Sunday, November 24, 2024

වතුර එකක් බොන්න

27

බීම එක

කඩේකට ගියා වතුර එකක් බොන්න කියල. හැමතිස්සෙම කූල් බීලම උගුරත් කේස් වෙලා අති කියල අපි ගත්තා කූල් නැති බීම එකක්. ගත්ත යාලුවා අරගෙන පලවෙනි උගුර දාගත්තා විතරයි ඒක දැම්මා බොස් ගාල ආයේ පාරට. මම මේ මොකද වුනේ කියලා බලන්න උගෙන් බෝතලේ අරගෙන මමත් උගුරක් දාගත්තා. හුටස්. ඒ වතුර නෙමෙයි කසිප්පු. කඩේ ඇතුලේ කකා හිටිය චීන බුවාල දෙන්නෙක් බඩ අල්ලගෙන හිනා වෙනවා. කෙලින්ම හිනා වෙන්න බැරි නිසා කඩේ කෙල්ල කට වහගෙන හිනා වෙනවා. වතුර වලට වඩා පොඩ්ඩක් ගනන්. හැබැයි ඒ බෝතල වතුර දාන ප්ලාස්ටික් බෝතලම තමයි. එයාල ඒවා රී ෆිල් කරලා කසිප්පු දාල තිබුනා. අපිට ආයේ ඊලග වතාවක ඒ ටවුමෙම තැනකදිත් ඔය ආතල් එකම සෙට් වෙන්න ගියා. ඒ පාර අපි කෙලින්ම පැක් එකේ තිබුන වතුර බෝතලයක් ගත්තා. ලාඕ රටේ ගොඩ කසිප්පු සෑහෙන ජනප්‍රියයි. මෑතකදි ලාඕ වල ටුවරිස්ලා වගේකටත් මෙතනෝල් විස වෙලා කේස් එකක් ගියා. මම හිතන්නේ ඔය ගොඩ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා වෙන්න ඕනා.


බස් ගමන.

මේකත් ඇදන් බස් එකක්. මගේ ඇදට සෙට් වුනේ චූටි කොල්ලෙක්. අපේ බෑග් ඔක්කම දැම්මා ඇතුලේ ආගාරයට. මම මොනාහරි කොටාබාල එන්න ගිය ටිකට මගේ බෑග් එකදාලා තිබුනා යාලුවො. ඉතින් ඒක ඇතුලේ පැය 14ක ගමනක්. සාමාන්‍ය ගමන පැය 10-12ක්. මග මල්ටි ඇක්සල් ලොකු කන්ටේනර් ගෙනියන වාහනයක් පාර මැද හිරවෙලා. ඒ හිරවෙලා තිවුනේ බෑවුකමක. ඒක අයින් කරනකල් අපිලට පැය දෙක තුනක් ඉන්න වුනා. ලාඕ මිනිස්සු අමු හරක්ය. ඊට වඩා ලේසියෙන් හිරවුන වාහනේ අයින් කරන්න තිබුනාය කියලා වැඩේ දිහා ඇහිපිය නොහෙලා නිදිමරාගෙන බලාහිටිය අපේ යාලුවා කිව්වා. මම නම් ඉතින් ඒ වෙලාවෙත් ඇස් දෙකට පින්සිද්ද වෙන්න නිදාගන්න ට්‍රයි කලා.


ලඕ ගෑනුනගේ චූ වෑල් එක ටික්ක උඩින් තියෙන්නේ පැය දෙක තුනක් යනකොට උන් කෑ ගහනවා. කෑ ගහල බස් එක නවත්තනවා. ඒ හදිසියේ නවත්වන තැන හොදට ලැට් තිබුනෙත් ඒවට යනවා. ලැට් නැති පාලු පලාතක නම් ටිකක් ඈතට ගිහින් කලිසම පාත් කරලා පදුරු අස්සට පහත් වෙනවා. මට මතකයි මම නෙපල් ගිය වෙලාවෙත් එහෙදිත් ඕක වුනා.


