අපේ මුත්තා ගේ ගෙදර බ්ලොග් ගලින් තනන විට පරණ ගල් ඉවත්විය..එය මුත්තාගේ ගෙය වූයේ මුත්තාට පසු වෙනත් පවුලේ කිසිවෙකු එය වාසයට නොගත් නිසාය..පාර අයිනේ වූ නිසාකලින් කල අලුත් වැඩියා කර නැවතත් කුලියට දෙන ලදී..අපේ මුත්තා කලක් වැඩ කර ඇත්තේ සීගිරි ප්‍රෙද්ශය ආසන්නවයි..ඒ නටඹුන් කැනීමේදි මුල් කාලයේ ගෙනා ගල් පුවරුවක් මුත්තා ගෙට ඇතුල්වෙන තැන තබා තිබුණි..පසුව මෑතදි අලුත්වැඩියාවේදි එම ගල ඉවත් වී අපේ ගෙදර මිදුලේ පතිතවිය..දැන් ටික කලෙක සිට අපේ දරුවන්ගේ මනා සෙල්ලම් උපකරණයකි ගල් පුවරුව..තරමක් විසාල අඩි 3*4 ප්‍රමාණය වැනි ප්‍රමාණයෙ ගල් පුවරුවක් වූ එය අපේ පුතා විසින් හොඳින් බලන ලදුව එහි තිබූ රවුමක් සෙයාගත හැකිවිය..පසුව නිධන් ගැන ඇති පෙරේතකම නිසා ගල සෙමෙන් සිදුරුකර එම රවුම පියන ලෙස වු කුඩා කුහරය තුල වුන සන්නසක් අතට ගන්නා ලදී...
සිනාවෙන් පිරි මුහුනෙන් එය පරිවර්තනය කර දුන් පුරාවිද්‍යා මහතා මෙය කාටවත් නොකියන ලෙස දැනුම් දුනි...මන්ද ඒ තුලින් මෙතෙක් සීගිරි ඉතිහාසය වෙනස් වීමෙන් යම් යම් ගැටුම් කාරි දේවල් ඇති විය හැකි බැවිනි..
බොහෝ විට බ්ලොග් පෝස්ට් එකක් සාමාන්‍යයේන් 100 දෙනෙකුවත් නොබලන මෙවන් බ්ලෝග් එකක මෙය දැමීම අවුලක් නැතැයි සිතීමි..
සිත්තර නයිදේ
සිගිරිය නම් මිහිපිට ඇති දිව මාලිගයක් මෙන් වු මෙහි සිත්තර ඇන්ද පිරිස අතර මමද නායකයෙක් විය..මා සිත්තර ඇඳීමේදි ලලනා නිරූපනයට ආසා කලෙමි..නමුත් ලලනා නිරූපන යේදි පැන නැගි කරුණු කීපයක් ගෙන හැර දැක්වීමට පනිසර නම්වූ නයිදේ විසින් මේ ලිපිය ලියා තබමි..
රජතුමා මුලින්ම මේ සිත්තර ඇඳීමේදි සිත්තර මෙතරම් විසාල ප්‍රමාණයක් ඇදීමට කල්පනා කලේ නැත..නමුත් රජතුමාට මේ සිත්තර ගැන ඇති වූ විරෝදයනිසා මේ සීගිරි ගල වටා බැඳි පවුරක් වටේ මෙන් ගල් පොත්ත පුරාවට මා ඇතුලු කන්ඩායමට සිත්තර ඇඳීමට සිදුවිය..
කතාන්දරය....
රජතුමා නිරන්තරයෙන් සිටියේ බියෙනි..කිනම් මොහොතක හෝ සේනා බලමුලු රැගෙන එන මුගලන් හො පිය රජුට පක්ෂ සෙනෙවියන් ඔහු මරණූ ඇතැයි සෝකයක් කාශ්‍යප තුල විය..එබැවින් කාශ්‍යප සැමවිටම කුමක් හෝ නිරීක්ෂණය කරමින් තම මාලිගය තනමින් කල් මැරීමට යොමුවිය..ඔහුගේ පුරෝහිත බමුණන් විසින් කලා කාමි දේ විසින් රජගේ දුක තුනීවෙනු ඇතැයි පවසා තිබු නිසා නාටක සිත්තර වැයුම් සංගීත ආදි දෙයින් නිරන්තරයෙන් රජගේ සිත සතුටෙන් තැබීමට කටයුතු කලේය..මේ සිත්තර දෙවරක් සැලසුම් කර ඇන්ද ඒවා වෙයි..පලමුවෙන් රෙදි කඩක හැඳි සිත්තරයේ ගැහැනුන්ගේ පියවුරු නිරාවරණය නොකර ලක්ෂන ඇඳුම් අන්දවා තිබුණි..නමුත් පසුව හදිසියේ පැමිණි රජ නියෝගයක් අනුව මෙසේ පියොවුරු නිරාවරණය කර සිත්තර ඇදීම සිදුවිය..නමුත් වැඩකාර ගැහැනු දැක්වීමට ඔවුනට ඇඳුම් ඇන්දීම සිදුවිය...
