලින් ඇයි එහෙම කියන්නේ.
Delete