Thursday, September 29, 2011

විසේකාරක සහිත බීම බඳුන්...(coca cola cups)

කෝක් හෙවත් කොකා කෝලා යනු ජනප්‍රිය බීමකි..කොකාකෝලා සාමාන්‍යයෙන් එන්නේ බෝතල් වලයි..නමුත් උත්සව සන්දර්ශන අවන්හල් ආදි තැන්වල කොකා කෝලා වීදුරුවල බහා දෙන ක්‍රමවේදයක්ද පවතී..එහිදී කොකාකෝලා නිෂ්පාදනය කරන්නේ මෙසේය.මුලින්ම අපි අවැසි දේ සලකා බලමු.
  • කාබන්ඩයොක්සයිඩ් වායුව..මේ සඳහා සිල්න්ඩර භාවිතා කරයි..එහෙත් සමහර සිලින්ඩර වල බාහිර පෙනුම බැලුවිට ඒවා තුල ඇත්තේ ආහාර පාන සඳහා භාවිත කරන වායුවක්දැයි සිතෙන තරමටම පියකරුය..
  • කෝක් වෙනත් බීම මිශ්‍රණය..මෙය මැෂින් එකට දමන මිශ්‍රණය වෙයි..සීනි සහ අදාල රසකාරක සුවඳකාරක,සහ විසේකාරක මේ මිශ්‍රණයට එකතුකරනු ලැබ ඇත..(විසේකාරක ලෙ ස හැඳින්වූයේ වෙළඳ දැන්වීම් වල මේ බීම බිව් විට පෙන්වන විසේ දැක්වීමට එකතු කරන දෑ වෙයි.)
  • ජලය.
ජලය ලබාගන්නා ක්‍රමවේදය නම්
  • අදාල ප්ලාස්ටික් ජලටැංකි ගෙනඒම.ඒස් ලෝන් ඇන්ටන් ආදි ජලය ගබඩා කලහැකි විශාල බඳුන් ගෙනැවිත් බෑම.
  • ඉන්පසු අසල ඇති ජල කරාමයකින් ජලය පිරවීම.
  • එහි ජලය උත්සව අවස්ථාව හෝ ජලය ඇති ජල බඳුන හිස්වෙන තුරු භාවිතා කිරීම.
මේ කොකාකෝලා හෝ වෙනත් ස්ප්‍රයිට් ෆැන්ටා සාදන්නේ මිශ්‍රණය ගෑස් සහ ජලය එකවර එකට මිශ්‍ර කර අලංකාර ඉදිරිපස මැෂිමක් හරහා රවුං ලස්සන වීදුරුවකට පැමිණිමේ ක්‍රියාවලියක් හරහාය...
විකිනීම..
විකිනීම සිදු වන්නේ කෝප්ප ගණනට වෙයි..එහිදී කෝප්ප විකිනෙන තරමට තමා ඒ අදාල ගණනය කිරීම් සිද්ද වන්නේ..ඔබ සමහර මෙවන් කිරි අලෙවි කිරීමේ මධ්‍යස්ථානවල සහ වෙනත් මෙවැනිම් ප්ලාස්ටික් කෝප්ප ඇති තැන්වල කෝප්පය තලා හෝ විනාස කර දමන්න කියා දැන්වීම් දැක ඇති..එසේ නියම කර ඇත්තේ කෝප්ප යලිත් භාවිත කිරීම වැලක්වීමේ අදහසිනි..මෙහිදී ඒ බීම ලබාදීමේ ක්‍රියාවලියේ නිරතවන කෙනාට බීම සඳහා ගෙවීම් ලැබෙන්නේ මේ කෝප් ගානට වෙයි...ඉතින් මේ කොතෙක් හොඳ අය සිටියත් කූට පුද්ගලයෝ දුර්ලභ නොවන මේ රටේ එකම කෝප්පය යලිත් වරක් සෝදා හෝ නොසෝදා භාවිත කලොත් ඒ වාසිය යන්නේ ඒ සිටින වෙළඳ සේවයකයාට වෙයි..
එබැව්න කෝක්,සමහන්, කිරි, හෝ වෙනත් තාවකාලික කෝප්ප වල ලබාදෙන ද්‍රවයක් භාවිතයෙන් පසු ඒ කෝප්ප අතින් තලා දමා කුනු කූඩයට ඇතුලු කර හැකිනම් එය මනාය..

කොකා බීම...
කොකා බෝතල් බීම සඳහා ජලය ලබාගන්නේ කැලනි ගංගාවෙන් බවට ප්‍රකට මතයක් පවතී..නමුත් කොකා සමාගම කියන්නේ ඒ අවැසි සේදුම් කටයුතු සඳහා පමණක් කොකා කම්පැනිය ජලය ගඝෙන් ගන්නා බවයි..ඒත් ඉතින් වෙන සිද්ධිය දන්නෙ උඩ ඉන්න දෙයියොයි..කම්පැණියෙ වැඩ කරන සිරිපාලලයි තමයි..

හුම් එච්චරයි..මං බ්ලොග් බලාගෙන යද්දි පොඩි විහිලු අස්සෙ ටිකක් තද විහිලුවක් දැක්ක..
ඒතමයි ඇනෝලට පෝස්ට් දාන්න තියෙන(එයාල කියන විදියට) ඇනෝනිමස් ආතල් තියෙන සයිට් එකෙත් කමෙන්ට් දමන්න කලින් මොඩරේට් කරනව...
ඒ කිව්වෙ දැම්ම ගමන් කමෙන්ට් එක යන්නෙ නෑ..ෆිල්ටර් වෙනව...ඇනෝල උනත් තමුන්ගෙ ආතල් කැඩෙනවට බය ඇති..පව් ඇනෝල..


Wednesday, September 28, 2011

seegiri post (සීගිරියේ නැතිවූ පිටුව)

අපේ මුත්තා ගේ ගෙදර බ්ලොග් ගලින් තනන විට පරණ ගල් ඉවත්විය..එය මුත්තාගේ ගෙය වූයේ මුත්තාට පසු වෙනත් පවුලේ කිසිවෙකු එය වාසයට නොගත් නිසාය..පාර අයිනේ වූ නිසාකලින් කල අලුත් වැඩියා කර නැවතත් කුලියට දෙන ලදී..අපේ මුත්තා කලක් වැඩ කර ඇත්තේ සීගිරි ප්‍රෙද්ශය ආසන්නවයි..ඒ නටඹුන් කැනීමේදි මුල් කාලයේ ගෙනා ගල් පුවරුවක් මුත්තා ගෙට ඇතුල්වෙන තැන තබා තිබුණි..පසුව මෑතදි අලුත්වැඩියාවේදි එම ගල ඉවත් වී අපේ ගෙදර මිදුලේ පතිතවිය..දැන් ටික කලෙක සිට අපේ දරුවන්ගේ මනා සෙල්ලම් උපකරණයකි ගල් පුවරුව..තරමක් විසාල අඩි 3*4 ප්‍රමාණය වැනි ප්‍රමාණයෙ ගල් පුවරුවක් වූ එය අපේ පුතා විසින් හොඳින් බලන ලදුව එහි තිබූ රවුමක් සෙයාගත හැකිවිය..පසුව නිධන් ගැන ඇති පෙරේතකම නිසා ගල සෙමෙන් සිදුරුකර එම රවුම පියන ලෙස වු කුඩා කුහරය තුල වුන සන්නසක් අතට ගන්නා ලදී...

එය එකල බාසාවෙන් ලියා තිබුන බැවින්ද මා මෙලෝ අන්දෝ සන්සාරයක් නොදන්නා බැවින්ද..එය නිදන් වදුලක් විය හැකි බැවින්ද එය පුරාවිද්‍යා කෙනෙකුට දී පරිවර්ථනය කරගන්නා ලදී..
සිනාවෙන් පිරි මුහුනෙන් එය පරිවර්තනය කර දුන් පුරාවිද්‍යා මහතා මෙය කාටවත් නොකියන ලෙස දැනුම් දුනි...මන්ද ඒ තුලින් මෙතෙක් සීගිරි ඉතිහාසය වෙනස් වීමෙන් යම් යම් ගැටුම් කාරි දේවල් ඇති විය හැකි බැවිනි..
බොහෝ විට බ්ලොග් පෝස්ට් එකක් සාමාන්‍යයේන්  100 දෙනෙකුවත් නොබලන මෙවන් බ්ලෝග් එකක මෙය දැමීම අවුලක් නැතැයි සිතීමි..

සිත්තර නයිදේ
සිගිරිය නම් මිහිපිට ඇති දිව මාලිගයක් මෙන් වු මෙහි සිත්තර ඇන්ද පිරිස අතර මමද නායකයෙක් විය..මා සිත්තර ඇඳීමේදි ලලනා නිරූපනයට ආසා කලෙමි..නමුත් ලලනා නිරූපන යේදි පැන නැගි කරුණු කීපයක් ගෙන හැර දැක්වීමට පනිසර නම්වූ නයිදේ විසින් මේ ලිපිය ලියා තබමි..
රජතුමා මුලින්ම මේ සිත්තර ඇඳීමේදි සිත්තර මෙතරම් විසාල ප්‍රමාණයක් ඇදීමට කල්පනා කලේ නැත..නමුත් රජතුමාට මේ සිත්තර ගැන ඇති වූ විරෝදයනිසා මේ සීගිරි ගල වටා බැඳි පවුරක් වටේ මෙන් ගල් පොත්ත පුරාවට මා ඇතුලු කන්ඩායමට සිත්තර ඇඳීමට සිදුවිය..

කතාන්දරය....
රජතුමා නිරන්තරයෙන් සිටියේ බියෙනි..කිනම් මොහොතක හෝ සේනා බලමුලු රැගෙන එන මුගලන් හො පිය රජුට පක්ෂ සෙනෙවියන් ඔහු මරණූ ඇතැයි සෝකයක් කාශ්‍යප තුල විය..එබැවින් කාශ්‍යප සැමවිටම කුමක් හෝ නිරීක්ෂණය කරමින් තම මාලිගය තනමින් කල් මැරීමට යොමුවිය..ඔහුගේ පුරෝහිත බමුණන් විසින් කලා කාමි දේ විසින් රජගේ දුක තුනීවෙනු ඇතැයි පවසා තිබු නිසා නාටක සිත්තර වැයුම් සංගීත ආදි දෙයින් නිරන්තරයෙන් රජගේ සිත සතුටෙන් තැබීමට කටයුතු කලේය..මේ සිත්තර දෙවරක් සැලසුම් කර ඇන්ද ඒවා වෙයි..පලමුවෙන් රෙදි කඩක හැඳි සිත්තරයේ ගැහැනුන්ගේ පියවුරු නිරාවරණය නොකර ලක්ෂන ඇඳුම් අන්දවා තිබුණි..නමුත් පසුව හදිසියේ පැමිණි රජ නියෝගයක් අනුව මෙසේ පියොවුරු නිරාවරණය කර සිත්තර ඇදීම සිදුවිය..නමුත් වැඩකාර ගැහැනු දැක්වීමට ඔවුනට ඇඳුම් ඇන්දීම සිදුවිය...
ඒ කෙසේද යත් එක් දිනෙක මහරජ කස්සප නිද්‍රා සුවයෙන් හිඳින කල එක්තරා අංගනාවක් කස්සපගේ උරස් කුහර ය විවර වන සේ තනපට අතර සඟවාගත් පිහියකින් පහර දී ඇත..එය සිහිනයක් උවත් අංතප්පුර ස්ත්‍රින් සත පහකට විශ්වාස නැති බවත් ධාතුසේන රජතුමාට කැමැති පක්ෂ බිසෝවරු තමන් ළඟද සිටිය හැකි බවත් රජතුමා කල්පනා කොට එවන් දෙයක් සිදුවුවොත් මේ මුර කපොලු බැමි දාගෙන රකින කිසිවෙකින් වැඩක් නැති බව අනාවරණය කරගෙන ඇත..
අවුල් වූ මනසින් අග්‍ර පුරෝහිත තෙම කැඳවූ කස්සප රජ වහා සියලු ගැහැනු තනපට රහිතව සිටිය යුතු යැයි නීතියක් දැමීමට අදහස් කලේය..තරුණ පඬි කෙනෙකු වූ පුරෝහිත මෙය සිහිනයෙන් කියවෙන්නේ  රජතුමාට ඉදිරියේ සිදුව්න විපතක් මිසක් පෙනුන ලෙසට වූ තනපට අස්සේ සඟවාගත් ආයුධයකින් පහර දීමක් නොවන බව අවබෝධ කරගන සිටියේය..නමුත් ගැහැනු ගැන ඇතිවූ අවිශ්වාසයෙන් සහ සිය මතයම ගෙනියන මුරන්ඩුකමෙන් යුතු රජට මේ  සත්‍ය පහදා දීම අපාසු බව තේරුම් ගත් පුරෝහිත...
එසේය මහරජ එසේය..එය යුතුයැ...ඔය සමාර ගෑනුන්ගේ තන පට තුලැ බෝමැ විසාල ආයුධ පවා රුවාගෙන ආ හැකි බව මා දැක තිබේ.බෝ ආදිකල ගෑනුන්ද අපිද දැන් මෙන් ඇඳුම් බෝමයක් දරා නොසිට වනගතව කල් ක්‍රියා කල අයවලු වෙති.එබැවින් එවන් රාජ නීතියක් දැමීම යුතුය..නමුත් මහරජ දුර බෑර ගම් වල සිටින ගෑනුන් ඔබ වාන්සේ දකින ඉමකවත් නොසිටින නිසා ඔවුනට හැර මෙය රජවාසල අංතප්පුර සහ බිසෝ කැලට පමණක් වලංගු උවොත් මනා නොවෙද?? යැයි පැවසීය...
මා සමඟ වාසල වැඩකොල සිත්තර උපස්ථායක කොල්ලන් නම් පැවසුවේ තරුණ පුරෝහිතයා ගෑනුන්ගේ වැසූ  තන් දකින අදහසින් මේ රජ අදහස හා එකඟ වන්ට ඇති බවයි..නමුත් රජ නීතිය කෙතරම් දැඩි උවත් එසේම නොවැ...
හුම් ඒකත් ඇත්ත තමා...පිහියක් ඔය අස්සෙ ගහන් හිටියත් මට අනතුරක් තියෙන්නෙ ලඟපාත උන්ගෙන් විතරනේ...රජ එසේ කියන්ට ඇත..
ඉන්පසු රාජ ආඥා නිකුත් විය සියලු අංතප්පුර සහ වාසල ස්ත්‍රින් තනපට හැඳීම තහනම් විය...
රජවාසල සේවිකාවන් විසින් ඈත ගම්වල යුවතියන්ට මහවාසල ඉවත්කල තනපට ලබාදීමැ නිසා ගම් ගොඩේ ගෑනු අල හාරන වලං ලිපේතියන අවස්තාවල පවා අලංකාර තනපට වලින් සැරසී කලක් වැඩ කලෝයැ..

නමුත් පසුකලෙක වැඩිහිටි සහ සමහර රදල ස්ත්‍රින්ගේ ලබුකැට මෙන් එල්ලෙන තන් වලට වඩා බෝ සෙයින් ලක්ෂණ .හංස පුඩු මෙන් පිරුණු තන් සේවක ස්ත්‍රින් සතුව තිබු නිසා උපායෙන් යාප්පුවෙන් කස්සප රජ කැමති කරගත් රදල ස්ත්‍රින් සේවක ස්ත්‍රින්ට තන පට පලඳින්ට අවසර දුන්නේයැ...
එය එහිදී වන්ටැ තිබුනේ රදලස්ත්‍රින් මනාප වූ ලෙස ඔවුන්ට තන පට පැලඳීම අවස්ථෘව  තීරනය උවත් මෙ තන පට පැලඳීමේ නිතිය වැඩිපුර අවැසි වන්නේ නිතර ලඟ සිට රජ හා ගැටෙන ස්ත්‍රින්ට ම යැයි පුරෝ හිත විසින් රජට මේ නීතිය දමන්ට වූ හේතුව යලිත් පහදාදෙන ලදී...අවසන තීරණය ස්තිර විය..
එවිට සේවක ස්ත්‍රින්ගේ බහුතරයකෙගේ ලක්ෂණ තන් දකින්ට නොමැතිව ඔවුන් ඒවා අලංකාර රෙදිපට අස්සේ ගසාගෙන සඟවා සිටිද්දි නිකම්ම සිට කකා බිබී පරුවතාකාර සරීර හිමි බිසෝ සහ අංතප්පුර ස්ත්‍රින් ඉදින් දැන් බලාගනිල්ලා කියන්නාක් මෙන් සිය වැල ගෙඩි මෙන් වූ තන් යුගල් එල්ලාගෙන ඔබ මොබ ගියෝයැ...
එය එක්වරම සිදුවෙන විට රාජපුරුෂයෝ පවා මද කලක් යනතෙක් මුරකාවල සිට තන් දෙසට ම නෙත් යොමාන සිට හසුවී දඬුවම් වින්දෝය...
නමුත් කලක් ගතවී ගිය විට එහි විසේස අරුමක් නොවීය....

මේ වන විට සිත්තර කෙසේ විය යුතුද ආදි බෝ දේ කතිකා කර තිබුනත් ගෑනු තන් නිරාවරණ තීරණය නිසා අපට නැවත මේ සිත්තර සැලසුම් කරන්ට විය..බෝ විට යට කොටස ඇඳුම්න් අලංකාර කොට උඩ තන් දෙක විවෘතව නිරූපනය කලොත් කෙලින්ම ඇස යොමන්නේ තන් දෙකට වන හෙයින් සම්පූරණ රුපයම අඳින්ට සිටි සිත්තර බාගයට උඩුකය නිරූපනය කරන්ට සැකසුවෙමු...
මේ සිත්තර ඇන්දේ කුමටදැයි එකල මගෙන්ද පිට සිටි උන් ඇසුමුත් එයට රජතුමාටවත් පිලුතුරක් තිබුනේ නැත...
එවක වෙනත් දේසකින් පැමිණි බමුනෙක් ඔවුන් ගේ මාලිග වල සිත්තර වරුණ කියා ඇති හෙයින් කස්සපරජට මේ සිත්තර පිස්සුව ඇති වී ඇත..සිත්තර ඇඳීමට ප්‍රථම සිත්තර කවර ආකාර විය යුතුදැයි ද මේ බමුනු රැවුලාගෙන් අසාම දැනගතිමි...

සිත්තර ඒ  වන විට ඇඳීමට සිටියේ සුවල්ප ප්‍රමාණයක් උවත් අංතප්පුරය සහ බිසෝ කැල පියවුරු ආවරණ රහිතව සිටීමට මැසිවිලි රජට බෝ විට කී නිසාත් පුරෝහිත සහ මැති මන්ඩල ඒ තන්පට පැලඳීමේ නීතිය ඉවත් කිරීම අනතුරක් ලෙස දුට නිසාත් බෝ කලක් වාද සිදු විය..මෙයින් යම් ප්‍රමාණයකට බලය වැඩි වූ ඇමැත්තෝ මේ තන් පේන ගෑනු පිංතුර පන්සියයක් ගල වටාම ඇඳීමෙට තීරණය කලෝය...අවසන එය යම් කිසි පිලිවෙලකට තිබිය යුතු නිසා මල් ගෙන යන ගෑනු පිරිස දක්වෙන ලෙස සිතුවම් නිමැවුම් කරන ලදී...

මෙකල බෝ ජනයාට විසිලු මෙන්ම වෙනස් දසුනක් වූ තන් පිළිබඳ මේ විස්තරය මා විසින් ලියා තඹ පතක කොටා..ගල් පුවරුවක් මත ඔබ්බවා තැබුයේ පසුකලෙක වෙසෙන බෝ ජනයාට මේ බලා තුටු වෙනු පිනිසයි....

(මෙය දැනට මේ ගැන ඇති මතවාද උඩු යටිකුරු කරන එකක් බැවින් මෙය පල නොකරන්න යැයි විශේෂයෙන් ඒ පුරාවිද්‍යා කථිකාචාරයා මට කීයේය...එබැවින් මෙය කොපි කර පල නොකරන මෙන් ඉල්ලා සිටිමි...) 

Tuesday, September 27, 2011

the small monk(අපේ පොඩි සාදු)

සිරිසෝම අයියෙ මොකෝ ඔහේ අර පොඩි හාමුදුරුවන් එක්ක නිකංවත් කතා නොකලෙ...
අනේ මේ යන්න නංගි යන්න..ඕක අර දයාපාලගෙ කෙල්ලත් එක්ක යාලුවෙන්න මනමාල කම් කරල පස්සෙන් පහු ඒක හරිගියේ නැතුව ගිහිං සිවුරක් දාගත්ත..ඔහොම නෙමෙයි අහසින් ආවත් මේ සිරි නෙමෙ ඔය මනමාල සාදුට වඳින්නෙ..ඔහෙල දන්නෙ නැති උනාට මේ ලඟදිත් දයාපාලගෙ ගෙදර ගිහිං බණකියන්න අරං..ඒපාර දයාපාල හොඳින්ම කියල හාමුදුරුවනේ අපිට බණ අහන්න හොඳනම් අපි එන්නම් ආයෙ හාමුදුරුවො මෙහෙ නාවට කමක් නෑ කියල....අපේ මහ එක්කෙනා මැරිල තුන්මාසෙ දානෙට එන්න වාහනේට විතරක් ඕක ගත්ත රුපියල් පන්දාහක්..ඒ පන්දාහෙ හිඟන්නොන්ට මොනාහරි අරන් දුන්නනම් අර මනුස්සයට තව ටිකක් පින්...ඒ අපේ නෑකෙනෙකු මේ ස්වාමින් ගැන දැක්වූ අදහසකි..

හාමුදුරුවෝ ඉන්ද්‍රජෝති හාමුදුරුවන් ලෙස ගනිමු..හාමුදුරුවන් මහණ වෙන්ට පෙර නම කවින්ද ලෙස ගමු..කවින්ද සාමාන්‍ය පෙල සමත් වන්නේ සියලුම විශයයනට විශිෂ්ඨ සාමාර්ථ ගනිමිනි..ඒ කවින්ද වාසය කල පරිසරය සහ ඔහු සිටි පලාතේ තිබු අඩු පහසුකම් කිසිවක් තඹ සතයකට මායිම් කොට නොෙව්..කවින්ද ඒ වෙන විටත් ප්‍රදේශයේ ටියුෂන් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ජනප්‍රිය වී සිටියේය.කවින්දගේ මව සිය තරුණ ජිවිතයෙන් බොහෝ කලක් ගතකලේ විදෙශරටවල බැලමෙහෙවර කිරීමටයි..එනිසා කවින්ද කුඩා කල සිටම සිටියේ ඇගේ ආච්චී පදිංචිව සිටි වෙනත් නිවසකය..එම නිවසේ කවින්දගේ පියාගේ පාර්ශවේ සිටි කවින්දගේ බාප්පා සහ නැන්දලා අවිවාහක අයවලුන් ව සිටි සමයේ කවින්දට බොහෝ සැලකිලි ලැබුණි....
කවින්ද හොඳ ප්‍රථිපල රැගෙන උසස් පෙල ගණිත අංශයෙන් හැදෑරීමට නගරයට එයි.එහිදී වෙනත් නෑදැ කෙනෙකුගේ නිවසේ නතරවන කවින්දට සමින්දි නමැති ලක්ෂණ ගැහැණු ලමයා හමුවෙයින. බොහෝ කෙටි කාලයක් ඇතුලත හඳුනාගත් ඔවුන් දෙදෙනා අතර යම් කිසි සම්බන්ධයෙක් ඇතිවන්නට ඇත..කවින්ද සමින්ද් හමුවන්නට ඇගේ නිවසටද ගොස් ඇත..එවිට කවින්ද නැවතී සිටි නිවෙසට සමින්දිගේ නිවස පිහිටියේ ඉතා සමීපයෙනි.මොවුන් අතර කිනම් ආකාරයක සබඳතාවක් තිබුනේදැයි මා ඇත්තෙන්ම් අද පවා නොදනී..එහෙත් කවින්ද සමින්දි ගේ නිවසට යෑම..සමින්දි ඇගේ පියා වූ දයා අංකල්ගෙන් ගුටි කෑම..සමින්දි ඇගේ මවගෙන් දැඩි ලෙස බැනුම් ඇසීම..අධ්‍යාපනය ට බාදා ඇතිවීම ආදි කිසියම් හේතුවක් මත මුලින් තිබුන කුඩා තරමේ සම්බන්ධය නවත්වන්නට සමින්දි තීරණය කරන්නට ඇත..ඇගේ ඇය අයිති ස්ථරය ගැන තරමක් හොඳින් දන්නා මා ඇගේ එම තීරණය හෙලා දකින්නේ නැත..