බස් එක අස්සෙත් එක ඩ්‍රාමා ගොඩයි. ගෙදරට කෝල් කරලා විස්තර කියන පොර. ඒක අහගෙන ඌට හිනාවෙන ජොකියෝ. ළමයි ගොඩක් එක්කරගෙන උන්ට බැන බැන යන අම්මා. ෆෝන් එක ඉල්ලලා කුනුහරුප කියලා අම්මට කරුනාවෙන් අමතන පොඩි එකා.. ඒක අස්සෙත් කැල්ලත් එක්ක තුරුල්වෙලා ඇමනෙන්න යන කපල් එක. ආදී වශයෙන් විවිධාකර චරිත ගොඩක් බස්එ කෙත් ගියා. ඒ බස් පාර වැටිලා තියෙන්නේ තනි කදු පලාතක් හරහා. බස් එක කෙලින් යනවට වඩා වංගු කදු සහ බෑවුම් වල තමයි කරක් ගැහුවේ. අපිලගේ ලංකා රටේ නම් පැය තුන හතරක් නේ කදු සෙට් වෙන්නේ. ඒත් මුවන් සායි සිට වියන්ටියෙන් එන ගමනට පැය අටක් දහයක් විතරම කදුම තමයි තිබුනේ.


ඔය ගමන කෝච්චිය තිබුනා නම් පැය දෙකේ ගමන. කෝච්චිය නැති නිසා පැය 14ක දීර්ග එපා වෙන චාටර් ගමනකට අපිට සෙට් වෙන්න වුනා.


වන්වියන් නැවතුම

මේ බස් එක එන්නෙත් අපි නැවති නැවති කෝච්චියෙ ඉහලට ගිහිපු පාරම වෙන වන් වියන් ලුවන් ප්‍රබාන් ඒ පාරෙම තමයි. වන් වියන් හරියෙ ලස්සන තැනක බස් එක නැවත්තුවා. ඒ තැන භූමිදර්ශනය හරිම ලස්සනයි. වෙන තැන්වල නැවැත්තුවා වගේම කට්ටියක් සූදාන්න ගියා. කට්ටියක් කෑමට ගියා. එතනින් ලස්සන දොළ පාරකුත් ගලාගෙන ගියා. මේ දොළේ ඉන්න කකුළුවෝ අරගෙන පණ තියෙද්දිම පෙට්ටිවල දාලා විකුණනවා. ඒ කකුළුවො බස් එකේ කට්ටියත් කීපදෙනෙක්ම ගත්තා. අපිත් හයියෝ සංසාරේ මේ පවු ජීවිත කියලා ඒ කකුළුවො මිලදී ගන්න දිහාත් බලාගෙන හිටියා.සමහරවිට කකුළුවො ඇති කරනවද දන්නෙත් නෑ. එතන තව ඉතින්, ටවුන් එකටනෙ බස් එක යන්නේ.. ටවුන් එකේ අයට නැති දේවල් ගන්න තිබුනා. ඔය බෙහෙත් බඩු ජාති, ධාන්‍ය වර්ග, ඊට පස්සේ ඕකිඩ් මල් ගස්.. ඒ ගැන ඕකිඩ් මල් ගස් පිටින් කැලෙන් ගලවගෙන ඇවිල්ලා ඒවා තියුනා විකුනන්න.



රෑ ජාමේ වැඩිය නැවැත්තුවෙ නෑ. ඒත් උදේම කන්න හොද තැනක නැවැත්තුවා. එතන චීන නූඩ්ල්ස් එවෙලෙම උණුවතුරේ දාලා හදල දෙනවා. මහා විසාල බැරල් තඩියක සුප් එකක් වගේ එකක් හැදෙනවා. දැල් තියෙන විසාල හැන්දක දාපූ නූඩුල්ස් අර වතුරට දාලා පොගවලා ගන්නවා. ඒක කොල සහ තව සොස් මස් කෑලි දාපු බාජනේකට දාලා හැඩකරලා දෙනවා. කූරුවලින් කන ලාඕ කාරයෝ සිං සිං ගාල අර නූඩ්ල්ස් පිගන් ගසල අරිනවා. අපි මොනාවත් කෑවේ නෑ. කිරි බෝතල් බිව්වා බිස් කට් කෑවා. පෙදාන වශයෙන් අපි දන්නේ නෑනේ බස් එක කොච්චර වෙලා නවත්තල තියෙද කියලා. අනෙක මට පොඩි බඩේ අමාරුවෙකුත් සෙට් වෙලා තිබුනා.


ඉතින් අපි ඊලග දවසේ දවල් 11-12 වෙනකෙට තමයි ඔන්න වියන්ටියෙන් වලට ආවේ. ඒකනන් පුදුම දීර්ඝ බස් ගමනක්. කලින් දවසේ හවස 4ට නැග්ගබස් එකෙන් බහිද්දි ඊලග දවසේ දවල් 11 විතර වෙලා. #amila2r







 


No comments:

Post a Comment