10
එදා රෑ වියන්ටියෙන් වල මසාජ් පොට් හොයන්න ගියා. අපි බුද්ද පාක් බලලා එද්දි සැකකටයුතු මසාජ් පොට් කිහිපයක් තියෙනවා දැක්කා. අපිලට ආයේ ගිහින් බැලුවට ඒ තැන් හම්බුන් නෑ. ඒව හොයාන යන අතරමග ලයිට් දාලා වතුර මල් දාලා වියන්ටියෙන් වල මේන් සිටි සෙන්ටර් එකේ තියෙන ස්මාරකය හැඩ කරලා තිබුනා. ඒ ගමන යන ගමන පොඩ්ඩක් සයිඩ් කරලා අපිල සයිඩ් එකෙන් බයික් එක පාක් කරලා ඒක බලන්න සෙට් වුනා. දෙස් විදෙස් සංචාරකයෝ ගොඩක් ඒ අවස්තාවට සහබාගි වෙලා තිබුනා. ඒ කාලේ ආසියාන් සමුලුවකුත් වියන්ටියෙන් වල තිබුනා. ඒ හින්දද එහෙම නැත්නම් හැමදාම ලයිට් දාල වතුර මල් ඔන් කරනවද දන් නැ. ඒක කදිම වතුර මල් සහ ලයිට් සංදර්ශනයක් වුනා.
රෑ මාකට් එක
නයිට් මාර්කට් කියන එක තායිලන්තයේ සහ මේ රිජන් එකේ ජනප්‍රිය අංගයක්. සුද්දෝ යන එන ටුවරිස් ඒරියල් වල විතරක් නෙමෙයි තායිලන්තයේ නම් සාමාන්‍ය මිනිස්සු ඉන්න පලාත්වලත් නයිට් මාකට් තියෙනවා. ඉතින් අපිල ආයෙත් නයිට් මාකට් එකට සෙට් වුනා. ඒ නයිට් මාකට් එක තනිකර කෑම. කෑම ජාතිම ස්ටොල් පනහක හැටක දාල තියෙනවා. අපිලට අරගෙන කන්න පුලුවන් කැමති විදිහට. කිඹුල් මස් ඉත්තැ මස් ආදි මස් ජාතිත් තිබුනා. ඉස්සො දැල්ලො වගේ මූදු ආහාරත් තිබුනා. බාබකිවු කරල දුම් ගහල කන ආකාරයට තමයි ගොඩක් ජාති තිබුනේ. අපි ඉතින් මල පද්දතිය සුද්ද වෙන්නත් එක්කලා ගස්ලබු අඹ ආදි ජූසමය පාන වර්ග ගත්තා. තව බාබකිව් මස් ආදියත් අරගෙන කෑවා.
විවිධ ඒරියා
අපි නැවතිලා හිටිය පැත්තේ කොරියන් රෙස්ටුරන්ට් වැඩියි. කලිනුත් කිව්වා වගේ මොකක් නමුත් හේතුවක් නිසා ලාඕස් රටට බහින කොරියන් කාරයෝ වැඩියි. එක විදියක ගියා ඒකේ කොරියන් රෙස්ටුරන්ට්ම පිරිලා. ඒකේ තියෙන බාර් මසාජ් ඒවත් කොරියන් අයම ඉලක්ක කරලා දාපු ඒවා.
අපි තව දැක්කේ නැති සිටි ඒරියා තිබුනා වියන්ටියෙන් වල. සිටි එකේ විසාල ගොඩනැගිලි වැඩිය නැහැ. ඒත් සිටි එකට අයිති වපසරිය විසාලයි. අපිල නැවතිල හිටියේ සිටි සෙන්ටර් එකේ. ඒ අපි හිටිය පැත්තේ ටුවරිස්ලා වැඩියි. ලෝකල් අය ඉන්න පැත්ත සහ ඒ පැත්තේ ආතල් අපිට මිස් වුනා.
බාර් එක
මත් පැන් ලාබ නිසා රෑ වෙන්න බාර් එකකටත් ගොඩ වුනා. ඒකේ සුද්දෝ ටිකක් මෝරා කරගෙන ලාඕ ඇන්ටිල කීප දෙනෙක් හිටියා. ගජරාමෙට කයිය. ඒ අතර අතරින් පතර සුද්දෙක් ඇතුලට ගිහින් එනවා. පොර කාන්තාවන්ගෙන් ආතල් ගන්න ආදි වැඩකට යනවද නැත්තං ගංජා ආදි අහිතකර මත්ද්‍රව්‍ය පානය කරන්න යනවද අනේ මන්දා.. ඒ ගමන් චූ දාලා එන්න ගිය ගමන් නම් වෙන්න බෑ කීයටවත්.
මම සෝජු ගත්තා. සෝජු ටිකක් පැණි රස බිමක්. අපි හිටිය පැත්තේ කොරියෝ ඉන්න නිසා සෝජු තියෙන්න ඇති. සෝජු බාගයක් ගසල ඇරියම යම් පමණක වෙරියක් එනවා. එදා මසාජ් දාගන්න ගියේ නෑ. අනෙක් දවස්වලනම් මසාජ් දාන්න ගියා. අපේ පලවෙනි මසාජ් එක පක්සේ වලින්. එතන තායිලන්තයේ වගේ මහත දෙහෙත බරසාර ඇන්ටිල නෙමෙයි මසාජ් දාන්න හිටියේ. නමය බී දහය සී වගේ පන්තිවල පෙනුම තියෙන ලාබාල ගෑල්ලමයි තමයි ලාඕස් මසාජ් තැන හිටියේ. ඔවුන් තායි මසාජ් නෙමෙයි වෙනම ලාඕස් මසාජ් එකක් තමයි දුන්නේ. ඒ දකුණු පලාතේ පක්සේ වලදි. වියන්ටියෙන් වලත් එම. ලාඕ මසාජ්වල බොහෝවිට ඉදිය අය තරුණ යොවුන් වයසේ ගැල්ලමයි.
රෂිනිට කියලා කටට චූ කරගන්න ආසයි
ReplyDelete