මා හට නෑ කමින් කවින්ද පුතා කෙනෙකු වෙයි..කවින්ද නැවතී සිටින නිවසේ සිටියේ මගේ නැන්දා කෙනකි..මා කුඩාකල නැන්දා ගේ නිවසේ සිට මොන්ටිසෝරි ගිය නිසා සමින්දි කුඩා කල සිටම මා දනී..එහෙත් බොහෝ කලකින් සමින්දි මා දැක තිබුනේ නැත...අපේ නැන්දාගේ නිවසේ හෙවත් එවකට කවින්ද නැවතී සිටි නිවසේ යම් කිසි මංගල අවස්ථාවක් යෙදිනි...එවිට කවින්ද යම් කිසි ආකාරයක සමින්දිගෙන් ස්ථිර වචනයක් බලාපොරොත්තුවෙන් සිටි සමයයි...මා එවිට මේ පෙම් පලහිලව්ව යම් තරමකින් කණ වැකී තිබුනත් කිසිදු ආකාරය ක දැන් පවතින තත්වය අවබෝද කරගෙන තිබුනේ නැත..
සමින්දි මුලින්ම මා දකින විට සිටියේ අපේ ඥාති සොයුරකුගේ කුඩා දුවනියක වඩාගෙනය..චූටි දුවනිය මා දුටු වනම ඉන්දි බාප්පා කියා කෑගසන්ට විය...එවිටම සමින්දි මා දෙස බැලුවාය..මාද ඇය දෙස බැලීය..ඇය සතුව ඇත්තේ දුඹුරු පැහැගත් අලංකාර ඇස් දෙකකි..යොවුන් වයසේ සිටි නැවුම් මලක් මෙන් අලංකාර නෙත් යුවලකින් සහ මුහුනකින් හෙබි ඇය දුටුවන්ගේ නෙත් පිනවන මනා ලක්ෂණ තරුණ කාන්තාවක් විය..චූටි දුව සමින්දි අතින් මගේ අතට පැන්නත් අපි දෙදෙනාගේ නෙත් ඒ කිව්වේ සමි සහ මගේ දෙනෙත් එකට ගැටෙන්ට කිහිප වාරයක් සමත් විය..ඉන්පසු එම මගුල් ගෙදර තුල කිහිප වතාවක්ම මට ඇය හමු විය.අමාරුවෙන් ප්‍රශ්ණ මාලාවක් හදාගෙන ගියත් මට ඒ ප්‍රශ්න ඇගෙන් ඇසිය නොහැකි විය..
නංගි බයෝද?/
ඔව්..අයිය මැත්ස් නේද ?.
හුම්...
ඒලවෙනි දෙබස් කන්ඩයයි...
ඔයා දොස්තර කෙනෙක් වෙන්න ආසයිද??
නෑ එහෙම්ම නෑ..ඒත් මං මැත්ස් වලට ආස නෑ...
ඔයා දොස්තර කෙනෙක් වෙන්න මං එන්නම් පර්මනන්ට් ලෙඩෙක් වෙලා...
ඒ මගේ පලමු ගොන් ජෝක් එකයි...ඇය සිනාසුනි..මාද සිනාසුනි..
එහෙත් අප දෙදෙනා තුල ම ගොඩනැගෙමින් තිබූ අමුතු හැඟීම් සමුදාය මේ කතා වැඩිදුර ගෙනියෑමට අපහසු බවක් ඇතිකලේය..
ඉන්පසු ගුරුවරු පන්ති ස්කෝලෙ ගැන කතාකලේය.එහෙත් ඒ හැමවිටම කතාව දිගට යන්නේ නැත...අතර මග නවතී...
එහෙත් එකක් මට වැටහුනි...මට මෙන්ම ඇයටද මා යම්කිසි විදියකින් බැඳී ඇත..එය අර කුඩා කල කුමාරයාට පෙම්බඳින අහිංසක කුමාරිය ගේ කතා තරම්ම අපිදෙදෙනාට සමීප විය..එතරම් කෙටි කලක්තුල අප දෙදෙනා බොහෝ ඈතට ගිය බවක් දක්නට තිබුනි..අපි දෙදෙනාගේ කතාව බලා සිටි කිහිපදෙනෙක්ම ඒ බැව් අප විසින් කෙතෙක් සඟවාගත්තත් යමක් ඇතිබව සොයාගෙන ඇත..
සමින්දිගේ මව්පියන් මගේ මව්පියන්ද බොහෝ කල් සිට දන්නා අයවලුන් වීම්ත් ඇය හා මා කුඩාකලමිතුරන් වීමත් අප ගැන ඇති සැක මදක් තුනීකරන්නට හේතු වන්නට ඇත..එහෙත් සියල්ල ස්කෑන් කරගෙන සිටි අපේ පුංචි අම්මා කෙනෙක්නම් "බොලා දෙන්න අතර අමුතු හොරයක් තියෙනව..කොතන ගියත් එයා මෙයාට පේන්නම තමා..."යැයි මා සමඟකීවේය..
මෙය මෙසේ සිදු වූ අතර සමින්දි ගැන සොවින් තැවුනු අපේ කතානායක කවින්ද ඒ මගුල් ගෙදර කඩේ යෑමේ කටයුත්තක පූර්ණ කාලින්ව නිරත වූ නිසා අප අතර පෙනෙන්නට සිටියේ නැත..කවින්ද සමින්දිත් මට වඩා බාල අවුරුද්දකිනි..එබැවින් කවින්ද මට නම කියා කථාකරනු මිස කිසිවිටෙක නෑ කම් නොකියයි..
මේ අතර සවස් භාගයේ මට වෙනත් කඩේ යෑේම වැඩක් පැවරුණි...එනම් මගුල් ගෙදරට සෑදු කේක් එකක් බේකරියේ සිට රැගෙන ඒමයි...මා කේක් එක රැගෙන එනවිට සමින්දිත් කවින්දත් සිටියේ එකලග පුටු දෙකක් මත වාඩි වී සෝ බර මූඩ් එකක් දාගෙනය...මා ගොස් වෙනත් මාතෘකාවක් ඇද එම ප්‍රස්තාවේ තිබු සිරා ගතිය නැතිම කර අවුල් කරන ලදී..
එහෙත් රාත්‍රි භාගයේ කර්ටන් සැකසීමේ කටයුතු වලට මා සමඟ එකතු වූ සමින්දි තුල යම්කිසි වෙනසක් වී ඇතිබව මට තේරුණි..එහෙත් අපි දෙදෙනා යලිත් පෙර පරිදිම සිනාසෙමින්..විහිලු කරගනිමින් ඒ කටයුත්ත නිම කලේය..පසුදිනත් අප දෙදෙනා යලිත් හමුවූ මුත් මටතිබු දහසක් රාජකාරි මැද අපිට චැටක් දැමීමට අවකාශ නොවීය..තවත් කරුණක් වූෙය් පැමිණ සිටි නැයින් රෑනයි..ඔවුන් මැද සමින්දි හා කතාකරනවාය කියන්නේ දැන් ඉතින් ඉන්දිට අපි පේන් නෑනේ ආදි කතාන්දර හදා ගැන්මේ මාර්ගයකි...
නමුත් එකක් ස්තිර විය.එනම් මා හා සමින්දි යනු කවින්ද හා සමින්දි වලට වඩා ගැලපෙන යුගලයක් ලෙස සමින්දි විසින් දකින්නට ඇති බවයි...කවින්ද හමු වීම හිතුමතාම හෝ වැරදීමකින් හෝ මගඅරිනු මා කිහිප විටක් සමින්දිගෙන් දුටුමි..

ඉන්පසු මා හට ක්ලාස් කීපයක්ම අතර ඇති විවේක වල සමින්දි හමු විය..ඒ බොහෝ අවස්ථාවල ඇයත් මාත් දෙස අප දෙදෙනාගේම යහලුවන් බැලුවේ වෙනස්ම නෙතකිනි...එහෙත් අපි දෙදෙනා එවන් ප්‍රේම කතාවක් ගැන කතාකරන්ට මා බියවිය...නැතිනම් කල්දැමීය...මා බොහෝ විට සිතුවේ මා ඇගේ අයියා කෙනෙකු නිසාත් අප පවුල් කුඩා කල සිට දන්නා නිසාත් අප අතර වූ බැඳිමක් බවයි..එහෙත් එයින් එක් දෙයක් නම් සිදුවිය..එනම් කවින්ද කැපී යෑමයි..
මා සමින්දි ගැන එතරම්ම බැසගත් නිගමනවල නොසිටීමට තවත් හේතුවක් වූෙය් ඇගේ පියා සතු දැඩි ගතිගුනයි..පෙර වතාවේ කවින්ද හා කතාවක් සැදුනු වෙලාවේ සමින්දි සිය පියාගෙන් දැඩි ලෙස පහර කෑබවක් මා අසා තිබුනි...

අපි කැමති අකමැති කෙස් උවත් අවසන බෝ සෙයින් ඛේදජනක විය..එදා මගුල් ගෙදරදී කැමැත්ත ඇසූ කවින්දට සමින්දි කෙලින්ම අකමැති යැයි කියා ඇත..ඉන්පසු කවින්ද ව සමින්දි විසින් තඹ සතේකට ගනන් ගෙන නැත..ඒ අවස්තාවේ මේ කවින්ද සිය පියා හමුවට ගොස් මහණ විම්ට අවසර ඉල්ලා ඇත..ඉන්පසු ඔහු කලක් අරන්‍යගතව සිට ඉන්ද්‍රජෝති ලෙස මහණ විය..

එකල සමින්දිට බෝවෙන රෝගයක් වූ පැපොල සෑදිම නිසා ඇය සති කිහිපයක් නෑවිත් සිටියේය..එහෙත් පසුව ඇය දකින විට මුලින් ඇග් මුහුන සහ සරීරයේ තිබු සිරියාවෙන් බොහෝ දේ ගිලිහී තිබුණි..මඳ සිහින් සිරුරක් වෙනුවට ඇයට තරමක් තරබාරු සරීරයක් සහ ලප කැලල් විසල් ගණනක මුහුනක් එකතු වී තිබුණි..
ඇය සතු මුලින් වූ  පියකරු බව ඉන්පසු මා කිසිදිනෙක යලි ඇගෙන් දුටුවේ නැත...එසේම කවින්දගේ අභිනිෂ්ක්‍රමණය ඇය වෙත දසතින් දෝෂාරෝපන ගෙන එන්නට සමත් වී තිබුණි...
කවින්ද ඔහුට අවැසි බොරු විමුක්තියක් සොයා ගියමුත් අවසන තනි වූ මේ අංගනාවට ගෙන ආවේ ගමෙන්,නෑයින්ගෙන් සහ යාලුවන්ගෙන් බැනුම් පමණි..
මා අයිති වූ පන්ති ගණන වෙනස් වූ නිසාත් කාලයත් සමඟ අපේ ගෙදරින් ලැබුන විභාග පීඩන නිසාත් මට ඇය දකින්ට ලැබුනේ මාස 2කට පසුවය..
එදා ඇය මා හා සිනාසුනේ සිනා නොවී බැරිම කමකට මෙනි..මෙලොව වෙන බොහෝ දේ ගැන කිසිත් ගැන ඔලුවට නොගෙන සිටි මට කවින්ද මහණ වීම හැර ඉතිරි කාරණා මීටරවූයේ පසුවය..

කෙසේ හෝ සමින්දි එසේ මාස 2කට පසුව හමු වූ දින මා සමඟින් පෙර පරිදි සිනා සුනානම් ප්‍රතිපල වෙනස් වන්නට තිබුනි...

එවිට ප්‍රථම ප්‍රේමයක අමිහිරි මතක අතර සිටි මා සිතුවේ සමින්දි පලමුව කවින්ද ඉන්පසු මා සහ එවිට වෙනත් කෙනෙකුන් සොයා ගෙන ඇති බවකි...එහෙත් පසුව ඇයට දෙවැනි වර තුන්වෙනි වර උසස් පෙල පන්ති ගියත් ඇය පසුපස කෙතරම් කොල්ලන් පැමිණියත් ඇය පෙම්වතියක් නොවු බව මා දැනගත්තේ බෝ පසුවය...ඇය මාලග එවක තිබු සෙල්ලක්කාර කම නිසා ඇති අවිශ්වාස කම හැර වෙනත් කිසිම දෙයක් මා ගැන කියන්නට නැති බවද මා ගැන පවසා තිබුණි...

එහෙත් ඒ සියල්ල මට ආරන්චි වනවිට කාලය බෝ ඈතට පියඹා ගොසිනි..එකල ප්‍රථම ප්‍රේමයේ අලුයට ගිනි අතර සිටි මා එකවරක් ගැහැනු ලමයෙකු අහක බැලීම විශාල දෙයක් කොටගන්නට ඇත..ඇයද මා වෙනස් වීයැයි සිතන්ට ඇත..

කවින්ද දැන් ඉන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ ලෙස ජනප්‍රිය ස්වාමින් වහන්සේ කෙනෙකි....
සමින්දි දැන් හෙදියක ලෙස මූලික රෝහලක සේවය කරයි.....
මා නමගිය ආයතනයක නම නොයන පෝස්ට් එකක සිටී...

මට මෙය මතක් වූයේ පසුගියෙ දිනෙක පෝයට අප ආයතනයේ තිබු බණ වැඩසටහනකට ඉන්ද්‍රජෝති හිමි පැමිණ තිබු බැවිනි..වෙනත් කෙනෙක් විසින් ලබාදුන් ඒ ස්වාමින් වහන්සේගේ බණ පොතක තිබූ නම ගම මගිනි මා එය දැනගත්තේ...

මෙහි නම් ගම් පමණක් මනංකල්පිත වන අතර දැනට තරමක් ජනප්‍රිය අඩියක සිටින මේ ස්වාමින් වහන්සේ දැනට දන්නා හඳුනන කිසිවෙකු මෙවන් කතාවක් නොදන්නා නිසා අවුලක් නැති බව සිතමි...


Monday, September 26, 2011

දිමුත් අයියලාගේ හීත පෙට්ටිය..(dimuth's refrigerator)

ආ මල්ලි වරෙන් වරෙන්..කොහෙද බන් ගියෙ...කොහෙද තොපි දකින්න තියෙන අමාරුවක්....දැන් ඉතින් කොළඹ නෙව..බොලා...
දිමුත් අයියාගේ ගෙදරට ගොඩවන විට දිමුත් අයියා පත්තරයක් බලමින් සිටියේය..ඊට අමතරව සොපින් බෑගයක් ඇති ගෙඩි වගයක් කටේ දමමින් සිටියේය..එදා දිමුත් අයියා පොලේ ගොස් යාපන මිදි රැගෙන විත් තිබේ. යාපනයෙන් එන මිදි ඒම නිසා මේදිනවල මිදි ලාබය..දිමුත් ලොක්කා ඇරන් ඇවිත් ඇත්තේ ඒ ලාබ මිදිය..දිමුත් ලොක්කා එයින් පන්සියයයට මඳක් අඩු ප්‍රමාණයක් මල්ලක රුවාගෙන එකින් එක පත්තරේය බලන අතර කයි..මටද පත්තරය සහ මිදි ගෙඩි කිහිපයක් ලබැගත හැකිවිය..ඔහුගේ පොඩි උන් තුන් දෙනා ගේ ඇතුලේ  කුමක් හෝ සෙල්ලමකි...
ඔය කෑව වගේ නෙමේ..අම්මටත් තියාපල්ල..නැත්තං බොලා ගිලල ගිලල මට තමයි බැනුං අහන්න වෙන්නේ..ඒ මිදි කිලෝ එකෙන් ඉතිරි බාගෙට වගකියන දරු දැරියන් තිදෙනාට අපේ දිමුත් ගෙන් අවවාදයකි...
මිදි ගෙන ආපසු එයින් බාගයක් දිමුත් විසිනුත් කෙල්ලන් දෙදෙනා සහ පොඩි කොල්ලාට ඉතිරිටිකත් ඔවුන්ට ඇති වී ඉතිරි වෙන ටික හවස වැඩ ඇරී ගෙදර එන වසන්ති අක්කාටත් ඉතිරි වේ...
මේ සමා ගිහින් බලන්න අර හීත පෙට්ටියෙ මේ සමිල් අයියට බොන්න මොකුත් තියේද කියලා??
ඇයි තාත්තෙ අපි බීල ඉවරනේ ඒක..ඒක සමන්මලී දුව හෙවත් දිමුත් ගේ දුව දෙන උත්තරයයි...ඇයි ඒ මොකෝ අර..තිබුනෙ අද උදෙත්..ආ ඒ ටික තාත්තෙ අපි හවස බිව්ව..මල්ලිටත් බඩගිනියි කිව්ව නිසා ඔක්කොම බීල දැම්ම...
හ්ම්..එහෙමද..එහෙනම් වතුර බෝතලයක් දාන්න උඩ කෑල්ලට හීත පෙට්ටියෙ...තව කෝඩියල් තිබුන නේ අපි හදමු තව පාරක්....

දිමුත් අයියා වෘත්තියෙන් ගොවියෙකි..ඔහුගේ බිරිඳ ඒ පැත්තේ බැංකුවක නිලධාරිනියකි..ඇය කැම්පස් යන කල කුමන හො ලෙසකින් මේ දෙදනා යාලු වී ඇත..එය කෙසේ කිනම් අයුරකින් සිදු වීදැයි කිසිවෙකු නොදනී..වසන්ති අක්කාත් වැඩි හැල හොල්මනක් නැති ගෑනියෙකි..දිමුත් නම් උවමනාවටත් වඩා දඟලන මල හොල්මනකි..එහෙත් කිසිවෙකුට වැඩි කරදරයක් නැත..මා කොළඹ ඒ මට පෙර දිමුත් අයියා සමඟ ඔහුගේ කොරටු වැඩ කිරීමට යයි..කිසි විටෙකත් ලෝස් බෝස් නැති දිමුත් අයියා මට සරිලන ගණනක් දෙයි..එකල වුවත් එතරම් වැඩ කිරීමේ මහා දක්ෂයෙකු නොවූ මා දිමුත් වැන්නෙකු මිසෙක වෙන එකකු නම් වැඩට කතා නොකරගන්නේ උන්ට අපි එක්ක වැනි වැනී වැඩ කිරීම පාඩු වන නිසාය...දිමුත් අයියා මා වැඩ පස්සට  අදින විට එතරම් තකන්නෙක් නොවේ..ඔහු පැන මගේ වැඩද කරයි..උදේම බත්මුලත් රැගෙන බූටෑව තුල ඇති කොරටුව තුලට රිංගන අප දෙදෙනාගෙන් කොයි වෙලේ බැලුවත් මොකක් හෝ වැඩක් දිමුත් අතින් සිදුවෙයි..මගේ අතින් සිදුවන්නේ සහාය කර්තව්‍ය පමණි..දිමුත් බැදි කැති ගාන විට මා ඒ බැද්ද ඇද ගොඩවල් ගසයි..දිමුත් වලවල් කපයි නම් මා ඒ වලවල් වලට පොහොර දමමින් ඒවා ගොඩකරමින් යයි...ඉන්පසු මදක් ඉර නැගෙන විට මා තේවතුර වතිකිරීමට දුවයි..එතරම් හොඳ ලිපක් කේතලයක් නැති අපේ වාඩිය තුල ලිප සකස් කර දර සොයා ලිප පත්තු කර ගැන්ම වනාහි පැය බාගයක් වත් කන වැඩකි.ඉන්පසු අපි කන්න ගෙනා පාන් ගෙඩිය හෝ බනිස් යමක් වේ නම් එය කපා ගන කයි..පාන් රාත්තලක් ගෙනගියොත් දිමුත් තුන්කාලකි මා කාලකි...සෙනසුරාදා ඉරිදා දිනක් උවොත් සමහර දිනෙක අපේ වසන්ති අක්කාද මේ කොරටු වැඩ බලන්ට එයි..ඇය ආ දිනක මට බත් බෙදන්ට...තේ හදන්ට,.ආදි කසිලි බිසිලි වැඩට අයිස් ගැසීමක් නැත...ඒ ඇය විසින් ඒ වා කරන නිසාය..එවන් දිනෙක මා මීහරකා මෙන් උදේ සිට හවස වෙන තෙක් වැඩ කල යුතු වන බැවින් වෙන ගෑනු එනවාට එකල මා කැමති නැත...

දිමුත් සීත පෙට්ටිය ගෙනා හැටි...

ඉස්සර දිනෙක දිමුත් ලාගේ ගෙදර දානයක් අවස්ථාවක දිමුත් ලාගේ ලඟ පාත ගෙදරක දානෙට අවැසි මාලු මස් ආදිය දමා ඇත..එහෙත් එහි ඇති මස් යලි ගැනීමට යෑෙම්දි මස් අඩු බව දුටු දිමුත් ඒ පිලිබඳ විමසා ඇත..එහිදී ෆිජ් එකේ ඇති අනෙක් දේ ගඳ ගසන හෙයින් මස් අයින් කල බවක් කියා ඇත..එහෙත් සැබැවින්ම සිදු වී ඇත්තේ ඔවුන් දානයට තැබූ මස් අර ෆිජ් එක තිබූ ගෙදර උන්දැල රෑට උයාගෙන කා ඇති එක හෝ නැතිනම් ඔවුන් සඟවාගෙන ඇති බවකි...කලෙක පටන් කුමටදැයි නිච්චියක් නැතත් වසන්ති අක්කාටත් ෆිජ් එකක් ගැනීමේ උවමනාව විය..දරුවන්ගෙනුත් ලොක් කෙලීද අයිස් කිරීම් උනත් හැදිය හැකැයි කියමින් ෆිජ් එක වරුනා කලේය..එයින් ඔයින් මෙයින් දිමුත් ෆිජ් එකක් ගෙනාවේය..එහේත මේ ෆ්රිජ් කියන වචනය දිමුත් ට හරිහැටි උච්චාරණය කිරීමට බැරිය..එනිසා එය වැරදි උච්චාරණය කර වරක් දෙකක් උපහාස වින්ද පසු දිමුත්ටත් ලමයිටත් එය හීත පෙට්ටිය විය...මේ හීථ පෙට්ටිය හා සබැඳි කතාන්තර කීපෙයක් දිමුත් හා බැඳි ඇත..ඊට කලින් දිමුත් ගේ ගතිගුණ පෙන්වන තවත් කුඩා කතාවක් බලමු...

මැච් එක සමඟ ආප්ප කෑම....