ඒ කෙසේද යත් එක් දිනෙක මහරජ කස්සප නිද්‍රා සුවයෙන් හිඳින කල එක්තරා අංගනාවක් කස්සපගේ උරස් කුහර ය විවර වන සේ තනපට අතර සඟවාගත් පිහියකින් පහර දී ඇත..එය සිහිනයක් උවත් අංතප්පුර ස්ත්‍රින් සත පහකට විශ්වාස නැති බවත් ධාතුසේන රජතුමාට කැමැති පක්ෂ බිසෝවරු තමන් ළඟද සිටිය හැකි බවත් රජතුමා කල්පනා කොට එවන් දෙයක් සිදුවුවොත් මේ මුර කපොලු බැමි දාගෙන රකින කිසිවෙකින් වැඩක් නැති බව අනාවරණය කරගෙන ඇත..
අවුල් වූ මනසින් අග්‍ර පුරෝහිත තෙම කැඳවූ කස්සප රජ වහා සියලු ගැහැනු තනපට රහිතව සිටිය යුතු යැයි නීතියක් දැමීමට අදහස් කලේය..තරුණ පඬි කෙනෙකු වූ පුරෝහිත මෙය සිහිනයෙන් කියවෙන්නේ රජතුමාට ඉදිරියේ සිදුව්න විපතක් මිසක් පෙනුන ලෙසට වූ තනපට අස්සේ සඟවාගත් ආයුධයකින් පහර දීමක් නොවන බව අවබෝධ කරගන සිටියේය..නමුත් ගැහැනු ගැන ඇතිවූ අවිශ්වාසයෙන් සහ සිය මතයම ගෙනියන මුරන්ඩුකමෙන් යුතු රජට මේ සත්‍ය පහදා දීම අපාසු බව තේරුම් ගත් පුරෝහිත...
එසේය මහරජ එසේය..එය යුතුයැ...ඔය සමාර ගෑනුන්ගේ තන පට තුලැ බෝමැ විසාල ආයුධ පවා රුවාගෙන ආ හැකි බව මා දැක තිබේ.බෝ ආදිකල ගෑනුන්ද අපිද දැන් මෙන් ඇඳුම් බෝමයක් දරා නොසිට වනගතව කල් ක්‍රියා කල අයවලු වෙති.එබැවින් එවන් රාජ නීතියක් දැමීම යුතුය..නමුත් මහරජ දුර බෑර ගම් වල සිටින ගෑනුන් ඔබ වාන්සේ දකින ඉමකවත් නොසිටින නිසා ඔවුනට හැර මෙය රජවාසල අංතප්පුර සහ බිසෝ කැලට පමණක් වලංගු උවොත් මනා නොවෙද?? යැයි පැවසීය...
මා සමඟ වාසල වැඩකොල සිත්තර උපස්ථායක කොල්ලන් නම් පැවසුවේ තරුණ පුරෝහිතයා ගෑනුන්ගේ වැසූ තන් දකින අදහසින් මේ රජ අදහස හා එකඟ වන්ට ඇති බවයි..නමුත් රජ නීතිය කෙතරම් දැඩි උවත් එසේම නොවැ...
හුම් ඒකත් ඇත්ත තමා...පිහියක් ඔය අස්සෙ ගහන් හිටියත් මට අනතුරක් තියෙන්නෙ ලඟපාත උන්ගෙන් විතරනේ...රජ එසේ කියන්ට ඇත..
ඉන්පසු රාජ ආඥා නිකුත් විය සියලු අංතප්පුර සහ වාසල ස්ත්‍රින් තනපට හැඳීම තහනම් විය...
රජවාසල සේවිකාවන් විසින් ඈත ගම්වල යුවතියන්ට මහවාසල ඉවත්කල තනපට ලබාදීමැ නිසා ගම් ගොඩේ ගෑනු අල හාරන වලං ලිපේතියන අවස්තාවල පවා අලංකාර තනපට වලින් සැරසී කලක් වැඩ කලෝයැ..
