Friday, September 23, 2011

මිනිසුන් තැනිය යුත්තේ අපිට පස්සෙන් යෑමටයි...

අපේ යූනියන් කලාව..
මා ඉගෙනගන්න කාලේ ඉස්ටුඩන්ට් යූනියන් එකක සිටියදී බෝඩ් එකක මහ තඩි අකුරින් තිබූ වැකියකි " මිනිසුන් තැනිය යුත්තේ අපසමඟ යෑමට නොව අපට ඉදිරියෙන් යෑමටයි" කියන එක. ඒත් අපි ජූනියර් ල කාලෙ අපි පොඩ්ඩක් හරි වචනෙකින් සීනියර්ල ට වඩා ලොකු උනාම අපේ සීනියර්ල අපිට සලකන්න පෙල ගැහෙන්නෙ පොඩි පොඩි සැලකිලිත් අරගෙන ..ඒවට පොලුකෑලි ගල් එහෙමත් එකතුවෙනව..ඉතින් එහෙම ඉඳල අපි අර සීනියර් ල උනාම අපිට අමතකයි එදා අපි සින්නොන්ගෙ විඳපු පීඩනේ අපි ආයෙත් අපේ පොඩි උන්ගෙන් පලිය ගන්නව..මං හිටපු කාලෙ මම ජූනියර් ල කරට ගන්න යනව කියල ගොඩක් අයගෙන් බැනුම් අහන්න උනා...ඒත් අනුන් කියන දෙයක් නාහන විශේෂ පන්ඩිත ගතියකින් යුත් මම කවදාවත් අපෙ බැජ් එක කියන එක හයිලයිට් කලේ නෑ..මේ ගැන අපේ බැජාල මාත් එක්ක කේස් උනා...

මා මේ ලිපිය ලියන්නේ ඇයි...
මං මේ ලිපිය ලියන්නෙ මගේ පුද්ගලික ඇරියස් එකකට..ඒ තමා අර ටැමිල් පැත්තක රාගවන් කියල ලමයෙක් අම්ම වඳින්න කියද්දිත් නොවැඳපු කේස් එක...මම නම් පුංචි කාලෙ වගේම දැනුත් කවුරුත් කියන දෙයක් අහන කෙනෙක් නෙමෙ..ඉතින් මගේ පුංචි කාලෙ මං වගේ එකෙක් අහක යන පාංකඩ ගොසිප් කියවන ගොඩයින්ගෙන් බැනුම් අහන එක මට දිරවන්නෙ නෑ...අපි කරන ජඩකම් මැරකම් ඔක්කොම තියාගෙන උනත් අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට වඳින්න කියල අපේ පොත්වල තියෙනව..වඳින්න ඕනි කාටද කිව්වම වයසින් වැඩි අයට කියල පොත්වල තියෙනව..ඒත් අපේ බුදුහාමුදුරුවො කොතනකවත් වයසින් වැඩි අයට වැඩි සැලකිලි දීල තියෙනව කියල නෑ..මහනදම් පුරල ගන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදි තානාත්තර මිසක් වයස බුදුන් ඒ කාලෙ සැලකුවෙනෑ..මතක ඇති එක් අවස්තාවක සිද්දාර්ථ කුමාරය විශ්වමිත්‍ර පණ්ඩිතයට වඳින්න කියල හැදුවම විශ්වමිත්‍රගෙ ඔලුවෙ සිදුහත් කුමාරයගෙ කකුල් වදිනව...ඒක අසුබ ලකුනක්විදියට දැක්ක සුද්දෝදන රජතුමාගෙ මනස විශ්වමිත්‍ර විසින් හැදුව...ඒත් අපේ අර පොඩි එකා මහ උද්දච්ච එකෙක් කියල කියල තියෙනව..මඅපේ බක පන්ඩිත ප්‍රජාව..