දිමුත්ද ලංකාවේ බොහොම දෙනා මෙන් මැච් දවසට වරුවක් වැඩ කරන කෙනෙකි..කොයි තරන් වැඩ තිබුනත් එදින හවස ලංකාව බැට් කරයි නම් දිමුත් ආපසු කොරටු යැවීමට අපාසුය..මොකෝ හෙට ලෝක විනාසෙය..ඔන්න ඔහෙ හෙටම ඉවරයක් කොරනව..මේ මැච් එක බලලම...ඒ දිමුත් ගේ අදහසයි..දිනක් මා ද දිවා රාත්‍රි තරඟයක් තිමුත් ලාගේ නිවසේ සිට බැලීමට එක්විය...එදා වසන්ති අක්කා අපිට රෑ කෑමට ආප්ප හදා තිබුණි...කිහිප වරක් ආප්ප නිමෙනවා කන්න යැයි කීවත් මැච් එක අතර සිටි දිමුත්ට ආප්ප වලට වඩා තරඟය ලොකු විය..එහෙත් වරින් වර දරුවන් ගෙනා ආප්ප වලින් කැබලි පිටින් ගිල දමා පැටා අම්මගෙන් තව එකක් ගේන්න පුතා යැයි කියා කුස්සියට පිටත් කරයි...එවෙලේ තම්බන ආප්ප කමින් සිටි දිමුත්ගේ දරුවන් මෙය නොඉවසීය..ඔවුන් එකෙක් කුස්සියේ සිටම කෑවේය..අනිකා මං කන්නෙ තාත්ත කන වෙලාවට යැයි කියමින් සිටියේය...දැන් මැච්එක උච්චම අවස්ථාවකි..ආප්පයක් දෙකක් ගිල දැමූ දිමුත්ට උණු ආප්ප සුවද උහුලන්ටද අමාරුය..ඉකිමනින් පුටුවෙන් නැගිට ගිය දිමුත් ඔහුගේ තැටියට හොදි ලුනුමිරිස් සහ ආප්ප දාගෙන විත් මැච් එකේ බැටින් ස්පීඩ් එකටම කයි...විගසින් විස්සයි විස්ස මැච් එකක මෙන් ගිල දැමූ ආප්ප කිහිපය අවසානයේ, වසන්ති අක්කා පැමිණ,.. මේ කිරිහොදි තිබුණ ගත්තාදැයි ඇසීය..සිහ් අදනම් කිරිහොදි වැඩක් නෑ..කරපිංච කෑල්ලක් කුරුඳු පොත්තක් වත් අහු උනේ නෑ...යැයි දිමුත් කීවේය...
මොකක්..කෝ මේ හොදි එක එහෙම්ම තියෙන්නෙ...??මොකෙන්ද ඔහේ හොදි ගත්තෙ??
ඇයි ආප්ප වහල තිබුන වට්ටියෙ යට තිබුනෙ මඟුල...හොද්දක් කිව්වට ලුනු ඩිංගක්වත් හරියට නෑ...??
ඉන්පසු වසන්ති අක්කා හයියෙන් හිනා වෙන්ට විය.....
මොන මලයකා වැහිලද මේ යෝදිට..ඒ දිමුත්ය..
මට නෙමෙ මල යකා වැහිල තිබිල තියෙන්නෙ ඔහෙට..හොද්ද ලිපෙ තියෙද්දි ආප්ප හදල ඉතුරු වුන පොල්කිරි ටික දාගෙන නේ ඔහේ ආප්ප කාල තියෙන්නෙ...හෑ..
හුම් එහෙමද ??එහනම් මේ මල්ලිටව්ත් හොදි ටිකක් ගෙනත් ආප්ප ටිකක් දෙනව..ඒව හංගල අපි කොහොමෙයි ඕව දන්නෙ කන බොන දේව්ල් පේන්න තියෙන්න එපාය...ඒ කීවේ වරද වසාගන්ට නෝක්කාඩුය..එහෙත් මැච් සිහියෙන් දැන් ලංකාව ගහයිදෝ සිහියෙන් ටී වීඑක දිහා බලන් ඔහේ හොදි ගොඩයැයි සිතා පොල් කිරි පොඟවා ආප්ප කෑ සිද්ධිය මට බොහෝ කලක් යනතුරු ආප්ප දකිනා විට සිනා පහල වෙන සිද්ධියකි...

හීත පෙට්ටිය....

අපේ ගෙවල් දිහාට මූද එතරම් ඈද නොවේ..එනිසා මාලු වැඩිපුර පරණ නැතුව කෑමට ලැබේ..එසේම කොරටු වල වගා කොරන නිසාත් සතියට දින දෙකක් පොල තිබෙන නිසාත් එලවලු පලතුරු එතරම් පරණ කොටගෙන සීත පෙට්ටියේ දමා කෑම ඇත්තෙන්ම මෝඩ වැඩකි...දිනක් අපේ දිමුත් ෆුඩ් සිටියට ගොඩ වැදී ඇත්තේ එකල ගිය මහේන්ද්‍ර පෙරේරා සිටි දැන්වීම බලාගෙනදැයි නොදනිමි..එහෙත් එහිදී දිමුත් දැක ඇති දෙයක්නම් අයිස් ක්‍රීම් යෝගට්..සහි වෙනත් එවෙලේ කන දෑ සහ මස් වැනි දේ හැරුනු විට එලවලු පලතුරු ෆිජ් වල නොදා ඇති බවකි..ඇත්තම කතාවනම් එම එලවලු පලතුරු වලටද අවැසි උෂ්ණත්ව ලබාදෙනනමුත් ඒවා අර සාම්ප්‍රදායික එලවලු ශිතකරනේ දැමමට වඩා වෙනස් ක්‍රමයකි...ඉන්පසු සති අන්ත පත්‍රයේ ගිය එලවලු විස ඇතිවීමට ශිතකරණ හේතු විය හැකි යන ලිපියක් දැක ඇති දිමුත් අයියා ඉන්පසු හීත පෙට්ටියේ රුවන්නේ අයිස් කිරිම් යෝගට් .ජෙලි,,බිස්කට්,,නාරං ඇපල් වැනිදෑ පමණි...මේ හීථ පෙට්ටිය වසන්ති අක්කාට නම් සැනසීමකි ගෙන එන්නේ දිමුත්ටත් දරුවන්ටත් බඩගිනි වූවිට වෙනදා කුස්සියේ ඇති හැම ටින් එකම පෙරලා බිස්කට් කේක් කැවිලි බනිස් වැනි දේ තිබේදැයි බලයි..එහෙත් දැන් දිමුත් සියල්ලම ෆිජ් එකේ රුවන නිසා බලන්ට ඇත්තේ ශිතකරනේ පමණි...එසේම පොලට ගොස් මලු දෙකක් රැගෙන එන දිමුත් හෝ දිමුත්ගේ අම්මා වන කාන්ති නැන්දා මේ පෙට්ටිය පිරවීමට වග බලා ගනී...දිමුත්ගේ වයිෆ් වන වසන්ති අක්කා ටිකක් දැනුම් තේරුම් ඇත්තියක වන බැවින් නොයෙක් චොකලට් පුඩින් වැනි දේ තමාම හදා හො කඩෙන් ගෙනැවිත් මේ හීථ පෙට්ටියේ රුවයි...එසේ කරන්නේ වෙහෙස වී වැඩ කරන සිය සැමියා සහ තමා නොමැතිව දිවා කල් යවන දරුවන් හට කෑමට රස කෑම තිබිය යුතු යැයි ඇය සිතන බැවිනි..
මේ ලඟකදී කාන්ති නැන්දා ගේ කැවුම් මිශ්‍රණයක් සාදා රාත්‍රී කැවුම් සදන අදහසින්  වැඩි පරෙස්සමට කූඹි යතැයි හීථ පෙට්ටියේ බහා ඇය දිවා ආහාර ගෙන මඳක් ඇල වී ඇත..මදක් ප්‍රමාද වී පැමිණි දිමුත් කැම කා අතුරුපස ඇතිදැයි බලන්නට ෆිජ් එක බලන විට මේ මිශ්‍රණය දැක ඇත..වසන්ති විසින් සදන ලද අලුත් පුඩිමක් හෝ වෙනත් අයිස් කිරින් ජාතියැකැයි සිතා දිමුත් දරුවන්ටත් දී මේ කැවුම් සෑදිමට ගන්නා මිශ්‍රණයෙන් කොටසක් කා අහවර කොට ඇත...මෙහ හොරෙන් කන්නට ඇතැයි සිතා දුවනියකෙගෙන් මේ ගැන ප්‍රශ්ණ කල කාන්ති නැන්දාට දුව කියා ඇත්තේ..මේ පුතේ අම්ම ගෙනැල්ල හදල දාපු එකක් වෙන් ඇති ගානට තියෙනව..ඇති තරමට විතරක් දාගෙන නාස්ති නොකර ගන්න යැයි ඇගේ තාත්තා පැවසූ බවය...
ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් දිමුත් පවසා ඇත්තේ "කැවුම් මිශ්‍රණ කවද්ද හීත පෙට්ටිවල දැම්මෙ??/ඔය අපෙ අම්මටත් ඕන එකයි එපා එකැයි හැම එකම ඔබනව නෙව මේ හීත පෙට්ටිය ඇතුලෙ" ලෙසටය...


Friday, September 23, 2011

මිනිසුන් තැනිය යුත්තේ අපිට පස්සෙන් යෑමටයි...

අපේ යූනියන් කලාව..
මා ඉගෙනගන්න කාලේ ඉස්ටුඩන්ට් යූනියන් එකක සිටියදී බෝඩ් එකක මහ තඩි අකුරින් තිබූ වැකියකි " මිනිසුන් තැනිය යුත්තේ අපසමඟ යෑමට නොව අපට ඉදිරියෙන් යෑමටයි" කියන එක. ඒත් අපි ජූනියර් ල කාලෙ අපි පොඩ්ඩක් හරි වචනෙකින් සීනියර්ල ට වඩා ලොකු උනාම අපේ සීනියර්ල අපිට සලකන්න පෙල ගැහෙන්නෙ පොඩි පොඩි සැලකිලිත් අරගෙන ..ඒවට පොලුකෑලි ගල් එහෙමත් එකතුවෙනව..ඉතින් එහෙම ඉඳල අපි අර සීනියර් ල උනාම අපිට අමතකයි එදා අපි සින්නොන්ගෙ විඳපු පීඩනේ අපි ආයෙත් අපේ පොඩි උන්ගෙන් පලිය ගන්නව..මං හිටපු කාලෙ මම ජූනියර් ල කරට ගන්න යනව කියල ගොඩක් අයගෙන් බැනුම් අහන්න උනා...ඒත් අනුන් කියන දෙයක් නාහන විශේෂ පන්ඩිත ගතියකින් යුත් මම කවදාවත් අපෙ බැජ් එක කියන එක හයිලයිට් කලේ නෑ..මේ ගැන අපේ බැජාල මාත් එක්ක කේස් උනා...

මා මේ ලිපිය ලියන්නේ ඇයි...
මං මේ ලිපිය ලියන්නෙ මගේ පුද්ගලික ඇරියස් එකකට..ඒ තමා අර ටැමිල් පැත්තක රාගවන් කියල ලමයෙක් අම්ම වඳින්න කියද්දිත් නොවැඳපු කේස් එක...මම නම් පුංචි කාලෙ වගේම දැනුත් කවුරුත් කියන දෙයක් අහන කෙනෙක් නෙමෙ..ඉතින් මගේ පුංචි කාලෙ මං වගේ එකෙක් අහක යන පාංකඩ ගොසිප් කියවන ගොඩයින්ගෙන් බැනුම් අහන එක මට දිරවන්නෙ නෑ...අපි කරන ජඩකම් මැරකම් ඔක්කොම තියාගෙන උනත් අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට වඳින්න කියල අපේ පොත්වල තියෙනව..වඳින්න ඕනි කාටද කිව්වම වයසින් වැඩි අයට කියල පොත්වල තියෙනව..ඒත් අපේ බුදුහාමුදුරුවො කොතනකවත් වයසින් වැඩි අයට වැඩි සැලකිලි දීල තියෙනව කියල නෑ..මහනදම් පුරල ගන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදි තානාත්තර මිසක් වයස බුදුන් ඒ කාලෙ සැලකුවෙනෑ..මතක ඇති එක් අවස්තාවක සිද්දාර්ථ කුමාරය විශ්වමිත්‍ර පණ්ඩිතයට වඳින්න කියල හැදුවම විශ්වමිත්‍රගෙ ඔලුවෙ සිදුහත් කුමාරයගෙ කකුල් වදිනව...ඒක අසුබ ලකුනක්විදියට දැක්ක සුද්දෝදන රජතුමාගෙ මනස විශ්වමිත්‍ර විසින් හැදුව...ඒත් අපේ අර පොඩි එකා මහ උද්දච්ච එකෙක් කියල කියල තියෙනව..මඅපේ බක පන්ඩිත ප්‍රජාව..

ඊතලය ආපු දිශාව සෙවීම....
කවුරුහරි කෙනෙක් කියල තියෙනව මතකයි යම් පුද්ගලයෙක්ට හීයක් වැදුනනම් ඒ හීයෙ දිශානතිය,ඒ හීය එවපු කෙනා,වැදුන ඈන්ගල් එක වගේ ෂර්ලොක් හෝම්ස් පාරවල් හොයන්න කලින් ඒ වැදුන තුවාලෙ බලන්න කියලයි..ඒත් මේ ලංකාවෙ වාද කරන ගොඩක් දෙනා අල්ලන් දඟලන කැත තැනක් තමයි ඊ තලය එවපු එකාගෙ කුල මල සෙවීම..දේශපාලෙනෙ උනත් ඔන්න මං පාර්ලිමේන්තු මන්ත්‍රි තුමාගෙන් ඇහුවොත් අපේ ගමේ පාර ගැන උන්දැ කියන්නෙ වෙන වැල් බයිල..අපි යූ ඇන්පී කාරයො වගේ පාරවල් හදන්නෙ නැතුව උන්නෙ නෑ...ජෙප්පො වගේ පාරවල්වල ටයර් පිච්චුවෙ නෑ..මට වෙන උන් කල ඒව වැඩක් ද?/නෑනෙ මට  ඕනි අපේ පාර ට අනුමත සල්ලි වලට මොනාද උනේ කියල දැන ගන්න..ඒ තරන් ඕනි නෑ අපි හිතමු බහුශ්‍රැත කෙනෙක් එක්ක හරබර කෘතියක් ගැන කතා කරනව කියල..ගොඩක් වෙලාවට ඒ කතාව අස්සෙ කෘතිය ලියපු එකාගෙ කුල මලත් පුලුවන්නම් අදිනව..ඒව කොහොමවත් අදාල නැති උනත් ඒක තමයි අපේ ගතිය..කෘතියක් කලාම ඒකෙ අන්තර්ගතය ගැන කතා කරන්නෙ නැතුව ඒ කතුවරයා මරන් කන්න තමයි හැමවෙලාවෙම විචාරකයො කියන ජාතිය මගබලාගෙන ඉන්නෙ...ඉතින් මමත් ඒ සමාජයෙම එකෙක් නිසා මේකෙදි පොර බාවය නැතිවෙලා ගිය බන්දුල ලොක්ක ගැන කතාවක් කියනව අහන් ඉන්න ඈ...

බන්දුල පඬිතුමාගේ සුනාමි සංසිද්ධිය....
සල්ලි දීල ඉගැන්නුවත් ඉස්කෝල සර්ලට වැඩිය තෙල හොඳ නිසාත් කවරෙ හොඳ නිසාත් ටියුෂන් ගුරුවරු කියන්නෙ ලංකාවෙ ඉන්න දෙවිවරු කොටසක්...තමන්ට උගන්නපු ගුරුවරයා කිව්වොත් අංශක ගාන පවා නොසලකා නැමෙන ගතියක් අපි අතර තියෙනව...ඔය ගුණ වර්ධනය කරනව කියන අපේ ඉකොන් උගන්නපු බන්දුල පන්ඩිත සුනාමි වෙලාවෙ පවුලත් එක්ක හිටියෙ අරුගම්බේ කියන පලාතෙ..එතකොට බන්දුල පඬි හිටපු  හෝටලය වටේම වතුර..එයා ජනාධිපති තුමාගෙ මීටරේට වැටුන ..පස්සෙ ජනාධීපති තුමා ගුවන් හමුදාවට කිව්ව..ගුවන් හමුදාව ඒ පැත්තෙ ඒ වෙනකොට බේරාගැනීම් කටයුතු වල යෙදුන යානාවක් අනුයුක්ත කරනව..ඒ අපේ මහා මොලකරු බන්දුල පඬිතුමා ගේන්න..ඉතින් බන්දුල පඬි යානයට ආවම  ඇතුලෙ පන අදින මිනිස්සු..අපේ බන්දුල තුමා ඒ තුවාල කාරයො වහාම අයින් කරන්න කියල මහ සද්දෙන් කියල තියනව අපේ හමුදා සාමාජිකයින්ට..අපේ හමුදා සාමාජිකයින් අනේ අර අසරණ අහිංසක තුවාලකාරයො ටික බාල අර මොල ගෙඩිය පටවන් යනව...ඒත් ඒ තුවාලකාරයො අතර උනත් මේ බන්දුල ලොක්කට යන්න පුලුවන් කම තිබිල තියෙනව..ඒත් ඉතින් පාර්ලිමේන්තු ක්‍රමේට යන්න ඕනිනේ නේද??
මේක මට කීවෙ ඒ වෙලාවෙම ඒ හෝටලේම හිටපු වෙනත් ව්‍යාපාරික මහත්මයෙක්..එතුම ඒ සිද්ධියට කලින් බන්දුල මැතිතුමාගෙ හිතවතෙක් පස්සෙ ඒක ඇස් දෙකින්ම දැකපු ඒ ව්‍යාපාරික තුමා බන්දුල ගැන අබමල් රේනුවක් විතර  තිබුන ගව්රවේ නැති කරගත්ත කියල කිව්ව..ඒ ව්‍යාපාරික උන්නැහෙ අරුගම්බෙ ඇත්තන්ට දවස් ගානක් යනකන් ඒ පැත්තෙම ඉඳගෙන උදව් කරල තිබුන..ඒත් බන්දුල ලොක්ක ඉන් පස්සෙ ඒ පලාතෙවත් ගිහින් තිබුනෙ නෑ...

ස්වාධින මතයක් නැති ගිරවුන් සැදීම....
අප රට විසින් වසරකට උපාධිකරුවන් ඇතුලු අධ්‍යාපන යේ ලොකු සයිස් බ්‍රොයිලර යින් විශාල ප්‍රමාණයක් එලියට දමනු ලබයි..එහෙත් ඉන් නියම ඵල ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනාද..අපේ රට තවමත් කීර්තිමත් පුද්ගලයින් කීපෙදෙනෙක් නිසා ජනප්‍රිය වී ඇතිමුත් ලෝක වශයෙන් ගතහොත් අපි නිදහස් අධ්‍යාපනයට ලබාදෙන මුදල් වල අවුට් පුට් එක නොහොත් ප්‍රථිපල කෙතෙක් ලැබී තිබේද??
අපි පාසැල් ගොස් ගිය දින පටන් වැඩ කරන්නේ වැඩ කරන්න පවා නියමිත ක්‍රමවේද හරහාය..පාස් වෙන්නට නියමිත විභාග ලිස්ට් එක දරුවා එක වසරට යනකොට පවා සිතට ඇතුලු කොට හමාරය..අපේ ක්‍රමය තුල සියයට අනු නවයකටත් වඩා ඉගනීම කරන්නේ ඇතුලතින් එන බලයකට හෝ උනන්දුවකට නොවේ පිටතින් පටවන ඉලක්කයක් වෙත තම අස්පයා මෙහවීම මගිනි...ඒ තුල ඇති ආකර්ශනීයම දේ නම් ලමයි සැමදා දෙකට නැමෙන යුනිට් එකක් වීමයි...ගුරුවරුන් පොතපත කියන දේ සියයට සියයක් නිවැරදිය..ගුරුවරු කෙතරම් පච ඉගැන්නුවත් නූගන්වා සිටියත් ඔවුන්ට ගරු කල යුතුය..කිසිදු ආකාරයකට ලමුන්ට පාසැලට හෝ කිසිදු දෙයකට එරෙහි වීම නොමග යෑමකි...මෙසේ ඉගනීම් නිමකොට එලියට එන බොහෝ දෙනා රැකියාවක් තනාගන්නට අදහස් ඇත්තෝ නොවෙත්...රැකියා වේකන්සියක් කොහෙන් හෝ කඩාපාත් වෙනතුරු බලාසිටින පිරිසකි...ලමුන්ට ස්වාධීන අදහස් කියා දෙයක් නොතිබිය යුතු බව අප විසින් නියම කරනු ලබන රටාව විසින් ගිරාක්‍රමයට ලමුන්ට එන්නත් කර ඇත..
එවන් කලක රාගවන් නම් දරුවා යනු තමුන්ට වඩා තමන්ගේ ලමාකලට වඩා ඉස්සරහින් යන දෙමලෙකු වීම අපේ බොහෝ දෙනා නොරිස්සයි...තමුන්ගේ බසය ඉක්ම යන බස්කරුවා,,තමුන්ගේ කාර් එක ඉස්සර කර යන ත්‍රීව්ල් කරුවා ඔබට වැරදි කරුවන් වන්නේ කෙසේද අන්න ඒ ආකාරයටම බන්දුල ට නොවැඳි රාගවන් වැරදි කරුවෙකි..ඔහු නොදන්නා කමකට නොවැන්දා නොවේ..ඔහු විසින් නොවඳින්නට අවැසි කාරනාවද කියා තිබුනි...එහෙත් ඒ කාරනාව ගැන කතාකරන්ට කවුරුත් නැත..ඔක්කොම පෙල ගැසී ඇත්තේ ඒ කතාව කියූ කට කැපීමටයි.
මෙන්න මට මේ පෝස්ට් එකට මූලික උන ගොසිප් එක....




Thursday, September 22, 2011

මා කල පිංකම් දෙකක්..

අපි ඕලෙවල් කරන කාලෙ කරපු පිංකම....