නමුත් පසුකලෙක වැඩිහිටි සහ සමහර රදල ස්ත්‍රින්ගේ ලබුකැට මෙන් එල්ලෙන තන් වලට වඩා බෝ සෙයින් ලක්ෂණ .හංස පුඩු මෙන් පිරුණු තන් සේවක ස්ත්‍රින් සතුව තිබු නිසා උපායෙන් යාප්පුවෙන් කස්සප රජ කැමති කරගත් රදල ස්ත්‍රින් සේවක ස්ත්‍රින්ට තන පට පලඳින්ට අවසර දුන්නේයැ...
එය එහිදී වන්ටැ තිබුනේ රදලස්ත්‍රින් මනාප වූ ලෙස ඔවුන්ට තන පට පැලඳීම අවස්ථෘව තීරනය උවත් මෙ තන පට පැලඳීමේ නිතිය වැඩිපුර අවැසි වන්නේ නිතර ලඟ සිට රජ හා ගැටෙන ස්ත්‍රින්ට ම යැයි පුරෝ හිත විසින් රජට මේ නීතිය දමන්ට වූ හේතුව යලිත් පහදාදෙන ලදී...අවසන තීරණය ස්තිර විය..
එවිට සේවක ස්ත්‍රින්ගේ බහුතරයකෙගේ ලක්ෂණ තන් දකින්ට නොමැතිව ඔවුන් ඒවා අලංකාර රෙදිපට අස්සේ ගසාගෙන සඟවා සිටිද්දි නිකම්ම සිට කකා බිබී පරුවතාකාර සරීර හිමි බිසෝ සහ අංතප්පුර ස්ත්‍රින් ඉදින් දැන් බලාගනිල්ලා කියන්නාක් මෙන් සිය වැල ගෙඩි මෙන් වූ තන් යුගල් එල්ලාගෙන ඔබ මොබ ගියෝයැ...
එය එක්වරම සිදුවෙන විට රාජපුරුෂයෝ පවා මද කලක් යනතෙක් මුරකාවල සිට තන් දෙසට ම නෙත් යොමාන සිට හසුවී දඬුවම් වින්දෝය...
නමුත් කලක් ගතවී ගිය විට එහි විසේස අරුමක් නොවීය....
මේ වන විට සිත්තර කෙසේ විය යුතුද ආදි බෝ දේ කතිකා කර තිබුනත් ගෑනු තන් නිරාවරණ තීරණය නිසා අපට නැවත මේ සිත්තර සැලසුම් කරන්ට විය..බෝ විට යට කොටස ඇඳුම්න් අලංකාර කොට උඩ තන් දෙක විවෘතව නිරූපනය කලොත් කෙලින්ම ඇස යොමන්නේ තන් දෙකට වන හෙයින් සම්පූරණ රුපයම අඳින්ට සිටි සිත්තර බාගයට උඩුකය නිරූපනය කරන්ට සැකසුවෙමු...
මේ සිත්තර ඇන්දේ කුමටදැයි එකල මගෙන්ද පිට සිටි උන් ඇසුමුත් එයට රජතුමාටවත් පිලුතුරක් තිබුනේ නැත...
එවක වෙනත් දේසකින් පැමිණි බමුනෙක් ඔවුන් ගේ මාලිග වල සිත්තර වරුණ කියා ඇති හෙයින් කස්සපරජට මේ සිත්තර පිස්සුව ඇති වී ඇත..සිත්තර ඇඳීමට ප්‍රථම සිත්තර කවර ආකාර විය යුතුදැයි ද මේ බමුනු රැවුලාගෙන් අසාම දැනගතිමි...
සිත්තර ඒ වන විට ඇඳීමට සිටියේ සුවල්ප ප්‍රමාණයක් උවත් අංතප්පුරය සහ බිසෝ කැල පියවුරු ආවරණ රහිතව සිටීමට මැසිවිලි රජට බෝ විට කී නිසාත් පුරෝහිත සහ මැති මන්ඩල ඒ තන්පට පැලඳීමේ නීතිය ඉවත් කිරීම අනතුරක් ලෙස දුට නිසාත් බෝ කලක් වාද සිදු විය..මෙයින් යම් ප්‍රමාණයකට බලය වැඩි වූ ඇමැත්තෝ මේ තන් පේන ගෑනු පිංතුර පන්සියයක් ගල වටාම ඇඳීමෙට තීරණය කලෝය...අවසන එය යම් කිසි පිලිවෙලකට තිබිය යුතු නිසා මල් ගෙන යන ගෑනු පිරිස දක්වෙන ලෙස සිතුවම් නිමැවුම් කරන ලදී...
මෙකල බෝ ජනයාට විසිලු මෙන්ම වෙනස් දසුනක් වූ තන් පිළිබඳ මේ විස්තරය මා විසින් ලියා තඹ පතක කොටා..ගල් පුවරුවක් මත ඔබ්බවා තැබුයේ පසුකලෙක වෙසෙන බෝ ජනයාට මේ බලා තුටු වෙනු පිනිසයි....