ඊතලය ආපු දිශාව සෙවීම....
කවුරුහරි කෙනෙක් කියල තියෙනව මතකයි යම් පුද්ගලයෙක්ට හීයක් වැදුනනම් ඒ හීයෙ දිශානතිය,ඒ හීය එවපු කෙනා,වැදුන ඈන්ගල් එක වගේ ෂර්ලොක් හෝම්ස් පාරවල් හොයන්න කලින් ඒ වැදුන තුවාලෙ බලන්න කියලයි..ඒත් මේ ලංකාවෙ වාද කරන ගොඩක් දෙනා අල්ලන් දඟලන කැත තැනක් තමයි ඊ තලය එවපු එකාගෙ කුල මල සෙවීම..දේශපාලෙනෙ උනත් ඔන්න මං පාර්ලිමේන්තු මන්ත්‍රි තුමාගෙන් ඇහුවොත් අපේ ගමේ පාර ගැන උන්දැ කියන්නෙ වෙන වැල් බයිල..අපි යූ ඇන්පී කාරයො වගේ පාරවල් හදන්නෙ නැතුව උන්නෙ නෑ...ජෙප්පො වගේ පාරවල්වල ටයර් පිච්චුවෙ නෑ..මට වෙන උන් කල ඒව වැඩක් ද?/නෑනෙ මට  ඕනි අපේ පාර ට අනුමත සල්ලි වලට මොනාද උනේ කියල දැන ගන්න..ඒ තරන් ඕනි නෑ අපි හිතමු බහුශ්‍රැත කෙනෙක් එක්ක හරබර කෘතියක් ගැන කතා කරනව කියල..ගොඩක් වෙලාවට ඒ කතාව අස්සෙ කෘතිය ලියපු එකාගෙ කුල මලත් පුලුවන්නම් අදිනව..ඒව කොහොමවත් අදාල නැති උනත් ඒක තමයි අපේ ගතිය..කෘතියක් කලාම ඒකෙ අන්තර්ගතය ගැන කතා කරන්නෙ නැතුව ඒ කතුවරයා මරන් කන්න තමයි හැමවෙලාවෙම විචාරකයො කියන ජාතිය මගබලාගෙන ඉන්නෙ...ඉතින් මමත් ඒ සමාජයෙම එකෙක් නිසා මේකෙදි පොර බාවය නැතිවෙලා ගිය බන්දුල ලොක්ක ගැන කතාවක් කියනව අහන් ඉන්න ඈ...

බන්දුල පඬිතුමාගේ සුනාමි සංසිද්ධිය....
සල්ලි දීල ඉගැන්නුවත් ඉස්කෝල සර්ලට වැඩිය තෙල හොඳ නිසාත් කවරෙ හොඳ නිසාත් ටියුෂන් ගුරුවරු කියන්නෙ ලංකාවෙ ඉන්න දෙවිවරු කොටසක්...තමන්ට උගන්නපු ගුරුවරයා කිව්වොත් අංශක ගාන පවා නොසලකා නැමෙන ගතියක් අපි අතර තියෙනව...ඔය ගුණ වර්ධනය කරනව කියන අපේ ඉකොන් උගන්නපු බන්දුල පන්ඩිත සුනාමි වෙලාවෙ පවුලත් එක්ක හිටියෙ අරුගම්බේ කියන පලාතෙ..එතකොට බන්දුල පඬි හිටපු  හෝටලය වටේම වතුර..එයා ජනාධිපති තුමාගෙ මීටරේට වැටුන ..පස්සෙ ජනාධීපති තුමා ගුවන් හමුදාවට කිව්ව..ගුවන් හමුදාව ඒ පැත්තෙ ඒ වෙනකොට බේරාගැනීම් කටයුතු වල යෙදුන යානාවක් අනුයුක්ත කරනව..ඒ අපේ මහා මොලකරු බන්දුල පඬිතුමා ගේන්න..ඉතින් බන්දුල පඬි යානයට ආවම  ඇතුලෙ පන අදින මිනිස්සු..අපේ බන්දුල තුමා ඒ තුවාල කාරයො වහාම අයින් කරන්න කියල මහ සද්දෙන් කියල තියනව අපේ හමුදා සාමාජිකයින්ට..අපේ හමුදා සාමාජිකයින් අනේ අර අසරණ අහිංසක තුවාලකාරයො ටික බාල අර මොල ගෙඩිය පටවන් යනව...ඒත් ඒ තුවාලකාරයො අතර උනත් මේ බන්දුල ලොක්කට යන්න පුලුවන් කම තිබිල තියෙනව..ඒත් ඉතින් පාර්ලිමේන්තු ක්‍රමේට යන්න ඕනිනේ නේද??
මේක මට කීවෙ ඒ වෙලාවෙම ඒ හෝටලේම හිටපු වෙනත් ව්‍යාපාරික මහත්මයෙක්..එතුම ඒ සිද්ධියට කලින් බන්දුල මැතිතුමාගෙ හිතවතෙක් පස්සෙ ඒක ඇස් දෙකින්ම දැකපු ඒ ව්‍යාපාරික තුමා බන්දුල ගැන අබමල් රේනුවක් විතර  තිබුන ගව්රවේ නැති කරගත්ත කියල කිව්ව..ඒ ව්‍යාපාරික උන්නැහෙ අරුගම්බෙ ඇත්තන්ට දවස් ගානක් යනකන් ඒ පැත්තෙම ඉඳගෙන උදව් කරල තිබුන..ඒත් බන්දුල ලොක්ක ඉන් පස්සෙ ඒ පලාතෙවත් ගිහින් තිබුනෙ නෑ...