ඒක ඇවිල්ල දන්සැලක්..ලොකුවට කරපු එකක් නොව්..අවශ්‍ය උනේ ඇල්වතුර අයිස්,කලරින්,රසකාරක,අන්නාසි පමණයි..වෙසක් මහා ඇල්වතුර දන්සැල කියල ගහන්න බැරි නිසා නම දැන්මෙ වෙසක් මහා බීම දන්සැල කියල..ටිකක් කොලටියට බඩු තිබුන..වැඩේ බෝම යසට යන්න ඇති..ඒත් ඉතින් මොකටද අපිට ඒව..බස් නවත්තන එක කෙල්ලෙක් දැක්කොත් පැනල ගිහින් බීම අල්ලන එක කොඩි හොලවන එක වගේ අන්ඩර්වල්ඩ් වැඩ තමා කරන්නෙ එහෙ ගිහින්..ඔය පිංකමට පන්සලේ හාමුදුරුවොත් වැඩල සෝක් කිව්ව..ඇත්තටම දවල් නම් වැඩේ නැගල ගියා පස්සෙ ඉතින් අපේ ආතල් එකත් ගන්න ඕනි නිසා අපි 8.00ට විතර කැපුනා..කැපිල එහෙ මෙහෙ රස්තියාදු වෙවී පන්සල් යම්දෝ නොයම්දෝ කියල හිත හිත ඉන්නකොට අපිට පේනව අත් ටැට්ටර් වලින් කස්ටිය යනව වෙසක් බලන්න..ගෙවල් වල තියෙන මලකඩ වාහන ඔක්කොම එලියට එන්නෙ මේ කාලෙට තමයි..ඇවිත් වෙසක් බලල යන්න මලකඩ උඩ නැගන් ගෑනු ලමයි වයසක පිරිමි හැමෝම යනව..ඉතින් අපේ පාරෙ තියනව වෙල මැදින් පාර යන තැනක්..එතන්දි වෙල තියන්නෙ මීටරයක් විතර පහලින් පාරට වඩා...ඔයඕකයි ටැට්ටර ටිකයි දැකපු අපිට ආව ගෝල්ඩන් අයිඩියා එකක්...එකෙක් ගියා සොපින් බෑග් ගේන්න..එනගමන් සෙට් එකටම තව ටොපිත් ගෙනාව..ඒ අතරෙ තව එකෙක් නිල් බෝතලයක් ගෙනාව ලඟ තිබුන ගෙදරකින්...දැන් ඉතින් අපේ පින්බර අවි ටික ලෝඩ්කරන වෙලාව..ගියා ලඟ තියෙන ඇලට ගෙහුං වතුර පුරෝනව බෑග් ටිකට..පුරෝල පදමට අරනිල් බෝතලේ මිරිකල නිල් දාගන්නව අර බොරපාට වතුරට..දැන් ඉතින් හෙමීට අර වෙලේ තියෙන පාරෙ තාප්පෙට..ඒක මෙහමයි..වෙල මැද පාර තියෙන්නෙ තනිකර බැමි දෙකක් දෙපැත්තෙන්බැඳල ඒක උඩ..ඔන්න හොස හොස සද්දෙයක් එනව දැන් වැඩේ හරි...එකෙක් ඈත ඉඳන් සිග්නල් එක දුන්න..අතින් ගත්ත වතුර පාර්සල් ටික විද්ද අහසින් අර ටැට්ටරේ උඩට...ටික දුරක් ගිහින් ටැට්ටරේ නවත්තල කට්ටිය බැහැල එකෙක් දෙන්නෙක් කුනුහබ්බ කියනව..තව ගෑනු අය පිහිදානව වතුර..තව එකෙක් මේ වේ... පුතාල නිලුත් දාල...අම්.....හැමිනෙන්න කියල පින්දෙනව..අපි එතකොට ඒ අහලකවත් නෑ..බැම්ම අයිනෙන්ම දුවල ගිහින් අවසානෙ තියෙන කැලෑවෙ හැංගිල සිද්ධිය බලන් ඉන්නව...ඒත් එක අවුලක් අර බනින ඒව ටික ඇහෙනව මදි..ඒක අපේ උන්ට අවුල්..ඒ පාර ගැහුව අලුත්ම ප්ලෑනක් මමයි තව කට තියෙන එකකුය් දැන් පාරෙ ඇවිදන් එනව..අපේ ඉස්සරහට ටැක්ටර් එනව..දැන් ඔය අතරෙ අපි අත උස්සල ටික වෙලාවකින් වතුර ටික වදිනව..ඒ ටැක්රේ ඉස්සරහ ගියෙ පොඩි මොන්ටිසෝරි වයසෙ ලමයෙක් අල්ලගත්ත ඇන්ටි කෙනෙක්..ඇන්ටි ඇඳන් හිටපු සුදු පාට බ්ලවුස් එක නිල්පාට දම්පාට වෙලා...හරියට සොට් එකක් ඇන්ටිට වැදිල..පොඩි එකා ඇහැරිලා ඌ අඬනව හෝ ගාල.ටැක්ටරේ නැවතුනා දැන් එලියට බහින එකාදෙන්න මවුපිය ගුන ගයනව..මං ගිහින් මොකදැ ඇන්ටි මොකද කියල ටැට්ටරේ ඉස්සරහ ඉඳපු ඇන්ටිගෙන් ඇහුව..ඒ ඇහුවට ඇන්ටිට සිහියක් නෑ ඒවට උත්තර දෙන්න..ඈ බොල බොන්ඩිගෙ පුතෝ තොපි හිතන්නෙ අපිට මීහරක් ගිනියම ගහල මේ පෝය දවසෙ යනව කියලද වතුර ගහන්නෙ? ගිහින් ගහපන් බොලයි ගෙදර ඉන්න අර වේ....දෙන්නට" අම්මප මේ වෙසක් පෝය දවසෙවත් මේ මීහරක් රෑන් හැදෙන්නෙ නැති හැටි...මට නම් මේ දැන් එන එවුන්වත් විස්සාස නෑ..අර වතුර ගහපු උන්ගෙ යාලු මොක්කුද කියල දන්නෙ නෑ..පස්සෙ මං ඒත් මගේ ප්ලොට් එක ඇරියෙ නෑ..වෙල පහුවෙල තියෙන ගෙදර තියෙන ටැප් එකක් තියෙන ගෙදරකින් වාහනේ නැවැත්තුව...ඒත් ගෙදර උන්නු අය ගිහින් පන්සල් පැන්න තාප්පෙන් පැනල ඒ අයගෙ වතුර බෝතල් ටිකට වතුර අරන් දීල වැඩේ ටිකක් ගොඩ දැම්ම..එතැන කොල්ලො හිටියෙ එකයි ඌත් තනි මාන්දමිකයි...ඌට තේරෙන කෙන්ගෙඩියක් නෑ..මං නිකන් මගේ ගෙදරින් වගේ වතුර අරන් එතන ඇන්ටිල ගෙයි කෙල්ලො සෙට් එකෙයි රෙදි වල නිල් අරින්න මහන්සි උනා...මට අපේ උන් කරපු අලුකුත්තේරු වැඩ ගැන අපසට් එකකුත් ආව.ඒත් ඉතින් හැම දාම නෑනේ මේ වගේ දවසක නේ මේ වගේ පෙනුමක් වත් දාගන්න ලැබෙන්නෙ මේ ටැක්ටර් ටුවර්ස්ලට...

ලොකු උනාම සිල් ගන්න ගිය හැටි....

ඉස්සර කොළඹ ඉගෙනගන්න ආවහම අපි ඉන්නෙ හොස්ටල් එකේ...ඒකෙ ඉන්නකොට මාර ප්‍රශ්ණයක් තමයි සති මැද නිවාඩු දවස් ගෙවාගන්න එක.මොකද එහෙම දවසට අපේ කැන්ටින් හෙම වහනව..ආයෙ එදාට විතරක් උයන එකත් පාඩුයි..එහෙම සෙට්වෙන දවසක් තමා පෝය දවස කියන්නෙ..ඉතින් අපේ ආයතනෙත් හිටිය ඔය සිල් ගන්න බැතිබර කුලුනුබර පොරවල් ටිකක්..එ අය ඇල්වතුරත් නිවල බොන ටයිප් එකක අය..අම්මෝ තියෙන සර්ධාව..මොනව හරි කේෂ් එකක් නිසා ඔය දෙතුන් දෙනෙක් මාත් එක්ක ෆිට් උනා...
ඉතින් දැන් වැඩේ ගොඩ දාගත්ත පිංකමකට සහභාගි වෙන්න..පෝයට කලින් දවසෙ ගියා පොල්ගහවෙලට ගිහින් අපේ ඉන්න යාලුවගෙ ගෙදර නැවතිලා උදේ සිල් වැඩට යන්න තමයි හදන්නෙ...කොහොමත් පොඩිකාලෙ මට සිල් ෆෝමැට් එක ටිකක් තිබුන..බණගෙදරක් තිබුනත් කලිම්ම ගිහින් හාමුදුරුවන්ගෙ කුඩේ මුර කරන්න වගේ ඉඳගෙන බණ අහනව..ඉතින් මං හොස්ටල් එකේ ජඩ බාශාව ටිකක් අත ඇරල ගෙදර විදියට වචන ටික හදාගන අර තියෙන සූටි බණ පොත් හෙමත් දැන් කියවනව...හොස්ටල් එකේදිනම් අපිට හු යන්න නැතුව වාක්‍යක් කියනව කියන්නෙ අමාරු වැඩක් ....ඉතින් යාලුවගෙන් සරමකුත් ඉල්ලගෙන මායි යාලුවයි පාන්දරින්ම ගියා සිල්ගන්න..සිල්ගන්න යනකොට අතුරු පාරක පොඩි ජර්නි බස් එකකත් යන්න තියෙනව..වැඩේ කියන්නෙ ඒ බස් එකේ පෝය දවසට යන අයගෙ කකුල පෑගුවත් වචනයක් කියන්නෙ නෑ..හරිම සිල්වත්..මගේ කකුල උඩ මොකෙද්ද නැගල..මට ත් ඌරු ජුවල් නැග්ග..නැග්ග විදියට ම බස්ස ගෙන නිකම් හිටිය මොකද දැන් යන්නෙ උතුම් ශීල සමාදාන කාරියකට නොවැ...
ඉතින් ගිහිං වාඩිවෙලා පීකරේ කියන දේවල් එහෙම්ම කිව්ව..ඉන්පස්සෙ ඉතින් උදේ දානෙ..පෝලිමේ ගිහින් අරගත්ත..ඉතින් ඔය පෝලින් වලත් පැනිලි පොඩි පොඩි කතාහෙමත් යනව..ඒව සමහරක් ඉතාම ධාර්මිකයි..සිල් ගන්න ආව නිසා කවුරුත් එල්ලිලා යන්නෙ නෑ..අරන් හිටගෙන ගිලින්න හදනකොට මගේ යාලු පින්වතා කිව්ව..යකෝ සීලෙ කියල..මං බැලුව සීලෙ කොහෙහරි වැටුනද කියල වටපිට..ඒ පාර පොර අතින් කට වහගෙන..සිල් ගත්තම කන්නෙ වාඩිවෙල..යකෝ..එතන හරි සෝක් ඔක්කොම කතාකරන්නෙ අර හොඳ පැත්තට වැටුන ගිරව් වගේ ...එන්න මේ පැන් බොන්න,මේ දන් ගන්න,මහත්මය මේ පොත බලල තිෙය්ද,,අම්ම වාඩිවෙන්න කොලයක් ඕනිද..ඇත්තටම අමුත්තක් තියෙනව..මේක හරි මික්ස් අත්දැකීමක් අපේ පන්සලේසිල් ගත්ත වගේ නෙමෙ..විවධ පැතිවල විවිද අය ඇවිල්ල ඉන්නව..ඔය අතර විශේෂ රෝගාබාධ තියෙන අය විශේෂ කෑම ගේනව..පොඩ්ඩක් ආබාධයක් වෙලා හෙම තියෙනවනම් මේ වගේ තැනකට යන්න එපා උපස්ථායකයො වැඩි වෙලාම ආබාදෙ නැති වෙන්න පුලුවන්..එක වෙලාවක දලඹූවෙක් වැටිල උන්න පාරෙ..මං ගල් පඩියක් උඩට වෙලා වෙන තැනක හිටපු තරුණ උපාසිකා මාතාවකගෙ සීලය විමස විමස සංවරව වාඩිවෙල ඉන්නකොට එකෙක් පැන්න මගෙ ඉස්සරහට ..පැනල වහා බිමට නැමිල අර දලඹුව කොලේකට අරන් ගිහින් ඈතට දැම්ම...අනේ දලඹුවට ගිය කල..
දැන් දවල් වෙලා ටිකක් සංවරව ඈනුමක් දෙකක් ගිහිං දවල් උනා ඔන්න උදේ තේ දෙනව..අපි තරුණ පින්වතුන් නිසා අපිට තියෙන්නෙ තේ බෙදන්න...මාත් එක්ක ගිය යාලුව පැන පැන පින් ගන්න හදන කෙනෙක්.. ඉතින් එයා ගිහින් තේ පෝච්චි දෙකක් අරන් මට එකක් දීල අනික එයා අරන් මට ටිකක් කඳුගැටයක් හරියෙ කකුල් අමාරුව නිසා කයියක් ගහන් ඉන්න උපාසක මහත්තුරු ටිකකට ගිලන් පස දෙන්න කියල නියම කරා..මං ගියා එතනට කස්ටිය ඉන්නව..දැන් කෝප්ප එලියට දමන්...කයිය නවත්තල බෝම සංසුන් විදියට උන්න මං යනකොට ඒ අය..මහ වැඩැක්යැ..මං උතුරු සලුව පොඩ්ඩක් පැත්තක්ට කරගෙන නැමිල දාගෙන දාගෙන දාගෙන ගියා..පුතේ මොනාද කියල ඇහුවම තේ කියාගෙන වක්කොරගෙන යනව..ඒ අස්සෙ සමහරු බෙලිමල් හෙම නැත්ද දන්නෙ නෑ කියල අහනව..මං ඉතින් කාලයක් හිටපු බුවා වගේ නෑ  සීයෙ අද නෑ කියනව..
මං ඉතින් විනාඩියෙන් පෝචිචිය ඉවර කරල දැන් එනව පහලට..තේ දෙන තැන ඉන්න එකෙක් අහනව..උපාසක මහත්තය ගිලන්පස ඒ  පැත්තට පූජ කරල ඉවරද??මමත් ඉතින් ටැලන්ට් එක පෙන්නනත් එක්ක "ආයෙත් අහල නිකම් ඩයලොග් කවර් කලා වගේ."කියල උත්තර දුන්න.කී ප දෙනෙක් මගේ දිහා බලල අහක බලාගන්නව පෙනුන..මං ගානක් නැතුව හිටිය..එතන හිටපු පොර උපාසක උන්නැහේ කෙනෙක් ඒ කතාව සීලයට ගැලපෙන්නෙ නෑ කියලමගේ යාලුවට කියල තිබුන..
අනේ මන්ද ඉතින් ඔයතරන් කොරන්න පුලුවනැයි නේද??
ඒක නෙමෙයි ලස්සන කතාව ආවෙ ඉට පස්සෙ දවසෙ ඉන්ස්ටිටියුට් ඇවිත් ක්ලාස් එකට ආවහම හැමෝම,,කෙල්ලො පවා..මගේ දිහා බලල..ආ .............. සිල් අරගත්තලු නේ කියල කියෙනව..
මට මාර පස්නෙ..මෙතන මොකක් හරි කේෂ් එකක් තියෙනව කියල තේරුන මට..මං ටිකක් දවල් වෙන්න සිද්ධිය දැනගත්ත මේකයි කේෂ් එක..
අපි ඊයෙ රෑ සිල් ඉවරවෙල කොළඹ එන්න ආපු ට්‍රේන් එක හරිම තදේට පිරිනු එකක්....මටත් ලොකු බයක් තිබුන මගේ සිල් කැඩෙයි කියල..ඒත් මං ගෑනු ලමෝ අඩු තැනක ගිහින් හිටිය..ඒත් මට අනික් යාලුව පේනව ...ඌට මාව පේනුනෙ නෑ අවසාන වෙනකල්...ටික වෙලාවකින් මගේ යාලුව වෙච්චි අපේ මේ දවල් සිල්ගත්ත ස්ර්දාවන්ත බමුන ඇන්ටි කෙනෙකුට හේත්තු වෙල යසට එනව..මං ඉතින් නොදැක්ක ගාන්ට ඉඳල කොටුවට ආවම ඇහුව.."පට්ට පින්කඳක් නේ කියල"..හුම් කියල පොර අහක බලාගෙන හිටිය...
මේ බමුනු තකතීරුව උදේ පාන්දර ඇවිත් ඉන්ස්ටිටියුට් එක පුරා ගිනිතියල මං දවල් සිල් අරන් හැන්දෑවෙ කෝච්චියෙ ජැක් ගගහ ආව කියල..අවුලක් නෑ..අපේ කෙල්ලො ඔක්කොම දන්නව මංදෝත්සාහි වගේ උණාට අර බමුන වගේ නෙමෙ කියල..මං ඉතින් පස්සෙ ඒක මතක තියන් ඉඳල දුන්න බමුණ කරපට් වෙන්න මඩ සොට් එකක් පස්සෙ කාලෙක....



Wednesday, September 21, 2011

ස්මිත් මහතා වොෂිංටනයට යයි..Mr. Smith Goes to Washington

ස්මිත් මහත්තයා යනු කැලෑබද අමෙරිකානු ප්‍රදේශයෙකින් එන සත්ව ආරක්ෂණය සම්බන්ධ කටේ කිරි සුවඳ යන්තමින් මැකී ගිය කජු කිරි කොලුවෙකි..එකල අමෙරිකාවේ සෙනට් මන්ත්‍රිවරයෙකු ලෙස ස්මිත් මහත්මයා තේරෙනු ලබයි..එවකට පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් මේ ස්මිත් මහත්තයාගේ පත්වීම නොරුස්සයි..එසේම පක්ෂයේ සිටින පක්ෂය ඇදගෙන යන පක්ෂයේ වැඩට මුදල් දෙන මහ ලොකු මුදලාලියාට මේ ස්මිත් කොලුවා නොරුස්සයි..එහෙත් එම ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් වන ස්මිත් මහතා කෙසේ හෝ සෙනට් මන්ඩලයට පත්වන්නේ ඒ ප්‍රාන්තයේ සිටින කොලු කුරුට්ටන්ගේ නොමද ආශිර්වාදෙයිනි...ඉන්පසු දිගු දුම්රිය ගමනකින් පසු ස්මිත් මහත්තයා වොෂිංටනයට පැමිනෙයි..එවිට සිටින එවකට මිතුරු වැඩිහිටි සෙනට් මන්ත්‍රිවරයෙකුගේ දුවක් මේ ස්මිත් මහතාට හමු වෙන්නේ දුම්රියෙන් වොෂිංටනයට බසින අවස්ථාවේදිමය..එවිටත් ස්මිත් මහතා තරුණ සහ ළමා කැල අතර. අමෙරකානු රටම දන්නා කෙනෙකි...
වොෂිංටනයට කලින් නොපැමිණ ඇති මේ තරුණ ස්මිත් ලොක්කාට වොෂිංටනයේ ඇති බෝ දේ මහත් අරුමයක්මැ වෙයි...ආ ඉන්පෙර සිදුවු අපුරු සිදුවීමක් කිය යුතුයැ..මේ ස්මිත් ලොක්කා එන්නේ තමුන්ගේ යාලුවෝ කාන්ඩයක් ද දුම්රියේ දමාගෙනය..මේ යාලුවෝ නම් කූඩු වල දැමූ කුරුල්ලන් සිව්පාවුන් වැනි සමූහයකි..බොහොම යස පිළිගැනීමක් ඇතිව දුම්රියෙන් බසින ජෙපර්සන්ට දුම්රියේ අමතක වූ සතුන්ගේ කූඩු ටික මතක් වී ආයෙත් යයි..
ජෙපසර්සන් ස්මිත් නම් මේ කොල්ලා සෙනට් මන්ඩලය හෙවත් එවකට අමෙරිකානු පාර්ලිමේන්තුව ට පත්වී ප්‍රථම පනත ලෙස බෝයිස් කෑම්ප් නැත්තං යොවුන් කඳවුරු පිහිටවීමේ උත්සාහයක යෙදේ..නමුත් අවාසනාවකට ඔහුගේ ක්‍රියාදාමයට සෙනට් මන්ත්‍රි මන්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ නැත...
ජෙපර්සන් ස්මිත් පලමු වරට වොෂිංටන් පැමිණ වොෂිංටනයේ ඇති දේ පිළිබඳ පුදුම වෙයි..ඔහුගේ ලේකම් වැනි රූමත් සහායිකාව ජෙපර්සන්ට මේ විස්තර කියාදීමේන් හෙම්බත් වෙයි..නමුත් පසුකලෙක ස්මිත් සතු අසාමාන්‍ය මානව හිතවාදය තේරුම් ගත් සහායිකාව ස්මිත් හා පෙමින් වෙලේ...
බෝයිස් කෑම්ප් එක පිහිටුවාගැනීමේ දි පක්ෂයේ බල අධිකාරියා වන බඩ ලොකු මුදලාලියාට එකඟ නොවීම නිසා ස්මිත් ලොක්කා සෙනට් මන්ඩලයෙන් පැන්නීමට සෙන්ට් මන්ත්‍රිවරුන් පෙලඹේ...
එහෙත් ඒ සියලු කෙනහිලිකම් අවසානයේ යම් අවසානයට ලඟා කර ගැන්මට ස්මිත් සමත් වෙයි...
මෙය 1939දී අමෙරිකාවේ තිරගත වූ අලංකාර සිනමාපටයකි..විනෝදාත්මක ශෛලියකින් එහෙත් අපි නිතර නොදකින ගැඹුරක් පෙන්වන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙයි..ෆිල්ම් එක මහා සිරා සම්භාව්‍ය එකක් නොවේ..එහෙත් ගොන් ජෝක්ද නොවේ..අපි එදිනෙදා ජීවිතයේ දකින සැබෑ මානව හිතවාදීන් දේශපාලනයට ගිය කල ඔවුන්ට මුහුනදීමට වන අකරතැබ්බය මනාව මෙම පින්තූරය තුලින් පෙන්වයි..
සිනමාව කතාවක් කිරීමට අමාරුය..මෙහි සිනමාපටය කලු සුදු වුවත් එකල තිබූ තාක්ෂණ මට්ටමෙන් උවත් අදටද ගැලපෙන අයුරින් මනාව නිමවා ඇත..
අපි අමෙරිකන් චිත්‍රපට ලෙස නිබඳවම දකින වලිබර සහ සිනාබර බහුතර ඒවාට වඩා අමෙරිකන් දේශපාලනයේම විශාල සිදුරක් පෙන්වාදෙන මේ ස්මිත් මහතාගේ කතාව වැදගත් එකකි..
මෙය බැලීමට අවැසි කෙනෙක්...Mr. Smith Goes to Washington යන්න අන්තර්ජාලයේ සොයා බා ගත හැකි වෙයි...




Tuesday, September 20, 2011

නෙට් නැතුව බ්ලොග් ලියන්න(scribefire sinhala)

අපි බ්ලොග් ලියන්නෙ කෝමද?
අපිට බ්ලොග් ලියන්න ගොඩක් වෙලාවට උපයෝගි කරගන්න පුලුවන් ඒ බ්ලොගින් සයිට් එකෙන් ඒ කීවෙ වර්ඩ් ප්‍රෙස්(Word press) හරි බ්ලොගර්(Blogger) හරි ලබාදෙන ඔන්ලයින් ස්ක්‍රින් එක..නැත්නම් වර්ඩ් හරි වෙනත් අකුරු හැසුරුමක් භාවිතා කරල අපිට ලියල පස්සෙ කොපි කර ගන්න පුලුවනි...මේ ඔන්ලයින් ලිවිල්ලටම අපිට අවැසිනම් කෙලින්ම බ්ලොගර් හරි වර්ඩ්ප්‍රෙස් හරි භාවිතා කරන්නෙ නැතුව ගූගල් ඩොක්ස්(G docs) සහ සෝහෝ(Soho) වගේ ඔන්ලයින් එකක හරි ඊ මේලයක ලියල පස්සෙ කොපි කරගන්නත් පුලුවන්....

අපිට ඒ විදියට ලියන කොට එන අවුල් මොනාද?
අපි ඔන්ලයින් බ්ලොග් ලියනකොට අන්තර්ජාල සබඳතාවය හරියාකාරව නැතිනම් අපට පොඩි ප්‍රශ්ණයක් ඇතිවෙනව..අපේ අතින් වැරදීමෙකින් හරි ටැබ් එක හරි බ්‍රව්සරය ක්‍රියාවිරහිත උනොත් ගබඩා නොවුන දත්ත මැකීයාමේ අවධානමක් එනව...අනික් ප්‍රශ්ණය තමා බ්ලොග් ලියන්නෙ සිංහලෙන් නම් සමහර අවස්ථාවල පසු සංස්කරණ කටයුතු වලදිත් සමහර විට ඒ ලියන අවස්තාවෙදිත් නොයෙකුත් ගැටලු වලට මුහුන දෙනව...සංස්කරණය කිරීමෙදි වාක්‍ය සහ වචන වල ව්‍යාකරණ සහ අකුරු වැරදි හදන්න හෙම සිංහල භාවිතා කරනකොට ඇත්තෙන්ම අමාරුයි ඔන්ලයින්ම  බ්ලොග් ලියන අවස්ථාවදි...අනික් කරුණ තමයි බ්ලොග් අපි වර්ඩ් එකක හරි වෙනත් දත්ත ඇතුල් කිරීමේ එකතුවක කිරීමෙදි අකුරු පින්තූර ආදිය අපිට අවැසි විධියට අවැසි ආකාරයට මෙහෙයවාගත නොහැකි වීම..අපි මෙහෙම හිතමු අපිට අවශ්‍යයි කවි පද හතරක් ලියල එහි එලිසම පේලිය එක ලඟින් හිටින විදියට තියාගන්න..ඒ අවස්ථාවදි අපි වෙනත් ටෙක්ස්ට් එඩිටර් එකක ලස්සනට ඒ පද ටික පේලියට හදා ගත්තට බ්ලොග් එකේ ටෙක්ස්ට් එඩිටර් එකට ගේනකොට ඒකෙ ලස්සන පේලි නැතිවෙලා යනව..අනික් දේ තමයි බ්ලොග් කියන්නෙ ලියන රචනාවක් ම නෙමෙයි..අපිට ඇවැසි වෙනව වෙනත් වෙබ් පිටු වල ලින්ක් දමන්න,නැත්තං වීඩියෝ පින්තූර ආදිය එකතු කරන්න ..ඒ වගේ වෙලාවක කෙලින්ම බ්ලොග් එක ඇතුලෙම ලීවෙ නැති උනාම අපිට ලොකු කරදරයකට මුහුන දෙන්න වෙනව බ්ලොග් එක හසුරවාගැනීමෙදි...මෙන්න මේ වාගෙ වෙලාවට වැදගත් වෙනව අන්තර්ජාලය නොමැති අවස්ථාවෙදිත් වැඩකරන බ්ලොග් එඩිටින් ඇප්ලිකේෂන් එකක්..සිංහලෙන් කිව්වොත් ඕෆ්ලයින් බ්ලොග් එඩිටර එකක්...