(මෙය දැනට මේ ගැන ඇති මතවාද උඩු යටිකුරු කරන එකක් බැවින් මෙය පල නොකරන්න යැයි විශේෂයෙන් ඒ පුරාවිද්‍යා කථිකාචාරයා මට කීයේය...එබැවින් මෙය කොපි කර පල නොකරන මෙන් ඉල්ලා සිටිමි...)
ඕවා වැඩියෙ කතා කරන්න ගියොත් අපි පන්ඩිතයෝ කියයි. රජතුමා කොච්චර බයේ හිටියද. එයාගේ ඔත්තු සේවයත් එයාට විරුද්ධ උනාද. කොතරම් ජන අප්‍රසාදයට පත් වූවාද කියල. සිද්දීන් අනුවත් හිතා ගන්න පුළුවන්. ඔය කියන තරම් ලොකු මාලීගාවක් සීගීරියේ තිබිලා නෑ. එකම දේ තමයි උද්‍යාන සැලසුම ඉතා පිළිවලකට තිබීම. චිත්‍ර වල තනිකර තියෙන්නේ අජන්තා චිත්‍ර වල ආභාශය සමහර විට ඉන්දියාවෙන් අපු එකම ගුරුකුලයක සිත්තරුන් වෙන්න ඇති. මේ කාළේ තමයි ඉන්දියාවෙන් සියළුම දේ අපට ලැබුන කාලේ.
ReplyDeleteඇයි ඉතින් ඇත්ත ඉතිහාසෙ හන්ගන්න හදන්නෙ?ඉතිහාසෙ වෙනස් කරන්න බැරිද?අලුත් සොයාගැනීම් එක්ක?
ReplyDeleteහලී සුවීට් තං කතාවක්නේ... හිකිස්.
ReplyDeleteඅපේ කට්ටියටත් ඕක හිතෙයිද දන්නෙ නෑ.
සීගිරි කාශ්‍යප රජුට වැසියන්ගේ විරෝධයක් තිබිලා නෑ. ඔහු කළ පියා මැරීම නිසා රට වැසියන් කලකිරීමෙන් සිටියත් ඔහුට විරුද්ධව නැගී සිටියේ නෑ. ඒ නිසයි මුගලන් කුමාරයාට සිද්ධ වුණේ ඉන්දියාවෙන් කුලී හේවායන් ගෙන්වලා ඔවුන් ලවා කාශ්‍යප රජු පරදවන්න.
ReplyDeleteසීගිරි චිත්‍ර වල තනිකරම අජන්තා අභාසයක් ඇත්තෙ නෑ. ඒ කාලෙත් සිත්තරුන් අද වගේම විදේශීය කලා නිර්මාණ වලින් අභාසය ගන්න ඇති.
සීගිරියෙ පර්වතය මුදුනෙ නම් ඉතින් මහා ලොකු මාලිගාවක් තියෙන්න ඉඩ නෑනෙ. කොහොමත් ලංකාවේ රාජ මාලිගා එංගලන්තේ බකිංහැම් මාලිගාව වගේ විශාල ඒවා නෙවෙයි.සීගිරිය යනු ආලකමන්දාවක්. එය පියා මැරූ සිත් තැවුලෙන් සිටි රජුගේ සිත සැනසීමට කල නිර්මාණයක්.
ඔයාගෙ ඉල්ලීම එලෙසින්ම ඉටු කරනව.ශෙයාර්වත් කරගන්න එපානෙ....
ReplyDeleteමාත් ඒ කාලෙ දොරටුපාලයෙක් වෙලා ඉඳිය නම්......
ස්තූතිය්....කස්ටියට...
ReplyDeleteඅනේ ෂෙයාර් කලාට කමක් නෑ...
/* බොහෝ විට බ්ලොග් පෝස්ට් එකක් සාමාන්‍යයේන් 100 දෙනෙකුවත් නොබලන මෙවන් බ්ලෝග් එකක මෙය දැමීම අවුලක් නැතැයි සිතීමි..
ReplyDelete*/
මේක ඊට වඩා වැඩි පිරිසක් බැලිය යුතු එකක්,
මුල්ම ලිපියටත් මං කමෙන්ට් කළ බව මතකයි! අර බල්ලා ගේ එක!
හික් ඔන්න එපා කිව්වට මමනම් ෆේස්බුක් එකටත් ශෙයා කරලා ටුවිටුත් කලා :P
ReplyDeleteHik Hik .RAjata pissu
ReplyDelete