ස්වාධින මතයක් නැති ගිරවුන් සැදීම....
අප රට විසින් වසරකට උපාධිකරුවන් ඇතුලු අධ්‍යාපන යේ ලොකු සයිස් බ්‍රොයිලර යින් විශාල ප්‍රමාණයක් එලියට දමනු ලබයි..එහෙත් ඉන් නියම ඵල ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනාද..අපේ රට තවමත් කීර්තිමත් පුද්ගලයින් කීපෙදෙනෙක් නිසා ජනප්‍රිය වී ඇතිමුත් ලෝක වශයෙන් ගතහොත් අපි නිදහස් අධ්‍යාපනයට ලබාදෙන මුදල් වල අවුට් පුට් එක නොහොත් ප්‍රථිපල කෙතෙක් ලැබී තිබේද??
අපි පාසැල් ගොස් ගිය දින පටන් වැඩ කරන්නේ වැඩ කරන්න පවා නියමිත ක්‍රමවේද හරහාය..පාස් වෙන්නට නියමිත විභාග ලිස්ට් එක දරුවා එක වසරට යනකොට පවා සිතට ඇතුලු කොට හමාරය..අපේ ක්‍රමය තුල සියයට අනු නවයකටත් වඩා ඉගනීම කරන්නේ ඇතුලතින් එන බලයකට හෝ උනන්දුවකට නොවේ පිටතින් පටවන ඉලක්කයක් වෙත තම අස්පයා මෙහවීම මගිනි...ඒ තුල ඇති ආකර්ශනීයම දේ නම් ලමයි සැමදා දෙකට නැමෙන යුනිට් එකක් වීමයි...ගුරුවරුන් පොතපත කියන දේ සියයට සියයක් නිවැරදිය..ගුරුවරු කෙතරම් පච ඉගැන්නුවත් නූගන්වා සිටියත් ඔවුන්ට ගරු කල යුතුය..කිසිදු ආකාරයකට ලමුන්ට පාසැලට හෝ කිසිදු දෙයකට එරෙහි වීම නොමග යෑමකි...මෙසේ ඉගනීම් නිමකොට එලියට එන බොහෝ දෙනා රැකියාවක් තනාගන්නට අදහස් ඇත්තෝ නොවෙත්...රැකියා වේකන්සියක් කොහෙන් හෝ කඩාපාත් වෙනතුරු බලාසිටින පිරිසකි...ලමුන්ට ස්වාධීන අදහස් කියා දෙයක් නොතිබිය යුතු බව අප විසින් නියම කරනු ලබන රටාව විසින් ගිරාක්‍රමයට ලමුන්ට එන්නත් කර ඇත..
එවන් කලක රාගවන් නම් දරුවා යනු තමුන්ට වඩා තමන්ගේ ලමාකලට වඩා ඉස්සරහින් යන දෙමලෙකු වීම අපේ බොහෝ දෙනා නොරිස්සයි...තමුන්ගේ බසය ඉක්ම යන බස්කරුවා,,තමුන්ගේ කාර් එක ඉස්සර කර යන ත්‍රීව්ල් කරුවා ඔබට වැරදි කරුවන් වන්නේ කෙසේද අන්න ඒ ආකාරයටම බන්දුල ට නොවැඳි රාගවන් වැරදි කරුවෙකි..ඔහු නොදන්නා කමකට නොවැන්දා නොවේ..ඔහු විසින් නොවඳින්නට අවැසි කාරනාවද කියා තිබුනි...එහෙත් ඒ කාරනාව ගැන කතාකරන්ට කවුරුත් නැත..ඔක්කොම පෙල ගැසී ඇත්තේ ඒ කතාව කියූ කට කැපීමටයි.
මෙන්න මට මේ පෝස්ට් එකට මූලික උන ගොසිප් එක....