විවිධ බ්ලොග් එඩිටර් වර්ග....
මීට වසර කිහිපයකට කලින් ඔන්ලයින් බ්ලොග් කරන්න අවැසි උන අන්තර්ජාල සහ වෙනත් යටිතල පහසුකම් ඒ තරම් දියුණු වෙලා තිබුනෙ නෑ..උදාහරනයකට ගත්තොත් ඒ දවස්වල බ්ලොග් ලියන අයට සමහර විට එච් ටී එම් එල් වගේ පරිඝනක භාෂාවක් දැන සිටීම වඩා ප්‍රයෝජනවත් උනා..නමුත් අද තියෙන සමාජ ජාල දියුණුවත් එක්කම බ්ලොග් කෙරුවාවත් ටිකක් අපේ ආච්චිටත් තේරෙන තරම් දියුණුවක් ලැබුවා..ඉතින් මේ හා සමාන්තරව අපේ සිංහල ටයිපින් සහ සිංහල එඩිට් කරීමේ පහසුව නම් දියුණු වෙලා නෑ...ඒ එක්කම අද හැමෝටම තියෙන මූලික ගැටලුවක් වෙන ඒකාකාර වේගයක අන්තර්ජාල සබඳතාවක් නැතිවීමත් බ්ලොග් ලිවීමේදි ගැටලු ඇතිකරනව..මට දැනුන තැනක් කිව්වොත් මම උබන්ටු සහ ඩේබියන් ලිනක්ස් මූලික වුන මෙහෙයුම් පද්ධති භාවිත කරන කෙනෙක්..ගූගල් ක්‍රෝම් කියන වෙබ් බ්‍රව්සරයෙ සිංහල නිවැරදිව පෙන්නුම් කරන්නෙ නැති ගැටලුව තියෙනව මම ක්රෝම් දාගත්ත දවසෙ ඉඳල මේ දක්වා..
ඉතින් ඉස්සර ඒ කිව්වෙ මීට වසරකට දෙකකට ඉහත බ්ලොග් එඩිටර් කියල මෘදුකාංග ජනප්‍රිය වෙලා තිබුන..එතැනදි බ්ලොග් එක අර වර්ඩ් හරි නැත්තම් පවර් පොයින්ට් හදනව වගේ ඒ මෘදුකාංගය ඇතුලෙ හදාන පස්සෙ කෙලින්ම අප්ලෝඩ් කරගන්න හැකියාව තිබුන..මේ වාගෙ ජනප්‍රිය උපාංගයක් තමයි වින්ඩෝස්ලයිව් ව්රයිටර් කියන්නෙ .තවත් ලිනක්ස් සඳහා බ්ලොගීලෝ කියල එකකුත් වින්ඩෝස් සඳහා වෙනත් ඇප්ලිකේෂන් සොට් වෙයාර් ගනනාවකුත් තිබුන.නමුත් වලාකුල් පරිගනක හෙවත් ක්ලවුඩ් කම්පියුටින් කියන දේ ජනප්‍රිය වීමත් එක්ක වෙබ් එඩිටින් සිස්ටම් ඔන්ලයින් ම කරන්න හැකියාව ලැබුන..ඒත් මේ වෙනකොට ලංකාවෙ අපි ඉන්නෙ 4 වෙනි පරම්පරාවෙ කියන දුරකථන ජාල එක්ක උනත් මීට අවුරුදු  2-3කට පෙර වෙනත් රටවල තුන්වෙනි පරම්පරාවෙ දුරකථන ජාලවලිනුත් මීට වඩා වේගයක් ලබාගන්න පුලුවන් උනා..ඒත් ඒ අතින් අපි තාම ඉන්නෙ ගොඩක් පිටිපස්සෙන්...අපි ඔන්ලයින් තියෙන ගූගල් ඩොක්ස් ගත්තත් ඒකෙ තියෙන ප්‍රසන්ටේෂන් සෑදිමෙ වගේ කටයුත්තකට අවැසි වේගය ලැබෙන්නෙ අපේ රටේ සීමිත පිරිසකට පමණයි...ඉතින් මේ පහසුකම් මත අපිට බ්ලොග් එකක් බොහොම යසට තනාගන්න පුලුවන් බ්ලොග් එඩිටින් මෘදුකාංග භාවිත කරල...

ස්ක්‍රිබ්ෆයර් වලින් වැඩ කරන හැටි....(How Work Through Scribfire)
ස්ක්‍රිබ්ෆයර් කියන මේ මෘදුකාංගය ඇත්තටම වර්ඩ් පවර්පොයින්ට් හදන සොට්වෙයාර වගේ මහ විසාල ගානක ධාරිතාවෙන් යුක්ත එකක් නම් නෙමේ..මේ මෘදුකාංගය තියෙන්නෙ ෆයර්ෆොක්ස්,ක්‍රෝම්,ඔපෙරා වාගෙ වෙබ් බ්‍රව්සර සමග එන අමතර එකතුකිරීමක් විදියට..ෆයර් ෆොක්ස් වලනම් ඇඩ් ඔන් එකක් විදියට තමා මේක එන්නෙ ක්‍රෝම වලත් ඒ විදියෙම අමතර එකතුකරගැන්මේ  සඳහා ඇති කුඩා කොටසක් තමයි මේ ස්ක්‍රිබ්ෆයර් කියන්නෙ....මේ කියන මෘදුකාංගය මේ වෙබ් අඩවියෙන් ගෙන පහසුවෙන් ම එකතුකරගන්න පුලුවනි..ඒ සඳහා මේ වෙබ් අඩවිය විවිධාකාරයෙන් මගපෙන්වී ම් කරල තියෙනව...ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය සඳහා එෆ්8 කියන බොත්තම එබූ විටත් ක්‍රෝමියම් සඳහාත් එවැනිම හොට් කී හරහාත් මේ ඇප්ලිකේෂන් එකත් එක්ක එකතුවෙන්න පුලුවනි..ක්‍රෝමියම් සඳහා ඇති මේ වැඩසටහන එක ටැබ් එකක් මත පමණක් ක්‍රියා කරන නිසා වෙනත් වැඩක නිරත වෙන ගමන්ම බ්ලොග් ලියන්නට එඩිට් කරන්නට මෙයින් අපිට හැකියාව පවතිනවා..වෙබ් අඩවියට ඇඩ් ඕන් නැත්නම් එකතුකිරීම් තියෙන තැනට ගිහින් මේ ඉංගිරිස් නමින් සෙවීමක් කලත් මේ සූටි මෘදුකාංග කෑල්ල පෙන්නුම් කරනව...හදිසියෙ අපිට වෙන වැඩක් යෙදුනොත් බ්ලොගින් මග දාල ඩොංගල් එක හරි සම්බන්ධිත වෙනත් කොටස ගලවලදාල ලැප් එක අරන් දුවන්න පුලුවන් මේ ඇඩ් ඔන් එක තියෙනවනම්..මොකද හැම දෙයක්ම පබ්ලිෂ් කරනකල් රැඳෙන්නෙ කොම්පීතරේ ඇතුලෙ නිසා...
මම කලින් වරුවක් හොයල මෘදුකාංගයක් එකතු කරගත්ත බ්ලොග් ලියන්න ඒත් ඒක අන්තර්ජාලයට නිවැරදිව කනෙක්ට් වෙන්නෙ නැති පස්නයක් ආව ඒ වෙනකොට මම ස්ක්‍රිබ්ෆයර් ගැන දැනහිටියත් මං හිතුවෙ නෑ මේ තරන් ලස්සන අතුරු මූනතක් ස්ක්‍රිබ්ෆයර් වල ඇති කියල....ඉතින් මට ගූගල් බස් එකේදිත් යාලුවෙක් කිව්ව ඕෆ්ලයින් බ්ලොග් එඩිට් කරන්න මේ ඇප්ලිකේෂන් එක වැදගත් කියල ..එතුමටත් ස්තූතිය් කියනව ආ...
මේ තියෙන්නේ මේ ඇඩ් ඔන් එක දාගත්තු ෆයර්ෆොක්ස් බ්‍රව්සරයක බ්ලොග් ලියන අවස්ථාවක ගත්ත ජායාරුපයක්....


Monday, September 19, 2011

අපිනම් වැරදිලාවත් වල් දේ නොබලමු...

පාට වෑන් එකක් එයි මා කොහිද කියා අසයි..දෙක තුනක් ඇන මා පොලිස් කූඩුවේ යයි..අපේ පරම්පරාවේ හැත්ත බුරුත්ත රොත්ත පිටින් මා බලන්ට එයි..ඇයි පුතේ අපේ මූනෙ දැලි ගෑවෙ..අපේ නැන්දා කෙනෙකු අසයි..ඇගේ මුනේ දැලි ගෑවෙන්න ඇගේ කුස්සියේ වලං හෝදන්ට මා ගියේ නැති බව කියන්ට කට නලියයි..ඒත් මුකුත් නොකියා සිටීටම මා අදිටන් කරගනී..සිංහල බ්ලොග් කියවනය..ලාංකීය ඇතුලු බ්ලොග් මිතුරන් සියල්ල මා බැලීමට කූඩුවට එයි..ඇයි මචං උඹ ලියන්න කලිං පොඩ්ඩක් ජේෂ්ඨයින්ගෙන් උපදෙස් ගත්තෙ නැත්තෙ එකෙක් අසයි..අනිකා උඹට යස වැඩේ කියමින් සිතන් සිතමින් මගේ කඳුලු පිසදාගැනීමට සර්වියට් එකක්වත් නැතැයි සිතමින්දෝ හොරකඳුලු පෙන්නමින් අඩයි...
අද උදෑසන බස්රියේ එනවිට කඳුකර ප්‍රදේශයේ පලාතක අසැබි දේ අඩංගු වීඩියෝ පට නවසිය ගණනක් සහ පරිඝනකයක් ඇතුලු යන්තර සූත්තර ගනනාවකින් යුතු කුනුහරුප බෙදාහරින මධ්‍යස්ථානයක් සොයාගෙන ඇතැයි කියන්නට විය..උදේ පටන් වෙලේ සිට පොඩි එකකුට තියා ආච්චි අම්මා කෙනෙකුට වත් ඇසිය නොහැකිතරම් දෙපිටකැපෙන වචන හුවමාරු කරගත් එෆ් එම් සුකිරි බටිල්ලන් දෙදෙනා මෙ
පුවතට මහත්සේ කලබල විය...

වැල යනු මොනවාද??
මනුස්ස සරීරය සංස්කෘතිය විසින් වස්තර හෙවත් ඇඳුම් විසින් වසා ඇත..කුඩා කල සිට වස්තර වලින් වසා ඇති නිසා කුඩා කල සිට විසාල වී මැරෙනකල්ම ඒ වසා ඇති විවිධ සරීරවල ඇත්තේ කිනම් ආකාරයේ දෙයැක්දැයි දැනගැනිමට මනුස්ස මනසට ඇත්තේ නොනිමි ආසාවකි..වසා ඇති ඒ උපාංග සහ ඒවා තවත් කෙනෙකු සමඟ බෙදාගන්නා ආකාරය ඉතාම රලු විදියට පෙන්වීමේ වල් සිත්තර කලාව කුනුහබ්බ වීඩියෝ හෝ වැල ලෙස හඳුන්වයි...අමරදේව මාස්ටර් විසින් ස්වර්ණමාලියේ ලෙස ස්වර්ණමාලිය නමැති දෙවඟන යොදාගෙන සින්දුවක් කියන විට ඒ ස්වර්ණමාලියම සංගීත සංදර්ශනවල බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරිය ලෙස වේගවත් තාලයකට පාද තබයි..පලමු ස්වර්ණමාලිය ශාස්ත්‍රිය වන අතර දෙවන ස්වර්ණමාලිය කුජීතය හැකිනම් ආන්ඩුවෙන් මැදිහත් වී හෝ එවැනි සංගීත නැති කල යුතුය..ඒ අපේ ශාස්ත්‍රිය ලොක්කන් ගේ වදන්ය..හිතමිතුරු සුලග ලග එන වැහි වලාකුලට වික්ටර් රත්නායක විසින් කියන විට චාමර මහරගමට වහින්න එපා යැයි අමුවෙන්ම කියයි..වික්ටර් විශිෂ්ඨය චාමර විශිෂ්ඨ නැත..ඒ අපේ සමාජය අයිති යැයි සිතා සිටින ප්‍රබුද්ධයින්ගේ කලාව පිළිබඳ දැක්මේ ගැඹුරයි..

වැල බැලීමේ ආනිසංස මොනවාද??
වැල හෙවත් වල් මාධ්‍ය නරඹන්නේ මෙන්න මේ පුද්ගලයෝය..මුන් සමාජය කනවාය කියා නිවැරදිවම පෙන්විය හැකි නරක දේ හෙවත් මේ වැල බලන නියම සමාජ ස්තරයක් දැකිය නොහැක...කුඩා නවය වසර සී පන්තියේ සිටින ලමයාගේ සිට විධායක ශ්‍රේණිවල සිට මිනිසුන් තුන් හාරසියයට අධිපති වරුන් වන පිරිසේ සිට ලෝකය පාලන කරන ඇත්තන් දක්වා බෝ පරාසයක් වැල වලට යොමු වී සිටිති..එහෙත් කිසිවෙක් කිසිවිට මා මේ නරක පුරුද්දට ආසය කියා කීමට කැමති නැත..සිගරට් බීම අරක්කු බීම වගේ කොමන් සෙන්ස් එකකින් එහාට ගිය දෙයක් මේ වැල බැලීම්වල පවතී..එනිසා කිසිවෙක් මූනුපොතේ ටුවිටරේ හො වෙනත් කිසිදු තැනක කමින් බොමින් නාමින් යැයි ස්ටේටස් අප්ඩේට් කරත් දැන් මං වැලක් බලමින් සිටිමි යයි ස්ටේටස් අප්ඩේට් කරගැන්මක් නැත..එහෙත් වෙනත් රටවෙල එසේ වනවා ඇත..ඉස්සර කාලයට වඩා දැන් දරුවෙක් වී මිනිහෙක් වන්නට තියෙන කාල පරතරය වෙනස්ය...එනම් යොවුන් විය නම් වූ ගන්ධබ්බ සීසන් එක දැන් එන්ට එන්ටම දික් වී තිබේ..කලකට පෙර සාමාන්‍ය පෙලින් පසු රැකියාවලට යොමු වුවත් දැන් ඉන්පසු අනිවාර්යෙන්ම අඩුතරේම උසස් පෙලවත් කරයුතුය මිනිසෙකු ලෙස රැකියාවක් කරගැනීමට...ඉදින් එවැනි පසුබිමක සිටින අයත් බොහෝ විට සමාජය විසින් තම පවුල විසින් සහ තමාගේම හැදියාව නැමැති සිල්වතාවිසින් ආරක්ෂා කරගෙන සිටිනු ලබන සීලය දිගු කලක් රැක ගැනීමට රුකුල් දෙන්නේ මේ කාම චිත්‍රපටිවෙයි..මනුශ්‍ය සරීරයක් තුල ඇති තවත් එක්තරා පද්ධතියක් වන ප්‍රජනක පද්ධතිය වුවද කාලයක් කිසිදු හැඟීමක් දැනීමක් රහිත මලකුනක් සේ ඇදගෙන යා නොහැක..විටින් විට හෝ ඒ ප්‍රජනක පද්ධත්යේ යම් යම් අවයව වලට යම් කිසි තෘප්ත ස්වභාවයක් පෙන්නුම් කල යුතුය...ඒ වැනි කාරණාවකට බාල මහලු තරුන බේදයකින් තොරව මේ අසැබි පට බොහෝ දෙනා භාවිතා කරති...ඇත්තෙන්ම මෙයින් සමාජය වැරදි දෙසට යනවාය නරක් වෙනවාය කියා කෙතෙක් කීවත්...මෙතැන සිදුව්න්නේ බොහෝවිට අමෙරිකාවේ සිටින නිලියක් සහ නලුවෙක් මතට තමා ආරූඩ වී වින්දනයක් ලබාගැන්මේ අහිංසක ප්‍රයෝගයකි..මෙතැන වින්දනය ලැබීම යනු ස්වයං වින්දනය නම් වූ භෞතික ක්‍රියාවලියම නොවේ..මනසින් පවා ලිංගික පීඩනය ඈත්කර ගැනීමට කාම පට ගෙනදෙන්නේ මහත් පිටුවහලකි..

අපේ අත්ත මුත්ත කාලෙවත් තිබුන කුනුහබ්බයැ මුන් මේ බලන්නෙ...??
ඉඳහිට ගෙදරක අසැබි පට බලා අසුවුන එකෙකු ගැන අපේ පැරණි උන්දැලෑ කියන්නේ ඒ කතාවය..එකල නුවර යුගේ එක ගෙදරට ගෑනියකු සහේට ගෙනා කල සියල්ලන්ම මේ අපේ අයියගේ ගෑනි නොවැ..සික් මේ අපේ මලයෙගෙ පවුල නොවැ කියමින් එකගේ කෑවේ අපේ මුත්න් නොවේද?/ඒ අපේ ඉතිහාස කතාවයි..එසේම එකල මැනවින් සංවිධිත විවාහ  ක්‍රම තිබී ඇත්තේ තැන් කීපයක පමණි..එකල ගමේ සහ පලාතේ ආරච්චි මුදියන්සේ සහ රජුන්හට නිල වශයෙන් සහ නිල නොවන වශයෙන් අන්තප්පුර තිබි ඇත..අද තිබෙන මේ ක්‍රමය කෙතෙක් හොඳදැයි කීම එකල ලීයු පොත් පත්,ආරාම,සහ වැව් පමණක් දකින ඒක පාක්ෂික ඉතිහාසකරුව්න්ට නම් මදිකමකි..එහෙත් එකල විසූ ගෑනු කෙනෙක් හෝ යම් කිසි දිනෙක එකලට යත හැකි කාල යන්තරයක් තැනුවොත් කෙතරම් සමාජය ලිංගික හැසිරීම් සාමාන්‍යකරනය කර තිබුනේදැයි බලාගත හැක..දැන් අපි මම වැනි බ්ලොග් ලියන්නන් සිය ජීවිතයේ ඇති අනුන්ගේ වැරදි කඳු ගනන් ලියා තමන් ගැන නොලියා සිටිනවා මෙන් එකල සිටි කැටපත් පවුරු ලියු අය..මහ පොත් ලියු අය..සෙල්ලි පි කෙටු අය ද සමාජයේ තිබූ විෂමාචාර ලිංගික ක්‍රියා ගැන නොලියා සිටින්නට ඇත..දැන් අවුරුදු දහසයේ සීමාවේ පවතින විවාහ වීමේ අවම වයස ඊට වඩා බො සෙයින් අඩු දොලහ දහතුන වයසට අඩු වී එකල තිබූ බව නවසිය විසි තිසිගනන් වල විසු අයෙගෙන් දැන ගත හැක...

ලංකාවේ ලිංගික ප්‍රකාශනයේ ඉතිහාසය..මෙය දැනට නොදැකපු ඉතිහාසයට අනුකූල කිරීමට අමාරුය..මන්ද කිසිත් නොමැති ගල්කනු අතර මේ වැනි ලිංගිකත්වය උලුප්පා ලන ප්‍රකාශන සෙවීම අමාරු හෙයිනි..දඹදෙනි යුගේ ජනප්‍රිය කෘතියක් වන ජාතක පොත තුල ඇති විවිධ කතා කියැවීමෙන් යම් යම් භාවිත සෘංගාරය යන බහුසෘත වචනයෙන් හඳුන්වන ලබන සෙක්ස් අඩංගු දෑ තිබේ..බාහ්‍ය ජාතකය නැමැති ජාතක කතාව මින්පෙර මා ලියූ පෝස්ට එකක ඇත..එය කැමති කෙනකුට බලා ගත හැක..එහි දැක්වෙන කතාව කිසිදු ලිංගිකත්ව පිළිබඳ වැරදි චිත්‍ර මවා නොපෙන්වන මුත් එවන් කතා ඇතිබව හෝ දැනගැනීම සමහර අයට වටී...සද්ධර්ම රත්නාවලියේ එක්තැනක ඒ කුඩා සාමනේර තැන ඒ ස්ත්‍රිය ගැන සිතමින් හස්තෝපක්‍රමාදි ක්‍රම භාවිතයෙන් රමනයේ යෙදී සන්තර්පනය වීම සිදුකරගත් බවැක් දැක්වෙයි...මෙයට අවුරුදු තිහ හතලිහකට එහා කල දැන් මෙන් පරිගණක රූප යන්තර ආදිය නොවීය..බයිසිකලයේ පිටුපස බැඳි පෙට්ටියක් බැඳගත් අයෙක් මසකට වරක් දෙවරක් ගම් තුලානේ සැරිසරයි..එහි දැන් ඇති දෙනෙතියෙ නොහොත් ටැලස්කෝප්පය මේන් ඇස් දෙක තිබාගැනීමට තැන් දෙකකි..මේ දෙකෙන් ගෑනු අය ඇස් තබන විට පේන්නේ ජෝජ් මහරජානන් ගේ රටේ විස්තර එක එක රජ ගොල්ලා ගැන පින්තූරුය..ආත්තලා මුත්තලා ඇස තිබූ විට පෙනෙන්නේ දඹදිව ඇති ගල් ගොඩවල් ශ්‍රි මහා බෝධි ආදී දේ ගැන ඇති පින්තූරුය..එහෙත් බවලත් උදවිය සහ තලත්තෑන් උන්දැලෑ නැති තැන්වල කොල්ල කුරුට්ටන්ට පෙනෙන්නේ අමු හෙලුවැල්ලෙන් සිට විවිධ ඉරියව් පෙන්නන ගෑනු පිරිම්න්ගේ පින්තූරුය...එකල සතයටත් අඩු මිලකට පෙන්වූ මේ රූ සරණිය විටෙක එක් එක් ඡායාරුප ලෙසත් ඉන්පසු අතින් කරකවන යන්තරයක් ලෙසත් දියුණු විය...ඒ අවස්ථාවයට අදාල රූප රාමු මේ පෙට්ටිය තුලට දැමීම ඒ බයිසිකල් කරුවාගේ වගකීමකි...මේ යන්ත්‍රයක් මා දැක තිබුනේ බොහෝ පසු කාලිනවයි..එවිට එහි තිබුනේ අපේ ඩයනා සහ චාල්ස් කුමරුගේ විවාහ උත්සවයේ රූපරාමුය..
එයිට අමතරව අපේ යාග හෝම පැවැත්වීමේ දී ලිංගිකත්වය පෙන්වන උලුප්පන වැඩසටහන් රඟදක්වනු ලැබීය..බොහෝවිට දෙපිට කැපෙන වචනයෙන් සහ අසාමාන්‍ය රංගනයෙන් ඔපවත් වුන බොහෝ යාග හෝම එකල බො හෝ ජනප්‍රිය දෙයක් විය..
මෑත වසර දෙදාස් ගනන්වල පවා රූප යන්තර නොයන ඈත සිටින හමුදා කොලුවන් සහ ඈත ගන්තුලාන වල මිනිසුන් සඳහා වල් පත්තර හෙවත් අසබි ප්‍රකාශන නිකුත් වීම සිදුවෙයි..
හම්මේ කම්මැලියි මේ ඇති ඉතිරි ටික පස්සෙ ලියනව...







Tuesday, September 13, 2011

ඉගෙනගන්න රට කෙලවීම..(ඉස්ටඩි අබ්‍රෝඩ්)



ඇයි රට යන්නෙ...
මෙහෙ වගේ නෙමෙ එහෙ ඉගෙනගත්තම පිලිගන්නව..අනික එහෙ ඉගෙනගෙන ආවම ලෝකෙම පිලිගන්නවත් එක්ක..මෙහෙදි ජොබ් එකක් කරනගමන් ඉගෙනගන්න අමාරුයිනේ අනේ..එහෙ එහෙම නෑ මෙහෙට එනකොට ගානකුත් තලාගෙන එත හැකි..තව ඉතින් යූකේ ඔසී කියන්ෙන මේ ලබුගෙඩි රට වගේද ඇයි ක්ලයිමේට් එක...මෙහෙ එඩියුකේෂන් බැක්ග්‍රවුන්ඩ් එකකුත් නෑනෙ..උදේට බස්වල යනකොට අන්දෝ සන්සාරෙත් එක්ක එපාවෙනව කොහෙද මෙයා කාර් එක තිබුනත් යන්න පුලුවන්ද ට්‍රැෆික් නේ..එහෙ එහෙම නෑලු..යන්න ඕනි නිම් හැමවෙලේම වාහන..අර ලන්ඩන් වල එක ටිකට් එකක් ගත්තම මුලු නගරෙම කරග් ගහන්න පුලුවන්ලු නේ..මොන දේ උනත් ඉංගිරිස්සියෙන් ඒ රටේදිම ඉගෙන ගත්තොත් අඩුගානෙ මෙහෙදි ඉංගිරිස්සි ටික හරි හදාගන්න පුලුවන්නෙ..ඔය හේතු ටික හෝ වෙන හේතු රට යෑමට අපේ අයට ඇත....

අපිට ආදරේ ඇයි මේ තරම් ..
අපි ඩිංගිත්තක් නිකමට විනෝදයට වගේ ඔය රටයන ඒජන්සියකට ගියොත් ඒජන්සි කරුවා අපිට සල්ලි නැතිනම් ඉඩම උගස්කර ණය ලබාදී අපට ඉගැන්වීමට තරම් කාරුණිකය..එතරම් කාරුණික රටට හිතැති පිරිසකි පිටරට ඉගනීමට ලංකාවෙන් බඩු සප්ලයි කරන පොරවල්...ලංකාවෙන් යන සිසුන් ඒ අදාල විශ්ව විද්‍යාල සඳහා මූලික ගාස්තු ගෙවන විටම අදාල ඒජන්සි කරුට සිය ගතමන්ට් එක ලැබී හමාරය..ඉන්සුවරන්ස් එකකදී අපිව කරුණාවෙන් ඉන්සුවරන්ස් එකට දක්කාගෙන යෑම වෙනුවෙන් අපේ ඉන්ස්ටෝල්මන්ට් එකෙන් සියයට 20 ත් 45ත් අතර ප්‍රතිශතයක් රක්ෂණ නියෝජිතයා නොහොත් ඉන්සුවරන්ස් කාක්කා ලබාගන්නේ යම්සේද එසේම ප්‍රතිශත ගණනක් මෙ ස්ටඩි අබෝඩ් ඒජන්සි කරුවන්ට ලැබේ...කිසිදු මුදලක් අය නොකර ඔබට හොර සහතික මුද්‍රණය කිරීම් පවා නොමිලේ කරදෙන්නේ මේ ලැබෙන ඩොලර් තීරුව සඳහා බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු..හැර ගිය අය ගෙන්වන්නට ඔබ කැමති අය හරවන්නට යන වශී දැන්වීම්වලටත් වඩා දැන් දැන් පුවත්පත්වල මේ පිටරට අධ්‍යාපන කඩ වැහි වහින්නේ  වශී වලටත් වඩා පිටරටට කස්ටිය එලවීම වාසිදායී ජොබ් එකක් වන බැවිනි...

සමහරුන්ට වීසා නොලැබෙන්නේ ඇයි..  .
මීට අවුරුදු කීපයකට කලින්ට වඩා දැන් බොහෝ රටවල ආගමන විගමන නීති අපේ රටට තරමක් දැඩි ය...මන්ද ඒ රටවල ට ගොස් ඉගෙනගන්න යන සමහරු සොරකම් කිරීම වංචා කිරීම ආදී ජාතික අනන්‍යතාවයක් සහිත දේ එහිදීද කිරීමට ගොස් අපේ කාඩ් එක ලස්සනට තබා ඇති සෙයිනි..මීට කලකට පෙර ඔස්ටේලියාවට ගිය තරම් ලේසියෙන් දැන් නෑ කෙනෙකු බැලීමට වත් ඔසී යෑමට නොලැබී ඇත්තේ අපේ නියෝජනය ඒ රටවලට මීට කලින් ගිය අයවලුන් විසින් තබා ඇති බැවිනි..ශිෂ්‍ය වීසා ගැනීමේදි
*ඔවුන්ගේ භාෂාව හැසිරවීම හා එහි නිපුනතාව
*අපිට ඇති අධ්‍යාපනික පසුබිම...
*ඇති වෘත්තීය සුදුසුකම්...
*අප සතුව ඇති ආර්ථික පසුබිම... ආදි බොහෝ දේ සලකා බලනු ලබයි..අධ්‍යාපන සහතික නැතිනම් ඒවා අච්චු ගැසීමටත් ඉංගිරිසි නැත්න්ම ඉංගිරිසියෙන් යමක් හැදැරුවායැයි සහතික ඉදිරිපත් කිරීමටත්,,වෘත්තිය සුදුසුකම් ආදිය නැත්නම් ආයතන වල ලෙටර් හෙඩ්ස් පවා දමමින් එක්ස්පීරියන්ස් ලෙටර් සෑදිමටත් ස්ථාන ලංකාවේ ඇත...සල්ලි පෙන්නීමට අවැසි නම් ලක්ෂයක් ඇති අයෙක්ට ලක්ෂ 15ක් බැංකු ගිණුමක පෙන්නීමේ හැකි යාවද අපිට ඇත...එහෙත් අප කරන කපටිකම් බොහාමයක් දැන් ඒ රටවල ඉන්නා සුද්දන්ට මීටර් වී ඇති බැවින් අපි ලක්ෂ ගානක් වියදම් කර හොර පාර සොයන්නට තැනුවත් වීසා නොලෑබී යෑමට හැකි බව සතුටින් මතක් කර සිටිමු..එහෙත් පිටු පිරෙන්න ඇඩ් දෙන එම ආයතන වලට විරුද්ධව අකුරු දෙකක් වත් පත්තරේ පල කර ගැනීමට මේ සිරි ලංකා ද්වීපයේ නොහැකි බවද ගරු කටයුතු ලෙසම කියමු..අපෙ ගොස් ලක් ෂ දෙක තුන වියදම් කර සියලු ලේඛන සත්‍ය වුවත් වීසා නොලැබෙන්නේ නම් එයට අප රටේ උසාවි පොලිසි වලින් යමක් කල නොහැකි බව මගේ කුඩා ලීගල් මොල කෑල්ලට සිතේ..එවැන්නක් ඇතත් එයට වියදම් වූ ලක්ෂ දෙක තුනටත් වඩා ගානක් යා හැකි බව මට සිතේ...

අපි යන්නේ පට්ටම යුනි එකකට ඕයි....
කියා යන බොහෝ දෙනා එහි ගොස් සමහර විට මාස කීපයක් යනතුරුත් තමන් පැමීණ ඇත්තේ එම රටේ කොලීජියකට හෙවත් උසස් පාසැලකට බව නොදන්නා අවස්ථා තිබේ..කොලීජියකින් ගන්නා ප්‍රථම උපාධියත් විශ්ව විද්‍යාලයකින් ගන්නා ප්‍රථම උපාධියත් අතර වෙනසක් ඇත...එසේම සමහර කොලීජිවලට යොමු වී විශ්ව විද්‍යාල වල පලමු වසර දෙක උගෙත හැකි මුත් තෙවැනි සිව් වැනි වසර සඳහා වෙනත් යුනියක් සඳහා රෙජිස්ටර විය යුතු වෙයි..

සහ් එහෙන් දෙන ඩිගිරි තමයි ඩිග්රි...
බොහෝ දෙනා සිතා සිටින්නේ මේ අපි ලංකාවෙන් රෙජිස්ටර වී යන යූකේ සහ ඔසී යුනිවර්සිටි වල එංගලන්ත බබාලාද ඉගෙනගන්නවාය කියලාය...එහෙත් ඒ ඇත්ත විය හැකි මුත් ඒ එන්ගලන්තයේ 3 වෙනි පන්තියේ දුප්පත් මිනිසුන් සහ අපි වැනිම ආසියානු අප්‍රිකානු රටවල බහුතර මුහුනු ඒ කැම්පස් වල අප සමග සෙට් වීම දෛවෝපගත සිද්ධියකි...මේ බොහෝ ලංකාවේ පත්තර සහ මීඩියා වල පාරම් බාන යුනිවර්සිටි වල විශේසම අවධානය ඇත්තේ අපවැනි ආසියාතික සහ අප්‍රිකානු රටවල ඇති හැකි මිනිසුන්ගේ මුදල් වලටය...ඒවායේ ඉගෙනගන්නා බොහෝ සිසුන්ද ඒ වැනි රටවලින්ම ආ අය බව ඔබේ විදේශගත මිතුරන්ගේ සමූහ ඡායාරූප අධ්‍යයයනය කිරීමෙන් දත හැක...කැම්පස් කීවාට හැම එකම හැම තැනම පිලිගන්නේද නැත..බොහෝ යූ කේ යුනිවර්සිටි වල උපාදි ලංකාවේ රාජයේ ආයතන වලට ඇතුලත් වීමට වලංගු නැත...සමහර අංශ වලට ලංකාවේදි විශේෂ කඩඉම් විභාග වලට මුහුන දීමට සිදුවෙයි..උදාහරණ ලෙස වෙනත් කුමන රටක කුමන ආකාරයේ වෛද්‍ය උපාධියක් රැගෙන ආවත් ලංකාවේදි ලියාපදිංචි වෛද්‍ය වරයෙකු වීමට නම් ලංකාවේ පැවැත්වෙන ඉතා අපහසු විභාගයකට මුහුන දිය යුතුය...ඉංජිනේරු අංශය ගත්හොත් ලංකාවේ ඉංජිනේරු ආයතනය අනුමත විශ්ව විද්‍යාලයයක් නොවුනහොත් ලංකවේ වරලත් ඉංජිනේරුවකු වීමට කොතරම් ගරු උපාධි රැගෙන ආවත් බැරිය..එසේම රට රටවල උපාධි දෙන විදිද වෙනස්ය...උදාහරණී ලෙස යූ කේ හෙවත් එක්සත් රාජධානිය නිකුත් කරනු ලබන වසර තුනේ උපාධිය නියම උපාධියක් ලෙස කැනඩාව ඔස්ට්‍රෙලියාව,ලංකාව ,ඉංදියාව ආදි රටවල බොහෝ වෘත්තීය ආයතන පිලිගැන්මට මැලිකමක් දක්වයි..යමෙක් වසර තුනේ උපාධිය රැගෙන ලංකාවට පැමීන ලංකාවේදි එම් එස් සී එකකට යන්නේ නම් එම වසර තුනේ උපාධීය මෙහිදී පිලිගනීද යන්න විවීධ ක්ෂේත්‍ර අනුව තවමත් ගැටලු පවතින අංශයකි..

මොනව නැතත් බන් කාල ඇඳල ඉන්න පුලුවන් වෙයි නේ...
ලංකාව හරි සූටි රටකි...ඉතින් කහටගස්දිගිලියේ රැකියා නැත්නම් සියඹලාන්ඩුවට ගොස් රැකියා සොයාගැන්ම මෙහේ එතරම් දෙයක් නොවේ..එහෙත් විදේශයන්හ ිඑසේ නොවේ..සමහර පැතිවල රැකියාවක් සොයා ගැන්ම ඒ රටේ අයට පවා දුස්කර දෙයකි..දැන් දැන් ලංඩන් නුවර කෑමට වැඩ කිරීමට කැමති ලාංකීය සිසුන්ද ඇති වී ඇති බව සමහර පැති වල ඉන්නා ලාංකිකයින්ම සඳහන් කරයි..එසේම සෘතු බේදය නිසා සමහර කාලවල වෙනත් රැකියා සොයාගැන්ම ගැටලුවක් ව පවතී..ස්ටුඩන්ට් වීසා පතට ගතහැකි රැකියා සහ රැකියා කලහැකි පැය ගනන සමහර රටවල් විසින් දැඩි ලෙස සලකනු ලැබේ බොහෝ විට සතියකට පැය විස්සකට තිහකට වඩා වැඩ කල නොහැකි අවස්ථා එයි..ඒ ඒ රටේ නීතිය ප්‍රකාරවම ඇති ආකාරයයි...ඉතින් සමහරක් අවස්ථාවල ඉංජිනේරු පරිගණක,,වෛද්‍ය ආදි මිල අධික පාඨමාලා ගාස්තු සහිත විෂය ක්ශේත්‍රවල පාඨමාලා ගාස්තු ගෙවීමට මේ මුදලින් නොහැකි වීමට දඇති සම්භාවිතාවය වැඩිය..
අනේක් කරුණ නම් ඇති ජීවන වියදමයි..නැවතීමට කන්නට බොන්නට ඉන්නට ඇවැසි මුදල් සහ ඉගෙනගන් නා මුදල් යන සියලුම දේ සොයන්නට ගියොත් ඇත්තමට ප්‍රශ්ණයක් ඇතිවෙයි..ඒ ආපු කාරණය වන ඉගෙනගැන්ම මගහැරී යැමයි...සමහර ආහාර ද්‍රව්‍ය ලංකාවේ මිලට වඩා අඩු වුවත් සැම දෙයක්ම ඒ රටවල ලංකාවේ මෙන් සේල් නැත..උදාහරණ ලංකාවේ තරම් අඩුවට වටිනා රෙදිපිලි බොහොමයක් රටවල නැත..

අපි යන්නෙ පනින්න ඔය හුටාර් අපිට ඕනි නෑ...
දැන් ඒ සෙල්ලම් බොහොමයක් වාර ගනනක් සිදු වී හමාර වී ඇති බැවින් රට ගොස් පනින අයට කිසිම තඹ දොයිතුවක්වත් නැතුව තිබෙන සියලු දේ හැර දා ලංකාවට ඒමට සිදුවෙන අවස්ථා වැඩිය..මෙහේදි අහුවුනොත් බේරන්නට මොකෙක් හෝ සිටියත් එවන් නන්නාදුනන සමහර රටවල කහපැහැති සම ඇති අයට සලකන ආකාරය අපිසිතන තරම්ම සුන්දර නොවේ...

දැන් තෝ කියන්නෙ අපිට ඉගෙනගන්න රට යන්න බෑ කියලද??
ඕනෑම දෙයක් කචල් අඩුවෙන් කරගැන්මට විදි සහ ක්‍රම තිබේ...
ඉගෙනගන්නම රට යන්න නම් ක්‍රමයක් තිබේ...
ලංකාවේදි කොටසක් සම්පූර්න කොට අවසන් වසරට යෑම..මෙහිදී දැනට ජනප්‍රිය ලංකාවේ බොහෝ විෂයන් සඳහා වන පිලිගත් පාඨමාලා වලට විදෙස් උපාධි සඳහා සහන ලැබේ..ඒ අනුව ඉංජිනේරු නම් සිටි ඇන්ඩි ගිල්ඩ්ස්,එච් එන් ඩී...ආදියත්...එකවුන්ට් නම් සිමා,සී එම් ඒ..ඩබල් ඒ ටී..චාටර්ඩ් ආදියත් සහ ලංකාවේදිම පවත්වන සමහර උසස් ඩිප්ලෝමා ආදිය සඳහා ඒ රටේ උපාධි වලට  සහන කාල ලැබේ..ඒ සහන කාල වලදීත් අපි එන්ගලන්තයේ ඔස් ටේලියාවේ ම ඉගෙන ගත්තොත් අපිට තුන් හතර ගුනයක් වැඩි මුදලක් ඒ රටවලට ගෙවිය යුතු වෙයි.
අපයන විශ්ව විද්‍යාලයේ තත්වය බැලීම..යුනිවර් සිටි රෑන්කින් ස් හෙවත් යුනිවර්සිටි වර්ගීකරණ ලැයිස්තු අනුව අපිට අපි යන යුනිය කොයිවගේ එකක්දැයි බැලිය හැක..
ලංකාවේ ජොබ් තත්වය..ඉංජිනේරු නම් අයි ඊ ඇස් එල් සහ එකවුනට් පැත්තනම් ඒ ආයතන කොතෙක් මේ උපාධි සලකන්නේ ද යන්න ඒ ආයතන හරහාම දැන ගත හැකි නම් අගනේය..දැනට බොහෝ වෘත්තිකයින්ගේ ඉහල පුටු සිටින්නේ ඒ ආයතන සමඟ බැවින් ඒ ආයතන විසින් පිලිගතහොත් ජොබක් ගැනීම අවුලක් වෙන එකක් නැත..
මෙහිදී මෙන් අම්මා ලඟට තේ වතුර ගෙනත් දී කූද්දන්නට කෙනෙක් නොමැති රටක මෙහිදීට වඩා දැඩි කැමවීමක් අවැසි වෙයි...එවැනි තත්වයක් නැතිව එහි යෑම අපරාදෙ සල්ලි විය හැකි බැවින් තමා මෙරටදී දිගින් දිගටම දැඩි සේ අසාර්ථක අධ්‍යාපන මට්ටමක් හිමි අයෙක් නම් ක්සේත්‍රය වෙනස් කිරීම හෝ වෙනත් දෙයකට යොමුවීම හැර විදේශගත වී අධ්‍යාපනය ට යොමුවීම මුදල් අපතේ යැවීමකි..
මේ සියලු විස්තර හොඳ උවත් තමුන් අඩුතරමේ ඒ විදුහලේ ඉන්නා ලාංකික හෝ වෙනත් සිසුන් අමතා සහ තවත් ගිය කෙනෙක් සිටි නම්  විස්තර සොයා බලා යෑමම වටී..අප කරන්නේ අපේ සෙල්ලමක් නොව බොහෝ විට අසරණ දෙමාපියන් අවුරුදු ගනන් සටන් කොට උපයාගත් දාඩිය සල්ලි සමඟ වන සෙල්ලමක් වන බැවිනි...

Monday, September 12, 2011

ප්‍රබාකරන් දැන් හිටියනම්..

ප්‍රබාකරන් දිනුවානම්.....
ප්‍රබාකරන් දිනීම යනු බේරේ වැව මෙපිට යුධ මුක්ත කලාපයේ සිට සිවිල් වැසියන් මහින්ද රාජ රාෂ්ඨ පාලනයෙන් මුදවාගෙන බේරාගෙන කඳවුරු ගත කොට තබාගැනීමද??නැතිනම් ඊලාම් රටක් තැනීමට අවැසි පසුබිම දීමද??
යුද්දෙ නැති නිසා ලැබුනු දේ...
හමුදාවට වැඩ නැතිවිය..බෝම් බ බිය නැතිවිය..මරණ බිය අඩුවිය..රටට තිබු විසල් ප්‍රශ්ණ අඩුවිය..සති අන්ත පුවත්පත්වල ජනවාර්ගික ගැටලුව අන්තර්දාන විය..යුද පුවත් තීරු සියලුම ප්‍රවෘත්ති නාලිකා වලින් ඈතට විය...යාපනේ යෑම තවත් ටිප් එකක් විය...යුද්ධය නැති කිරීම ලෙස තවත් ඇඩ්වටයිසින් කලාවක් ඇතිවිය.

අපි යටත් උනානම්...
වසර දෙදහස් ගණනක් තිස්සේ රැකගෙන ආ සිංහල බොදු සංස්කෘතිය පර දෙමලාට පාවා දීමක් සිදුවෙයි..එය ඉන්දියාවට..චීනයට..අමෙරිකාවට සෙමෙන් ඇඟට නොදැනෙන ලෙස දුන්නාට කමක් නැත එහෙත් දෙමල ප්‍රබාකරන් ට රටෙන් කොටසක් යෑම නම් බහුතරය නොදිරවන කරුණකි..අපි යටත් වීම යනු මේ සියලු දකුණු ප්‍රදේශ එල් ටී ටීයට දීම නොවේ ඔවුන් ඉල්ලු ටිකක් දීමය...ආර් අනිල් මහතා විසින් තොප්පිගල යනු නිකම් ගල් පරුවතයක් පමණකැයි කි විට අපේ උන් ඒ තුල තිබූ උපහාසය නොදැක ආර් අනිල් නිකම් දේශද්‍රෝහියෙකු බවට පත්කලේය..ආර් අනිල් එසේ කීවේ යුධමය අතින් තොප්පිගල වැදගත් වුවත් ආර්ථික අතින් තොප්පිගලින් ලබාගත හැකි කෙංගෙඩියක් නොමැති වු නිසාය..

අපේ අය අපිට ආදරේද??

මනුස්ස පජාව සාමාන්‍යායෙන් බයස් වීමට කැමතිය..මහින්ද රාජට කස්ටියක් බයස් වන අතර තවත් අය ආර් අනිල්ට බයස්ය...දෙමල අය පෙබාට බයස් වූ අතර කොයි තරන් හොඳ උවත් සිංහල දෙවියන්ට වඩා දෙමල යකුන් දෙමල අයට හොඳය...
මිනිසුන් ඇන්දීමේ කලාව හොඳින් ප්‍රගුණ නොකල කෙනෙකුට දේශපාලනය හරියට කල නොහැක..කුමන රටක කුමන තත්වය යටදී උවත් ජාතිවාදය හෝ වෙනත් ගෝත්‍රවාදයක් අවුලුවා ලිය හැකිනම් ඔහු එම පද්ධතියේ වඩාත්ම ආකර්ෂණිය චරිතය වෙයි..ඉරාකය ලේවිලක් කල බුෂ්,,ඉතිහාසයෙන් යුදෙව්වන් අතු ගෑ හිට්ලර් එම සමාජය තුල ජනප්‍රියම පුද්ගලයින් විය...මන්ද ජාතිය ආගම සහ වෙනත් රේඛා තුල මිනිසුන් හසුරුවා ලීමට ඔවුන් සමත් වීමය.කෙතරම් කලිසන් ඇඳ වාහන වල ගියත් තාමත් නැට්ට හැලී වසර දස දහස් ගණණකට වඩා වැඩි නොවන මානවයන්ට බොහෝ කලක් වනයේ සිටියදී පැලපදියම් වූ ගෝත්‍රවාදය හැර යෑමට නොහැකි වු බැවිනි...පබාකරන් වත් අපේ එවුන්වත් අපිට ආදරේ නැත..උන් උන්ගේ ගෝත්‍රයට ආදරේය අපි උන්ගේ ගෝත්‍රයේ උනොත් අපිට ටිකක් වාසිය නැත්තම් කපෝතිය..

ප්‍රබාකරන් දින්න නම් තාමත් බෝම්බ තමයි....
මේ කතාව නම් ටිකක් පේන විදියට ඇත්ත වගේය..එහෙත් දිනපු ප්‍රබාකරන් යනු තවදුරටත් ගරිල්ලා නායකයෙකු නොවේ..එවිට දිනූ පාර්ශවය වන දෙමල ජනයාගේ කොටස විශාල ලෙස සමාජය තුල පැතිර යන නිසාත් සිංහල යාට බහුතරය හිමි වන නිසාත් තවදුරත් මර්ධනය ප්‍රායෝගිකෙ නොවනු ඇත...ඉඳහිට මාධ්‍ය වේදින් සහ බක පන්ඩිතයින ් මේ රට හිටියා ඇතැයි සිතා එලොවට හෝ වෙනත් රටකට සංක්‍රමණය විය හැක...එහෙත් යුද්ධය දිනු ප්‍රබාකරන් කැලේ සැගවී සිටි කොටි නායකයා තරම්ම සැඩ පරුෂ විය නොහැකි බව සාමාන්‍ය සියලු හොඳ පැත්තට හැරුනු පිදෙක් කැස්ත්‍රෝ සිට බංගලාදේශයේ ප්‍රචන්ඩා..අයි ආර් ඒ ආදී සංවිදාන ලොක්කන්  හැදැරීමෙන් පෙනී යයි...

දැං ඇති වගේ තෙල් උනත් සුවල්පයක් දාල ගොඩක් අතගාන තරමට තමයි සනීප.....

Saturday, September 10, 2011

උත්සාහවන්තයා..