7 comments:

  1. ඔබ හරි අදාල ගොසිප් ලිපිය කියවුවෙමි.අදහස් දැක්වූ බොරු සදාචාරවාදීන්ට ගැටලුවක් වී ඇත්තේ ඇමැති වරයාට නොවැදීමට වඩා ඔහු දෙමල කොලු පැන්චෙක් වී මේ ක්‍රියාව කිරීමය.මගේ අදහස නම් කොල්ලා හරි බවය.වයස් ගතවූ පමණින් ඔහු ගරු කල යුත්තෙක් වන්නේ නැත.

    ReplyDelete
  2. රාඝවන් කියන්නේ අද කාලේ දකින්න ලැබෙන කොන්ද පණ නැති මහ එවුන්ට පාඩමක් කියලා දෙන කොල්ලෙක්. රාඝවන් වගේ උගත්තු තමා අපේ රටට ඕන. ඒ කොලු පැංචට ජයෙන් ජය!!!!

    ReplyDelete
  3. රාඝවන් කියන්නේ අද කාලේ දකින්න ලැබෙන කොන්ද පණ නැති මහ එවුන්ට පාඩමක් කියලා දෙන කොල්ලෙක්. රාඝවන් වගේ උගත්තු තමා අපේ රටට ඕන. ඒ කොලු පැංචට ජයෙන් ජය!!!!

    ReplyDelete
  4. අපිට බැරිවුන එකේ අපේ අනාගත පරම්පරාවවත් මේ නිවට දේශපාලුවන්ගෙන් ගැලවුනොත් ලොකු දෙයක්.මේ වයසට පෙන්වන ඔය නිර්භීතකම වයසෙන් වැඩෙද්දිත් තිබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  5. අපි මේ සිද්ධිය විතරක් ගත්තොත් යසට පේන දෙයක් තමයි රාඝවන් හරි කියන එක...
    මට පුද්ගලිකව හිතෙන දෙයක් තමයි මේ ජනප්‍රිය ගොසිප් සයිට් වලට කමෙන්ට් කරන්න වෙනම පත්කල කස්ටිය ඉන්නවද කියන එක..මොකද අපි ඒවම අපේ බ්ලොග් වල දැම්මත් එන කමෙන්ට් වෙනස්..

    ReplyDelete
  6. ela kollek.... ooka karanna tibbe bandulata nemee... S,B ta,,, porage gass bahinna...

    ReplyDelete
  7. ඕක මොකක්ද බං ඕවට කොමන්ට් දාන එවුන් සම්බන්ධයෙන්.
    මේ ඊයෙ පෙරේද දැක්කද අර මුන්නේෂ්වරන් බිලි පූජාව ගැන ගොසිප් එකක් ගිය ලිපියක තිබ්බ කොමන්ට්ස්. මුන්නේස්වරන් බිලිපූ‍ජාව ගැන ලියල තිබ්බ සටහන ඉවර වෙලා තිබුණෙ මුස්ලිමුන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන කොමන්ට්ස් බර ගාණකින්. ප්‍රවෘත්තියට කිසිම අදාලතාවයක් නැති අන්තවාදී ප්‍රහාර.
    මේ කොල්ල මොකටද හොර තක්කඩි දේශපාඵවෙකුට දණ ගහල වඳින්නෙ. එහෙම කරන්න පුඵවන් එවුන් ඔක්කොම අමනයෝ. නිවටයෝ. පිදිය යුත්තන් පුදන්න කියලයි ධර්මයේ කියල තියෙන්නෙ. ඒ අනුව අපේ රටේ දණ ගහල වඳිනව කියා අතට අත දෙන්න තරම්වත් සුදුසු දේශපාලකයෙක් ප්‍රාදේශීය සභාවකවත් ‍හොයාගන්නව බොරු. ඔක්කොම ඉන්නෙ උමතු එවුන්. බලාගෙන ගියාම දේශපාලනයෙන් පිට පවා දැන් වෙද්දි එහෙම පිදිය යුත්තන් ඇත්තටම සෑහෙන්න අඩුවෙලා.
    මේ අධ්‍යාපන ක්‍රමයෙන් පළමුවෙන් කරන්නෙ දරුවන්ගෙ කොන්ඳ බිඳල නිවටුන්, අනුකාරකයන් කොටසක් බවට පත් කරන එකද මන්ද.

    ඉතාම හොඳ ලිපියක් ගොඩක් කාලෙකින්.

    ReplyDelete