සිටු කුමාරියේ ටුවින්,.ඔබට සීතල අගුනයි ටුවින්...වේල් පටින් මිදුන දාක වැහිපිනි අපලයි ටුයින් ටුයින් ටුයින්....මේ එන්නේ ඩෝප් කාරයෙකි..
ඇවිත් පොදු වැසිකිලිය අසල නවතී...සරස් ගා වැසිකිලිය ඇතුලට යෑමට තැනුවත් වැසිකිලි අයකැමි දෙමල මිනිහා එයට ඉඩ නොදිනි..මහත්තය කලින් සල්ලි දෙන්න..දැන් දවස් දෙක තුනක්ම මහත්තය සල්ලි නොදී යන්න හැදුවෙ ...අද නම් ඒව වානා...සල්ලි කලින් වැඩේ පස්සෙ...
දෙමල මිනිහාගෙන් ඩෝප් කරුට ගැලවිල්ලක් නොවෙන බවක් දැනුනි....
රාත්‍රී බස් රියක් එනතෙක් කොළඹ සිට පැමිණ බැස සිටි මඟීන්ට වේදිකා නාට්ටියක් මෙන් විය එම දසුන..වැසිකිලි අයකැමිගෙත් ඩෝප්කාරයාගේත් කතාවේ කිසිදු අඩු නාදයක් නොවීය..දෙදෙනාම වීදි නාට්ටියක මෙන් මහ හයියෙන් කෑ ගසා ගනිති..මොකද්ද මාතියා කලිසමටත් ලැජ්ජයි නේ..රුපියල් දායක් නැත්තං නෑ කියන්න..හැමදාම මාරු නෑ පස්සෙ බලමු කියල යනව..ඒ මදිවට කට ගොන්නක් බීගෙන කෙලින් ඉන්නත් බෑ...
ඩෝප්කාරයා අත් දිග කමිසයකින් සහ මදක් වැහැරුන අවුරුදු 60ක පමණ වයසක් පෙන්වන මනුෂ්‍යයෙකි...වෙන බලන්ට හෝ කරන්ට යමක් නොවූයෙන් මාද එම දසුන දෙස බලා සිටියෙමි මුල සිටම..
ඩෝප් කාරයා පැමිණියේ වීල් එකෙකිනි..වෙරි මට මොන වෙරිද ෂහ් මට තාම කෙලින් ඉන්න පුලුවං ඔව් ඔව් ඕව්...කිසී අවුලක් නෑ...කියමින් කවරෙකු විසින් හෝ මේ බස් නැවතුමට ඩෝප් කාරයා ගෙනැවිත් ඇරලුවේය...ආ වෙලාවේ අවුලක් නැතුව සිටියත් ස්වලුප වේලාවක් ගිය පසු සෙමෙන් ඉනෙන්,  අඩකටත් වඩා හිස්වුන අරක්කු බෝතලයක් පැන්නේය..මල්ලට අතදමා යමක් ගෙන හපයි..මට පෙනුනේ ඒ ක්‍රීම් ක්‍රැකර් වගේය..ඉන්පසු සෙමෙන් වටපිට බලා බෑගය කටේ දමාගනී..දුර සිට බලන්නෙකුට මොහු බෑගයේ ඇති යමක් සොයනවා සේ පෙනේ..නමුත් ඔහු කරන්නේ ඉනතුල වූ බෝතලය බෑගයට ගෙනගොස් බෑගය කටතුලට දමාගෙන සීරුවෙන් බෝතලය හිස්කර ගැන්මකි...

බෝතලය හිස් වන්ට වන්ට පොරගේ සෛය්‍යාව වෙනස් වන්නට විය...වරෙක සකල සතම බොදු බැතියෙන් ඉඳහිට කරන මහ සද්දෙන් කෙල ගැසීමක් සමඟ මොහිදීන් බෙග් එයි..පද තුන හතරක් අදිමින් වේදිකා ගත කරන බෙග් උඩම කපුගේ පනී..තව ජෝති මිල්ටන්ද ඩෝප් ඩී ජේ එකේ විය...වෙනදා මෙතැන පොලිස් කරුවන් දෙදෙනෙකු සිටියත් අද දින ඔවුන් දෙදෙනා පෙනෙන්නට නැත..බාගෙදා ඔවුන් ද බාර් එකක විය හැක...

“යකෝ සරීරෙන් දාන මුත්තර ඩිංගටත් මුං දහයක් ගන්නව නොදකින් පෙරේතය..” දැං උඹ කියන විදියට සල්ලි නැත්තං මුත්තර බරක් හැදෙන්න බෑ...දහයක් නැති එකෙක්ට මුත්තර බරක් හැදුනොත් දහය නැති නිසා මුත්තර දාන්න බෑ..
ඒ වෙරිකරුය...මහත්තය පව් නොදී ඈතට වෙන්න තව අනික් අයට වත් යන්න දීල...
යනව තමයි බොල තොගෙ ලැට් එකේ මකබෑවෙන්න ආවෙ නෑ මං...කියා වෙරිකරු ඈතට ගියේය...
යලි ස්වලුප වේලාවකි්න් ආවත් ඔහුට යන්නට බැරි විය...ඒ පරුෂ වචනයෙන් සංග්‍රහ ලැබූ වැසිකිලි අයකැමි තෙමේ මඳක් කිපී සිටිනිසාය...හරි මාත්තය දැන් අපිනේ දාය ගන්නෙ මහත්තය නිකම් තියෙන තැනකටම යන්න...
ඉන්පසු වෙරිකරු මඳක් ඈතට ගියේය..ඔන්න බලපන් තොට දහයක් වටින මගේ චූ පාරට මොකද්ද වෙන්නෙ කියල ..කියා මොරදුන් වෙරිකරු සැනින් සිපර් එක ගලවා වැසිකිලිය දෙසට හැරී මහ පාර මැද මුත්තරා කරන්ට සැරසුනේ බස් හෝල්ට් එකේ සිටි සියලු ගැහුනුන්ගේ සහ ලැජ්ජා සහිත පිරිමින්්ගේ මුහුනු අනෙක් පස හරවමිනි..එහෙත් බස් හෝල්ට් එකේ සිටි පොඩි එකෙක් මව විසින් කඳ කොටස් අනික් පස හරවා තැබුවත් ඔලුව යොමාගෙන සිනමා පටයක් මෙන් මෙය නරඹමින් සිටී...
ඔහොම හිටපන් වල් පරය....කියමින් වෙනදා මෙතැන සිටින කාකි කුට්ටන් දෙක දඩස් ගා සීණ් එකට පැන්නේය...දඩාස් ගා කනේ පාරකින් සංග්‍රහ ලැබූ වෙරිකරු කලිසම අල්ලාගෙනම බිම ඇදගෙන වැටුනේ ට්‍රෝයි ෆිල්ම් එකේ කඩුපාර කාගෙන ඇදවැටී මැරෙන කුමාරයා පරිද්දෙනි..
කවුදෝ කෙනෙක් ඉදිරිපත් විය..හරි හරි දැන් ...මෙයා මම දන්න කෙනෙක් මං ගෙදෙට්ට ගිහිං දාන්නම්..කියා ඉදිරිපත් විය..
ඉන්පසු වීල් එකක් ගේන්නට අවැසි විය..මෙතෙක් වේලා වීරසේකර කෙනෙකු මෙන් ලෝකෙටම ඇහෙන්ට කෑ ගසමින් සිටි වෙරිකරු ඇදවැටුන ආකාරය ගැන මටද ඇත්තම කනගාටුවක් පහල විය...මා අත්පුඩියක් ගසා වීල් එකකට කතා කරගෙන එතැනට ගියේ..මේ මනුෂ්‍යයා සාමාන්‍යයෙන් පාරේ නිදන කෙනෙක් නොවන්නට ඇති බවට තිබූ විශ්වාසය නිසාය..
උඹල දැන් ගැහුව නේ කටු කන බල්ලො...දීපන් මට යන්න ඕකොන්ගෙ හකු තැලෙන්න දෙකක් ගහල එන්න..ඒ වෙරිකරුය..ඒ ඉදිරිපත් වූ පුද්ගලයාත් මමත් ඔහු ඔසවා ත්‍රි රෝද රියට නැංවූයෙමි..ඉන්පසු වෙලාවට ඉදිරිපත් වූ පුද්ගලයා මේ මිනිසාගේ නිවෙස දන්නා කෙනෙකි..මමද ගොස් වැඩි ඈතක නොවූ රුපියල් සීයක ත්‍රිවිල් දුරක පිහිටි ඔහුගේ නිවෙසට ඇරලවා පැමිණියෙමි...තේ වතුර ටිකක් බී යන්ට කීවත් රාත්‍රි බසය මිස් විය හැකි බැවින් මා ද අර කී පුද්ගලයාද පැමිණියෙමි යලිත් බස් නැවතුම වෙත...එන අතර ඒ කවුද කියා ඇසූ පිලිතුරට...අනෙකා මගේ පරණ සර් කෙනෙක් කීවේය..කතාකරන්ට කිසිදු උනන්දුවක් පිලිතුරේ නොවූ බැවින් මා නිහඩව සිටියෙමි...

සතියක් දෙකක් ගතවිය..යලිත් දිනෙක මට වෙරිකරු හමුවිය..ඔහු නමින් සෑම් විය..මා හඳුනාගෙන පැමිණි ඔහු මහත්තයට ගොඩක් පින් අර අලුකුත්තේරුවො දෙන්න මාව රිමන්ඩ් කරනව මහත්තය නැත්තම්..යැයි කීය...ඒ සිද්ධියේන පසුව ඔහුගේ බීම නැවතුනි නොවේ..එහෙත් ඉන්පසු සිය සීමාවට පමණක් ගැනීමට සෑම් මහතා යොමුවිය...
රුපියල් සීයක ත්‍රිවි්ල් දුර උවත් කි මී 4-5ක දුරක් වූ බැවින් බස් එකේය සෑම් මහතා ගෙදර යන්නේ...
ඉන්පසු මගේ මිතුරකු වූ සෑම් මහතාගේ ජීවිත කතාව ම නැතත් සුවල්පයක් ඉතා ලක්සන ඛෙිදවාචකයකි..
මං ඉස්සර දක්සම කොල්ල පන්තියෙ...අපේ අප්පගෙ පවුලෙ ඔක්කොම කොල්ලො 8යි ..කෙල්ලො 3යි..මට තමයි හොඳටම ඉගැන්නුවෙ...පවුලෙන්. මට ඉංග්‍රිසි කියවන්න ලියන්න පුලුවන් පුංචිම කාලෙ ඉඳල..ඒ කාෙල අද වගේ හැමතැනම කලිසං කාරයො නෑ..ගමටම හිටිය තුන්වෙනියට කලිසං ඇඳපු කෙනා මම..අපේ අයියල මල්ලිල නංගිල ඔක්කොම හිතන් හිටියෙ මම ලොකු දිසාපත් හරි ඉස්කෝලෙ මුල් ගුරු හරි වෙයි කියල...ඒ කාලෙ ගෙදර හැමෝටම උගන්නන්න අපේ අපුච්චට සල්ලි තිබුනෙ නෑ...
ඒ කාලෙත් ජොබ් දුන්නෙ පක්ෂෙ බලල...අපි ශ්‍රි ලංකා එකට වැඩකරපු කට්ටිය කියල මට රස්සාව ලැබුනෙ නෑ..පස්සෙ තාත්ත මන්ත්‍රිතුමා හම්බුවෙන්න ගිහිං යන්තන් පක්ෂෙ මාරු කලා කියල මට ජොබ් කාඩ් එක ගත්තෙ..මට පත්වීමෙ ලිපිය එනව මෙහෙ උපතැපැල් කන්තෝරුවට..ඒත් මට කවදාවත් ඒ ලිපිය හමු උනේ නෑ..එහෛනම් මම නිකං ඉංගිරිසි ටියුෂන් දෙන ලේකම් මහත්තයෙක් නෙමෙ...අද වෙනකොට ප්‍රින්සිපල් කෙනෙක්..සමහර විට ඒ ලියුම හංගල..නැත්තං ගමේම එකෙක් ලියුම අරගෙන මට දුන්නෙ නෑ..ඉස්සර අද වගේ කෝල් නෑ.මැසේජ් නෑ ලියුම නැත්තං දැනගන්න හැතැම්ම ගානක් යන්න වෙනව වෙන යාලුවෙක් හොයා ගන්න.පස්සෙ මට වඩා අඩු ප්‍රථිපල තිබුනෙ එවුන්ට රස්සා ලැබුන.. මම හොඳම ප්‍රථිපල අරන් පාරට උනා...
මං මේක කිව්වම අපේ කොලීජියෙ ලොකු මහත්තය බොහොම දුක් උනා....ඒත් මට ඒ රස්සාව නොලැබුනත් ලොකු තැනකට යන්න තිබුන ඔය කොලිජියෙ අමරසිරි ලොකු මහත්තය හිටියෙ නැත්තම්....මං ඉගෙනගන්න කාලෙ මේ වටේම පොල් වතු..ඒත් එහෙමත් තැනක තමයි රා හදන්නෙ..මේ අමරසිරි ලොක්ක දවසක් බෝම රහසින් මට කියනව අර කන්දෙ ලියැද්දෙ සයිමට කියල යාලුවෙකුට කියල රා මුට්ටි බාගයක් අරන් එන් බැරිද බොට...මං මේ හැම එකාටම කියන්නෙ නෑ තෝ ඉතින් හොඳ එකා නිසා කියන්නෙ...ඉතින් රා ගේන්නේ ලොකු මල්ලක දාල නොපෙනෙන්න..රා ගේන්න කැටයකුත් තිබුන මහත්තය ලඟ ඔය කැටේට ගේනකොට මට දවසක් දෙකක් ගියාම මේක බිල බලන්න ඕනි කියල හිතුන....

එදා බිව්ව බීම තාමත් එහෙමමයි...හැමදාම හොරාට සුට්ටක් බිව්ව..පස්සෙ මම සල්ලි දීලත් බිව්ව...රස්සා ව මට ලැබුන් නෑ කියල දැනගත්තම මං රා මුට්ටියකටම වගකියල ගෙදර ගියා වැනි වැනි..එදා මාව අපේ අපුච්චා කෝටුමස්කොලා..අනික් උන්ට කන්න තියෙන සල්ලි වලින් තොට ඉගැන්නුවම තෝ අපිට පේන්න මේව තමයි කොරන වීර  වැඩ..සයිම ලඟට යනව කිව්වම මම යන්තං වත් විශ්වාස කොරේ නෑ..සෙහ් තොපි හැදුවට වඩා හොඳයි බන් මී හරක් බානත් ගත්තනම්....ඒ අපේ තාත්ත...

ඉන්පසු සෑම් අංකල් ගෙදරින් ගොස් වෙනතැනක සුලු රැකියාවක් කර ඇත..එහෙත් කට ගොන්නක් බී ගැනීම නිසා කෙතෙක් මුදල් ලැබුනත් සෑම් නම් අදත් එතනය..

Thursday, September 8, 2011

රේල්ලු සවාරිය..

නුවර දුම්රිය මගෙහි  ලස්සන වස්සන පරිසරය තව කෙතරම් කාලයකටද??
අප ගිය සතියේ සෙනසුරාදා දින චාරිකාවක් ගියෙමු..කඩුගන්නාව නගරයට ගොස් එතැනින් දුම්රිය මග ඔස්සේ අපි ඉහල කෝට්ටේ වෙත ලඟා වුනෙමු...

රම්භය..
අප ආරම්භ කලේ කොටුවෙනි කඩුගන්නාවට යන්නට පහයි පනස් පහට යන දුම්රියට නැග්ගෙමු..සිතූ සේ හිටගෙනම ගමන ආරම්භ කලෙමු දැන් අඩුවෙයි අඩුවෙයි කියා සිටියත් දුම්රියේ සෙනඟ නම් අඩුවීමක් නොවීය..නිවාඩු දිනක් වීම සහ පාසැල් නිවාඩුවේ අවසාන භාගය වූනිසා තදබද ය පැවැති බව මගේ මතය වෙයි.මෙවන් මඟීන් වැඩි අවස්ථාවල ක්ෂණිකව දුම්රියේ පෙට්ටි වැඩිකිරීම හෝ නව කාලසටහන් අනුව දුම්රිය ධාවනය කිරීමක් නම් අප රටේ සිදු නොවේ..එහෙත් නවසීලන්තයේ නම් දුම්රිය සේවයම මඟීන් මත පදනම්ව ඇති අතර මඟීන් වැඩි අවස්ථාවල දුම්රිය වල ධාරිතාවය සහ දුම්රිය ගණන ඉබේම වැඩිවෙන ආකාරයට කාලසටහන් සකසා ඇත..මෙහි දි මුහුනපාන විශාලම ගැටලුව නම් මඟීන ්ගණන කලින් නිමානය කර ගැනීමට නොහැකි වීමයි..අර ඊ චැනලින් ක්‍රමයට නවලෝකයේ දොස්තර මහතෙකු චැනල් කරන ආකාරයට අපිට දුම්රියේ ආසන වෙන් කරගැනීමේ හැකියාවක් තිබුනේ නම් අමතර දුම්රිය මැදිරි කලින් එක්කර ගැන්මේ පහසුකම දෙපාර්ථමේන්තුවට ලැබේ..එසේ තිබුනි නම් මඟීන් විශාල ගණනක් සිටීනම් නව දුම්රිය එක් කිරීමටත් අන්තර්ජාලයේ නිරන්තර යාවත්කාලීන වන දුම්රිය කාලසටහනට එම දුම්රිය ඇතුලත් කිරීම්ත්  කල පහසුවෙන් කල හැක. එසේම මඟී ජනතාවට පෝලින් වල වරු ගානක් සහ බලු පොරයක් මෙන් වන තදබදයෙන් දුම්රියට නැගීමේ වෙහෙසකර අත්දැකීම් වලින් මිදී දුම්රිය අසුනක් වෙන්කර ගැන්මට හැකි වනු ඇත..අපි සැට් එක විසි හතර පැනපු නවයොවුන් තරුණයන්ගෙන් සමන්විත වූ නිසා දුම්රියේ හිටගෙන යෑමනම් අපට කිසිදු වදයක් නම් වූවේ නැත..

ටන් ගැන්ම....
ගමනේ ආරම්භය සනිටුහන් වූයේ කඩුගන්නාව දුම්රිය ස්ථානයෙනි..සුවිසල් ඩෝසන් කුලුන අපිට දර්ශනය විය..එම අවස්ථාවේ පැවති වැසිබර කාලගුණ තත්වය නිසා අපට ඩෝසන් කුලුන වෙත යෑමට සිතක් පහල නොවීය..ළඟට යෑමට හැකි උවත් එය ඇතුලට යෑමට නොහැකි බව මා පසුව දැනගතිමි..දුම්රිය දෙපාර්ථමේන්තුවට අයිති එයට ස්ථාන පරීක්ෂකවරයෙක් නොමැති කමින් එය වසා ඇතිබව ආරන්චි විය..මුලින් කෑම ගත් පසු ඉන්පසු නෑම ආරම්භ විය..මෙවන් අවස්ථාවක කුඩ දමාගෙන යෑම ලක්ෂන මදි වුවත් වෙන කලහැකි කෙන්ගෙඩියක් නොවූ බැවින් කුඩ දාගෙනම අපි ගමන ආරම්භ කලෙමු..

ත්‍රාසජනක අත්දැකීම...
ගමන යෑමට ප්‍රථම මට වූ එක් ගැටලුවක් වූයේ බිම්ගෙය ඇතුලේදි දුම්රියක් පැමිණියෙහෝත් අපිට ඔන්ලයින් දිව්ය සැප ලැබීමේ පහසුකම හැර වෙනත් විකල්ප තිබේද යන්නයි..කඩුගන්නාව දුම්රිය ස්ථානයේ සේවක මහතකු පැවසුයේ එවන් විටක ඉඳීමට තැන් වෙනමම බිංගෙවල් වල ඇති බවය..එහෙත් මා නම් එවැනි තැන් දැක්කේ නැත..ඔහු කියන්ට ඇත්තේ බිම්ගෙවල ඇති යම් යම් ඉඩ අපිට ඉඳීමට භාවිතා කල හැකිය යන්න විය හැකිය..එක් පසකට දුම්රියක් අපි බිංගෙයකට ලඟා වීමට ප්‍රථමයෙන් ගියේය..ඉදින් තවත් එකක් ඒමට තව වේලායතියි සිතා මා සිහන මිතුරා සහ දීපානි සොයුරිය පින්තූරු ගනිමින් ටෝච් සොයමින් අඩි දෙසිය ගණන් වූ බිංගෙය තුලට ඇතුලු වුනෙමු..එය බිංගෙය තුලම වංගුවක් තිබෙන අවස්ථාවකි..විවිධ දේ බලමින් විකාර තෙපලමින් අප තිදෙනා බිම්ගෙය තුල කලුවරේ යයි..මගේ මුලික ජංගම දුරකථනය සතුව තිබූ සූටි විදුලි පන්දම අපට මහත් පිටුවහලක් විය..පොටෝ ගැනීමට සූර දීපානි සොයුරිය ඉදිරියට ගියේ ඇගේ අතේ තිබූ විදුලි පන්දම ආධාරයෙනි..සිහින මිතුරා සතුව තිබු දුරකථන ලාම්පුවේ එලිය අඩු වූ බැවින් ඔහු මගේ දුරකථන පහනින් බිම්ගෙය ඇතුලෙන් යෑමට පටන් ගති...අපි බිම්ගෙයට ඇතුලු වී විනාඩි 5ක් විතර සහ බිම්ගෙය තුල මීටර පනහක් විතර ගිය පසු නාලාගිරි දමනයේ එන ආකාරයට පොලොව කඩාගෙන අහස ගුගුරුවාගෙන දෙපස දෙදරවාගෙන මහත් ව්‍යසනයක්  පංච ඉන්ද්‍රියට දැනෙන්ට විය. ඒ දුම්රියක පැමිණීමයි..අප දැන් සිටියේ බිම්ගෙය තුල අප ඇතුලු වූ කොනත් පිටවිය යුතු කොනත් නොපෙනෙන අදුරු තැනකය..තෙමී තිබූ සිල් පර මතින් සීරුවෙන් පෝන් එලියෙන් ආ නිසා අපට යලි දිවීමක් හෝ දිගටම යෑමක් සිතිය නොහැකි විය..බිත්තියට මගේ දුරකථන පන්දම එල්ලවිය...අහා අරුමයකි දෙවියන් අප දෙස බලා ඇත..බිම්ගෙය තුල ඇති කොන්ක්‍රීට් තට්ටුවක අවසාන ඉම එය විය..වහා මා සිහින මිතුරා හට කතා කෙලෙමි..දීපානි අක්කා අපිට මීටර 8-9ක් ඈත සිටි අතර ඇයද කතා කොට අප ලඟට ගන්නා ලදී...දැන් සිදුවන්නට නියමිත දේ කොක් සුදක් සේ පැහැදිලිය..මේ අපි ඉන්නා ඉඩ දුම්රියට සහ අපට නොවැදෙන්නට ඇතිදැයි බැලීමට වෙලා නැත..එන්ට එන්ටම දුම්රිය ශබ්ධය සහ දෙදරුම වැඩිය..
එකනෙහිම අනෙක් මිතුරන් කොහිදැයි සොයන්ට විය..එහෙත් දුරකථන සංඥා මේ කලුවර බිංගෙය තුලදී පෙන්නුම් නොකලේය..එහෙත් සිහින මිතුරාගේ දුරකථනයට සංඥා තිබූ බැවින් මා චන්දික මිතුරා ට ඇමතීමි..ඒ දුම්රිය එන බව දැන් නීමටය..එහෙත් චන්දිකලාටද එවිට සංඥා නොමැති වන්නට ඇත..නෝ ආන්ස් විය...

සාමාන්‍ය පරිසරයට වඩා දුම්රියේ දෙදරුම සහ ශබ්ධය මහත් ගුප්ත සහ භයංකර ලෙස බිම්ගෙය තුලදී දැනේ මන්ද ඒ ශබ්ධ තරංග පිටවීමට අවකාශ නොමැති නිසාය..කෙසේ හෝ අප තිදෙනා එකිනෙකාට  සහ බිංගේ බිත්තියට ඇලී මෙන් සිටියදී ගේ ශරීරයට අඩියක හමාරක දුරින් දුම්රිය සෙමෙන් අප අසලින් ඇදී ගියේයැ..දුම්රිය තුල සිටිවුන් කෑගසති...තවකෙක් මේ ඇතුලේ මොක්කු සිටීදැයි බැලීමට මෙන් අවට බලති..දුම්රියේ එලි අතරින් මා අනෙක් දෙදෙනා දෙස බැලීමි...වැසිබර සිසිල් කාලගුණ තත්වය තුලදීත් ඔවුන්ට දහදිය දමා ඇත..එය එසේමැ මට ද වන්නට ඇත..දීපානි අක්කා සිහින මිතුරා අප එකිනෙකාට විස්මය පලකරගතිමු..කිසිවෙකු දෙවියන්ට ස්තුති කලේවත් නැත..මෙවන් අඳුරු ගුහාවක් තුල මොන දෙයියද රිංගන් එන්නෙ අපව බේරගන්න යැයි සමහර විට අපට සිතෙන්ට විය..වැරදිලාවත් කතරගම දෙයියොවත් පිහිටට ආවනම් වෙහිකල් එක වන  මොනරා සහ ඔහුගේ ඔලු අත පය ටික බේරගැනීමට අපිට සටන් කිරීමට සිදුවනු ඇත..එබැවින් අප බේරා ගැනීමට කතරගම දෙයියෝ ආවෙ නැති එක නම් හොඳය..බිම්ගෙයින් එලියට එන විට එකිනෙකාගේ හැඩ බැලීමු..තිදෙනාම අනික් උන්ගේ කමිස ඇඳුම් වල ගෑවුනු කලු පැහැ දුම් මිශ්‍රණ දැක ඒවා පිස දැමීමු..තදින් ගල් බිත්තියට ඇලුනු වෙලේ මේ දේ ඇගේ තැවරෙන්ට ඇත..මොන ජරාව්ක් බිත්තිවල තිබේදැයි බැලීමට වේලාවක් එවිට නොතිබුනි..වැරදිලාවත් පොඩි සරුපෙයෙක් හෝ දුම්රිය යන විට බිත්තියේ සිට සුට්ටක් හෝ අපට කිති කැවීමක්වත් කලානම් අපට වන්නේ අහවල් පෝච්චි මල් පෝච්චි සිද්ධියකි.කෙසේ වෙතත් ඒ සිද්ධිය බයංකාර උනත් දැන්නම් මතක් කරනවිට චමත්කාරය..

පාරේ කසල දැමීම...
මා කුඩා කල දුම්රියේ යනවිට වූ දැන්වීමක් මට මතක් වෙයි..දුම්රිය මාර්ගෙයේ වැඩකරන්නන්ට අනතුරු විය හැකි බැවින් යම් යම් දේ කවුලුවෙන් පිටතට විසි කිරීමෙන් වලකින්න..එහෙත් එසේ එක එක විච්චූරන අසුරණ බෝතල්,ප්ලාස්ටික් යනු දුම්රිය මාර්ගයට කරන කැලලකි..එදා ඩෝසන් මහත්තැන්ලා සහ අපේ මුතුන් මිත්තෝ පරිසරයට ආදරය කර ගල් විනාස නොකොට ගල් අතරින් මේ පාරවල් හැදුවේ තොපිට කෝච්චියේ යනවිට අහවල් ඒවා හල හලා යෑමට නොවන බව බොහෝ කරුනාවෙන් හදිසියේ හෝ දුම්රිය ක ගමන් කරන මගේ දහ දොලොස් දෙනෙක් වන මහා ජනකාන්ත පාඨක කැලට මතක් කර දීමට කැමැත්තෙමු...අසුරණයක බහා අපි යමක් කෑමට බීමට නෑමට හෝ වෙනයම් දෙයකට රැගෙන ආවිට ඒ කෑම හෝ අවශේෂ කාරිය හමාර වූ පසු ඒ අසුරණ විසාල බරක් වීම ශ්‍රී ලාංකික අපේ ගතියයි..කොළඹ දෙසට එනවානම් කොටුව මරදාන දුම්රියෙ පොලවලදී හෝ අනෙක් පසට යනවානම් ඒ අදාල දුම්රිය පොල වලදී හෝ කුනු දමන තැනකට මේ දුම්රිය තුල යනෙන අපගේ කුණු එකතුකල හැකිනම් එය මහත් අස්වැසිල්ලකි දුම්රිය පාරේ යනෙන අයට...මල අපද්‍රව්‍ය කෙලින්ම දුම්රියට මුදාහැරීම එක ල වෙනත් කල හැකි දෙයක් නොමැති නිසා කල දෙයක් වන්නට ඇත..දැන් තාක්ෂණය බෝ දියුනු නිසා කෙලින්ම ගවයන් බෙටි දාන අයුරින් නැතුව කිසියම් ප්‍රතිකාරයක් කිරීමෙන් පසු මල අපද්‍රව්‍ය දුම්රිය මගට මුදාහරින්නට ඇත්නම් එය මැනවි..රේල් පාර හදා ඇත්තේ අපිට රවුං ගැසීමට ටිප් යෑමට නොවන බව අප දනිමු එහෙත් බලන සිට කඩුගන්නාවට පැයක බස් ගමනකින් යන්නට වන ගමන දුම්රිය විනාඩි දහයකින් ඉටු කර දෙන්නට සමත්ය..එසේම එ් අවට සිටින ජනතාව හරකාට තනකොල ඩිංග කපාගන්නට,බෙහෙතක් හේතක් හොයාගන්නට,කෙහෙල් පැලයක් දෙකක් හිටවා තැබීමට සහ ලෙහෙසියෙන් එහා මෙහා යෑමට පාවිච්චි කරන්නේ මේ දුම්රිය මග වෙයි..ඔවුන් බහුතරයට  අපට මෙන් තඩි ලොරියක් උනත් කිසි ගේමක් නැතුව හරවාගෙන ගෙදරට ගැනීමට හැකි මාර්ග පහසුකමක් නැත..ඉතින් අප දුම්රියේ යන විටත් මෙවන් චාරිකා වලිනුත් කුනු දමා අපවිත්‍ර කරනු ලබන මාර්ගය යලි ඒ පිරිසිදු කමින්ම තබා ගැන්මට මහත් වෙහෙසක් දැරිය යුතුවෙයි..
මා අත්‍යාවශ්‍ය රාජකාරියකට කඳු ගැටයක් මතට නැග ඒ කිරීමට ප්‍රථම මඳක් වටපිට බැලීමි..කුඩා ප්‍රමානයේ මද්‍යසාර රට බීම බෝතලයක් මට හමුවිය..ඒ සැනින් කූඩැල්ලන් කැලක් ඒරියල් උරුක් කරගෙන සිග්නල් එකක් එනතුරු සිටිනු දුටු හෙයින් මා අකුලාගෙන වහා කාරිය පසෙක තබා ආවෙමි..එවන් කඳු ගැටයක් මතට රටබීම බෝතල යා හැකි එකම ක්‍රමය නම් දුම්රියේ ගිය නැපෝලියන් බොනපාට් ගේ නෑයෙකු එවැන්නක් විසිකර තිබීම වෙයි..දුම්රියේ යන සියල්ලෝ ම මෙසේ බෝතල සොපින් විසි කරන්ට පටන් ගත්තොත් තව ටික කලකින් අපට සිදු වන් නේ දුම්රිය මග දෙපස අපට කුනු නැරඹීමේ මහා චාරිකාවක් දැමීම පමණි..දැනට ඈත පලාත් වලින් කොළඹ නැරඹීමට එන පාසැල් දරුවන් කොළඹ වරාය නැරඹීමට ප්‍රථම කුනු නැරඹීමට යති..ඒ ද වේස්ට් මවුන්ටේන් ඔෆ්ද බ්ලුමැන්ඩල් හෙවත් මහා බ්ලුමැන්ඩල් කුනු කන්ද නැරඹීමටයි...
තව ලියන්න නම් දේවල් ගොඩායි....
ඒත් ඉතින් මේක ගිහිපු මට දැනුන සුලු දෙයක් කීවම ඇති නෙව..
නැත්තං අර පහ වසර සී පන්තියෙදි ලියපු මම ගිය අධ්‍යාපන චාරිකාව රචනෙ වගේ වෙනව නෙව..

Thursday, September 1, 2011

වහපු ටී වී එක..(offline TV)


මම ෆේල් වෙලා විභාගෙ ගැන තිබුන අවසාන බලාපොරොත්තුවත් වතුරට ගිහින් මේ පාර දාපු වැදගත්ම විෂය මම ෆේල් ..එක්සෑම් ෆීස් රුපියල් 15,000 ක් සහ ක්ලාස් පීස් රුපියල් 10,000ක් වතුරෙ..මගෙ මාසෙ පඩියටත් වැඩි ගානක් වතුරෙ..ඒකට දුකයි ඒත් ෆේල් උනේ ඇයි කියල හිතනකොට ඊට වඩා ගොඩක් දුකයි..
ඉස්සර විභාග වල ලකුනු අඩු උනාම යාලුවො,නෑයො,තව හමුවෙන හැම එකාම අහන ප්‍රශ්ණ දැන් නැහැ..කසාද බඳින වයසක එකෙක් විභාග බදාගෙන සමහරු එහෙම හිතනව ඇති..

එක අතකින් ෆේල් උනත් විභාගයට මම ආදරෙයි..මේ විභාග සෙට් එක නැත්තං මට කරන්න කිසිම දෙයක් නෑ..රෑට හීනෙනුත් අර මලපරානෙ පේනව..පෙම්කල හිතකට සාප කරන්න හොඳ නෑ ඒත් ඉතින් කවුද ඉන්නෙ අන්න ඉන්දි ඔයාට සාප කරනව කියන්න..ඉන්නෙ මම විතරයි..

අපි වෙන්වෙලා ආ වැරදි ඔයා මට අකමැති වෙලා අවුරුද්දකට පස්සෙ ඔයා ආයෙ මාව හමුවෙන්න කැමති උනා..සැහ් මම මෝඩය අර සාම්ප්‍රදායික කතාවෙ වගේම මම ආයෙමත් ඔයාට පෙරේත කමේ ප්‍රේම කලා..
අවුරුද්දට ගමේ ගිහින් කොළඹ එන්න කියල ඉන්නකොට මට ඹයා කෝල් කලා..ඉන්දු ඔයා යන්නෙ කවද්ද?/මමත් ඉතින් කිව්වෙ නෑ දවස..කොහොම හරි වැඩේ දිගට ගියා..කොළඹින් ආපු අපේ මාමල ඉන්දු යන්නෙ ඇයි ඉන්න අපිත් යනවනේ කොළඹ කියද්දිම ඒ නංගියල මල්ලිල මට විහිලු කරද්දිම මම ආව ඔයත් එක්කල කොළඹ යන්න..එදා හරිම සෙනඟ හිටපු දවසක්..ඔයා ෆෝන් එක අරන් වටේට කෝල් කලා ෂෝට් කට් එකකින් සීට් එකක් ගන්න විදියක් බලන්න..
තනියම ආවනම් කොයි තරන් අමාරු උනත් හිටගෙන යන මම කවදාවත් නොකරන පෝලිම් පැනිල්ලක් දාල..දන් න සෙල්ලමක් දාල සීට් දෙකක් විනාඩි දහයක් යන්න කලින් අල්ල ගත්ත..

ඒ ගමනෙදි මම හිටියෙ සැහැල්ලුවකින් නෙමෙ..හරියට අතට අහුවුන කුරුලු පැටියෙක් වගේ බයවෙලා..මම හිතුවෙ මම ගැන ඔයා ආයෙම හිතන්න ඇති කියල..ම්හූ..මට වැරදුනා..මට පුලුවන් උනා ඔයා හිතපු වෙලාවට කලින් ඔයාගෙ බෝඩිමට ගෙනත් දාන්න ඔයාව..

මේක ලියල වැඩක් නෑ කවදාවත් ඔයා මේක දකින් නෙ නෑ..කියල මම දන්නව..ඒත් මට මම කරපු ගොං වැඩ මතක තියා ගෙන ඉන්න මේක වැදගත් වෙයි...
දවසක් හවස මම සිරාවට වැඩක..ඔයාගෙන් කෝල් එකක්..එදා සිකුරාදා දවසක්..ඉන්දු ඔයා ගෙදර යනවද අද..මං ඇහුව ඇයි කියල ඔයා නෑ නිකං කිව්ව...
අවසානෙ කතාව නතර උනේ ඔයාව ගෙදර ගිහිං ඇරලවන්න මම 3.30ට ජොබ් එකෙන් පැනල ඇවිත් ඔයාව ඩ්‍රොප් කරන තැනින්..4ට ආවත් ඔයා ගෙදර යනකොට රෑ 9.30 වත් වෙනව කියල මට මීටර් උනා.ඔයා පස්සෙ එපා කියද්දිත් මම ඔයා හොයන් ඇවිත් බස් එකෙන් ඔයා එක්ක ගියා..මට කිසිසේත්ම අවශ්‍ය නොවුන ගමනක් උන ඔයාලගෙ ගෙවල් තියෙන පැත්තෙ තිබුන අපේ පුංචි අම්මලගෙ ගෙදර මම ගියා..ඔයා දන්න විදියට එදා ඒ ගෙදර පුංචි හිටිය..මම කිසි ප්‍රශ්ණයක් නැතුව රෑට කාල පුංචිලයි ගෙදර නිදාගෙන උදේ හරි සන්තෝසෙන් ගෙදර ගියා..ඒත් ඔයා ඇරලවල එනකොට ගෙදර පුංචිල නෑ ..අමාරුවෙන් යතුරු හොයන් ඇරල පාන්දරම මම ගෙදර පිටත් උනා..උදේට තේවතුර ඩිංගක් වත් නැතුව..ඒ කේස් එක එතනින් ඉවර නෑ..මම එක්ක තරහ එකෙක් කේලම බොසාට කියල මම තුන හමාර ට වැඩ මගදාල පැන්න කියල..
කිසි කේස් එකකට වැඩක් මග නොදා යන මම ඔයා නිසා මගේ වෘත්තිය ජීවිතේට කලු පැල්ලමක් දාගත්ත..තව දෙයක් ඊලග දවසෙ තිබුන වැඩට මම එනව කියල කිව්වත් මට එන්න බැරි උනා..මොකද මට එදා රෑම එන්න ඔයාලගෙ කැලෑ පාරෙ බස් නැති උණ නිසා..
මොනව උනත් ගල් ගෙඩි හිතක් තියෙන ඔයා මම නැතත් එදා හරි ලස්සනට ගෙදර එයි..ඒත් මට ඒ නිසා සැනෙසෙන්න විදියක් නෑ..මොකද මොනාහරි උනේ නැතත් නවය හමාරට විතර තට්ට තනියම කට්ට කරුවලේ පාරෙ බස් නැවතුමේ ත්‍රී විල් එකේ ඔයාට යන්න දීල ඕකිට ඔහොම වෙලා මදි කියන්න මට බැරි නිසා..

ඊලඟට ඔයා මට හමුවෙන්නෙ ඔයාට ඕනි පින්තූර වගයක් ඔයාලයෙ ගෙදරට යවන්න සහ ඔයාට ඕනි සිම් එකක් මට කියල ගෙන්න ගන්න..මම ඒකත් කලා මතක ඇති..
ඒත් ඒ සෙල්ලම දෙපාරයි උනේ ඔයා මොකක් හරි නිසා එයිට පස්සෙ මට එන්න අවස්ථාවක් දුන්නෙ නෑ...මමත් ඉතින් ඉල්ලුවෙත් නෑ..එක අතකින් මම උනත් ආස නෑනෙ අකමැති කෙනෙක්ගෙ මූන දකින්න..ඉතින් ඔයත් එහෙම වෙන්න ඇති...

මගේ යාලුවෙක් රට ඉඳල චොකලට් පාර්සලයක් එවල..ඒක එවනව කියල මම දන්නව කලින්ම ඉහත කියපු අවස්ථාවල සහ අපි ටෙලිපෝන් එකෙන් කතා කරපු ඉතාම සීමිත වෙලාවෙ මම ඒ ගැන කිව්වම අනේ ඉන්දු ඔයාගෙ චොකො කිව්ව..ඒ නිසාම මම ඒ චොකො පාර්සලයෙන් චොකලට් 4-5ක්ම ඉතිරි කරගත්ත ඔයාට..ඒත් ඒ චොකලට ්මට ලැබුන කාලයෙ ඔයා මට කතා කලේම නෑ..අවසානෙ මම හිතුව ඔයා චොකෝ වලට කැමති ඇති ඒත් මට අකමැති නිසා ඒක හරියන්නෙ නෑ කියල..
ඒ චොකලට් ටික මම ඔයාලෙගෙ අක්කට දුන්න ඔයා ගෙදර ආපු දවසක දෙන්න කියල..අක්ක ඔයාට දුන්නද කෑවද නැද්ද කියල මම අද වෙනතුරුත් දන්නෙ නෑ...
ඔයාට සල්ලි වගයක් දෙන්න දෙවැනි වතාවෙ මම ඔයා බලන්න ආපු වෙලාවෙ අරන් ආව මම චොකො එකක්..ඒකනම් රසයි කිව්ව මට මතකයි..එත් ඒක රුපියල් 200ක් විතර වටින එකක් කියල ඔයාට මීටර වෙලා තිබුනෙ යාලුවෙක් ඒකෙ මිල බැලුවම...
එදා ඒකට නොසෑහෙන්නම මම ඔයාගෙන් බැනුම් ඇහුව..ඇයි ඔයා මේ තරම් නාස්ති කරන්නෙ කියල ඔයා කිව්ව..
ඔයා මට ඔය රුපියල් 200ට වඩා ගොඩක් වටිනව..මම එහම හිතනව කියල ඔයා මැටි වලින් හදල නැත්තං තේරෙන්න ඕනි..ඒත් මම ඒක කියන්න ගියෙත් නෑනෙ...
ආයෙ මගේ තනියට ලඟ උන්නු විභාග වලටත් ඔයා එන්ටර් උනේ හිතන්න බැරිම උන විදියකට..මීට කලින් සෙනසුරාද ඉරිද පන්ති තිබුන දවස්වල ඔයා ටිකක් ඒවට මේවට මාව කඩේ යවල තිබුනට මම හිතුවෙ නෑ අවසානෙ මේ තරම් දරුණු වෙයි කියල..
මම විබාගෙට පාඩම් කරන්න සතියක් නිවාඩු දැම්ම..කලින් තිබුනු සබ්ජෙක්ට් වගේම අමාරු මේක එ් තරම්ම ගේමක් නෙමෙයි මට..සතියෙන් ගොඩදාන්න තිබුන..
ඉන්දු අපි ට ප්‍රසන්ටේෂන් හදන්න වෙලා..බැ කියන්න බෑ..අපේ ස්කිල් එක පෙන්නුවෙ නැත්තං අපිට මේ දැං තියෙන කෝස් එක තව අවරුද්දක් කරන්න වෙයි..
මං මෙලෝ දෙයක් දන්නෙ නෑ ඉන්දු ඒ අස්සෙ වීඩියො ්එකකුත් හදන්න ඕනි සින්දුවකට..අනේ මන්ද මං ඔයාට වද දෙනවද කියල.. අමරදේවගේ සින්දුවක්..ඒක ඕනි වෙන්නෙ ජීවිතේ සරල සිදුවීමක් නිර්මාණාත්මකව විස්තර කරන්න අවශ්‍ය හැකියාව හදන්නලු..අනේ මන්ද මේ බයිල අනේ..මටනම් දැන් හොඳටම එපා වෙලත් එක්ක අනේ..ඉන්දු

මම නොදන්න වීඩියෝ එඩිටිං..පවර් පොයින්ට්,,දාල නොදන්න ඉන්ෆොමේෂන් අරන් සින්දු එඩිට් කරල...ඔයාට ඕනි ප්‍රසන්ටේෂන් ටික ලස්සනට හදල දුන්න...මම හිතන්නෙ ඔයා කියපු විදියට තිබුන නිර්මාණාත්මකම ප්‍රසන්ටේෂන් තිබිල තිබුනෙ ඔයාගෙ(ඒ කිව්වෙ මම හදපු ඒව) ...ඒව සමහරක එක ස්ලයිඩ් එකකට තොරතුරු හොයන්න මම වරු ගනන් වෙහෙසුනා කියල කවුරුත් දන්නෙ නැතුව ඇති...
බලපු ජජ් ල අත්පුඩ් ගැහුව කියලත් කිවුව ඔයා...
මම කරපු වැඩේ ඔයාට ලැබුන ප්‍රථිපල අන්න ඒ වගේ...එත් මට ලැබුනෙ..සතියක් නිවාඩු දාපු මට පාඩම් කරන්න ඉතිරු උනේ එක දවසයි..අනික් දවස්වල පොටෝෂොප්,පවර් පොයින්ට,ගූගල්,වීඩියො එඩිටින් අස්සෙ හිරවෙලා...කොහොම උනත් නොදන්න ගොඩක් සොෆ්ට්වෙයාර් වගේම නොදන්න මාතෘකා ගැනත් මට ගොඩක් දේවල් දැනගන්න ලැබුන..
ඒත් මගේ විභාගෙ මට හිනාවුනා රිසල්ට් ආවම..
පන්තියෙ අවසානෙ හිටියට තමුසෙ මීටරේ නිසා මම ඒ තරන් ෆලෝ කලේ නෑ...ගියපාර ඩී එකකුත් තියෙනවනේ..තමුසෙට පවුල් කේසුත් නෑනෙ..අපරාදෙ ඕයි..
ඒ අපේ පන්තියෙ ඉගැන්නුව සර්..ඌ කොල්ලෙක් උනත් මම ඌටවත් මේ වගක් කිව්වෙ නෑ..ක්ලාස් එක කරපු 15න් හිතපු නැති එකෙක් ෆේල් උනාට පොරට අවුල් ඇති...ෆේල් වෙනවම කියල හිතපු එවුන් නම් අවුලක් නෑ..
ඒ ප්‍රසන්ටේසන් හරිගියා කියල ඔයාගෙන් ආපු කොල් එකෙන් පස්සෙ ඔයාගෙන් කෝල් එකක් ආවෙ ආයෙම මාස 4කට පස්සෙ..
එකදවසක් මම පුංචිලගෙ ගෙදර ඇත්තටම ගිය වෙලේ මම අක්ක කතාකල නිසා ඔයාලෙගෙ ගෙදර ආව..මේ වෙනකොට මම මොනවගේ තත්වෙට පත්වෙලාද කියල මට තේරුනෙ එතකොට...ඔයාගෙ අම්ම කවුද බුලට් එකක් එක්ක ඇවිත් රයිස් කුකර් එක හදන්න..මම ඔයාලගෙ ගෙදරය යන වෙලාවෙ. ඉන්දු මේකෙ කෑලි ඔයාට හොයාගන්න පුලුවන් වෙයිද දන් ෑෙන් කොලඹින්?
ඒ අම්මා..
තාත්තට ඕනි වෙලා ඊටී එෆ් එක හදාගන්න ඒ කන්තෝරුවෙ දන්න කෙනෙක් හෙම නැද්ද ඉන්.දු? ඒ ඔයාගෙ තාත්ත...
මම නිකන් රෙජිස්ටර් වෙච්ච සර්විස් ප්‍රොවයිඩරයේක් ගානට වැටිල කියල තේරුනෙ එතකොට..
එයාල වැරදිත් නෑ..
\කිසිම හේතුවක් නැතුව කිසිම බලාපොරොත්තුවක් නැතුව උදව් කරන්න එන සෘෂි වරයෙක් කියල හිතුවද දන්නෙ නෑ..ගොඩක් ඔයාලට සහ ඔයාට උදව් කරපු තැන්වලදි මම හිතුවෙ නෑ හීනෙන්වත් ඔයා ආයෙම ඔක්කොම අත ඇරල මා එක්ක යාලු වෙයි කියල...
ඒත් එක්තරා දවසක ඔය දිලිසෙන ඇස් දෙක මට එපා කියද්දි දුන්නු ආදරේ නිසා ඒ ආදරේ නැතිවෙලත් තාම මම පස්සෙන්..
හරියට ටී වී එක වහල තියෙද්දි කට ඇරන් බලන් ඉන්නව වගේ...